07 February 2011

බස් පළුවන්ගේ කතාව...11

ඔන්න ඉතිං අදත් කොහොම හරි මේක කියන්න කියලා තමයි සූදානම...
පහුගිය දවස් ටිකේ එක පිට එක අනන් මනන් හින්දා නිස්කාන්සුවේ ලියන්ට තරං හිත එක තැනක තිබුනේ නැති හින්දාම වැඩේ ටික ටික පහු උනා..ඒත් මං හිතුවේ..මේකත් අර අනිත් ඒවා වගේ..ඒ කිව්වේ පන්සල් කතා..එතකොට ජුං අලගේ කතා..එතනින් ගියහම මගෙ බණ කතන්දර ටිකට උනා වගේම පරණ පොතට යයිදෝ කියලත්..

මට තේරුං ගන්ටත් බැහැනේ තවම මගේ හැටියක්..මොනවා කොරන්නද..ඔය බර බර දේවල් තේරුං නොගෙන ඉන්න තරමටම හොඳයි..විහින් නැති තරදර හදාගන්නවට වඩා..

...................................................

කොහොමින් කොහොමින් හරි දැන් මංතුමත් බස් පළුවෙක් නෙව..
ඉතිං පළමු මාසය මුළුල්ලේම මං පොරොත්තු සේවයේ...
උදේ යනවා..එන වෙලාව ඉතිං තීරණය වෙන්නේ වැටෙන රූඩ් එකේ හැටියට තමා...

කොහොම උනත් කවදාවත්ම රාත්තිරි නවයට කළින්නං ගෙදර ගිය දවසක් ඒ සංදියේ තිබුණේ නැහැ කිව්වොත් ඒක හරියටම හරි...සමහර දවස්වල ගෙදරට බඩ ගානකොට දොළහත් වෙලා..මොනවා කොරන්නද..?

උදේ පාන්දර හතරට නැගිටලා බයිසිකලෙත් පැදගෙන හැතම්ම හයක් ඇවිල්ලා..දවසම නැහිලා නැහිලා..අන්තිමට රෑ දහයට දොළහට ආයෙමත් කුණු නාවර පෙරාගෙන ගෙදරට බයිසිකලේ පැදගෙන ගෙහුං නාලා කරලා නිදා ගෙන ඇඳේ එක පැත්තකට හැරෙනකොටම මෙන්න ආයෙමත් යන්ඩ වෙලාව හරි...

ඉතිං තව දෙයක් කියන්ඩම එපැයි..ඒකත් කිව්වේ නැත්තං නිකං මං නෙවෙයි නෙවෙයි වගේනේ..විශේෂයෙන්ම අර වැලි කාන්තාරේ ඉඳගෙන මගේ බ්ලොග් එක කියවන මගේ මිත්තරයා..උන්නැහේ මේ දවස්වල මාත් එක්ක අමනාප වෙලා කියලත් ආරංචියි..මොකද කිව්වොත් උන්නැහේ ඉතිං බොහොම කටට රහට කන්ට බොන්ට ආස මනුස්සයා..ඒත් ඉතිං මේ දවස්වල චුට්ටක් විතර කඳ බඩ ආරන හින්දා උන්දැට ගෙදර ඇත්තී විසින් කන බොන ටික හදලා දෙන්නේ මෙලෝ රහක් නැති විදියට නෙව..මොකද ඉතිං ඒ ඇත්තිට කටට රහට උයන්න නොදන්නා කොමක් එහෙම නෙවෙයි..කවුරුවත් එහෙම හිතන්ට එපා..

ඇත්තම කාරුණාව ඉතිං මෙ අපේ උන්නැහේට ටිකක් ලූණු ඇඹුල් ඇතිව හොද්දක් මාළුවක් එක්ක කන්ට ටිකක් සූජානං කොළොත් මේකාත් අර එළුවා කොස් කොළ කන්නැහේ ඇරලා දානවා නෙව පලගාන් පිටින්ම..ආයේ ඉතින් එහෙම කාලා කඳ බඩ ආරලා ආවහම අර නිකං ඉංගිරීසි අකුරක හැඩෙට හදාගෙන තියෙන උන්දෑගේ සරීර සොබාවය වෙනස් වෙයි කියලා ගෙවල්වල ඈයෝ බයයි..

ඒ හින්දා මෙලෝ විදියකින් කන්ට බැරි විදියට තමයි උන්දැට කෑම බීම ටික පිළියෙළ කොරලා දෙනවයි කියන්නේ ඒ හින්දා දැන් අපේ මෑන් කොරන්නේ කන්ට ලක ලෑස්ති වෙලා ඔය මොනවා නමුත් කන්ට කේන්ති එන බ්ලොග් එකක් බලන්ට ගන්න එක..එතකොට අර රහක් ගුණක් නැති කෑම ටික උනත් කිඹුලා කිරි මැටි ගිලින්නැහේ ඇරලා දාන්ට ඇහැකි කියන්නේ...

ආන්න ඒ හින්දා උන්දෑට කෑම ටික කොහොම හරි කන්ට ඕන උනහම නිතර දෙවෙලේ මෙ ඉසව්වට එනවයි කියලා උන්නැහේම මාත් එක්ක දවසක් දා දෙසා බෑවා..ආන්න ඒ හින්දා මාත් ඔන්න ඔහේ පුළු පුළුවන් හැටියට ඔය කන බොන දේවල් ගැනත් මේකේ ලියනවා...

හැබැයි අදනං කාපු බීපු හැටි ලියන්න වෙන්නේ උන්දෑගේ හිත හරි ගස්සන්ට නෙවෙයි..

උන්දෑගේ ගෙවල්වල අයගෙන් මට හරි දෝස්මුරේ..මෙ ළගදිත් මුණු පොතේදී මට බැන්නා නෙව..

"මාරයා මල්ලී මම මේ දහ අතේ මහන්සි වෙලා මේ අපේ ගමයට කටේ තියන්ට බැරි කෑම හදලා දෙනවා..මේ තඩියාව ටිකක් හිනී කොරගන්ට කියලා..දැන් ඔයා මේ ලියන ඒවත් එක්ක මේ යෝධයා අමු බත් උනත් කිසි අමාරුවක් නැතිව ගිලිනවා..මං කොහොමද මල්ලියෝ මේ උන්නැහේව ටිකක් කෙසග කොරගන්නේ..මේ ළගදී අර පොඩි එකෙකුගේ බයිසිකලයක් හිටන් කැඩුවා නෙව..මෙ උන්දෑ ඒක පදින්ට ගෙහුං..ඇයි දෙයියනේ...මහා මේරු පර්වතේ වගේ හිටන් අර පතෝල මැස්ස වගේ තියෙන බයිසිකල් පැද්දහැකිද..?"

"අනේ හොඳ මාර මල්ලී වගේ එයැයිට කන බොන දේ එපා වෙන්ට මොනවා හරි ලියන්ටකෝ...ඔය මෙලෝ රහක් නැති කෑම බීම ගැන එහෙම..."

ඔන්න ඔය වගේ ඉල්ලීම් හින්දා දැන්නං ලියන්ට වෙන්නේ හරි හමන් විදියකට කන්ට බොන්ට බැරි වෙන එව්වා තමයි ඕං...

ඉතිං ඒ දවස්වල මට ගෙදරින් කෑම ටිකක් කන්ට වෙන්නේම නැති තරං...යාන්තං ඉරිදාට තමයි කොහොම හරි කටට රහට කන්ට ටිකක් ලැබුනොත්..
නැත්තං ඉතිං හැමදාම උදේට කෑම ටික ඩිපෝවේ කැන්ටිමෙන් තමයි...
වැඩි හරියක් ඉතිං පාන් හරි ඉඳිආප්ප හරි තමයි..
ඔය කෑම ගැන මම ලියන්ට හිතුවෙම..මට ජීවිතේට අමතක නොවෙන කෑමක් ඔය කැන්ටිමේ තිබුණා..
ඒ තමයි අල හොද්ද...
කැන්ටිමේ ලිපක් උඩ කොයි වෙලේ බැළුවත් නට නට දුං දාන හොද්දක් තියෙනවා..ටිකක් ලොකු ඇළුමීනියම් සාස්පානක තමයි ඉතිං මේක තිබුණේ...මම කවදාවත් දැකලා නැහැ ලේසියකට ඔය භාජනේ ලිපේ නැති වෙලාවක්...
අල තම්බලා පොතු ඇරලා ගෙනත්ලා අර නටන හොද්දට දානවා...හොඳි අඩු වෙනකොට පොල් කිරිත් සැරින් සැරෙට මේකටම වක්කරනවා..ඒ කිරි වලටම ඕන කරන පහේ ජාතිත් සැරින් සැරේට එකතු කරනවා...ඒ වගේම වෙනම තාච්චියක තියෙනවා රම්ප කරපිංචා ලුණු එහෙම තෙල් දාලා මිශ්‍රණයක්...

සැරින් සැරේට අර තෙල් දාලා තියෙන ලුණු මිශ්‍රණයෙන් මේස හැන්දක් දෙකක් අර භාජනේට යනවා..ඔන්න ඉතිං නිතර නිතර අළුත් වෙන රසේ කිසිම අඩුවක් නැති කිරට උයලා තෙම්පරාදු කොරාපු අල හොද්ද...

අපිට ඉතිං පාන් ගෙඩියක් ගිල දාන එක ඒ හැටි අමාරුවක් නෙවෙයි ඔය හොද්දත් එක්ක...

උදේ වේල ගන්න වෙන්නේ සෑහෙන වෙලාවට පළවෙනි ටර්න් එක ගෙහුං ඇවිත් තමයි...
එතකං වේල පිරිමහ ගන්න වෙන්නේ කැන්ටිමේම හදන කිරි තේ එකකින් හරි ඩිපෝ එකට අල්ලපු වැටේ තිබ්බ කඩේකින් දමලා අරින සව් කැඳ කෝප්පයකින් තමයි...

දවල් කෑමත් මෙලෝ පිළි වෙළකට කන්ට වෙන්නේ නැහැ..
බස්එක නවත්තන තැනකින් බත් එකක් හනිකට ගිල දාලා ආයෙමත් දනි පනි ගාලා ඊ ළග ටර්න් එකට සෙට් වෙන්න ඕන..කෑම පැයවල් අරවා මේවා නැහැ.

ඔය අතරෙම කොහෙන් හරි තේ එකක් බොන වෙලාවළුත් තියෙනවා..

අන්තිමට ඔක්කෝම ඉවර වෙලා ඩිපෝ එකෙන් එළියට බහින්නේ පාං කියා ගන්නවත් නැතුව තමයි..
.................................................
මෙක ලියන අස්සෙම ආවානේ මගේ ජංගමේට ඇමතුමක්...
ත්‍රස්ථවාදියෙක්ගෙන්..
ඌ ලංකාවට ගොඩ බැහැලයි කියන්නේ...දැන් ඉතිං කාට කාටත් ටිකක් පරිස්සමෙන් ඉන්ට වෙයි..මහ එකා මදිවට පොඩි ත්‍රස්ථවාදියත් ගොඩ බැහැලා..ඒකා මොනවා නමුත් ආයුධ වගයක් සූදානං කොරනවා වගේ..තනිකරම කම්මලක සද්දේ ඇහෙනවා...
කතා කොරපු තත්පර ගාණට මඩ ගහන්ට හොඳ නැහැ නෙව..නැත්තං හරි අපූරු පොයින්ට් එකක් අහු උනා..බලමුකෝ ගූගල් උන්නැහේගේ බස් එකේදීවත් පළු ඇරලා දාන්ට...

.................................................

ඉතිං මහ රෑ යාමේ එනගමන් හැමදාමත් ගොඩ වදින නයිට් කඩයක් තියෙනවා..ඔන්න ඕකට රිංගලා බිත්තර ආප්ප දෙකකුත් එක්ක ආප්ප ටිකක් හරි..
එහෙමත් නැත්තං කොත්තුවක් හරි දමාගෙන මං ගෙදරට පදිනවා...මොකද මං එන වෙලාවට ගෙවල්වල උදවිය කාලා බීලා සැප නින්දේ...ආයේ මට ගෙදර ඇවිත් නෙලන්ට දේවල් නැහැ...

ටිකක් වෙලපහ එන්ට පුළුවන් දවසටනං ගෙදර අයටත් එක්ක ආප්ප ටිකක් එහෙමත් නැත්තං බිත්තර රොටී වගේ දෙයක් අරගෙන එනවා ඛෙදා හදාගෙන කන්ට..ඒ ඇරුනහම වැඩි හරියක්ම කොත්තු තමයි...

ඔය බස් රස්සාව කොරන කාලේ වගේම මං අර තුන්රෝද රථයක් කරකෝන කාලෙත් ඉතිං කොත්තුරොටී වලින්ම රෑ කෑම පිරිමහ ගන්ට හුරු වෙලා හිටියේ...

ඉතිං ගෙදර ඇවිත් නාලා..ගෙනාපු දෙයක් කාලා මං දොයිය ගන්නවා...
මට අවුරුදු දහහතර විතර වෙච්ච කාලේ ඉඳලා ගෙදර දොරේ යතුරු දෙකෙන් එකක් මා ළගම තමයි තිබුණේ...
ඒ හින්දා මං යන එන වෙලාවල් ගැන අපේ ගෙදර උදවියට ඒ හැටි ගැටළුවක් තිබුනේ නැහැ...
ගෙදර අයගේ නින්ද කඩන්නේ නැතිව සද්ද නැතිව දොර ඇරගෙන නාලා කරලා කාලා බීලා..පුළුවන්නං පොඩ්ඩ වෙලාවක් හරි ටෙලි විසොන් පෙට්ටියත් බලලා මං දොයියනවා..ටෙලි විසොං බලන්ටත් මං ඉයර් ෆෝන් එකක වයර් එක මැදින් කපලා ඒකට තව දිග වයර් එකක් බට් කරලා හදාගෙන තිබුන හින්දා ටෙලි විසොමෙ සද්දේ උනත් ඒ අයට කරදරයක් නොවෙන විදියට ටෙලි විසොං බලන්න මං පුරුදු වෙලා තිබුණේ..ඉතිං ඔන්න ඔහොම කාලයක් මැද්දේ ඒ දවස්වල ජීවිතේ ගත උනා...

ඔන්න ඔහොම යද්දී තමයි දවසක් දාක මට හරි අපූරු අත්දැකීමක් ලබන්ට පුළුවන් උනේ...
..........................................

එදත් මං පොරොත්තු සේවෙට වාර්ථා කොරලා අර දිග බංකුවේ වාඩි වෙලා නිදි කිර කිර ඉන්නවා...
අදනං පොඩි චාන්ස් එකක් වදින්ටයි යන්නේ..උදේ හයට වෙන්ටත් ඇවිත් මට බස් එකක් නැහැ..
ඒ කියන්නේ අද ටිකක් නිදහසේ ඉන්ට ලැඛෙයි වගේ කියලා මාත් හිතේ සැනසීමෙන් ඉන්නවා..හවස හතරට විතර ඔෆ් එක ගහලා ගෙදර යන්න වෙන්නේ නැතෑ කියලා..

මොන...

මෙන්න යකෝ හයයි විස්සට විතර කියපි නේද මගේ ශ්‍රී නාමය..අර යකඩ කටින්...
මාත් ඉතිං කරබාගෙන ගෙහුං ගත්තා අර යකඩ පෙට්ටිය...රූඩ් එක...මගේ පළවෙනි දවසේ එකමයි..193-කඩවත පුරහල...

මාත් ඉතිං ලක ලෑස්ති වෙලා ගෙහුං නැග්ගා බස් එකට..යකෝ රියදුරු උන්දෑ මට හුරු පුරුදුයිනේ..
මේ වෙනකොටත් මං මේ රස්සාවට ගෙහුන් සති දෙක තුනයිනෙව..මුළු ඩිපෝවෙම ඉන්න හැම කෙනාවම අපිට දකින්න හම්බු වෙන්නේ නැහැ..අපි බස්වල යනකොට ඒඅය ඩිපෝවේ..අපි ඩිපෝ එකට එනකොට ඒ අය පාරේ.. මෙච්චර දවසක් ගෙහුල්ලත් මට මේ රියදුරු උන්නැහේව මුණ නොගැහෙන්ට හේතුව ඔන්න ඕකයි...

මං නැග්ගා විතරයි බස් එක පාරේ..මට අරුන්දැත් එක්ක කතා කරන්ටවත් වෙලාවක් හම්බු උනේ නැහැ..මෙන්න බස් එක පිඹලා යනවා..ගිය වේගෙටම 193 බස් නැවතුමට කළින් තැනක නවත්තපි නේද මේක..

හුට්ටාරේ...
මෙන්න යකෝ මාර දිවිය පුත්තරයෝ ටිකක් දඩි බිඩි ගාලා බස් එකට ගොඩ වෙනවා...
ඔක්කෝම සුදු ඇඳුමෙන් සැරසිලා...
හත් ඉලව්වේ මේ සකූල් බස් එකක් එහෙමත් නැත්තං පාසල් සේවයක් නෙව...
ඒකත් හා කියමුකෝ..ඉලව්වේ මේ මාරයාගේ ඉස්කෝලෙටයි..ඒකට අල්ලපු අපේ ඉස්කෝලේ වැඩිමහල් සහෝදරයා වෙච්ච ඉස්කෝලෙටයි යන ඉස්කූල් බසය වෙච්චි එකනේ වැඩේ...අවුරුදු ගාණක් උදේ හවා ආව ගිය පාසල් නිල රථය...

දැන් මේ ඉන්න ඩැයිබර් උන්දෑ මං ඉස්කූල් බස් එකේ ගිය කාලෙදී අන්තිම දවස්වල බස් එකට ආව කෙනෙක්..
ඒ මදිවට බස් එකත් එදා වෙන එකක් ලැබිලා තියෙන්නේ..
ඒ මගුල් හින්දා මට නිච්චියක් නොතිබුණේ...
වැඩි හරියක් පොඩි එවුං නෙව..උන් ඉතිං අපිව අඳුරන එකක්යෑ..ඒ උනත් බස් එකේ පිටුපස පූර්ණ හිමිකම් ලාභීන් වන බස් එකේ ෙජ්ෂ්ඨ උත්තමයෝ ටික මගේ වයසේ උන් නෙව...

අප්පද බොල මාව දැකලා උන්ට ගිය ආතල් එක...

"අඩෙ මාරයා..පිස්සු හැදෙයි..උඹද දැන් මෙකේ...?"
ප්‍රශ්නවල ඉවරයක් නැහැ...

"නැහැ බං අද විතරයි ටෙම්පරියක් නෙව.."

අනේ බං දිගටම උඹම වරෙංකෝ..අපිටත් ආතල් එකේ ගියෑකි...

මාත් ඉතිං ටිකට් මැෂිම එහෙම පෙට්ටියට දාලා සීසන් ටික මාක් කරලා..අරුන් ටිකත් එක්ක වෙනදා වගේම ආතල් එකේ කඩයක් දාගෙන ඉස්කෝලේ ගියා..ඉස්කෝලේ ගාවදී උන්ටික බැහැලා ගියා..මම ආයෙමත් ටිකට් මැෂිමත් අරගෙන එතන ඉඳලා රූඩ් එකේ වැඩට ගියා...

හවසත් ආයෙමත් අර විදියටම ආවා...

.................................................

මම සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළට ඉස්කෝලේ ගියේ අවුරුද්දයි නෙව...
එයින් පහු නැවතිලා හරි කොහොම හරි කීයක් හරි හොයාගෙන ගෙදර ගොඩ දාන්න හේත්තු උනා..ඒත් මගේ වයසේ උං ටික ඒ වෙනකොට උසස් පෙළ අන්තිම හරියේ..කොහොම හරි අන්තිමට ඉස්කෝලෙන් අස් වෙලා මං බස් රස්සාවට යනකොටත් උන් ඉස්කෝලේ යනවා...අන්තිමට ලේසියෙන් මනුස්සයෙකුට හම්බ වෙන්නේ නැති අත්දැකීමක් මගේ ජීවිතේට එක්කාසු කරමින්..එකම පංතියේ උන්න අපි ආයෙමත් එකටම එක බස් එකේ ඉස්කෝලේ ගියා..ඒත් අරමුණු දෙකක්..පාරවල් දෙකක් ඔස්සේ...

37 comments:

  1. සිරාවටම දුක හිතුනා :(

    ReplyDelete
  2. Hmmmm , Kiynna Deyak na .........! Jiwite Puduma widihata wenas wenne .

    ReplyDelete
  3. අන්තිම චුට්ටිත්තනම් මැක්සා, මේං බලපං කඳුළුත් ඇවිල්ලා...

    ReplyDelete
  4. ඒ කියන්නෙ අයියගෙ පළවෙනි ජොබ් 1 කරද්දි අවු. 19ක් විතර??

    ReplyDelete
  5. ඇත්තටම මේ බ්ලොග් එක කියවන කොට අපි කාපු කටු මොනවද කියල හිතෙනවා...මාත් ඉස්කෝලෙන් අස් වෙන්නත් කලියෙන් රස්සාවකට ගියා තමයි. ඒත් මේසයක වාඩිවෙලා කුරුටු ගෑමත් බස් එකක කොන්දොස්තරකම් කිරීමත් වෙනස්.

    - Taboo

    ReplyDelete
  6. අන්තිම පේළි ටික කියවගෙන යද්දි උගුර හිරවෙනවා වගෙ දැනුනා මාරයෝ...

    ReplyDelete
  7. මාරම සීන් එක බO මාරයෝ.....

    උඹට දුක හිතුනේ නැත්ද?........

    ඔය දොඩන්නේ ගම්පහ ඉඳල එන බසය නේද?

    ReplyDelete
  8. "එකම පංතියේ උන්න අපි ආයෙමත් එකටම එක බස් එකේ ඉස්කෝලේ ගියා..ඒත් අරමුණු දෙකක්..පාරවල් දෙකක් ඔස්සේ.."

    මොනව කියන්නද කියල හිතාගන්න බෑ....

    ReplyDelete
  9. හිටු මම පස්සෙ ඇවිල්ලා බොට හරි හමන් කමෙන්ටුවක් දානකන්. දැන් නහය ගාවට වැඩ....!

    ReplyDelete
  10. මම මේකේ කොමෙන්ට් කොරොත් දුක හිතෙන ගතිය නැති වෙයි වගේ....මුකුත් නොකියන තරමට හොදා.......

    ReplyDelete
  11. කියවල ටිකක් වෙලා කල්පනා කර කරත් හිටිය.මොනවා කියන්නද කියල හිතාගන්න බැහැ, දාහක් දේවල් හිතට ආවට.

    ReplyDelete
  12. ඇත්තටම දුක හිතුනා මාරයෝ, ඉස්කෝලේ ගිය කාලෙත් මතක් උනා...තව මොනවා කියන්නද කියලා හිතෙන්නෙත් නැහැ....

    ReplyDelete
  13. මටත් කියන්න තියෙන්නෙ 86K ප්‍රසන්න කියල තියෙන දේම තමයි.

    ReplyDelete
  14. දුකකට වඩා උබත් මේ මහපොලවේ හරි හරියට හැප්පෙන පොරක් නේ,අද ලිපිය කල්පනා කරන්න ගොඩක් දේවල් ඉතුරුකරලා ගිහින් උබ...

    ReplyDelete
  15. මෙච්චර කල් හිත හිතා හිටියෙ මාරයගෙ ඉස්කෝලෙ මොකක්ද කියලා.. අද අහුවුනා.. :)

    "එකම පංතියේ උන්න අපි ආයෙමත් එකටම එක බස් එකේ ඉස්කෝලේ ගියා..ඒත් අරමුණු දෙකක්..පාරවල් දෙකක් ඔස්සේ... " උගුරෙ මොකක්ද ගුලියක් හිරවුනා වගේ දැනුනා බං.. ජීවිතේ ජීවිතේ..

    ReplyDelete
  16. @පූසා...

    ගණන් ගන්න එපා මලේ..නැට්ට පිටින් අලි මැරෙන්නේ..මහා වනාන්තර වල...

    @sam...

    දුක සැප නිති පෙරළේ..රිය සක ලෙස ලෝකේ..

    @prasanna86k...

    අල්ලලා දාපං බං...

    @තාරක...

    නැහැ මල්ලී පළවෙනි ජොබ් එක කරද්දී 14 යි..එතකොට ඉස්කෝලේ යනවා...MBBS නේ...

    @Taboo...

    ජීවිතේ...

    @පුතා...

    හ්ම්ම්...අර කිව්වා වගේ.අල්ලලා දාමු බං..

    @Heeniyata...

    දුක හිතනවට වඩා මට ඒ වෙලාවේ හුගාක් දේවල් හිතන්න තිබුනා බං...
    ඒ හින්දා ඒ ගැන එදාවත් අදවත් මම පසුතැවෙන්නේ නැහැ..මම දන්නවා ‍මට මොනවද නැති උනේ කියන එක..ඒත් ඒ නැති වෙච්ච හැම දේටම වඩා දේවල් අද මට ලැබිලා තියෙනවා..

    ගම්පහ ඉ ලා එන්නේ 193 නෙවෙයි නේද..?

    @Thusitha Jayasinghe...

    වැඩිය හිතන එකත් අගුණයි..

    ReplyDelete
  17. @දුමී...

    හැකි ඉක්මනින් කොමෙන්ටු තීරය වසා දමනු ලැබේ...

    @රත්ගමයා...

    ඒත් බං ඉකේයියා නැතිව නිකං පාළුයි පාළුයි වගේ..

    @Observer...

    අයියා..හැම දේම සීරියස් ගන්න ගියානං..මං අද එහෙං පිටින්ම ගොළුවෙක් වෙලා...ඔවා වැඩිය හිතන්න හොද දේවල් නෙවෙයි නෙව..

    @Niroshan...

    ඔය කිව්ව ටික ඉහටත් උඩින්..

    @Praසන්ன...

    ප්රසන්නලා ඔක්කෝම එක වගේද..?

    @ItalyDilan...

    හිතන්න දෙයක් තියෙනවනං මදැයි..ඒත් මතකනේ උඹ මට දවල් කියපුවා..කාටත් ඔහොම තමයි බං..

    @Buratheno...

    ඇහ්..ඔච්චර හිතන වෙලාවේ මගේමුණු පොතට එක පාරක් එබුනානං අහවරයි නෙව..

    ReplyDelete
  18. "...අන්තිමට ලේසියෙන් මනුස්සයෙකුට හම්බ වෙන්නේ නැති අත්දැකීමක් මගේ ජීවිතේට එක්කාසු කරමින්..එකම පංතියේ උන්න අපි ආයෙමත් එකටම එක බස් එකේ ඉස්කෝලේ ගියා..ඒත් අරමුණු දෙකක්..පාරවල් දෙකක් ඔස්සේ..."

    ඒ කැල්ලනම් බොක්කටම වැදුනා මාරයා අයියේ...

    ReplyDelete
  19. දුකක් එහෙම හිතට ආවෙ නැද්ද ඒ වෙලාවෙ බං?

    ReplyDelete
  20. ඔන්න බොලං ඉතින් මට පිංසිද්ධ වෙන්න පෝස්ට් එකෙන් බාගයක්ම පිරුනා නේද මට එල්ල කරපු මඩ ප්‍රහාරයෙන්ම.

    උඹ ඉතින් බොරුවට අපිව කුලප්පු කරන්න කරවල බැදලා, කලවම් මාළු හදලා, පරිප්පු තෙම්පරාදු කරලා, පොල් සම්බෝල හදලා, අරක මේක කියලා දැම්මට උඹ ඇත්තටම දන්නෙ මැගී පැකට් එකක් උණුවතුරට දාල තම්බලා, බිත්තරයක් දහ අටකට විතර කපලා හදන්න විතරයි කියලා මට දැන් ටිකකට කලින් එස්.එම්.එස් එකක් ආවා. අර උඹ ඉන්න කිට්ටුව බත් අම්මා හිටියේ නැතිනම් මෙලහකට මාරයා නූඩ්ල්ස්ම කාල මැරිලාලු...

    අනික එහෙම නූනත් උඹ දාන පෝස්ට් දිහා බල බල හූල්ල හූල්ල කට්ටිය කෙල ගිලින ගිලිල්ලට උඹ මැරෙන්නෙ බඩේ අමාරුව හැදිලා...

    ReplyDelete
  21. @නිර්මල...

    ඔවා මොනවද මල්ලියේ...

    @nawammawatha...

    නැහැ බං..දැන් කල්පනා කරනකොටනං හිතෙන්නේ එදා දුක් වෙන්න ඔන දවසක් වගේ නේද කියලා..ඒත් එදා දුක් නොවෙච්ච මං අද මොන මගුලකට දුක් වෙනවද..?
    අනික මේක තමයි මගේ පාර..මං එකේ නොගියනං අද උඹලට මේවා කියන්නේ කවුද..?

    ReplyDelete
  22. දුමී...

    හිතේ දුකට කව් ගී වැල් ලිය වෙනවා..
    කන්න නැතුව දුමියා අද වේලෙනවා..

    හනේ බං ඉතිං මොනවා කොරන්නද..අපිට මැගී තමයි..බොලාට ඉතිං අරැන්දෑ හදන මිරිස් හොදියි චපාතියි තමයි..හෙහ් හෙහ්..

    ReplyDelete
  23. හරිම සංවේදී ලිපියක්.ඇත්තටම මම මුල් දවස්වල ප්‍රසිද්ධ බ්ලොග් වලට කමෙන්ට් කලේ මගේ බ්ලොග් එක අනිත් අයට පෙන්නන්න ඕන නිසාමයි.සමහර වෙලාවට ලියන්න දෙයක් නැති උනාම බොරුවට වර්ණනා කරල ලියපු වෙලාවලුත් තිබුණා.ඒත් මාරයාගේ ලිපි කියවන කොට ඒක ටිකක් වෙනස්.සමහර ලිපි වලින් සතුට විනෝදය සහනය දැනෙන කොට තවත් ලිපියකින් අපට දුක් කරදර විද දරාගැනීමට පාඩමක් කියල දෙනවා වගේ.මාරයාට ඉහළ ලේඛන හැකියාවක් තිබුනෙ නැත්නම් අපිට මේ දේවල් මේ විදියට හිතට වදින විදියට කියවන්න ලැබෙන්නෙ නැහැ.ඇත්තටම අදනම් මටත් දුක හිතුණා.තමන්ට මුහුන දීමට සිදුවූ අසීරුතා නිසා ඉගෙනුම අතරමග නවතා යහළුවන් පාසැල් යන බසයේ කොන්දොස්තර ලෙස කටයුතු කිරීමට සිදුවන විට හිතට මොන තරම් දුකක් දැනෙන්න ඇද්ද.(සමාවෙන්න මාරයෝ මම දන්නවා ඔයා මේව බ්ලොග් එකේ ලියන්නේ අනිත් අයගෙ අනුකම්පාව ලබා ගන්න නොවන බව).මාරයා එයාගෙ අත්දැකීම් අපට කියන්නෙ අපට අඩන්නවත් "අනේ මාරයා පව්" කියල ශෝක වෙන්නවත් නෙවෙයි.අපිට යමක් ඉගෙන ගන්නයි.මාරයායි මමයි දෙන්නම 79 උපන්න හින්දද මන්දා මටනම් මාරයා අපිට කියන පණිවිඩය හොදට තේරෙනවා.

    ReplyDelete
  24. අදනම් කියන්න දෙයක් නෑ මාරේ අයියේ .. දුක හිතුනේ නම් නෑ ඒ උනාට පුදුම හිතුනා . උඹ වගේ වෙන්න ඒ වගේ මාරයෙක් වෙන්න මට හිතන්නවත් බෑ .

    නියමයි බං කරදර දුක් ගැහැට වලට තැලිලා උඹ දැන් හොඳට පදං වෙලයි ඉන්නේ . ඒක නිසා ඇත්තටම දැං උඹත් නියම මාරයට සමානයි .

    මොන තරම් දුක් ගින්දර ආවත් අඩියක් පුඩියක් ගහලා ඒව අමතක කරන්නත් හැමෝටම බෑ උඹ ඒ ඔක්කෝම කරන්නේ .ඔය තරම් තැලිලා ඒවායින් ලබාගත්ත පන්නරය නිසා ..

    ReplyDelete
  25. ​මාරයාගේ බ්ලොග් එක හරිහමන් විදිහට කියවපු පලවෙනි දවසෙම ඇඟ පුරාම කරන්ට් එකක් ගියා වගේ! ඇඬුනෙ නැති ටික විතරයි. ඇත්තමයි...

    ReplyDelete
  26. pattayi marayiye
    uba nam marayekma thamayi

    ReplyDelete
  27. කලින් මම හිතන් හිටියෙ මාරයා කියන්නෙ නිකන් පිස්සු පොරක් කියලනේ ...ඇත්තෙන්ම උඹ ග්‍රේඩ් මාරයෝ...

    ReplyDelete
  28. JHOTHISHALANKA...

    ඇත්තටම යාළුවා කමෙන්ටුවෙ මා ගැන ලීව ටිකට වඩා මම හරි කැමතියි අර මුළින්ම කරලා තියෙන හිතට එකගව කියලා තියෙන වචන ටිකට..
    මිනිහෙකුට ආන්න ඒ විදියට කතා කරන්න පුළුවන් මට්ටමකට එන්න පුළුවන් නම්..ඊට වඩා ඒ මිනිහාගේ වටිනාකමක් මම දකින්නේ නැහැ.
    ඒ විදියට තමුන්ගේ ආත්මය නැගිටවලා කතා කරන්න පුළුවන්නම් හැම කෙනාටම මෙ ලෝකය බොහෝම සුන්දර තැනක්..ඒත් අපි හරි කුහකයි..අපි අපේ ඇතුළත හංගගෙන ඉන්න පුරැදු වෙලා තියෙන්නේ..ඒත් අපි අපටම කරන්නේ මහා ආත්ම වංචාවක්..
    එයින් මිදිලා කියන වචන දෙකටත් මං පුදුම විදියට කැමතියි..

    ඔබ වාගේ ඒ විදියට හැම මොහොතෙම ජීවත් වෙන්නයි මගේ උත්සහය..මෙ ලියන හැම එකේමත් මම උත්සහ කරන්නේ ලොකුකං තියා ගන්නේ නැතිව හැම දේම අකුරැවලට හරවන්න හැර..කාගේවත් අනුකම්පාවක් ලං කරගන්න නෙවෙයි..ඇත්තටම කාගේවත් අනුකම්පාවක් අපිට ලැබෙනවා කියන්නේ අපි අසරණ වෙලා කියන එකයි..මං අසරණ උන වෙලාවල් තියෙනවා..ඒත් මේ එහෙම වෙලාවක් නෙවෙයි..මේ මං මගේ ජීවිතේ අකුරුවලට හරවමින් ජීවිතේ විදින හැටි විතරයි..
    හදපත්ලෙන්ම ස්තූතියි කොමෙන්ටුවට...

    ReplyDelete
  29. @හිස් අහස...

    සදරැවෝ..තව අවුරුද්දකින් ආපහු හැරිලා බලහං..ජීවිතේ දිහා..අවුරැදු ‍දෙකකින්..පහකින් ..දහයකින්..
    අන්න ඒ හැම වෙලේම උඹට තේරේවි උඔත් මේ වගේම ගමනක අතර මග නේද ඉන්නේ කියලා...

    @kombuwa...

    හැම වෙලේම වගේ කියන්න තියෙන්නේ..ගණන් ගන්න එපා..අල්ලලා දාපං හැම දේම..

    @AmilaArt...

    මල්ලී මම උඹව මුණු පොතේ හෙව්වා හම්බ උනේ නැහැ...මට මෙල් එකක් දාපං..

    ctkumara@gmail.com

    ReplyDelete
  30. මාරයියගෙ බ්ලොග් එක සතියක විතර ඉදලා කියවනවා.. අද තමයි බොක්කටම වැදුන දවස.. ඇඩෙනව හෆ්ෆා..

    ReplyDelete
  31. Kuma...

    අනේ බං පින් සිද්ධ වෙයි..අර කළින් විදියටම හිතපං..
    මං ඒකට තමා හුගාක් කැමති...
    මාරයා යනු අමුම අමු පිස්සෙකි...

    ReplyDelete
  32. kåʼnı @ SLSC...

    ස්තූතියි.
    අද තමයි මාත් ඔබව මුළින්ම දැන හදුනා ගත්තේ...

    ReplyDelete
  33. නිශ්...

    බොහොම හොදා..ස්තූතියි..

    ReplyDelete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. kiyanna kisima deyak hithaganna be

    ReplyDelete
  36. මම මේ බස් පළු කතා මුල ඉඳලා කියෝගෙන එනගනමන්...

    අන්තිම ටික නම් හිතට තදින්ම වැදුණා...

    තමුන් ඉස්කෝලෙ යන බස් එකේම ටිකට් කඩන්න වීම..

    මටත් ඒ ලෙවල් දෙවෙනි අවුරුද්දෙදි ගෙදර නතර වෙන්න හිතුණා ඔයා කිව්ව හේතුව නිසාම ඒත් මගේ වාසනාවකටද අවාසනාවකටද දන්නේ නෑ තාම රස්සාවක් නෑනෙ..

    ReplyDelete