08 February 2011

බස් පළුවන්ගේ කතාව...12

අදත් පටන් ගන්නයි හදන්නේ කොටන්න...පළවෙනි වතාවට කෙළින්ම සිංහල අකුරෙන් කන්වරටරයක් පාවිච්චි නොකර ලියන්න යන්නේ..

වෙනදාට මං කරන්නේ මුළින්ම වර්ඩ් පෑඩ් එකේ මානෙල් බෝල්ඩ් ෆොන්ට් එක සහ කීමෑන් හෙළ බස සොෆ්ට්වෙයාර් එකේ උදව්වෙන් ලියලා..ඊ ළගට එක කොපි කරගෙන ඇවිත් සිංහල ඉංගිරිසි කන්වරටරය හරහා යුනිකෝඩ් වලට හරවගෙන එක කොපි කරගෙන ඇවිත් මේ බ්ලොග් ‍එකේ පේස්ට් කරලා ඒක පබ්ලිෂ් කරන එක...

මීට ටික කාලෙකට කළින් මම ලියලා වර්ඩ් පෑඩ් එකේ සේව් කරලා තිබුණු පෝස්ට හත අටක් මොනවා නමුත් හේතුවක් හින්දා මට නැති වෙලා ගියා..ඒ අතරේ මම ලියපු දිගම පෝස්ට් එකකුත් තිබුණා..සුනාමිය වෙලාවෙ මගේ අත්දැකීම් ගැන ලිය වෙච්ච..එදානං මට සංසාරෙත් එක්ක කල කිරුනා..

කොහොම නමුත් ඊයේ අපේ වැප්නි සාන්ත මහත්මා..පියන්ත මහත්මා..මූලික කරගත්ත සෑහෙන පිරිසකගේඋනන්දුව උපකාර මත යාන්තං අවුලක් නැතිව කෙළින්ම මේ විදියට ලියාගෙන යන්න පසුබිම සැලසුනා..ඒ සෑම සියළු දෙනාටම ස්තූතියි..විශේෂයෙන්ම සුදු හංසි නගාට..මොකද ඒ නගා කිවුව සරල ක්රමයක් අන්තිමට මට වැඩේ ගොඩ දාගන්න උදවු උනා..

................................

හරි ඊ ළගට අද දවසට එමු..

ඉතිං මම අද කියන්නං ඊයේ නවත්තපු තැන ඉදලා...
කොහොම හරි මම මගේ පළවෙනි මාසේ අවසන් කලා බස්පළු ජීවිතේ...
ඒ කියන්නේ පොරොත්තු මාසය අවසන්..සමහර වෙලාවට පොරොත්තු ගොඩට නවකයින් වගේම පැරණි සේවකයිනුත් වැටෙනවා..එහෙම වෙන්නේ නොයෙකුත් වැරදි උඩ ලැබෙන දඩුවමක් හැටියට..ඒ ඇරැනාම අයිස් ගහන කට්ටියකුත් ඔතන හිටියා..පොරොත්තු ලේඛනේ නම තියලා ඒත් කොහොම හරි බස් එකක වැඩ නොකර බේරිලා ඉදලා හවස වෙලාවටම ඔෆ් වෙලා යන අය..

කොහොම හරි මාසේ අවසන් උනාට පස්සේ මට ස්ථීර රූඩ් එකක් හම්බ උනා..ඒත් මාත් එක්ක පුහුණු වෙච්ච අනිත් අයට එහෙම ලැබුනේ නැහැ..ඒ අය තව මාසයක් පොරොත්තු සේවයේම හිටියා...

පළවෙනි මාසය අවසානයේ මගේ ආදයම් ඉපයීම..ටාගට් පැන්නීම ආදී දේවල් සහ පැමිණිම..හැසිරීම හැම දෙයක්ම මත මට බස්රථයක් ලබා දීමට පාලනාධිකාරිය උත්සුක වෙලා තිබුණා...

ඉතිං මාත් දැන් බස් හිමි බස්පළුවෙක්..

මාර්ග අංකය 6 ය...

කොළඹ කුරුණෑගල...
ඒ දවස්වල ඩිපෝවේ තිබුණු අළුත්ම බස් රථ වලින් එකක්.
කහ පාට ඩිමෝ බස් රථයක්..
ඇතුළ එහෙම මල් ටිකට තියෙනවා...

හැබැයි මට හම්බ උන රියදුරැ උන්නැහේනං ගල් ආදා...
මට ජීවිතේදී හම්බ උන මිනිස්සුන්ගෙන් හරිම අපූරු චරිතයක් තමයි මෙයා..

ඕනම වෙලාවක ඕනම කෙනෙකුට ඕනම ජාතියේ බොරුවක් කියන්න මිනිහාට සෑහෙන දක්ෂතාවයක් තිබුණා..ඒ බොරු අතේ මාට්ටු උනත් මිනිහාට ලැජ්ජාව කියලා දෙයක් ගෑවිලාවත් නැති හින්දා කිසිම ගාණක් නැහැ..

ඒ වගේම තමයි දත් ගැලවීම පිළිබදව ඇති අපූරු හැකියාව..
පස්සේ දවසක තමයි මම දැන ගත්තේ මෑන්ට ඇත්තටම කියන්නේ දත් දොස්තර කියලා..ඒ තරමට මිනිහා දක්ෂයා..
හැබැයි ටික දවසකින්ම මට මිනිහා ගැන තේරුන හින්දාම මං ටිකක් තදින්ම හිටියා..ඒ හේතුව හින්දා ඒ තරං මාත් එක්ක සුහදව ඉන්න මිනිහාට පුළුවන් උනේ නැහැ..

මටත් ඉතිං මිනිහාට කියලා පැටව් හදා ගන්නයෑ..මාත් මගේ පාඩුවේ ජොබ් එක කරගෙන ගියා...

ඉතිං අපි එමු බස්රථයේ විස්තරයට ඒ කිව්වේ ගමන් විස්තරයට..
හරිම පහසුයි...උදේ හයට බස් එක පාරට දානවා..කඩවතින් හයයි විස්සට පළමු ගමන ආරම්භ කරනවා..
හැබැයි උදෙන්ම තිබුණේ පාසල් සේවා වාරයක්...
කඩවත සිට හතරේ කණුව දක්වා..

ඒ සදහා පාසල් දෙකක ළමුන් ඇතුළත්..
කැළණිය ගුරුකුලය සහ ධර්මාලෝක යන විදුහල් දෙක තමයි ආවරණය කරන්න තිබුණේ...
.....................................
ඔන්න අද අපේ බස් සංගමේ ගරු සභාපති තැන්පත් වැප්නි සාන්ත මහත්මා තේරුං ගනී මෙයිට ටික දවසකට කළින් මම මේ බස්පළු කතාව ආරම්භ කොරන්ට කළින් උන්නැහේගෙන් විස්තර ටිකක් ඇහැවුවේ ඇයි කියලා..

මොකද උන්නැහේ අර සීසන් ටිකැට්ටුව, කාබන් පෑනෙන් වෙනස් කොරලා පුංචි එකා සංදියේදීම වංචා හා දූෂණ විමර්ෂණ අංශයේ අවධානය ලබා ගත්තු ආකාරය සදහන් ලිපියක් මම කළින් දැක්ක වෙලේ තමයි මට මුළින්ම මතක් උනේ මේ බස් පළු කතා ටික ලිව්වනං හොදයි නෙවද කියලා..
ඉතින් ඒ වෙලාවේ මට තේරැණා මේකාත් ඉදලා හිටලා හරි මම වැඩ කොරපු බස් එකේ ගෙහුං තියෙන විත්තිය...

ඉතිං උන්නැහේ විසින් පොරකාස කොරන්ට යෙදුණු බස් සතියේ මං පටන් ගත්තා උන්දෑවත් දමාන මං බස් පැද්ද කාලේ ගැන ලියන්ට ඕනය කියලා...

ඔන්න කොළුවෝ උඹලා අද අපිව දමාගෙන බස් පැද්දට මොකෝ..හිච්චි එකා සංදියේ අපි බොලාව දමා ගෙන බස් පැදපු එව්වෝ..හරිය..?

.........................................

ඉතිං උදෙන්ම ගෙහුං මේ පාසල් සේවය සපයලා අපි එහෙමම හරව‍ගෙන ඩිපෝවට එනවා..නිකං නෙවෙයි ආපහු බස් එකත් ලෝඩ් කරගෙනම තමයි..කොහොම හරි උදේ අට අට හමාර වෙන කොට අපි ඩිපෝ..
ඊට පස්සේ තමා උදේට කොටා බාන්නේ...

හරියටම උදේ නවය වෙන කොට අපිත් කාලා බීලා බස් එකටත් ඉන්ධන පුරෝගෙන ආයෙමත් 138 කඩවත පිට කොටුව රූඩ් එකට බෝඩ් ලෑල්ල දමන් අපි යනවා කොළඹ..
ඊට පස්සේ උදේ දහය විතර වෙන කොට අපි පිට කොටුවේ..
හරියටම උදේ දහයට අපි පිටකොටුවේ ලංගම මධ්‍යම ගමනාගමන කාර්යාලයට..ඕකට අපි කිව්වේ C.B.S. යනවා කියලා..ඉතින් අන්න එතනට වාර්ථා කොරන්ට ඕන..

ඉතිං ඊට පස්සේ එතනින් ලබා දෙන ඕනම රූඩ් එහෙක දුවන්ට අපි බැදිලා ඉන්නවා...

ඒත් ඉතිං අපිට ඒ කාර්යාලයෙන් අනිවාර්යයෙන් වෙන් කරලා තිබුණේ මාර්ග අංක 6 යටතේ කොළඹ-කුරුණෑගල දුවන්න තමයි..උදේ 10.40ට පිටත් වීම..

ඒත් සමහර දවස්වල වෙන කොහේ හරි දුර සේවා බස්රථයක් කැඩිලා හරි, වෙලාවට ඇවිල්ලා නැතුව හරි, තිබ්බොත් ආයේ දෙකක් නැහැ අපිව දානවා අන්න ඒ රූඩ් එක කවර් කරන්න...

ඊට අමතරව සෑම සෙනසුරාදාවකම කුරුණෑගල යාම වෙනුවට වෙනත් දුර ගමන් සේවාවක් අපිට හම්බ වෙනවා...

හුගාත් වෙලාවට ඉතිං

හැටන්
නුවර
මාතර
අනුරාධපුරය

ඔන්න ඕවා තමයි අනිවාර්ය රූඩ් වෙන්නේ..මොකද සති අන්තේ ඒ පළාත්වලට කොච්චර බස් දැම්මත් මදි..ඒ හින්දා අතිරේක බස් හැටියට අපේ ඒවත් දානවා...

ඉතින් ඒ වගේ දුර ගියහම සමහර වෙලාවට එන්න වෙන්නේ ඉරිදට තමයි..ඒකෙන් වෙන්නේ ඉරිදටවත් නිවාඩුවක් නැති වෙන එක...ඇයි ඉතිං මැරිලා මැරිලා ගෙදර ආවට පස්සේ නිදා ගන්නවා ඇර වෙන දෙයක් කරන්න වෙන්නේ නැහැනේ..
ඒත් ඉතිං දුර සේවා යන්න මාත් ආසයි..
මොකද වැඩි මහන්සියක් නැහැ..ටිකට් කැඩිල්ල හැම වෙලේම නැහැනේ..
වට පිට බල බල යන එකයි තියෙන්නේ..

සාමාන්‍ය විදියටනං උදේ දහයයි හතළිහට කොළඹින් අද්දන බස් රථය දහවල් එකයි හතළිහට කුරුණෑගලට යා යුතුයි..
ඊට පස්සේ නං පොඩි විවේකයක් හම්බ වෙනවා..ඊ ළග ටර්න් එක කොළඹ එන්න තියෙන්නේ දහවල් දෙක හමාරට..දෙක හමාරට කුරුණෑගලින් අද්දන බස් එක පහයි තිහට කොළඹට එන්න ඕන..ඒත් ඉතිං ඕකනං ලේසියට කරන්න වෙ වැඩක් නෙවෙයි..හවස් වෙන කොට තියෙන මාර්ග තද බදයත් එක්ක හැමදාම කොළඹ එනකොට රෑ හය හමාර හත වෙනවා...

ඊට පස්සේ ඒ ආව ගමන්ම 138 කඩවත කියලා බෝඩ් එක දා ගත්තා අපි ආපහු ආවා...
ඔන්න සංසාරෙත් එක්ක එපා වෙන ගමන් වාරය..
කට කැපෙන්න සෙනග...
හුස්මක් ගන්න නැහැ..අන්තිම නැවතුමට එනකල් එක වාගේම බස් එක පිරිලා...
දවසම එහෙ මෙහෙ ගිහින් ඇවිල්ලා අන්තිමට ඔහොම වැදුනාම ඕනම නැහැ..කොහොම හරි කොළඹ ඉදලා පැය දෙකක් විතර ගාටලා අමාරුවෙන් ගමන නිම කරන කොට වෙලාව නවයයි..නවය හමාරයි..
ඊට පස්සේ මුදල් ගණන් හදලා ඒවා බාර දීලා එළියට බහින කොට රෑ දහයත් පහු වෙලා...

ඉතිං ඊට පස්සේ හොද හුස්මක් කාරිය අරගෙන කකුල් දෙකට ගැම්ම අරං පුටාර් එකත් පාගගෙන සිංදුවකුත් මුමුණ මුමුණ මං ආපහු ගෙදර එනවා...

හැබැයි සමහර වෙලාවට හයියෙන් කෑ ගහගෙන සින්දු කියාගෙන එන වෙලාවළුත් තියෙනවා..ඒ හුගාක් නිදිමත උනහම..නින්ද යන එක නවත්තගන්න..
අනික ඉතිං පාරේ මොකෙක්වත් ඉන්න එකක්යෑ..
හිටියත් උං මාව අදුරන එකක්යෑ..
ඕනනං පිස්සෙක් කියලා හිතයි..
ඒත් ඉතිං මට මොකද..?

කොහොමින් හරි ගෙදරට සැපත් වෙලා..නාලා කාලා දොයියන කොට රෑ දොළහත් පැනලා...

ඔන්න ඔහොමයි ඒ දවස්වල ජීවිතේ ගෙවුණේ...

තව තියෙන්නේ බොහොම ටිකයි...

මගේ සීටීබී බස්පළු ජීවිතේට තිත තියන්න වෙච්ච ඒ අප්සැට් කතාවයි..
කවුරුත් දැන ගන්න කැමති බස් වල ආදායං වියදං සහ මාටියා ගැහිළි ගැනයි තමා...
පුද්ගලික අංශේ වැඩ කරපු දවස් ගැනත් ලියන්ට බැරි වෙන එකක් නැහැ..
කොහොම උනත් තව පොඩ්ඩයි..බලමු තව ලිපි කීයකින් ඒ ටික කම්මුතු කොරන්නට ඇහැක් වෙයිද කියලා...

20 comments:

  1. අයියෙ ඔන්න මුල්ම කොකෙන්ටුව මගෙන්
    එළ එළ ඉතිරි කටා ටිකත් ලියමු එහෙනම්

    අයියෙ අදවත් දියන්කො මූනුපොතේ නම, නැත්නම් මගෙ නම තියෙන්නෙ එකට රික්වෙස්ට් එකක් දාහන්කො
    http://www.facebook.com/AmilaArt

    ReplyDelete
  2. මට හිතෙන විදියට මාරයාත් මාටියා පාරක් ගහලා වගේ... CTB එකෙන් දොට්ට දාන්න ඇත්තේ...

    ReplyDelete
  3. නියම කතා සෙට් එක.
    දිගටම යං...

    අර සුනාමි කතාවත් ආයෙ ලියන්න බලන්න.

    ReplyDelete
  4. මොනවා කියන්නද මාර අයියා ,එල කියලා තමයි කියන්න වෙන්නේ!

    ReplyDelete
  5. මාරයා මල්ලි කොය් කාලෙද රූට් 6 යේ වැඩ කලේ? නැහැ වැඩක් නැහැ අහල ඔය කහකුරුල්ලෝ දුවන කාලේ වෙනකොට මම ලංගම නැහැ.කොහොම වුනත් ලංගම ගැන කතා අහන කොට ලංගම ගත කරපු ජොලි කාලේ මතක් වෙනවා.හැබය් මල්ලි නං මාර මඩක් කාල තියෙන්නෙ බස් පලු ජොබ් එකේ කියල තේරෙනව.ඔය දුර ගමන් රූට් වලදී තේ බොන්න නවත්වන කඩ වල ඔයාලට සැලකීම කොහොමද? බස් පලු කතා ලියන කොට ඒ ගැනත් පුළුවන් නං චුටි විස්තරයක් දාන්නකො.

    ReplyDelete
  6. අයියේ...ඔන්න හය වෙනි කොමෙන්ටුව මගෙන්......ඉකේයියා....
    දැන් ගතියක් තියෙනව නේ කොමෙන්ට් එකේ

    ReplyDelete
  7. ඔව් ..ඔව්.. observer කියපු එක ඇත්ත.. මාත් කැමතියි දුර ගමන් වලදි බස් පලුවන්ට හෝටල් කාරයො සලකන ක්‍රමවේදය පිළිබඳ ඇත්ත දැන ගන්න.

    ReplyDelete
  8. AmilaArt...

    දැන් හරිනේ..ඔන්න එකතු කරගත්තා මාර ලෝකයට

    ReplyDelete
  9. prasanna86k...

    ඔව් ඔව් කට ඇරගෙන බලා ඉදින් මාළුවෝ..

    ReplyDelete
  10. Praසන්ன...

    ඒකත් ආයම ලියන්න ඕන ඒත් එකම දේ දෙපාරක් ලියන කොට කලකිරෙනවා අප්පා..

    ReplyDelete
  11. widanarala...

    තැන්කූ..තැන්කූ...

    ReplyDelete
  12. Observer...

    අනිවාර්යයෙන් ඊ ළග ලිපියෙදි ඒ ගැන ලියෙවෙනවා...

    ReplyDelete
  13. රත්ගමයා...

    තැන්කූ මලේ ඉකේයියා නැත්තං නිකං දැන් මටත් ඉකේයියා වගේ බං..

    ReplyDelete
  14. kumaraya...

    අනිවාර්යයෙන් ලොකු අයියා ඊ ළග එකේ බලන්න...

    ReplyDelete
  15. ඔය රෑ වෙලා පාරෙ එනකොට සින්දු කියන එක නම් මමත් කරනව මාරෙ අයියෙ...
    කවුරු බැලුවත්, කවුරු මොනව හිතුවත් මට මොකද, නින්ද යා ගන් නැතුව ගෙදර යන එක ඊට වඩා වටිනවනෙ.....

    ReplyDelete
  16. මං නම් බස් වල ගියේ නැහැ ... මං හැමදාම ගියේ මගේම වාහනයක ... හැබැයි අත දාන ඕන කෙනෙක්ට ඒක නවත්වනවා ... හැබැයි මට ඔයි සිටිබි කාරයෝ පෙන්නන්න බැහැ :D

    ReplyDelete
  17. හැබැයි දුර ගමන් සමග, කට කපල හවසට ලෝඩ් වෙන එකෙන් ටාගට් පනිනව ඇති බුසු බුසු ගාල නේද....ඒකත් සැපක්නෙ බO නැති කමට නේද?

    සුනාමි විස්තරෙත් බලාපරොත්තු වෙනව බO... වෙලාව තියෙන විදිහට කොටහන්.....

    ReplyDelete
  18. මාරේ අයියා ඔයා බස් තරඟ වලට සහබාගී වෙලා නැද්ද ? ප්‍රයිවට් සහ සීටබී අතර තරඟ !

    මමත් කොන්දෙස්තරලත් එක්ක පට්ට තරහයි ඉස්සර පාසල් යන සන්දෙයේ ..ඇයි කොයිවෙලේත් බනිනවනේ ..

    දව්සක් අපි ගිය බස් එක හැප්පිච්ච වෙලාවක කුලප්පු වෙච්ච අලියෙක් බස් එකට ගහන්න දුවගෙන ආවා බස් පලු මාම බස් එකෙන් පැනලා දිවුවා !

    ඔය කාලෙද මාරේ අයියා මධුවිතට සෙට් උනේ . මම හිතන්නේ ඇඟේ පතේ අමාරුව නිසා සෙට් වෙන්න ඇති ..

    ReplyDelete
  19. මාටියා ගහන එක දාන කම් අතේ ඇඟිලි ගනිමින් බලා සිටී.

    ReplyDelete
  20. ඇත්තටම මාරයා ...ජොබ් කීයක් කරල තියෙනවද..මම නම් එකම එකයි .. ම්හ්..නෑ...දෙකක් විතර..ඒත් එක ජොබ් එකක් අතහැරල වෙනස්ම විදියකට අලුත් එකක් පටන්ගන්න ...නෑ..ඒක මට නම් හිතාගන්නත් අමාරැ‍යි..කොහොම උනත් දැන් කරන එකනම් දාලයන්න බෑ..බෑ..බෑ මයි..

    ReplyDelete