09 February 2011

බස් පළුවන්ගේ කතාව...13

ඕන්න නැවතත් වතාවක් ටිකට් මැෂිමත් කිහිල්ලේ ගහගෙන මං ගොඩ උනා නෙව බස් එකට..හරි යං..
තාමත් නිදි මතයි අම්බානකට..
ඊයේ මේ මළ ගෙදරක ගිහින් නිදා ගන්නත් නැති උනා නෙව..
ඒකත් මේ සුළු පටු කෙනෙක්ගේ අවමංගල්ලයක් එහෙම නෙවී..බොහෝම ඉහළ තැනක ඉන්න කෙනෙක්ගේ..
අවමංගල කටයුතු කෙරුනෙත් ඉතිං ඒ වගේම ඉහළ තැනක තමා..
කොහොම හරි අන්තිමට අපි දෙතුන් දෙනෙකුත් ලොකුකං බලන්නේ නැතුව මල ගෙදරට ගොඩ උනා..අන්තිමට නිදා ගන්න කොට කුකුලා අඩලනවා..

........................................................

හරි දැන් අපි ඉන්නේ නියම රූඩ් එකට වැටිලා... හා ඔය "රූඩ්" එක කිව්වම මතක් උනේ..අපේ මේ කතන්දර මහත්තයා මට මතක් කොලා හරි වචනේ ''රූඩ් ''නෙවෙයි ''රූට්'' කියන එක..බොහෝම ඉස්තූයි ඒකටත්..
ඒත් ඉතිං අපේ වචන සැට් එකටනං ඉතිං ''රූඩ්'' තමයි දිවට හුරු...
ඒ හින්දා කවුරැත් අමනාප වෙන එකක් නැහැනේ හුරු විදියටම ඇදගෙන ගියාට..හරි.

ඒ කතාවට ගෙහුං..ඔය වගේම තව වචනයක් මතක් උනා ආයිබෝං..

ඒ තමයි "සාම් මහත්තයා" පොලොසියේ ඉන්න කාලෙදී නිතරම ඇහෙන වචනයක් ඕක..මං හතර අතේ බලනවා කවුද මේ සාම් මහත්තයා කියලා..

"ගිහින් සාම් මහත්තයට කියන්න..සාම් මහත්තයා ඉන්නවද..?සාම් මහත්තයා කතා කලා"..අයියෝ මල විකාරයයි..
මම ඉතිං හොයනවා "සාම් මහත්තයාව"...

පස්සෙනේ දන්නේ මුං මේ සාම් සාම් කියන්නේ සාජ් එහෙම නැත්තං සාජන් මහත්තයා කියන එකට කියලා..
කොහොම හරි දවස් දෙකතුනක්ම ගෙහුං තමයි මට "සාම් මහත්ත"යා හම්බු උනේ..

හරි ඒ කතාවත් පැත්තකින් තියමුකෝ...

ඉතිං මුලින්ම මං කියන්නං අර කළින් ලිපියේ කොමෙන්ටුවල කියලා තිබුණා වගේ..
දුර ගමන් සේවාවල බස් රථ තේ බොන්න බත් කන්න කඩවල් වල නැවැත්තුවාම සිද්ධ වෙන වැඩ පිළිවෙල...

ඔය දුර ගමන් ගිහිං තියෙන හුගාක් දෙනා දන්නවනේ අපි ඔය බස්රථවල යද්දී..‍වරින් වර අතර මග නවත්තනවා තේ බොන්න..එතකොට බත් කන්න..ඒ වාගේම ඉතිං ඔය හිර කොරගෙන සිංදු කතන්දර කීමේ අවශ්‍යතාත් ඉස්ට සිද්ධ කොරගන්ට ඇහැකි වෙන විදියට...

ඉතිං බොහෝම දුරට ඔහොම බස් එක නවත්තන්නේ හැමදාමත් පුරුදු උන කඩයක් ගාවම තමයි..
ඒ කඩවල උදවිය උනත් දන්නවා අහවල් වෙලාවට අහවල් බස්රථය මෙතනට එනවා කියන කාරුණාව..ඒ හින්දා නිතරම ඒ අය සූදානමින් ඉන්නේ ඒ ඒ බස් රථවලට තමුන්ගේ සේවාව සපයන්න...

ඔය වගේ බස් නවත්තන කඩ හැම තැනමත් නැහැ..ඒ වෙනුවෙන්ම වෙන් වෙච්ච කඩ ඒ කියන්නේ හෝටල් අදාල මාර්ග අයිනේ පිහිටලා තියෙනවා..

ඒ වගේම තමයි බස් කාරයෝත් ඔය තියෙන තියෙන හැම කඩේම නවත්තන්නේ නැහැ..තමුන්ට හුරු පුරුදු..
ඒ වාගේම හොදින් සලකන හෝටල් වලට තමයි බස්එක අල්ලන්නේ...

ඉතිං මේ වගේ දුර සේවා බස්රථ තම තමුන්ගේ කඩ ගාව නවත්තා ගන්න මේ හෝටල් හිමියන් බොහෝම උනන්දුයි..මොකද ඉතිං එක පාර සීයක් හමාරක් ඉන්න බස් රථයක් තමුන්ගේ කඩේ ගාව නැවැත්තුවාම අඩුම ගානේ ඒ බස් එකේ ඉන්න ඈයින්ගෙන් බාගයක්වත් බැහැලා ඇවිල්ලා තේ කහට එකක් හරි බොනවානේ..

කොහොමටත් ඒ වගේ හෝටල් වලට බස්වල උදවිය හැරුනු කොට වෙන පාරිභෝගිකයින් එනවා අඩුයි..ඉතින් කොහොම හරි වැඩි බස්රථ ප්රමාණයක් තමුන්ගේ වෙළද සැලට ගෙන්වා ගන්න ඒ අය අතරේ බොහෝම ලොකු සටනක් තියෙන්නේ...

ඉතිං මේ තත්වය යටතේ තමුන්ගේ හෝටලය අසල නවත්වන බස්රථවල රියදුරාට සහ බස් පළුවාට බොහෝම ඉහළින් සංගරහා සත්කාර කොරන්නට මේ අය වග බලා ගන්නවා...

සෑම කඩයකම ‍අනිත් අයට වැඩිය පේන්නේ නැති තැනක පොඩි කාමරයක් තියෙනවා..ලස්සනට මේසයක් දාලා පුටු හතර පහක් තියලා හුළං පෙත්තක් එහෙම කිට්ටු කොරලා...
ඒ වගේමයි ඒ කාමරේ සේවය සදහාම විශේෂ සේවක මහත්තයෙක් පත් කොරලා තියෙනවා..ඒ වගේමයි ඒ වැඩේට යොදවන සේවකයා හෝටලේ මුදලාලිට බොහෝම විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕන කියන කාරණාවත්..අනික වැරදිලා හරි ඒ සේවකයා නැති වෙලාවට හෝටලේ අයිතිකාරයාම හරි ඇවිල්ලා අර කාමරේ ගැන බලනවා..අනිත් සේවකයින්ව උනත් ඒකට යවන්න වැඩිය කැමති නැහැ..
හේතුව තමයි..

අනිත් අයගේ සුළු අඩුපාඩුවක් නිසා හෝ අර බස් අරං එන රියදුරු මහත්තුරැන්ගේ මල් වගේ තියෙන අහිංසක ළපටි හිත් රිදෙයි කියන බය...

ඇයි ඉතිං පොඩි අවුලක් හින්දා හරි උන්දලා බස් එක එතන නවත්තන්නේ නැතිව වෙන තැනකට අල්ලන්න පුරුදු උනොත්..කීයක් නං කියලා මුදලාලිට පාඩුද..?
ඒ හින්දා හරිම ගරු සැලකිලි ඇතුව රියදුරු මහත්වරැන්ට..බස් පළු මහත්තුරුන්ට සලකන්න ඒ අය හරිම සැලකිලිමත්...

ඉතිං කොහොම හරි අපි ගෙහුං බස් එක නවත්තලා බස් එකෙන් බැහැලා කඩේට ගොඩ වෙද්දිම වගේ මුදලාලිම ටිකක් මගට ඇවිත් අතින් අල්ලගෙනම වගේ..
යං යං ඇතුළට කියලා ඔන්න අපිව බාර දෙනවා අර තමුන්ගේ විස්වාසවන්ත සේවක උන්නැහේට..එතන ඉදන් ඕන්න අපිත් නිකං දෙවිවරැ වගේ...

බත් කනවනං..බත්
තේ බොනවනං තේ..
ඕන දෙයක්..

ඔය දුර ගමන් බස්වලින් මට හුරැ වෙච්ච ජරා පුරුද්දක් තිබුණා ඒ කාලේ...
ඒ තමයි කෑම කන ගමන් කොකා කෝලා බොන එක..
ඇයි ඉතිං නිකං දෙන එකනේ...අතිං පයින් යන එකක්යෑ...
ඉතිං වාඩි වෙච්ච හැටියේම අපිට ඕන මොනවද කියලා අහලා ඒ දේවල් කිසි අඩුවක් නැතිව සපයනවා..

අපි හිතමුකෝ බත් කනවා කියලා...

දුම් දම දමා බත් පළගාන් එක්ක හොදම මස් මාළු වෑංජන මේසෙට පුරෝනවා..විශේෂයෙන්ම හෝටලයේ තියෙන මසක් මාළුවකට වැඩි දෙයක් අනිවාර්යයෙන් තියෙනවා...
හුගාක් දුරට මුව මස් ගෝන මස් එහෙමත් ඕය මේසෙට එන අවස්ථා වැඩියි..

මේ ඔක්කෝටමත් කළින් හිමීට කනට කරලා අහන වාක්කියකුත් තියෙනවා..

"මුකුත් කරනවද..?"

උත්තරේ..
"නැහැ"නං...

"හීනියටවත්"

ඒත් උත්තරේ

"ම්හූ..එපා.." නං..එතන ඉදලා කෑම බීම සපයනවා..
කොකා කෝලා බොතල් දෙක අනිවාර්යයෙන් කඩලා ලගින් ති‍යනවා...

අර පුශ්නෙට උත්තරේ..

"කරමු" නං..

තත්වය වෙනස් වෙලා..පුංචි නැටුං තෙල් වඩියකුත් ළගටම ලැබෙනවා..
හුගාක් රියදුරු මහත්වරු ඔය තෝරා ගැනීම නොකලත්..ඒක අනිවාර්යයෙන් කරන උදවියත් ඉන්නවයි කියන එක අමත.ක කරන්න එපා..ඒ හින්දා විශේෂයෙන්ම ඔය වගේ බත් කන්න නැවැත්තුවට පස්සේ තමුන්ගේ බස් රථයේ රියදුරැ මහත්තයා අමුතුයි වගේනං..යන උදවිය ටිකක් සූදානං සරීරෙන් යන එක නුවණට හුරුයි..ආයේ මං නොකීවා කියලා එහෙම කියනවා හෙම නෙවෙයි..

හරි ඉතිං දැන් කෑම ටික කන අතරෙත් අඩු පාඩු බෙදිල්ල බොහෝම හොදින් කෙරෙනවා..නිකමට හරි කිව්වොත් රතුළුණු ගෙඩියක් තිබ්බනං හොදයි කියලා..පටස් ගාලා අර ඉන්න උන්දෑ පුංචි පිහියක් අරං රතුඵණු ගෙඩි හත අටක් සුද්ද කරලා හෝදලා පුංචි පීරිසියක තියලා අපිට කිට්ටු කොරනවා..
බිත්තරයක් බැද ගන්න හිතුනත් තප්පර ගාණක් ඇතුලත ඒ දේ කරලා දෙන්න ඒ අය හරිම සැලකිලිමත්...

ඉතිං ඔය දේවල් ඔය විදියට කරලා..ඒ කියන්නේ හොදව බත් ටික කාලා තව ඉතිං ඇම්බුං හරි කෝලි කුට්ටු ගෙඩියක් එහෙමත් නැත්තං යෝගට් එකක් එහෙමත් දීලා ඇදලා සිගරට් එහෙම බොනවනං එකක් පත්තු කොරගෙන තව එකක් සාක්කුවෙත් දාගෙන එළියට බහිනවා..ඒ අතරේ තව එක දෙයක් අර සේවක මහත්තයා අතින් කෙරෙනවා..ඒ තමයි තමුන්ගේ සාක්කුවේ නිතරම තියෙන මුදලක් අර රියදුරු මහත්තයාගේ උඩ සාක්කුවට දාලා පිටට පොඩි තට්ටුවකුත් දාන එක..

හෝටලේ අයිතිකාරයා නිතරම විශ්වාසවන්ත අයෙක් ඔය වැඩෙට දාන්නේත් ඔය කාරණාව හින්දාම තමයි..මොකද නැත්තං අර මුදල රියදුරු මහත්තයාට නොදී එක පිල්ලි ගහන ගෝලයෝ හින්දා තමුන්ට බස් රථ අහිමි වෙලා යන්න ඉඩ තියෙන එක...

ඉතිං ඔන්න ඔය විදියට අපිත් හැමදාම බත් කන කඩයක් තිබුනා වරකාපොල ඉසව්වේ...

යන ගමන් බත් කාලා..එන ගමන් තේ බොන්නත් අපි මෙතන නවත්තනවා...

තේ බීලා ඉවර වෙලා එනකොට අර හැම දේටමත් අමතරව තව පුංචි පාර්සලයකුත් ගෙනත් බස් එකේ ඩෑෂ් බෝඩ් එක උඩින් තියන්නත් අර සේවක මහත්තයා අමතක කරන්නේ නැහැ...
ඒ පාර්සලේ තියෙන්නේ වෙන වෙනම පුංචි උර දෙකක්...

රෝල්ස්, කට්ලට්, එළවළු රොටී,වගේ දේවල් තුන හතරක් ඕකේ තියෙනවා..අපි කැමතිනං ඒ වෙනුවට බනිස්, කේක්, තල කැරළි වගේ දේවල් උනත් මෙහෙම දෙන එක පුරැද්දක්...

ඒ එද්දිත් අර කළින් වගේම මුදලක් රියදුරු උන්නැහේට අයිතියි..

ඉතිං ඔය විස්තරේ ඔය වගේ තමයි..තව සුළු සුළු වෙනස්කං උනා උනත් මූලික කිරියා පටිපාටිය ඕක තමයි...

හුගාක් දිගට ලියන්න අමාරුයි..උණ ගැනිලා ඉන්නේ..බෙහෙත් ටිකක් ගන්නත් යන්න වෙයි වගේ...
චුට්ටක් නිදා ගන්නත් ඕන..ඒ හින්දා අපේ ආදායං තත්වය සහ මාටියා ගැසීම ගැන ඊ ළග ලිපියෙන් කතා කරමු...

රායිට් යාං...

26 comments:

  1. කඩේ ඉන්න ගෝලයටවත් යන්න බැරිනං මාරය නැතිව අපි කොහොම ඕව දැන ගන්නද?
    ඔය සාක්කුවට දාන ගාන ඩ්‍රයිවර්ට විතරද හම්බ වෙන්නෙ. බස්පලුවට හම්බ වෙන්නෙ නැද්ද?

    උණ ඉක්මනින් සනීප වෙන්න කියල පතනවා.

    ReplyDelete
  2. මෙයාල නම් හොඳට සැප කාමර වලට ගිහින් කනවා. අපෝ බස් වල යන අපිට කටේ තියන්න බෑ ඒ කඩවල් වල විකුණන්න තියෙන ඒවා. මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැති කමට කනව ඉතින්.

    ReplyDelete
  3. කුරුවිට පැත්තෙ හෝටලේක යෝගට් හදන තැනක් අල්ලල තියෙනව ඔය වගේ බස් නවත්තන තැන්වල කන්න දෙන. ඒකෙ මිනිස්සු කාල විසිකරපු යෝගට් කෝප්ප වලට ආයෙ පුරෝල දෙනවලු කියල නිවුස් වලට කිවුව.

    ReplyDelete
  4. මම නම් ඔය තැන් වලින් බීම එකක් බිව්වොත් හැරෙන්න කිසිම දෙයක් කන්නේ නෑ. මොකටද නිකන් හොඳට තියෙන බඩවල් සවුත්තු කර ගන්නෙ.

    ReplyDelete
  5. මාරේ ප්‍රථමයෙන්ම ඉක්මන් සුව පතනව! බෙහෙත් ගන්න....

    හපෝ තේ එකක් අමරුවෙන් බිව්වොත් මිසක, බත් කටක් නම් කනව බොරු ඒ කඩ වලින්....
    අර ගතමනාව පළුවටත් නොදෙනවනම් ඒක අසාධාරණයි නේද....ඇයි නැටුන් තෙල් ගෙනියන්නත් දෙනව මයි හිතේ....

    ReplyDelete
  6. එතකොට ඔය සියලුම දීමනාවල වියදම් අල්ලන්නෙ අහිංසක බස් මගියගෙන් නේද .. මලේ.

    ReplyDelete
  7. ඒයි මොකෝ බං උණ.. ඊයෙ මළගෙදර නයිට ගහල ඇගට අමාරුද..?? මාත් මේ දැන් තමා නැගිට්ටෙ.. ඔය ඇගේ පතේ අමාරුවට හොදම බේත තමා ඉතිං යක්කල වෙද මහත්තයගෙ තෙල් බේත් වඩියක් දාගන්න එක.. ඒත් ඉකිං දැං උඹ ඒව පාවිච්චියක් නැහැල්ලුනෙ ‍නේද.. :)

    ReplyDelete
  8. මාරේ අයියා කන්න නම් නියමම මාරයෙක් ...මට ඕක දැනුයි හරිටම මීටර් උනේ ..දුමී කොච්චර කීවත් මට ඕක මීටර් උනේ නෑ .අයිය කන කොට එක කටට ගොඩක් කනවද .?

    උණ ඉක්මනට සනීප කරගෙන බස් කතාන්දරයක් ඉක්මනට දාන්න ..

    ReplyDelete
  9. MaRLaN...

    හයියෙන් අල්ලගන්ට...

    ReplyDelete
  10. Praසන්ன...

    නැහැ ප්රසා..කඩේ උන්ට යන්න බැරි නැහැ..ඒත් වැඩිය වැඩෙට ගෑවෙන්න දෙන්නේ නැහැ...

    මුදල් ගැන මම ඊ ළග එකෙන් කතා කරනවා එතකොටම බලමුකෝ..නැද්ද මං අහන්නේ..?

    ReplyDelete
  11. පිණිබිඳු...

    හෙහ් හෙහ්..
    අසාධාරණේ මේ..මිනී මෝරු වාගේ..

    ඒක ඇත්ත..එත් හැම කඩේම එහෙම නැහැ..
    හුගාක් බස් නවත්වන කඩ තියෙනවා පුදුම විදියට හොදට කරගෙන යන...
    සමහර තැන් තියෙනවා ඔය වගේ දහජරා තැන්...
    කොටින්ම මිල ගණන් උනත් සාමාන්‍යයයි..

    හැබැයි ඉතිං සමහර බස් රියදුරන් නවත්වන්නේ ප්රමිතිය බාල..තමුන්ට වැඩි වාසි තැන්වල..ඒකයි ඔය ගැටළුවට මුල

    ReplyDelete
  12. Praසන්ன...

    ඔය ගොඩක වෙල පැත්තට යන්ට යන්ට ඔහොමම තමා...හෙහ්..හෙහ්...

    ReplyDelete
  13. Ranga...

    පොච්චියේ..මේ එහෙනං අපි තාමත් යසට ඉන්නේ..

    ReplyDelete
  14. ඔය කෑම බීම නම් කාල බීල තියෙනව (නැටුන් තෙලුත් ඇතුළුව) කීප සැරයක්. මන් හිටපු හින්දද දන්නෙ නැහැ මට සංග්‍රහ කලාට කස්ටිය නම් නැටුම් තෙල් පාවිච්චි කොලේ නැහැ, ආගන්තුක සත්කාරය නං ඉතින් නරක වැඩක් නෙමෙය්නේ කොහොම වුනත්. සාමාන්‍යයෙන් වැඩ කරන ඩිපෝවේ කව්රු හරි බස් එකේ ඉන්නව නම් (විශේෂයෙන්ම ඉංජිනේරු අංශයේ) රියදුරු මහත්තුරු සහ කොන්දොස්තර මහත්තුරු එයාටත් සලකන්න අමතක කරන්නෙ නැහැ, ඇයි ඉතින් අතින් වියදම් වෙන එකක්යැ, දුර දුවනකොට ටාර්ගට් එකට අමතරව තව කොය් තරම් වාසි තියෙනවද, ඒව රැකගන්න ඉංජිනේරු අංශෙ කොය් තරං වැදගත්ද කියන එක කස්ටිය හොඳට දන්නවනෙ. මාරයා මල්ලි,අර පුරුදු විධියට "රූට්" කියන එක ලිව්ව මිසක නිවැරදි කරන්න හිතල ලිව්ව නෙමෙය්. හැබය් වෙන කෙනෙකුගෙ පෝස්ට් එකක නම් අමු අමුවේ රජා මරපු තැනක් මේ ලඟදි පෙන්නල දුන්න, ඒක මගෙ වෘතියට අදාළ වචනයක් හින්ද. තව එකක් මල්ලි ඔය කාපු බීපු ඒක සැරෙකවත් කස්ටියට මුදල් දෙනව නං දැක්කෙම නැහැ, ඒක නං කෙරෙන්න ඇත්තෙ මගෙත් ඇස් වහල.

    ReplyDelete
  15. අප්පා... නිදි මරලා මාරයා ලෙඩ වෙලාද..? බුරතීනො ට එහෙම හොඳට නින්ද යන්ඩ ඇති... දංකොටුවේ බෙහෙත් වලට.....
    අපරාදේ මාරයෝ... උඹ ඊයේ අසනීප වෙනවා කියලා කිව්වා නං ටිකක් ඉතුරු කරලා තියන්ඩ තිබුණා නෙව....

    ReplyDelete
  16. Heeniyata...

    බෙහෙත් ගෙනාවා දැන්..

    ඒකත් අර වගේම තමයි ඉතාමත් හොද තැන් තියෙනවා..මොකද අපිට අර සාත්තු කරන කාමරේ බොහොම වෙලාවට තියෙන්නේ කුස්සියට යාබදව..ඉතිං ඒවායේ වැඩ කෙරෙන හැටි හොදට පේනවා
    පිරිසිදු නැත්තං අපි කන්නෙත් නැහැනේ

    තෙල් ගහන්න දුන්නට ගෙනියන්නනං දෙන්නේ නැහැ...

    ReplyDelete
  17. kumaraya...

    ඒක ඉතිං අහන්නත් දෙයක්ද අප්පා..
    ඒත් ඉතිං ඒකට කියලා අමුතු මිල වැඩි කිරීමක් වෙලා නැහැ..රටේ තොටේ සාමාන්‍ය මල ගණන් යටතේම සිද්ධ වෙන වෙළදාම නෙව..

    ReplyDelete
  18. Buratheno...
    නැහැ බං නයිට ගහද්දිත් සහලෝලා උණ..
    ඒත් ඉතිං අච්චර හොද බූරු පිටියකින් නැගිටින් හිතෙනවයෑ..
    ඒ හින්දා අමාරැවෙන් අල්ලගෙන හිටියා..
    බැරිම තැන තමයි වැටුනේ..

    ReplyDelete
  19. හිස් අහස...

    මල්ලී ජීවත් වෙන්න කන එකයි..
    කන්නම ජීවත් වෙන එකයි දෙකක්..
    මම දුමියාලා වැටෙන්නේ දෙවෙනි කාණ්ඩෙට..
    උඹත් කැමතිනං වරෙං

    ReplyDelete
  20. Observer...

    ඉතිං අද කතා නැතෙයි..?

    ReplyDelete
  21. Jeew...

    නිදි මරලා නෙවෙයි බං ඒ වෙනකොටත් මට සනීප නැහැ..
    අපරාදේ උඹලා මම යනකල්ම හිටියා ඕක එළියට ගන්න නේද..
    දුෂ්ඨයෝ...

    ReplyDelete
  22. මාරයාගේ බ්ලොග් එක පැත්තට අද ආවේ මේ දැන්.අපිත් මාතර යනකොට ඔය කඩවල් දැකල තියෙනවා.අම්බලන්ගොඩ ආසන්නයේ තමයි වැඩිපුර නවත්වන්නේ.ඉදල හිටලා කෑවට වැඩිපුර කරන්නේ බීම බොන එක තමයි.ඔය කොකාකෝලා නිතරම බොන එකනම් සෞඛ්‍යයට හොද මදි කියල මම කොහෙදෝ හරි කියවල තියෙනවා.ඩැයිවර් ,කොන්දස්තර උන්නැහේලට නම් ඔය කියන කඩවල් වලින් රජ සැළකිළි තමයි.

    ReplyDelete
  23. කොමෙන්ට් එකේ වෙලාව 8.39 කියල වැටුනට, ඕක ලියනකොට රෑ 11.10 ට විතර ඇති. කතා මතක් වුනේ නැහැ, මතක් වුනොත් නොලිය ඉන්නෙත් නැහැ. අනිත් එක කලින් දවසෙ මල ගෙදර බුරුව පිටිය ළඟ නැගිටල ඉඳල කවි අහන්න ආසාවට ඊයේ සෑහෙන්න නිදි මතකුත් තිබ්බ.

    කොහොමද උන ගතිය දැන්? යක්කල පොඩි රාලහාමිගෙන්ද, විද්යාලෙන්ද බෙහෙත් ගෙනාවෙ?

    ReplyDelete
  24. දැන් උඹේ උන හොඳද බං?

    ReplyDelete
  25. අඩේ මේකනම් පට්ට බං. මම මේ ලිපි පෙල හැමදාම බැලුව.
    අද තාමයි ඕං කොමෙන්ට් එකක් දාන්නෙ.

    ඔහොම යං හරේ....

    ටිං ටිං. :D

    -
    සරා

    ReplyDelete