10 February 2011

බස් පළුවන්ගේ කතාව...14

මේ සටහන් ටික ඒ කිව්වේ මේ බස් පළුවන්ගේ කතාව ගැන මම ලියන්න ගත්ත සටහන් ගොන්නේ අවසානය දැන් බොහෝම ළගයි..
කොහොමත් එක දිගට එකම දෙයක් ගැන ලියාගෙන යන එක මහා එපා වෙන වැඩක්..
ඒ හින්දා ඉක්මනට ඉවර වෙන තරමට මගේ හිතට හරි සැහැල්ලුයි...
ඒත් සමහර අවස්ථා වලදී ඉක්මනට ලියලා ඉවර උනාට පස්සේ..ආයෙමත් තව එකක් කියන්න බැරි උනා නේද කියලා හිතෙන වෙලාවළුත් නැතිවා නෙවෙයි..ඒ උනාට ආයෙත් ඒවා අස්සෙන් ගහලා දාන්න කියලයෑ..
ඒ හින්දා ඔන්න ඔහේ ඒක ඕන නැහැ කියලා හිත හදා ගන්නවා ඇර වෙන කරන්න දේකුත් නැහැ..අන්න ඒ හින්දා තමයි මේ තරංවත් හිමිහිට ලියන්න උත්සහ කරේ...

කොහොම උනත් දැන් මට ඉස්සෙල්ලට වැඩිය ඉඩ කඩ නිදහස තියෙන එකත් ලොකු පහසුවක් උනා මේ ලිපි ටික ලියාගෙන යද්දී..
ඒකට හේතුව මගේ ස්ථාන මාරුව...
දැන් ඉස්සර වගේ නැහීගෙන දගලන්න දෙයක් නැහැ...
උදේ අටට විතර ඇවිත් රාජකාරිය බාර ගත්තා..ඒ එක්කම වගේ ආයතන ප්රධානියා එනවා..ගිහිල්ලා කරමාන්තශාලාවයි කාර්යාලයයි ඇරලා දෙනවා...ඔක්කෝම දොරවල් හයයි... ඊට පස්සේ උදේ වැඩට එන හැමෝම එන වෙලාව සටහන් කරනවා...ඒකත් ඒ හැටි ගාණක් නැහැ..
සේවකයින් සහ නිලධාරීන් බොහෝම ටිකයි මෙතන ඉන්නේ...
අද ඔක්කෝම සේවක මහත්වරුන් 14 දෙනයි..
නිල මඩුල්ලේ උදවිය 09 දෙනයි.. ඒ කියන්නේ ඔක්කෝම විසි තුනයි...ආ තව පුහුණුව සදහා ආධුනිකත්ව මණ්ඩලයෙන් එවපු පොඩි කොල්ලෝ හතර දෙනෙක් ඉන්නවා...ඒ අය සටහන් කරන්න දෙයක් නැහැ..ඔච්චර තමයි ඔක්කෝම...කිසි අවුලක් නැහැ...

ඉතිං ඊට පස්සේ උදේට ගෙනාව දෙයක් කාලා ප්ලේන්ටියක් හදාගෙන ඒක බීලා කාරිය ඇදලා ගන්නවා ලැප් එක ඊට පස්සේ ඉතිං ඒක හරි බරි ගස්සගෙන දැන් මේ මම කරන වැඩේ කරන්න පටන් ගන්නයි තියෙන්නේ...

අතරින් පතර මොනවා හරි කාරණයකට එළියට යන කෙනෙක්ගේ යන එන වේලාව සටහන් තැබීමත්..ලියුම් ආවාම ඒ ටික ඊට අදාල පොතේ පිළිවෙලකට ලියලා ඒ ටික බාර දීලා එන්නත්..පොඩ්ඩක් එළියට බැහැලා වට පිටේ තත්වය ගැන ඇහැ දාන එකත් ඇරුනාම වෙන දෙයක් නැහැ...
........................................

හරි ඉතිං මෙතන ගැන කියන්න ගියාම කියන්න ආව දේ කියවෙන්නෙත් නැහැනේ...

දැන් මේ වෙන කොට කට්ටිය දන්නවනේ බස්පළුවෙක් හැටියට මම වැඩ කොරගෙන යන හැටිය...
අද තියෙන්නේ බස්වල ආදායම් තත්වය වගේම අපේ ආදායම් තත්වය ගැන තමා ඕං...

ඇත්තටම බස් රස්සාව කියන්නේ ඉතාම හොද ආදායම් මාර්ගයක්...
විදින දුක අනන්ත උනත්..ආදායම අතින් නං කිසි වරදක් නැහැ..
මම ගණන් හිලවු කියන්නේ අද පවතින තත්වයට අනුව නෙවෙයි..මොකද දැන්නං බස්වල යනවා හරි අඩුයි..මට මතක ඇති කාලෙකින් බස් එකක ගිහින් නැහැ..සමහර විට මං බස් එකක අන්තිමට ගියේ ගිය අවුරුද්දේ අප්රියෙල් වලද කොහේද..?

ඒ ඉතිං මට හරි ගිහිං නෙවෙයි..මොන දේටත් ඉතිං බයික් එකේම යන්න පුරුදු වෙලා දැන් බස් එකක යන්න හිතෙන්නේම නැති තරං
ඒකට හේතුව ඉතිං රස්තියාදුවට තියෙන අකමැත්ත..පැය බාගේ ගමනට පැය දෙකක් ගත කරන්න කවුද කැමති...ඒ හින්දා අද වෙනකොට බස් ගාස්තු ගැන මට ඒ හැටි අවබෝධයක් නැහැ..මං හිතන්නේ දැන් බස් එකක අවම ගාස්තුව රුපියල් හයක් හතක් විතර වෙනවා..ඒත් මං කියන කාලේ අවම ගාස්තුව රුපියල් දෙකයි..
මං මේ කියන්නේ එක්දහස් නවසිය අනූ හතේ අවුරුද්ද විතර කාලය ගැනයි.

ඉතිං ආසන්න වශයෙන් මං කියන ගණන් මිණුම් තුනෙන් විතර වැඩි කරලා ගත්තනම් අද තියෙන ගනන් වලට ගලපන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා...

මම මගේ වැටුපෙන්ම පටන් ගන්නං...
මගේ මුල්ම පඩි කවරේ මං ඇරලා බැළුවාම ඒකේ තිබුණා මට මතක හැටියට රුපියල් හත්දහස් අටසිය දහ අටක්..තව ශත ගාණකුත් තිබ්බා වගේ මතකයි...
ඒ මගේ ආරම්භක වැටුප..අද කාලේ හැටියට ගත්තොත් විස්ස පැනලා...
ඒ වෙනකොටත් මාසෙට රුපියල් දහ හත්දාහක් විතර ගන්න බස්පළු උන්නැහේලාත් හිටියා..

මං ඉතිං අළුත් එකා හින්දා අපිට ඉතිං මූලික වැටුප හෙම හුගාක් අඩුයි නෙව..
ඒත් ඉතිං මේ ගත්තු වැටුප මට හොදටම ඇති..හොදටම ඇති කියන්නේ මං ඒ පඩි කවරේ එහෙම්මම අරං ගිහින් බැංකුවේ දැම්මා...

මොකද මට ඒ වෙන කොට වියදං හුගාක් අඩුයි...ගෙදර තත්වෙත් කවර් කරගෙන..මටත් ජීවත් වෙලා පිරි මහගෙන වැඩ ටික කරගෙන යන්න එදිනෙදා හම්බ වෙන මුදල සෑහෙනවා...

දවස අන්තිමේදී ගනන් හිලව් බේරුවාට පස්සේ සෑහෙන මුදලක් අතේ ඉතිරි වෙන හින්දා ඒ තරම් අමාරුවක් නැහැ.

ඒ දවස්වල කෙටි මාර්ගයක සීයට හතරේ ටාගට් එක උපරිම වශයෙන් 2800 ක් වගේ තමයි..ඒත් මගේ කුරැණෑගල මාර්ගයේ 3400ක් විතර උනා...
ටාගට් එක යාන්තං කවර් කරලා තව සීයක් දෙසීයක් වැඩි උනානං ඇති හොදටම..හුගාක් අය කලෙත් ඒකයි..ඒත් මං හැමදාම හාරහසත් පන් දහසත් අතර මුදලක් කවුන්ටරයට බාර දෙනවා...
ඒ කියන්නේ උපරිම ආදායමක්..
ඒත් එක්කම මටත් රුපියල් දෙසීයක විතර ටාගට් මුදලක් හිමියි...
ඒ දවස්වල දවසේ කුලියට වැඩ කරන කෙනෙකුටත් හම්බ උනේ 150ක් 175ක් වගේ තමයි..ඉතිං මට මේ මුදල හොදටම ඇති කියන එක ගැටළුවක් නෙවෙයිනේ...

කෑම බීමත් වැඩි හරියක් නොමිලේ..ඉතිං බර සෑහෙන්න අඩුයි...

නියම බස් පළුවෙක් නං කළින් දවසේ කොච්චර මුදලක් ගෙදර ගෙනිච්චත් පහුවදා උදේට අතේ සතේ නැති එකෙක් වෙන්න ඕන..

උදේ පාන්දරම තේ එක සිගරට් එක ණයට අරගෙන හවසට ගණන් බේරන ජාතියක් තමයි බස්පළු උදවිය..බොහෝම අල්පයක් තමයි ඔය තත්වෙට වඩා වෙනස් උනේ..මාත් ඒ අතළොස්සක් අතර එකෙක්..

හැමදාම මම උදේට එදා වියදමට කියලා රුපියල් සීයක් වෙනම අරගෙන යන්නේ..
ඊට අමතරව ශත පණහේ කාසිවලින් රුපියල් තිහක් ගෙනියනවා..ඒ කියන්නේ කාසි හැටක්.

උදේ පාන්දරම මාරු නැහැ කියලා මිනිස්සුන්ගේ හිත් කිළිටි කරන එක මට යාදෙන වැඩක් නොවිච්ච හින්දාම පුරුද්දක් හැටියට ඔය ගාණ හැමදාම උදේට මගේ කලිසම් සාක්කුවේ අරගෙන යන එක මගේ අනිවාර්ය පුරුද්දක්...

හැබැයි සමහර වෙලාවට ඕක මදි වෙන වෙලාවළුත් නැතිවා නෙවෙයි..උදේ පාන්දරම සීයේ කොල පණහේ කොළ..විස්සේ දහයේ කොළ පෝලිමේ ආවොත් මං සල්ලි අච්චු ගහන්නයෑ..

ඉතිං කොහොම කලත් ඕය ශත පණහේ ඒවායින් දවස අන්තිමට ඉතිරි වෙන ගාණක් තියෙනවාමයි...
මම උපරිම විදියට ගනන් බේරුවත් දවසක අවසානයේ සෑහෙන මුදලක් ඉතිරි වෙනවා...

ඒහෙම ඉතුරු වෙන මුදල හැදෙන්නේ ප්රධාන වශයෙන් ශත පණහේ ඒවායින් විතරක් නෙවෙයි..
ඔය බොරැල්ල බම්බලපිටිය අතර යන අය එහෙම දන්නවා ඇති හුගාක් තද බද වේලාවට කොයි තරම් උත්සහ කලත් ටිකට් කඩන්න තියා සල්ලි ගන්නවත් වෙලාවක් නැහැ..
හුගාක් අය මේ හෝල්ට් එකෙන් නැගලා පුට් බෝඩ් එකේම ඉදගෙන රැපියල් දෙක අතේ තියලා බස් එකෙන් දඩි බිඩි ගාලා පැන ගෙන යනවා..ආයේ ටිකට් කඩනවා තියා ඒ මනුස්සයාගේ මුහුණ බලන්නවත් වේලාවක් නැහැ...

ඉතිං අන්න එහෙම ඉතුරු වෙන මුදළුත් අර ගොඩටම එකතු වෙනවා..
කාට හරි හිතන්න පුළුවන් ඇයි ඉතින් ඒ මුදල් ආයෙමත් මුළු මුදලට එකතු කරන්න පුළුවන්නේ කියලා..හැකි සෑම වෙලාවකම එහෙම කලත් සමහර විට සෙක්ෂන් මාරු වෙද්දී අපි එවෙලේට තියෙන මුදල වේ බිලේ යොදලා ඉවරයි..ආයෙම එකතු කරන්න ගියොත් පැටලිවිලි ගොඩයි..

කරන්න පුළුවන් බස් එක නවත්තගෙන පැය කාලක් විතර ඉන්නවනං..ඒත් එහෙම වෙලාවල් නැහැ..ඊ ළගට හදිසියේ හරි ටික්කෝ පැන්නොත් ඒ වෙනකල් වේ බිල හරියට ලියලද කියලා බලනවා..පස්සේ ගණන් හදලා දාන්න කියලා වේ බිල නියම තැනදී මාක් කරලා තිබුණේ නැත්තං ඒක අනිවාර්ය වංචාවක් බවට පත් වෙනවා..ඒ හින්දා නිතරම වේ බිල මාක් කරන්න ඕන...

ඊ ලග එක තමයි මං බුදු වෙලා නැහැ කියන එක...ඒ හින්දා ඉබේම වාගේ එකතු වෙන මුදල අමාරුවෙන් ගණන් හද හද ආයෙමත් අර මුළු මුදලට එකතු කරන්න තරංනං මං මහන්සි උනේ නැහැ..ඒත් හිතට එකගව එහෙම වාසියක් ලබන්න බලාගෙන මං කවදාවත් කටයුතු කරලා නැහැ..

මට ගෙදර ඇවිත් නිදා ගන්න ගියහම මට හිතට දැනෙන්න ඕන මං හිතා මතා වංචාවක් කලේ නැහැ කියන එක..මං ඒ මට්ටම තියා ගන්න හැමදාම වැඩ කලා..උපරිම විදියට මගීන්ට වංචාවක් නොකර සතේට ගණන් බේරලා..හැකි උපරිම විදියට ටිකට් කඩලා ඒ ආදායම ඩිපෝවට ලබා දුන්නා...

ඒ හැම දේමත් කරලා අන්තිමට තවත් ඉතිරි වෙන එකට මට මාව වැරදි කාරයෙක් කර ගන්න ඕන උනේ නැහැ.

ඉතිං ඔය හැම දේටම අනුව දවස අවසානයේ ජීවත් වෙන්න අවශ්‍ය මුදල මට ඉතුරු වෙනවා..වැඩියත් එක්ක...

ඉතිං මට ටාගට් මුදල හැටියට රුපියල් දෙසීයක් හා තවත් අමතරව රුපියල් සීයක් දෙසීයක් තියෙනවා

සමහරු දවසට දහා පන්නලා ගෙදර යන වග මම ඒ වෙනකොට දැන ගෙන හිටියත් ඒ වගේ මුදලක් කවදාවත් මං උපයන්න උත්සහ කරලා නැහැ..

ඔය මුදල මම හැමදාම වෙන් කර ගන්න විදියකුත් තියෙනවා...
ඒ තමයි ශත පණහේ කාසි වලින් රුපියල් තිහක්..කොළ වලින් සීයේ කොල දෙකක්..එයින් එකක් ගෙදරට අනික මගේ පහුවදා වියදමට...අනිත් හැම මුදලක්ම රුපියල් පහේ කාසි වලින්...

ඉතිං රෑට ගෙදර යද්දී මගේ සාක්කු පහේ කාසි වලින් බර වෙලා...

ගෙදර ගිහින් ඔය කාසි ටික මගේ ඇද අයිනේ ජනෙල් පඩිය උඩින් පිළි වෙලකට අහුරනවා...ඒ ජනේලය කවදාවත් ලේසියකට අරින එකක නෙවෙයි..ඒ හින්දා ආරක්ෂාව ගැන ගැටළුවක් නැහැ..කාමරේ තිබුණු අනිත්
පුංචි ජනේලේ තමයි මං නිතරම ඇරලා තියන්නේ...

ඊ ළගට ඉතිං මගේ කාමරේ හැමදාමත් වහලා තියන්න මං පුරුදු වෙලා හිටියා...
මං ඇරුනම කවුරුවත්ම ඒකට යන්නේ නැහැ...මං ගෙදර නැත්තං නිතරම ඒක වහලා..යතුර නිතරම මගේ සාක්කුවේ..අනිත් යතුර ගෙදර තියලා තියෙන තැන දන්නේ මායි තාත්තයි විතරයි..ඒත් තාත්තවත් කවදාවත්ම මං නැති වෙලාවට ඕක අරින්නේ නැහැ...
මල්ලි උනත් කවදාවත්ම මගේ දේවල් වලට අත තියන්නේ නැහැ..මිනිහට මොනවා හරි ඔන උනාම තාත්තට කියනවා..මටත් ඇහෙන ගාණට...ඉතිං ඒ ඕන කරණ ගාන මම කොහේ හරි යන්න කලින් සාලේ ටීපෝ එකෙන් තියලා යනවා කියලා ඌ දන්නවා හොදටම..මං ආපහු එනකොට සල්ලි එතන නැහැ..
ඉතිං ඌ මගෙන් අරගෙනත් නැහැ..මං ඌට දීලත් නැහැ...
ඒ වගේ තත්වයක් උඩ මෑන් මගේ සාක්කුවලට බහින්නේ නැහැ කවදාවත්ම..ඒ හින්දා ගෙදර ආරක්ෂක තත්වේ බොහෝම හොදයි

ඔන්න ඔය වගේ තත්වයක් මැද ඉතිං මගේ පහේ කාසි එකතුව බොහෝම ජයට නැගලා ගියා..සමහර දවස්වලට ඕවා අහුර අහුර ඉන්න බැරි තරං මහන්සි දවසට මගේ ඇදේ මෙට්ටෙ කවරෙ තිබුණු සිදුරකින් දානවා මෙට්ටේ ඇතුලට..නිදා ගන්න පැත්තට නෙවෙයි අනිත් පැත්තට..

ඉතිං ඔන්න ඔහොම තමයි ඒ දවස්වල ආදායම නිතරම ගෙදර වියදමට අර මං ගේන රුපියල් සීයක් වගේම අර පහේ කාසි වලිනුත් වියදං කලා...හැමදාම ඉරිදාට නිවාඩු දවසට මං පොලේ යන්න ඕන..ඒ ගිහින් ගෙදරට ඕන හාල් තුන පහ එළවළු හැම දෙයක්ම ගෙනත් දාන්නේ මම..ඒවාට අර මුදල් පාවිච්චි කරනවා..

ඒත් අන්තිමට මං බස් කරුමාන්තෙට ආයි බෝං කියලා ගෙදර හිටි මාස හය රෝල ගහගෙන ජීවත් වෙන්න තරං මට අර පහේ කාසි කන්ද උදව් උනා කිව්වොත් ඒක තමයි ඇත්ත...

මට මේ ළගදී අපේ කතන්දර මහතැන් ලියාපු පහේ කාසි කතන්දරේ දැක්ක වෙලාවේ තමයි මටත් ඔය කතාව ලියන්න මතක් උනේ..ඔන්න ඉතිං පහේ කාසිවල වටිනාකම..

රියදුරු මහත්තයාටත් අර මට වගේම ටාගට් මුදලයි කෑමට නවත්වන කඩෙන් යනකොට එනකොට දෙන මුදලයි හිමියි..ඒ මුදලින් අපිට සතයක්වත් ලැබෙන්නේ නැහැ..ඊට අමතරව ඉතිං අතර මගදී බුලත් විටක්..සිගරට් එකක් තේ එකක් බොද්දිත් මගේ අතින් තමයි දෙන්නටම ගෙවන්නේ...

කොහොම උනත් අපි දෙන්නම එක හා සමාන මුදලක් හැමදාමත් ගෙනියනවා...

.............................................

ඔය මගේ අත්දැකීම්..මීට අමතරව..මැෂින් එකෙන් වංචා කරනවා කියලා කිව්වට මංනං ඒ ගැන හරියටම දන්නේ නැහැ...මං කවදාවත් ඕකට අත තියන්න ගියේ නැහැ..
ඒ වගේම තමයි ටිකට් පොතෙන් කඩද්දී කාබන් එක නොතියා ලියලා..පස්සේ ටිකට් කොපිය කාබන් එක තියලා අඩු ගණන් වලට ලියලා කරන වංචාවන් එහෙමත් තියෙනවා..ඒ වගේම දුර ගමන් වාර වලදී බස්පළු උන්නැහේ ළගින්ම ඉන්න මගීන් කිහිප දෙනෙක්ට ටිකට් නිකුත් නොකර යෑම වගේ දේවලුත් තියෙනවා..හදිසියේ හරි ටික්කෝ පැන්නොත් අර අයට දඩි බිඩි ගාලා ටිකට් කඩනවා.. නැත්තං ඉතිං ඒ ටිකට් වලට අදාල මුදල මාටියා තමයි...

ඒ වගේම ඔය එළවළු ගෝනි වගේ දේවල් පටවද්දී ඒවාට අඩු ගණන් දාලා ටිකට් කඩලා නියම්ත මුදලම අය කිරීම..මොකද ඒවාට ගාස්තු නියම කිරීම බස්පළු උන්නැහේට කරන්න වෙන්නේ බර බලලා නෙවෙයි පිටින් බලලා තමයි..ඉතිං ඇග බේරෙන විදියට ඒ දේ කරන්න පුළුවන්..ඔන්න ඔය වගේ ක්රම කිහිපයක් හරහාම අයථා ආදායම් උපයන්න හැකියාව තියෙනවා..

මේ හැම දේටම වඩා තවත් කෙරෙන දේවල් තමයි..ඩීසල් ඇදීම...ඒ දේ කරන අයත් අතරින් පතර ඉන්නවා..

ඔය හැම දේටම වඩා හෙන ගහන අපරාදත් බස් කරුමාන්තෙදී අහන්න ලැබෙනවා..ඒකටනං හැබැයි හුගාක් අය සම්බන්ධයි..ඒ තමයි බස්රථවල කොටස් මාරු කිරීම..ඒ දේටනං ඔය ඉංජිනේරු අංශවලත් සපෝට් එක ඕන කරනවා..එහෙම නැතුව රියදුරාට බස් පළුවට ඕන හැටියට ඒවා කරන්න බැහැ...
මොකද ඔය හයි කරලා තියෙන හැම කෑල්ලක් ගැනම නියම වාර්ථාවක් උන්නැහේලා ලග තියෙන හින්දා...
ඉතිං ඒකට ඒ අයගෙත් සහය තියෙන්න ඕන..
එදිනෙදා කීයක් හරි මාටියා ගහනවාට වඩා කන්න හම්බ කරගන්න බස් එකට එහෙම අපරාධයක් කරන්න හිත හදා ගන්නේ කොහොමද කියලා තමයි හිතා ගන්න අමාරු..ඒත් ඉතිං ඒවගේ දේවළුත් නොකෙරෙනවා නෙවෙයි..
ඉතිං ඔන්න ඔය වගේ දේවල් තමයි අහන්න දකින්න ලැබෙන වංචාවල්...

හරි දැනට මේ ඇති...
ඊ ළග කතාවෙන් අපි බලමු මංතුමා ඒ අපූරු බස්පළුවාගේ රාජකාරියෙන් සමු ගන්නා ඒ හිනායන හේතුව..
සුළු සුළු හේතු හුගාක් තිබ්බත්...ඒකට ඇත්තටම මුල් උන හේතුව දන්නේ මාත් තාත්තාත් විතරයි...
ඒක තමයි මං ඊ ලගට කියන්නේ...මොකක් කියලාද හිතන්නේ..?
හරියට උත්තරේ දෙන්න පුළුවන් කෙනෙකුට තෑග්ගක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා ඕං...මං දෙන තෑගි ගැන දන්න අය ඉන්නවනේ...හරි එහෙනං උත්සහ කරලා බලන්න...

මාරයා තුමා බස්පළු රැකියාවෙන් ඉවත් වූ හේතුව කුමක්ද..?
අන්න ඒක තමයි ගැටළුව...

කට්ටිය ජාතක කතා එහෙම අහලා තියෙනවද..?

27 comments:

  1. මචං උඹේ කලිසම පැලුනා නේද සෙනග මැද්දේ.. ඇත්ත කියපං...

    ReplyDelete
  2. මං නං හිතන්නෙ අනිවාර්යෙන් කෙල්ලෙක් සෙට් වෙන්න ඇති.

    අද කතාවත් නියමයි. හොදම දේ තමයි මාරයගේ කාමරේ සහ පහේ කාසි ගැන කරල තියෙන විස්තරය. (බුද්ධිට චිත්‍රයක් අදින්නනං නියමයි මාරය පහේ කාසි පිරිවරාගෙන කාමරේකට වෙලා ඉන්නව)

    ReplyDelete
  3. ම්...මේකටනම් මට කීප සැරයක්ම කමෙන්ට් කරන්න වෙයි වගේ.ජාතක කතා ඉගිය බස් පළු රස්සාවෙන් ඉවත් වීමට හේතුවට සම්බන්ධද?ඔය තමන්ගෙ කේන්දරේ පල අපල තමන්ට පේන්නෙ නැහැ කියල කතාවක් තියෙනවනේ.ඉතින් මාරයාගේ තෑගි අපිටත් වටිනවා.තව පොඩි ඉගියක් දෙන්න බැරිද?

    ReplyDelete
  4. "නියම බස් පළුවෙක් නං කළින් දවසේ කොච්චර මුදලක් ගෙදර ගෙනිච්චත් පහුවදා උදේට අතේ සතේ නැති එකෙක් වෙන්න ඕන"
    මෙයින් කියන්නේ බහුතරයක් බුවාල නාස්ති කරනව කියලද?

    අදාල නැති උනත් මෙව්වයි වගේ නොහා හිටියොත්: මාරය, මල්ලිත් එක්ක පොඩි කාලෙ ඉඳලම කථා බහක් නැතිද?

    හිතාගන්න බැහැ ඇයි එක පාරටම අයින් උනේ කියල......

    ReplyDelete
    Replies
    1. මම අහල තියෙන විදිහට දවසට අතට ගාණක් එන බොහෝ දෙනෙක් ඔය වගේ..

      Delete
  5. හේතුව දේශපාලන හේතුවක් නෙමෙය් කියල හිතන්න අමාරුය්. ඒක එහෙම නෙමෙය් වුනත්,මම එහෙම කිව්වෙ ඇයි කියල වෙන කාටවත් බැරි වුනත්,මාරයා මල්ලිට පුළුවන් හිතාගන්න.

    ReplyDelete
  6. මම නං හිතන්නේ ඕක ජාතක කතාවකට සම්බන්ධ ඇති. මාරයා ඉඟියක් නෙ දීල තියෙන්නේ.
    නමුත් මට නම් හිතා ගන්න අමාරුයි
    කුකුල් කේන්ති කාරයා හින්දා වලියක්වත් දාගන්න ඇති කියලයි මුලදි හිතුවේ.
    අර ඉඟිය නිසා ඒක වෙනස් වුනා.

    ReplyDelete
  7. ඉතින් කල්පනා කරපියව්කො .. තාත්තල පුතාල සම්බන්ධ ජාතක කතා ටික ඉක්මණට.

    ReplyDelete
  8. Kush...

    චිකේයියා..කියන කතා..
    මොකෝ මචං හිතුවද එහෙම උනාම මට ලැජ්ජයි කියලා...
    මොන පික්ෂුද මගේ ලැජ්ජා නහරෙ පෙ‍කණි වැල කපද්දී ඒකටම අහු වෙලා කැපිලා තියෙන්නේ.
    ඒ හින්දා කලිසම පැළුනා නෙවයි ගැලඋනත් මයේ මොකෝ..
    ඔන්න අනිත් අයටනං ලජ්ජා හිතෙන්න පුළුවන්..ඕකත් මහ දෙයක්යෑ..හිහ් හිහ්...

    ReplyDelete
  9. Praසන්ன...

    චැහ්..එතනටත් කෙල්ලෙක් ගෙනල්ලා..
    හිතුවොත් ඔහොම එකක් තමයි...

    අම්මපා බුද්ධියගේ ඇදිළි ගැනනං කුමන කතාද..ඔනනං අර අභීතයගෙන් අහල බලමු..උගේ චිත්තරයෙයි මගේ කාමරයෙයි තියෙන වෙනස්කං මොනවද කියලා...
    අර ඇද යට දර්ශනේ විතරයි..

    ReplyDelete
  10. ෂුවර් එකටම මාරයාගේ නොනවතින කෑමේ හෝරාව ගත කරනකොට, ඩ්‍රැයිවර් තුමා මල පැනලා මාරයා නැතිව බස් එක අරගෙන ගිහිල්ලා..

    ReplyDelete
  11. JHOTHISHALANKA...

    හහ් හහ්..මොනවා නැතත් තෑග්ගනං කල් ඇතුවම තේරුං අරන් වගේ...

    ඉගියක්..නේද..?හ්ම්ම්..අනේ මන්දා ...
    මේකට ඉගියක් දෙන එක ගැනත් කල්පනා කොරන්ට වෙනවා සෑහෙන්න...
    කල්පනා කොරන්ට ගිහින් ආයෙමත් ඒකම වෙයිද දන්නේ නැහැ..
    මේ රස්සාවත් නැති වෙන වැඩක් ඒ..

    ReplyDelete
  12. Heeniyata...

    නාස්තියත් එහෙමම තමයි..ඒකට හේතුව හුගාක් දුරට අසාධාරණ සල්ලි රදන්නේ නැති කම වෙන්ට පුළුවන්...
    කොහොමටත් බස්පළුවන්ගේ වියදම වැඩියි..ඇයි ඉතින් අද වියදම් කලාට හෙට අතට ෂුවර් එකටම සල්ලි හම්බ වෙනවනේ...

    අපෝ මල්ලිත් එක්ක කතා නොකර කොහොමද..අපි දෙන්නා හොදට කතා බහ කොරලා උන්නා..අන්තිම වෙනකල්ම...

    ඒත් අර සිස්ටම් එකෙන් ඌට වාසියි..ඇයි මා ලග ඇඹරෙන්ට ඕන නැහැනේ..ඌට උගේ තත්වෙත් ආරක්ෂා කොරගෙන උගේ වැඩෙත් ගොඩ දා ගත්තෑකි..
    මටත් ඉතිං වෙන දෙන්ට එකෙක් ඉන්න එකක්යෑ..?

    ReplyDelete
  13. Observer...

    නැහැ, ඇත්තටම දේශපාලනය ගෑවිලාවත් නැහැ..ඒ හේතුවට..

    අයියා කියන දේ මම දන්නවා..නමුත් වර්ජනේ අස්සේ ගියා කියලා මට කාගෙන්වත් වචනයක්වත් අහන්ට උනේ නැහැ..මොකද ඩිපෝ එකේ හිටිය හුගාක් වැඩිහිටියන් අපේ තාත්තාව හොදින් දන්න අදුරන අය..තාත්තාට තිබුණු සැලකිල්ලත් මගේ වෙන කියන්න තරං වරදක් නොතිබුණු හින්දත්..මම ඇතුලේ කිසිම දේශපාලනයකට නොගිය හින්දාත් ඒ අතින්නං කිසිම ගැටළුවක් උනේ නැහැ මට...

    ReplyDelete
  14. kumaraya...

    තාත්තලා පුතාලා...හෙහ් හෙහ්..එකක් නං ඉගියක් තමා..අනිකනං ඉගියක් නෙවෙයි ඕං..

    වලි..අනේ එහෙමට වලි දාගන්නේ නැහැ..ඔය ඉදලා හිටලා වලියක් පොලියට ගත්තොත් මිසක්...
    දැන්නං එහෙමත් නැහැ...

    ReplyDelete
  15. දුමී...

    ඔන්න ඔන්න දුමී අංකල්ට කේන්ති ගිහිල්ලා..ආ හරි හරි අද මුකුත් නැති එකේ පුස්නේ නේද...

    හා හා ගණන් ගන්ට කාරියක් නැහැ..කොස් හට්ටියයි කිරි හොද්දයිවත් මතක් කොරගන්ටකෝ...

    ReplyDelete
  16. බස් පලුවන් ගේ කතා 100ක් ඉක්මවීමට හැකි වෙවේයි පතමි...අපි පොඩි පොත් පින්චක් ලියමු මාරයියේ..

    සී.ටී කුමාර රචිත බස් පළුවන්ගේ කතාව......
    කොහොමද නම එහෙම...ඉකේයියා නෑ නේ.....හික්....

    ReplyDelete
  17. රත්ගමයා...

    100ක්..බොලාට පිස්සුද..?
    හෙට 15න් මේක ඉවරයි...
    හියෑහ්...

    ReplyDelete
  18. මොකක්ද බොලේ බස් සම්බන්ධ ජාතක කතාව..?? මහා බස් පළු ජාතකය ද..?? අනේ මේ, අගේ නොකර ඔන්න ඕක කියලා දාහං බං.. :)

    ReplyDelete
  19. රස්සාව දන් දුන්න වත්ද?

    ReplyDelete
  20. අනිවා .. මෙච්චර කල් උඹ ඇන ගත්තේ කෙල්ලෝ නිසානේ... උඹ CTB එකෙන් අයින් වුනෙත් ගවුම් කෑල්ලක් නිසා වෙන්න ඕනෙ...

    ReplyDelete
  21. මං මේ පන්සිය පනස් ජාතක පොතේ පිටු පෙරලනවා තාත්තල-පුතාල
    ඉන්න ජාතක කතා ටික වෙන් ‍කොරගන්න! :D

    ReplyDelete
  22. පොඩි සල්ලි ඔච්චර ගොඩක් පටවගෙන යනකොට කලිසම බහින්න හැදුවේ නැද්ද ?

    මාරේ අයියා ලියලා තියන විදිහට ඔය කාලේ ඔයා අරිෂ්ඨය පාවිච්චියක් නෑ වගේ ..ඒකනේ මුලු පඩියම ගෙහුං බෑංකුවේ තැම්පත් කරේ .....

    මාරේ අයියේ ඔයාගේ බයික් එකේ වර්ගෙ මොකද්ද ?

    ReplyDelete
  23. @Buratheno...
    @තාරක Dilsh@n...
    @prasanna86k...
    @kombuwa ...

    තරගය අවසානයි..ජයග්රහකයින් නොමැත..

    ReplyDelete
  24. හිස් අහස...

    ආ මම ඒ ජොබට හරියන විදියටම තමයි කලිසං එහෙම මස්සවලා තිබුනේ..ඒ හින්දා අවුලක් නැහැ..

    පබාන්නේ නැතිුව නෙමෙ බන් බොන්නවත් වෙලාවක් නැහැ...

    බයික් එකනං බජාජ්..
    හැබැයි දැන් ඒ වර්ගේ එන්නේ නැහැ..පුංචි බයිසිමොටෝ එකක් මල්ලියේ..

    ReplyDelete
  25. කැතයි හොදේ
    මෙච්චර ඉක්මනින් තරගෙ ඉවර කරෙ මොකද

    මම නම් හිතන හේතු 2ක් තියනව
    1. ටික්කො පනින මොහොතක මාර තුමාට නින්ද ගොස් තිබීම

    2. ඉතුරු සල්ලි හෝ වෙනත් ගැටලුවකට ගැහැනියක් සමග වලියක් දා ඝනීම

    අයියෙ මම දිනුවත් නැතත් මට උඹෙන් ලොකු උදව්වක් නම් ඕනි

    ReplyDelete
  26. මොකද සල්ලි පහේ කාසි වලින්ම එකතු කොරේ?

    ReplyDelete