11 February 2011

බස් පළුවන්ගේ කතාව...15

හරි..ඕන්න යාංතං අපි එක කතාවක අවසානයට ඇවිත් තියෙනවා...

මං හිතන්නේ මං ලියාපු කයි කතන්දර වලින් මොන විදියකින් හරි ඉවර කොලේ මේ කතාව විතරමද මංදා..

ජුං අලයා තාම හිච්චි එකා සංදියේ...
පන්සල තාම අනාථ අවදියේ..
බණ කතා..හපොයි ඒවා මෙතේ බුදුන්ගේ කාලෙටවත් කියයිද මංදා..

මේ හැම එකක් අස්සෙම තමයි මේක ලියන්ට ගත්තේ..අදවත් ඉවර කොරන්න උනොත් ලොකු දෙයක්..
ඒ අස්සේ මේ වැපාගේ බස් එකෙත් එල්ලිලා නෙව ඉන්නේ..

මේ බස් කතා ලියන්ට හේතු වෙච්ච මූලිකම කාරැණාව තමා වැප් ගොයියා..උන්දැගේ බස් සතියට සමගාමීව තමයි මේක පටන් ගත්තේ..
ඇත්තටම බස් කෙරුවාවා..ඒ කිව්වේ මේ ගූගල් බස් කෙරුවාව හින්දා බ්ලොග් කරුමාන්තේ අභාවයට යනවා වගේ පෙනිච්ච වෙලාවක බස් එක හරහාම බ්ලොග් වලට තල්ලුවක් දෙන්න වැප් ගොයියා කරපු වැඩේ බොහොම සාර්ථකයි මං හිතන විදියටනං..

අනිත් ඒවා කෙසේ වෙතත් අඩු ගානේ මං වත් ඒකෙන් ටිකක් එක පාරකට වැටුනා...

ඒ වගේම තමයි අපේ කතන්දර උන්නැහේගේ පහේ කාසි කතන්දරේ..අන්න ඒ වේලාවෙත් මට ඔය බස් කතා මතක් උනා..
ඉතිං ඒ දෙකතුනම එක්කාසු කොරගෙන තමයි මේ බස් පළුවා කතා කියන්ට පටන් ගත්තේ..

කොහොම උනත් මහ බස් පළුවා..ඒ කිව්වේ මයේ අප්පුච්චාගෙන් පටන් අරං මගේ ගාවට ඇවිත් දැන් ඒ බස් කරුමාන්තෙන් මාත් අහක් වෙච්ච ඒ අපූරු හේතුව කියලා මං මේක අහවර කොරන්ටයි සූජානම...

ඒත් ඉතිං මං ඊයේ කට්ටියට තෑගි දෙන්ටත් බලාගෙන ඔය හේතුව හොයන්ටයි කියලා කිව්වට මොකද මේ වෙනකල් කිසිම පුතයෙක් මට ඕකට නිවැරදි පිළිතුර දුන්නේ නැහැ නෙව..

නැත්තං ඉතිං නොමිලේම කේන්දරේ විතරක් නෙවෙයි අතත් බලා කියාලා දෙන්ටයි මං හිතං උන්නේ..
කොහෙද ඉතිං ඒ වැඩේ කාටවත් මීටර් උනේ නැහැ..
ඒ හින්දා ඒ අවස්ථාව මේ ලිපිය පළවූ මොහොතේ ඉදලා අවලංගුයි...ඕං කිව්වා..

.......................................

කොහොම හරි දැන් මාස ගාණක් මං මේ බස්පළුවෙක් හැටියට රස්සාව කොරගෙන යනවා...
හැමදාමත් කියන්නැහේ..උදේ පාන්දර නැගිටලා... ඩිපෝවට ගෙහුං රාජකාරි බාර අරං..උදේම පාසල් සේවය කිරියාත්මක කොරලා..ඊ ළගට ඩිපෝ ඇවිල්ලා..
ආයෙමත් කොළඹ ගෙහුං..
ඊට පස්සේ කුරුණෑගල බලා ධාවනය..
ආයෙමත් හවස් අතේ කුරුණෑගල ඉදලා කොළඹට ලෝඩ් එකත් අරං ඇවිත්..
අන්තිමටම කොළඹ ඉදලා ඩිපෝවට එනකල් බරපතල ලෝඩ් එකකුත් ගහගෙන එනවා...කට කපලා..
ආදායම ඉතිං බොහෝම සරුයි..පන්දාහට අඩු වෙන්නේ එහෙමත් දවසක තමයි..

ඊට අමතරව සෑම සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අමතර සේවාවන් හිටන් වැටෙනවා..
ඒ කියන්නේ සිකුරාදා කුරැණෑගල ගෙහුං ආවාට පස්සේ ආපහු ඩිපෝ එනවා බොරු..

එහෙමම දානවා රාත්තිරි සේවාවක්..එක්කෝ මාතර නැත්තං නුවර...
ඈත පළාත්වල යන උදවියට..
අනේ ඉතිං පාං කියා ගන්න බැරුව ඉන්න අපි පලයංකෝ..

ඒ ගමන එන්ට වෙන්නේ පහුවදා පාන්දරට තමයි..ඒ ඇවිත් ආයේ ගෙදර එන්න නැහැ පැය දෙක තුනක් බස් එකේම නිදා ගන්නවා..
විවේක කාමර තිබුනට ඒවායේ ඇදන්වල මකුණෝ පිරිලා..එක දිගට දවස් තුනක් ඒවායේ නිදා ගත්තොත් ඊ ළගට නීරක්තිය වගේ ලෙඩක් ෂුවර්...ඒ හින්දා අමාරැවෙන් හරි මදුරු කොයිල් එකකුත් පත්තු කොරං බස් එකේ පිටි පස්සේ සීට් එකේම ඇල වෙනවා...

පහුවදාට උදේ පාසල් සේවය නැති හින්දා බස් එක හයට පාරට දාන්න ඕන නැහැ..ඒත් අට වෙනකොට පාරට දාන්න ඕන ආයෙමත් කොළඹ යන්න..
ඒ ගියාම අනිවාර්යයෙන් අපිට සෙට් වෙන්නේ හැටන්..නුවර..මාතර..අනුරාධ පුරේ එහෙම තමයි...එහෙමත් දවසක තමයි කුරුණෑගල යන්න වෙන්නේ..ඉතිං එදාට ආපහු එනකොට රෑ දෙකවත් වෙනවා...
දවස් දෙකකින් හරි හමන් නින්දක් නැතිව ඉන්න හින්දා කීයට ආවත් නිදි මරගාතෙම ගෙදරට පදිනවා..
ඒ ඇවිත් කොහොම නිදා ගත්තත් ඉරිදා අනිවාර්යෙන් මම පොලේ යන දවස..
උදේ නවයට දහයට විතර නැගිටලා ඒකත් කරනවා..
ආයෙමත් නිදියනවා...
ඉතිං ඉරිදත් ඉවරයි..ආයේමත් වැඩ..

ඒ අතරේ තව ගැටළු..
අර ටිකට් මැෂින් එක අල්ලගෙන ඉන්න ගිහින් ඒකේ බරටයි..ඒ මදිවට ඒකේ තියෙන ඇණ වගයක් අතට තෙරපීම හින්දයි අතේ කැක්කුමක් අල්ලන්ටත් තියා ගත්තා...
ඒකටත් ඉතිං බෙහෙත් එහෙම ගත්තා..ඒත් උදේට අත හිරි වැටෙනවා..ඒ එක අවුලක්..

ඊ ළගට ඉතිං පැණි පෙරන වයස නෙව...
ඒ කාලේ ඉතිං සෑහෙන දවසක ඉදන් පෙරුමන් පුරන දැරිවියක් හිටියා නෙව..
නිකං ඉන්න දවස්වලට මං ඉතිං එයාලැයි ගෙදරම තමයි පදිංචිය..මොකද උන්දැගේ අයියණ්ඩි මගේ ප්රාණසම මිත්තරයා..ඌට ඉතිං මොන දේටත් මං නැතිව බැහැ..මේ රස්සාව හින්දා මට ඒ අහ යන්ට වෙලාවක් ඇත්තෙත් නැහැ..

තුන් වැනුව..
මගේ රස්තියාදු ජීවිතේට සම්පූර්ණම තිත..ඒ මදිවට මැච් එකක්වත් බලන්ට විදියක් නැහැ..
ආසාවට බැට් එකක් අතිං අල්ලන්ට තියා ක්රිකට් ගහන අහල පහලකින් යන්ට හැටියක් නැහැ..කොල්ලෝ ටිකත් අනාථ වෙලා..ටීම් එක සී සී කඩ..අමාරුවෙන් ගොඩ නගාපු දේවල් ඔහොම වෙනවා කාටද අප්පා උහුලංට පුළුවන්...ඒ මදිවට හැම සෙනසුරාදාම ගම්පහ හරි කිරිබත්ගොඩ හරි ගෙහුං බලන නවයයි තිහේ ෂෝ එක..
මේ හැම දෙයක්ම දැන් මට අහිමි වෙලා..

ඒත් ඉතිං මං මේ හැම දෙයක්ම හිතේ තියාගෙන කොහොම හරි රස්සාවත් කොරගෙන ඉන්නවා...

ඔන්න ඔය අතරේ තමයි මං කියන මේ අපූරු සිද්ධිය සිද්ධ උනේ...
දවසක් දා පාන්දර මං වැඩට යන්න ලක ලෑස්ති වෙලා කණ්නාඩිය ඉස්සරහට වෙලා ඔළුව පීරනවා..

මොකක් නමුත් අමුතු දෙයක් මට පෙනිලා නොපෙනිලා යනවා මම දැක්කා..ඒත් මට ඒ ගැන හොයන්න වෙලාවක් තිබුනේ නැහැ..මං වැඩට ගියා..ඊට පස්සේ ආපු ඉරිදා දවසේ මම නිදහසේ ගෙදර ඉන්න ගමන් අර එදා පාන්දර දැක්ක අමුත්ත මතක් වෙලා ආයෙමත් ගියා කණ්නාඩිය ලගට...පනාවත් අරගෙන..
ටිකක් බැළුවා එහෙට මෙහෙට පීරලා...

හත් දෙයියනේ...ඇත්ත නේන්නං...
කළු පාටට ලෂ්ෂනට තිබුනු මගේ කෙස් වැටිය අෂ්ෂෙන්..රිදී පාටට එකම එක කෙෂ් ගෂක් වැජඹෙනවා...

දෙයියනේ...තාම වයස 18යි...තවම පෙළවහක් කොර ගත්තෙත් නැති ගැටයා වෙච්ච මයේ ඉහේ කෙස් ගහක් ඉදිලා...කාට කියන්නද..?
ඒත් මං හැකි ඉක්මනින් කිව්වා තාත්තට...
තාත්තත් බොහෝම උනන්දුවෙන් බැළුවා...

ඇයි බං මහ රෑ දෙකට තුනට නාද්දී ඔහොම නොවී තියෙයිද..?

ඒ තාත්තාගේ නිගමනය...

නැතිව ඉතිං නාන්නේ නැතිව නිදා ගන්ට පුළුවන්ද දවසම දූවිලි කාලා..
මේ රස්සාව කරනතාක් කල් මට නාන්ට වෙන්නේ ඔහොම තමා..

අන්තිමට මම කල්පනා කොලා...

රස්සානං ඕන තරං හොයා ගත්තෑකි..හත් දෙයියනේ..එහෙමද කෙස්ස පැහුනොත් පරස්ථාවක්..?

බුදු සන්තෝ..තාත්තේ ඒ රස්සාව කොලා ඇති...

හුම් හුම්..උඹේ කැමැත්තක්..මොනවා උනත් උඹ ඔහොම හරි මං කොරපු එක කොලානේ...

අන්න එහෙමයි මගේ රස්සාවට තිත තියන්න උනේ..
මායි තාත්තයි ඇර කවුරුවත් හරි හේතුව දැනං උන්නේ නැහැ..
මොකද හැමෝටම කියන්නයෑ මගේ කෙස්ස පැහෙන්න එනවයි කියලා..
ඒ හින්දා ඔය මොන මොනවා හරි වැලු බයිලා ගගහා හිටියා ඒ ගැන අහන හැමෝටම..දෙන්න උත්තරද අපිට නැත්තේ...

..........................................

මඛාදේව රජ්ජුරුවෝ..සුදු කෙසක් දැකලා රජකම අතහැරලා කැලේට ගිය එකේ..
මට බැරිද රස්සාව අත ඇරලා ගෙදර යන්න...හිහ් හිහ්...

18 comments:

  1. ඉතින් කොරගත්තැයි පරස්තාවක්? මාරයා පරස්තාවක් කොරගන්න ගිහින් වෙච්චි අකරතැබ්බ ඊලඟට බලාපොරොත්තු වන්න !!

    ReplyDelete
  2. නර කෙසක් දැකල හරි ඒකෙන් අයින් වෙච්ච එක නම් හොඳයි. නැත්තම් ඉසේ කෙස් ටිකත් ලංගමේට තමා අන්තිමට.

    ReplyDelete
  3. දැන් ‍ඒ සුදු වෙච්ච කෙස් ගහ කඵ වෙලාද?
    ඉස්සෙල්ලාම කෙස්ගස් සුදු වෙනව දැක්කම මටත් ඔහොම දැණුන මම ඉවරයි කියල. ඒත් පස්සෙ කල්පනා වුණා කඵ පාටට වඩා සුදු පාට ලස්සනයිනෙ කියල.

    ReplyDelete
  4. මෙලෝ ජගතෙක් හිතන්නෙවත් නැහැ ඒ හේතුව නම් බස් පලු රස්සාවන් අස්වෙන්න.
    මාරයා අහල ඇති ලංගම සුප්‍රසිද්ධ කතාවක් තියනව, නාකි වෙනකම් ලංගම හිටපු එවුන්ට අන්තිමට ඉතුරුවෙන්නෙ "ලබ්බය් තට්ටෙය් " විතරය් කියල.

    ReplyDelete
  5. අඩේ බලාගෙන ගියාම මාරෙ අයියත් මඛාදේව රජ්ජුරුවන් ගෙ පරම්පරාවෙ පොරක් නෙ.

    ReplyDelete
  6. ඔය වගේ පොඩි දේකට රස්සාවක් අතහරී කියල කවුද බොලේ හිතන්නෙ....

    ReplyDelete
  7. මු නං මාරයෙක්ම තමයි.
    නැත්තං සුදු වෙච්ච කෙස් ගහේ පාංදැලි ටිකක්වත් ගාගෙන රස්සාවට යනවනෙ.
    දැං කෙස් ගස් කීයක් විතර සුදු වෙලාද දන්නෑ.

    ReplyDelete
  8. යකඩෝ.. මාරයා බස් පළු රස්සාවට තිත තියන්න හේතුව අපි හීනෙකින් වත් හිතපු නැති දෙයක්නේ.

    ReplyDelete
  9. හෙහ්...හෙහ්...කෙස් ගහෙන් බේරිච්ච එක ලොකු දෙයක්.

    ReplyDelete
  10. මේක නම් මාර කතාවක්. ඔහොම හේතු හින්දත් රස්සවල් අතරිනවද දෙයියනේ

    ReplyDelete
  11. අනේ බොල කොහොම හිතන්නද ඔය හේතුව,,,දැන් පොටෝ වලින් සාස්තර කියන වැඩෙත් පටන් ගත්තා නේ..ඒකත් හොදා..මමත් උත්සහ කරන්නම්..තාම මට උපන් වේලාව හොයා ගන්න බැරි උනා නේ..

    ReplyDelete
  12. අඩේ මං මේ උත්තරේ කියන්න කියලා ලෑස්ති වෙනකොටම උඹ මේ පෝස්ට් එක දැම්මනේ.. හරිම අසාධාරණයි..

    ReplyDelete
  13. ඒකත් එහෙම උනා එහෙනම් :D

    ReplyDelete
  14. ඔන්න ඔහොමයි කෙස් ගහෙන් වැඩේ අහවර උනේ එහෙනන්.....හික්

    පුද්ගලික බස් වල වැඩ කොලෙත් ඔය රූට් වලමද?........

    ReplyDelete
  15. උඹේ ආච්චිට මම කිව්වා කියල හිත ගන්,
    යකෝ මේ හේතුව කවුරු හරි කිව්වනම් තමා උගෙ කෙන්දරෙ බලන්න ඕනි
    උඹගෙත් මාර තීරනෙ බං

    ReplyDelete
  16. @මකරා...
    කොරගත්ත හරිය දන්නවනේ..?

    @තනෝජා අක්කා...
    ඒකනේ අක්කේ...

    @පිණිබිඳු...
    නැතිව නගේ...

    @``` Outsider``` ...
    ඒ ගම මම එදාම ගලවලා දැම්මා...ආයෙනං ඊට පස්සේ කෙස් ඉඳුනේ නැහැ..ඒත් ආයෙමත් වතාවක් මේ ළගකදී හරියටම එතනින්ම ඊ ලග සුදු කෙස් ගහත් දැක්කා මම..ඒකට අමතරව තව ගස් තුන ක් විතර හොයා ගත්තෑකි මුළු ඉහම බැළුවාම..ඒත් දැන් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි..අද මම ඉන්නේ එදා හිටය තැන නෙවෙයි නෙව..

    @Observer...
    අපේ තාත්තත් ඒ දවස්වල ඕක මට කිව්වා...

    @Ranga...
    ආයෙත් අහලා..අපි ඉතිං රජ වංශේ පොරවල් නෙව..

    @kumaraya...
    මංතුමා කොරන තරමක් කොරන්නේ අනිත් අය හිතන එව්වා නෙවේ නෙව..

    @Praසන්ன...
    හෙහ් හෙහ් උඹනං කියයි..
    දැන්නං හතරක් විතර තියේ..

    @JHOTHISHALANKA...
    ඒකනේ මං බය නැතිව තෑගි දෙන්ට ලෑස්ති උනේ..

    @kuma...
    ඒකනේ කියන්නේ...

    ReplyDelete
  17. @ayesha...
    ඒකනේ කියන්නේ..මූ හැදිලා තියෙන විදියේ වරදක්..හෙහ් හෙහ්..

    @ItalyDilan...
    එහෙම ලේසියෙන් හිතන්ට පුළුවන්නං මං තෑගි බෝග දෙන්ට පොරොන්දු වෙනවද ඩිලාන් මලයා..මේ කේන්දර බලන්න පට්ට කම්මැලි කාලේ..
    අත් වලින් කියන ඒවා ආයේ කියන්නේ නැහැ ඒ කිව්වා එච්චරම තමයි...

    @Buratheno...
    අපලාදේ..හිහ්...(කොයි ඉස්කෝලෙටද බං ගියේ..?මද්දුම බණ්ඩාරෙටද..?)

    @වැප්...
    නැතිව නැතිව සාතන් මලේ..

    @Heeniyata...
    අර ජස්ට් මිස්ද කෙස් ගස් කියලා කියමනක් ආවෙත් ඊට පස්සේ නෙව...
    138 කිරිල්ලවල පිටකොටුව...

    @AmilaArt...
    අපේ ආච්චිලා දෙන්නාම වලේ සිට මා අමතා කොයි ආච්චිටදැයි කියලා පැහැදිලිව කියන්ටය කිව්වා...උන්දලා දෙන්නා ඒක බෙදා ගන්ට බැරිව ආන්න දගලනවා..
    අනිවා කේන්දරේ විතරක් නෙවෙයි අතත් බලන්නයි හිතං හිටියේ..කොහේද..කාටවත්ම බැරි උනානේ...

    @

    ReplyDelete