21 February 2011

අළුත්ම ප්‍රතිඵලය...සිතුදේ නොම වෙයි...නොසිතු දෙයක් වෙයි...300යි




මෙ සංසාරෙක හැටි..ඊයේ මං අද දවස ගැන හදාගෙන තිබ්බ වැඩ සටහන ගැන කවුද නොදන්නේ...
ඒත් වෙන්න තියෙන දේ වලක්වන්න කාටද පුළුවන්...
අපි මොන තරං ප්‍රාර්ථනා පොදි බැඳගෙන ආවත් අන්තිමට අපිට දවසක යන්න වෙන්නේ ඒ කිසිම දෙයක් ඒ අපි හිතපු විදියටම කරන්න පුළුවන් වෙලා නෙවෙයි..දවසක අර ගෙනාපු හැම එකක්මත් ආයෙමත් පොදි බැඳගෙන තවත් තැනකට යන්න වෙනවා...

ගමන මිසක නැවතීමක් නැහැ...ප්‍රාර්ථනා..ආශාවල් ඇර ඒවාගේ අවසානයක් නැහැ.

..........................................................

අද හරිනං මම මේ වෙලාවේ ඉන්න ඕන මේ විදියට නෙවෙයි...පුටුව දිග ඇරගෙන වාඩි වෙලා කකුල් දෙකත් උඩින් තියාගෙන සුරුට්ටුවකුත් පත්තු කරං ඒකේ දුමත් හිමි හිමිහිට අඳින ගමන් බැහැගෙන යන ඉර දිහා බලාගෙන කල්පනා සාගරේ කිමිදිලා...
ඇත්තටම මම ඊයේ සැලසුම ගහං හිටියේ එහෙමයි...
ඉර දිහි බලන්නනං අද කොහොමවත් වෙන්නේ නැහැ..හොඳටම වහිනවා...

ඒත් මගේ ඒ වෙනුවට දෙවෙනි සැලැස්මකුත් තිබ්බා...
මැච් එකක් බලන ගමන් සුරුට්ටු දුමක් අඳින්න...
ඒත් දෙවෙනි සැලැස්මට අවශ්‍ය දේවළුත් මං ගාව නැහැ...

කතාව කෙටියෙන් කිව්වොත් මෙච්චරයි...

අද දවල් දොළහ හමාරට විතර මං ගෙදරින් ගියේ වැඩ කීපයක් කරන් එන්න හිතාගෙන...මුළින්ම කිරිඳිවැල ලංකා බැංකුවෙන් පෝලිමේ ඉඳලා ඉඳලා ඉලංදාරියා වෙනුවෙන් මගෙනුත් පුංචි මුදලක් ඉලංදාරියාගේ ගිණුමට තැන්පත් කලා..ඒක හරි.

ඊ ළගට තිබුණේ පරණ මොනිටර් කෑල්ලක් හොයා ගන්න...ඒත් ඊට කළින් මං ගියා පරණ යාළුවෙක් හම්බ වෙන්න...

ඒ ගිහිල්ලා ටික වෙලාවක් කතා කරලා එන්න හිතං හිටියට දන්නෙම නැතිව පැය දෙකක් විතර එහෙම හිටියා කඩේ දාගෙන...
ඊට පස්සේ මං ආපහු එන්න කියලා බයිසිකලෙත් අරගෙන පාරට ආවා...බොරළු පාර ගේ ගාවින් පාරට දාලා අඩි විස්සකින් විතර එල් හැඩේට වංගුව...මාත් ටිකක් විතර පාර මැද්ද අල්ලලා ගත්තේ...අයින ෂුවර් නැහැ..වංගුව කෙළින් කලා විතරයි..මෙන්න එනවා නේද කොල්ලෝ දෙන්නෙක් ඇරලා දාලා බයික් එකක පාර මැද්දෙම...
මං අයිනට බයික් එක නවලා ආයෙම පද්දලා කෙළින් වෙන්න ඇරියා..කිසි අවුලක් නැහැ අර බයික් එක වදින්නේ නැතිව ලතාවට ආවා..ඒත් අරුං දෙන්නා කලබල වෙලා බ්රේක් ගහන්න ගිහින් වැඩේ වල් උනා...තත්පරයක් යන්න කළින් උන් දෙන්නා පෙරළුනා පාර මැද්දේ...

අච්චර අමාරුවෙන් බ්රේක් නොකර බයික් එක බේර ගත්ත මට එක පාරටම උන් දෙන්නා වැටෙනවා දැක්කම බ්රේක් පෑගුනේ නැද්ද..?මම ලේසියකට බ්රේක් කරන්නේ නැහැ ලිස්සන තැන්වල..බොරළු පාරවල්වල...වාහාලා තෙමුනු කාපට් පාරවල් උඩ...

ඒත් අරුන් වැටෙනවා දැක්කට පස්සේ මට ඕන උනේ ඉක්මනටම බයික් එක නවත්තලා උන් දෙන්නා ගැන බලන්න...

විපතක මහත...බ්රේක් පාර වැදුනා විතරයි..මගේ බයික් එකත් පැත්තට ඇල උනා..හිතන්නවත් වෙලාවක් නැහැ..ඔය යන්නේ ලිස්සලා..දඩ බඩෝරියං...මාත් බිම...දකුණු අත පොලොව දිගේ ඇදිලා ආවා...බයික් එක කකුල උඩ...තත්පර පහක් විතර යනකොට මට තේරුනා හරි මටත් බඩු තමා කියලා...
අමාරුවෙන් කකුල ඇදලා ගත්තා...
නැගිට්ටා වැලි පිහ දැම්මා...
ඒත් බයික් එක කෙළින් කරන්න හිතුනේ නැහැ...
ඒ එක්කම අනිත් බයික් එකේ වැටුන උන් දෙන්නත් නැගිට ගත්තා..ඒකේ පිටි පස්සේ ගිය කොල්ලාට අවුලක් නැහැ ඌ දුවලා ඇවිත් මගේ බයික් එක කෙළින් කරන්න හදනකොට තමා මට මතක් උනේ බයික් එක බිම නේද කියලා...
ඒ ගමන..
හරි මල්ලි මම බයික් එක ගන්නම් කියලා ඒක කෙළින් කලා...ඒත් එක්කම මම මෙච්චර වෙලා හිටිය ගෙදර කට්ටියයි තව අහල පහල අයයි දුවගෙන ආවා..
අපි දෙගොල්ලගේම වරද හින්දා ඒකෙක්වත් නීති රීති කතා කරන්න ගියේ නැහැ...

මං හිතන්නේ පැදං ආපු කොල්ලට ලයිසන් නැහැ..ඌ බය වෙලා...

"මොකද අයියේ ඔයාට කියලා මගෙන් අහනවා..."

"මට අවුලක් නැහැ ඔයාලට මොකෝ..."

"ගානක් නැහැ.."

"ආ එහෙනං කමක් නැහැ.."

"අපි යන්නද අයියේ..."

"හරි මල්ලිලා යන්න..."

උං හිනා වෙලා අතත් වනාගෙන ගියා..පව් ඉතිං පෙරේදා වෙනකල් මාත් ලයිසන් නැතිව පැද්ද එකානේ...
බොරුවට උංට ලෙඩ දාන්න ඕනයෑ...මුල මතක තියෙන්න එපැයි...

ඒත් දැන් අත තුවාල වෙලා...
අර ගෙදර අය කලබල වෙලා බේත් දාන්න කතා කරනවා...
මට ටිකක් තුවාල උනාට ඇත්තටම ඒ හැටි ගානක් නැහැ...සාමාන්‍ය මට්ටමට වඩා වේදනාවක් උහුලන්න පුළුවන් කමක් ඉස්සර ඉඳලම තිබ්බ හින්දා ඕවා ඒ හැටි ගණන් ගන්න දේවල් නෙවෙයි..ඒ හින්දා ගිහින් ටැප් එකකට අලල්ලා අත හේදුවා..එතනත් තව මගුලක්..ටැප් එක ඇරලා තත්පර දහයෙන් වතුර ඉවරයි...මටයි අරකිටයි හිනා ඒකට...
ආ අරකි කිව්වේ ඒ ගෙදර හිටිය ලොකු කෙලී තමයි...මගේ යාළු පිට් එකක්.
ඒ ගමන ඒකි දිවුවා වතුර මෝටරේ ඔන් කරන්න...
ආයෙමත් වතුර ආවා..ඒ පාර හොදට අත හේදුවා...බොරළු කෑලි හිටං අතේ ඇනිලා...

ඒ ඉවර වෙච්ච ගමන් අරකි ආයෙමත් තුවායකුත් උස්සං එනවා පිහදාගන්න කියලා..
අළුත්ම අළුත් තුවායක්..මට දුකේ බැහැ...ඒකිගේ තුවාය තමා..මං යනකොට නාලා ඔළුව පිහ පිහ හිටියේ...

"ඕන නැහැ ළමයා තුවාය තියාගන්නවා කිව්ව.."
එහෙම කියලා මං යන්න හදන කොට..බලහත්කාරයෙන් වගේ පුළුන් ගොඩක් ගෙනත් ඔක්කෝම තුවාල ටික පිහ දැම්මා...
"ඇති යකෝ..කිව්වම අහලා නිකං හිටිං..ඕක ඒ හැටි දෙයක් නෙවෙයි.."
ඒ කියලා මං උන්ගේ අම්මත් එකක් වැඩේ වෙච්ච හැටි කියන අතරේ මෙන්න ආයෙමත් මට දැනෙනවා අත හීතල වෙලා යනවා..බැළින්නං මෙන්න මේකි මොනවද මංදා බෙහෙත් ටියුබ් එකක් උස්සං ඇවිත් ඇගිල්ලකින් අර තුවාල උඩ ගානවා..මට පව් කියලා හිතුනා..

මං යන්න ලෑස්ති වෙලා ඒකිව බයිට් කර කර හිටියේ...කොහොමත් අපි දෙන්නා අහු වෙච්ච තැන ඇර ගන්නවා වලි කාපර්ලා...විනාඩි ගානකට කළින් ඒකිගේ නංගිත් එක්ක එක්කහු වෙලා අම්බානක බයිට් කර කර හිටිය කෙල්ල අතේ ලේ ගැවෙද්දිම ඇගිල්ලකින් බෙහෙත් ගානවා දැක්කම ඕන්න ඉතිං අර දුක කියන එක පහළ වෙන්න පටන් ගත්තා...
"ඔය ඇති බං..මං දැන් යනවා..."
කියලා මං ආවා..එන ගමන් බයික් එක ගරාජ් එකකට දාලා හැන්ඩ්ල් එක එහෙම කෙළින් කරගෙන සයිඩ් කණ්නාඩි එහෙම පිළිවෙලක් කරගෙන ආවා.
ගෙදර ඇවිත් නෑවා අර බෙහෙත් ඔක්කෝමත් එක්කම ගිහං තුවාල ටික සුද්ද වෙන්නම හේදුවා රෙදි ටිකත් පොගන්න දැම්මා...එන ගමන්ම බිස්කට්,නූඩ්ල්ස්,සව්බරෝ තෙසෙල් ගෙඩි එහෙම අරං ආවා..ඇයි ඉතිං දැන් මං ලෙඩානේ..මාව බලන්න කවුරුවත් එන්නේ නැති හින්දා මංම මට මොනවා හරි අරං එන්න එපෑ..
දැන් ඉතිං ඒවත් ටික ටික කකා මම මේ පුටුව උඩ දිගෑදිලා ඉන්නවා...

මොනිටර් ගෙනාවෙත් නැහැ..සුරුට්ටු ගෙනාවෙත් නැහැ...

දැන් ඉතිං හෙට උදේට වැඩට යන්න තමයි ටිකක් අමාරු වෙන්නේ..ඒත් කොහොම හරි යා ගත්තට පස්සෙනං ඒ හැටි අවුලක් වෙන එකක් නැහැ...
උදේට ඇගේ අමාරුවට උණ ගැනෙන්නේ නැති උනොත් එච්චරයි...
ලොකුම අමාරුව දැන් අකුරු ටයිප් කරන එක තමා...
දකුණු අත කොහේවත් ගෑවෙන්න දෙන්න බැහැ...ඒ හින්දා ඒක සිරුමාරුවට තියාගෙන වම් අතින් වැඩි හරියක් කොටන්න ගියහම සංසාරේ එපා වෙනවා....
මං හිතන්නේ මම අද තරං වෙලා අරගෙන ලිපියක් ලියලම නැද්ද මංදා...

......................................................
ඒ කියන කොටයි මතක් උනේ..මේ මම ලියන්නේ මගේ 300 වැනි පොස්ට් එක..මං ඉතිං ඒක ලියන්න හිතාගෙන හිටියෙත් මෙහෙම නෙවෙයි..හැමෝවම මතක් කරලා ස්තූති කරලා..ලින්ක් හැටක් හැත්තෑවක් විතර දාලා..ටිකක් කැටයං ඇතුව...
ඒත් ඉතිං අන්තිමට ලියන්න උනේ මෙහෙම...

ඕකනේ කියන්නේ සිතු දේ නොම වෙයි..නොසිතු දෙයක් වෙයි කියලා.
මම මේක පටන් ගත්තේ අළුත්ම ප්‍රතිඵලය කියලා හෙඩිමක් දැගෙන..දැන් ඉතිං ඒක‍ට තව එල්ලන්න දේවල් තියේ...
......................................................

‍අවසාන වශයෙන්..මෙච්චර කාලයක් මගේ හෝරාව සමග රැඳී සිටි ඔබ සෑම සියළු දෙනාටම ස්තූතියි.
ලිපි තුන්සීයක් කියන්නේ ලේසි වැඩක් නෙවෙයි..ලියන එකේ අමාරුව මම දන්නවා...ඒ ලිපි ටික කියවන්න ඔයාලා වින්ද අමාරුව ඊට වඩා වැඩි ඇති මං හිතන්නේ...

මගේ අ‍‍‍ඳෝනා කවි...පල් හෑලි...විලාප...කන බොන විස්තර...රාජකීය බූට් වහන්සේලා අනුභව කිරීමේ තොරතුරු...අතරේ රස්සාවල් අතරේ චාටර් උන මාරයාගේ කතා කියවලා සෑහෙන වඳයක් වින්ද සියල්ලන්ටම මාගේ හද පිරි ස්තූතිය...

ඒ වගේම කියන්න ඕන මගේ බ්ලොග් එකේ ලියන ඒවා නිසා හෝ...කාගේ හෝ ලිපියකට මම යොදන කොමෙන්ටුවක් නිසා හිත් රිදීමක් අමනාපයක් වෙච්ච අය කවුරු හරි ඉන්නවනං ඒ තරහා මරහා අමතක කරලා දාන්න..සීයයට සීයයක් හැම කෙනාගෙම හිත් පිනවන්න මට බැහැ..මට නෙවෙයි අපි කාටවත් බැහැ..මං ආස දේට ඔබ ආසා නොවෙන්න පුළුවන්..ඔබගේ මතයට මා අකමැති වෙන්න පුළුවන්..ඒත් ඒ කිසිම දෙයක් වෙනස් කරන්න අපිට බැහැ...

කාට උනත් තමන් කැමති විදියට කැමති දෙයක් ලියන්න කියවන්න පුළුවන්...ඒ හින්දා හැම කෙනාටම තියෙන ඒ අයිතිය මාත් පාව්ච්චි කරනවා..හැබැයි ඒ කාටවත් රිදවීමේ අරමුණින් නෙවෙයි. හුදෙක් මාගේ සිතැගිවලට අනූකූල නිසාවෙන්..ඒ හින්දා කවුරුවත් හිත් අමනාපකං ආරෝවල් තියා ගන්ට එපා ..අල්ලලා දාන්ට...මාත් එහෙමයි...

සියළු දෙනාටම සුභ අනාගතයක්...!

66 comments:

  1. අයියන්ඩිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...!
    දැන්මම පැනඩොල් පෙත්තක් කාරිය බීල දැම්මනම්

    ReplyDelete
  2. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා උඹට... ලිපි 300ට ට සුභ පැතුම්.. තවතවත් ලියන්න ධෛර්යය ශක්තිය..

    ReplyDelete
  3. ඒ වගේම 300ට සුබ පැතුම්..

    ReplyDelete
  4. අයියට ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ඔන්න...
    300 නෙමේ තව දිගටම ලියන්න අපි කියෝනෝ

    ReplyDelete
  5. ලිපි 300ට උණුසුම් සුභ පැතුම්!
    තුවාලවලට ඉක්මන් සුව! (විහිළුවට නම් නෙමෙයි කිව්වේ)
    තවත් තවත් පට්ටම පට්ට මාර ලිපි ටිකක් ලියන්න අයියට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  6. අනේ ඉක්මනට සනීප වෙයන්කො මාරයෝ. 300 ට ඉතින් සුභ පැතුම් ඇරෙන්ට මොකෝ අපි තෑගි දෙන්ට කියලයැ. මමත් තුන් හතර පාරක් දඬු කජ්ජෙන් දෙරි ගැහිලා තියෙනව නම් තමයි. ඒත් ඉතින් වෙන්න තියන දේවල් ඔක්කොම වෙන්නත් එපායැ. ඔන්න ඔහේ පැනඩෝල් නැතුවට කාරි නෑ. අදට විතරක් දෙකක් හීනියට ඇන ගත්තනං ප්‍රත්යක්ශ අවුසදේ.

    ReplyDelete
  7. 300ට සුභ පැතුම්..ඇති ඔයින් ගියා . මම වගේ එකෙක් වැටුන නම් බයිසිකලෙ+ඇඟෙ බර අතට ඇවිත් කිලෝ එක එකසිය විස්සෙ බන්ඩක්කෙ වගෙ කඩල යනව. මීට පස්සෙ පරිස්සමෙන්

    ReplyDelete
  8. කොල්ලා කාලේ බයික් පදිද්දී මට උපදෙස් දුන්න ගුරාගේ එක අවවාදයක් තමයි වංගු වල පස්සේ බ්‍රේක් විතරක් ගහන්න එපා කියන එක... කරුමේ කියන්නේ හැමදාම වගේ ඒක මතක් වෙන්නේ පැත්ත වැටිලා බිම දිගේ ඇදිලා යද්දී...

    මට ලැබුණු තව අවවාදයක් තියෙනවා බයික් පදින අයට ප්‍රයෝජනවත් වෙන... සමහරවිට මාරයා අහලත් ඇති... "හරක් පුකෙන්, බලු ඔලුවෙන්..." තේරුම දන්නවනේ..?

    තුන්සිය වෙනි පෝස්ට් එකට හදවතින්ම සුභ පැතුම්..!

    ReplyDelete
  9. අනේ ඉතින් උඹත් කොර ගන්න දේවල්... අනුන්ගේ කේන්දර බල බලා ඉන්නේ, නරකද උඹේ ග්‍රහ චාරයත් පරීක්ෂා කොර ගත්තොත්....?

    හ්ම් හ්ම්.... ඉක්මනට සනීප වෙයං....!

    උඹේ ත්‍රිත්ව ශතකයට ඔන්න දුමීගෙනුත් විසිල් පාරක්.... හුරේ...!

    ReplyDelete
  10. අපි මේවා කලින් කිව්වා ඕන්

    මං කිව්වේ තුෂ් සීය ගැන

    සුබපැතුම් ඇ ... කොහෙද මට තාම සීයවත් ගහ ගන්ට බැරි උනා නොවැ

    ReplyDelete
  11. ඒකත් මාරම මාර මතක සටහනක් වේවි 300 ගැහුවේ අඬු කඩාගෙන කියලා ...මේකනම් මාරයාගේ හෝරාව කියවන හැමෝටම මතක තියේවි .

    මාරේ අයියේ මමනම් මාරයාගේ හෝරාවට මුලදී සෙට් උන කෙනෙක් නෙවේ මගදි ඒකියන්නේ ගිය අවුරුද්දෙනේ මම ආවේ ඒ ආපු දා ඉඳලා අද වෙනකම් උඹ මම මේ බ්ලොගේ පැලපැදියං වෙලා ඉන්නවා . මම මේ බ්ලොග් එක හොයාගත්තේ උඹ මගේ බ්ලොග් එකේ මුලින්ම කමෙන්ට් කරපු දවසේ .

    ඉතින් ඉක්මනට සනීප වෙනවා හොඳයි .301 ලියන්නත් ඕන නේද ? හොඳට විවේක අරං 301 ලියමු ..අර කැටයං ලිපිය එදාට දාන්න හොඳේ ..

    තිස්තුං කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !!

    ReplyDelete
  12. හ‍නේ හප් ‍පේ..... මදෑ ඉතින්........ මං දැන්‍ ‍මේ පැත්‍තේ ආ‍වේ...... ඔය අතට අර දාපු ‍බෙ‍හෙත් ටික ති‍යෙන්න ඇරියනම් ‍මොකද ‍වෙන් ‍නේ...... නැද්ද මුකුත් ගාකියා ගන්නවත් අයියා ළඟ???? ඔය අමාරු තියන් ‍හෙට වැඩටත් යන එ‍කේ. ‍මොනවා හරි ‍බෙ‍හෙතක් නැත්ද????

    දැන් ඉතින් අපිට එන්න බැරි උනා නම් නෑවිත් ඉඳීද මං අහන් ‍නේ...... හා හා ඒ‍කෙන් කමක් නැ. ඉක්මනටම අයියට ඔය අමාරු ඇරිලා ගිහින් ‍හොඳ ‍වෙන්න කියලා නඟා ප්‍රාර්ථනා කරනවා.....!!!! ආ‍යේ කිසිම කහටක් නැ ඔන්න......

    එත‍කොට අද මං බලන් හිටි‍යේ ‍මේකට 1 ‍වෙන්න. ෂිට්. එ‍හෙ‍මෙ‍හා උන ටිකට මඟ ඇරුන ‍නේ...... එ‍හෙනම් 300 ‍වෙනි ලිපියටත් සුභ පතන ගමන් ‍මේ ව‍ගේම මීටත් වඩා අධි‍වේග‍යෙන් ඔය අයියා අපිට ‍දෙන දැනමුතුකම් අත්දැකීම් වල්පල් සියල්ල ලිය‍වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.......!!!!!

    ReplyDelete
  13. ලයිසන් ගත්ත එකේ ඇස්වහ කටවහ යන්නත් එක්ක පොඩි ඇක්සිඩන්ට් එකක් වුණාට කමක් නෑ ඉතින්.

    අපේ සර් කෙනෙකුටත් ඔහෙම සිද්ධියක් වුණා. බයික් එකේ යනකොට පාරෙ ඇක්සිඩන්ට් එකක් වෙලා තිබිලා. ඒක දිහා බල බල යන්න ගිහින් වැටිලා අත් දෙකම කැඩිලා. බත් කන අතයි අනිත් අතයි දෙකම. හොඳ වෙලාවට කවන්න පොවන්නයි අනිත් අතේ වැඩ වලටයි නෝන කෙනෙක් හිටියා. මාරයෝ නරකද නෝන කෙනෙක්ව හොයා ගත්තොත්( දෑවැද්දට නැන්දම්මෙකුත් එක්කම )

    ReplyDelete
  14. ඉක්මන්ට සනීප වෙන්න මාරයියේ...

    ලිපි 300 ටත් සුබම සුබ පැතුම් කියලා ප්‍රාර්ථනා කරනවා...තව 300 වගේ 300ක් ලියන්න ශක්තියත් ලැබෙවා කියලත් කියන්නම්..

    ReplyDelete
  15. 300 ට සුභ පැතුම් අයියේ,

    ඔය පොඩි සීරිමක් නෙ බන් , ඕවා මොනස්ද , නැට්ට පිටින් අලි මැරෙන්නේ.
    ගණන් ගන්න එප බන්. ඉක්මනට හොද වෙයි.

    ReplyDelete
  16. අම්මො බොරළු ගොඩක වැටිල අත හම ගියා කියන්නෙ ඇග හිරි වැටෙන්න තරං දැවිල්ල අල්ලල රිදෙන කේස් එකක්...පිහියකට ඔය වගේ දෙගුනයක් ලේ එන්න කැපුනත් එහෙම රිදෙන්නෙ නැ..

    ඉක්මනට සනීප වෙන්න ඕනා...

    ReplyDelete
  17. 300 වෙනි ලිපිය නෙද අහ්.. මගෙ සුබ පැතුම්.. ඒවගෙම මම ඔයාට ඉක්මන් නිවන්සුව ප්‍රාර්තන කරනව... hik hik

    ReplyDelete
  18. එක් පාරින්ම ලැයිසොන් ගත්තු එකට ඇස්වහ වැදිලද කොහෙද? දැන් ඉතින් මෙයා ඕකටත් ගොඩවෙදකං කර කර ඉඳී.
    300 ලිපියට සුභ පැතුම්!!!!. අර කිව්ව ආලවට්ටම් එහෙම දාලා 400 ලිපිය ඉක්මනින්ම ලියමු බලන්න.

    ReplyDelete
  19. 300 ට මෙන්න මගෙනුත් සුභ පැතුම්. ඉක්මනට හොඳ වෙලා තවත් දෙතුන් සීයක් ලියන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  20. 300ට සුභ පැතුම්... ඉක්මනට සනීප වෙන්න...
    අ‍‍‍ඳෝනා කවි...පල් හෑලි...විලාප...කන බොන විස්තර...රාජකීය බූට් වහන්සේලා අනුභව කිරීමේ තොරතුරු...අතරේ රස්සාවල් අතරේ චාටර් උන මාරයාගේ කතා ටික දිගටම ලියන්න. :D

    ReplyDelete
  21. මාරයා ආවේශ වුණාම ඔය වගේ දේවල් වෙනවලුනෙ....

    ඉක්මනටම සුවපත් වෙන්ඩ කියල ප්‍රාර්ථනා කරනවා...

    ඒ වගේම ත්‍රිත්ව ශතකයට මගෙනුත් සුබ පැතුම්...

    ලයන් බ්‍රාරා වගේ හතරකිනුත් නොනැවති යං ඉදිරියටම....

    ජය වේවා !

    ReplyDelete
  22. හපොයි අය්යා.මදෑයි ඔයින් ගියා :(

    ReplyDelete
  23. 300 ට සුබ පැතුම් ...මාරයාට ඉක්මන් සුව..ආයුබෝවේවා...

    ReplyDelete
  24. ඔන්න මගෙනුත් 300ට බොක්කෙන්ම හුරේ පාරක්....පරිස්සමින් පාරේ යන්න කියලා තමා මට නම් කියන්න තියෙන්නේ....

    ReplyDelete
  25. ඔන්න මං ඇපල් ගෙඩි වගේකුයි දොඩං ගෙඩි ටිකකුයි තැපෑලෙන් එව්වා... මුද්දර ගාස්තු ගෙවලා අරගනිං මාරයෝ....
    300 ට ජය.... උඹට________

    ReplyDelete
  26. ඕවා ගනන් ගන්න එපා බං

    ReplyDelete
  27. අනේ බං අයියේ තැලුම් වලට ගාන මොනවා හරි ගනින්. වැඩි තුවාලයක් නැති වුනාට තැළුම් රිදෙන්නේ පහුවෙලා. ඔය බයික් වලින් යනකොට පරිස්සමෙන්. ඉක්මන්ට සනීප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

    අමතක නොවෙන ලිපියක් 300 වෙනි එක. මගේ සුභ පැතුම්!

    ReplyDelete
  28. හපොයි අයියේ උබ වෑටුනද? බෙහෙත් ටිකක් ගත්තොත් නරකද,කෙසේ වෙතත් උබට ඉක්මන් සුව ප්‍රර්තනා කරන්වා,ඒ වගේම 300ක් නෙමෙයි තව සෑහෙන්න කාලයක් ලියන්න දයිරිය,ශක්තිය ලෑබෙවා කියල ප්‍රතනා කරන්වා,

    ReplyDelete
  29. 300 ට සුභ පතනවා...!
    එ වගෙම මාරයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.....!

    ReplyDelete
  30. ෙකාෙමන්ටු දාන්නෙ නැති උනාට
    ෙම් පැත්ෙත හැමදාම අැවිත් යනවා
    400 ටත් ඉක්මනින් යමු....
    හරෙ යාං......!

    ReplyDelete
  31. අද තමයි ඕකේ ආතල් එක දැනෙන දවස.
    ඔන්න ඉතින් සුබ පැතුම් 300 ට
    ඔය දැක්ක තැන වලි කෙනා ගැන මොකෝ කියන්නෙ. ඔය උඩ කොමෙන්ට් කොරපු කෙනෙකුත් ඔහොම රන්ඩු වෙලා ඔය අගේට බැඳල තියෙන්නෙ

    ReplyDelete
  32. 300 ට ජය, ඉක්මනින් සනීප වෙන්ඩ කියල ප්‍රාර්තනා කරනව.

    ReplyDelete
  33. පරක්කු වෙලා මමත් ආවා.. 300ට හදවතින්ම සුබ පැතුම් අයියේ.. තව තවත් ලියන්න ෂක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. මං ඊයේම කිව්වානේ බෙහෙත් දාගන්න කියලා.. කොහේද මේ මාරපුත්‍රයා තිබ්බ බෙහෙත් ටිකක් සෝදලා දාලානේ.. දැන් කොහොමද? පරිස්සමින් ඉන්න අයියේ.. බුදු සරණයි!

    ReplyDelete
  34. 300 ට සුභ පැතුම්.

    අපේ පරණ යාලුවෙකුත් ඔහොම මෝට බය්සිකලෙන් වැටිල ඇඟ පුරාම ප්ලාස්ටර් බැන්ඩේජ් එහෙම දාගෙන වැඩට ආව දවස් ගානක් වැඩට එන්නෙ නැතුව ඉඳල. ඒකට මෝට බය්සිකලයක් තිබුනෙත් නැහැ,මෝට බය්සිකල් තියා අත්කරත්තයක් වත් තල්ලු කරගෙන යන්න පුළුවන් එකෙක් කියල අපි දැනගෙන හිටියෙත් නැහැ. ටික දවසකට පස්සේ වෙන මොකද්ද කාරනේකට යාලුවෙක් උන්ගෙ ගෙදරට ගිය වෙලාවෙ උන්ගෙම අම්මගෙන් ඇත්ත දැනගෙන තියනව. මේක ගමේ යාළුවො කස්ටියක් එක්ක නිමාඩු දවසෙ කශියද කොහෙද ගහල ගෙදර ඇවිත් නාන්න ගියාම, නාන ලිඳ ගාව ලිස්සල වැටිල, වෙරි මරගාතේ නැගිටින්න හදනකොට කීප සැරයක්ම ආයෙත් වැටිල. ඔය හැත්තෑ ගණන් වල අග හරියෙ, ලංකාවට හෝ ගාල ජපන් මෝ/බයික් එන්න පටන් ගත්ත කාලෙ. ඒ දවස් වල කොළඹ ඉස්පිරිතාලෙ හදිසි අනතුරු අංශයේ වාට්ටු දෙකක් නම් කරල තිබුනලු "හොන්ඩ වාට්ටුව" සහ "යමාහ වාට්ටුව" කියල.

    ReplyDelete
  35. 300 වෙනි පෝස්ට් එකෙ ඇස් වහ කට වහ යන්න තමා අයියා වැටිලා තියෙන්නෙ. ඉක්මනට සනීප වෙන්න.

    ReplyDelete
  36. හත් ඉලව්වට ගහපු කළාබරේ කිව්වලු. මොකෝ මේ උනේ. [අච්චර ලස්සනට විස්තරේ තියන කොටත් අහනවනෙ අම්මප මොකෝ උනේ කියල. - ඒ ඉතිං අපේ හැටි නෙව, නාන්න යනකොටත් අහන්නෙ නාන්නෙයි යන්නෙ කියල] අත හීරිච්ච හැටියටනං හොඳට සුද්ද වෙලා නැත්නං ඩිංගිත්තක් විතර පැසවන්න බලයි. බෙටර්ඩීන් කුප්පියක් අරං ගෑවනං විජහට සනීපවෙයි. ඔය හීරුං තුවාල වලට දැං කිරීං ජාති ගානව අඩුයි කියල අපේ ගෙදර උන්දැ කිව්ව. එයැයිල උපරේසං ලෙඩ්ඩුන්ටත් ගාන්නෙ බෙටර්ඩීන් කියන්නෙ.

    කොහොම උනත් ඔය අමාරුවට දිගෑදිලා අර කලිං වංගියෙ කියාපු සුරුට්‍ටුවක් අදින්න තිබුනනං ජාති නෙවද? හැබැයි යකොඩෝ මේක උනේ තුන්සීයක් ලියාපු දවසෙ ඇස් වහ කටවහ හෝ වහ යන්නද දන්නෙ නෑ. එහෙමනං ඉතිං වැඩිපුර ගනං ගන්න නාකයි ඕං.

    ReplyDelete
  37. හා..හා...සනීපවෙමු ඉක්කනට....

    300ට සුබ පැතුම්....තව 3000කට ශක්තිය හැකියාව ලැබේවා කියලා පතනවා...

    ReplyDelete
  38. එළකිරි ටිකට සුබෙන්ම සුබ පතනව ඕO හීනියට......

    සනීප වෙයි සුටුස් ගාල ඇයි වළලු අතකින්නේ කිරීම් ඔක්කොම උලල තියෙන්නේ.

    ReplyDelete
  39. අයියෝ මාරයෝ අවුලක් නෑ.. නේද? කොහෙද මෙයා "මම ලයිසන් ගත්තා" කිය කිය බෙර ගගහ කස ගගහ ගියානේ.ලයිසන් නැති අයගෙ ඇස්වහද කොහේද?කොහොම හරි කමක් නෑ ඉක්මනට සනීප වෙන්න.. මාරයා ලියන කියන ඒවා අපිට වටිනවා.

    ReplyDelete
  40. ජ්‍යොතිෂය බඩ බැදගෙන ඉන්න ඕන නෑ තමයි ඒත් හත්දෙයියනේ ග්‍රහ යුද්ධ තුනක් එකලග වෙච්චි දවසෙවත් ටිකක් ප්‍රවේශම් වෙන්න තිබුනනේ.ඒත් ඉතින් වෙන්න තියෙන දේ වුනැයි කියල මාරයම කියන්නේ..

    ReplyDelete
  41. හප්පා ඔයින් ගියා මදැයි..
    ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.
    300ට මගේ සුභ පැතුම්. දිගටම ලියන්න. හැමදාම කමෙන්ට් නොකළත් අනිවා කියවනවා. [කමෙන්ට් කිරීම අතපසු වෙන්නේ කොටින්ම ගූගල් රීඩරේ නිසා]
    :)

    ReplyDelete
  42. මට මීටැර වුනේ උඹ බයිසිමොටෝ එකෙන් වැටුන එකනේ.. ඉතිං 300ට සුභපතන්න මතක බැරි වුනා.. එහෙනම් ඔන්න දැන් සුභ පතනවා...

    ReplyDelete
  43. හැමෝම එකතු වෙලා රපෝර්තු කරන්න[http://www.google.com/support/blogger/bin/request.py?contact_type=spam]
    විවෘත වන පිටුවේ පහල කොටසේ ඇති ”Please provide the URL of the blog in question (e.g. http://example.com)” ස්ථානයේ ඇති Text Field එකේ http://mohomad.blogspot.com/ යන්න Paste කර Submit කරන්න

    ReplyDelete
  44. අපරාදෙ මාරි ජුංඩක් කටේ හලා ගන්න තිබ්බ චෑන්ස් එක.... මාරයා නොවැ උඹ.... නෙද්දකිං.. අපි උඹේ තුන්සීයක්ම කියෙව්ව නෙවැ....

    උණුසුම් හාදුවක් එක්ක හෘදයාංගම සුභ පැතුම් මචං.......

    ReplyDelete
  45. අභීතයා මාරයාට හාදුවක් දී ඇත, ඉත්තාවෙකුගෙන් හාදුවක් ලද හාවා (හෝ හාවිය), "වේදනාවෙන් තොර සැපතක් නැත" යය් කීවාලු.

    ReplyDelete
  46. මගේ අප්පුච්චේ මාරයා අයියාට වෙලා තියෙන වින්නැහිය!!!!! අපෝයි අපෝයි ඉක්මනට සනීප වෙන්න... බේත් එහෙම දාන්න හොදට. මදැයි 300 සමරපු විදිය....

    සමනලී අයිතිකාරයා එක්කම බොහොම සතුටින් අයියාට සුබපතනවා 300 කණුව දක්වා සාර්ථක ගමනක යෙදීම ගැන...!!!!! ඒ වාගේම මේ ආවාටත් වඩා දුරක් තව යන්න ලැබෙන්නත් ප්‍රාර්ථනා කරමු!!!!!

    (නැවත මෙවැනි දඩුමොණර ගණයේ විපත් නොවේවා....!)

    ReplyDelete
  47. ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා අයියේ... ඒ වගේම උනුසුම් සුබ පැතුම් 300 දක්වා යැම ගැන....

    ReplyDelete
  48. 300 ට සුබපැතුම්.,ඉක්මන් සුව...!,මමත් කීපසැරයක් ම බයික් ඒෙකන් වැටිල තියනව.පහුවදා උෙද් නැගිට ගන්න බැරි ෙවන්නම අමාරැයි.
    මචං අර ෙමනිෙර් ගන්න ඒක නම් ෙත්රැමක් නෑ.USB TV CARD ඒකක් ගන්න.

    ReplyDelete
  49. 100ත් බැලුවා.200ත් බැලුවා.
    ඔන්න අද එහෙනම් 300ට සුභ පැතුම් එක්ක ඉක්මන් සුව පතනවා..

    ReplyDelete
  50. මදැයි රජ වෙන්න හිතුව...කමකුත් නැහැ එක අතකට...ඒ වැටිච්ච එකෙන් ගෑනු ළමයෙක් කාලෙකට පස්සෙ අත අතගාපු එකම මදිද මං අහන්නෙ?

    මේ ලඟදි ඉඳල කොහොමත් ටිකක් එක විදියක් වේගෙන එනව කියල උඹටත් තේරෙන්නෙ නැද්ද ? මහ දසාවම නැතත් සිකුරගෙ අතුරු දසාවක් වත් ලබල තියෙන පාටයි, කෝකටත් දන්න කියන කෙනෙක් ලවා උඹේ වෙලාව ටිකක් බලා කියා ගත්තනං හොඳයි.....

    300 ගැන නම් කියල වැඩක් නැහැ...එළම කිරි. උඹ ඇවිල්ල අපි කිව්ව පලියට ලියන එකෙක් නෙමෙයි බව දන්න නිසා, "දිගටම ලියපං මචං" කියල ඉල්ලන්නෙ නැහැ..... බොට ඕනෙ නං ලියහං, හැබැයි ලිව්වොත් ඒ හැම කෙංගෙඩියම අපි ආසාවෙන් කියවනවා...

    ජයවේවා!

    ReplyDelete
  51. @ එදිරි,

    ඔය U.S.B. ටී.වී. කාර්ඩ් එකක් කීයක් විතර වෙනවද කොය් වගේ තැනකින්ද ගන්න පුළුවන්?
    ඒක ඇන්ටෙනාවක් නැතුව වැඩ කරනවද?

    ReplyDelete
  52. පරක්කු වෙලා වුනත් 300ට සුභ පතන ගමන්ම ඉක්මනින්ම සුව වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා!!!!

    ReplyDelete
  53. ලිපි 303ට මගේ උනුසුම් සුබ පැතුම්.මාරයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි.....

    ReplyDelete
  54. ඔන්න මගෙනුත් උනුසුම් සුබ පැතුම්.

    ReplyDelete
  55. මමත් වැටිලා තියනව බොරලු පාරක, සාමාන්‍ය බයිසිකලේකින්. ඒත් හොඳ ගණං, හෆ්ෆා සනීපෙ තියන. යන්තම් අතපය නොකඩාගෙන බේරුනා.

    මාරය්යගේ තුවාලේ ඉක්මනින් සුවවේවා!

    300ට සුභ පැතුම්.

    ReplyDelete
  56. බයිසිකලෙන් වැටුනාම වෙන තුවාල නම් කියල වැඩක් නැ. කාලෙකට විදවන්න තියෙනවා. මමත් ගිය ඉරිදා වැහැල තෙබිල තිබුන කාපට් පාරේ බ්රේක් ගහල තව ඩිංගෙන් හොද කෙලියක් කරගන්නවා.

    ReplyDelete
  57. තාරක Dilsh@n
    Kush
    MaRLaN
    kombuwa
    නසරාණියා..
    buwa
    Beetle
    දුමී
    වැප්
    හිස් අහස
    හා පැටික්කි (MS)
    Chanaka Aruna Munasinghe
    නිම්ශා
    AmilaArt
    පැන්da
    සුළඟිල්ල | pinkie
    හරී - පිණිපළස
    Ranga
    කොට ජීවිතේ
    sansarasidu
    නදී...
    කුරුම්නියා
    ItalyDilan
    Jeew
    prasanna86k
    පූසා
    අසoක
    Aruna
    නිශ්
    CJ
    හසී
    Observer
    පිණිබිඳු...
    Niroshan
    Heeniyata
    JHOTHISHALANKA
    Ansh Lucky Sri Jay
    prasanna86k
    අභීත
    punchisamanalee
    අකීකරු හිත
    February 23, 2011 9:39 AM
    එදිරි
    මුතු මැණික්
    දිනිත්
    roylyfernando
    රන්දික කුලතුංග
    dinesh
    kåʼnı @ SLSC
    දිනේශ් දීපාල්

    සුභ පැතූ සහ සුව පැතූ සියළුම හිතවතුන්ට හිතවතියන්ට අනේක වාරයක් පිං දෙමින් ස්තූති කරමි...

    ReplyDelete
  58. සුබ පෑතුම් අයියේ 300 ට ..

    ඉක්මන්සුවය පතනවා ....

    ජයවෙවා!!!

    ඈස්වහ හටවහ දුරු උනා කියලා හිතාගමු අයියා..

    ReplyDelete
  59. @ OBSEVER,
    COMPUTER SHOP වල තියනව,රැ.4000-6000 වෙන්ෙන,
    ANTENA අවශ්‍යයි....!

    ReplyDelete
  60. @ඉලංදාරියා...
    ස්තූතියි මලයෝ..
    ඔව් අපි එහෙමවත් හිතමු.

    @එදිරි...
    ඇත්තටම ලොකු දෙයක් මේ දේ කියා දුන්න එක..
    මං මෙහෙ මිල අහලා බැළුවා 4250යි..ඒත් ඇනටනා ඕන..
    අර දුන්න සයිට් එකේ මං එකක් දැක්කා චූටි ඇන්ටනාවක් එක්කම තියෙන එකක්. ඒ ගැන ටිකක් හොයලා බලන්න හිතං ඉන්නේ..මිල දාලා තිබුනේ USD 19.99යි වගේ මතක

    ReplyDelete
  61. පරක්කු වුණාට සමාවෙන්න ඕනෙ අයියේ! මේ දවස්වල බ්ලොග් බලන්න ආවෙ නෑ. මගෙනුත් උණුසුම් සුභපැතුම් 300 ලිපියට. ඉස්සරහටත් මේ වගේ හොඳට ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

    ReplyDelete
  62. මේ මක්කෙයි අප්පා මේ කොර ගත්තේ? තාර පාර කොහොමත් හයියයි හලෝ මොකට ද ඒකේ අත අතුල්ලන්න ගියේ? මෙහ් ඔය බෙහෙත් ටිකක් දා ගන්නවා නැත්නම් අපරාදේ කල් යනවා නේ හොද වෙන්න. අපිට හොද පෝස්ට් ටිකක් කියවන්න තියෙන චාන්ස් එක නැති වෙනවා විතරයි වෙන්නේ ................ මාරයියේ 300ක්..... හලි ශෝයි! තව 33000 ක් එක්ක ඊටත් 33 කෝටියක් බ්ලොග් ලියන්න ලැබේවා!

    ReplyDelete
  63. පහුගිය දවස් ටිකේම අන්තර්ජාලයෙන් අයින් වෙලා හිටියෙ, හදිසියෙ යෙදුනු වෙන වැඩක් නිසා. 300ට සුභ පැතුම් සහ ඉක්මන් සුවය පතනව!

    ReplyDelete
  64. blog gadol
    සංජු
    Thusitha Jayasinghe
    කලිකාල

    බොහෝම ස්තූතියි කිව්වා ඔයාලටත්...

    ReplyDelete