01 February 2011

බස් පළුවන්ගේ කතාව...8

හරි ආයෙමත්..නැවැත්තුව තැනින් පටන් ගමු...

ඉතිං මම අර බස් එකේ හිටිය උදවිය අත දික් කරපු පැත්ත බැළුවාම මට පේනවා බස් එකපිටි පස්සේ පාර පුරාවටම මොනවද පාවෙනවා...අහස වැහිලා ගිහිං..දෙයියනේ සල්ලි වරුසාවක්...ඒ එක්කම තමයි මට වැඩේ මීටර් උනේ...

හනෙ හපුච්චේ වනේ වන හතුරෙකුටවත් එහෙම දෙයක් වෙන්ට එපා...
මට නින්ද ගිය අතරේ මගේ අතේ තිබුණු ටිකට් පොත අස්සේ තිබුණු සල්ලි නේද මේ හුළගට ගිහින් තියෙන්නේ..අත ටිකක් බුරුල් වෙන පමාවට හුළං සැරේට ඒ ඔක්කෝම ගහ ගෙන ගිහිල්ලා..
කළින් ගමන් වාර වල මුදල් ඔක්කෝම මගේ කමිස සාක්කුවේ..ඒවට අනතුරක් නැහැ..ඒත් මේ අවසන් ගමන් වාරේ සල්ලි ඔක්කෝම..පොත ඇරලා බැළුවා එකම එක පණහේ කොළයකුයි..තව රුපියල් දහයකුයි තියෙනවා...

මං ඉවරයි..මට හිතුනා...මං හිතිං ගණං හදලා බැළුවා අඩුම ගානේ රුපියල් තුන් දහකට කිට්ටුව සල්ලි..ඇත්තටම මං ඒ මොහොතේ හිතා ගත්තා අද ජොබ් එක ඉවරයි මං යනවා ගෙදර කියලා...

මොනවා කරන්නද සෑහෙන දුරක් ගියාට පස්සේ තමා බස් එක නැවැත්තුවේ..
මාත් ඔන්න එහේ හීනෙන් වගේ පාරට බැහැලා පිටි පස්සට ගියා...
බස් එකේ සෙනගත් සෑහෙන්න බැහැලා ආවා..
ඩැයිවර් උන්නැහේත් මට පස් පඩංගුවේ බැන බැන එනවා..මුළින්ම හිතුනේ මූට දෙකක් ඇණලා ඉන්න ඕන කියලා..මොකද මෙකා හෙන දත් දොස්තර..කොයි වෙලෙත් මගේ දත් ගලවන්නම තමයි පොරගේ ට්‍රයි එක..ඒ හින්දා මට මිනිහාව එපා වෙලා තිබුණේ මං හිතා ගත්තා දැන් කොහොමත් ගෙදර යන එකේ අද උන්දැට දෙන්නං කියලා..ඒත්විනාඩි දෙකක් යන්ට කළින් අර බස්එකෙන් බැහැලා ආපු මිනිස්සුයි..එතන තිබුණු මාළු කඩේ අයියලා ටිකයි..පාරේ යන අයයි ඔක්කෝම අර සල්ලි ටික ඇහිදලා මගේ අතට ගෙනත් දුන්නා...

විශ්වාස කරනවනං විශ්වාස කරන්න නැත්තං ඒත් විශ්වාස කරන්න..මුළු නුවර පාර පුරාම ගිය සල්ලි මීටර් සීයක් විතර දුර විසිරිලා..ඒ හැම එකක්ම අර මිනිස්සු හැකි පමණින් මහන්සි වෙලා විනාඩි දෙකක් යනකොට මගේ අතට ගෙනත් දුන්නා...
මල්ලි ගැනලා බලන්න ටිකක් අඩු වෙලා තියෙයි ඒත් සෑහෙන්න එකතු වෙලා ඇති...අර මාළු කඩේ මිනිස්සු තමයි වැඩියම මහන්සි උනේ..මම ඩැයිවර්ට නෙලන්න කියලා ලෑස්ති වෙලා මිට මොළව ගත්ත අත දිග ඇරලා සල්ලි ටික බාර අරගෙන අර හැමෝටම ස්තූති කරලා බස් එකට නැග්ගා...

අච්චර වෙලා මට කිසි අවුලක් තිබුනේ නැහැ..ඒත් දැන්නං ඇඩෙන්න එනවා..මගේ ඇස් පුරෝලා කඳුළු...
සමහර උදවිය මගේ පිටට තට්ටුවක් දාලා කියනවා ගනන් ගන්න එපා මල්ලි කියලා...
බස් එකේ හැමදාම කොළඹ එන කිහිප දෙනෙක්ම හිටියා..ඒ අය තමයි හුගාක්ම කතා කලේ...
මොකද මං කවදාවත්ම බස් එකේ යන කිසිම කෙනෙකුට කෙනෙකුට සැරෙන්වත් කතා කරලා නැහැ...
හැම කෙනාටම අයියේ අක්කේ කියලා කතා කරලා යන්න පුරුදු වෙලා තිබුනේ..හැබැයි හැම කෙනාටම ටිකට් කඩනවා...

අන්තිමට මම අර සල්ලි ටික ගැනලා බැළුවා... විශ්වාස කරනවද එක සතයක් නෑර සල්ලි ටික එකතු වෙලා තිබුණා කියලා කිවුවොත්...

ඒත් ඇත්ත ඒක තමා...

අපේ මිනිස්සු හරි පුදුමාකාර ජාතියක්..
මොන දේ තිබුණත් මිනිහෙක් වැටුන වෙලාවට ඒ මිනිහාව ගොඩ දානවා...

මිනිහෙක් හොඳින් ඉන්න කොට මොන තරං ඒ මිනිහාට බැණ අඩ ගැහැවුවත්...වලවල් කැපුවත් අන්තිමට මිනිහෙක් බින්දුවට වැටුනහම ඒ මිනිහව අත අරින්නේ නැහැ..ඒ අපේ ජාතියේ හැටි...
අදටත් මට නුවර පාරේ යන වෙලාවට දළුගමදි ඔය සිදුවීම සිහියට එනවා...

ඉතිං ඔන්න ඔහොමයි ඒ සිදුවීම අවසන් උනේ...

21 comments:

  1. මාරය මාර බේරිල්ලක්නෙ බේරිලා තියෙන්නෙ.
    කොහොමහරි මාලු කඩේ අයියලට පිං සිද්ධවෙන්න වැඩේ ගොඩ ගිහින් තියෙන්නෙ.
    නැත්තං ඩ්‍රයිවර්ට මාරයගෙ පිහිටයි.
    ඉතිං....ඊට පස්සෙ.

    ReplyDelete
  2. මුලින්ම කරන්න තිබුනෙ ඩ්‍රයිවරයට දෙකක් ඇනල සල්ලි ටික ගන්න එක. ඌත් දැන ගන්න එපැයි මාරය කියන්නෙ කවුද කියල. නැද්ද මම අහන්නෙ.

    ReplyDelete
  3. පුදුම කතාවක් නොවැ මාරයියේ උඹ කියල තියෙන්නෙ. ඇත්ත, හොඳින් ඉන්න වෙලාවට නැති එවුන් අපි බිංදුවට වැටුණාම ඉන්නව....

    ReplyDelete
  4. මාරම මාර සීන් කෝන් එක.....අර ගෙම්බගෙ දතක් කෝකටත් ගලෝල ඉන්න තිබ්බෙ. හික්....
    හැබැයි සමහර පළුවෝ ඉන්නවා කනක් ඇහිල ඉන්න දෙන්නෙ නැහැ...කච බචේ.

    අර ටාගට් මුදල වැටුපට අමතරව නේද බO. සාමාන්‍යයෙන් පළුවෙක්ගෙ වැටුප කීයක් විතරද බO.

    ReplyDelete
  5. අපි ලාංකීය කියන එක තියෙන්නෙ අපේ ලේ වල. ඒ වටිනාකම මචං වෙන රටවල් වල එවුන්ට නෑ. අත්දැකීමෙන්ම තමයි කියන්නෙ....

    ReplyDelete
  6. වෙලාවට සල්ලි ටික එකතු වුනේ.
    නැත්නම් පඩියෙන් සෑහෙන පංගුවක්ම සොරි වෙනවා,

    මටත් මතක් වෙනවා ඔහොම සිද්දියක්,
    මේක උනේ නුවර වැව රවුමෙදි, හැබැයි කොන්දට නින්ද ගිහිල්ලනම් නෙවෙයි බස් එකෙන් කවුරු හරි පනින්න ගිහින් අතේ තිබ්බ මාරු කාසි ටික ඔක්කොම හැලුනා පාර මැද.
    සල්ලි කොහො ඇහිදින්නද එ වාහන ගොඩ මැද.
    ටිකක් විතර ඇහිදින්න ඇති.
    මට තාම මතකයි කොන්දොස්තර මහතගෙ අසරණ බැල්ම

    ReplyDelete
  7. හපොයි ඔයින් ගියා මදැයි.........

    කොහොමටත් හැම මනුස්සයම බොහොම හොඳින් අයියට ඉදලා තියන පාටිය. ඩැයිවැර් අංකල්ට ඊසියා හිතිලා වෙන්නැ........

    ReplyDelete
  8. මාරයගේ වෙලාව හොද දවසක්,,නැත් නම් සොරිම තමා

    ReplyDelete
  9. "අපේ මිනිස්සු හරි පුදුමාකාර ජාතියක්..
    මොන දේ තිබුණත් මිනිහෙක් වැටුන වෙලාවට ඒ මිනිහාව ගොඩ දානවා...

    මිනිහෙක් හොඳින් ඉන්න කොට මොන තරං ඒ මිනිහාට බැණ අඩ ගැහැවුවත්...වලවල් කැපුවත් අන්තිමට මිනිහෙක් බින්දුවට වැටුනහම ඒ මිනිහව අත අරින්නේ නැහැ..ඒ අපේ ජාතියේ හැටි...
    අදටත් මට නුවර පාරේ යන වෙලාවට දළුගමදි ඔය සිදුවීම සිහියට එනවා..."

    ඒ කතාවව් 200% ඇත්ත. අපි අමාරුවෙන් ජීවත් වෙනකම් මිනිස්සු ගොඩාක් උදව් කරනවා. හැබැයි අපි යන්තම් නැගිටල එද්දි අපිව බිමට අදින්න try කරන්නෙත් ඒ මිනිස්සුමයි. මන් හිතන්නෙ අපේ පැත්තෙනුත් වැරදක් වෙනවා ඇති. අපි ඉතින් අපිට හරි ගියපු පුරාජේරුව මුලින්ම පෙනවන්නෙත් අපි ලඟින් ඉන්න අයට නෙ. එතකොට අනිත් එකාටත් හිතෙනවා ඇති මූ ආවේ කොහොමද දැන් කොහොමද කියල.

    ReplyDelete
  10. Ranga...

    එහෙම ඇන්නනං බං එදායිං රස්සාව ඉවරයිනේ..
    එහෙනං මට බස්පළු කතන්දරෙ කියන්ඩ වෙන්නේ මෙතනට එනකල් විතරයි..

    ReplyDelete
  11. udaya.jayawardhana...

    පුදුමත් හිතෙනවා තමා මෙවා අත්විඳින්න උනහමනං ඔං...

    ReplyDelete
  12. Heeniyata...

    ඔව් ඔව්..මාසෙ අන්තිමට පඩි පැකට් එක අඩුවක් නැතිව හම්බ වෙනවා..ටාගට් එක එදිනෙදා දීමනාවක් විතරයි...

    හ්ම්ම්ම්...මට මතක විදියට මගේ පඩි පැකට් එක ඒ දවස්වල..ඒ කියන්නේ 1996 දී වගේ රුපියල් හත්දාහ පන්නලා තිබුණා..
    හැබැයි ඒක හැදුන විදියනං මට මෙලෝ මතකයක් නැහැ..
    අනික ඉතිං ගත්තු ගමන් ආයේ සතයකවත් අඩු නැතුව පොතට දානවා මිසක් මට ඒ දවස්වල ඔක බලන්න තරංවත් ඔන කමක් තිබුනේ නැහැනේ...

    ReplyDelete
  13. දුමී...

    ඒක හරි දුමියෝ..අනිත් එක ඒක ගැන මට වඩා වෙන වෙන දේසදීපංකර වල ඉන්න උඹලටම තේරෙනවා නැතෑ..

    ReplyDelete
  14. AmilaArt...

    අප්පා කම්මුතුයි නෙව...

    ReplyDelete
  15. හා පැටික්කී...

    නැතුව නැතුව නංගියේ...

    ReplyDelete
  16. ItalyDilan...

    සාධාරණයි නං කාට උනත් කවදාවත්ම වරදින්නේ නැහැ බං..

    ReplyDelete
  17. Dinesh_Silva...

    ඔව් ..ඒ අතින් බලපුවාම අපිට වළ කපාගන්නෙත් අපිම තමයි...

    ReplyDelete
  18. 7, 8, සහ 9 දාල කියල දැක්කේ මේ දැන්, 7න් දැනගත්ත ලංගම වැඩ කරලත් නොදැන හිටිය දේවල්(ඉංජිනේරු අංශෙ කෂ්ටිය කොන්දොස්තර මහත්තුරු එක්ක නම් වලියක් නැහැ,හැබැය් සමහර රියදුරන්ව නම් පෙන්නන්න බැහැ. බොරු ජොබ් දාල වැඩ වැඩි කරන නිසා) 8 කියවල ඇස් වලට කඳුළු ආව, 9 ත් කියවලම හෙමීට කොමෙන්ටුවක් දාන්නම් මාරයා මල්ලි.

    ReplyDelete