03 February 2011

මා මරා දමනු මැන...

එදා වාගේ තවත්..
කියවමිය මම නුඹව..
නොහැගෙනා කාරණය..
කිම්ද මා නොම දනිමි..

එක් වරක් හෙම නොවෙයි..
දස දහස් වාරයක්..
යළිදු කියවූ නමුත්..
නොම හැගේ කිසි දෙයක්..

නොහැකි වූ මුත් මෙමට..
ගන්න වටහා නුඹව..
මම දනිමි එක් දෙයක්..
ඒ නුඹද දත් දෙයක්..

හැකිවෙද වෙන්වන්න..
මිතු දමක වෙළිලා..
නිමා වූ පෙම් පුවත..
සදහටම වළදමා..

හමු උනේ දිනක අප..
ජීවිතේ මංසලක..
යළිඳු වෙන් වන්නටද..
දුක් කඳුළු පිරි ලොවක..

කෙලෙස අවසර දෙමිද..
සොඳුරියේ මා නුඹට..
අපේ ලොව බිඳ දමා..
පියඹලා යනු පිණිස..

ඉතින් නොහැකිනම් නුඹට..
මා නමින් රැදෙන්නට..
තවත් සවි නැහැ මෙමට..
ජීවිතය ගෙවන්නට..

සමා වී තව වරක්..
එක් දෙයක් කල මැනව..
ඔඛෙ දෝතින්ම අද..
මා මරා දමනු මැන..

20 comments:

  1. භයානක ඉල්ලිමක් නෙ කරන්නෙ අයියෙ
    කතා වගේම කවිත් මාරයි අයියෙ

    ReplyDelete
  2. පිස්සු නැත්නම් ෂෝක් කවි ටික

    ReplyDelete
  3. මාරයාව මරන්න කාටද පුලුවන්....

    ReplyDelete
  4. මේක ටිකක් බරපතල ඉල්ලිමක් නොවැ මාරයියේ

    ReplyDelete
  5. AmilaArt...

    අන්තිම කැමැත්ත නේ මල්ලි..මොනවා කරන්නද..?

    ReplyDelete
  6. කලිකාල...

    මාත් එහෙම හිතනවා...

    ReplyDelete
  7. තාරා...

    ඔනෑම කාර්යයක් සඳහා නිශ්චිතව වෙන් වූ අයෙක් ඇත්තේමය...

    එහෙම කිව්ව කෙනා කවුද තියලා මට දැන් මතක නැහැ..ආ හරි මතක් උනා..මංම තමා කිව්වෙ..

    ReplyDelete
  8. අකීකරු හිත...

    මොනවා කරන්නද නගේ..කාරණාව ඊට වඩා බරපතල වෙච්චි කොට...

    ReplyDelete
  9. කව්ද යකෝ මරන කතාවක් කිව්වේ....අඩෝ....මරනවා නෙමේ..කපලා මරන්නේ....අඩෝ...පොඩ්ඩේ...කඩු රෙඩිද.....මාරයා මරන්න යන්න තියෙනවා.....ඉකේයියා....

    ReplyDelete
  10. රත්ගමයා...

    ඔන්න රත්ගමයට වරදින තැන...
    මාරයා කඩු වලින් මරන්න ඇහැකි එකෙක් නෙවෙයි...

    ඒකට මාරයාට කිට්ටු වෙන්න පුළුවන් අත් දෙකක්ම ඔන..
    මාරයාම ඒ අත් දෙකට කිට්ටු වෙන්න ඉඩ දීලා තියෙන්නත් ඔන..

    එහෙම නැතිව කඩු ගත්ත අත්වලට බැහැ මල්ලී මාරයාට තියා මාරයාගේ ලොං ගහකටවත් කිට්ටු කොරන්ට...එහෙම මරන්ට ඇහැකි උනානං මාරයා මැරිලා මීට හුගාක් කල්...

    ReplyDelete
  11. බස් එකේ යනකොට කියපු එකක් වෙන්න ඇති.

    ReplyDelete
  12. "එක බස් එකක් මිස් වුනොතින් තවෙකක යා හැකිය...."

    ReplyDelete
  13. දස දහස් වරක් නුඹ
    කියෙව්වත් මාව..
    වටහා ගත්තේ නැහැ...
    ඒ කාලය අතරතුර...
    ඉවසුවා මම ..
    මුලු කාලයම..
    හැරෙයි නුඹේ වෙනස දැකුමට...
    පොදි බැදගෙන....

    පැතුවේ මා ඒ ආදරය...
    එදා සේයි අදත් වෙනස් වී නැ..
    එක තත්පරේකට...
    හඩන සිත එකතු කරගෙන...
    පොදි බැදගත්තා මා නුඹ හැරුමට..
    අඩන් නුඹ යලිමතු කාලේක...
    නොහැකිවෙයි මට නුඹේ ඔය පැතුම...
    ඉටු කෙරුමට කිසිකලෙක...කිසි දිනක...

    මාරයියා තරම් නම් මට බැ කවදාවත් ලස්සනට ලියන්න... :)

    ReplyDelete
  14. @Observer
    "එක බස් එකක් මිස් වුනොතින් තවෙකක යා හැකිය...."

    අැත්ත තමයි එත් ඉතිං AC කරපු සැප බස් හැම වෙෙල්ම එන්නෙ නෑ නෙ...

    ෙන්ද මාරයියෙ.....?

    ReplyDelete
  15. Praසන්ன...

    අනේ නැහැ...
    කෙනෙකුට උත්තරයක් දෙන්න ගෙහුං කවියක් රචනාවක් වෙච්ච සංගදියක්...

    ReplyDelete
  16. Observer...

    තිබුණා උනත් දස දසක් බස් පාරෙ..
    එක බසයකට මිස දෙකකට නැත ලෝලේ..

    ReplyDelete
  17. Aruna...

    නැත්නං..නැත්නං මල්ලියා..

    ReplyDelete
  18. නිම්ශා...

    දිනය අද උදාවිය..
    නුඹෙන් මා සමු ගන්න..
    වේදනා පිරි ලොවක..
    මරණයට දින ගණින..

    අඳුරු කුටියක සිරව..
    එළියකුදු නොම දකින..
    නුඹෙන් තොර ලෝකයක..
    මරණයට අත වනන..

    ඔබට නොම වැටහුනත්..
    මා දිවිය ඔබ සතුය..
    එය රැඳී තිඛෙණුයේ..
    ඔබේ සුසුම් වැල් තුලය..

    ඉඳින් අප දෙදෙනකුද..
    නුඹ සිතයි නම් එලෙස..
    මෙයින් මතු මගේ දිවිය..
    අවසන්ය සදහටම..

    යාන්තං පටල ගත්තා.. චූටි කවිකාරි..මාව ලොකු අමාරුවක දැම්මා...

    ReplyDelete
  19. කරන්න අමාරු ඉල්ලිමක් නේද?
    ලස්සනයි !!

    ReplyDelete
  20. ස්වප්නා...

    රට වටෙම ගිහින් ආයෙමත් ගෙටම ආවා...
    දැන්නේ කොමෙන්ටුව දැක්කේ..?

    අමාරුයි වගේද..?හ්ම්ම්..අනේ මන්දා..අමාරු උනත් කළ යුතුම නම්..

    ස්තූතියි..

    ReplyDelete