03 February 2011

කිම්ද කාරණ..

පුංචි තරුවක්..
ඈත අහසේ..
වළා අතරේ..
සැගවෙලා..

මන්ද නොදනිමි..
කියන රහසක්..
තිඛෙනවා වැනි..
හිනැහිලා..

කිම්ද කාරණ..
වන්න ඒලෙස..
නොම ඇතේ..
මට වැටහිලා..

යන්න ඈතක..
පුංචි තරුවේ..
ඉන්න බැහැ..
මට ඉවසලා..

31 comments:

  1. වළා අතරින්
    මතුව ආවෙමි
    ඔබේ නෙතු යුග
    සොය සොයා

    නොමැත රහසක්
    ආදරේ මිස
    ඔබට කිසිදා
    නොදැනෙනා

    යන්න කීමට
    කොහොම ඔය ලෙස
    දුන්නෙදෝ හිත
    වෑවිලා

    යන්න යන්නෙමි
    එන්න මතුදා
    එකතු කර හිත
    එක ලෙසා

    ReplyDelete
  2. ස්වප්නා...

    බොහෝම කාලෙකින් දැක්කේ..ස්තූතියි..
    කමෙන්ටුවක් මැකී ඇති බවක් පෙන්නුම් කරනවා..

    ReplyDelete
  3. ශා මාර යුග නිසදැසක්.comment එක දාන්න හිතුවෙ ලියපු කෙනාට. ඒත් යටින් තියන comment එක දැක්කට පස්සෙ කියන්න වෙන්නෙ. ලස්සන නිර්මාණ දෙකක් කියල..........

    ReplyDelete
  4. ඔව් ඇත්තටම ලස්සන නිර්මාණ දෙකක්... :)

    ReplyDelete
  5. Blog Walk on Dew...

    ඇත්තටම පළවෙනි එකට දෙවැනි එකෙන් ආලෝකයක් ලැබුනා..හරි නේද..?

    ReplyDelete
  6. නිම්ශා...

    කිම්ද කාරණ..?

    ReplyDelete
  7. තරුවක් පායලාලු....
    සැගවිලාලු...
    යන්න ගියාලු...

    චික්...කෑවා කෑවා.....මගේ ෆීලින්ග් එක කෑවා....පෝස්ටර් ගහන්න යන්න කියලා කෝල් එකක් ආවා...දැන් ඉතින් ඉමොෂනල් එක ගියා..පුරුදු කුප්ප කොමෙන්ට් එකම තමා....ඉකේයියා......ටටා...ඉස්පිරිතාලේ ඉදියොත් බලන්න එන්න ඕන හරිය....

    ReplyDelete
  8. ඔව්. කවි දෙකම ලස්සන්නයි...

    ReplyDelete
  9. ආදරේ ඇත්තටම සුන්දරයිලු.ඒත් අයියා අක්කා මමනම් තාම විදලා නෑ.ඒත් කවි දෙකනම් කප්පරක් ලස්සනයි,

    ReplyDelete
  10. රත්ගමයා ...

    හොඳ වෙලාවට කෝල් එක ආවෙ..නැත්තං පටන් අරං තිබුනු විදියට වෙන්න ගිය දේ මට හිතා ගත්තැකි...
    ඈ බං මං අනාවැකියක් කියන්නද..?උඹ පෝස්ටර් ගැහැවුවොත් ඒ කෙනා ඉතිං..හෙහ් හෙහ්..?මං කිව්වයි කියලා හිතා ගනින්කෝ මලේ..

    ReplyDelete
  11. තාරා...

    ස්තූතියි..ටිකක් අළුත් කෙනෙක් පාටයි..?

    ReplyDelete
  12. යන්තර බණ්ඩා...

    බය වෙන්ට එපා මලයා..ඔහොම යනකොට විඳින්ට හම්බ වෙයි..ඊට පස්සේ ඉතිනං කවි සිංදුත් ලියවෙයි...

    අදම තමයි මං මුන්නැහේවත් දැක්කේ..ස්තූතියි මලයා...

    ReplyDelete
  13. වළා අතරින්
    එබී බලමින්
    පුංචි තරුවක්
    හිනැහෙනා

    හිත හිතා ඒ
    කිම්ද කාරණ
    මාර දිව් පුත්
    ලතැ වෙනා

    යන්න කියනට
    පළමු තොරතුරු
    පුංචි තරුවෙන්
    විමසලා

    කරුණු කාරණ
    කතාබස් කොට
    විසඳුනානම්
    හොඳ තමා

    ReplyDelete
  14. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත...

    මගෙ අම්මෙ අදනෙ දවස..?
    එකකට එකක් දෙවෙනි නැහැනෙ..

    ස්තූතියි බොහෝමත්ම...

    ReplyDelete
  15. කවි නම් ලස්සනයි මාරේ අයියේ .. ඒත් ලඟදී ඉඳලා මොකද්ද මේ ආදර ඌස්නයක් ගහලා තියෙන්නේ ? මටත් අහන්න තියෙන්නේ එච්චරයි කිම්ද කාරණ..?

    මාරේ අයියා අපට හොරෙං ..කැදැල්ලක් තනන්න වත් ..

    ReplyDelete
  16. හිස් අහස...

    හෆොයි මල්ලියේ...
    බය හිතෙන කතා නොකියා ඉඳින් කොල්ලෝ...

    ReplyDelete
  17. හ්ම්ම්ම්... ලස්සන කවි ටිකක්. :)

    ReplyDelete
  18. @ මාරයාගේ හෝරාව
    එහෙම කිව්ව කියල වරදක් හිතන්නෙ නැත්තම්, ඒක මෙහෙම කියන්නම්, දෙකම එකට කියෙව්වහමයි ලස්සන.

    ReplyDelete
  19. මට නම් ඇඩෙනෝ....

    ReplyDelete
  20. @ මාරයාගේ හෝරාව : මොකක්ද අනේ. කමෙන්ටුවක් මැකී ඇත කියන්නෙ? මම ලියපු ටික නං ඔක්කොම තියනෝ.

    @ සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත.: හිකිස්. ඔය එන්නෙ මරු යෝජනාවක්.. ලස්සන අදහසකුයි, කවියකුයි දෙකක්ම :)

    අනික් අය ඔක්කෝටම: ස්තුතියි අගය කලාට. මාරයියට තරහ ඇවිත් නැතුව ඇතිනෙ මම ඔයාගෙ බ්ලොග් එකේ ඉඩක් ගත්තට :( :)

    ReplyDelete
  21. කොට ජීවිතේ...

    ස්තූතියි..හා කියමුකෝ බලන්න ඒ දවස්වල අර පාසල් උන්දෑ කියපු කවිත්..?

    ReplyDelete
  22. Praසන්ன...

    හැමදාමත් වගේ ස්තූතියි යාළුවා..හැබැයි මං විතරක් නෙවෙයි අර දෙන්නත්වෙනුවෙන්..

    ReplyDelete
  23. Blog Walk on Dew...

    ඒක හරි..ඒත් වැඩෙ දැන් දෙක තුන වෙලානේ..

    ReplyDelete
  24. prasanna86k...

    අනේ ලොකු දෙයක්..
    කාගේ තහනමක්ද..අඩපිය..

    ReplyDelete
  25. ස්වප්නා...

    නැහැ මට ඊමෙල් එකෙන් පෙන්නනවා තව ඔයා එවපු එකක්..ඒත් එක මෙතන නැහැ..මං හිතන්නේ ඔයා බ්ලොග් එක හරහා මෙල් කරපු එකක් වෙන්න ඇති..

    මොකටද අප්පච්චියේ මං තරහා වෙන්නේ..මගේ පුංචි පද හතරට වටිනාකමක් දුන්න එකටද..?
    ඔයා විතරක් නෙවෙයි "සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත" අයිති කෙනාටත් මං ස්තූති වන්ත වෙන්න එපැයි..

    ReplyDelete
  26. හයියෝ ඒක මෙතන තියනවද බලන්න ....
    http://ctkumara.blogspot.com/2011/02/blog-post.html
    හ්ම්ම්ම්

    ReplyDelete
  27. ස්වප්නා...

    හනෙ අම්මෙ..දැන්නම් මගෙත් වයර් මාරු වෙලා තියෙන්නේ...
    තියෙනවා නේන්නම්...
    තැන්කූ...

    ReplyDelete
  28. ඇත්තටම ලස්සනයි..
    :]

    ReplyDelete
  29. මජන් කාක්කන්ට මොන කවිද, කියෝලා බැලුව කවි සැට් දෙක තුනම. තේරුනේ නැති වුනාට ඔන්න ඔහෙ "මරු " කියල කියන්නන්.

    ReplyDelete