04 February 2011

පොරොන්දුවක් ඉටු කිරීමක්...





අද ඉතිං කරන්න අත ගැහැව්වේ මෙච්චර කාලයක් මේ බ්ලොග් එක හරහා කරාපු දෙයක් නං නෙවෙයි..ඒත් දුන්න පොරොන්දුවක් ඉටු කිරීම පිණිසම ඔන්න ඔහේ කරලා දාන්න හිතුවා..

ඒත් මෙක එච්චරම සාර්ථක වැඩක්නං නෙවෙයි..ඒකට හේතු ගොඩක් තියෙනවා..
ආ ඊට කළින් කියන්න එපැයි මොකද්ද කරන්න හදන අටං පහුර කියලා...
අතක් බලන්න තමයි ලෑස්තිය...
ඒ කිව්වේ මේ හස්ත රේඛා පරීක්ෂාවකට තමයි සූදානම..

ජෝතිෂ්‍යය වගේම ඒ හා බැඳි හරි අපූරු ශාස්ත්‍රයක් තමයි මෙ අත් බැලීම එහෙමත් නැත්තං හස්ත රේඛා පරීක්ෂාව කියන්නෙත්...

මට මුළින්ම මේ හස්ත රේඛා පරීක්ෂාව ගැන උනන්දුවක් ඇති උනේ මට වයස අවුරුදු දහසයේදී විතර තමයි..ඒ මං සාමාන්‍යපෙළ විභාගෙට මුහුණ දීලා අර ගෙදරට වෙලා හිටි අවදියනේ..

ඔය කාලේ ඉතිං ප්‍රධානම ජීවන පුරුද්දක් වෙලා තිබුනේ මල ගෙවල්වල නයිට් ගැසීම තමයි..ඒ ගැනත් වෙනම ලිපියක් හෝ දෙකක් ලියන්න හිතං ඉන්න හින්දා ඒ කතා පස්සට තියමු..
ඉතිං ඔය මළ ගෙදරකදී දවසක් රෑ යාමෙක අපිට අහු උන ටිකක් මැදි වයසත් ඉක්මවා යමින් හිටිය ගෑණු මනුස්සයෙක් හින්දා තමයි මං මේ විෂය ගැන උනන්දුවක් දක්වන්න ගත්තේ..මුන්දෑ එදා එතන හිටිය අපි දෙතුන් දෙනා..දෙතුන් දෙනා කිව්වේ මමයි තව එක කොල්ලෙකුයි..අපි දෙන්න පැණි හල හල එළි වෙනකල් කැරම් ගහපු කෙල්ලෝ දෙන්නයි තමයි...

අපිට පිස්සු උනාට අනිත් උන්ට පිස්සු නැති හින්දා මුළු මල ගෙදරටම ඇහැරිලා හිටියේ අපි හතර දෙනා විතරයි..
ඒකටත් ඉතිං හේතුවක් තිබුනා..
කියන්නද..?
මේවා අප්පා කියලත් බැහැ නොකියත් බැහැ..ඇත්තටම ඒ වෙනකොටත් මළගෙදර නිමිත්ත උන වයසක ගෑණු එක්කෙනා මැරිලා තිබුණේ නැහැ..තාම පණ අදිනවා..ඒත් ඉතිං දැන් කොයි වෙලේ පණ යයිද කියන්න බැහැ..ඒ තරමට අසාධ්‍යයි..ඉතිං අපි මෙ ඇහැරිලා ඉඳගෙන කරන්නේ ඒ මනුස්සයගේ පණ කෙන්ද යනකල් මුර කොරන එක..

දැන් ඉතිං හිතා ගත්තෑකිනේ මොකද මේවා කියන්න බැරි කියලා..

කොහොම හරි එදා අපි හතර දෙනාට එකතු වෙච්ච මේ ගෑණු මනුස්සයා..අපිත් එක්ක සෑහෙන වෙලාවක් කතා බස් කර කර හිටියා..ඒ අතරේ තමයි මේ අත් බැළිල්ල ඇදිලා ආවේ..ඇත්තටම අපි එච්චර වෙලා කලේ අර මනුස්සයාව අවුස්සලා විහිළු කරන එක තමයි.ඒත් මාතෘකාව වෙනස් උනාට පස්සේ තමයි අපිත් පුදුම උනේ..අර ගෑනු මනුස්සයා යංතං අටේ පංතියටවත් ගිහින් තිබුනු කෙනෙක් නෙවෙයි..ඒ වගේම පරම්පරාවෙන් ලැබිච්ච දැනුමකුත් නැහැ..ඒත් අපි හතර දෙනාගේ අත් බලලා කිව්ව දේවල් ඇත්තටම හරිම පුදුමාකාරයි...

පස්සේ මම මේ මනුස්සයත් එක්ක සෑහෙන්න කතා බස් කර කර හිටියා..මේ උන්දෑ උන්දෑට අහුවෙච්ච සාස්තර පොත් කෑල්ලකින් තමයි මේ හරිය ඉගෙන ගෙන තියෙන්නේ..අන්තිමේදී එදා එළිවෙනකොට උන්දෑ ඒ තමන් දන්න දෙයින් හුගාක් හරිය මට කියා දුන්නා..මාත් මොනවා උනත් හොඳ ගෝලයානේ..පුළුවන් තරං අර කිව්ව දේවල් අනුගමනය කරමින් වැඩේ ටිකක් අල්ලා ගත්තා...

අන්තිමට ඉතිං පහුවදා ඉඳලා මාත් දැන් අර ඉගෙන ගත්ත දේවල් අත්හදා බලන්න හිටය අයගේ අත් බලනවා...
වැඩේ සෑහෙන්න නැගලා යනවා...අනික ඉතිං දන්නවනේ..ඔය සාස්තර ඇහිල්ලට වැඩියම ආස මොන පාර්ශවේ අයද කියලා..මාත් ඉතිං කිසිම අහිතක් නැතිව...හොඳට ඒ පැත්ත මේ පැත්ත පෙරල පෙරලා..උස් මිටිකං බල බල..රේඛා අත පත ගාගෙනම වැඩේ කරනවා..හැබැයි ඉතිං ඒ ගැන මං විහිළුවෙන්ම කියනවා...

ආ දෙන්න අක්කේ..අක්කා උනාට ඒ හැටි වයසක්යෑ ඔනනං මට වඩා මාස පහක් බාල ඇති... ආයේ ඉතිං කවදා අල්ලන්න හම්බවෙන අත්ද..දෙන්න දෙන්න අපි බලමු...ඕන්න ඔහොම කිය කියා වැඩේ කරගෙන යනවා...ඇත්තටම සෑහෙන්න සාර්ථක වැඩක්...

ඒත් ඉතිං කාලයක් යනකොට ඔය කොයි දේත් අල්ලලා දානවනේ..හැබැයි පස්සෙන් පහු කාලයක ආයෙමත් ජොතිෂ්‍යත් එක්කම ඔය සාස්තරේ මං ටිකක් විතර ඉගෙන ගත්තා..හැබැයි පරතෙරට නෙවෙයි..
ඒ හින්දා දැන් යාංතං අතක් හම්බ උනහම ටිකක් විස්තර ටිකක් කියන්න ඇහැකි..

ඔය දේටම තව එක දෙයක් එකතු කරන්න තියෙනවා...

ඔය ජොතිෂ්‍යය වගේම හස්තරේඛා පරීක්ෂාවටත් ඒ විෂය පිළිබඳ ඉගෙනුම වාගේම අවශ්‍ය දෙයක් තමයි සසර හුරුව කියන දේ..
මොකද මං අත්දැකීමෙන්ම දන්නවා සමහර අතක් හෝ...කේන්දරයක් අතට ගත්තහම මට කියවෙන දේවල් තියෙනවා...
හැබැයි ඒ එකක්වත් මෙච්චර කාලෙකට මං ඉගෙන ගත්ත විෂය කරුණු අතර නැති දේවල්..ඒත් හරියටම හරියන දේවල්...ඒ දේ එන්නේ සසර පුරුද්ද හෝ කුමන හෝ අපට ගෝචර නොවන කරුණුක් උඩය කියන දේ මං තදින් විශ්වාස කරන දෙයක්...

සමහර විට අපි මානසික රෝගීන් ලෙස හදුන්වන සමහර අය ගාවත් මේ දේ මං දැකලා තියෙනවා...නමුත් ඉතිං පිස්සෝ කියන කතා ගණන් ගන්නේ කවුද..?
අනික ඒ කියන කාරණය පිළිබඳව යම් තරමක හෝ පැහැදිලි කිරීමක් කරන්න ඒ අය සමත්කම් දක්වන්නේ නැහැ...
මාත් පිස්සෙක් නිසාදෝ මටත් ඒ වගේ දේවල් කියවෙනවා ඇති..ඔන්න අනිත් අය කියනකල් නොහිට මංම කිව්වා...

ඉතිං ඔය විෂය ඇදලා ගත්තොත් අද මේ කරන්න යන දේ කරන්න වෙන්නේ නැහැ..ඒ හින්දා ඒ කතාව කපලා පැත්තකින් තිබ්බා...

ඉතිං මං කිය කිය හිටියේ..
අද මේ කරන්න යන වැඩෙට මට සම්පූර්ණ අවධානය යොමු කරන්න අමාරුයි..ඒකට හේතුව තමයි ඡායාරූපයක් දිහා බලාගෙන මේ දේ කරන්න වීම...
මොකද ඇත්තටම අතක් අල්ලලා..අත ගාලා බලලා කියනවා වගේ නෙවෙයිනේ අප්පා..
දැන් හිතන්න එපා මොකටද අත අත ගාන්නේ කියලා...
ඇත්තටම අතක උස් මිටිකම් හොඳට බලන්න ඕන..මොකද අතක් කියන්නේ නිකං පොළව වගේ තැනක් ඒ පොලොවේ උස්තැන් පාත් තැන් වගේම හයිය රළු තැන් තියෙනවා..ඒ වගේම මෘදු මොලොක් තැන් තියෙනවා..
ඒ වගේම අතක නම්‍යශීලී භාවය දැන ගැනීමත් හරි වැදගත්...ඒ උස් මිටිකං මෘදු මොලොක් ගති පිළිබඳව අවබෝධයක් නැතිව කොහොමද අතේ ග්‍රහ මණ්ඩල වල ප්‍රභලත්වය තීරණය කොරන්නේ..?

ඒ හින්දා මීට පස්සේ ඔය අතක් බලන්න ගියහම සාස්තරය බලන කෙනා ඕනවට වඩා අත අතගානවා ඔබනවා මිරිකනවා කියලා අහිතක් හිතන්ට එපා ඕං..ඒවා ඉතිං ඒ වැඩේට ඕන කරන පරීක්ෂා කිරීම්ම තමා...

දැන් කට්ටියට හිතෙනවා ඇති සාස්තර බලන්න ඉගෙන ගත්තනං හොඳයි කියලත්...ඒත් ඉතිං කාගේවත් අත් අත ගෑවාට ඇති වැඩක් ඇතෑ..

...........................................................



හරි අපි දැන් මේ අත් දෙකට යොමු වෙමු...
ඇත්තටම මට හම්බ වෙලා තියෙන්නේ අත් දෙකේ සාමාන්‍යය ඡායාරූප දෙකක් විතරයි...
ඒකත් සමතල පසුබිමක නැහැ..ඒ වගේම අත්වල පිටුපස පැත්ත..ඇගිළිවල ස්වභාවය..අත්වල ඇගිළිවල විහිදීම ඇකිළිම වගේම අතේ පැති රේඛා එහෙම මුකුත් නැහැ...

මේ ඡායාරූප ලබාදුන් කෙනා පොල්ලෙන් ගහනවා වගේ මට මේ අත් දෙක දුන්නා එයින් එහාට වැඩි පුර ඡායාරූප දුන්නෙත් නැහැ..ඒත් දැන් මට කියන්න වෙලා තියෙනවා සාස්තරයක්..

ඉතිං මේක සාධාරණ නැහැ කියලා දන්නවා උනත්..මාත් ඔය කිසිම දෙයක් ලේසියෙන් අරින්නේ නැති හින්දා..ඕන කෙහුරක් මෝය කටින් එළියට කියලා..මාත් කියලා දාන්ටයි කල්පනාව...

ඒ වගේම හොඳ නරක දෙකම කියන්ට කියලා ඉල්ලීමක් තිබ්බට මගේ පෞද්ගලික සෞඛ්‍ය ගැටළුවක් නිසා නරක පාර්ශවය ටිකක් විතර හලලා කියන්ට වෙනවා...ඒ මොකක්ද ඒ සෞඛ්‍ය ගැටළුව කියලා මම පස්සේ වෙලාවක කියන්නං..හරි

.......................................
අපිට හස්ත රේඛා පරීක්ෂාවේදී හමුවන ප්‍රධාන අත් වර්ග අතුරෙන් මේ අත අපිට දාන්ට පුළුවන් දාර්ශනික අත් ගොන්නට..ඒ වගේම චෛතසික අත් වගේම කලා අත්වලටත් සම්බන්ධයක් තියේදෝ කියලාත් තරමක් හිතෙන හින්දා මිශ්‍ර අත් කොටසට දාන්න පුළුවන් උනත්..මම කැමතියි මූලිකවම දාර්ශනික අත් ගොන්නෙහි තියාගෙන මේ අත විස්තර කරන්න..මොකද වැඩි නැඹුරුවක් එ පැත්තට තියෙන නිසා...

මෙවැනි අත් හිමි අය බොහෝම හිතන පතන ඒ වගේම සුවිශේෂී පරාසයක් තුල හෝ පැතුරුනු පරාසයක් තුල විවධාකාර හැදෑරීම් කරන්නන්..පරාසය පුළුල් වෙන්න වෙන්න ඒ හැදැරීම් දුර්වල වෙනවා වගේම..පරාසය පටු වෙනකොට ඒ හැදෑරීම් බොහෝම ගැඹුරින් කෙරෙනවා...
මේ අත් හිමි කෙනාට බොහෝම පුළුල් පරාසයක කටයුතු කරන්න හැකි කෙනෙක් නෙවෙයි..සීමා මායිම් ඇතිව ඒ සීමාවන් ඇතුලේ ඉඳිමින් කරනු ලබන හැදෑරීම් වළින් බොහෝම දියුණුවක් ලබන කෙනෙක්..
ජීවිතය පිළිබඳව ලෝකය පිළිබඳව සාමාන්‍ය අයෙකුට වඩා වෙනස් අර්ථකතන මේ අය තුල තියෙනවා...
වෙලාවකට සිතීම් උපරිම තත්වයකට යාම මගින් යම් යම් මානසික රෝගී තත්වයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවයකුත් මේ අත් දෙක ඇතුලේ රැඳිලා තියෙනවා...

ලෝකයට අළුත් දේ දායාද කරන්න..තමා අවට සරන්නන් වෙනත් මගක ගෙන යාමේ සුවිශේෂී හැකියාවක් මෙ අත් දෙකට තියෙනවා...

එදිනෙදා සමාජයේ තිඛෙන දේ හා ගැටෙනවා අඩුයි..ලෝකයට උවමනා විදියට තමාව වෙනස් කර නොගෙන තමාට රිසි ආකාරයට ලෝකය තුල ගමන් කිරීමටත් ඒ නිසාම සමහර වෙලාවල්වලදී සමාජයෙන් ඈත්වන ස්වභාවයක්ද පේන්න තියෙනවා...

කරනු ලබන කොයිදේ උනත් මනාව ඉගෙන ගැනීමකින් පසුව හරියට නූලටම කරන්න හැකියාව තියෙනවා..ඒ වගේම නොදන්න දේවල් කරන්න ටිකක් පස්ස ගහන ස්වභාවයත් හිමියි...සමහර තැන් වලදී ආත්ම ශක්තියේ යම් හීන වීමක් තියෙනවා...

පුද්ගල ආශ්‍රයේදී ඉතා සීමිත පිරිසක් අතර හැර වඩා විශාල පිරිසක් තුල දෝලනය වෙන්න වැඩි කැමැත්තක් නැහැ..ඒත් වැඩි පිරිසක් අතර හිතවත්කම රදවා ගැනීමට හැකියාවත් තියෙනවා..නමුත් එයින් සුවිශේෂී කරගන්නේ ඉතාමත් සීමිත කිහිපදෙනෙක් පමණයි..නමුත් ඒ දෙය පිටතට සගවා තැබීමට ඇති හැකියාවක්ද සතුයි..

මේ වැනි අත් හිමි අය මහා ධනයක් ඉතිරි කොට තබා මිය යන අය නොවන බවත් කිව යුතුයි..දනට පිනට...අන් අයගේ උවමනාවන් සඳහා තම දේ වැය කිරීමට වීම ඊට හේතු වෙන අතරම ඒ පිළිබද දුකක් හෝ කලකිරීමක් හිතේ ඉතිරි කරගන්නා බවක්ද පේන්න නැහැ...තේරුම් ගන්ට ඕන නොලැඛෙනවා නෙවෙයි..ලැඛෙන දේ පල නොදෙනවා කියන එකයි..හරිනේ..

තව එක් දෙයක් කිව යුතුයි..මා මෙ අත් හිමි කෙනාව දන්නා බැවින් මේ කියන දේ වැරදි බව දනිතත්..පේන්නට තිඛෙන කරුණු අනුව..දෙමාපියන් හා සම්බන්ධය තරමක් අවිධිමත් කියලාත් කියන්න ඕන...ඒ ගැන ඊට වඩා අවශ්‍ය කරන්නේ නැති හින්දා ඒ ඇති.

හරි ඊ ළගට ප්‍රධාන රේඛා පිළිබඳව ඒ කියන්නේ පීවන..ශීර්ෂ..හා හෘද..ඒ රේඛා අනුවත් කිව යුතු දේට වඩා නොකිව යුතුදේ තමා පේන්නේ..

හොඳ ජීවන තත්වයක් හිමියි..තමාටම ආවේණික පෞර්ෂත්වයක් තුල පිහිටා වැඩ කටයුතු කළ හැකි අයෙක්...
සිතුවිලි හා කල්පනාවේ පැහැදිලි බිඳ වැටීමක් පෙන්නුම් කරනවා...

ජීවිතයේ කවදාක හෝ තදබල විදියේ මානසික ගැස්මකට මුහුණ දී තිඛෙන හෝ..ඉදිරියේදී එසේ වන්නට හැකිය...
සමහර විට කෙළින් තීන්දුවක් ගන්න බැරිකමත්..දකින්න තියෙනවා...
පැහැදිලි කරුණාවන්ත හදවතක උරුමයත්..ඒ හා බැඳි දුර්වලතාත් පෙන්නුම් කරනවා...

මීට වඩා දේ කිව යුතු උනත් ඒ සඳහා මට ලැබී තිඛෙන ඡායාරූප ප්‍රමාණවත් වෙන්නේ නැහැ..
ඒ හින්දා විවාහය..දූ දරු සම්බන්ධතා ගැන විග්‍රහ කිරීමට යෑම සුදුසු වන්නේ නැහැ...

අනික ඉතිං ලොකුම පරහා දන්නවනේ..ඒ හින්දා මේ ඇති...

41 comments:


  1. http://www.facebook.com/photo.php?pid=1659042&l=13f5dcc7ec&id=685407931


    මෙන්න මගේ අතත් තියෙනෝ. පෙනෙන ඕනෙ දෙයක් කනට ගහනව වගේ කියල දාපියෝ

    ReplyDelete
  2. මකරා...

    මදැයි කොලා..දැන් හරිනේ අහගත්තනේ...

    ReplyDelete
  3. මාරයා අයියා ඔය ගෑන ලියවුනු හොද් පොත්ක් හෙම දන් නෑද්ද අපට අරන් කියවන්න...

    ReplyDelete
  4. අලව්ව ඩිපෝවේ වැඩ කරන කාලේ ආරංචියක් ආව නෙලුන්දෙනිය පාරෙන් හැරිලා යන පාරක කෙටි දුරක් ගියාම බොහොම බලගතු කපු මහත්තයෙක් දේවාරුඩයෙන් සාස්තර කියනව කියල. එවකට හිටපු ඩිපෝ මැනේජෙර් මහත්තයය් මමය් ගියා සාස්තර අහනවට වැඩිය වැඩේ ඇත්තද බලන්න, මොකද අපි දෙන්නම ඕව ගැන විස්වාසයක් තිබුනෙ නැති හින්දම. අපි ගියේ මෝටබය්සිකලෙක. සෙනග හරියට හිටිය සාස්තර අහන්න ඇවිල්ල, වැඩේ නැගල යනව තාවකාලිකව හදාගත්ත දේවාලයක් ඇතුලේ. අපිට පුජාවල් කන්නලව් අරව මේවා ඇහෙනව, ඇරෙන්න, හරියට මොකද වෙන්නේ කියල මුකුත්ම පෙන්නේ නැහැ. හිටි හැටියෙ කපුවා එලියට ඇවිල්ල කියපි "ඔය මෝටබ්ය්සිකලයක් කකුල් දෙක අස්සෙ ගහගෙන ආපු නර පනුවො දෙන්න දෙවියන්ගෙ උදහසට ලක්වෙලා තියෙන්නෙ, දෙවියන්ගෙ දඬුවම් වලට ලක් වෙන්න කලින් මෙතනින් පිටවෙලා යනව හොඳය්. මෙතන එනව ඇත්ත නැත්ත හොයන්න" කියල තව මොන මොනවදත් කුටු කුටු ගෑව. වටේ ඉන්න සෙනගත් දැන් අපට "රවරින්". අපි ඉතින් මොනවා කරන්නද හොල්මන් වෙච්ච පාර බ්ය්සිකලෙත් තල්ලු කරගෙනම නැට්ට පු* ගහගෙන එතනින් පිටවෙලා,පාරට ඇවිල්ල බ්ය්සිකලේ ස්ටාර්ට් කොරගෙන ආපහු ඩිපෝවට ආව. ටිකක් කල් ගිහින් තමය් වෙච්ච් සිද්ධිය ඩිපෝවට ආරංචි වුනේ හොඳ වෙලාවට.

    ReplyDelete
  5. අසංක Asanka...

    මම හොයලා බලලා මල්ලිට කියන්නංකෝ...

    ReplyDelete
  6. Observer...

    හෙහ් හෙහ්..
    වැරදිලාවත් එතන හිටිය අය එක්ක තමුන් ආපු හේතුව කිය උනේ එහෙම නැහැනේ..?

    ReplyDelete
  7. අයියණ්ඩි මගේ අත්ලත් ඊයකින් එවන්නද?

    ReplyDelete
  8. කීප දෙනෙක් එක්ක කතා කර කර නං හිටිය,අපි දෙන්නටත් ඔය සැකේ මතු වුනා,එතන හිටපු අයගේ භක්තියේ හැටිය අපි දෙන්නගෙන් එකෙක් වත් අවිශ්වාසෙන් ඉන්නේ කියල පෙන්නුවා කියල හිතාගන්න නං අමාරුය්,ඇත්තටම අපි දෙන්න ඕක ගැන දහ අතේ කල්පනා කරා.

    ReplyDelete
  9. ඔය වැඩේ විධිමත් ආකාරයකට පවත්වාගෙන යන්නකො මෙයා. එතකොට අපිටත් පුළුවන්නෙ පඬුරක් පූජ කොරලා සාත්තරයක් අහගන්න.

    (දැන් ඉතින් කියයි මොකක් හරි පණ්ඩිත කට කැඩිච්ච කතාවක්.)

    ReplyDelete
  10. Observer...

    මොකද සමහර විට ඔය මිනිස්සු අස්සෙම ඉන්නවා දේවාලෙන්ම දාපු මිනිස්සුත්..ආන්න ඒ වගේ කෙනෙක්ට මීටර් උනානං මොකටද ඇවිත් තියෙන්නේ කියලා..බඩුම තමයි ඉතිං..හැබැයි එහෙම නැතිව ටක්කෙටම ආරූඩයෙන් කියන තැන් මටත් අහුවෙලා තියෙනවා..

    ReplyDelete
  11. උන්නැහේ...

    අපෝයි..කට වහං ඉන්න හැදුවට මක්කොරලවත් ඒක කොරන්න බැහැ නෙව...

    මං දන්නවා ඔය දරුවා මොකක්ද අහන්ට යන්නේ කියලනං..ලැයිසොමක් ගැන නේද..?

    හා හා දරුවා..ඒක මෙ ළමයාගේ අතටම ඊ ළග භද්‍ර කල්පයේ මුලදී වගේ ලැඛෙන්ට ඇහැකි..හා පඩුරු ඔප්පු කලානං...

    ReplyDelete
  12. මෙන්න ආ මරෙ අය්යෙ මගේ අතත්. දැන් බලල කියන්න පඬුරු හැටියට පස්සෙ වෙලාවක බෝතලයක් අරන් දෙන්නම්.

    ReplyDelete
  13. හරි හරි දැන් කට්ටියම මාරයට අත්දෙක දීල කන්නකො පරිප්පු.

    ReplyDelete
  14. අනේ බං මගෙ අතේ රේඛා සේරම ගෙවිල ගිහිල්ල තනිකඩ කාලෙ කරපු කෙළිවලට. තව අඩුරුද්දකින් හමාරකින් ආයෙම මතු උනාම එවන්නෙයි පින්තූරයක්?

    ReplyDelete
  15. Ranga...

    චෑ චෑ මල්ලි..අපි ඔය බෝතල්වලට යටවෙන්නෙ නැහැ...විහිළුවටවත් එහෙම හිතන්නවත් එපා...

    (මොනවද දන්නෙ නැහැ ජාතිය නේද..?)

    ReplyDelete
  16. Praසන්ன...

    අත්දැකීම් මත පිහිටා කරන අවවාදයක් වගේ මට නිකං දැනෙනවා..හෙහ් හෙහ් හේ...

    (රහට තියෙන්න ඇති මයෙ හිතේ..)

    ReplyDelete
  17. nawammawatha...

    එහෙමටම අවුලක් වෙන්නෙ නැහැ ලොක්කා..දැන් ඔය උඩින්ම තියෙන මකරාගේත් ඔහොම පොඩි පොඩි ප්‍රශ්න තිබුනා..ඒත් ඉතිං පැන්සලකින් ඒ ටික හයිලයිට් කරලා පලාඵලේ කියලා දැම්මා..හොඳ නැහැනේ අසරණ කොල්ලෝ නෙව..එහ්නං...

    ReplyDelete
  18. හ්ම්ම්..... සැහෙන්න ප්‍රශ්න නම් තියෙනාවා ඔය විශය ගැන අහන්න...කෝ ඉතින් ගත්ත ගමන්ම බැ බැ කිය කිය නේ යන්නේ... :( ඔය පුලුල් විශය ම ටික ටික දාන්නකෝ තෙරුම් ගන්න මාරයියේ...

    ReplyDelete
  19. නිම්ශා...

    පුළුල්..හම්මෙ..මෙ ඔයා මාව මුහුදට තල්ලු කරන්නද හදන්නේ..?
    ඔක කතා කරන්න යනවා කියන්නේ මුහුදට පැන්නා වගේ තමා..කෙළවරක් නැහැ නෙව...

    ReplyDelete
  20. මටත් මේදවස්වල හෙන හුරා ලබල ඉන්නේ මාරේ අයියේ හැම වැඩක්ම රුවිතෙටමයි සිද්ධවෙන්නේ . බ්ලොග් බලන්න ආවොත් සිග්නල් නෑ . ලවු කරන්න ගිහිං දැං කෙල්ලත් නෑ . වැඩට ගියොත් එතන කේස් . ඒ අස්සේ ගං වතුර .. ඒ මදිවට දැයට කිරුළ
    .එපා වෙලා ඉන්නේ .

    අනේ මන්දා බං ඔන්න ඔය සෙත් කවියක්වත් කියපං අයියේ මගේ හිත හැදෙන්න ..

    ReplyDelete
  21. හරි...ඉස්සෙල්ල කේන්දරේ බැලුවා, අද අත බැලුවා...හෙට බලන්නේ මොනවැයි???

    පුරස්නයක් තියෙනව, ෆොටෝ කොපි ගහපු අත් එහෙමත් බලනවැයි??

    ReplyDelete
  22. මාරයා ඉතිං අපේ අත් බලන්නෙ නෑනේ....

    ReplyDelete
  23. එහෙම කිව්වේ කලින් පාර කේන්දරෙ බලල දෙන්න කිව්වට හිත හැදෙන්න ඊළඟ භද්‍ර කල්පෙදි බලල දෙන්නං කියල වත් කිව්වෙ නෑ නෙ

    ReplyDelete
  24. මාරයියේ මාත් අත් දෙක එවන්නද? අත් දෙක බලලවත් හොඳ විස්තරයක් අහගන්න. :)

    ReplyDelete
  25. බැරිද මගේ අතේ ධන රේඛාවක් ඇඳලා දෙන්න :(

    ReplyDelete
  26. මටත් හරි හමං කේන්දරයක් නැති එකේ අතවත් බලවා ගත්තොත් නං කදිමය...
    මම නං වැඩිය කැමති මරයියගෙ විමානෙට ඇවිල්ලම වැඩේ කර ගන්නයි ...
    එතකොට කවුරුවත් දැනගන්නෙත් නෑ.
    ඕනම නං අහවල් ජාතියෙ තෙල් බෝතලයකුත් ගේන්නම්
    [පහන් පත්තු කරන්න.]

    ReplyDelete
  27. රංග පෝලිමේ නොම්මර එකට එන්න, කුමාරය නොම්මර දෙක.(ගෙනාපු පුද පඩුරු හැටියට තමා පෝලිමට ගන්නෙ )

    ReplyDelete
  28. බොට බැයිද මගේ අතත් බලලා දෙන්න

    ReplyDelete
  29. අපේ පැත්තේ අය ඉදලත් මම එන්න හම්බුනේ නැනේ මේ ‍බ්ලොග් එකට මිට කලින් පාමසිය ගැන මගේ සයිට් එකේ දැම්මා ගිහින් බලන්න ඒවා මෙතන දාන එක හරි නැනේ

    ReplyDelete
  30. හිස් අහස...

    මොන සෙත් කවිද මල්ලියා..තව කාලක් ගහලා නිදා ගම්මු බං..සරුව රෝග නිවාරණයි..

    ReplyDelete
  31. Niroshan...

    බලන්ට දේවල්ද නැත්තෙ අඩා..අත බලනවා වගේම හිත බලන්ටත් ඇහැකි...
    මොකෝ කියන්නේ..?

    අනේ පොටෝ කොපි තියා..දැන්නං අතක් අතට හම්බ උනත්..

    ReplyDelete
  32. කුම්භකර්ණයා...

    ඇහැරිලා කෙළින් කටින් ඉන්න එකෙකුට එපැයි මොනවා කියන්ටත්...

    ReplyDelete
  33. Janani...

    නගා මට අත්දෙක එව්වා වගේද..ඊ ලගට වැඩක් පලක් කොරගන්ට අත් දෙක නැති උනාම..

    ReplyDelete
  34. හරී - පිණිපළස...

    අනේ බං අක්කේ ඔකනං වැඩක්ය..?ගංකො මෙන්න මෙහාට දැළි පිහියෙන් හරි ගොඩදාලා දෙන්ට..

    ReplyDelete
  35. kumaraya...

    ආයේ ඉතිං කුමාර තෙමෙ..මෙතුවක් කාලයක් නොතිබ්බ කෙහුරු..ඉස්සරහට මොකටෑ..

    ReplyDelete
  36. Observer...

    අන්න හරි අයියා පෝලිං කරලා ගම්මු...පඩුරු ටික හරිද කියල බැළුවනං...

    ReplyDelete
  37. prasanna86k...

    බලන්නනං බැරියෑ...ඒත් බං මං තාම වරල් බලලා කියන සාත්තරයක් ගැනනං දන්නෙ නැහැ නෙව...

    ReplyDelete
  38. දේදුනු ධනංජය....

    ආන්න මං ඒ පැත්තෙ ගෙහුං ආවා..අඳුරගන්න ලැබුන එකත් මදෑ...

    ReplyDelete
  39. මටත් මේ ටිකේ ටිකක් කෙලවිලා නිසා තම උඹට කේන්දරේ බලල දෙන්න කිවුවේ. ඉඩ තියෙන වෙලාවක බලල දීපන්. බ්ලොගේ නම් දාන්න එපෝ.

    ReplyDelete
  40. මට වුනු පොරොන්දුවෙත් තව කෑල්ලක් තියනවද කොහෙද නේද මාරයො?

    ReplyDelete