06 February 2011

මගුලක් අහනවා...

හ්ම්ම්ම්..
අනේ මන්දා..ලියන්න ඕන..ඒක මට දැනෙනවා..
ඒත්..
මොනවා ලියන්නද..?
බස් පළු..ම්හූ..අද නෙවෙයි..
කවියක්..මළ උලව්ව..දැන් කොහොමද ඒවා ලියන්නේ..මෙලෝ රහක් නැහැ..
මොකද වෙලා තියෙන්නේ..අනේ මන්දා..
සනීප නැද්ද..? නැහැ මට කම්මැලියි...
ඈහ්..ඒ මොකෝ..? කම්මැලියි කියන්නේ කම්මැලියි හින්දානේ..
ඒත්..ඇයි එකපාරටම...
මගුලක් කතා කරනවා..ඊයේ එළි වෙනකල් ඇහැරිලා ඉඳලා..ඒ මදිවට අද ඇවිදින් ඩියුටි කරන්න උනහම..නිදා ගන්නත් නැහැ..ඇස් දෙක කඩා වැටෙනවා..මොකද කම්මැලි කියලා අහනවා..

ඇයි යකෝ...මේ වගේ වෙලාවට නැති කම්මැලිකම ආයේ වෙන කොයි වෙලේ එන්නද..?

17 comments:

  1. අයියේ....ඇත්ත කියාපන්....උඹ බීලද.......

    ReplyDelete
  2. මොන යකෙක් වැහිලද මාරයෝ? .මම ආවෙ බස් පලු කතා බලන්න. අලුත් කතා නෑ.ඉක්මට ලිව්වොත් හොඳයි මට ආයෙ මෙහේ එන්න නිවාඩුත් නැහැ.

    ReplyDelete
  3. ෂුවර එකටම අමුවෙන් ඉන්නෙ.
    නැත්තං කුණුහරුපයක් හරි ලියල දානවනෙ.

    ReplyDelete
  4. වෙලාවල් ලැබුණොත් පොඩි නින්දක් දාපන් අයියේ

    ReplyDelete
  5. මොනවා කරන්නද මාරයා.................දුක තමයි

    ReplyDelete
  6. ඇත්ත ඇත්ත කම්මැලි වෙලාවට වැඩ කරන්න හොඳ නෑ. වස් වදිනව.

    ReplyDelete
  7. මට කියන්න තියෙන්නෙත් ඕකම තමයි...සතියක්ම වැඩ කරල හම්බවෙච්ච නිවාඩු දවසෙවත් ටිකක් වැඩිපුර නිදාගන්නෙ නැතුව උදේ පාන්දර මාර කතා බලන්ඩ ආවට...මට හොද වැඩේ..

    ReplyDelete
  8. අද වැඩ ඇරිල ඇවිල්ල හොද නින්දක් දාලා ඊට පස්සෙ බස් පළු කතාවක් දාන්න.

    ReplyDelete
  9. අර කතාවක් තියෙනවනේ ජීවිතේ උතුම්ම සැපත නින්ද කියලා.. ඉතින් හොඳට නිදාගෙන ඊට පස්සේ හොඳ "බස් පලු" කතාවක් ලියන්න.
    නිදා ගත්තම job එක කරන්නේ මගේ බාප්පා ද කියලා upset ප්‍රශ්න අහන්න එපා හරිය ?

    ReplyDelete
  10. මටත් කම්මැලියි...හ්ම්.

    ReplyDelete
  11. හලේ මේකේ කොමෙන්ටු ටික දැකලා මටත් කොහේදෝ නැති නිදිමතක් ආවා

    ReplyDelete
  12. mona agulakda kawda eye marayage ninda kawa yaka. apita waha kanna wenne

    ReplyDelete
  13. කොමෙන්ට් වලින් "මාර" විධියට පේනවා, බස් පලු කතා වලට "මාර" ඩිමාන්ඩ් එකක් තියෙනව කියල මාරයා මල්ලි.

    ReplyDelete
  14. අද වැඩ කියන්නෙ ඊයෙ නිවාඩුනෙ......නිවාඩු දවසෙත් පාඩුවෙ ඉන්නෙ නැතුව එලිවෙනකං නිදි මැරුවට අපිට කරන්න දෙයක් නැහැ.....හොඳ හිතිං කතාවක් දාපං අපෙ මාරය අවුස්සගන්නෙ නැතුව...

    අපි මෙහෙම හිටියට හරි දරුණුයි !!

    ReplyDelete
  15. නිදා ගන්නව වගේ සැපක් ආයිත් කොයින්ද?

    ReplyDelete