08 February 2011

ඉතා කණගාටුවෙන් දැනුම් දීමයි..!

උඩත් යටත් අතරේ දෝලනය වෙලා..
වැඩක් නැති දෙනෙත් යුග සදහට පියලා..
මෙතෙක් කලක් ගෙවු දිවිමග කලකිරිලා..
වවුලෙකු විදුලි රැහැනේ එල්ලිල මැරිලා..

ගණන් ගන්න එපා..හවස මේ ලයිට් කම්බි දිහා බලද්දි දැක්ක දේට ලියඋන එකක්...

125 comments:

  1. හාහ්.. ෆට්ට....හික්z...

    ReplyDelete
  2. නිම්ශා...

    තැන්කූ අනේ..
    ඒ උනාට ඔයාට දුක නැද්ද..?
    මං මේක ලිව්වේ දුක හිතෙන විදියටනේ..

    ReplyDelete
  3. තාරක...

    ඒකනේ අනේ පෙරේදත් යසට හිටියා...
    හිතේ අමාරැවටම වෙන්ට ඇති..
    කාලෙක ඉදලා දවල්ට ඇස් පෙනුනෙත් නැහැනේ..
    පව්..අසරණයා...

    ReplyDelete
  4. උඩත් යටත් අතර දෝලනය උනාට...
    වැඩක් නැති දෙනෙත් පියවි ගියාට...
    දුකක් උනත් වවුලාගේ මරණය ඔයාට...
    ආවා වගේම කාටත් යන්නට වෙනවාය...

    දුකටමයි ලියවුනේ.... :'(

    ReplyDelete
  5. නිම්ශා...

    අන්න එහෙම එන්නකෝ..

    සෑහෙන දුකක් හද පතුලේ තෙරපෙනවා..
    වවුලා නැති අඩුව කාටත් තේරෙනවා..
    නොපෙනුන දෙනෙත් යුග තාමත් සිහි වෙනවා..
    වවුලා මල දුකට කවි පද ලියවෙනවා..

    ReplyDelete
  6. තුන් මාසෙ දානෙ වත් කියන්න. සීනි කිලෝ දෙකක් අරන් එන්නම්. වෙන මොනව කොරන්නද.

    ReplyDelete
  7. කියවන් යනකොට දූකයි මහෝ අයියාzzzzz
    ඒත් අන්තිමට දාල තියෙන එකට ඒ දුක අතුරුදහන් වෙනවා අෆ්ෆා හෙහ් හෙහ් ;)

    ReplyDelete
  8. Ranga...

    සීනි එපා මචං..
    හොද රඹුටන් නැද්ද.මෙක වවුලගේ දානේ නෙව..ඌ ආස දේවල් අරං වරෙං

    ReplyDelete
  9. ජේ.ඩී...

    අන්තිමට අතුරුදහන් වෙන්න කළින් උඹටත් දුක හිතුනනේ..ඒ ඇති

    ReplyDelete
  10. එකෙක් ගියාට දුක් වෙලා පලක් ඇත්ද..
    තව වවුලෙක් එල්ලි මිය යයි නේද...
    පලක් නැත ලියලා කවි සී පද තනු කරලා..
    රැහැන් කණුව මත ඉදියි එකෙක් හෙටද මි‍යැදිලා....

    දුකයි මාරයියේ....මොනා කරන්නද... ලබා උපන් හැටි...

    ReplyDelete
  11. නිම්ශා...

    වවුලන් හිටියාට මොන තරමක් ලෝකේ..
    මේ වගෙ වවුල් තඩියෙක් මා දැක නෑනේ..
    කවියක් ලියන්ට මට දුන් සහයෝගේ..
    හින්දා වවුලා අද පලයන් සුර ලෝකේ..

    ReplyDelete
  12. මැරෙන මැරෙන වවුලට කවි ලිය වේවා..
    එල්ලිලා මැරෙන වවුලන් ලොව අඩු වේවා..
    මෙවන් දුකක් සංසාරෙදි නොම වේවා..
    වවුලන් සියළු දෙන සුර ‍ලොව ඉපදේවා..

    ReplyDelete
  13. මියගිය වවුලා පිලිබද අපගේ සාතිශය සංවේගය.....

    මරු කවිය අයියේ....

    වවුලාගේ ගෙදර ගියහම එල්ලිලා ඉන්න වෙනවා වගේ, වවුලාගේ මල ගෙදර ගියහමත් එල්ලිලාම ඉන්න වෙයිද?

    ReplyDelete
  14. නිර්මල...

    ටිකක් එල්ලිලා හිටියත් මොකද කොළුවෝ..මේ වගේ වවුලෙක් වෙනුවෙන්..

    ReplyDelete
  15. පේජ් එක රීලෝඩ් කරනකොටම මේක මම මේ කලබල වෙලා බත් කන ගමං ඉඳුල් අතින්ම මවුස් එක අල්ලා මෙහේ දුවගෙන ආවා .. බලහං මූ කරල තියන ජරා වැඩේ ...මූසිකය පුරාම ඉඳුල්..කන එක නතරකරලා මේ කමෙන්ටුව දාන්නේ ...බලකෝ මේකා මෙච්චර රෑවෙලා කන එකාටවත් කන්න දෙන්නේ නැති හැටි ..වවුලෙක් මැරිලලු ..

    මගේ වවුල නම් අන්න රෙදි වැලේ ..!

    ඕං දැන් තමයි හිනා යන්නේ ..මම හිතුව කවුරු හරි මලාය කියලා ..කමක්නෑ උඹ නැත්තං අයියේ කවුද අපට විහිලුවක්වත් කරන්නේ ..ෆන් ෆන් ..
    ජය

    ReplyDelete
  16. සමනලීට නම් හිතෙන්නේ පොඩි උනාට ඒ පෝස්ට් එකේ ලොකු තේරුමක් තියෙනවා කියලයි..... කොහොම උනත් සමනලීගේත් සාතිශය සංවේගය..

    ReplyDelete
  17. වවුලෙක්
    නොදුටු මරුවෙක්
    ඉකි බිද අඩයි මෙදා

    මරණෙන්
    ගමන අවසන්
    වවුලා ලබා සැනසුම

    - පදනම ඝැලපුනේ නැද්ද මන්දා

    ReplyDelete
  18. මාරයාට මරණයක් ගැන දුකක් ඇතිවෙලා... හ්ම්...

    ReplyDelete
  19. වව්ලෙක් ඇවිත් වයරයේ..
    එල්ලිලා සිටියයි මහ රැයේ..
    අනේ බොල මාරයේ..
    ඉකේයියා.....ඉතුරු එක දාන්න බෑ බන් අයියේ....

    ReplyDelete
  20. අප්පට සිරි....මේක දුක හිතෙන සීන් එකක් නේ මාරයියේ.....සොරි ආ...ඉකේයියා නෑ...

    (දිස් කොමෙන්ට් වෝස් රිමූඩ් බයි දි ඕතර්)

    ReplyDelete
  21. @හිස් අහස...

    කොළුවෝ ටිකක් සංවේදී වෙයන් බං ඉදලා හිටලාවත්...

    ReplyDelete
  22. punchisamanalee...

    අන්න සමනලී නගාට යමක් කොමක් තේරෙනවා...
    ඒකටත් එක්ක මේ සදරු කොළුවා...

    ReplyDelete
  23. AmilaArt...

    වවුලෙකුට ලියද්දී පද ගලපන්නේ නෑ මල්ලි..පද එල්ලන්න ඕනේ..

    ReplyDelete
  24. තාරා...

    ඇයි දෙයියනේ..මෙක නිකං මරණයක්යෑ..

    ReplyDelete
  25. රත්ගමයා...

    ඉතිං ඒල්ලී කොලේ මක්කැයි..ඒ වවුල් තෙමේ..?

    උඹලා සංවේදී නැහැ මල්ලී..ටිකක් සංවේදීව හිතන්ට පුරැදු වෙයං..
    මේ වවුලා ගැනවත්...

    ReplyDelete
  26. උඩ බලාන ගොස් වලවල් වල වැටිලා
    හතර හන්දි කැඩි රෝහල් වල නැගලා
    කරුමෙ උගේ ඌ මැරුනේ හිස වැදිලා
    මැරුණ කෙනා නෑයෙක් දෝ සැක සිතෙනා

    ReplyDelete
  27. හඬන්නට නොමැත දෙනෙතේ කඳුළු තව
    ඉවසන්නද කොහොම සිදු වූ මේ වියොව
    නැවතත් නොඉපදෙන්නට වී වවුලකුව
    පතනෙමු අපි නුඹට වවුලෝ නිවන් සුව....

    ReplyDelete
  28. එල්ලිලා පා දෙකෙන් ඉහලින් ඇති වයරේ
    ගෑවිලා ඌගේ හිස පහලින් ඇති වයරේ
    සම්බන්ධය එයයි නොදැනම වූ මරණේ
    කුම කරන්න කරුමේ නොවැ වවුලකු ගේ..

    ReplyDelete
  29. රෑ පුරා නැතේ ඇහැ පිය වෙන පාටක්
    රෑ ඉතින් දවල් වාගේ නැත එළියක්
    රෑ දවල් නැතිව ඔහු මට දුන් ගින්නක්
    රූ නිදිවරන වවුලිය වී මා තවමත්

    ReplyDelete
  30. කාලෙකින් ඇවිත් තනියෙන් කවි ලීවා
    කාලකෙට කලින් වුන් හැටි සිහි නැගුනා
    කාලය සීමීතයි මොහොතයි මට හැගුනා
    කාලය හොඳයි මරණයටම ආ වැඩුවා

    ReplyDelete
  31. වවුලා එල්ලුනේ වවුලිව දාගන්න....
    වවුලි ලගින් එන විට වැඩ පෙන්නන්න....
    විදුලිය වැදී සදහට ඇස් පියවෙන්න...
    හේතුව නුබයි වවුලියේ දැන් වැලපෙන්න....

    වවුලාගේ මරනයට මාගේ සාතිශය සංවේගය සමග කදුලු බිදක්....! :'(

    ReplyDelete
  32. @ වත්සලා අක්කා....

    නොපියවුන ද නෙත් සැමදා අවදි නැතේ
    එය පියවෙන දිනක් කවදා නමුත් එතේ
    ඒ දින උදා වන තෙක් සැම දුකක් සිතේ
    උහුලා ගනින් අක්කේ, එය කරුමෙ වෙතේ

    ReplyDelete
  33. වත්...

    කලෙකින් ආව මුත් වවුලෙකු බලන්නට..
    වවුලකු වගේ තුන්යම නිදි වරන්නට..
    වවුලා නොමැත අද නුඹ හා දොඩන්නට..
    එල්ලී ඉදින් ආවානං වවුල් ගෙට..

    වවුලා මැරුනු බව හදිසියෙ උනු විපතින්..
    වවුලිය දැනගතිද මේ යම කොයි ලෙසකින්..
    වෙන්නේ කාට උව මරණය උරැම ලෙසින්..
    වවුලා නොමැති වවුලියේ දුක් නොවෙන් ඉතින්..

    කලකදි වහළු..කලකදි එය රසවේළු..
    වවුලා උනත් කන්නේ ගෙඩි ඉදුනමළු..
    වවුලා නොවැසුවයි ‍ගහකට නොම යාළු..
    උරන නොවී වෙන වවුලෙක් පතපන්ළු..

    ReplyDelete
  34. පෙර කළ අකුසල කම් පල දන්නේ
    එනිසයි වවුලට එලෙසට වෙන්නේ
    වවුලට නොව මේ හැමටම පොදුනේ
    කාලය ආවම හැමෝම යන්නේ....

    ReplyDelete
  35. Jeew...

    වවුලා මැරුනු පුවතින් හද කැළඹීලා..
    මෙ අහ පැමිණි නුඹ දක්වන කවි ලීලා..
    දුටු මට දුක සිතේ හදවත ගොළුවීලා..
    ඒ කවි අසන්නට නැත වවුලා මියැදීලා..

    ReplyDelete
  36. බේබදු කමට හවහට හවහට බොන්න
    පුරුදු වෙච්ච වවුලෝ මේ අහපන්න
    වවුලගෙ ගෙදර ආවේ සැප දුක ගන්න
    නැහැ පැල වෙන්න ආවේ නුඹ දැන ගන්න

    ReplyDelete
  37. @ wath akka

    බේබදු කමටද දුකටද අපි බොන්නේ...
    නුබ කොහොමද ඒ බව හරියට දන්නේ...
    වවුලා මියගිය නිසයි අද අපි මෙලෙසින්නේ.....
    වවුලා මියගිය දුක නැති වෙන්නයි අද බොන්නේ....

    ඔය කිවුවට කවුරුත් බොන්නේ එහෙම නෑ හරිද....?

    ReplyDelete
  38. @වත් අක්කා

    අක්කේ එපා එලෙසින් දැන් පවසන්න
    මාරයියා දැන් නැහැ බොන්නේ ඔන්න
    ඔවැනි කතා නැවත නැවත පවසන්න
    වෙන්නේ යලිත් පටන් ගන්නටයි බොන්න

    ReplyDelete
  39. පූසා...

    එකතැන නොයිද කැරකෙන ලොව තුල ඉපිද..
    අපි යන ගමනේ අවසානය මෙ වැනිද..
    පැනයක් ඉතිරි කොට සිතනට අප සැමට..
    වවුලා අද යනෙනු ඇත උගෙ අවසන් ගමන..

    ReplyDelete
  40. වත්...

    කලෙකින් දුටුවාම වවුලිය මේ පැත්තේ..
    පුදුමයි ඉතින් ඇයි මේ ලෙස දුක් ගත්තේ..
    බිව්වත් නොබිව්වත් වවුලන් රෑ තිස්සේ..
    වවුලිය මොටද එය ඔය හැටි හිත ගත්තේ..

    ReplyDelete
  41. උඩම තියෙන කවුන්ටරේ පේනවද කාටවත්..?

    ReplyDelete
  42. @ maara ayya

    විදුලිය වැදී වවුලා මිය ගියාලු....
    අවට නිවෙස් වල විදුලිය ඩිම් උනාලු...
    60 බල්බයත් පිච්චී ගියාලු...
    අදුරෙ තමයි දැන් ඉන්නේ අපි යාලු.....

    ReplyDelete
  43. වවුලෙක් මැරුනු මුත් විදුලිය සැර වැදිලා..
    වවුලට හිමි උනිය ගරු මරණෙක ලීලා..
    වවුලා නිසා ආ මෙතුවක් දුර ගෙවලා..
    දන්නෙම නැතුව අංකය ලක්ෂය පැනලා..

    ReplyDelete
  44. මාරයියා, මේක නම් මරු. පට්ට....!!!

    ReplyDelete
  45. බ්ලොග් එක පටන් අරන් මාස පහක් ඉක්ම ගියාට පස්සේ අමාරැවෙන් දා ගත්තු හිට් කවුන්ටරේ යාන්තං අද තමයි ලක්ෂේ පැන්නුවේ...
    ඒ සදහා මෙතුවක් කල් මා හා එක්ව සිටි මාගේ සියළුම හිතවතුන්ටත් හිත වතියන්ටත් මගේ අවංක ආදර ස්තූතිය...

    ඒ වාගේම නොසිතූ මොහොතක හදිසි මරණයක් හරහා ඒ සදහා එකතු වූ "වවුලා"ටත් නිවන් සුවම ලැබේවා..!

    ReplyDelete
  46. udaya.jayawardhana...

    උදය මල්ලීටත් බොහෝම ස්තූතියි ඕං...

    ReplyDelete
  47. අයියා ලියන දේවල් අපි කියවන්නේ...
    හිතේ සතුටෙනුයි අප මෙහි ගොඩ වන්නේ....
    ලක්ශය පමන නොව අංකය තව දිව යන්නේ...
    සුභ පැතුමකුත් මේ හා මා පුදන්නේ...

    නියමයි අයියා ඔන්න අපෙන් සුබ පැතුම්

    ReplyDelete
  48. එකෙක් කිවවා ගහ ගන්නවා කියලා..
    මමත් ආවා හනි හනිකට දුවාලා...
    මැරුන වව්ලා නිවනට සුව පතාලා...
    ඉකේයියා බන් අපි දොයි දැන් මෙයාලා....

    ReplyDelete
  49. MaRLaN...

    වවුලගේ මරණයට දුක් වෙන ඔබට මගේ ආචාරය..

    වවුලා මලත් වවුලිය හට වැඩ පෙන්නා..
    වවුලිය නැතේ එය කිසි ගානට ගන්නා..
    වවුලිය වෙනත් වවුලෙකු හා පැන යන්නා..
    අවසන වවුල් තෙම සිය පන නහ ගන්නා..

    ReplyDelete
  50. රත්ගමයා...

    වලියක් කිව්වහොත් ඕනම තැනක රටේ..
    වවුලා වගේ නිදි මරමින් හතර වටේ..
    රත්ගම කොළු යයි කන්නට හොදට බැටේ..
    වවුලකු නොවී ඉදහං අහු නොවී ගැටේ..

    ReplyDelete
  51. පොඩ්ඩේ,චූටි,සෝමේ බොලව් නැගිට පියව්!
    කඩුව,පිහිය,කැත්ත අතින් අරන් වරෙව්!
    වව්ලා මරලා කියල මාරේ කිව්වා බොලව්!
    හැම එකාම කපලා කොටලා පලිය ගනිව්!

    ReplyDelete
  52. හුටා මම මේ මහ රෑ ගෙදර ආවගමන්ම ..මේක දෑකලා මෙතනට දුවගෙන ආවේ....

    ReplyDelete
  53. ඉලංදාරියා...

    සුතූතියි මල්ලියේ..මහන්සි නොබලා ආවාට..
    අද ගිය වැඩ ටික සාර්ථක වෙන්න ඇති කියලා හිතනවා..

    මේ පොඩි දුක් සීන් එකක් කොල්ලෝ..

    ReplyDelete
  54. රත්ගමයා...

    වවුලා මලේ එල්ලීලා බව සත්තේ..
    ඒ බව නොදැන ඇයි නුඹ දමනුයෙ සද්දේ..
    අකුලා ගනිනු දුනු තෝමර මහ යුද්දේ..
    මරණ ගෙවල් අස්සේ හොද නැහැ යුද්දේ..

    ReplyDelete
  55. ඉලංදාරි අයියා හට ජය වේවා...
    ලගදිම මේ කවි අසන්න හැකි වේවා....
    ඔබ හට නිරෝගි සුව ඉක්මනින්ම ලැබේවා...
    සිවු වෙනි පදය ලියලා මට දියෝයා....

    ReplyDelete
  56. කියන නිසා කඩු ටික ඇතුලට දාපන්..
    පොඩ්ඩේ,චූටි,සෝමේ තොපි ගෙට පලයන්
    මාරයියේ අවසන් කටයුතු කොරපන්...
    ඕන උනොත් හන්දියේ සිට හූ..කියපන්....

    ReplyDelete
  57. රත්ගමයා...


    මොනවා උනත් රත්ගමයා හොද කොල්ලා..
    ගමට ඉන්න අමු මැරෑටි මැර කොල්ලා..
    හුවක් කියා ගෙන්නිය හැකි මේ කොල්ලා..
    බන්දා දෙන්ට හොද කෙල්ලෙක් හොයපල්ලා

    ReplyDelete
  58. හත් ඉලව්වේ මම නම් නෑ ඔව්වාට...
    වයස මගේ විස්ස උනේ ඉක්මනට..
    අම්ම කිව්වේ තිහ වෙනකල් ඉවසන්ට
    අහෝ දෙවියනේ මා බේරා ගන්ට....

    ReplyDelete
  59. වව්ලෙක් මැරුණු සෝකෙ නිසා වුණු කෙළිය
    මාර භවනෙ බ්ලොග් හැත්තම එකතු විය
    ගුණ වර්ණනා, සෝ පණිවිඩ පිරි'තිරීය
    එහෙනං හැමොම දානෙ කන්ඩ සෙට් වෙමුය....

    ReplyDelete
  60. වවුලා මලා දැං කුමකට ලතැ‍වෙන්නේ
    ලෝ දම එයයි කවදා හෝ මියයන්නේ
    අවසන් කටයුතු කවදාද සිදුවන්නේ
    නයිටක් ගහන්නට කොයි කවුරුද එන්නේ

    ReplyDelete
  61. අතකින් කාඩ් කුට්ටම මං අරගන්නා
    කැරම් ‍බෝඩ් එක කිහිල්ලෙ ගහගන්නා
    බොරුවක් කියාලා ගෙදරින් පැනගන්නා
    ලහි ලහියේම දැං මළ ගෙදරට එන්නා

    ReplyDelete
  62. @ beratheno

    වවුල මලා බූමදාන නොම වෙන්නේ...
    ආදාහනෙත් වයරය තුල සිදු වන්නේ....
    කැරම් බෝඩ් එක කිහිල්ලෙ දිය වෙන්නේ...
    රෙක්සෝනා නොගා නේද නුබ ගෙදරින් එන්නේ ...

    ReplyDelete
  63. අතකින් කාඩ් අත..අතකින් කැරම් පෙත..
    දෑතින් අරං මෙහි ආ බුරතීනු මැතිද..
    දිග හැර පැදුර එහි ලගිමින් පහසු ලෙස..
    මුළු රැය පාළු කපමුද මල ගෙදර හිද..

    ReplyDelete
  64. රෙක්සෝනා කුමට මළගෙට පැමිනෙන්න
    මහසෝනා වුවද ලොකු නෑ දැනගන්න
    බොරු වානා මචං මාරයො අහගන්න
    අඩි මානා ඇවිත් මෙතනින් ඉදගන්න

    ReplyDelete
  65. @ maara ayya/rathgamaya

    බන්දා දෙන්න රත්ගමයා පොඩි වැඩිය...
    බන්දා දෙන්න බෑ මූ මහා ඇට්ටරය...
    බන්දා දෙන්න පෙර මූ ලග තිබු කයිය....
    බන්දා පැයෙන් නැන්දම්මා අත ලගය....

    පොඩ්ඩක් විතර කේස් වගේනම් ගනන් ගන්න එපා

    ReplyDelete
  66. බුරා අනාපන් මාලන් උඹ කපපං..
    ඉල්ලා කොලේ බලපං අග මුල හොයපං..
    පිට ඔට්ටුවක් අල්ලා රත්ගමත් වරෙං..
    දිනු හැම එකා තෝන් පාර මට ගෙවපං

    ReplyDelete
  67. වව්ලගෙ ගෑණු සතා වවුලියද?..වැවිලි නෙමේ නේද?...අර කව්ද කිව්වලු මාලුවාගෙ ගෑණු සතා මාලු කෑල්ල කියල...ඒ විතරක්ය.. කුඵමීමා ඌට ඉන්නෙ කුඵගෙඩියක්ලු...

    ReplyDelete
  68. සුපුරුදු අටේ කොළයට දපනය දමලා..
    ආසියා බුරෑ පොරවට නැත මම නැවිලා..
    වටයක් ගසා මිස නැත කුට්ටම හලලා..
    අගට මුලට ඔට්ටු තියා දිනපල්ලා..

    ReplyDelete
  69. kuma...

    හෙහ් හෙහ්..
    ඔන්න ඔච්චරයි වවුලගේ මල ගෙදරට අඩු වෙලා තිබුනේ..
    යාන්ස් කතා පාරකුත් ඔන්න පටන් ගත්තා..

    අම්මපා මොනවා උනත් මැරිච්ච වවුලානං පිං කාර වවුලෙක්..

    ReplyDelete
  70. කුට්ටම අනාපිය කොලටික බෙදාපිය
    අග මුල කියාපිය හනික‍ට කියාපිය
    කෝ දැං ඔට්ටු අල්ලන අය නොවීබය
    විගහිං සල්ලි කොල ටික මෙහි තියාපිය

    ReplyDelete
  71. අනේ අයියේ බූරූ ගහන්නනම් එන්න බැරියෝ....

    ReplyDelete
  72. ඉල්ලුවෙ කොලේ අට එය මට බෙදාපිය..
    මුලට නෙවෙයි එය අගටයි කියාපිය..
    වටේ ඉන්න උන් ඔට්ටුව දමාපිය..
    වටයක් ගසන්නට වරයක් දෙවාපිය..

    ReplyDelete
  73. අඩුවට සීනි දා කෝපිත් හදන්නට..
    මාරි පැකට්..ජෑම් පාන් කවන්නට..
    ඇඹරි ඇඹරි ඇවිදින් තේ බෙදන්නට..
    කෝ මේ ගැටිස්සියෝ නැහැනේ පෙනෙන්ට..

    ReplyDelete
  74. ආසිය හේර පොරවට නෑ බයවන්නේ
    දෙකේ කොලත් සමහරවිට ගොඩයන්නේ
    කෝපි ද තේ ද මේ අරගෙන එන්නේ
    මොනවා වුනත් කම් නැත මෙහෙ අරගන්නේ

    ReplyDelete
  75. MaRLaN...

    බූරූ නොගැහැවුවොත් මෙක මල ගෙයක්ද අඩා...වාඩි වෙය..

    ReplyDelete
  76. මුං කොල බෙදයි අපි කට ඇර බලා ඉදියි...
    අග මුල කියයි ඒ කිසිවක් නොම වැටහෙයි...
    මාරය අයියා දිනුම් අත පුරවා සල්ලි පිරෙයි..
    පැත්තක හිටිය රත්ගමයත් සල්ලි ගනියි....

    ReplyDelete
  77. මාරි නයිස් හෙම ගජරාමෙට කාලා..
    ඒ මදිවට කෝපිත් දෙක තුන බීලා..
    එළි වෙනතුරා පැදුරේ හරි බරි ගැහිලා..
    කුට්ටම කපමු අපි වවුලට පිං දීලා..

    ReplyDelete
  78. නිදිත් මතයි දැන්නම් යනට හිත් දෙයි...
    කෝපි ගෙනෙයි ඒ මදිවට මාරිත් දෙයි..
    යන්න හිතූ හිත දැන් නවතින්න තනයි...
    අනේ වවුලො උබේ මරනෙන් බඩත් පිරෙයි...

    ReplyDelete
  79. බුරුව ගහන්නට මොන ටියුෂන්දෑ කොළුවෝ..
    අගට හරි මුලට ඔට්ටුව දම කොළුවෝ..
    බෙදන එකා දිනුවොත් ඒ මුල කොළුවෝ..
    කුට්ටම කැපු එකා නිතරම අග කොළුවෝ..

    ReplyDelete
  80. වවුලා බුදු වන්ට අද රෑ ගෙවන්නට..
    ලැබුනා හේතුවක් කුට්ටම අදින්නට..
    විදුලි රැහැන් අතරින් මිය ගිය නුඹට..
    වේවා පිං සිද්ධ, කල පව් ගෙවෙන්නට..

    ReplyDelete
  81. රත්ගම මල්ලි නිහඩයි උඹ ඒ ඇයිදෝ
    මාරය කොල බෙදයි උඹ ඉල්ලන්නේ නැතිදෝ
    මාලන් කොලුවො උඹටත් මේ වුනෙ ‍මොකදෝ
    ඇත්ත‍ට සල්ලි කොලයක්වත් ළග නැතිදෝ

    ReplyDelete
  82. මදුරුවො කයි උන්ව මරා අතද රිදෙයි..
    බිස්කට් කයි ඒව කාල කටද රිදෙයි...
    ඔට්‍ටුත් යයි ඒව බලා ඇස්ද රිදෙයි...
    කවි ලියලා මේ මාගේ ඇගිලි රිදෙයි....

    ReplyDelete
  83. මජ්ජිම රාත්තිරියත් දැන් පහු වීලා..
    තාමත් කවි කියයි අපි මෙතනට වීලා..
    වවුලා මලා අප සැමටම දුක දීලා..
    ඉන්නේ කුමට අප තව වවුලන් වීලා..

    හෙට දින පායනා සූරිය කුමරුන්ට..
    නතුවී අවදි විය යුතුමය නව දිනට..
    වවුලන් වගේ තව හිටියොත් මෙහිම ලැග..
    අපටත් වෙන්නේ යන්නට ඌ ගිය මගම..

    මෙතුවක් කවි කියු සැමටම තුති පුදමි..
    මූලික වෙච්ච වවුලාටත් පිං පුදමි..
    සමුගෙන සියළු දෙන අතහැර යන්න යමි..
    වැරුවා මදැයි මා නම් දැන් නිදා ගමී...

    ReplyDelete
  84. සල්ලි නැති නිසයි කට වහගෙන මම ඉන්නේ....
    සල්ලි තිබුනනම් අග මුල ඉල්ලන්නෙ...
    සල්ලි ලැබුනොතින් ඉලන්දාරියට දෙන්නේ...
    සල්ලි නැති කලෙක ඒ පින පල දෙන්නේ...

    ReplyDelete
  85. හොද නෑ නෙවද මළකද තනි කරන්නට
    මදුරුවො කෑව ඇත්තයි බෑ ගනින්නට
    අද වවුලෙක්ය හෙට හැක අප මැරෙන්නට
    එනිසා ඉදගනින් මේ අත දිනන්නට

    ReplyDelete
  86. වවුලා මළා ඌ කල පිං එමට ඇතී
    නැතිනං මෙහෙම සෙට් වෙයිදෝ අපට සිතී
    කොහොමින් කොහොම හරි මළ ගෙයි වැඩත් වෙතී
    මේ වැනි මළ ගෙවල් නං තව ලොවෙත් නැතී

    ReplyDelete
  87. ඒ කතාවනම් ඇත්තයි අයියා මැරුන වවුලනම් රජ වවුලෙක් මොනා උනත්.....

    ReplyDelete
  88. ශා... මරු කවි වලියක්නේ මේක... නියමායි.. ඔහොම යං... ඔහොමයං... :D

    ReplyDelete
  89. අම්මප මේ යකා යනවළු නිදන්නට
    ඈ මාරයෝ මාරයා වැහිලාද තොට
    මාත් බූරු කුට්ටම ගන්නං අතට
    ඔට්ටු අල්ලන්න වෙන්නේ රියල් වලට...

    ReplyDelete
  90. මදුරුවො නැතේ අපෙ පැත්තේ වද දෙන්න
    මකුණෝ එකෙක් දෙන්නෙක් ඇත රජ වෙන්න
    වවුලා මැරුණු ආතල් එක අපි ගන්න
    මගෙනුත් මාරි පෙට්ටියක්ම අරගන්න.....

    ReplyDelete
  91. මාලන්, බුරතීනො මෙච්චර වෙලා හිටී
    කොට ජීවිතෙත් නැති පාටක් පෙනෙන හැටී
    තේ ටික ගෙනෙන්නට කවුරුත් ඇතොත් වටී
    මළ වවුලනං බ්ලොග් ජාලෙට රටක් වටී

    ReplyDelete
  92. මාරි ද නයිස් චොකොලට් හා තව ඒවා
    දැං ඇති මචං ඔය ඇති බිස්කට් කෑවා
    මං එනකොට හොරෙන් හෙමිහිට ගෙන ආවා
    දාමුද ‍ෂොට් එකක් දන්කොටු බඩු මේවා

    ReplyDelete
  93. මාරය ගියා පොඩි නින්දක් දමන්නට
    මාලන් කොලුවවත් ඔහෙ නෑ පෙනෙන්නට
    කොට ජීවිතේ එනවළු තේ හදන්නට
    උඹ මා පමනි මළගෙයි තනි රකින්නට

    ReplyDelete
  94. දන්කොටුවෙන් ගෙනාවානං බඩුම වගේ
    කලවං නැතේ හොඳ සැර ඉස්පිරිට් අගේ
    බයිට් එකට මොනවත් තියෙනවද ල‍ඟේ
    හිමිහිට නමමු නිදි වැරුමට බෙහෙත මගේ...

    ReplyDelete
  95. බයිට් එකට රටකජු මං ගෙන ආවා
    කෝ කොයි කොහේදෝ දැන්නං නෑ ඒවා
    අන්තිමටම තිබුනෙ කොට ජීවිතෙ ගාවා
    මල කෙලියයි බොලං ඔක්කොම ඈ කෑවා

    ReplyDelete
  96. දාං ලෑල්ලත් පැත්තක පෙරලීලා
    කැරම් ගහපු උන් පුටු උඩ වැතිරීලා
    මාරයා සැතපෙනවා ගෙයි මැද දප දාලා
    මළ පනිනවා මට නං මේවා දැකලා....

    ReplyDelete
  97. කුස්සිය පැත්තෙ පොඩි රවුමක් දා එන්ට
    හැකිවෙයි සොයන්නට මොකවත් ටික වෙන්ට
    මාරයා හංඟලා ඇති බයිට් පැකට් ටික
    පස්සේ දවසකදි ඌ බොන්නට ගන්ට

    ReplyDelete
  98. ඒයි බං.. මං යනවා මචෝ, කවි කිවුවා වගේ නෙවෙයි, රෑට කන්ට උයාගන්ට තියෙනවා.. පුළුවං වුනොත් පාන්දර ජාමෙ ආයෙමත් මළ ගේ පැත්තෙ එඤ්ඤංකො..

    ReplyDelete
  99. ෂොට් දෙක තුනක් දා ගත්තා නියම වෙරී
    එනමුත් නවත්තන්නට මට කොහෙත් බැරී
    බොකකුත් දාලා ආවොත් නං එළම කිරී
    ටිකක් වෙලා ඉඳපන් බුරෝ වැතිරී

    ReplyDelete
  100. හොඳා හොඳා... පස්සේ තව මළගෙයක් හොයන් සෙටි වෙමු.... මටනං පාන්දර 1.00.... එනගමං මාරයාටත් කූද්දං වරෙන්....

    ReplyDelete
  101. සමා වෙන්න නිදි මත පෙරටම ආව...
    දාල යන්න දුක කුත් හිතටත් ආව...
    අවසානයේ නිදිමත් ඉන් ජය ලැබුවා..
    මා නැති අතරෙ උබල දංකො‍ටු බඩු බීවා...

    ReplyDelete
  102. උන්නා නමුත් හැමදාමත් එල්ලීලා..
    ගියා උනත් අවසානේ කරවීලා..
    දන්නා නොදන්නා හැම දෙන මුල්වීලා..
    වටිනාකමක් දුනි වවුලට එක්වීලා..

    ReplyDelete
  103. ඉපදුන සැම දෙනා මිය යනවා සත්තයි..
    උඹටත් මටත් අප හැමටම එය උරුමයි..
    මරණය දුකක්දෝ දැන්නම් මටත් සැකයි..
    වවුලා මලත් ඌ අප හට එලෙස කියයි..

    ReplyDelete
  104. වවුලකු නමට කව් ගී වැල් ලියන්නට..
    කලා කෙතට නව අරුතක් දෙවන්නට..
    එක් වූ සැම දෙනා හට තුති පුදන්නට..
    දෙනු මැන අවසරය වවුලා දවන්නට..

    ReplyDelete
  105. මේ වන් දුකක් කිසි කලෙකත් නොමවේවා
    මතු අත්බවෙත් වවුලකු වී ඉපදේවා
    කවියක් කියන්නට අපහට ඉඩදේවා
    මැරියං යළිත් අපෙ මාරෙගෙ ගේ ගාවා

    ReplyDelete
  106. මම හිතුවා උඹ කජ්ජ ගහන්න හදනවා කියලා...

    ReplyDelete
  107. අපායට ගියත් එහි තැන අරගන්න..
    වෙලාවට යුතුයි ඒ ගමනත් යන්න..
    කලාවට බරව මරු හා එක්වෙන්න..
    කලා වැනිය වවුලා පිං ඇති වෙන්න..

    ReplyDelete
  108. බලහං මාළුවෝ වවුලකු ගියපු දුරක්..
    ‍ආසා නැද්ද බොට යන්නට එහෙම හිතක්..
    වවුලට වගෙ නෙවෙයි ඊටත් වැඩිය හුගක්..
    ගරු බුහුමන් දෙනව අප නැත ඊට සැකක්..

    ReplyDelete
  109. මාරයා මල්ලි, කවි ටික නම් කාගෙ කාගෙත් මසුරන්. වවුල මැරිල ඉන්න තැන නං පබ්ලිෂ් කොරන්න එපා. ඇදුමට හොඳය් කියල වෙද මහත්තුරු කියන හන්ද වවුල් මස් කාල පුරුදු වෙලා ඒක අත අරින්න බැරි එවුන් ඉන්නවා. උන් මාරයව හොයාගෙන එන්ඩ බැරි නැහැ.

    ReplyDelete
  110. ඔන්න දැං තමයි මලගෙදර එන්න පුලුවං උනේ.
    කට්ටිය රෑ එලිවෙනකං කවි කියල තියෙන්නෙ.
    මෙහේනං දවසකට වවුලො දෙතුන් දෙනෙක් වයර්වල එල්ලිල ඉන්නව. කොහොම උනත් වවුලට නිවන් සුව !

    මාරයගෙ හිට් කවුන්ටරේ කෝටිය පනින්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනව.

    ප.ලි. කට්ටියගෙම කවි ටික ලස්සනයි....

    ReplyDelete
  111. පව් ඒ අහිංසක සතා
    පව් ඒ අහිංසක සතා
    පව් ඒ අහිංසක සතා
    පව් ඒ අහිංසක සතා

    (මගේ කවියත් ලස්සනයි නේද?)

    මේ මාරයියේ මට අනන්තවත් හිතිලා තියෙන දෙයක් තමයි ඔය වවුලෝ එහෙම කම්බි වල එල්ලිලා ඉන්නකොට මැරිලා‍‍‍..ඇයි අපේ මේ ලංවිමට බැරි පොඩ්ඩක් ඔය විදුලි රැහැන් වල පරතරය පොඩ්ඩක් වැඩි කරන්න....අනේ මන්දා‍‍...සමහරවිට මිනිහෙක් මැරුනත් ගණන් නොගන්න මේ කාලේ මේ වගේ සතෙක් මැරුණහම මැරෙන එක නොහිතන එකත් පුදුමයක් නෙවේ නේද?

    ReplyDelete
  112. එල්ලිලා මැරෙන්නට
    ගිය ගමනක්
    නොවේ
    මිතුර
    එල්ලිලා
    රැකෙන්නට
    ගිහින්
    වැරදිලා.

    ReplyDelete
  113. Observer...

    අම්මපා..ඒකත් ‍එහෙමද..?
    හැබැයි දැන්නං කරකුට්ටං ඒ හින්දා අවුලක් වෙන එකක් නැහැ..

    ReplyDelete
  114. Praසන්ன...

    බොහොමත්ම ස්තූතියි පැතුමට..ප්රසන්නලගේ කපවීම තමයි ඒ සටහන් උනේ...

    ඇත්තටම වවුලෙක් කල හරියක්...

    ReplyDelete
  115. හසියා...

    ලස්සන කවිය නුඹ ලිව්වා හරි හැඩය..
    ඒ වගේ කවි ලියන්නට තාමත් මට බැරිය..

    ඈ මල්ලියේ එහෙම ඈත් කොරලා කම්බි දැම්මොත් හදිසියකටවත් වවුලෙකුට එල්ලිලා මැරෙන්න හිතුනොත් ඌ එල්ලෙන්නේ මොකේද..?
    උඹ හිතන විදියනං අන්තිම ඉහළයි.

    ReplyDelete
  116. පිණිබිඳු...

    වැරදුන නමුත් වවුලා අද කම්මුතුය..
    ඒ දුක යන්න අපි ලිවුවේ කව්මුතුය..

    ReplyDelete
  117. අසරණ වවුල් මිතුරා මරු සොයාගෙන
    මාරයියේ නුඹ සොයාන ආ කළට
    මාර භවන දොර ඇර පිළිගෙන යසට
    ඇයි නොකළේ ආගන්තුක සත්කාර

    ReplyDelete
  118. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත...

    උන්නා නමුත් ඌ එනතුරු බලාගෙන..
    ඒකා ආවේ මහ රෑ මැද හඩාගෙන..
    හිතේ තිබුනු දුක සෝකය දරාගෙන..
    උන්නා උදේ ඌ සිය පණ නසාගෙන..

    ReplyDelete
  119. එළම කිරි ඈ......අපූරු කවි ටික අපරාදේ කියන්න බැහැ.....

    ReplyDelete
  120. Heeniyata...

    කෝ මල ගෙදරට ආවෙ නැහැ නෙව..

    ReplyDelete
  121. බුදු අම්මෝ මේකට ඇවිල්ලා තියන වවුල්ලු කන්දරාව! ඔය වව්ලා , වව්ලිත් එක්ක වලියක් ගියාම තර්ජනය කරනවාලු, "හිටපිය, මං ගිහිල්ලා එල්ලෙනවා, කරන්ට් කම්බියෙ" කියලා. ඔහොම සියදිවි නසාගන්නෙ, වව්ල්ලු විතරමලු. මං කොහොමද දන්නෙ ඇහැව්වා? ඇයි රාළේ, කවදාවත් අහලා තියේද, "වව්ලියෙක් කරන්ට් කම්බියෙ එල්ලිලා මැරිලා" කියනවා.

    ReplyDelete
  122. ප්‍රමාද වෙලා නෙව දැක්කේ..මලගෙදරට ගොඩ උන සිරිබිරිස් ගොයියටයි අමිල මලයටයිත් ස්තූතියි..හිටිංකෝ තුන්මාසේ දානෙටවත් මතක් කොරන්ට...

    ReplyDelete