10 February 2011

පාළු කපන්නට...

රෑ වේගන එනවා..ඒත් කරන්න දෙයක් නැහැ..හෙනට කම්මැලි හින්දාම එල්ලුනා මොනවා හරි කුරැටු ගාලා දාන්ට කියලා..
අම්මපා මේ බ්ලොග් කෙරුවාව හොයා ගත්තු එකානං දෙයියෙක්..
නැත්තං මේ වගේ වෙලාවක වෙන මොනවා කොරන්නද..?
එක අතකින් මෙහෙම පාඩුවේ ලියන්ට හම්බ වෙන එකත් හොදයි..ඉස්සරනං මං ලියන තරමක් ලිවුවේ මේ වගේ හෑලි තමයි..ඒත් ඒක හිතට හරි සහනයක්..
ඒ උනාට දැන් හුග දවසකින් නිදහසේ ලියන්න බැරි උනා..මොකක් හරි පරණ කතන්දරයක් අල්ලන් ඒක පට්ට ගහන්ට ගියහම ඒකත් හරියට නිකං යකා බැද ගත්තා වගේ වැඩක් තමයි..

ඒ වගේ තැනකට කොටු නොවී මෙහෙම හිතු මනාපෙට තනියම දොඩවන්ට මං බොහෝම මනාපයි..
දොඩෝනවා කිව්වට මේ කරන්නෙත් හිතට එන විකාර ඇගිළි තුඩු හරහා අකුරු වලට හරවන එක තමයි..

කොහොම උනත් ඒකත් එක අතකින් ලොකු සහනයක්...

මේ සහනය හින්දාම මං පහුගිය කාලේ හිතේ තිබුණු හුගාක් බර සැහැල්ලු කරගත්තා..අදටත් එහෙමයි..
නැත්තං තිබුණු අවුල්වල හැටියට මං කල්පනා කරලම පිස්සෙක් වෙන්ටත් ඉඩ තිබුනා..

දැන් පිස්සෙක් නෙවෙයි කියන්නනං මට හරියටම සහතිකයක් දෙන්න බැහැ..
ඔන්න ඉතිං හිත දුවනවා ආයෙමත් බණ පොත් පැත්තට..සබ්බේ සත්ථා උම්මත්තකා...

හා හා හිත හැරියං මෙහාට..බණ එපා..බණ එපා..

යන්තං ටිකක් නිදහසේ ඉන්න වෙලාවට ඔය හර බර දේවල් ඔළුව අස්සේ දාගෙන අර තියෙන සැහැල්ලුව නැති කර ගන්නේ පිස්සුවටයෑ..
............................................

ඔය උඩින් තියපු තිත් පේළිය තිබ්බහම මට නිකං හිතෙනවා.අළුතින් හුස්මක් ගත්තා වගේ කියලා..ඒ අළුත් හුස්මත් එක්කම මෙච්චර වෙලා කිය කිය හිටිය දෙයින් පිටට පැනලා වෙනම දෙයක් ලියන්න මට හිතට ගැම්මක් එනවා..
ඔව් ඒ හින්දා මං ආයෙමත් තියනවා තව තිත් පේළියක්.

............................................

මගේ හිතට සහනයක්නං..අනුන්ට හානියකුත් නැත්තං තිත් තියන එකේ වරද මොකක්ද..?

............................................

හා ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැ...
අද උදේ අටට වැඩට ආවේ..නියම විදියටනං මං හෙට උදේ අටට ඔෆ් වෙන්න ඕන..ඒත් හෙට දවල් වරුවත් මං මෙතනම රාජකාරි කරන්න ඕන..
මොකද මට 12 වෙනිදා දවල් වැඩකට යන්න තියෙනවා...ඒ හින්දා හෙට හවසට ඔෆ් වෙලා ආයෙත් මං වැඩට එන්නේ 12 වෙනිදි රෑ වැඩ මුරයට..ආයෙමත් දහ අට වෙනිදටත් මේ වගේම නිවාඩුවක් ගන්න තියෙනවා...

මේ දවස් දෙකේම නිවාඩු හදා ගත්තේ මගේ රියදුරු බලපත්තරේ ගැනීමේ වැඩට..

අනිද්දා ඒ සදහා ඉතිරි මුදල් බදින්නයි..තව උපදෙස් ටිකක් දෙන්නයි එන්න කියලා තියෙනවා මං ලැයිසොමට ඉල්ලුං පත්තරය දාපු රියදුරු පුහුණු පාසලෙන්...
ඒ හින්දායි ‍අනිද්දා දවල් නිවාඩුව ඕන උනේ..

ට්රයල් පෙන්නන්න තියෙන්නේ 18 වෙනිදා..
එදාට ඉතිං මොටර් සයිකලේට වගේම සැහැල්ලු වාහනවලටත් ට්රයල් එකක් පෙන්නන්න වෙනවා...

බයිසිකලේනං හා කියමුකෝ..

ඒත් සැහැල්ලු වාහන..
නයි කයිද රෝස්පාං..මම 18 වෙනිදට වෑන් එකකින් ට්රයල් දෙන්ට ඕන නේද..?
යකෝ ට්රයල් පෙන්නනවා තියා මම අවුරුදු ගාණකින් රෝද හතරක් කරකවලා නැහැ..
අන්තිමට මම මගේ වෑන් කට්ට එලෙව්වේ 2001 විතර..ඒ කියන්නේ ගෙඩි පිටින්ම අවුරුදු දහයක්...

ඕවා කියන්නේ මොකටද ට්රයල් බලන උන්නැහේට..
ගිහින් කරකවලා දානවා..වෙන මගුලක් වෙන්නේ නැතෑ...

හැබැයි ඕං මං ගම්පහ පැත්තේ ඉන්න ඔක්කෝටමයි මේ කියන්නේ 18 වෙනිදාට කොහේවත් නොගිහිං ගෙවල් වලට වෙලා හිටු..එහෙමත් නැත්තං 17 වෙනිදා හවසම ගෙවල්වලින් පිටවෙලා ගෙහුං 18 රෑ වෙලා ආපහු ආවත් කාරි නැහැ..පස්සේ ඕං මං නොකීවා කියන්න එපා..
හැබැයි පුතෝ කීයටවත් පාරෙනං ඉන්ට එපා...

හිතා ගත්තෑකිනේ පුරා දසවසරකට පස්සේ වාහනයක් එළවන්ට ගියහම වෙන්ට ඇහැකි දේවල්..
ඊටත් ලැයිසොං ගන්නට එළවන එළවිල්ල නෙව..

අරිනවා දොඹෙන් යන්ට...එක්කො දෙයි..නැත්තං ආයෙමත් මුද්දර ගහලා වෙන දවසක් හරි දෙවෙනි පාරටත් ට්රයල් දෙන්ට බැරියෑ..

හා..දැන් නිකං ඇති වගේ..මගේ බෙල්ල රිදෙනවා..රෑට බොන්ට කියලා අර බෙහෙත් ගන්ට ගිය තැන උන්න කෙලි පොඩ්ඩ දුන්න පෙති කරල් ටික මං එනකල් බලාන ඉන්නවා..
අච්චර ලීලේ පාලා අර කෙලි පොඩ්ඩ දුන්න බේත් අහක දාන්ටයෑ...
අම්මපා වහ උනත් කමක් නැහැ මං බොනවා..
හා ඔන්න මං ගියා...

27 comments:

  1. ඈ බං මාරෙ අයියෙ මෙච්චර දවස් බයිසිකල් පැද්දෙ ලයිසොන් නැතුවද.
    ආ ඒත් බය වෙන්න ඕනනෑ. මොන පොලිස් කාරයද මාරයට අත දාන්නෙ.

    ReplyDelete
  2. මාරෙ අයියටත් තියෙන්නෙ අර කවුද කලා වගේ ට්‍රයල් එක වෙලාවට ලියුම් කවරයක් අරගෙන එකට පේනනම මොනරෙක්ව බස්සල ඒක වාහනේ ඩෑෂ් බොඩ් එක උඩින් තියල, ටෙම්පරිය අතට ගත්තට පස්සෙ අර ලියුම් කවරෙත් අරන් බැහැල යන එක. හරිම සිම්පල් ප්ලෑන් එකක්.

    ReplyDelete
  3. ඇත්තටම උඔට බ්ලොග් කෙරුවාව කියලා දුන්නෙ කව්ද? අනික උඔට බිලොග් කෙරුවාව හින්දා උඔ දැං තනි වෙලත් නැති එකේ ඔය ප්‍රොෆයිල් එකේ කියලා තියෙන දේවල් පොඩ්ඩක් එහා මෙහා කරන්නත් කාලේ හරි නේදැ!

    ReplyDelete
  4. ඔන්න ඕක කරකවලා දාන්න අයියේ...... කලින් කර කැව්වනම් ඇගේ තියනවා අනිවාරෙන්. එදා උදේට දෙතුන්පාරක් කරකවන්න ඒ ඇති.......

    ෂූභ පැතුම් හොරෙන් නොයා හොඳ හැටි පාරේ යාමට ලැබෙනවට....... හික්ස්......

    ReplyDelete
  5. කවි නැත කමෙන්ට් නැත

    ReplyDelete
  6. බෙහෙත් ටික හරියට බීපන අයියේ..වරද්දන්නේ නැතුව...මටත් ඇල් බොර්ඩ් එක ඇවිලා කියාලා ලයිසන් කඩෙන් කෝල් එකක් ආවා...ඒක බලන්න හෙට යන තමා හිතාන ඉන්නේ...
    වැඩ ටික හොදට කෙරේවා!!!!!

    ReplyDelete
  7. වදුරන්ට ගස් උඩ යන්න කියලා දෙන්න ඕනෙ නෑ නෙ බන්,,උබත් ඔය වාහන එක්ක හොදට හැප්පිලා ඉන්න එකා..උබේ පියානෝත් එහෙමයි,,,ඉතින් බන් උබ 10 වසරක් නෙමේ 20 වසරක් උනත් උබට ඕක බැරි වෙන්නෙ නැ...ජාන වෙනස් වෙන්නේ නෑ නේ බන්...

    ReplyDelete
  8. අයියෝ මචං ඕක මොකද්ද බං, එලෝලා දාපං එක්සැමින්ර්ට තරු පේන්න... උඹට ඉතිං වාහන එලවන්න බැරි එකෙක්යැ...

    කොහොමත් තමන්ගේ වාහනයක් එලවන්නකලින් අනුන්ගේ එකක් එලවලා පුරුදු වෙන්න ඕනේ...

    ReplyDelete
  9. ඕක මොකක්ද මාත් ලයිසොං එක අරන් අවුරුදු 8 ක් විතර වාහනේක ඩ්‍රයිවින් සීට්එකේ වාඩිවෙන්නෙවත් නැතිව හිටිය.
    ඔය දැන් යසට යන්නෙ.
    ඔන්න ඔහෙ කරකවල දාපං.

    ReplyDelete
  10. ටිකක් වියදම් කළානම් වාහනේකට අතවත් නොතිය ලයිසොන් ගන්න තිබ්බා ;)

    ReplyDelete
  11. දැන් අයියා ට්‍රයල් පෙන්නන්න කලින් ඒකෙ මොකද්ද අර විභාගෙ ලිව්වද?

    ReplyDelete
  12. Ranga...

    මොන ලැයිසොංද බං..පාර මැද්දෙන් තියා ගත්තා මං ගියා..

    ReplyDelete
  13. තාරක Dilsh@n...

    හෙහ් හෙහ් ඒකත් නරක නැහැ නෙව...

    ReplyDelete
  14. බුද්ධි...

    ඇයි බං බුද්ධියෝ මගේ බ්ලොග් කෙරුවාව ඒ තරංම අප්සැට්ද..?

    අනේ බං වෙනසක් කොරන්ට තරංනං ඕකේ වෙනසක් වෙලා නැහැ බං..

    ReplyDelete
  15. හා පැටික්කී...

    තැන්කූ නගේ..

    ReplyDelete
  16. MaRLaN...

    ආයේ ඉතිං කපුටෙක්වත් මලාම බලමු මලේ..

    ReplyDelete
  17. රත්ගමයා...

    දැන් ඉතිං තුන් මාසයක් ඇල් බෝඩ් දාං දුවන්ටත් ඕන නේද මලයෝ..

    ReplyDelete
  18. ItalyDilan...

    නැතුව මල්ලියා...ඒකනේ මේ වෙන කෙහුරක් වෙයං කියලා යන්ට හදන්නේ..

    ReplyDelete
  19. prasanna86k...

    අර අන්තිම එක කිව්වේ අත්දැකීමෙන් වෙන්ටෑ..හිහ් හිහ්..

    ReplyDelete
  20. Praසන්ன...

    අර හෙලිකොප්ටරේද..?

    ReplyDelete
  21. පූසා...

    අපොයි..ඒවා හරි නැහැ බං...

    ReplyDelete
  22. ඒ කියන්නේ 18 වෙනිදා ගම්පහ පැත්ත පලාතක යන්න බැහැ. අයියෝ.....

    ReplyDelete
  23. පිණිබිඳු...

    ඒකට ලියන්න ඕන නැහැ නංගි..මොකද මම මීට අවුරුදු එකොළහකට විතර ඉස්සර ත්රී‍ වීල් වලට ලැයිසොං අරන් තිබ්බේ ඒක ලියලා නේ..

    ReplyDelete
  24. කොට ජීවිතේ..

    අන්න හරියටම තේරුං ගත්තා...හිහ්..

    ReplyDelete
  25. කව්ද කියලා දුන්නෙ කියලා ඇහැව්​වෙ, "අම්මපා මේ බ්ලොග් කෙරුවාව හොයා ගත්තු එකානං දෙයියෙක්..
    නැත්තං මේ වගේ වෙලාවක වෙන මොනවා කොරන්නද..?
    එක අතකින් මෙහෙම පාඩුවේ ලියන්ට හම්බ වෙන එකත් හොදයි..ඉස්සරනං මං ලියන තරමක් ලිවුවේ මේ වගේ හෑලි තමයි.." කියලා තියෙන හින්දා.... ලිවිල්ලෙන් සහනයක් ලැබෙනවනම් කියලා දුන්නු එකාටත් පින්නේද?

    ReplyDelete
  26. බුද්ධි...

    කියා දුන්නු කෙනෙක් නැහැ බං...දවසක් ගොසිප් ලංකා එකේ ලින්ක් එක අහු උනා..ඒකේ සිංහලෙන් කමෙන්ට් එකක් දාලා තිබුනා සාකුන්තල මලයා..ආන්න එදා මට තේරුනා මේකේ සිංහල වලින් මොනවා හරි කොරන්ට පුළුවන් කියලා..සාකුන්තල පස්සෙන් ආවාම ඉන්දරේගේ බ්ලොග් එකත් අහුඋනා..ඊට පස්සේ සිංඩිය අහු උනා..ඒ පාර හතර වටේ ගෙහුං අමාරැවෙන් මේක අටෝ ගත්තා..
    දන්නවනේ ඉතිං ඉංගිරීසිත් බැරුව මොන කට්ටක් කන්ට ඕනද කියලා මේකෙ කොනක් අල්ල ගන්ට..හැබැයි ඉන්දරේගේ ලිපි හරි පරයෝජනයක් උනා..
    ඉතිං අටෝ අටෝ ඇවිල්ලා අද තාමත් අටෝ අටෝ ඉන්නවා..
    ඔන්න මගේ බ්ලොග් කෙරුවාව...
    හැබැයි පස්සෙන් පහු කාලෙක වැප් මලයා එතකොට මකරා එහෙමත් මොනවා හරි අහපුවාම කියා දෙන්ට තියා ගත්තා...දැන් ඉතිං ගමනේ යා තමයි...
    උන් ඔක්කෝටමත් පිං..

    ආ ඒ විතරක් නෙවෙයි මාව සින්ඩියෙන් කපපු වෙලාවේ..මං නොදන්න හුගාක් අය මා වෙනුවෙන් කතා කරලා තිබුනා මම ඒ සංවාද දැක්කේ පබාහෝම කාලෙකට පස්සේ..විශේෂයෙන්ම පිටස්තරයා එහෙම..උන්ටත් පින්..

    ReplyDelete
  27. එළකිරි ටිකට වැඩ ටික ඉෂ්ට සිද්ද වේවා!

    අනුන්ගෙ ඒව පදින්නෙ නම් ඩිOගිත්තක් පරිස්සමෙන් ඕO......

    ReplyDelete