12 February 2011

හිතන්නෙපා බොරුයි කියා ඔබ රැවටේවී...

දිනය-මාසයකට පමණ ඉහතදී..
වේලාව- සවස් කාලයක්..

දුරකථනය නද දෙන්නට වෙයි...
හ්ම් අණ්ඩපාල ගෙන්..

"හලෝ මොකද අණ්ඩේ.."

"නැහැ බං නිකං..උඹ සනීපෙන්ද..?"

"ඔව් මො‍කද එක පාරට මගෙ සැප හොයන්න හිතුනේ..?"

"නැහැ බං නිකං..(වල්පල් රැසක්.....)"

"හරි බං නිකංනේ ගත්තේ නිකං බිල යවාගන්න ඕන නැහැ දැං ඕක තියහං..."

"නැහැ බං නිකංමත් නෙවෙයි මට පොඩි උදව්වක් කරහංකෝ..."

"ඔය මං කිව්වේ..තොපිනං අපිට කතා කරයි නිකං..හා කියහංකෝ.."

"මේ අර සොබනිගේ විස්තර ටිකක් කියහංකෝ..."

"ඒ මොකටද..?අනික මං දන්නැහැ බං ඕවා.."

"අනේ බොරු කියන්න එපා බං..මං දන්නවා උඹ ඒකිගේ කෙන්දරෙත් බැළුවා කියලා..."

"හරි ඉතිං බං ඒ උනාට ඒවා උඹට කියන එක හරි නැහැනේ..වෘත්තීය ගරුත්වයද මොකක්ද එක රකින්න එපැයි මං.."

"හරි බං ඒ උනාට උඹට මං වෙනුවෙන් එහෙම දෙයක්වත් කරන්න බැරිද..?"

"වෙන දෙයක් කියහං බං..අනික උඹට මොකටද ඕවා..උඹලා පවුල්කාරයෝනේ..."

"හරි හරි බං..හා උඹට බැරිද..?"

"බැහැ බං..."

"**************ඉඳහංකෝ උඹට මං..."

...............................................

දිනය- දැනට දින කිහිපයකට ඉහතදී...
වෙලාව - උදෑසනම..

තවත් දුරකථන ඇමතුමක්...

"මචං උඹ කොහේද ඉන්නේ..?"

"මං අද වැඩ බං..ඇයි?"

"චික් විතරක්..බලහං බං..."

"ඇයි..උඹට මොකද වෙන්න ඕන..."

"වැඩක් නැහැ බං උඹට දැන් එන්න බැහැනේ...මට මාර අවුල...@$$#@&#$#^&@$@%(දීර්ඝ විස්තරයකි..)
අන්තිමට පිටින් ලොක්කරලා බං..චික් විතරක්.."

.........................................

ඔන්න ඔහොමයි උනේ...

15 comments:

  1. ?????????????????

    ARa hinawena kenage ekak kiyalanam therenawa.

    ReplyDelete
  2. "හරි ඉතිං බං ඒ උනාට ඒවා උඹට කියන එක හරි නැහැනේ..වෘත්තීය ගරුත්වයද මොකක්ද එක රකින්න එපැයි මං.."

    ඒ වචනය වෙනුවෙන්, මාරයාට මගේ ප්‍රණාමය..!
    :)

    ReplyDelete
  3. ???????????????
    මට කිසිදෙයක් තේරුනේ නෑ

    ReplyDelete
  4. අපරාදෙ කියන්න බෑ තේරුනා නම් ශෝක් කතා පොඩ්ඩ.

    ReplyDelete
  5. ඉතිරි කොටස commercel break එකකින් පස්සෙ..

    ReplyDelete
  6. බූරු පුතා කියපු ටිකම තමයි ඉතින් කියන්න තියෙන්නෙ

    ReplyDelete
  7. මේ දවස් වල අපි නොදන්න ප්‍රසිද්ද රහසක් කැරකෙනවා නේ,,අන්න ඒකේ අතුරු කතාවක් වගේ මේකත්...

    ReplyDelete
  8. මාරයට අර ගෑනු ළමය දීපු බෙහෙත් බීල මොකක්ද වෙලාද කොහෙද?

    ReplyDelete
  9. මම ටියුබ් ලයිට්ද.......

    ReplyDelete
  10. හැමෝටම ස්තූතියි...

    මෙය සම්පූර්ණම අණ්ඩර දෙමළයකි...
    තේරුම් ගත හැක්කේ මා වැනිම පිස්සන්ට පමණි..
    එසේම මඩට උපන් මඩ කප්පිත්තන්ද මෙය තේරුම් ගන්නවා ඇත..
    සියළු සිංහල ගූගල් බස් පදින්නෝද මේවා දනිති..
    ඊට අමතර බස් අස්සේ කතා ගෙනවිත් බ්ලොග් අස්සේ දමා මඩ හැලි කලතන්නෝද මේවා දනිති.
    සමහර විට අතලොස්සක් වූ බ්ලොග් කියවන්නන්ද මෙහි අග මුල සොයා ගැනීමට සමත්කම් දක්වතැයි සිතමි.

    අප මඩ ගසන්නේ නැත.
    දුක හා දුකට හේතුව පැහැදිලි කලා පමණක්මය..
    දන්නෝ දනිති...නොදන්නෝ දුක්වෙති..
    දුක් වූවෝ මා හට කමත්වා...

    ReplyDelete
  11. පලවෙනි එක අබේපාල අයියා කපුකම කරන්න ගිය කතවා වගේ.
    දෙවෙනි එක අර මඩය කාමරේ හිර වෙලා ඉන්න වෙලේ දුක කිව්වා එකක් වගේ.. හරිද මන්ද ඉතින්. ඔච්චර තමා තේරුනේ.

    ReplyDelete
  12. නගත් ඕන නැති ඒවමයි තේරුං ගන්ට හදන්නේ..හිහ්..

    ReplyDelete
  13. පලවෙනි එක නම් තේරුනා, දෙවනි එක තමා තේරුනෙ නැත්තෙ

    ReplyDelete
  14. රංග..හෙහ් හෙහ්..ඒකත් එහෙමද..?

    ReplyDelete