13 February 2011

ඔන්න පුතේ දවස ඇවිත්...

වෙළෙන්දන්ට ලාභ ගන්න..
රෝස මළුත් විකුණ ගන්න..
කොල්ලන් බල්ලන් කරවන
දිනය ඇවිල්ලා..දිනය ඇවිල්ලා...

අතේ තියෙන තුට්ටු දෙකත්..
චොකොලට් වල දිය කරන්න..
මෙන්න ඉතිං අපේ උන්ගෙ
දිනය ඇවිල්ලා..දිනය ඇවිල්ලා...

කවදාවත් නැති තරමට..
දෝත පුරා තෑගි දෙන්න..
අතේ සතේ නැති කරවන
දිනය ඇවිල්ලා..දිනය ඇවිල්ලා...

හදේ නොමැති ආදරයක්..
මුදල් මතින් මවාපාන..
මුදලාලිලා ගොඩ දාන්න
දිනය ඇවිල්ලා..දිනය ඇවිල්ලා...

හරි ලේසියි පෙම් කරන්න..
අනෙකා හට අන්දවන්න..
තෑගි වලින් හැම වරදම
වැහිල ගිහිල්ලා..දිනය ඇවිල්ලා...

ආයේ දිනක් මෙහෙම නැතේ..
තව වසරක් ඉන්න වෙතේ..
ඒ හින්දා ඉක්මන් කර
තෑගි දියල්ලා...දිනය ඇවිල්ලා...

ටීවී පත්තර ගානේ..
කඩයක් කඩයක් ගානේ..
වැලන්ටයින් මැජික් එකෙන්
වැහිල ගිහිල්ලා...දිනය ඇවිල්ලා...

51 comments:

  1. ඔව් ඉතිං සුපිරි නැතිව තියෙයියෑ හෙට ඇවිල්ලා නංගිලාගේ වාර්ෂික අය බදු දිනයනේ...

    ReplyDelete
  2. නියමයි මචෝ.. අපේ කාලෙ නම් ඉවරයි.. ඒත් නගාලගෙයි මලයොන්ගෙයි නුවණැස පෑදේවා...

    ReplyDelete
  3. නංගිලාගේ වාර්ෂික අය බදු දිනයනේ....

    මාරය උබත් කාලයක් බදු ගෙවුව නේද??

    ReplyDelete
  4. වැලන්ටයින් නියම කවිය දැක්කේ මාර අඩවියෙන්

    ReplyDelete
  5. Thusitha Jayasinghe...

    අනේ නැහැ...
    ඒ දවස්වල ඔය වගේ දඩ ගහන දින වෙනමම නැහැ..
    සමහර වෙලාවට මුළු අවුරුද්දම එක සමානව බදු ගෙවනවා..නැත්තං නැහැ...

    ReplyDelete
  6. ItalyDilan...

    මේකනේ මල්ලි රහස...කිසිම අභ්‍යන්තර බලපෑම් වලින් තොරව ලියන්න පුළුවන්නේ...
    ඔන්න දඩ ගෙවන්නන්ගේ සංගමේවත් හිටියනං..අපිටත් බඩුම තමයි..

    ReplyDelete
  7. මේක නම් පට්ටය..
    කමක් නෑ හෙට නැතුව අනික් ඔක්කොම දින අපේ :-D

    ReplyDelete
  8. සිරකරුවා...

    උඹට හොඳටම ෂුවර්ද..?මංනං කීයටවත් හිතන්නේ නැහැ

    ReplyDelete
  9. අද.. අනේ මන්දා අප්පා... නෝ මනී.. නෝ හනී..

    ReplyDelete
  10. ඇස් වහල පර්ස් එකට ගහන තවත් කණගාටුදායක දවසක්...(නැති එකාලු නැති එකේ දුක දන්නෙ )

    ReplyDelete
  11. අපි තනිකඩයි දැං ...

    ReplyDelete
    Replies
    1. " මල කෙලියයි මහරජ " කීවලු

      Delete
  12. හික් හික් හික්... :)

    ReplyDelete
  13. ප් ර්ස් එකට හිමි හිමිට කොල්ලන්ගේ...
    හරි හරියට ටක්ක ටකට තට්ටු කරන..
    රෝස මල්..චොකෝ ෆි එකේ ෆයි කරන...
    දිනය ඇවිත්..මාරයියේ දිනය ඇවිත්....

    යාලු කෙල්ලටද...
    යාලු වෙන්න කෙල්ලටද...
    බයිට් කෙල්ලටද...
    දෙවෙනි බිරිදටද...
    අය-බදු මාර ජාමේට...
    අය කරන...
    දවස..ඇවිත් මාරයියේ..දවස ඇවිත්...

    මල කෝලම්...හරි නාඩගම්..
    අද විතරද..
    ඇයි හෙට...බල්ලට ගිහිල්ලද..
    ආදරේ නම්..
    අද හෙට නෙමේ..හැමදාම...
    වැලන්ටයින් නෙන්නම්..
    මට නැ වැටහෙන්නේ.
    දවස ඇවිත්ලු මාරයියේ දවස ඇවිත්ලු..

    ReplyDelete
  14. ඈ...අදද දිනේ....හුටා....

    ReplyDelete
  15. අපි නැහැනේ ඒවට...

    ReplyDelete
  16. පවු අසරණ පෙම්වතුන්..

    ReplyDelete
  17. මුදලට පෙම් කරන ෙලාවක
    මුදලින් පෙම් කරන දිනය

    මව්පියන්ගෙ මුදල් මතින්
    ෙබාරැ බයිලා රගදක්වන
    නංගිලාට මල්ලිලාට
    පිස්සු හැෙදන දිනය අැවිල්ලා...

    ReplyDelete
  18. ළමයා...

    කාටද ඔය බොරුව දාන්නේ මළයෝ...

    ReplyDelete
  19. kuma...

    මුදලාලිලාගේ මල්ල පිරෙන ප්‍රීතිමත් දවසක්..

    ReplyDelete
  20. එහෙමත් එකක්ද අද.... අපි දන්නෙ නැනෙ

    ReplyDelete
  21. හිස් අහස...

    තනිකඩ නොවුනනං බලන්න තිබ්බා...

    ReplyDelete
  22. Buratheno...

    බුරාට හිනා..හික්ස්..

    ReplyDelete
  23. නිම්ශා...

    දවස ඇවිත් පොඩි එකියේ..
    දවස ඇවිල්ලා..

    ReplyDelete
  24. Niroshan...

    ඔන්න ඔන්න..තවත් කෙනෙක් බබා පාට්..
    කෝ ඊයේ ගෙනාව චොක්ලට් එක එහෙම..හැංගුව තැනින් අරගෙන ලෑස්ති වෙමු...

    ReplyDelete
  25. Jayampathi Akalanka...

    මාරයා නෙවෙයි අඩා වැලන්ටයින් ආවා...

    ReplyDelete
  26. prasanna86k...

    බබා..වරෙං හරහට දාලා නලවන්න..

    ReplyDelete
  27. Aruna...

    අතේ සතේ නැති එකාට..
    හිතේ දුකක් ඇති කරවන..
    කෙල්ලන්ගේ ගණන් බලන
    දිනය ඇවිල්ලා..දිනය ඇවිල්ලා..

    ReplyDelete
  28. අකීකරු හිත...

    එහෙමයි කියන්නේ නංගියේ..අනේ ඉතිං අපි දන්නෙත් නැහැ..

    ReplyDelete
  29. අපොයි මාරයාට සාන්ත වැලන්ටයින් උතුමා එක්ක තරහ ගිහිල්ලා. අද මුදලාලිලාගේ දවස නොවැ.

    ReplyDelete
  30. කවි ලියනකම් අයියත් කඩයක් දැම්මනම් කීයක් හරි හොයාගෙනනේ....... හික්ස්........ :P

    ReplyDelete
  31. අපි නම් ඕවට නෑ...
    කවිය නියමයි

    ReplyDelete
  32. මේ මැරිච්ච වැලා අල්ලගෙන සුද්දා හදපු රෙද්දට මුන් මැරෙනවා...ඉකේයියා

    ReplyDelete
  33. පිණිබිඳු...

    අනේ මං මොකට ඒ අසරණයා එක්ක තරහා වෙන්ටද..
    මට තද වෙන්නේ මේ මුදලාලිලා ටිකයි..
    උංගේ ගැට වලට අහුවෙලා නහින අපේ වංගොහොන්සේලා ටිකයි එක්ක තමා..

    ReplyDelete
  34. හා පැටික්කී...

    හිහ් හිහ්..ඒකනං ඇත්ත..

    ReplyDelete
  35. ayesha...

    ඇයි දෙයියනේ ඕවාට නැත්තේ..කාගෙ කාගෙත් ආදායම් සරු වෙන දිනය නෙව..හිහ්..

    ReplyDelete
  36. රත්ගමයා...

    ආ උඹ මැරෙන්න හදන්නේ නැති බබා..
    වරෙං බොලාවත් හරහට වඩන්න

    ReplyDelete
  37. මල කෝලO ඇඳෙන් එකයි කිව්වලු.....හික්

    ReplyDelete
  38. හරි ලේසියි පෙම් කරන්න..
    අනෙකා හට අන්දවන්න..
    තෑගි වලින් හැම වරදම
    වැහිල ගිහිල්ලා..දිනය ඇවිල්ලා...

    මේ ටික නම් මරු.

    ReplyDelete
  39. නන්දා මාලිනීගේ සින්දුවත් මතක් වුනා

    "පෙබර..වාරි දා...හතර වෙනි....දා".

    තාලෙ හරිද මන්ද? බුරාගෙන් ඇහුව නං කියල දෙය්.

    ReplyDelete
  40. මහ බොරුවක් නේද? ආදරේ හැමදාම තියෙන්න ඕනේ දෙයක්. මම හරිම ආසයි අපේ පැන්ඩා මල්ලි ආදරේ කරන විදියට. හැමදාම ආදරෙයි. ගොඩක් කොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමා ආදරේ පෙන්නන්න දන්නේ නැතිකම. ඒකෙන් මුදලාලිලා ප්‍රයෝජන ගන්නවා. කෙල්ලන්ට ආදරේ චුට්ටක් පෙන්නුවනම් දවසකට එක පාරක් විතර... මෙච්චර ඇණයක් වෙන්නේ නෑ මේ දවසත් නිකම්ම දවසක් වෙනවා

    ReplyDelete
  41. @Heeniyata...
    මරු උපහැරණයක් නෙව..

    @JHOTHISHALANKA...
    ඕකනේ ඉතිං කරන්ට හදන්නේ..ඒ අස්සේ වෙළෙංදෝ මඩිය තර කර ගන්නවා..

    @Observer...
    තාලේ නෙවෙයි ස්ංදුවත් හොයා ගන්ට වෙයි වගේ...

    @musicvidos...
    ස්තූතියි...

    @සංජු...
    දවසට එක පාරක්..?
    මල විකාරයයි..යකෝ ඒ වෙලාව හොයාගන්න ඕන මුළින්ම..නැත්තං උදේට පෙන්නලා හවසට නැති උනොත් වසලා හමාරයි..

    ReplyDelete
  42. කෙල්ලෝ කොල්ලන්ට හිත පුරා අදරය කරන්න කරන්න තියෙන්නේ අවුරුද්දේ එකම එක දවසයි . .

    එදාට උන් පැලෙන්න ආදරේ කරන එකට මේ නෂ්ඨ කාමයෙන් පෙලෙන උන් ඉරිසියාවේ මැරෙන්න හදනවා . . .

    සික් විතරක් . .

    ReplyDelete
  43. එහෙම කියන්ඩ එපා අය්යා.. මල් වවලා කී දෙනෙක් ජීවත් වෙනව්ද ? මේ වගේ විසේස දවසක ඔය මල් තරමක් වැඩි මිලට විකුනන්න පුලුවන් නෙව ....... අනිත් එක ඔය ව්‍යාපාරිකයොත් ජීවත් වෙන්ඩ ඕනි නෙව ඒ ආයතන වල වැඩ කරන අය එහෙම හිතුවොත් සිස්ටම් එකේ පැවැත්මට මේ වගේ විච්චූරන නැතුවත් බෑ..........!
    මාර්කටින්ග් කියන්නෙ නිර්මාණශීලී ලෙස ඇන්ද වීම තම තම බුද්ධියේ පරමාණ්යෙන් කස්ටිය ඇද ගන්න එකනෙ වෙන්නේ..........

    ReplyDelete
  44. අයබදු ප්‍රචාරණ දිනය .. වැය අනිත් දින වලට වඩා මෙදාට වැඩි වෙනවනේ...

    ReplyDelete
  45. මෙන්න බලපල්ලා..මෙයානෙ පත්තු වෙලා තියෙන්නෙ...

    මෙතන තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව.

    අවුරුද්ද පුරාම ආදරය කරපල්ලා...හෙටත් ආදරය කරපල්ලා..හෙට තියන විදියට පොඩි තෑග්ගකුත්
    දීපල්ලා....එහෙම බැරි වුනත් ඉතින් අවුලකුත් නෑ.ඒත් අනික් එවුන් ඒවට ඉරිසියා නොකර හිටපල්ලා....:D:D:D

    ප.ලි.
    ඔන්න මම තිත් දෙකයි ඩී දාලා තියෙන්නෙ හරිය...

    ReplyDelete