15 February 2011

අතීතය අවුස්සන විට හම්බ වෙන දේවල්...

අඳුර වැටීමට ඉතාමත් ආසන්නය..මිනිසුන් කලබලකාරී අන්දමින් එහෙ මෙහෙ දිවයනු පෙනේ...එය එසේ විය යුතුය..මන්ද මා සිටිනුයේ පිටකොටුවේ දුම්රිය ස්ථානයේ ඉදිරිපිට වීම නිසාය..හිරුටත් කළින් අවදිව ගෙවල් දොරවල් වලින් එළියට පැන ගත් මිනිස් සමූහයා බැස යන හිරුට පසුපසින් ගෙවල් වලට කූඩු වීමට දුවති...

අඩුම ගානේ ගෙවල්වල ඉන්නා පොඩි පැටවුන් නිදා ගැන්මට කළින් වචනයක් හෝ උන්හා දෙඩීමට ඇති ආශාව විය යුතුය...
නොනවතින ජීවන ගමනක යෙදෙන අතරතුරම..ඒ සදහා විශාල ජීවන සටනක නියැළෙන ඔවුනට විවේකයක් කියා දෙයක් ඇත්තේ නැත...

මේ අවදිය මාගේද එවැනිම වූ නොනවතින ජීවන සටන ඉදිරියට ඇදී ගිය සමයයි...
සෑම අතින්ම පිරිහී තිබු පවුලේ ආර්ථිකය යහපත් අතකට ගෙන ඒමෙහි ලා නිරන්තර උත්සහයෙන් පිස්සු බල්ලෙකු සේ මුදල් පසුපස හඹා ගිය කාලයයි..
ඒ දෙදහස් දෙකේ වර්ෂයේ ආරම්භක සමය යැයි මා හට මතකය...

සවස පහට පහමාරට පමණ මා සිටියේත් ජීවිතය ගොඩ දැමීමේ වැඩසටහනට අයත්ම වැඩකට යනෙනා අතරතුරය..
නමුත් අවට පරිසරයේ දිවයන්නා වූ මිනිසුන් හා දිව යෑමට තරම් මාහට අවශ්‍යතාවයක් නොවීය..
එහෙයින් මා දුම්රිය ස්ථානය ඉදිරිපිට සිටගෙන අවට සිදුවන දේ පිළිබඳව පාඩුවේ බලා සිටින්නට විය.

මා යන්නට බලා පොරොත්තු වන්නා වූ දුම්රිය පිටත් වීමට තව වේලා ඇත..එතෙක් කෙසේ හෝ කාලය කා දැමිය යුතු හොයින් පරිසරයත් එහි වෙසෙන්නා වූ ජීවින් සමූහයත් දෙය නෙත් හෙළාගෙන සිටිමි.

දකිනා සියළු දසුන් අතරේ එක් ස්ථානයක යම් වෙනස්ක් විය..මිනිසුන් පොදි කකා එක් තැනක ඇති වූ වෙනස දැකීමට මා දෙපා නිරායාසයෙන්ම ඉදිරියට ඇඳුනි...

"හරි හරි කට්ටිය කල බල වෙන්න එපා..හැමෝටම පුළු පුළුවන් හැටියට කියනවා"..යි කියමින් තරමක් හඬින් පවසමින් තමා වටේ රැස් කන්නා වූ පිරිස පාලනය කර ගැනීමට සැරසෙන පුද්ගලයෙකි..
ඔහු වටා සෙනග මී මැසි පොදියක් සේ පොරකති...
.........................................

මේ මා පවසන්නට යෙදුණේ මෙයින් වසර නවයකට පමණ ඉහතදී සිදු වූ සිදුවීමකි.
එදින මා සිටියේ උඩරට මාර්ගයේ යන දුම්රියක් බලාපොරොත්තුවෙනි..
අරමුණ වී තිබුණේ අළූතින් ව්‍යාපාරයක් ඇරඹීම සඳහා තොරතුරු රැස් කර ගැනීමයි..
එළවළු මිල සීඝ්‍රයෙන් ඉහල ගොස් තිබිණි කැරට් කිලෝව ඉතිහාසයේ පළමු වතාවට රුපියල් අසූවද ඉක්මවා ගොස් සීයයට ආසන්න වී තිබිණි..එහෙයින් අප පෙදෙස් වලට උඩරට එළවළුවල හිගයක් දැනෙමින් පැවති හෙයින් මාගේ අරමුණ වූයේ එවකට මා සතුව තිබූ වෑන් රථය උපයෝගී කරගෙන සුළුවෙන් හෝ උඩහා සිට එළවළු ටිකක් ගෙනවිත් අලවි කිරීමට හැකියාවක් ඇද්දැයි සොයා බැලීමටය...

සාමාන්‍යයෙන් කෙරෙන කඩ වෙළඳාමට වඩා මා ප්‍රිය කල වෙළදාම වූයේ තරමක් ගෙවල් වැඩිපුර තිබෙන ප්‍රදේශවලට ගෙන ගොස් වාහනයේම තබාගෙන භාණ්ඩ අලවි කිරීමයි..
ඒ වන විටද ඒ සඳහා මට තරමක පළපුරුද්දක් විය...

ගමේ සිටි අත්ට්‍රැක්ටරයක් හිමි පුද්ගලයකු සමග මම සෑහෙන වතාවක් පොල්,මඥ්ඥොක්කා, කෙසෙල් මුව, පොළොස් ආදිය වරින් වර ගෙන ගොස් මේ ආකාරයෙන් අලවි කොට ඇත..
එවකට කිරිබත් ගොඩ ආශ්‍රිත නිවාස සංකීර්ණ භූමියක් අපගේ ප්‍රධාන අලවි ස්ථානයක් විය..

ගමන ආරම්භ කල තැන සිටම හමුවන ඕනෑම කෙනෙකුට අප භාණ්ඩ අලවි කරනු ලැබීය..ගෙන ගිය තොගය කෙසේ හෝ විකුණා මිස ආපසු හැරීමක් නොවීය...

මට උත්පත්තියෙන්ම ලැබී තිබූ ලොකුම දායාදය වූයේ මගේ හැකර කටය..
එය වෙළදාමට මනාව ගැලපිනි..විශේෂයෙන්ම මහ හඩින් බෙරිහන් දී කෑ ගසා..නිවෙස් තුල සිටින මිනිසුන් පාරට ගෙන්වා ගැනීම ඒ හැටි අපහසු දෙයක් නොවීය..මෙබැවින් මා රැගෙන වෙළදාමේ යාමට අත්ට්‍රැක්ටර් හිමියාද බොහෝ සේ ප්‍රිය කරනා ලදි...

මා මේ මෑතකදී අන්තර්ජාලයෙන් බගත කොට ගෙන සුජීව ප්‍රසන්නආරච්චිගේ බොඳමීදුම් නවකතා පෙළ කියැවූයෙමි.
මෙයට ප්‍රථම මා ඒ පොත් පෙල කියවා තිබුණද..නැවත වතාවක් එය කියවීමට මා හට අපුලක් නොවීය..

බොළඳ නවකතා ගොන්නට දමා ප්‍රබුද්ධයින් විසින් ඉවත ලන්නට උත්සහා දැරූ මුත් මා හට ඒවායේද වරදක් නැත...
සුජීව ජීවිතය පට්ටා ගැසීමට උත්සහ ගත්තද ඔහු ජීවිතය ඒ තරම්ම විඳ නැති බව මා හට පසක්වන කරුණු අනන්තව පොත් තුළින් හමුවී ඇති මුත් මා ඒවාට සිනහා නොවෙමි...
ඔහුගේ පොතේ මඥ්ඥොක්කා මාස තුනෙන් අල බැස මෝරයි..මා දන්නා ඒවානං ඊට වඩා කල් යයි...
මේසන් බාස්ලාට අත් වැඩ දීමත් ඒ හා ඇතිවන වේදනාවත් ඔහු පට්ටා ගසයි..නමුත් ඒ පට්ටා ගැසීමට වඩා එම වේදනාව සිය දහස් ගුණයකින් වැඩි බව මා දනිමි.
නමුත් ඔහු ලියනා දේ මම අගය කරමි..මිනිසකු ලියන්නා වූ සෑම දෙයක්ම තමා විසින්ම අත් විඳ තිබිය යුතුයැයි නීතියක් නැත..

මා මෙසේ පවසන්නට යෙදුණේ ඔහු ලියූ කතාවල අත්දැකීම් සැබෑ ජීවි‍තයේ එයට තරමක් ආසන්නයෙන් විඳ ඇති නිසා සමහර විට මා කියනා දේවල් ඔහුගේ පොත්වලින් උස්සා ගත් ඒවා යැයි කාට හෝ සිතීමට ඉඩ ඇති බැවිනි...මන්ද සමහර විට මටද ඔහුගේ පොත් තුල මා හමුවන අවස්ථා තිබුණු නිසාය...
..........................................
එදින මා ගියේද කෙසේ හෝ ගොවියන් අතින්ම එළවළු මිලට ගෙන ගම් පළාතට ගෙනවිත් වෙළදාම් කිරීමේ හැකියාව සොයා බැලීම සඳහාය...
අඩු මිලට ගෙනවිත් වෙළඳ පොලට වඩා දැනෙන අඩු මිලකට දිය හැකිනම් වෙළදාම අසීරු විය නොහැක...

මඥ්ඥොක්කා පිරවූ අත්ට්‍රැක්ටරයක් මා හට වරුවක් තුළ අවසන් කිරීමට හැකියාව තිබිණි..සවසට උගුර දන්නට පටන් ගත්තා වූවද එක සීරැවට හඩ තැලීම හමා දෙයක් නොවීය...ඒ වෙනකොට උයන්න නොදන්නා මුත් උයනා හැටි පිළිබඳව පාරිභෝගික කතුන්ට විශේෂඥ උපදෙස් ලබා දෙමින් ගෙන යන ඕනෑම දෙයක් විකිණිම මගේ පුරුද්ද විය..

අත්ට්‍රැක්ටර් හිමියා මුව අයාගෙන බලා ඉන්නා නමුත් බඩ අල්ලාගෙන හිනාවෙන්නේ බඩු ගැනීමට පැමිණි සියල්ලන්ම ගිය පසුවය...

.............................................
කතාව කියන්න පටන් ගත්තට..දැන්ම ඉවර කරන්න වෙන්නේ නැහැ..දැන් මං ඕෆ් වෙන්න ඕන..අද ගෙදර ගිහින් ලියන්න වෙන එකකුත් නැති වෙයි..
කාලෙකින් මට නෑදෑ පිරිවර ඇතුළට යන්න වෙලා තියෙනවා..
පුංචිලාගේ ගෙදර අද දානයක්..දැන් මාස දෙකකට විතර කළින් මට කියලා තිබුණට මට අමතක වෙලා තිබුණේ..
ඊයේ රෑ ලොකු නංගී කතා කලා..අනිවාර්යයෙන්ම මට ඕක අමතක වෙනවා කියලා උං දන්න හින්දා තමයි ඒ ආයෙත් මතක් කරන්න අරගෙන තියෙන්නේ..අද ඉතිං මුළු නඩේම ඔතන..
අම්මත් ඇවිත් ඉන්නේ කියලා නංගි කිව්වා..ඒ කියන්නේ අද ඉතිං කොයි වෙලාවේ හරි කට්ටියගේ ධර්ම දේශනා සමුහයකට මුහුණ දෙන්න මට සිද්ධ වෙනවා.
ආන්න ඒකට තමයි මං අකමැතිම..ඒත් ගමන නොගිහිං බැහැ..යංතං හරි මාව අපේ පරපුරට ඇඳලා තියාගෙන ඉන්නේ පුංචි අම්මයි නංගිලා තුන්දෙනයි..ඒ හින්දා උන්ගේ හිත් නරක් කරන්න හොඳ නැති හින්දා ගිහිං එක මාක් කරන්න වෙනවා..
ඇවිල්ලා බලමු..හැබැයි ඩොන්ගලෙත් අරං යන හින්දා පුළුවන් උනොත් සුදු නංගී ගාව තියෙන මගේ පරණ කොම්පීතර මල්ලි අල්ලගෙන ඉතුරු ටික ලියන්නත් බැරිවෙන එකක් නැහැ..ඒක ඉතිං බලන්න වෙන්නේ දානේ ගෙදරට ගිහිං එතනට මගෙන් කෙරෙන්න දෙයක් නැත්තං විතරයි.

27 comments:

  1. අනිත් අයට බණ කියන එකේ අද උඹ බණ ඩිංගක් අහපං මාරයියේ.. :D

    ReplyDelete
  2. අනේ මන්දා බං.... අපිටමනේ වෙන්නේ...

    ReplyDelete
  3. අලුත් සීරීස් එකක් පටන් ගන්න වගේ.
    අද මාරය බණ අහයිද බණ කියයිද දන්නෑ..

    ReplyDelete
  4. බලාගෙන යද්දි මාරයියා නොකරපු දෙයක් නෑනෙ

    ReplyDelete
  5. හප්පා හැකර කටක් තියෙනව කියල මූ පිලිගත්ත එකම කොච්චර දෙයක්ද

    ReplyDelete
  6. කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවේ..මාරයගේ අත්දැකීම් ලොකු පරාසයක විහිදෙනවා වගේම විශේශත්වයකුත් තියෙනවා..

    ReplyDelete
  7. ඔය කටට වඩා මගේ කට අප්සට් මම හිතන්නේ....ඉකේයියා කටක්

    ReplyDelete
  8. ඈහ්... එතකොට උඹත් එක්කද මම තුවාල නොවුනු මඤ්ඤොක්කා තෝරලා වලියක් දාගත්තේ...????

    ReplyDelete
  9. මාරයා අයියා එලටම ලියලා තියනවා...
    බලමුකෝ ඉස්සරහට එන එක කොහොමද කියලා

    ReplyDelete
  10. අදත් කෑවා ‍කලින් දාපු ක‍මෙන්ට් එක. ශිට්.........

    මුලින්ම කියපු එක මතක නැ ඒ ක‍මෙන්ට් එ‍කේ.

    ‍දෙවනියට කිව් ‍වේ කියන බණක් අහන් ඉඳලා එන්න. (අයියා ඉතින් ඔය බණ ඇහුවට පිලිපදින එකක්යැ) කියලා.......

    අන්තිමට කිව් ‍වේ සුදු නංගි අක්කව ආද‍රෙන් මම මතක් ‍කොලා කියන්න කියලා...... :D :D

    ReplyDelete
  11. මාරයා ඒ කාලෙ උයන්ඩ දන්නැති වුනාට ගෘහිනියන්ට උයන හැටිත් උපදෙස් දෙමින් බඩු විකුණන හැටි මැවිල පේනව.ඉඳිගොල්ල හන්දියේ වීරෙගේ කඩේ, වීරෙත් ඔය සීන් එක ටොප් එකට කරනව. කරෝල කෑල්ලක් ගත්තත් ඕක තෙල්දාන හැටි, කිරට, මිරිසට උයන හැටි කියල දෙන විධියට කටට කෙල උනනව.

    ReplyDelete
  12. බණ ඇහුවද බO.....
    මඤ්ඤොක්කා මරු නේද කිරට ඉව්වහම...

    ReplyDelete
  13. කතාව පටං ගත්තෙ අත බලන්න ඉගෙන ගත්ත විදිය කියන්නද කොහෙදෝ....ඒත් මේ සුජීව හරහා මයියොක්ක විකුනන්න ගොහිං වැඩේ ටිකක් දුරදිග ගියානෙ ....ඇත්තටම උඹේ කතා වල රහ තියෙන්නෙ රාමුවකට කො‍ටුවෙන්නෙ නැතුව මේ වැල්වටාරං එක්ක කතන්දර කියන ස්ටයිල් එක නිසා තමයි....

    ReplyDelete
  14. ඔන්න ඔහේ අද බණ අහලා එන්න තියෙන්නේ....ඒ කියන්නේ මාරයා වෙළදාමටත් රුසියා

    ReplyDelete
  15. හැබැයි ඔන්න බඩ පැලෙන්න දානෙ දෙසා බාල නිදා ගන්නව එහෙම නෙමෙයි කතාව ඉවර නොකර හරිද ?

    ReplyDelete
  16. හැමදාමත් වගේ එලය,මරුය.
    මාරයා මැතිඳු 'බොඳ මීදුම්' අපටත් දෙනවාද?

    ReplyDelete
  17. අනේ අවුස්සපං අයියේ .ඔය අවුස්සන මතකයන් හරිම ලස්සනයි සමහරවෙලාවට ..එපාවෙන වෙලාවලුත් තියනවා .මමත් කවදාකවත් මතක් කරන්න අකමැති මතකෙට ආවොත් ෂි:හ් කියන මතකයන් ගොඩාක් තියනවා ..

    ඉතින් අර ඔයාගේ වෑන් එක දැං කෝ ?

    ReplyDelete
  18. හෙහ්... මාර අයියා හැමදේටම සැටිස් නේ බලන් යද්දි... :D

    ReplyDelete
  19. වෙළදාම නම් මට කරන්නම බැරිම දෙයක් කියලතමයි මගෙ යාඵවෝ කියන්නෙ..උන් නම් මට කියන්නෙ මිනී පෙට්ටි සාප්පුවක් දාගනින් කියල..මොකද මම සීරියස් වැඩිලු.. හිනාවෙන්න දන්නෙ නැතිලුනේ...උන් දන්න ඉටි ගෙඩිය නැද්ද මාරයෝ.

    ReplyDelete
  20. මඤ්ඤොක්කා ........................

    ReplyDelete
  21. අයියේ අය්යට දැන් වයස කීයක් විතර ඇද්ද??? මේ බ්ලොගේ හැටියට නම් අඩුම ගානේ 45ක් වත් වෙන්න ඕනේ.

    ReplyDelete
  22. මොන 45ද සංජු.., මූට දැන් 50ත් පැනලා.. :P

    ReplyDelete
  23. @ සොරෝ...
    පිස්සුද බං මල්ලියේ..කියාගෙන ආවා..ඒත් ඉතිං අන්තිමට උනේ එයාලට මගේ බණේම අහන්න තමයි පරණ පුරුදු විදියටම...

    @Praසන්ன...
    මොන සීරිස්ද ලොක්කා..කෑලි දෙකයි බඩු ඉවරයි..

    @පිණිබිඳු...
    හපොයි තව කොච්චර දේවල් ඉතුරුයිද..කරන්ට හිතාගෙන ඉන්න දේවල් වලින්..

    @රංග....
    සතුටුයි නේ..හියැහ්...

    @maiyyagelokaya...
    හැබෑට මයියාව දැක්ක කල්...දැන් හරි ගෙහුං වගේ...

    @රත්ගමයා...
    බොලා හිතං ඉන්නෙනං එහෙම වෙන්ටෑ..ඒත් කොළුවෝ මාත් රත්ගම එවුං එක්ක එකට වැටිලා කාලා බීලා හිටපු එකා...

    @තිස්ස අයියා..ආ හරි හරි අන්තිමේදී අර පස්සේ සල්ලි දෙන්ටය කියලා අල කිලෝ පහක්ම ඇන්න ගියේ..ඈ බං අයියේ කෝ ඒ සල්ලි..?

    @MaRLaN...
    ස්තූතියි මලයා..මං ටිකක් පරක්කු උනා නෙව..දැන්නං මලයා දන්නවානේ මක්කැයි උනේ කියලා ටක්කෙටම...

    @හා පැටික්කී...
    හරි නගේ මං මතක් කොලා...
    සුදූ අන්න හා පැටික්කී ඔයාව මතක් කොරන්ට කිව්වා..

    ඈ චණ්ඩි අයියේ ඔයා සත්තු එක්ක කතා කරන්ට දැන් ඉන්නේ සත්තු වත්තෙද?

    @Observer...
    තාමත් හැබැයි එතන නියම කරවල කඩයක්නං තියේ...

    @Heeniyata...
    මේ මොනවා කියනවද..කරවල කෑල්ලකුත් බැදල ගත්තනං..බත් මැරුවැකි...

    @දිනිත්...
    ස්තූතියි සහෝදරයා කරපු වරැණාවට..ඇත්තටම බං එදා කාලා නිදා ගත්තා නෙව...

    @ItalyDilan...
    එහෙමත් රුසියෙක් නෙවෙයි බං..ඒත් ටිකක් සද්දේ දාලා කරන වෙළදාමක්නං කරන්ට ඇහැකි..ඒ ඇර වෙන දෙයක්නං ම්හූ..

    ReplyDelete
  24. @widanarala...
    http://anythingshan.blogspot.com/2010/10/blog-post_29.html

    @හිස් අහස...
    ඒ හැම දේම ගැන මං ඊලග එකේ ලියලා ඇති..දැන්නං මලයා දන්නවා ඇති...

    @නිම්ශා...
    නැතිව නගේ කොහොමෙයි මේ ලෝක ධාතුවේ පය ගහලා ඉන්නේ..?

    @kuma...
    ඒ කියන්නේ දැනටත් වෙළදාම කොරනවා කියන එකයි...

    @Thusitha Jayasinghe...
    සමහරුනං ඕක මයියොක්කා කියලා ලියනවා..

    @සංජු...
    ආන්න පහළින් අපේ බුරාතීනෝ බාප්පොච්චි ඒ ගැන ලියලා තියේ..

    @Buratheno...
    එහෙමයි..එහෙමයි..මොකද බුරා හරයටම දන්නවා ඕක මං ඉපදිලා ඒක රෙජිස්ටර් කොරන්ට අපේ අප්පුච්චා ගිය වෙලාවේ..එතන හිටිය පියන් කොළුවා තමයි බුරා...හෙහ් හෙහ්...

    ReplyDelete
  25. මයියොක්කා හොඳට බහින්නේ මාස හයෙන්.
    බතල නං මාස තුනෙන් පොඩි අල ගලවන්න පුළුවන්. මාස හයෙන් තමයි ප්‍රධාන පලදාව.

    ReplyDelete
  26. @Kathandara...
    මාස හයෙන් බැස්සට අල නිකං නූල් කෑලිවගේ..ගැලෙව්වොත් පාඩුයි..ඒ කාලෙට යූරිය හරි කුකුල් පෝර හරි වඩියක් දාන්ට හොඳ කාලේ..කොළ කහ වෙලා ඉති පාත් වෙන්නේ මාස නවය පැන්නම දහවෙනි මාසේ වෙනකල් ඉවසන්ටයි මීයන්ගෙන් බේර ගන්ටයි ඇහැකිනං අල හොඳට බරයි...එහෙම නැතිව ගලවනවා කියන්නේ නිකං අතිං දීලා හරක් බලනවා වගේ වැඩක්...
    බතලනං ඊට ටිකක් ඉක්මන්..ඒත් සමහර වෙලාවට ගලවද්දී වැල් විතරයි අල නැහැ...

    ReplyDelete
  27. සුජීව රිදි හැන්ද කටේ තියන් උපන් පුතෙක් නෙවෙයි.ඔහු අද ජීවත්වන ආකාරය කොයි ලෙසක වුවත්,ලේඛකයෙකු ලෙස ස්ථාවර වන තෙක් ඉතා දුෂ්කර ජිවිතයක් ගත කල අයෙක්.

    පීඩිත පන්තිය ගැන බොරු හරි ගලපන්න ප්‍රදාන හේතුව ඒක වෙන්න ඇති.

    ReplyDelete