16 February 2011

පරණ මතකයේ අහුමුළු...හරි ගිය අනාවැකිය...

හීතල උහුලන්නත් බැරි තරං...
කොයි තරං දැඟළුවත් පත්තර පිටු පොරවාගෙන සීතල වැලැක්විය නොහැක..
එළි වන්නට තව පැය කීපයක්ම ඉතිරව ඇත...කෙසේ හෝ එම කාලය ගෙවා ගත යුතුය..ගෙදර තිබෙන පුංචි ඇඳ විටින් විට සිහියට නැගීම උහුලාගත නොහැක..මටත් පිස්සු මොකට ආවාද මේ ගමන..ඒත් නෑවිත් කොහොමද..?

නාවල පිටිය දුම්රිය ස්ථානය ඉදිරිපිට වූ කණුවක් මුල පත්තර පිටු කිහිපයක් එළාගෙන තවත් පත්තර පිටු කිහිපයක් ඇගේ ඔතාගෙන මා දරන උත්සහය ඒ තරම් සාර්ථක නොවුනද..මෙම දැඩි සීතලේදී ඕනෑම මිනිසකුට ගත හැකි අන් ක්‍රියා මාර්ගයක් නොමැත...

කොහොමත් මා දුර ගමනක් යන විට පත්තරයක් මිලදී ගැනීම අනිවාර්යයෙන් කරනු ලබන ක්‍රියාවකි..
ගමනේ කාන්සිය මකා ගැනීම සදහා කියවීමට වඩා එයින් ගත හැකි ප්‍රයෝජන ඇත..
මෙය මා මුළින්ම ඉගෙන ගත්තේ එක් වරක් බිබිල බස් නැවතුම් පලේ රාත්‍රිය ගත කරන්නට වූ දිනය...

එදින රාත්‍රි අම්පාර බසයක ගොස් බිබිල බස් නැවතුමෙන් බැස ගන්නා විට රාත්‍රි දෙකට පමණ විය..මා එතරම් වෙලාසනින් එහි යෑමට හැකි වෙතැයි කළින් නොසීතු බැවින් ඉතිරි පැය කිහිපය ගෙවා ගැනීම ගැටළුවක් විය..

හොද වේලාවට එක් කුඩා කඩයක් විවෘතව තිබු නිසා එයට ගොඩ වැදී වට පිට බලන විට එහි පැත්තක පත්තර ලෑල්ලක්ද තිබිණි...එයින් මිලදී ගත් පත්තර පිටු කිහිපයක් එළාගෙන එදින රාත්‍රියේ බස් නැවතුමේ වූ ගරා වැටුනු ආසනයක් සුව යහන කොට ගෙන නිදා ගතිමි..එයින් පසු ඕනෑම ගමනකදී පත්තරයක් රැගෙන යාමට මා අමතක නොකලේ සැම විටම රාත්‍රි කඩ තුලින් පත්තර හොයා ගැනීමට නොහැකි වන බව දැන සිටීම නිසාමය...

අදත් ඒ පුරුද්දට ගෙන ආ පත්තරයේ පිහිටෙන් රාත්‍රිය ගත කල යුතුව ඇත...

මා මෙන්ම තවත් කිහිප දෙනෙක්ම අවට පරිසරයේ රැඳී සිටිති.ඔවුන්ද දැඩි සීතලෙන් පීඩා විඳින බව නොකිව මනාය..එක් තැනක පාර අයිනට වන්නට එක් මිනිසකු කාඩ් බෝඩ් කැබලි කිහිපයකට ගිනි දල්වාගෙන එහි උණුසුම විඳිනු පෙනේ...ඔහු හැරුනු කොට තවත් කිහිපදෙනෙකුම තැන් තැන්වල වැටී සිටිති.

නමුත් ඔවූහු සියල්ලන්ම පාහේ මෙම ස්ථානයට අමුත්තන් නොවන වග ඔවුනගේ හැසිරීමෙන් කිව හැක...
විශේෂයෙන්ම ඔවුනගේ ඇඳුම් පැළඳම් සීතට ඔරොත්තු දෙන අන්දමින් සැකසී තිබිණි..මා පමණක් ඩෙනිම් කලිසම හා ටීෂර්ටයකින් සැරසී පත්තර පිටුවල උණුසුම ලබන්නට තැත් කරයි...

නිදා ගන්නට උත්සහ කලද නින්ද අහලකටවත් නොයෙන ආකාරයකි...
සවස ඇසූ අරුම පුදුම කතාවෙහි අරුත ගැන සිතමින් සිත එහෙ මෙහේ දුවයි...

..................................................................

කළු පැහැති මිටි මිනිසා මා දැක ඇති අන්දමේ සාස්තර කරුවෙකු නොවීය...
පැරණිවීම නිසාම පාට පිච්චී ගිය කලිසමත්..එයටම සරිලන සේ හැඳ සිටි කොටු කොටු කමිසයත් බාටා සෙරෙප්පු දෙකත් කිහිල්ලේ ගසාගත් දිනපොතකුත් ඇතිව ඔහු සාස්තර කියයි.
එක්කෙනෙක්ගෙන් විස්සයි...
වැඩි වෙලා නැහැ එක් අයකුට මිනිත්තුවකට වඩා විස්තර කියන බවක් නොපෙනේ..
නමුත් ඒ කියන දේ අසන මිනිසුන්ගේ ඇස් නළලට යන ආකාරය මා කිහිප විටක්ම පැහැදිලිවම දුටුවෙමි..එය මා සිත තුළ මේ මිනිසා තුල යම් දෙයක් ඇතැයි යන අදහස ජනිත කිරීමෙහි ලා සමත් විය..

කාර්යාල දුම්රිය පිටත් වීමට ආසන්න වූ බැවින් වට වී සිටි අය කෙමෙන් කෙමෙන් අඩු වන්නට විය..අවසන ඔහු සෑහෙන තරමේ ආදායමක් ඇතිව සිය කාර්ය නිම කරන ලදි..මුදල් සියල්ල පැරණි දිනපොත තුලට එක් රැස් විණි..
මා ඔහු අසලටම ගියේ එම මොහොතේදීය..

"මටත් කියන්නකෝ බලන්න"..රුපියල් විස්ස අතට ගනිමින් ඔහු මාගේ මුහුණ දෙස බලා නැවත අත අල්ලා බලන ලදි...තත්පර හතක්..අටක් පමණ ගත විණි..නැවතත් අත හකුළුවා මාගේ අත මුදා හැර..

"මහත්තයා හරක් මස් කනවද..?"

"ඔව්..හැමදාම නෙවෙයි..ඔය කොත්තුවක් එහෙම කද්දී.."

"ඒක නවත්තන්න...ඒක ගැලපෙන්නේ නැහැ..ලැබෙන්න තියෙන හුගාක් දේ නැති වෙලා යාවි..දැනටමත් එහෙම වෙච්ච පාටයි..."

"දැන් යන්නෙත් බලාපොරොත්තු හුගාක් හිතේ තියාගෙන යන ගමනක්..
ඕක හරියන්න ඉඩක් නැහැ..ඒත් කමක් නැහැ යන්න.."

"පුදුම දිවිල්ලක් මේ ටිකේ දුවනවා නේද..?
හැබැයි ඔය හැම දිවිල්ලක්ම තව ටික දවසයි..හැම දේම අතඅරිනවා..
රාජ්‍ය නායකයින්ගෙන් හිටං වැඳුම් ලබන්ට වාසනාව තියෙන අතක් ඕක..."

"තව අවුරුදු දෙකක් යනකොට අද ඉන්න මහත්තයා නෙවෙයි ඉන්නේ...
එච්චරයි.."
ඔහු සිනාසී නිහඩ විය.මා හට ඇසීමට ප්‍රශ්න රාශියක් ඇතත් ඔහුගේ අවධානය තව දුරටත් මා කෙරේ නොමැති හෙයින් මම ආපසු හැරුනි...

.............................................................
සීතල මැද ගත කල කටුක රාත්‍රිය අවසන් වූයේ බොහෝ ප්‍රමාදවය...
මෙයට පෙර දියතලාවේ පුහුණු වෙන අවදිය තුල සීතලට ඇඟ හුරු වී තිබුණු මුත්...එහිදී නිදා ගන්නා ටික හොදින් පොරවා ගැනීමට ලැබෙයි..අපහසුවකට තිබෙන්නේ උදෑසන හතරට අවදිව කොට කලිසම හා බැනියම පිටින් පුහුණුව සඳහා ගිනි අවිය ලබා ගැනීමට ආමරියට යන ගමනයි..

ආමරිය තනිකරම කළු ගල්වලින් බැඳි බිත්තිවලින් සමන්විත විය..පෝලිම් ගැසී බිත්තිය අයිනේ සිටියදී හිටගෙනම නින්ද යයි...නොදැනීම වාගේ සිරුර ඇලවී කළුගල් බිත්තියට හේත්ත වේ..නිරුවත් බාහුව කළු ගලේ ස්පර්ශ වීම යනු ඇසිඩ් ප්‍රහාරයකට වඩා දරුණු තත්වයකි...අනික් පසට ඇළවී ගියහොත් පින්නෙන් වෑස්සී ඇති ත්‍රෝටන් පඳුරුය..එය ඊටත් වඩා භයානකය..

අවසන මා මෙයට විසඳුමක් සොයා ගතිමි..අපහසුවෙන් හෝ හතරට විනාඩි දහයක් පහළවක් තබා අවදි වී අඳුරේම ඇඳ පාමුල ඇති බාස්කට් එක හා තුවායත් රැගෙන මීටර් සීයක් පමණ වත්ත පහලට වන්නට ඇති ජල ටැංකිය වෙත දිව ගොස් හනිකට වතුර බාල්දි කිහිපයකින් නා ගැනීමයි...

ඒ වන විට ටැංකියට වතුර පිරෙන්නට පටන් ගෙන ඇත...උදෑසන තුන හමාරේ සිට පහමාර වෙනතෙක් හා සවස හතර හමාරේ සිට හය දක්වා පමණක් වතුර ලබා දීම සිදු වෙයි..එයින් පසු ආසාවටවත් වතුර නැත..ඒ පිරෙන වේගයට වඩා කොල්ලන් වතුර ටැංකි හිස් කරන නිසා..වතුර සැපයුම අවසන් වන විට ටැංකිවල වතුරද අවසන් වීම සිදුවේ...අවසානයේ සබන් පෙට්ටි පියනෙන්ද වතුර එකතු කර නාන්නට සිදු වෙයි...

හිමිදිරි පාන්දරක පළමු බාල්දිය අතිභයංකර වූ මුත් එතැන් පටන් එතරම් අවුලක් නොදැනේ..කොහොමටත් වතුර අවට පරිසරයේ උණූමට වඩා තරමක් උණුසුම්ය...හනික ඇග පිසදාගෙන පැමිණෙන මා ආමරියට යාමට සූදානම් වෙයි...

එයින් පසු නින්ද අහලකවත් නැත...ආමරිය අසල කෙළින් සිටගෙන සිටීම ගැටළුවක් නොවේය...
.......................................................
උදෑසන මිනිසුන් එකා දෙන්නා දුම්රිය පලට එක්වන්නට වූ පසු මෙතෙක් වෙලා බිමට එලාගෙන සිටි හා ඇග වටටා දවටාගෙන සිටි පත්තර පිටු ටික එකතු කොට මුළු රැයක් මුළුල්ලේම යම් යම් දෑ ගෙනවිත් අවුලවා ගිනි තපිමින් සිටි මිනිසාගේ ගිනි ගොඩටම එකතු කර දුම්රිය ස්ථානයේ ඇති ජල කරාමයකින් මුහුණ කට දොවාගෙන මම ගමන ආරම්භ කලෙමි..දහවල් දවස පුරාවට ගම්පොල..නාවල පිටිය..නුවර එළියට ආසන්න ප්‍රදේශවල..කැප්පෙටිපොළ ආදී තැන් වල සැරී සරා මට අවශ්‍ය මිල ගණන් සෙව්වෙමි..

හිතූ තරම්ම වැඩේ පහසු නොවුනත්..යාන්තම් වැඩේට මුල් ආරම්භයක් ගැනීමට තරම් අවශ්‍ය අහු කොන් අසු විය...අවසන රාත්‍රී අඳුරත් සමගම මා නුවර එළියේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකට වී නින්දත් නොනින්දත් අතර ගමනකින් කොළඹ බලා පැමිණියෙමි...
.......................................................

ඇත්ත වශයෙන්ම ආරම්භ කිරීමට සිතූ වෙළදාම කර ගැනීමට නොහැකි වන තත්වයේ බාදාවන් එක පිට එක පැමිණෙන්නට විය...
ඊට අමතරව අනිත් පැතිවලින් ලැබෙමින් තිබූ ආදායම් සාමාන්‍ය වශයෙන් ස්ථාවර වෙමින් පැවති නිසා එළවළු වෙළදාමට යෙදවීම සඳහා වෙන්කර තිබූ මුදලත් උපයෝගී කරගෙන මේවන විට මා සතු වූ වෑන් රථයට හා ත්‍රීරෝද රථයට අමතර තවත් ත්‍රීරෝද රථයක් මිලදී ගැනීමට මා හට සිදුවිණි..එළවළු වෙළදාම කිසිදා ආරම්භ නොවූ සිහිනයක් බවට පත් විණි...
එයින් වසරක් ගත වන්නටත් ප්‍රථමයෙන් මා නිවසින් පිටව ගියේ මා සතුව තිබූ සෑම දෙයක්ම මල්ලීහට සම්පූර්ණයෙන් භාරදීය...
වාහන පමණක් නොව මා වෙනුවෙන් වෙන්ව තිබූ තවත් ඉඩමක අයිතිය පවා ඔහුහටම භාරදී මා නිවසින් පිටව ගියෙමි..එතැන් පටන් කතාව පන්සලේ කතාව තුළින් ඔබ මේ වන විටත් කියවා ඇත...
අවසන වරථමාන රාජ්‍යනායකයා වෙතින් එක් වරක් වැඳුම්ද ලබමින් අර අනාවැකියේ සියළු කාරණා සම්පූර්ණ විය...

33 comments:

  1. ජිවිතේ හරි පුදුමාකාරයි.. සමහර වෙලාවට අපිට ඕන දේම ලැබෙන්නේ නෑ..

    ReplyDelete
  2. ජීවිතේ හරිම පුදුමාකාරයි නේද අයියේ?

    ReplyDelete
  3. :O හසී අක්කත් ඒකමනේ ලියලා තියෙන්නේ! සිරාවටම ජීවිතේ හරිම පුදුමාකාරයි o_O

    ReplyDelete
  4. අපි දෙන්නාම එකම වෙලාවේ එකම දේ හිතලා ලියලා තියෙන්නේ මලේ.. ඒකත් පුදුමාකාරයි නේද?

    ReplyDelete
  5. ඒක නේන්නම් අක්කේ :)

    ReplyDelete
  6. හ්ම...දාහක් දේවල් හිතට ආවත්...මොකුත් ලියාගන්න බැරිඋනා...

    ReplyDelete
  7. අනේ මන්දා අයියේ... හැම දෙයක්ම, ජීවිතේ විතරක් නෙවේ.. හැමදෙයක්ම පුදුමාකාරයි...

    කවදාවත් අපි හිතන්නේ නැති දේවල් තමා අපිට වෙන්නේ...

    ReplyDelete
  8. මාරයියේ ඒ මනුස්පයා කියලා තියන ඔක්කොම හරිනේ එතකොට...... මාරයි ඇ......... :D

    ReplyDelete
  9. නියමයි බං... උඹේ නියම ලිවීමේ කලාව සහ හැකියාව මේ ලිපි දෙකේ දිස්වෙනවා....

    ReplyDelete
  10. අප්පට සිරි මරයා,සාස්තරේ හරිගියා එහෙනම්,එල තමා,එක නෙමෙයි අපේ ජනදිපති තුමා වදුම් පිදුම් දෙන සීන් එකත් ලියන්නකෝ....

    ReplyDelete
  11. ඇත්තටම ජිවිතේ හරි පුදුමාකාරයි නේද මාරයියෙ

    ReplyDelete
  12. සාස්තරේ හරිගියා එහෙනන්.....

    ReplyDelete
  13. සීතල ...දැනුදු විදවමි ...සමහර වෙලාවට විදිමි..ඒකෙත් හැටි...වෙන කියන්න දෙයක් හිතාගන්නම බෑ..

    ReplyDelete
  14. එදායින් පස්සෙ ඒ මනුස්සය ආපහු හම්බවුනේ නැතෙයි ?

    ReplyDelete
  15. බස් පලු සීරීස් එක වගේ මේ සීරීස් එකත් දැනටම නැගල යනවා මාරයා..

    ReplyDelete
  16. ජිවිතේ ඔහේ ඈදෙන පෑත්තට යන්වා මිසක් ... අපිට අපේ ජිවිතේ මෙන්න් අමෙහෙමයි කියලා හිතලා හෑඩගහගන්න අමර්යි නේද....

    නාරියාකන්ද පාමුල ඉතාමත සුන්දර පයිනස් වන ගොමුවකින් වටෞන දියතාලව හමුදා කෑම් එකනම් ඉතාම් අසුන්දර උනත් හෑම දාම ඒ සිතල විදින්නනම් අමරෑයි නේද... කස්ටිය ඔය නාන්න දෙනවෙලවේ වතුර එහෙමත් ගහගන්නවානේ ද.. මට දවසක් හම්බ උනා අවස්තාව ම අපොඩි කාලේ නිළදාරියෙකුගේ නිල නිවසේ ඉදගෙන එහා පෑත්තේ වෙන දේවල් දිහා බාලගෙන ඉන්න ....

    ReplyDelete
  17. ඇහින් දැක්ක වගේ කියලනෙ ඒ මනුස්සය.....
    මට මතක් උනේ අපේ තාත්ත කසාද බඳින වේලාවෙ බලල තිබ්බ කේන්දර පිටපත. හරියටම ලියල තියෙනව පිරිමි දරුවො තුන් දෙනයි, ගැහැණු දරුවකුයි ලැබෙනව කියල.

    ReplyDelete
  18. උබට මාරයා ඇර කියන්න වෙන නමක් නෑ,ගැලපෙන නම තමා මේ , ජීවිතයේ අපිත් එක එක චරිත රගපානවා නේ,එහෙම බලද්දී මාරයියේ උබ චරිත ගනින්න බැරි තරමට රගපාලා අති සාර්තක විදිහට මේ වෙද්දී තවත් මොන මොනා රගපාන්න ඇතිද ඉස්සරහට...

    ReplyDelete
  19. කොච්චර කොහොම වුණත් මගේ ගැන නම් සාත්තරකාරයෝ කියලා තියෙන්නේ අමූලික බොරු. මගේ කේන්දරේ බලන අය කියන්නෙත් බොරු. ඒක නිසා මම නම් ඕවා විශ්වාස කරනවා අඩුයි. මාරයියේ අර රාජ්‍ය නායකයාගෙන් වැදුම් ගත්ත කතාවත් ලියන්නකෝ... (සිවුරේ සිටීමේ වාසි)

    ReplyDelete
  20. මරේ මරු අයියෙ
    මෙහෙම ඉන්න මාර අයියා ඉස්සරහට ගත් කතුවරයෙක් වෙනවනම් මම අත් දෙකම උත්සලා සපොර්ට් 1 දෙනවා

    ReplyDelete
  21. @හසී & පූසා...

    හෙහ් හෙහ් මොකේ මේ දෙන්නා එකම එක කියවන්නේ..?

    ReplyDelete
  22. @Niroshan...

    මටත් ඔහොම වෙනවා හිටි හැටියේ..

    @prasanna86k...

    එහෙම නැත්තං ජීවිතේ ඇති වැඩකුත් නැහැ බං

    @හා පැටික්කි (MS)...

    ඒක නෙව නංගියේ

    ReplyDelete
  23. මාරයා ජනාධිපතිතුමා වැන්ද කතාව කියවන්න මමත් කැමතියි! අනික අර සබන් පෙට්ටියෙන් නාපු අද්දැකීමනං අපිටත් තියෙනවා.

    උබේ කතාව නව කතාවක් විදිහට ලිව්වොත් සමහරු ඒක විස්වාස රන එකක් නෑ! මොකද ඒ තරං අද්දැකිම් ගොඩකට උඔ මුණ දීලා තියෙන්නෙ.

    මොනා උනත් මෙච්චර ලඟ පාත වෙලත් උඔව තාම හම්බුවෙන්න බැරි උනානෙ

    ReplyDelete
  24. දුමී...

    ස්තූතියි දුමියෝ උඹලගේ වචන වලින් ලැබෙන හයිය තමා...

    ReplyDelete
  25. අසංක Asanka...

    ඒ කිව්ව වචනයක් නෑර ඇත්ත උනා බං...
    ආ ඒ වැදුං ලැබිල්ලනං ඒ හැටි දෙයක් නෙවෙයි..

    ReplyDelete
  26. @අකීකරු හිත...

    ඔව් නංගියේ..එහෙම නැත්තං ඒක ජීවිතයත් නෙවෙයිනේ..

    @Thusitha Jayasinghe...

    ටක්කෙටම...

    @kuma...

    සීතල ගැන හැගීමක් තියෙන එකම මදෑ...

    @දිනිත්...

    නැහැනේ..අදටත් මං පිටකොටු ගියොත් බලනවා

    @Observer...

    සීරිස් එකක් නැහැ අයියා මෙච්චරයි...

    @ඉලංදාරියා...

    හිහ් නැතුව නැතුව..ඒක දුක වගේම ආතල් ලෝකයක්..

    @Heeniyata...

    ඉතිං ඒකත් හරි එතකොට..

    @ItalyDilan...

    අර ශේක්ෂ්පියර් ගොයියත් කිව්වා කියන්නේ..
    ලෝකය රග මඩලකි..මාරයා එහි නළුවෙකි කියලා..හෙහ්..

    ReplyDelete
  27. කිව්වත් වගේ මාරයියා ජිවිතේ කොයි තරම් නම් චරිත රගපාල තියෙනවද තමන්ගේ භුමිකාවේ...හ්ම්ම්...ජිවිතේ කියන්නේ රගහලක් ලු..එකේ රගපාන හැම චරිතයක්ම අපිට ලොකු පිටුවහලක් ...දුක සතුට...හැමදේටම..හැමදේටම...සල්ලි..දේපල මේ හැමදේම අද තිබිලා හෙට නැතිවෙයි...එ උනාට හිතේ සතුට හැමදාටම තියෙන දෙයක්...හැම දේටම වඩා හිතට ඉඩ දෙන්න ... :)

    ReplyDelete
  28. @සංජු...

    හ්ම්ම් ඒ කතාවත් කියමු පස්සේ..

    @AmilaArt...

    හපොයි..පොත්..මේ මං..පොත් කෑලිනං ලියවෙයි..එකක්වත් ඉවර නොවෙයි..

    @බුද්ධි...

    මං දන්නැතුවෑ..බඩියට අනිවාර්යයෙන් සබන් පෙට්ටි කේස් එක මාට්ටු වෙන්නම එපැයි..නැත්තං කොහොමද කුරුළු හමුදාවේ වෙන්නේ..

    මං පොතක් ලිව්වොත් ඒක ඇලිස්ගේ හීන ලන්තයේ දෙවෙනි කොටස වෙයි..

    මාරයා හම්බ වෙන්න ඔය හැටි දගලන්න එපා බං..

    ReplyDelete
  29. නිම්ශා...

    හිතේ සතුටට ඕනාවට වඩා ඉඩ දීලා..අන්තිමට ඒකත් දුකට පෙරළුනොත්..ආන්න ඒකට මං බයයි නංගියේ...

    (හ්ම්ම්ම්..එහෙමයි ආච්චි අම්මේ...)

    ReplyDelete
  30. අයියාගෙ කතාවනම් නියමයි... ඇත්තටම ජීවිතේනම් හරි පුදුමාකාරයි...

    නිම්ශා නංගිට කියපු කතාවනම් සහතික ඇත්ත

    ReplyDelete
  31. සීතලට බේත් හෙම තිබුනේ නැද්ද, අවසර?

    මෙන්න අත්දුටු විසඳුම්
    1. කකුල්වලට මේස්
    2. හිසට තොප්පියක් - කන් දෙක වැසෙන්නේ නම් යහපති.

    ReplyDelete
  32. @Kathandara...

    මොන මේස් තොප්පිද?
    බෙහෙත්නං කතා කරලා වැඩක් නැහැ..ඒ වෙනකොට මං බෙහෙත් පාවිච්චිය නවත්තලා හිටි සංදිය...

    ReplyDelete