17 February 2011

බණ කතාවක් අහමු...සරණාගත ඩබලක්...

හොඳයි එහෙමනං..පින්වතුනි..ආයෙමත් වතාවක් මාරයා උන්නැහේ..පටන් ගන්නයි හදන්නේ බණ කතා පොඩ්ඩක් කියන්ට කියලා..
ආන්න ඒ හින්දා මේ පින්වතුන් දැන් සූදානං වෙන්ට ඒ බණ කතන්දරේ අහන්ට...

අහනවා කිව්වට ඉතිං මාරයාගෙන් බණ අහපු උදවිය ඉන්නවනං දන්නවා ඇති මේ බණ මේ ආවට ගියාට..පැයෙන් දෙකෙන් අහවර වෙන ඒවා එහෙම නොවෙන විත්තිය..ඒ හින්දා බණ අහන්ට ලෑස්ති වෙනකොට මාස දෙක තුනකට හරි තප්පලං දාගෙන ඉන්ට ලෑස්ති වෙලා තමයි ඕං සූජානං වෙන්ට ඕන..සමහර විට මේ කතාව කියලා ඉවරවෙන කොට මෛත්‍රී බුදු හාමුදුරුවොත් මේ ලෝක ධාතුවේ පහළ වෙලා හිටින්ට පුළුවන්..ආන්න ඒ වගේ මාර ස්පීඩ් එකකින් තමා මාරයා බණ කියන්නේ..තේරුණා නෙව..

හරි..මේකත් ඉතිං මං අර පහුගිය දොහේ කිය කිය උන්නු බණ කථාවෙම එතැන් සිට කතාව තමා...
මෙකත් ඇවිල්ලා මෙගා සීරිස් එකක්..හොඳ වෙලාවට අපේ මේ ධර්මසේන හාමුදුරුවෝ ඉන්න කාලේ මේ දැන් ඉන්න ටෙලි නාට්ටිය කාරයෝ හිටියේ නැත්තේ..නැත්තං දෙකක් නැහැ උන්නාන්සෙව මුංදලා අල්ල ගන්නවා මෙගා ලියන්ට..

ඉතිං ඒවයින් වැඩක් නැහැ අද මේ උතුම් පුර පසලොස්වක පෝය දිනයේ බණ ඩිංගිත්තක් අහන්ට මාර භවනට ඇදුන කාට කාටත් කියන්නේ අර මං කළින් කිව්ව බණ කතා ටිකත් මතක් කොරගන්ට ඕන නැත්තං අවසානෙදී මං මේ කතා ටික ඔක්කෝම එකතු කරලා කියන අවසන් කතාව පැහැදිලි මදි වෙන්ට පුළුවනි...

.....................................................

හොඳයි පින්වතුනි..දැන් ගිය පාර බණටනං අපේ සොඳුරු සිතැත්තී උපාසිකාව බොහෝම මහන්සියෙන් අනග්‍රහය දැක්කුවා..උන්දැගේ අර කෝපි කෝප්පේ එහෙම බීපු අයට ඒ විත්තිය මතක ඇති මයෙ හිතේ...
යාන්තං තුන් මාසෙකට විතර පස්සේ තමයි කෙළින් කටින් හිටින්ට ඇහැකි උනේ..ඒ තරමට අපූරු කෝපි එක..

ඉතිං මේ වංගියෙත් එහෙම දාන මාන..සැලකිලි සත්කාර කොරන්ට කටිටිය ඉන්නවනං ඒ ඒ දේවල් කොරන්ට පින් අතේ වැඩ නෙව....

......................................................

ඕන්න ඉතිං පින්වතුනි...
ඉස්සර කාලේ ඔය දඹදිව කොසඹෑ නුවරට ටිකක් ආසන්නයේ තිබුණා පුංචි පහේ ගමක්..
මේ ගමේ හිටියා ටිකක් කම්මැලි පහේ ගොයියෙක්..උන්දෑ උන්දෑගේ තනි නොතනියටත් එක්ක ගෑනු පරාණයකුත් සහේට අරගෙන ඉන්න කාලේ...

මෙන්න මෙහෙම කාලේ ගත වෙනකොට මොනයම්ම විදියකින් හරි අර දෙන්නා දෙමහල්ලන්ට පුත්තරයෙකුත් හම්බ උනා කියමුකෝ..දැන් ඌ කිරි සප්පයා...

ඉතිං මේ කාලෙදිම මේ ගමට හරි භයානක රෝගයක්..ඒ කිව්වේ මේ වසංගත රෝගයක් බෝ වෙනවා...

බණ පොතේ තියෙන්නේ ඔය රෝගයේ නම "අභිවාතක" කියලා තමයි..මේ අභිවාතක රෝගේ හැදුනාම ඒ ගෙදර ඉන්න පුංචි පුංචි සත්තු මියෑදෙනවා...ඊළගට ටිකක් ලොකු සත්තු මියෑදෙනවා..අන්තිමට නිවසේ ඉන්න බාල එකාගේ පටන් වැඩිමහල්ලා දක්වා රෝගය පැතිරිලා ඒ අයත් මියෑදෙනවා..

ඉතිං මේ අභිවාතක රෝගය බෝවේගන එනවා කියලා දැන ගත්තාම ඒකෙන් මිදෙන්ටනං කරන්ට තියෙන්නේ එකම දෙයයි..ඒ තමයි අර පදිංචි ගෙදර මුදුන් යටලීයට යටින් බිත්තිය කඩලා ආන්න එතැනින් එළියට පිටත් වෙලා..ඒ පළාතෙවත් ඉන්නේ නැතිව පැනලා යන එක...

ඉතිං දැන් මේ ගමටත් ඔය රෝගය බෝවේගන එනකොට අර දෙන්නා දෙමහල්ලොත් තමුන්ගේ අළුත උපන් කිරි සප්පයත් අරං කොහොම හරි ගමෙන් පිටතට පැන ගත්තා...

දැන් මේ දෙන්නා වෙහෙස මාන්සිය නොබලා යනවා..කොහාටද..?
ආන්න පින්වතුනි මේ දෙන්නත් මේ අපේ ගංවල ඉන්න උදවිය කොළඹ රටටම ඇදෙනවා වාගේ..උන්දලත් ඇදෙන්නේ උන්දලා දන්න ලොකුම නගරය..එහෙමත් නැත්තං ලොකුම රාජ්ජය වෙච්ච කොසඹෑ නුවරටම තමයි..දැන්නං ඉතිං කොළඹට ඇදෙන එක නැවතිලා..හෙට අනිද්දට අපිටත් හම්බන්තොට යන්ට වෙනවා උනත්..උන්දලාට යන්ට වෙන අහක් තිබුනේ නැහැ...

ඉතිං අමුතුවෙන් කියන්ට දෙයක් නැහැ නෙව..අද කාලේ වගේ නෙවෙයි..ගමන පයිං..කැලෑ මැදින්..තමයි..

බොහෝම දුෂ්කරයි...
ඉතිං මුන්දලා දෙන්නා අර දරුවත් කර පින්නං දැන් යනවා යනවා යනවා..ඉවරයක් නැහැ..දැන් දෙන්නට පාං කියා ගන්ටත් බැරි තරං..ඒත් ඉතිං මොනවා කොරන්ටද..යන්ටම එපැයි..

ඒත් දැන් අපේ මේ කතා නායකයාට එහෙමත් නැත්තං අර පවුලේ මනුස්සයාට අර දරුවත් කරේ තියං ගිහිල්ලා එපා වෙලා තියෙන්නේ..ඒ හින්දා මේ යන අතරේ පොඩි යෝජනාවක් දාලා බලනවා අර තමුන්ගේ බාරියාවට...

"මේ ඇහුනද..ඕයි මටනං දැන් හරි මහන්සියි..මෙහෙම ගියොත් අපි දෙන්නත් මහ මගම මැරෙනවා..මේ දරුවත් අරං මේ ගමන යන්ට අමාරුයි..අපිට දරුවෝනං ආයේ හදා ගන්ටත් බැරියෑ..ඊට වඩා වටාන්නේ අපි දෙන්නා බේරිලා ඉන්න එකනේ.. ඒ හින්දා අපි මේ දරුවව මග දාලා යන් යන්ට" කියලා...

බලන්ට ‍පින්වතුනි මේකාගේ තරම...

හැබැයි ඉතිං එහෙම කිව්වට මොකෝ..ඒවට කොහේද අර අම්මණ්ඩි කැමති වෙන්නේ..අර යෝධයටත් හොඳවැයින් දෙකක් කියලා..අර දරුවත් අරගෙනම යනවා...
දෙතුන් වතාවක්ම මේ විදියට මුට්ටිය දාලා බැළුවට වැඩේ හරියන්නේම නැහැ..ඒත් දැන් මේ මනුස්සයට මේ වැඩේ ඇති වෙලා තියෙන්නේ...

ඉතිං කොහොමින් කොහොම හරි මෙහෙම යනකොට අර දරුවට නින්ද යනවා නෙව...
ඉතිං ආන්න එහෙම වෙලාවක් බලලා අර යෝදය මොකද කොරන්නේ..අනේ අර දරුවව ගෑනු මනුස්සයට නොපෙනෙන්න කැලේ ගහක් යට කොල ටිකක් කඩලා ඒ කොල උඩින් තියලා එනවා එන්ට...
මෙහෙම ටික දුරක් ගිහිං අර ගෑනු මනුස්සයා ආපහු හැරිලා බලන කොට අනේ..කෝ දරුවා..දරුවා නැහැ..අර ගොබිලා දෑත වන වන ඔහේ එනවා දකිනවා...

ඔන්න පින්වතුනි කෙළිය..එතන එක යුද්ධයයි... දරුවා ගැන අහපුවාම අර මනුස්සයා කියනවා තමුන් කොරාපු පජාති වැඩේ..
ඒක අහලා අර ගෑනු මනුස්සයා එක සීරුවට විලාප දෙනවා මිස..උන්දෑ නෙවෙයි එතනින් හෙල්ලෙන්නේ තව එක අඩියක්වත්...
අන්තිමට ඉතිං අර ගොබිලට සිද්ද වෙනවා ආපහු ගෙහුං අර දරුවා තියාපු තැනින් උස්සාන එන්ට...ඊට පස්සෙනං අර අම්මණ්ඩි නෙවෙයි දරුවව අරුන්දැට උස්සාන යන්ට දුන්නේ..මොන අමාරුවෙන් හරි තමුන්ම කර පින්නං යනවා ඇරෙන්ට...

ඔන්න..ඉතිං ඔහොම ‍ගෙහුල්ලා ගෙහුල්ලා..අන්තිමට මෙ දෙපලට යාංතං කෑලැව හමාරකොරලා පුංචි පහේ ගම්මානයකට යා ගන්ට ඇහැකි වෙනවා...
ඒ ගිය ගමෙන් උන්දලට මුළින්ම යාගන්ට වෙන්නේ එක්තරා ගොපළු ගෙදරකට තමා ඕං...
ගොපළු ගෙයක් කිව්වහම දන්නවා නෙව.. අර කිරි හරක් හදන ගෙයක්..ඒ දවස්වල ඉතිං තිබුණු ලොකුම කරුමාන්තයක් නෙව ඔය ගවයින් ඇති දැඩි කිරීම..ඉතිං මුන්දලත් ගෙහුං ලගා ගහ ගත්තේ ආන්න එහෙම ගෙදරක තමා..
ඉතිං එතන ඉඳන් මොකද උනේ කියලා අපි ඊ ළග කතාවෙන් බලමු...
දැන් ඇහැකි කට්ටියට පොඩි විවේකයක් ගන්ට...

31 comments:

  1. හප්පට සිරි මරු බන මරයා අයියා.....එල එල......ඔබතුමගේ බ්ලොග් එකනම් එල.........

    ReplyDelete
  2. මේපාර අනුග්‍රහ කටයුතු වලට කෙනෙක් හොයාගමු.. අද ඉතින් කෝපි එකක්වත් නෑ...

    මාරයා අයියත් පරිස්සමිං ඕං.. මෙගා නට්‍ය ලියන්න අල්ලගනී ඉන්දියාවේ බුවෙක්වත්...

    බණ කතාව ගැන නම් ඉතින් කියන්නේ කතාව ඉවර වුනදාට තමා.. :D

    ReplyDelete
  3. මට බය ඔය විවේකය අත‍රේදි ආයේ පාරක් ලමයා මිසින් වෙලා තියෙයිද දන්නෙ නෑ..... :D

    ReplyDelete
  4. අයියේ මේ කතා වස්තුවේ නම දාලා නැහැ නොවැ. ආ සමාවෙන්න. පින්වත් මාර මහතාණෙනි මෙහි එන ජාතක කතා වස්තුව කුමක්ද යන්න සඳහන් කරලා නැහැ නෙවැ.......

    දෙයියනේ කියලා බිල්ලි මුල්ලක් ඉතුරු නැති එකේ පින්වත් මාර මහතාණන්ගේ පුටුවට හේත්තුවක් දාගෙන හරි බරි ගැහුනා. මාසයක්ම අල්ලන් ඉන්නත් එපායැ......... :D :D

    ReplyDelete
  5. අස0ක...

    තැන්කූ මල්ලියා..
    ආ ඔයා ඔය බින්දුව ලියන්නේ විශේෂයක් හැටියට නෙවේනං විතරක්
    X අකුරෙන් බින්දුව ටයිප් කරන්න පුළුවන්..හොඳද..?

    ReplyDelete
  6. පයින්ම ගිහිල්ලා මරය තුමාටත් පණ ගිහිල්ලා වගේ....

    මේං ගිලන්පස ඩිංගිත්තක්, හැබැයි ගෙදර සෝඩා අහවරයි ඔං...

    ReplyDelete
  7. චතුවා (ළමයා)...

    ඒක නේන්නං..බලමු කවුරු හරි දායක ඇත්තෙක් ඉදිරිපත් වෙයිද කියලා...

    ඉන්දියාවෙන්නං හා කියමුකෝ..මේ අපේ බුවාලගෙන්නේ බේරිලා ඉන්ට ඕන..

    ReplyDelete
  8. අනුරාධ...

    හෙහ් හෙහ්..ඔන්න ඉතිං මේ උපාසකට ඇති වෙච්ච දහං ගැටේ...

    ReplyDelete
  9. හා පැටික්කි (MS)...

    ආන්න හා උපාසිකාවට හොඳ දෙයක් මතක් උනා..ඇයි උපාසිකාව කල්පනා කොරලා බලමු..මම අර කලින් කතාව නැවැත්තුවේ ඊගලට කියන්නේ මොන කතාවද කියලා නේද..?
    ආන්න ඒ කතා වස්තුව තමයි මේ..

    (පුටුවට හේත්තූ උනාවගේ නෙවෙයි ඔය දිග කන් කෙටිය එහෙම මගේ ඇගේ ගෑවෙන්ට තියන්ට එපා..මට කිචි හත්ඉලව්වේ..ඊ ළග පාර මොනවා කියවෙයිද දන්නෙ නැහැ..)

    ReplyDelete
  10. Niroshan...

    හා හා උපාසක..සද්ද නොකර සද්ද නොකර...
    නිමාපු ඇල්වතුරවත් නැතෙයි...

    ReplyDelete
  11. එතකොට මාර මහතාණෙනි ගියවර බණට නොපැමිණි කෙනෙක්ට මේ බණ අකැපද???? (ඇයි වදේ බිල එනකම් මං කොහොමද මඟ ඇරිච්චා බලන්නේ... )

    ඕක කියන්න ඕනි නැහැ පින්වත් මාර මහතාණෙනි මට කන් කෙටි දෙක සතියක් ඩෙටොල් වල බහා සිටීමේ කිසිම ආකාරයක බලාපොරොත්තුවක් නැති බව සතුටින් දැනුම් දෙමි. :D

    ReplyDelete
  12. හා උපාසිකාවෙනි...

    ඇයි උපාසිකාවෙණි මතකය ඔතරම් දුරුවල වන්නේ කිමැ..
    මේ පවසන්නේ "ඝෝෂක සිටුපුත්" කතාන්දරය නෙව...

    ඩෙටෝල්..හික් හික්...

    ReplyDelete
  13. මං අර බිහිසුනු රැයේ දර්ශනයෙන් පස්සේ බැලුවේ නැහැ නොවැ. දන්නවනේ ඒ දවස් වල හොරෙන් ජාලගතවුන බව. මඟ ඇරුණව තාමත් එහෙම්මමයි. :(

    මේ දවස් දෙක තුනටත් ලිපි 30ක් විතර මඟ ඇරිලා..... ලබන ඒ කිව්වේ හෙටින් පටන් අරන් මුලින්ම කරන්නේ අයියගේ ලිපි ටික කියවන එක. :(

    ඩෙටොල් තමා...... :P

    ReplyDelete
  14. සාධු සාධු!! ඉතුරු ටික ඊලග පෝයටෙයි?

    ReplyDelete
  15. හප්පා සූ ගාලා සෙනග නොවැ බණ අහන්න... කොහෙන් හරි ඉදගන්නත් එපැයැ..මාසයක් දෙකක් එක තැනක ඉන්න එකත් ලේසීපාසු නෑ.එහෙමයි කියලා මාර උත්තමයාගේ බණ අහන්නේ නැතිව ඉන්නයැයි..

    ReplyDelete
  16. සාදු සාදු......අගේ ඇති බන පොඩ්ඩ. [හැබැයි යක්කල මාරානන්ද උන්නාන්සෙ කියාපු විදියට නං ඩිංගක් වෙන්න බෑ] හසී කිව්ව වගේ ඉඩක් නැ නොවැ ඉඳගන්නවත්. ඉස්සරහ පේලිවල රාජ රාජ මහාමාත්‍යාදීන් පිරිල නෙව. මාත් ඔන්න මේ පිටිපස්සෙම කස ගහයටින් වාඩි උනා. සුනංගු නොවී ඊලඟ ඩිංගත් වැදෑරුවනං රෑ බතටවත් ගෙවල් පැත්තට යාගන්න තිවුන.

    ReplyDelete
  17. අද බණ කතාවකුත් ඇහුව එකට සතුටුයි . අපි ඉතින් මේ බ්ලොග් එවකාසේ වෙන කොහෙන්ද බණක් අහන්නේ මාර බවනෙන්ම මිසක් .

    ඉතින් ඉතින් ඊලඟට....... ?

    ReplyDelete
  18. කෝ මේ උපාසිකාවෝ,,හදලා ගන්න කෝපි,ටිකිරි මාරි,නයිස් අනේ ඉටින් මේ මෙගා බණ සීරීස් කොච්චර කාලයක් ඇදෙයිද...

    ReplyDelete
  19. හප්පා මාරයා උන්නාන්සෙට ගොඩාක් පි0....මාර බණ අහනකම්ම දැන0 හිටියේ නැහැ නොවැ අද පෝය දවස බව ...ලෝකෙ හැම රටකම පෝය දවස නිවාඩු දවසක් කලා කියල අහල තිබුනට මේ රට ඒ ලෝකෙට අයිති නැතිද මන්ද..ඒකෙන් කමක් නෑ..ඒකට මාර උන්නාන්සෙ පලිනෑ නෙව...හයියෙන් සාදු කාරයක් දීල බලාගෙන ඉන්නවා කතාවේ ඉතිරියත් අහන්න...

    ReplyDelete
  20. ඕO එහෙනන් මමත් ඈදි ගත්ත තඩි ගහක් යට......(හීනියට අනුමත වෙනවනම් කාටත් හොරා එමු ගහ මුලට,බැදපු සුදු ළුණු ගෙඩි දෙක තුනකුත් තියෙනව....)

    ශ්‍රද්ධාව කෙසේ වෙතත් හිනාව නවත්තගන්න නම් බැහැ.

    උඹට යහපතක්ම වේවා!

    ReplyDelete
  21. coke thibenam gaha yatata emi. marayaneni mara bana

    ReplyDelete
  22. කතාවේ ඉතිරිය දාද්දි මේ කිරි සප්පයගෙ බබත් ස්කෝලෙ යන කාලෙ වෙයිද දන්නෙ නෑ

    ReplyDelete
  23. හා පැටික්කි (MS)...

    නංගිට මං මේල් කරන්නද ඒ ටික කොපි කරලා..

    ReplyDelete
  24. @හසිත මදුශංක...

    බලමු ඊට කළින්..

    @හසී...

    ඒත් මං බැළුවා උපාසක අම්මා මොකෝ පරක්කු කියලත්..

    @nawammawatha...

    ඇහ්..දරුවා බැළිල්ල කාට දීලද නවම් උපාසක මෙහෙ පැන්නේ..?

    @හිස් අහස...

    සඳරු උපාසක ඔහොම ඉම්මුකෝ..හදිසියට කොරන්න ඇහැකි වැඩද මේ..?

    @ItalyDilan...

    ඉතිං උපාසක උන්නැහේ ඒ ඇදෙන තරමක් කල් අර කළින් කිව්ව ජාති වලින් අඩුවක් නැතිව සප්පායං වෙවී ඉන්න ඇහැකි නෙව...

    @කුරුම්නියා...

    බන කෙසේ වෙතත් පෝය මතක් වෙච්ච එකත් මදෑ අර කිව්වත් වගේ..අම්මපා ඔය එට තියෙන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකේවත්දෑ..?

    @Heeniyata...

    අන්න දවසකටවත් උපාසකලා...

    @prabathw7...

    යකෝ ඒ ගමන කට්ටියම බණ අහන එක පැත්තකට දාලා වෙන වෙන අංශවලට නෙව සැරසෙන්නේ..බලාගෙන අර හා උපාසිකාවට ඉව වැටුනොත් ඉඳලා ඉවරයි..

    @තාරක Dilsh@n...

    ඒ වග කියන්නත් බැහැ තමයි ආයිබෝං...

    ReplyDelete
  25. අහ් බණක්...නින්ද යයි කියලම බයට ඉස්සරහටම ආවා...දැන් ඉතින් මාසයක් විතරම ලගින්ට වෙයි නේද උපාසක උන්නැහේ... කෝ අප්පා කිව්වත් වගේ සංග්‍රහ නැතේයි...කෝපි කොප්පෙකුයි මාරි 4කුයි තිබ්බනම් තමා යස...

    ReplyDelete
  26. නිම්ශා...

    පොච්චියේ පුංචි නෝනා ඇවිත් තියෙන්නේම කන බණේම කියාගෙනම නෙව...

    ReplyDelete
  27. අද දින ධර්ම දේශනාව ගරු පුජ්‍යපාද වජුබිල්ලාරාමාධිපති අලජ්ජිතිස්ස ස්වාමී පාදයන් වහන්සේ විසිනි.

    ReplyDelete
  28. නැ අයියා කමක් නැහැ. මං හිමීට කියවන්නම්. කොහොමත් ඉතින් කමෙන්ට් ටික කියවන්නැතුව ලිපියක් කියවලා මට කිසි ගතියක් නැ....... :D

    සික් පෝය දවසටවත් බණකදිවත් මතට තිතත් තියා ගන්න බැරි උදවිය. :@

    @ prabathw7...

    හොර උපාසක තැන අපේ මාර මහාතාණන් දැන් ඒවායෙන් වැඩි කාලයක් වැළකිලා වාසය කරන කෙනෙක්. ඒ නිසා ඔය පව්කාර අදහස් මේ පැත්තේ ඇන්න නාවට කමක් නැහැ. ඔන්න මම නරක හාවි කියන්න එපා පස්සේ......... :@ :@

    මේක මාර භවන උනාට මේකේ යාව ජීව සාමාජික තනතුර මට පිරිනමලා තියෙන්නේ. (කට්ටිය දන්නැති එක වෙනම කතාවක් තනතුරු තියේ කියන හැමෝටම තනතුරු නැහැ නොවැ ලංකාවේ.....) ඒ නිසා මාරමහාතාට ඉහලින් නැතත් පහලින් උපදෙස් දෙන්නේ මම. :D :D :D :D

    ඕන් කීවා......

    ReplyDelete
  29. බණ අහන ගමන් බයිට් එකට කන්න 'හා මස්' ටිකක්වත් තිබ්බනං අපූරුයි බොලේ.. :)

    ReplyDelete
  30. අයි‍යේ ‍මෙන්නෝ.......................:'( :'(

    ReplyDelete
  31. @ Observer...

    කොහේද ඒවත් විහිළුවට අරන් නෙව...කොහේද..හැට පැන්නත් බිමින් නොයා මඩින්ම එන උපාසක මහත්තුරුත් එක්ක බණ පදයක්වත් කියන්නේ හැබෑට...

    @හා පැටික්කී...
    හරි නංගියේ එහෙනං පුළුවන් උන ගමන්ම කියවන්ටකෝ...

    (කට්ටිය ටිකක් පරිස්සං වෙන්ට..හාවිට මල පැනනම අපිටවත් බෑ ආණ්ඩු මට්ටු කොරන්ට..)

    @Buratheno...
    අනේ බං උඹ ඔය හදන්නේ මටත් ධරැමාසනේ අතෑරලා දුවන්ට වෙන කතාවක් නෙව...

    @හා පැටික්කී...

    හා හා නගා බය නැතිව ඉන්ට..ඒ කියලා තියෙන්නේ අර බනියා ගැන...

    ReplyDelete