19 February 2011

ඝොෂක සිටු පුත්තරයාගේ කතාව...අනේ මෙහෙම ආසාවක්...

යාන්තං ඊයේ මංතුමා කාලෙක ඉඳන් කොරගන්ට බලං හිටිය දෙයක් කොරගත්තා නෙව...
ඒ කියන්නේ මේ රියදුරු බලපත්තරය ගත්තා නෙව...
මට ඉතිං අවුරුදු දහයක් විතර පරණ පලපත්තරයක් තිබුණා..හැබැයි ඒකෙන් කොරන්ට පුළුවන් තුන්සක රථ පදවන්ට විතරයි..ඒත් දැන් එකෙන් බයිසි මොටෝ වගේම හෑල්ලු රථ වාහනත් දක්කන්ට ඇහැකි...
බර වාහන එළවිල්ලට මගේ කොහොමත් මනාපයක් නැති හින්දා එහෙම බලපත්තරනං ඕනා කරන්නේ නැහැ...
දැන් ඉතිං හදිස්සියකට ඕන උනොත් පුංචි පහේ රියදුරු රස්සාවක් හෙම උනත් කොරන්ට මාරයාතුමාට ඇහැකි නෙව..
පාරට බැස්සම අතට අහුවෙන ඕනම රස්සාවක් කොරන්ට පුළුවන්වීම හිතට හරි හයියක්..විශේෂයෙන්ම බොහෝම හුදකලාව..තනියම ජීවත් වෙන්ට හුරුඋන මං වාගේ එකෙක්ට හොයලා බලලා කරන්ට කවුරුවත් නැති හින්දාම ජීවිතේ රැක ගන්ට මොනවා නමුත් දෙයක් හැමදාමත් කරන්ට වෙනවා...

හදිසියකටවත් කියලා රස්සාවක් නැතිව ගෙදර ඇවිත් වැටිලා ඉද්දී කන්ට දෙන්ට අම්මා තාත්තා හරි වෙනයම්ම කවුරු හරි නැති හින්දා නිතරම සූදානමින් ඉන්ට ඕන මොනවා නමුත් කොරලා පනං හතරක් හොයාගෙන වේල සරි කොරගන්න..ඒ අතරම අනාගතේ ගැනත් ටිකක් හරි හිතන්ටත් වෙනවා..කොහොමත් මං දැන් ටිකක් ඒ ගැන හිතන්ට පටන් ගන්ට කියලා හිතාගෙන ඉන්නේ...

මං බය නැතිව මෙහෙම ජීවත් වෙන්ට හුගාක් හේතු උනේ...මට පාරට බැස්සම කරන්ට ඇහැකි රස්සා ඕන තරං තියෙන හින්ද කිව්වොත් වැරදි නැහැ...

බේකරියක පාන් මෝලිය අල්ලන්ට..බස් එකක කොන්දොස්තර කොමක් කොරන්ට...මේසන් වැඩ පොලක වැඩ කොරන්ට..වඩු මඩුවක වැඩ කරන්ට..ගරාජ් එකක මජං නාගෙන වැඩ කොරන්ට..හෝටලේක කුස්සියට හේත්තු වෙන්ට උනත් මං මනාපයි..

ඒ මගේ හිතට දැනෙන වැඩ..ඒ අතරට දැන් ඉතිං වාහන කෑල්ලක් කරකවන්ට උනත් අයිතියක් හම්බු උන එක තවත් හිතට හයියක්...
හරි ඒ බයිලා නවත්තලා අපි යමු අර කියාගෙන ආපු බණ කතන්දරේට...

......................................................

ඔන්න ඉතිං කොහොමින් කොහොම හරි දවස් ‍ගාණක් ගාටලා ගාටලා අර දෙන්නා දෙමහල්ලෝ තමුන්ගේ පැටියවත් ඇන්න ගොඩ උනා අර ගොපළු ගෙදරට...අද එතැන් සිට..

මේ උන්දලා එහෙට ගොඩ වෙනකොට ඒ කියාපු ගොපළු ගෙදර පුංචි පහේ උත්සවයක් තිබිලා අහවර උනා විතරයි...
ඒ උත්සවයත් ඉතිං අර ඒ ගෙදර ඇති දැඩි කරන කිරි හරක් සම්බන්ධව කෙරුණු තෝත්තරයක් නිසාම කෙරුණු එකක්..හැබැයි ඉතිං ඒක ටිකක් දානමය පිං කමක් විදියටයි කෙරුණේ...

මොකදෑ කිව්වොත් මේ ගෙදර පොරධානියා එහෙමත් නැත්තං ගෘහ මූලිකයා වෙච්ච උන්නැහේ ඒ කාලේ ඒ නිවසට ආසන්න ස්ථානයක වැඩ වාසය කරාපු පසේ බුදුවරයාණන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් ඇප කැප වෙලා ඇප උපස්ථාන කොල උපාසක මහත්තයෙක්..

ඉතිං මේ පසේ බුදුවරු ගැනත් කියන්ට දේවල්නං සෑහෙන්ට තිබ්බා උනත් කතාව ටිකක් ඉක්මන් කොරන්ට ඕන හින්දා ඒ විස්තර වෙන දවසක කියන්නංකෝ..

ඉතිං එදාත් අර පසේ බුදුන් වහන්සේ වෙනුවෙන් බොහෝම සාර සුභාවට දානේ පිළියෙල කොරලා උන්වහන්සේව වළදවලා හමාර වෙච්ච වෙලාවට තමයි අපේ මේ ඩබලත් එතනට ඇන්ටර් උනේ...
ඉතිං අර ගොපළු උන්නැහේ..මේ ආව දෙන්නටත් සප්පායං වෙන්ට කියලා මහා විශාල කිරිබත් පලගානක් දීපි..

අනේ ඉතිං අර ගෑනු මනුස්සයා මොකද කොලේ..
තමුන් ටිකක් කන ගමන් තමුන්ගේ මනුස්සයට වැඩි කොටහා ගිල්ලෙව්වා වැඩි ආදරේට කියලා...
ඒ උන්දැත් දමලා ඇරියා කිඹුලා කිරිමැටි ගිලින්නැහේ අර කිරිබත් තළිය..ඒ ගිල දාන අතරෙම උන්දැට පේනවා තවත් සීන් කෝන් එකක්..ඒ තමා අර ගෙදර ලොක්කාත් කිරිබත් කනවා ඉස්සරහාහින් වාඩි වෙලා..ඒ කන අතරෙම එතන ඇදක් යටට වෙලා ඉන්න බැලි කික්කියෙකුට ලොකු ලොකු බත් කටවල් කන්ට දෙනවා..අර කික්කිත් නැට්ට වන වනා බොහොම සතුටින් කිරිබත් ගිලිනවා...

දැන් මොකද වෙන්නේ..අර කිරිබත් ගිලින අතරෙම මේ මනුස්සයා කල්පනා කොරනවා..අනේ අර බැල්ලිට තියෙන සැපක්..දවස ගානෙම මෙහෙම බත් ගිල ගිල ඉන්ට මූ කොයි තරංනං පිනක් කොරලා තියෙන්ට ඕනද.?අපිට කොහේද ඔහොම සැපක්..අනේ අම්මපා මටත් මෙහෙම තැනක ඉපදිලා ඔන්න ඔහොම සැපට ගිල ගිල ඉන්න තිබ්බානං කියලා...

ආයේ ඉතිං එහෙම හිතෙන එක අහන්ටත් දෙයක්යෑ අපිට උනත් සමහර වෙලාවට ඔය බලු නාම්බෝ දැක්කාම හිතෙන්නේ අනේ ඉතිං බල්ලෙක් උනානං මීට හොඳයි කියලා..හැබැයි ඉතිං එහෙම හිතුවා වගේ නෙවෙයි..බලුනගුටෙක් වෙලා උපන්නට ඒ බලුනාම්බන්ට වගේ අපිටත් හුරතලේට හැදෙන්ට ඒ බලු නාම්බන්ට සැලකුම් සත්කාර කොරන අක්කලා නංගිලා හම්බ වෙයිද කියලා කොහොමද දන්නේ..ඒ හින්දා එහෙම හිතන එක හරි බයානක වැඩක්...
ඒ හින්දා ඒ සැප නැතුවට කමක් නැහැ කියලා හිත සකස් කොරගන්ටත් ඕන නැත්තං ඉතිං සිද්ධ වෙන දේ බලන්ටකෝ...

ඉතිං මේ උන්දැත් අර බැල්ලිට තියෙන සැප ගැන හිත හිත අර කිරිබත් පලගානට වැඩේ දුන්නයි කියමුකෝ..ඊට පස්සේ තමයි වැඩේ තියෙන්නේ...

එදා රාත්තිරියේ අර කාපුවා දිරෝ ගන්ට බැරුව අර මනුස්සයා පරලෝ යනවා නෙව..ඇයි ඉතිං බඩ ගින්දරේ දවස් ගාණක් වේලි වේලි හාමත් වෙලා ඇවිත් නෙලලා ඇද්දම අර වාගේ..උහුලන්ට ඇහැකියෑ...උන්දෑ සෙත්තපෝච්චි...
හැබැයි වැඩේ එතනින් අහවර උනේ නැහැ..අර දවාලේ අර බළු නෑම්බි බත් ගිල දාන එක දිහා බලලා හිතේ ඇති කොරගත්ත කල්පනාව හින්දයි..ආයේ අමුතුවෙන් කොරාපු පිනක් නැති කමයි හින්දා ගෙහුං උපන්නා නෙව අර බැලි කික්කිගේ කුසේ බළු කුකූරුවෙක් වෙලා...එහ්නං...

ඔන්න ඕකයි වැරදි ආසාවල් හින්දා මිනිස්සුන්ට වෙන දේ...
කවුරුත් හිතට ගන්ට ඕන දකින දකින හැම දේටම ලෝබ හිතන්ට ගියහම අපිටත් වෙන්නේ ඕක තමා කියලා..ඒ වගේම තමයි තම තමුන්ගේ ගෙවල්වල..විතරක් නෙවෙයි ඇහැ ගැටෙන අල්ලපනල්ලේ ඉන්න සතා සීපාවට උනත් කරුණාවෙන් සලකන්ට හිතට ගන්ට ඕන..බොහෝමයක් වෙලාවට ඒ ඉන්නේ අපේම නෑදෑයෙක් මිත්තරයෙක් වෙලා ඉඳලා මිය පරලව ගෙහුං අපිව දාලා යන්ට බැරි කොමට හරි..
ජීවත්ව ඉන්න කාලේ හරි හම්බ කොරගත්ත දේ දාලා යන්ට බැරි හින්දා හරි..
උන්දලාගෙන් අපිට වෙන්ට තිබ්බ යුතුකං ටික හරි හමන් විදියට ඉස්ට කොරන්ට බැරි උනා කියලා හිතාගෙන විස්සෝපයෙන් මියෑදිලා අපි අතරම ඉපදුන අපේම ඈයෝ වෙන්ට පුළුවන්...

ඒ හින්දා සතෙකුට ගහන්ට හිරිහැරයක් කොරන්ට එහෙම හිතුන වෙලාවට දෙපාරක් හිතන්ට මේ සමහර විට මගේම කෙනෙක් වෙන්න පුළුවන් නේද කියලා...
අපි හිතන්න අකමැති උනත් ඒ ඉන්නේ අපේම අම්මා තාත්තා උනත් වෙන්ට ඇහැකි...
ඉතිං එහෙම කෙනෙක්ට අපේ අතින්ම හිසාවක් පීඩාවක් වෙනවනං ඒක කොයි තරං අකුසලයක්ද..?
ඒ හින්දා හැම වෙලේම ඒ ගැන හිතන්ට පුරුදු වෙන්ට නැත්තං දවසක ඒ අකුසලයෙන්ම අපිටත් අපේ ගෙවල් අහල පහලම මොකෙක් හරි තිරිසනෙක් වෙලා ඉපදිලා අපේම දූ දරුවන් හිතවතුන් අතින් ගුටි බැට හිරි හැර විඳින්ට වෙයි...

ඒ හින්දා හැම වෙලාවෙම කල්පනා වෙන් වැඩ කරන්ට හිතට ගන්ට...
විශේෂයෙන්ම සත්වයා මේ සංසාර චක්කරේ ඉපදි ඉපදී මැරි මැරී යන අපූරු ගමනේ ගති සුභාවය මේ කතා පුවතින් අපිට හිතාගන්ට පුළුවන් වෙනවා..හොඳ සිහි කල්පනාවෙන් කියෝගෙන යන ගමන් තමුන්ගේ සංසාර ගමන ගැනත් සිහි කොරගන්න එක හොඳයි..ආන්න ඒ පණිවිඩේ හොඳටම දෙන කතන්දරයක් තමයි මම මේ කියන්ට පටන් අරං තියෙන්නේ ..ඒ හින්දා විහිළු තහළු කරනා අතරම ටිකක් විතර ගැඹුරිනුත් හිතන්ට හැමෝම හිතා ගන්ට ඹ්න..හපෝයි ඕවා නිකං කතන්දර විතරයි කියලා හිතලා අහක දාන්ට කැමති අයට එහෙම කොරන්ට නිදහස තිබුණා උනත් මේ කියන සංසාර චක්කරෙන් ගැලවෙන්ටනං බැහැ ඕං...

එහෙනං ඉතිං අපි ඊ ළග කතාවෙන් බලමු මේ බලු පෝතකයගේ වැඩ කිඩ...
.................................................
කෝ ඉතිං සංගරායක් කොරන්ට තාම කවුරුවත් ඉදිරි පත් උනේ නැහැ නෙව...
කට්ටිය නිස්සද්ද කොරලා විනය ආරක්ෂා කොරන වැඩේනං හා උපාසක අම්මා තිතටම කොරන බව පේනවා..හිටි හැටියේ සද්දේ දාලා දේශකයා වෙච්ච මංතුමාවත් නිහඬ කොරෝනවා...

උන්දැට ඉතිං මේ මාර අඩවියේ පූර්ණ සාමාජිකත්වය හා විධායක බලතල තියෙනවා නෙව..එදා පටන්ම...
ඒ උපාසක අම්මා වගේම තව කිහිප දෙනෙක්ම ඉන්නවා නෙව යාවජීව සාමාජිකත්වය ලබාගෙනම රැඳී ඉන්න උදවිය..

විශේෂයෙන්ම අර නම ලියද්දී අන්තිමට දෙමළ න යන්නෙන් අහවර කොරන ප්‍රසන්න උපාසකත් දැන් සෑහෙන කාලෙක ඉඳලා එකක් නෑර මාර සටහන් වලට ප්‍රතිචාර දක්වමින් මාරයාගේ ලියන කියන දේට ගැම්මක් දෙන උදවියට මං ඉතිං යාව ජීව සාමාජිකත්වය දීලා තියෙන්නේ...
මේ ඉතිං ඒ හැමොගෙම උදව්ව උඩ යන මාර ගමනක් නෙව....

32 comments:

  1. හෆොයි මදැයි කොලා දැන් ඉතින් බව්වෙක් උනා එහෙනම් අර මනුස්සයා... දැන් ඉතින් ලයිසන් අර සෙල්ලම් දාන්නේ නැතිව මේ බණ කථාව කියන්න ඕන හොඳද මාරයෝ... නැත්නම් උපාසක ඇත්තෝ උදහස් වෙයි...

    ReplyDelete
  2. හුට්ටාරේ හෂී නගා...මේන් අනිත් යාව ජීව සාමාජිකාව...
    අදනං දෙයි වගේ ධරුමාසනෙත් එක්ක සසල වෙන්ට...

    ReplyDelete
  3. ඔන්න ඔහේ එහෙනම් අදත් භාගෙට සාධු කාරයක් දීලා ෆුල් එක කතාව ඉවර වුනාම දෙන්නම්....

    ReplyDelete
  4. අලේ බව්වෙක් වුනා ද පොර? පයින් පාරවල් 2 වැදෙනකොට ඌට තේරෙයි වෙච්ච සන්තෑසිය. මොකද අනේ මෙහෙම බණක් මම ඇහුවමයි... එක පාරින් කියලා ඉවර කරන්න බැරිද? හප්පේ මහණ කමේ එහෙම හිටියා නම් අපිට බණ එක පාරට 3-4 පාරක් අහන්න ගෙන්නන්න වෙනව. ඇයි දෙයියනේ මතු සම්බන්ධයි කීයක් ද?

    ReplyDelete
  5. මාරෙ අයියා මෙගා බණක් දෙන්න වගේ හදන්නෙ. දැන් මේක අපේ ටීවී චැනල් කාරයොත් පුරුද්දකට තියා ගනී විද දන්නැ.

    ReplyDelete
  6. පූෂා..අඩේ බාග බාග බෑ අරී...
    එතකොට අනිත් එකටත් බාගද..?

    ReplyDelete
  7. ඔයා බාගෙටනම් කියන්නේ අපිත් බාගෙට තමයි :D

    ReplyDelete
  8. අ‍ඩෙ සංජුවෝ..දැන් මෙහෙම ටික ටික දැම්මට ඒ දවෂ්වල මාත් පැය තුනේ බණ කිසි ගාණක් නැතිව කිව්ව උන්නැහේ කෙනෙක් තමා ඕං..

    ReplyDelete
  9. Ranga...

    මෙගා කියන්නේ අපේ ජාතියේ හද ගැහෙනා රිද්මය නෙව..
    ඉතිං අපිත් චුට්ටක් ෂංවේදී උනා..ජනතා හඬට කන් දෙන්ට එපැයි..

    ReplyDelete
  10. පූසා...

    අඩේ උඹ කියන්නේ මට මෙතන මාගලක් ලියන්ට කියලද..?
    පොඩ්ඩක් හිතහංකෝ කොළුවෝ..ආ නෑ නෑ පූෂෝ...

    ReplyDelete
  11. ඊළඟ කොටසත් ලිව්වාම..............

    ReplyDelete
  12. පැය 3 බණ... ඒ කොහෙද? සාමාන්‍යයෙන් බණ කියන්නෙ පැයක් එකහමාරක් නේ. ඒ ටිකටත් කකුළ කී පාරක් හිරි වැටෙනවද ආයුබොවන්ඩ???

    ReplyDelete
  13. @ළමයා...
    හරි හරි මලයා...

    @සංජු...
    මට ඒ දවස්වල පැයක් බණ කියන එක තමයි අමාරුම වැඩේ...මුළින්ම බණට යනකොට පැයක් කියන්නේ කොහොමද කියලයි හිතෙන්නේ..ඒත් අන්තිමට ට්‍රැක් එකට වැටුනට පස්සේ කල්පනා කරන්නේ පැයෙන් නවත්තන්නේ කොහොමද කියලයි..
    හැබැයි අපරාදේ කියන්න බැහැ ඒ දවස්වලනං මං නිදාගෙන කියවගෙන ගියත් ඉඳලා හිටලා ඇහැ ඇරලා බලද්දී අහන උදවියනං කවදාවත් නිදා වැටෙනවා දැකලා නැහැ..

    සමහර විට ඉතිං සංජුවා වගේ නිදිමත දායිකාවෝ ඒ පළාතේ නැති හින්දා වෙන්ට ඇති..හික් හික්...

    මං පැය දෙක තුනේ බණ අනන්තවත් කියලා තියෙනවා...බණකට ගියහම අවස්ථාවේ හැටියටයි දායකයාගේ උවමනාවයි ලෑස්තිනං මං එළිවෙනකල් හරි කියන්න ලෑස්තියි..සමහර නොකර බැරි කමට බණ කියවන උදවියගේ බණ ගෙවල් වලට එහෙම දිගට නොකිව්වට ඇත්තටම බණට මූලිකත්වය දෙන සෑබෑ උපාසකලා තාමත් ඉන්නවා..ඒ අයට බණ දිග වැඩි වෙන එක ගැටළුවක් නෙවෙයි..උවමනා කරන්නේ ඒ වාඩි වො ඉන්න කාලයට වටිනාකම්ක් දීම විතරයි...

    ඒ කාලේ එක පළාතක් තිබුණා මට අයිති කොටසක් නෙවෙයි ඒත් දිග බණක් ඕන උනහම ඒ ගමේ පන්සල හරහා කොහොම හරි මාවම අල්ලන් යන..මං ඉතිං යන්නේ දීඝ නිකායෙන් බණ කියන්ට යනවා කියලා පන්සලේ ඉන්න පොඩි ගොල්ලට කියාගෙනම තමයි..

    ReplyDelete
  14. හප්පා අද නම් බණ කතාව හොඳටම කෙටියි නොවැ මාර මහතාණෙනි. හා හා කමක්නැ හෙමීට කියමුකෝ.......
    බණ දෙසලා මහංසි නම් දෙන්ට පුලුවන් හප හප ඉන්ට කැරට් අලයක්. මොකද කියන්නේ ඔබතුමා.... හික්ස්....:D :D

    ඔබතුමාට කියන්න මොන්ටිසෝරියක් බලාගන්නවා මීට දාහෙන් සම්පතයි. පොඩි එවුවෝ එක පාරක් කිව්වම නිකමට හරි අහනවා ඒකට මෙව්වෝ..... බණ නවත්තපු ගමන් කයිය රටේ නැතිවා ගැන.ඊටත් බණ අස්සේ පව් කතා නොවැ වැඩි. :@

    ReplyDelete
  15. හොද වෙලාවට ඒ ගෙදර හාවෙක් ඇති කරේ නැත්තෙ.. නැත්තං අර බුවා හා පැටියෙක් වෙලා නොවැ ඉපදෙන්නෙ.. සංසාරේ සංසාරේ..

    ReplyDelete
  16. හිතන් ඇති අපි රංඩුවට එයි කියලා....... :P

    ReplyDelete
  17. අපොයි අපි දන්නවා මේ දවස්වල හා පැටික්කි මහෝපාසිකාව අර්ථයෙන් ධර්මයෙන් වැඩ බව.. අනික මම මේ කිවුවෙත් වෙන හාවෙක් ගැන..

    ReplyDelete
  18. උඹ උන්නැහේ කියන යහපත් ආදර්ශ හිත් කුහරෙට ඔබාගන්නව, තඩි ගහ යට ඉදන් හීනියට අනුමෝදන් උනාට.

    ReplyDelete
  19. /*
    බේකරියක පාන් මෝලිය අල්ලන්ට..බස් එකක කොන්දොස්තර කොමක් කොරන්ට...මේසන් වැඩ පොලක වැඩ කොරන්ට..වඩු මඩුවක වැඩ කරන්ට..ගරාජ් එකක මජං නාගෙන වැඩ කොරන්ට..හෝටලේක කුස්සියට හේත්තු වෙන්ට උනත් මං මනාපයි..
    */

    ඇයි මේවා?
    1. දහම් පාසලක උගන්වන්න
    2. දාගැබක් හදන්න
    3. පාංශුකූලයක් දෙන්න
    4. කේන්දරයක් බලන්න (මගේ එක බැලුවෙ නෑ තරගෙන් දිනලත්!)
    5. පැරිෂූට් එකකින් පනින්න (පුළුවන් ද බැරිද?)

    ReplyDelete
  20. මම කාලෙක ඉදලා මාරයාගේ බණ කතා ඉගෙන ගන්නවා කියලා දන්නවා නේ,අදත් යම් දෙයක් ඉගෙන ගත්තා....මේ දායිකාවෝ මේ සැරේ වැඩක්ම නෑ මාරි බිස්කට් එකක් වත් දුන්නේ නෑ

    ReplyDelete
  21. @හා පැටික්කී...
    හුගාක් දේසනා කොරන්ට ගියහම ඔළුවලට දාගන්නවා අඩුයි නෙව නංගියේ ඒ හින්දා අපි ටික ටික යං..
    කැරට්..හනේ...ඔන්න රෝස් පාං කාලකුයි රතුලූනු ගෙඩි දෙහෙකුයිවත් තිබ්බනං පංකාදුයි..
    ඔය උපාසකලා හදන්ට බැරිම හින්දා නෙවෙන්නං නගාටම බාර දුන්නේ මං...

    @Buratheno...
    හෙහ් හෙහ් අදනං කොතනින් නවතීද දන්නේ නැහැ...

    @හා පැටික්කී...
    හපෝයි..කුණාටුවක් අත ලග..

    @Buratheno...
    ඒකනේ..ඒකනේ..ඕනමනං අර ඉන්නේ අර බනී කොළුවා..

    @Heeniyata...
    හා හා සද්ද කොරන්ට එපා..අර පේන්නැද්ද කන් දෙක කරකව කරකව ඉන්න උපාසක අම්මාගේ හැටි...

    @Kathandara...
    1.ස්වේච්ඡා සේවයක් හැටියට මිස බඩගෝස්තරේට අනුකූල නැත..
    2.විශාල පිංකමක් මිස එයත් දිවි රැක්මට මගක් නෙවේ..
    3.හපොයි..
    4.ඒක මං දැන්ම නෙවෙයි ඉස්සරට ස්ථීර වශයෙන්ම කරන්න හිතං ඉන්න දේ..ඒ කියන්නේ ඔක්කෝම කරලා හති වැටුනට පස්සේ..ස්ථිරව හා තැන්පත්ව..( ඒ වෙලාවේ වෙන කෙනෙක් ඉස්සර උනා නෙව..ඒත් කොයි වෙලේ හරි ඕකත් බැලෙයි වාගේ..)
    5.කරලා නැහැ..ඒකත් රස්සාවක් හැටියටනං හරියන එකක් නෙවේනේ..(හම්බුනොත් කරනවා )
    මම පොදුවේ මෙතනදී කිව්වේ බඩගෝස්තරේ සපයා ගන්ට මං කරන්න සූදානං දේවල් නෙව...

    ReplyDelete
  22. @ItalyDilan...
    මං දන්නවා මලයා මනාපයි කියලා මේවට..
    කොහේද අප්පා බණ අහන්ට මිසක අනිත් සාත්තු සප්පායං ගැන වගේ වගක් නැහැ මේ උපාසක උන්නැහේලට..එකෙක්නං අර එළියේ ගහක් යට තනියම අනුමත වෙනවා පේනවා...

    ReplyDelete
  23. මාරතුමෝ තව ටිකක් බලලා හීනියට ඇදලා එලියට දාන්න තමා වෙන්නේ....... හික්ස්.......:P

    ReplyDelete
  24. @හා පැටික්කී...
    හා හා හීනියට වගේ නං කමක් නැහැ..හිකිස්...

    ReplyDelete
  25. හප්පා ...අපි හිතන පතන දේවල් ගැන ආයිත් පාරක් හිතල බලන්න ඕන...

    ReplyDelete
  26. දැන් තුන්සක රථ බලපත්‍රයෙන් හෑල්ලු රථ පදවන්නත් පුළුවන්ද???ඒ වගේම මොටෝ බයිසිකලුත්....!!

    ReplyDelete
  27. හීනියට කුමන්ත්‍රණයක් යනව....අනේ මන්ද අහල දැනගන්නත් මොකක්ද වගේ...වචනත් පැටලැවෙනව නොවැ.

    හැබැයි බඩු ටික නම් මසුරO ඕO.....

    ReplyDelete
  28. ඔන්න මං දැන් තමයි කියවලා අහවර කලේ මේ බණ කතාවේ කොටස් දෙකම ....

    ඉක්මනට ඊලඟ කොටසත් දාමූ නේද .....

    ReplyDelete
  29. @කුරුමිනියා...
    නැතුව නැතුව...අනිවාර්යයෙන්ම..

    @dinesh...
    නැහැ නැහැ..දැන් ඒවටත් හරියන්න ගත්තා නෙව..

    @Heeniyata...
    හීනියට වගේ මාරු නොවුනොත්නං මසුරං හැලෙන්න හම්බු වෙයි වගේ...

    @වැප්...
    දානවා මල්ලි ඉක්මනටම..කොහේද උඹලගේ බණ බස් තියෙන එකක්යෑ..එහෙම උනානං මෙව්වා මෙලහට කියවෙලා....

    ReplyDelete
  30. මේ පෝස්ට් එක ඔටාරා නෝනා දැක්කා නම්, මාරයා උන්නැහැව පත් කොර ගන්නවා එයැයිගෙ කැම්පේන් එකේ මීඩියා ඇඩ්වයිසර් විදියට!!

    සතුන්ට කරුණාව දැක්වීම ගැන දැනෙන විදියට ලිව්වාට ස්තුතියි!

    ReplyDelete