20 February 2011

හෙට හවසට...කොල්ලා රජ වෙයිද..?


ඔන්න ඉතිං ආයෙමත් ලියන්න කියලා පටන් ගත්තා...
අද ලියන්න ගත්තට ලියන්න කිසිම දෙයක් තාම ඔළුවට ඇවිත් නැහැ..අද බණ කතාව ලියන්නත් කම්මැලියි වගේ...ඒ හින්දා ඒක පස්සේ ලියනවා..

අද ඉරිදා..හැමෝටම වගේ නිවාඩු දවසක්..ඒත් ඉතිං අපි වගේ උදවියට එහෙම නිවාඩු නැහැනේ..ඒ හින්දා මං අද වැඩ...
ඒත් ඉතිං ඉරිදා වැඩවල කිසි අවුලක් නැහැ..ඇවිත් පාඩුවේ ඉන්න තමයි තියෙන්නේ...
පුංචි වැඩක් කරන්න හිතං ඉන්නවා..ලෑලි කෑලි ටිකක් කපලා පොඩි මේස ලෑල්ලක් වගේ එකක් හදන්න.
මේක ලියලා ඉවරවෙලා තමයි ඒක කරන්න වෙන්නේ...උදේ පාන්දර ලී කුඩු නාගන්න කම්මැලියි වගේ..

අද ඉතිං ඒ වැඩෙත් කරලා බයිසිකලෙත් ටිකක් හෝදලා දාලා රෙදි ටිකත් හෝදලා නාලා කරලා ඉන්න තමයි තියෙන්නේ..පොඩ්ඩ්ක් හෝව්..තේ කොල ටිකක් උණුවතුරට දාලා ආවේ තැම්බෙන්න..දැන් හරි ඇති..
............................................
හරි..ප්ලේන්ටියකින් ලැබෙන කික් එක අනන්තයි අප්‍රමාණයි...ඉග්‍රරු කෑල්ලකුත් තිබ්බනං පංකාදු පහයි...

ආ මට පොඩි ආසාවක් ආවා අද උදේ...වෙන මොකටවත් නෙවෙයි සුරුට්ටුවක් බොන්න...

අර සිරීපාදේ යන වෙලාවට බොන ජාතියේ වගේ එකක්...සිගරට් වලටනං මම ඒ හැටි කැමැත්තක් නැහැ...ඒත් බීලා තියෙනවා කීප වතාවක්...ඒ ඉතිං ඔය ඒ දවස්වල සංගීතයක් බලන්න එහෙම ගිය වෙලාවක තමයි..ඒ ඇරුනාමනං සිගරට්වලට මගේ මනාපයක් නැහැ...
පුංචිම කාලේනං බීඩිත් බීලා තියෙනවා හොරෙන්..අපේ ගෙදර කඩේ ඉතිං ඕවා තියෙනවනේ..මායි මල්ලියි එක පාරක් බීඩි දෙකක් අරං බිව්වා..මල සංසාරේ..කහිනවා ඇර ඒකේ ඇති මෙලෝ දෙයක් නැහැ...
ඊට පස්සේ කාලෙකත් එක දවසක් මේසන් වැඩකට අත් උදව් දීදී ඉන්න තැනකදී බිව්වා..කසඩ රහ ඇරුනාම ඒකේ ඇති දෙයක් නැහැ.

සුරුට්ටු සුවඳටනං මං පොඩි කාලේ ඉඳලාම බොහෝම කැමතියි...
සුරුට්ටු සුවඳට..පෙට්රල්වලින් තිනර් වලින් එන සුවඳටත් මගේ නැහැය බොහෝම ප්‍රිය කරනවා...
ඒත් සුරුට්ටු කොටයක් මුලින්ම බිව්ව දවසෙනං ඒ සුවඳ තරං සුරුට්ටුවේ රහක් නැති විත්තිය මට තේරුනා..
ඒ බිව්වෙත් මේසන් බාස් අපේ තාත්තත් එක්ක කයියක් ගහං ඉන්න කොට බිබී හිටිය සුරුට්ටුව බිත්ති කණ්ඩියක් උඩිං තියපු වෙලාවක පොඩ්ඩක් බාසුන්නැහේ එහෙ මෙහෙ වෙනකල් ඉඳලා...
පොඩි කාලෙනේ..දන්නැද්ද ඒ දවස්වල තියෙන ආසාවල්...

ඒත් ඒකත් ඒ හැටිම අල්ලලා ගියේ නැහැ...

අන්තිමට හිතේ හැටියට සුරුට්ටුවක් හා හා පුරා කියලා බොන්න හම්බ උනේ දවසක් සිරී පාදේ ගිය වෙලාවක තමයි...ඒ දවස්වලනං ඒවා විකුණුවේ අගල් අටයි මළුවට එකයි කිය කියාද කොහේද..?

හැබැයි ඒ සුරුට්ටුව බොන එකත් ඒ හැටි ලේසි නැහැ..නිතරම නිවෙන්න බලනවා..හුගාක් දිග හින්දා කොච්චර ඇද්දත් දුම එනවා මදි...ඒ හින්දා ඒ සුරුට්ටුව දෙකට කඩලා බොන එක තමයි හොඳම විදිය..ඒත් මුලින්ම අපිට ඕක කල්පනාවට ආවේ නැහැ...අයියලා වගේ පන්දම පිටින් දිගට දිගේ අදින්න හදනවා මිසක්...හකු දෙක ඇදුං කනවා ඒක අදින්න ගෙහුං...

හැබැයි මොනවා උනත් ඒ සුරුට්ටුව නරක නැහැ...ඒත් ඉතිං ආයේමත් ගෙදර ආවට පස්සේ ඕවා අදින්න යන්නේ නැහැනේ...

අද උදේම හම්බ උන පිංතූරයක් දැකලා තමයි මට මේ ආසාව ආවේ...
මං අහලා තියෙන්නේ නං හොඳම සුරුට්ටු හදන්නේ කියුබාවේ කියලයි... හවානා කියලා ජාතියක් ගැන අහලා තිබ්බට කවදාවත් දකින්නවත් බොන්නවත් අඩුම ගානේ ඒ සුරුට්ටුවේ සුවඳ කොහොමද කියලවත් අත් විඳින්න හම්බ වෙලා නැහැ...
ලංකාවේ ඉතිං තියෙන්නේ කළු සුරුට්ටු..පෙට්ටි සුරුට්ටු..එහෙමත් නැත්තං වැනිලා සුරුට්ටු එහෙමනේ...

ඇත්තටම සුරුට්ටුවක් බොන්න කලින් සුරුට්ටුවල විස්තර ටිකක් හොයා ගන්න තිබුණනං ටොප්..ඒත් ඉතිං කවුද ඉන්නේ ඔය ගැන අහ ගන්න..ඔන්න අපේ අරුණි අක්කාට සිතක් පහල උනොත් සුරුට්ටු ගැන ලියන්න..ආන්න එ‍තකොටනං සුරුට්ටු ගැන අලගිය තැන් මුලගිය තැන් ඇතුව අහගන්න තිබුණා..

එහෙමත් නැත්තං අපේ වැම්පා මලයට සුරුට්ටු ආස්සරේ කොරන්න ලැබිලා තිබුනනං ඒ ගැන ...ඒ කිව්වේ සුරුට්ටු පාවිච්චි කරන නියම ක්‍රමය ගැන එහෙම දැන ගන්න තිබ්බා...

සුරුට්ටු ගැන කිව්වම මතකෙට එන තව දෙයක් තමයි අර සුරුට්ටුවල කෙලවර කපන්න භාවිතා කරන පුංචි කටර් එක..ආන්න ඒකනං මං දැකලා තියෙනවා බයිස්කෝප් වල..හැබැයි ඒ සුරුට්ටු කපන්න නෙවෙයි කාගේ හරි ඇගිල්ලක් කපන්න තමයි ඒක වැඩි හරියක් පාවිච්චි වෙන්නේ...
අර අපේ ටොම් කෲස් මලයා හිටිය මිෂන් ඉම්පොසිබ්ල් චිත්තර පටියේ එහෙමත් ඔය ඇගිළි කේස් එකක් ගියා මට මතකයි...

ඔය සුරුට්ටුව කපන උපකරණය ගැන මට මුළින්ම කියවන්න ලැබුනේ ෂර්ලොක් හොල්ම්ස් ගේ අභිරහස් පරීක්ෂණ පොතකින් කියලා තමයි මතකයේ තියෙන්නේ...

ඔය හැම එකක්ම මේ පින්තූරේ දැකපු වෙලාවේ මගේ හිතේ ඇඳිලා ගියා නිකං හීනෙකින් වගේ...
දැන් ඉතිං මට තියෙන ආසාව තමයි ආන්න ඒවගේ හොඳ වර්ගයේ සුරුට්ටුවක් අරගෙන ටිකක් ඇගිළි වලින් සුරුට්ටුව තද කරලා අර වගේ කටර් එකකින් අග්ගිස්ස සියුම්ව කපලා...ඒක පත්තු කරගෙන..හවස් වරුවක ඉර බැහැගෙන යන වෙලාවක ගේ ඉස්සරහ වෙල් යාය දිහා බලාගෙන ඇලට් එකක් දාගෙන නිවී හැනහිල්ලේ සුරුට්ටුව බොන එක...

මේක නිකං පිස්සු අදහසක් උනත් මං දන්නවා ඒකෙන් මට හිතේ සැහැල්ලුවෙන් මොහොතක් හරි ගත කලෑකි කියලා...

දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඕකට අවශ්‍ය කලමනා හොයාගන්න එකයි...

අර පින්තූරවල තියෙනවා වගේ සුරුට්ටු මෙහේ හොයන්න වෙන එකක් නැහැ..ඒත් ටිකක් ඇවිද්දොත් ටිකක් විතර අවුලක් නැතිව බොන්න පුළුවන් මොනවා හරි සුරුට්ටුවක් හොයා ගන්න බැරිවෙන එකක් නැහැ.

කටර් එක වෙනුවට හොඳ දැලි පිහි පාරක් දෙනවා...අනිත් ටිකනං ඉතිං බැරියෑ..

හ්ම්..හෙට සඳුදා...උදේම බැංකු යන්න තියෙනවා මේ ටිකේම පඩිය අතට ගත්ත උනාට බැංකු වහලා හින්දා ඉලංදාරියට දෙන්න තියෙන සප් එක දීගන්න උනේ නැහැ...
ඒ වැඩෙත් කරගෙන සුරුට්ටුවකුත් හොයාගෙන..ආ තව වැඩක් තියේ කීයකට හරි පරණ මොනිටර් කෑල්ලක් හොයං එන්න ඕන..
මගේ කොම්බෝ බොක්ස් එක මාට්ටු කරගෙන වර්ල්ඩ් කප් එක බලන්න...
මගේ තිබුණු ඔක්කෝම කොම්පියුටර් ගැජමැටික්ස් ටික සුදු නංගිට දීලා දැම්මට පස්සේ මට ටීවී බලන්නත් නැහැ දැන් මාස ගාණකින්..ඇත්තටම ටීවී එකක් නැති එකනං පුදුම සහනයක් ජීවිතේකට..මං දැන් කාලෙකින් ටීවී බලලා නැහැ..ඒ උනාට එහෙම නැහැයි කියලා කිසි අවුලකුත් නැහැ...
ඒත් වර්ල්ඩ් කප් මැච් ටික බලන්න හිතේ තියෙනවානේ...හැමදාම නැතත් දවසක් ඇර දවසක් ගෙදර ඉන්න ටිකේවත්...
ලැප් එකේ කොම්බෝ බොක්ස් එක සම්බන්ධ කරන්න පුළුවන් විදියේ ස්ලොට් එකක් තිබුනට..මෙකෙන් ටීවී බලන්න බැහැ..මාර කරුමයක් තමයි..නැත්තං දෙයියනේ කියලා මට වැඩට ඇවිල්ලත් මැච් බලන්න තිබුණා...

මං කැමති නැහැ බඩු මුට්ටු වැඩි කරගන්න..තව මොනිටරයක් කියන්නේ මගේ සංචාරක ජීවිතේට අනවශ්‍ය බරක්..කොයි වෙලේ හරි බෝඩිම මාරු කරන්න ඕන කියලා හිතුන වෙලාවට තමයි බඩු වැඩි වීමේ කරදරය තේරෙන්නේ...

ඒත් දැන්නං වෙන විසඳුමක් නැහැ...අපේ ලැප්ටොප් විශාරද ප්‍රියන්ත උන්නැහේත් කිව්වේ ලැප් එකට කොම්බෝ බොක්ස් එක ගහලා ටීවී බලන්න බැහැයි කියලා නෙව...ඒ හින්දා දැන් හිත හදාගෙන මොනිටර් කෑල්ලක් උස්සං එන්න වෙනවා...

ඉතිං හෙට දිහාවේ ඔය ඔක්කෝම කර ගත්තනං හොඳයි...

ෂෙහ්..දැන්නේ මතක් උනේ..මට ඉර බහිනවා බලාගෙන විතරක් නෙවෙයි කොහොම හරි කොම්බො බොක්ස් එකට මොනිටරයත් පටල ගත්තානං සුරුට්ටුවකුත් ඇද ඇද මැච් එකක් බලන්නත් තිබ්බා...මීට වඩා තවත් මොනවද.. මං හිතන්නේ බැරක් ඔබාමා ගොයියටවත් මට තරං ආතල් එකේ ඉන්න ලැබෙන්නේ නැතිව ඇති...

හරි මොන විදියෙන් හරි හෙට දෙන්නං ජම්බු...

34 comments:

  1. තමන්ට කැමති දෙයක් කරල, සතුටින් ජීවිතය විඳින්න පුලුවන්නම් ඒක තමයි ආතල් එක.
    ආතල් කෝටියයි!

    ReplyDelete
  2. හැබෑට අයියගේ කතාව කියෙව්වාම මටත් ඔය වගේ ආතල් එකේ ඉන්න තිබුණානම් කියලා හිතුනා....
    සිරාවට ඔය ආතල් කොහෙද ඔබාමට

    මේ දවස් වල ඔය මත්ද්‍රව්‍ය වලට වලි දාගන්නවා නේද බ්ලොග් වල. පරිස්සමෙන් අයියේ.. පස්සේ එක එකා කියයි බ්ලොග් වල උන්ට උඹ සුරුට්ටු බොන්න පුරුදු කළා කියලා ;)

    ReplyDelete
  3. මමත් සුරුට්ටු බීලා තියෙනවා... අර දුඹුරු පාට පෙට්ටියේ එන වැනිලා සුරුට්ටු. අපේ අත්තා ඉස්සර දවසකට සුරුට්ටුපැකට් එකක් ඉවර කරනවනෙ. එය ගාව ඉදලා මටත් ඉතින් නිකම්ම වැනිලා සුරුට්ටු 7-8ක් ම පෙවෙනවා. මට ඕක ගානක් ගියෙ ටිකක් ලොකු උනාම. උදේට අත්තාගේ කාමරේට යන්න බෑ නිකන් මීදුම වගෙ කාමරේ අස්සේ. එයාගේ සහෝදර පරම්පරාවම වැනිලා සුරුට්ටු කප්පිත්තෝ. වැඩේ නැවතුනේ අපේ අත්තා පෙණහළු පිළිකාවකින් මිය ගිය දවසේ. අපේ අත්තා නම් මැරෙනකල් ම දැනගෙන හිටියේ නෑ එයාට පිළිකාවක් කියලා. ඒත් අනික් කට්ටිය ට රැස්වීමක් තියලම අපි බය කලා. කට්ටියගේ සුරුට්ටු මේනියාව සතියෙන් කම්මුතුයි. දැ

    ReplyDelete
  4. @තාරක...
    කැමති දෙයක් තමන්ගේ පාඩුවේ...
    අනුන්ට හිරිහැරයක් නොවී..ආතල් කෝටියයි..

    @පූසා..
    අම්මෝ මල්ලියේ ඔන්න උඹ මාව අමාරුවේ දාන්න හදන්නේ..අන්තිමට සාක්කිත් තියෙනවා..ඔන්න මාරයාගේ බ්ලොග් එක බලලා පූසා නරක් උනා කියලා..

    අනේ බං උඹලට මෙවා පෙනුනට සද්ගුණවත් සුචරිතවාදී දැහැමි අය මේවා බලන්නේ නැහැ..ඒ හින්දා අවුලක් නැහැ..පුංචි ළමයින්ට මෙවා පේන්නැති වෙන්න කොටු කොටු දැලැ තියෙන්නේ..උඹ ෂුවර් එකටම පුංචි එකෙක් නෙවෙයි ඒකයි උඹට කොටු පෙනිලා නැත්තේ..;D

    ReplyDelete
  5. @සංජු...

    අන්න නියම කොමෙන්ටුවක්...දැන් ඉතිං ඔන්න මේ පෝස්ට් එක සම්පූර්ණයි..ආයේ කාටවත් මුකුත්ම කියන්න බැහැ..රජයේ අවවාදය සංජුවා ගානේ දාලා තියෙනවා..
    ඔන්න මේක බලන පුංචි දරුවෝ මතක තියා ගන්න සුරුට්ටු බිව්වම පිළිකා හැසෙනවා..ඒකෙන්ම මැරෙනවා...හරිනේ...තැන්කූ සංජුවෝ...

    ReplyDelete
  6. මම නම් සුරුට්‍ටු බීල නෑ.....
    සිගරට් නම් 4-5ක් බීල තියෙනව,
    අන්තිම සිගරට් එක බීපු දවසෙ (අවුරුදු 12කට කලින්),
    අමතක නොවෙන පරිප්පුවක් කෑව,
    එදායින් පස්සෙ ඒකට තිත තිබ්බ....
    කවද හරි බ්ලොග් එකේ ලියන්න හිතුන දවසක ඒ කතාවත් ලියවෙයි.........

    ReplyDelete
  7. මේ ලිපියට නම් මම එච්චර කැමති නැහැ.මත්ද්‍රව්‍යක් ගැනීම සුවයක් සහණයක් කියල බ්ලොග් ලිවීම හරිම නරකයි.මම දන්නවා මාරයා මෙහෙම කිව්වට මගෙත් එක්ක අමනාප නැහැ කියලා.මූනිච්චාවට බොරු කියනවට වඩා ඇත්ත කතා කරනවට මාරයා කැමතියි.
    ආ ඒක නෙවෙයි මාරයෝ... මට ඔයාගෙ ටෙලිෆෝන් නම්බරේ මේල් කරන්නකෝ..

    ReplyDelete
  8. අනේ අයියන්ඩි ඔය ඔය සුරුට්ටු කතා කියන්න එපා බන්.අපේ ඉන්න අමදයප ඇත්තියන් අපිව මරන් කන්න හදනවා නොවෑ.දුටවාද අවාටය මරන් කන්න හදපු හෑටි.අනේ මන්දා බන්,උබේ අදහසනම් පන්කාදුයි,මට නිකන් මෑවිලා පේනවා.මට්නම් එකම එක අවස්තවක හවාන එකක් බොන්න ලෑබුනා.දෑන් හෑබයි එක එක ෆ්ලෙවස් වලිනුත් තියනවා මම දෑක්කා,හබෑයි පට්ට ගනන්.එක ගහද්දි 1000 කොල මිටියක් එකට තියලා පුච්චනෝ වගේ හෑගිමක් තමයි මටනම් එන්නේ..සුරුට්ටුවකට ඔච්චට වියදම් කරන එක අපරදේ කියලත් මට වෙලාවකට හිතෙනවා.....

    ReplyDelete
  9. සිරිපාදේ නම් අදටත් ඔය කියන සුරුට්ටුව තියේ, 'අඟල් අටයි මලුවට එකයි' කියලා විකුණන.
    මං නම් සුරුට්ටු ගැන දන්නේ නෑ ඒත් ඔය කියුබන් සුරුට්ටු සහ වැනිලා සුරුට්ටු කියන දෙකම දැකලා තියේ.
    :D

    ReplyDelete
  10. හලේ අයියා... ඔව්ව ‍සරීර සවුක්කියට හොදද මන්දා... මැච් බැලුවටනං කාරි නැහැ...

    ReplyDelete
  11. ඉකේයියා....සුරුට්ටු බොන්න හොද නෑ....දත් පනුවෝ කනවා...
    මම බත් කාලා ඉන්නේ .....

    ReplyDelete
  12. මාරයියේ මම නම් දැකලා තියනවා නානාප්‍රකාර සුරුට්‍ටු,බීඩි වර්ග අනික මෙහෙ හැම පාරකම දුම්වැටි මිලදී ගන්න පුලුවන් පෙට්ටි තියනවා ඒකට සල්ලි දාලා තමා ඒව මිලදී ගන්නේ,මේ පෙට්ටි ඇතුලේ තියනවා ලෝකේ තියන දුම් වැටි වර්ග විශාල ප්‍රමානයක්.මම වැඩකරපු අවන්හලකදී මේ හවානා සුරුට්‍ටු දැක්කා.ඒකත් මරු භාන්ඩේ

    ReplyDelete
  13. මටත් ඔය කියනව වගේ හොඳ සුරුට්ටුවක් අදින්න ආසවක් ආව..මට මුලදි තිබ්බෙ පයිපයක් ඇදල බලන්න..පයිප්ප නම් mc එකෙ තිබ්බ..සමහර විට හොඳ සුරුට්ටුවකුයි කටර් එකකුයි ගන්නත් බැරි වෙන එකක් නැ..
    පිදෙල් ක්‍රැස්ත්‍රො ලොක්කට දාන්න ඕනි ඊමෙල් එකක් මාත් ඉන්නෙ ජෙ ආර් හිටපු රටෙ අනේ මටත් හොඳ ඒවායින් ගින්දර සූට්ටු පෙට්ටියක් එවන්න කියල..
    ආ තව අර බීඩි එන ලැලි පෙට්ටියෙන් මාරයිය ල සෙල්ලම් කරත්ත හැදුවෙ නැද්ද ඉස්සර..

    ReplyDelete
  14. @sameera wijayawardane...

    අම්මේ බං ඕවා ලියනකොට හරි සීරුමාරුවට කොරන්න ඕන.. නැත්තං හෙන දෝස් මුරේ...

    @JHOTHISHALANKA...
    අනේ මං තරහා වෙන්නෑ ආයිබෝං වැරදි දේට වැරදියි කිව්වට..
    මාත් දන්නවා වැරදියි කියලා..
    ඒත් ඉතිං වැරදි කියලා දැන දැනම අපි කරන දාහකුත් එකක් වැරදි අතරේ මෙවත් වැරදිද..?
    මං මේක සාධාරණීයකරණය කරන්ට හදන්නේ නැහැ කොහොමවත්ම..ඒත් ඉතිං හිතට එනදේ ඒ විදියටම කියන්ට මං බොහෝම මනාපයි...
    ඊ ළග දේ තමයි ඉතිං මම මේ බ්ලොග් එකේ ලියන ඒවා අනිත් අය කරනවනං මං කැමතියි..එහෙමනං එයාලට මෙයිට කළින් අර කියලා තියෙන බණ එහෙම පිළිපැදලා ඉන්න බැරියෑ..මොන..ඔය එකක්වත් ලේසියට කෙරෙන දේවල් නෙවෙයි..

    @අසoක...
    උඹට වෙච්ච දේ මං දැක්කා...
    එහෙම ලියන්න ඒ අයට පුළුවන් වගේම මෙහෙම ලියන්න අපිටත් පුළුවන්නේ මලයා...අනික ඉතිං ඔය කොයි දේත් සමාජයක තියෙනවා...
    අපි මෙවා ලියන්නේ අනේ අනිත් උනුත් නරක් වෙයං කියලා හිත හිත නෙවෙයිනේ...
    ඒ අයත් එහෙම ලියන්නේ අනේ අනිත් උං ඔක්කෝම හැදියං කියලා හිතාගෙනද කියන්නනං මං දන්නේ නැහැ..

    @Ansh Lucky Sri Jay...
    දැක්කට වැඩක් නැහැ බිව්වේ නැහැනේ..?

    @සුදු හංසි...
    අනේ නංගියේ ආසාවට බීලා බලනවා මිසක් පුච්චන්න සල්ලි මට කොහෙන්ද..?

    ReplyDelete
  15. අයියා ඔයා සුරුට්ටුව බොනවානම් මෙන්න ටෙක්නික් එකක් ..

    දුම හෙමීට ඉහලට ඇදගන්න . එකවරම පිට කරන්න එපා ! හෙමීට හෙමීට හෙමීට .....පිට කරන්න. පුලුවන්නම් ඇස්දෙක වහගෙන

    වාඩි වෙලා සුරුට්ටුව බොනවානම් සුරුට්ටුවේ කාලක් ඉවරවෙද්දී නැගිටින්න . ඇඟට කොහොම බලන්න . ඇඟට නිකං කැර කැවිල්ල වගේනම් එතනින් නවත්තන්න . මොකද වාඩි වෙලා ඔක්ක බොද්දී වදින්නේ නෑ . නැගිට්ටම තමයි ඇරියසුත් එක්ක හම්බවෙන්නේ .
    --------------------------------------
    හොඳයි පරිස්සමෙන් අදින්නකෝ ..මාරේ අයියා ඕක පත්තු කරන පැත්තයි. පත්තුකරලා තියාගන්න තැනයි දන්නවා නේද ? හි ..හි ( දැං ඉතින් බැනහං මට ඉරෙන් පහල විහිලුවකි ඉරෙන් ඉහල සිරාවටම )

    ReplyDelete
  16. බොහොම වයසින් අඩු කාලේ 20-22 විතර කාලේ ගංජ සුරුට්ටුවක් ෂෙයාර් කලා යාළුවො කස්ටියක් එක්ක, අපේ වෙලාවටද කොහෙද එකෙකුටවත් ඔය කියන තරං ආතල් එකක් ආවෙ නැහැ ඒකෙන්.

    කියුබන් සහ අනෙත් සුරුට්ටු ගැන අරුණි ශපිරෝ ගොඩක් දේවල් දන්නව ඇති කියල මං විස්වාස කොරනව, ඒ නිසා අරුනිට අපි ඉන්විටේෂන් එකක් අරිමු මේ ගැන කොමෙන්ට් එකක් නෙමෙය් පුළුවන් නං පොඩි ස්ටඩි එකක් කොරල විස්තර ඇතුව පෝස්ට් එකක් දාන්න කියල.

    ReplyDelete
  17. අරුනිට ඉන්විටේෂන් එක මේ දැන් තැපැල් කලා.

    ReplyDelete
  18. @රත්ගමයා...
    දත් පනුවෝ කන එක හරි අද තමයි බත් කන පනුවෙක් කමෙන්ට් එකක් දාපු පළවෙනි වතාව..හෙහ්..හෙහ්..

    @ItalyDilan...
    ඩිලා හවානා එක දැක්කා විතරද..?පාවිච්චිත් කලාද..?
    කොහෙමද ඔහේ සාමාන්‍යයෙන් හවානාවල මිල ගණන්..?

    @පැන්da...
    අම්මප පැන්ඩ මලේ ක්‍රස්තෝ ලොකු අප්පච්චි තමයා ඕකට අල්ල ගන්න ඕන කෙනා..හිටු අදම ලියනවා..

    @හිස් අහස...
    සඳරුවෝ..උඹ ඔය ගංජ ගහන හැටිනේ මට කියන්නේ..යකෝ මල්ලියේ මම ඒක කොරලා තියෙනවා.. සුරුට්ටු ඔහොම බොන්න ගියොත් මොලේ එළියට පනී...
    සුරුට්ටුවට ඔය තියරිය හරියන්නේ නැහැ...
    කටේ එක කොනකින් හපාගෙන අදින ගමන් අනික් කෙරවලින් කෝච්චිය වගේ දුම් පාරක් එළියට ගහන්නත් ඕන..

    @Observer...
    තැන්කූ අයියණ්ඩිය ඕකට හරියනම කෙනා තමයි අරුණි අක්කා...වැඩේ කෙරුණොත් ගොඩ...

    මුල්ම වතාවට අදිද්දී මටත් මල් වල ගතියක්නං දැනුනේ නැහැ..දෙවෙනි පාර ඊට වඩා ටිකක් හොඳයි..
    ඒත් අන්තිමට මං පුරුදු උනේ කට්ටියට ටී ගෙනාවට පස්සේ අහිංසකලට බෙදලා ඉවර උනාට පස්සේ ගංජා මිටක් අතින් පොඩි කරලා ටී කෑන් එකටම දාලා වහලා ටිකක් වෙලා යන්න ඇරලා අපේ වසවර්ති සෙට් එකත් එක්ක ටී එක ගහලා අරින සිස්ටම් එකට තමයි...
    හවස හතරට ඒ ටී එක ගැහැව්වාම රෑ හතට බත් කල්දේරමට ඇඩෙනවා...(කුරුළු හමුදා ජීවිතේ තමා..)

    ReplyDelete
  19. අපොයි අපොයි මාව කරදරේ දාන්නයි ඔබ්සවර් මහත්තයායි මාරයායි හදන්නෙ.

    සිගරැට් උරලා, දුම්කොළ පයිප්ප උරලා තිබ්බට කොහොමදැයි බලන්න සීයා බීපු බීඩියක් හොරෙන් උරලා නැහැ! හැබැයි මාත් සුරුට්ටු සුවඳට ආසයි. තිනර් සුවඳටත් ආසයි.

    තෙලිජ්ජ බීලා, මත්පැන් බීලා තිබුණට මත්ද්‍රව්‍යයක් කිසි දවසක පාවිච්චි කරලාත් නැහැ.

    ස්ව-පාලනයට දැඩි කැමැත්ත දක්වන මම මගේ මොළය පිටතින් දාන දේකින් පාලනය වෙනවාට සම්පූර්ණයෙන් විරුද්ධයි!!!!! කිසිම දේකට ඇබ්බැහිය අරහං!!!

    බිල් ක්ලින්ටන් ගෙන් තමයි අහන්න ඕනා. කියුබන් ඇතුළු මෙකී නොකී සුරුට්ටු ගැන වැඩියෙන් දන්නෙ එයයි!

    ඔබාමා දැන් සිගරැට් බීම නවත්තලා යයි රාජකීය නිවේදනයක් නිකුත් කළා!! ඔබාමාට නෝ ආතල් මේ දවස්වල කචල් ගොඩ වැඩියි.

    කොහොම වෙතත් මාරයා මල්ලී, ඔතෙන්ටික් කියුබන් සුරුට්ටුවක් එවන්න මල්ලිගෙ ඇඩ්‍රස් එක එව්වා නම් එවන්න බැරි කමකුත් නැහැ. මේ ඔෆර් එක මාරයා මල්ලීට පමණයි!!!!!

    ReplyDelete
  20. @arunishapiro...
    අම්මේ පාණ්ඩුකම්බල සෛලාසනේ අත්තිවාරමත් එක්කම උණු වෙලා...
    මුලින්ම කියන්න ඕන මොනවා නැතත් අර දෙනවා කිව්ව එකනං බාර ගන්නවා බොහෝම සතුටින්..මං ලිපිනය ලැබෙන්න සලස්සන්නංකෝ...
    ඒත් අරුණි අක්කේ තරහා නැතිව ඔය කාරණාව අහක දාන්නේ නැතිව ඒ ගැනත් විස්තරයක් දානවනං ලොකු දෙයක්...
    ඇත්තටම ඒ වගේ දේවල් ගැන දැනගැනීමත් නරකක් වෙන්නේ නැහැ...
    දුම්කොළ ආශ්‍රිතව වෙනම ඉතිහාසයක් ලෝකේ තියෙනවා නෙව...

    ආ මේ තියෙන්නේ මගේ විද්‍යුත් ලිපිනය...පුළුවන්නං මාව සම්බන්ධ කරගන්න..

    ctkumara@gmail.com

    ReplyDelete
  21. හපොයි ....දැන් මටත් හිතෙනවා සුරුට්ටුවක් බීල බලන්න.අර පැන්ඩ කිව්වා වගේ අපි පොඩි කාලේ සුරුට්ටු දාපු ලී පෙට්ටි වලට පරන රබර් සෙරෙප්පු වලින් රෝද කපල කරත්ත හදල ගම වටේම ඇදගෙන යනව.ඉස්සර මටත් මතකයි කඩෙන් හිස් සුරුට්ටු පෙට්ටි අලුත් පිට ගන්න කොට ඒකෙන් එන සුරුට්ටු සුවදට අපි ඒ කාලේ හරි ආසයි.ඉඹලත් බලනවා.

    ReplyDelete
  22. හපොයි ඒ පාර මහ උංදලම නරක් වෙයි වගේ..

    ReplyDelete
  23. නෑ මම හිතා ගත්තා බ්ලොග් අවකාශයට විතරක්(ඇත්තට නෙවෙයි) බේබද්දෙක් මල් කාරයෙක් වගේ ඉන්න.

    ReplyDelete
  24. මම නම් ඕවට නෑ කියල ...හිත හදාගත්ත විතරයි ...(මේ දැනුත් අපේ උන් ඔතෙලෝ වකට සෙට්වෙලා අමාරුවෙන් ගැලවිලා ආවෙ )මට ආපහු උන් ගාවට යන්න හිතෙන්න එපා..

    ReplyDelete
  25. පෝස්ට් එක ලියල තියෙන හැටියට මටත් සුරුට්ටුවක් බොන්න ආසාවක් ආවා. ඇත්තමයි.

    ReplyDelete
  26. සුරුට්ටු හොයන්න‍ ලේසි නෑ

    ReplyDelete
  27. මගේ දෙයියෝ... කාලෙකට පස්සේ වැදගත් දෙයක් ගැන පෝස්ට් එකක් දාලා.

    ReplyDelete
  28. ලැප් ඒෙක් TV බලන්න USB TV CARD ඒකක් ගන්න. SIZE ඒකත් ෙපාඩියි. CRT MONITER ගන්න ඒෙක් ෙත්රැමක් නෑ...

    ReplyDelete
  29. මහ රජ්ජුරුවොන්ටනං ‍ෆිදෙල්ක්‍රැස්තෝ උන්නැහේ නොවරදවාම හවානා සුරුට්‍ටු එවනයැයි කියල මට කවුද ඉස්සර දවසක කිව්ව. ඔය ජනාධිපති ලේකම් කාර්යාලයට ලියමනක් දැම්මනං එකක් ගන්න බැරිවෙන එකක් නැ. :)

    ReplyDelete
  30. අමාරුවෙන් හරි බී ගත්තොත් කාටද ආඩම්බර.....

    ReplyDelete
  31. එදිරි ඕක ගන්න තියෙන්නේ කොහෙන්ද, කීයක් විතර වෙනවද, ඇන්ටෙනා එකකුත් අවශ්‍යද වගේ විස්තර ටිකක් දෙන්න පුලුවන්ද?
    ස්තුතිය්

    ReplyDelete
  32. @ Observer : http://shop.ebay.com.au/?_from=R40&_trksid=m570&_nkw=usb+tv+card&_sacat=See-All-Categories

    ReplyDelete
  33. @ අරුණි
    මං අඳින එව්ව ගැන හිටන් කියලා, මගේ රෙදි ගලවන්න හැදුව. අපිට පලු යන්න බැන්නා. හුහ්, අපේ සුරුට්‍ටු නං හොඳයි, ඈ? දෙන්නෑ බොට , එක සුරුට්‍ටුවක්වත්.
    - ‍ෆිඩෙල් කැස්ත්‍රෝ -

    ReplyDelete
  34. අ‍යියයි‍යෝ යේ පාර මාර තැන ෂුරුට්ටුවක් අල්ල‍ගෙන..... ‍මොකටද ම‍යේ කට කිව්වලු....... යේක උලා ගන්නවා මම බිම...... :@ :@

    ReplyDelete