26 February 2011

දෙව්ලොව මරණ...

හොඳයි ඉතිං අපි දැන් මේ බණ කතාව තව ටිකක් ඉස්සරහට අරං යමු..

ලියන්න ගත්තට එක විදියකට වැඩි වෙලා වාඩි වෙලා ඉන්න බැරි විදිහට මංතුමා ටිකක් අසනීප වෙලා ඉන්න හින්දා සැරින් සැරේට නැගිටලා ටිකක් වටයක් ඇවිදලා ඇවිල්ලා තමයි වංගියෙන් වංගියට මේක ලියන්ට වෙලා තියෙන්නේ..ඒ හින්දා හුගාක් දිගට ලියන්ට වෙන එකකුත් නැහැ අද..ඒත් අපි බලමු කොයි තරං කියාගන්ට ඇහැකි වේවිද කියලා...

...........................................
ඉතිං අපි දැන් දන්නවනේ අපේ අර බළු නාම්බා දෙව්ලෝ ගිය ගමන...
දැන් මේ දෙව් පුත්තරයා බොහෝම සතුටෙන් දෙව්ලියන් පිරිවරාගෙන සැපසේ ඉන්නවා...
හැබැයි ඒ හැටි කාලයක්නං උන්නාන්සේට ඒ සැප විඳිම කොරන්ට වෙන්නේ නැහැ ඕං...

මේ දිව්‍ය ලෝකවල ගිය අයනං දන්නවත් ඇති..ඒත් ඉතිං මතක නැතිව ඇතිනේ..ඒ කිව්වේ මේ දිව්‍යලෝකවල දෙවිවරු මිය පරළව යන්නේ නැහැනේ..වෙන්ට තියෙන්නේ චුත වෙන එක තමයි...

ඉතිං ඒ විදියට චුත වෙන විදි හතරක් තියෙනවා...

එකක් තමා ඔය හුගාක් පිං කරලා දෙව්ලෝ ගිය ඇත්තෝ කල්ප කාලාන්තරයක් ඒ ඒ දෙව්ලෝ වලට වෙලා..සැපයෙන් සනීපෙන් වැඩ වාසය කරලා හිටං අර තමං කොරාපු පින ඉවර නැති උනත් ඒ තමං උපත ලබාපු දෙව්ලෝකෙට අයිති උපරිම ආයුෂය ගෙවී ගියහම සිද්ධ වෙන චුත වීම නැත්තං අපේ වදනෙන්නං මැරෙන එක ..ඒත් ඒ මරණෙයි මේ මරණෙයි පටලවා ගන්ට එපා ඕං..
හැබැයි පින ඉවර නැති හින්දා..නැවත වතාවක් ආයෙම දිව්‍ය ලෝකෙකම උපදිනවා..බොහෝම හර බර විදියට පිංපෙත් කොරාපු ඈයෝ මෙන්න මෙහෙම උපරිම ආයුෂ විදලා චුත වීමට ආයුක්ෂය මරණ කියලා කියනවා..

දෙවෙනි කොරමේ තමා..
මොන විදියකින් හරි පිනක් කොරලා දිව්‍යලෝකේ ගියාට මොකෝ ඒ කොරාපු පින අර උපන් දිව්‍යලෝකේ උපරිම ආයුෂ විඳින්ට තරං බලවත් නැති උනහම සිද්ධ වෙන මරණය..ආන්න කුසලක්ෂය මරණය..හරිනේ..

ඊ ළගට තුන්වැන්න...සිහි කල්පනාව නැති වෙලා සිද්ධ වෙන චුත වීම..ඇත්තටම එතනදී වෙන්නේ කන්ට බොන්ට අමතක වීම තමා..
ඒ කියන්නේ ඉතිං හිතන්ටකෝ මේ හත් අවුරුද්දකින් බත් කටක් කන්ට හම්බ උනේ නැති එකෙකුට බත් කල්දේරමක්ම ලැබුණම වෙන දේ..කාගෙන කාගෙන යනවා මිස වෙන දෙයක් ගැන මතකයක් නැහැ නෙව...
අන්න ඒ වගේ ඉතිං මේ මනුස්ස ලෝකවල වේලී වේලී ඉඳලා දිව්‍ය ලෝකවල ගියාට පස්සේ අර දිව්‍ය අප්සරාවෝ ලැබුනම ඉතින් ආයේ කන්ට බොන්ටවත් කල්පනාවක් නැතිව කම්සැප හොයන්ට යනවානේ...
ආයේ ඉතිං ඇති පදං දිව්‍ය අප්සරාවොත් නැතෑ..
ඕකට හොඳ උදාහරණයක් මං කියන්ටද..?
අර රැලේ යන කාලෙට අපේ ගෙවල්වල ඉන්න බල්ලෝ හොයන්ටත් නැහැ නේද..?
අඩු ගානේ කන වෙලාවටවත් බල්ලා නෙවෙයි ගෙදර එන්නේ..කොහේ හරි යන බැල්ලියෙක් පිටිපස්සේ වැටිලා ඌ යන යන අතේ යනවා මිස..අනිත් දවස්වලටනං බල්ලා වෙලාවට කෑම එක ලගනේ..

අන්න ඉතිං ඒ වාගේ මේ දෙවිවරුත් ඉන්නවා නෙව ආයේ මෙලෝ සිහියක් නැහැ අහවල් එකටම පණ ඇරලා..අන්තිමට වෙන්නේ මොකද ඇගපත වැහැරිලා මලානික වෙලා..කලන්තේ අල්ලලා..උන්දලත් සුවාස් තමා..
ඒකට කියනවා ආහාරක්ෂය මරණය කියලා...

හතර වෙනි එක තමා...
කෝපය නිසා..ඒක වෙන්නේ මෙහෙමයි..
දැන් ඔය අපේ ඈයොත් ඉන්නේ..තමුන්ට තියෙන දේ පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නැතිව අනුන්ගේ එකටම හොම්බ දාන..
ආන්න ඒ වගේ සමහර දෙවිවරුත් ඉන්නවා..තමුන්ට වඩා සැප සම්පත් ලැබිලා සුවසේ ඉන්න අනිත් දෙවිවරු දිහා ඔරොප්පු මූඩ් එකෙන් බැල්ම දාන..හැබැයි අපේ උන්දලට වගේ නෙවේ දිවිය ලෝකවල ඒ සෙල්ලම් ඔට්ටු නැහැ...එහෙම ටිකක් කේන්ති ගත්ත ගමන් හිත දූෂණය වෙන එකම හේතු වෙලා උන්දෑත් මරණයට පත් වෙනවා.

ඔන්න ඔය කොරම හතරට තමා දෙවිවරු චුත වෙන්නේ...

ඉතිං දැන් අපේ මේ දිවිය පුත්තරයත් ඔන්න ඔය කිව්ව තුන්වැනි කොරමෙට ටිකක් බර වැඩි හාදයා..ඇයි ඉතිං ගියෙත් බළු කුලේ ඉඳලා නෙව...

ඒ හින්දදෝ මංදා උන්දැත් දිගට හරහට අඳාළ කාරිය කොරගෙන කොරගෙන ගෙහුල්ලා වෙලාවට කන බොන ටික ගන්ට අමතක වෙලා හිට උන්දැටත් එක පාරම අර දිවිය ලෝකෙන් චුත වෙන්ට වෙනවා...

ආන්න එහෙම හිටි හැටියේ දෙව්ලොවින් චුත වෙන්ට වෙච්ච අපේ කතා නායකයට ඊ ළගට සිද්ධ උනේ මොකක්ද...?

33 comments:

  1. ඊළඟට සිද්ධ වූයේ කුමක්ද?
    මාරයියාගේ බ්ලොගයෙන් බලා පොරොත්තු වන්න.......

    ReplyDelete
  2. මං මේ කල්පනා කලේ මම දිව්‍ය ලෝකෙ ගියාම ආපහු කොහොම චුත වෙයිද කියලයි? (හැබැයි හතුරොනම් මට කියන්නෙ තෝ යන්නෙ නරකාදියටමයි කියල)
    හොඳම වැඩේ දිව්‍ය ලෝකෙ ගැන කතා කරන්නෙ මාරයා වීමයි.

    ReplyDelete
  3. ඉක්මනට දැම්මනම්....

    අසනීප තත්වය ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...

    ReplyDelete
  4. එළ කතා අතරෙ නොදන්නා දේවල් ගොඩකුත් ඉගන ගන්නවා.

    ගෙට් වෙල් සූන් වෙන්න ඕනි

    ReplyDelete
  5. ඊ ළගට සිද්ධ උනේ මොකක්ද...? දෑන ගන්න ඕනනම් රෑදී සිටින්න මාරයා සමග,

    මාරයා අයියා ඔච්චර අගේ කොරන් නෑතිව දාන්නකො කතාවව...ඒ ආ........

    ReplyDelete
  6. හනික දාන්නකෝ අයියා. ඉවසිල්ලක් නැතුවා... දෙයියට වෙච්ච සංගෙදිය දැන ගන්න කම්...

    ReplyDelete
  7. හ්ම්ම්ම්... ඒකෙත් හැටි...
    ඒ මරණෙත් මේ මරණෙත් හැර වෙනත් මරණ තිබේද?

    ReplyDelete
  8. යන්ට ඕනි දෙව්ලොව..වෙලාවට කාල ඉතුරු ටිකත් කොරගෙන ඉන්න බැරියැ..මොකො කියන්නෙ මාරයත් යමුද ?

    ReplyDelete
  9. හ්ම්.. මං උන්නෙ දිවිය ලෝකෙ ගියාම සෙරම අහවරෙයි කියල. ම්හුහ් ! මොන, ඒකෙත් මැරෙන්න ක්‍රම හතරක්ම තියෙන්නෙ. අර අවුට්සයිඩර් කිව්ව වගේ අපි වැරදිලාවත් ගියොත් මොකක් වෙලා මැරෙයිද බං මාරයියෙ?

    ReplyDelete
  10. මේ කතා සෙට්ටෙකම මුල ඉඳං බැලුවා. එළකිරිස්සාදු!

    ReplyDelete
  11. අනේ ඉක්මනට දාපං බං... මොකද වුනේ කියලා...

    ReplyDelete
  12. උඹ කොහොමද ඔච්චර හොඳට බල්ලෝ ගැන දන්නේ...?

    ReplyDelete
  13. සෙල්ලOද කොල්ලො දෙයියොත් එක්ක......
    අමාරුවෙන් හරි ගොඩ දාගත්තත්, ඔය විදිහට අල්ලO ඉන්න නම් අමාරු හැඩැයි......

    බොට යහපතක්ම වේවා!

    තඩි ගහ යටත් සුර සැප නැත්තෙමත් නැහැ ඕO......

    ReplyDelete
  14. දිව්‍ය ලෝකේටත් මාරයා ඉන්නවනේ බලන් ගියාම.

    ඉතින් ඉතින් මාර අයියේ........ :D

    ReplyDelete
  15. බලමු බලමු,මාරයත් නිකන් අර ටෙලි නාට්ය කාරයෝ වගේම තමා,කුතුහලයක් එක්ක නවත්තනවා..

    ReplyDelete
  16. හා.... ඊලගට ...

    ReplyDelete
  17. නරකද මෙගා ටෙලියක් ලියන්න සෙට් වුණොත්?

    බෙහෙත් එහෙම අරගෙන වෙන්ටැ නේද ඔය ඉන්නෙ? ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!

    ReplyDelete
  18. "අන්න ඉතිං ඒ වාගේ මේ දෙවිවරුත් ඉන්නවා නෙව ආයේ මෙලෝ සිහියක් නැහැ අහවල් එකටම පණ ඇරලා..අන්තිමට වෙන්නේ මොකද ඇගපත වැහැරිලා මලානික වෙලා..කලන්තේ අල්ලලා..උන්දලත් සුවාස් තමා..
    ඒකට කියනවා ආහාරක්ෂය මරණය කියලා..."

    මාරයා,
    දෙවියන්ගෙ ආහාරය කුමක්ද?

    ReplyDelete
  19. ල0කාවෙන් දෙව් ලොව යන අය නම් දෙකක් නෑ චුත වෙන්නෙ තුන්වෙනි ක්‍රමයට...මතකනේ.. කොට සායවල් තහනමට කොච්චර විරුද්ද උනාද..

    ReplyDelete
  20. සතියකට පස්සෙ අද තමයි මේ පැත්තෙ එන්න පුලුවන් උනේ.
    පහුගිය දවස් ටිකේ ලොකු කරදරයක් උණා.
    ඒ අස්සෙ මාරය 300 ලියල, බයික් එකෙන් වැටිල අත කඩාගෙන බණ කතා ලියල පලහිලව් ගොඩයි.
    ඒ අස්සෙ මාරය මට යාවජීව සාමාජිකත්වයක් දීල තියෙන එකට ස්තුතියි.

    ReplyDelete
  21. @පොඩිගමයා,
    දෙවියන්ගේ ආහාරය අමුර්තය නේද ?
    මාරතුමනි, අමුර්තය නිවැරදි සිංහලෙන් ලියන්න බැහැ. කොම්පීතර මලයා හෙල්ප් කරන්නේ නැහැ.

    ReplyDelete
  22. මාරතුමනි, ඔය දිව්‍ය ලෝකය කියන්නේ මේ මනුස්ස ලෝකෙම කොටසක් ය අපි දකින සැප විඳින මිනිස්සුන්ට තමි දෙවිවරු කියන්නේ කියල concept එකක් තියෙනවා නේද? ඔබතුමා මක්කෙයි ඒ ගැන හිතන්නේ ??

    ReplyDelete
  23. @පූසා...
    ළගදීම...

    @``` Outsider```
    ආයේ කතා දෙකක් නැහැ අංක 3
    හැබැයි ගියොත් විතරයි..

    @MaRLaN...
    දැම්මා මල්ලියෝ..
    ස්තූතියි.

    @AmilaArt...
    මේ යන හැටියට මටත් හිතෙනවා ළගදිම සුන් වෙයි කියලනං..

    @awaataya...
    දැම්මා කො‍ල්ලෝ දැම්මා...

    @-HacKrisH- | හැක්ක්‍රිෂ්...
    අන්න දෙයියා කුණු ගොඩේ...

    ReplyDelete
  24. @හසී...
    තිඹෙය නැගණිය ඒ තමා මේ...
    http://maranaya.blogspot.com/

    @පැන්da...
    පිස්සු කතා කොරන්න එපා මල්ලි..මාර භවන පාළුවට යයිනේ එතකොට...

    @nawammawatha...
    ආයේ උඹටත් ඉතිං අමුතුවෙන් කියන්ට ඕනද..ෂුවර් & ෂොට්..3 තමා..

    @budhajeewa...
    හම්මේ මට ඒ පිනම ඇති...

    @prasanna86k...
    අන්න ගෙහුං බලහං..කුණුගොඩේ ඉන්න කොල්ලා කව්ද කියලා..

    @Jeew...
    අම්මපා මටත් තාම හිතාගන්න බැරි ඕකම තමා..
    (තෝ අහුවෙයං මට)

    @Heeniyata...
    අර කිව්වත් වගේ අල්ලං ඉන්න එක තමා වැඩේ..
    (ඔන්න ඔන්න පහළින් ඉන්නවා විනය පාලකී බලාගෙන ඇහෙයි..)

    ReplyDelete
  25. @හා පැටික්කී...
    ඒකනේ නගේ..අයියා මෙහෙම හිටියට සැක්කරයා වගේම තමා තුන් ලෝකෙටම අධිපති..

    @ItalyDilan...
    පබා පබළු බලන රටේ..අපිත් නිකං ඉන්ට හොඳ නැහැ මලයා..

    @නිම්ශා...
    ආන්න බලමු...

    @සංජු...
    මේකත් ඒවගේම එකක් තමා...

    @පොඩිගමයා...
    ඒකනං හරියටම දන්නේ ආයිබෝං දෙයියොම තමා..පොත පතේනං ඔය අමෘතය ගැන වගේම සමහර දෙවිවරුන්ට යම් යම් ආඝ්‍රහණය මගින් ආහාර ලැබෙන ක්‍රම ගැනත් සඳහන් උන තැන් මට මුලිච්චි වෙලා තියේ..ඒත් ඉතිං ගිය දවසකම තමයි කියන්ට වෙන්නේ..

    ReplyDelete
  26. @කුරුමිනියා...
    ඒකනේ ඒකනේ..මාත් ඉංතේරුවෙන්ම විරුද්ධයි...

    @Praසන්ன...
    හැබෑට මං ඒත් බැළුවා මක්ක වෙලාද කියලා..මොකද අවුල..?

    @td...
    අමෘතය..ඇලපිල්ලට උඩින් ගැට පිල්ල ඇත.

    මංනං හිතන්නේ නැහැ ඒ මතය...
    වෙන ග්‍රහලෝක හොයාගෙන යන්න හදන කාලයේ වෙන්ත් ජීවයන් ගැන විශ්වාසයක් තියෙන ලොකයේ..
    ඇයි මිනිස්සු වෙනත් මානයක තියෙන දිව්‍ය ලෝක ගැන විශ්වාස කරන්නේ නැත්තේ කියලා කියන්න මට තේරෙන්නේ නැහැ.

    අපිට ත්‍රිමාන රූපම දැකලා හැම දෙයක්ම ත්‍රිමානයෙන්ම දකින්න හදන එක තමා ඔතන අවුල..අනික පදාර්ථය පිළිබඳව තියෙන වෙනස..

    ReplyDelete
  27. පරිනිම්මිත වසවර්තියෙ ඉන්න වසවර්ති මාරය මැරෙන්නෙ කොහොමද?

    ReplyDelete
  28. මට හිතෙනවා සිංහල බෞද්ධයන්ගෙ දෙවිවරුන්ට අමෘතය ආහාර වෙන්න බෑ කියල. අමෘතය කියන්නෙ අමරණීය දෙවිවරු පානය කරන දෙයක්. කොයි විදිහෙන්වත් අමරණීය වෙන්න බැරි දෙවිවරු අමෘත බීල වැඩක් නෑ. ආඝ්‍රාණ කතාව නම් හරි ඇති. මාරතුමෝ දෙවියන්ගෙ ආහාරය ගැන කාරණා ලියා තියෙන පොත් මොනවද කියල කියන්න පුළුවන්ද?

    ReplyDelete
  29. @පොඩිගමයා...
    මේකනේ වැඩේ පොඩිගමයට හිතෙන විදියවත් මට හිතෙන විදියවත් නෙවෙයිනේ වැදගත්..මං ඉතිං දිව්‍යලොකේ මේ උත්පත්ති කාලෙදි ගිහිල්ලා නැහැ නෙව...මං හිතන්නේ පොඩිගමයත් ඒ අහලකටවත් කිට්ටු කොරලා නැති වෙන්න ඇති..
    ඒ හින්දා ගමයා හිතන විදිය හරියන එකකුත් නැහැ.
    අනිත් කාරණාව තමයි මං පොත්පත් කියවලා තියෙන කරුණු උඩ කතාව මතක තියාගත්තට අහවල් එක අතනය මේ කාරණාව අතනය කියලා කවදාවත් ඕවා පාඩං කොරන මාරයෙක් නෙවේ..මොකද ඒවා ඕන වෙන්නේ පණ්ඩිතකං පෙන්නන්නයි වාද විවාද කර කර ඉන්නයි නෙව..ඒ හින්දා ඒ පුරස්නෙට උත්තර දෙන්නත් මට හැටියක් නැහැ.
    පොඩිගමයාගේ අවංක උත්සහය බණ දහං ඉගෙන ගන්න හරි..නිවන් යන්න හරිනං..දෙවියන්ගේ කන බොන දේට වඩා තමන් ගැන හොයන එක වැදගත් කියලයි මං හිතන්නේ...
    ඒ හින්දා ඒ ගැන මහන්සි උනොත් නාකද..?

    ReplyDelete
  30. යන්නෙ කොහෙද ඇහුවාම මල්ලෙ පොල් උත්තරයක් දීපු එකට තමුසෙට බොහොම පිං.

    ReplyDelete
  31. ආයිබෝං යනඅත හොයා ගන්න බැරි ළදරුවෙක් නෙවේ මං.
    හැරෙන්නේ කොහාටද කියලා කළින්ම දැනගෙන තමයි මල්ල ලිහාගන්න නුදුන්නේ..
    ඕය මදෑ...

    ReplyDelete
  32. මේකා මැරෙනවා ඉපදෙනවා ඉවරයක් නෑනෙ...

    ReplyDelete
    Replies
    1. සංසාරේ මල්ලි සංසාරේ..මං ඒත් මේ බැළුවා මොකක්ද මේ දෙව්ලොව මරණ කියන්නේ කියලා මේකට වැටුන කොමෙන්ට් එක මේල් බොක්ස් එකට ආවම.. මං ලියපුව මටම මතක නැහැ කියමුකෝ...

      Delete