12 February 2011

තිත්තයි...ඒත්...

උඹට මට කියන්න දෙයක් තියෙනවා...

මොකක්ද..?

යංකෝ ගෙදර...

............................

හරි දැන් මොකක්ද අර දේ..?

ඔය ඉස්කෝලේ ඇදුං ගලවලා දාලා බත් කාලා හිටිං...
............................

හරි අර මොකක්ද කියන්න තියෙන දේ...

හ්ම්...උඹ දැන් පොඩි නැහැ..අටේ පංතියේ..අවුරුදු දහතුනක් වෙනවා..කොහොමත් උඹ අනිත් උන්ට වඩා දෙයක් තේරෙන එකා..

හරි හරි කියන්නකෝ...

දැන් උඹ මේවා දැනගෙන ඉන්න ඕන...
අද නැතත් කවදා හරි දැන ගනී..මේක මේ ගමෙන් දන්නේ උඹේ අම්මයි මායි විතරයි...
අපේ නෑදෑයොවත් දන්නෙ නැහැ...

මොකක්ද..?

උඹේ අම්මා මාව බඳින්න කළිං කසාඳ බැඳලා හිටිය කෙනෙක්..
ඇයි උඹ ඇස් පුංචි කරගත්තේ..?

නැහැ මුකුත් නැහැ, කියන්න..

මට එයාව හම්බ වෙන කොට ඒ කසා‍ඳේ කැඩිලා හිටියේ..එයාට තව ළමයෙක් ඉන්නවා..ඒ කියන්නේ උඹට තව අයියා කෙනෙක් ඉන්නවා..

ඉතිං කෝ එයා..?

ඒ ළමයා ඒ ළමයාගේ තාත්තා ගාව...ඒ මිනිහා මහ මරුමුස් මිනිහෙක්.ඊට කළිනුත් ළමයෙක් හම්බ වෙන්න ඉඳලා ඒත් උපදිනකොටම ඒ ළමයා මැරිලා ඉඳලා තියෙන්නේ..කෙල්ලෙක්..අම්මට ඒ ළමයා හම්බ වෙන්න හිටිය කාලේ හුගාක් කරදර කරලා තියෙනවා ඒ හින්දයි එහෙම වෙලා තියෙන්නේ ඊට පස්සේ තමයි ඔය ළමයා හම්බ වෙලා තියෙන්නේ..ඒ ළමයාව අම්මාගෙන් උදුරං ගිහිං..

හ්ම්...

ඊට පස්සේ තමයි මට අම්මව හම්බ උනේ.. මට හම්බ වෙනකොට ආයෙත් මහ ගෙදර ඇවිත් රස්සාවකට යනවා..
ඒ අතරේ තමයි මට හම්බ උනේ...අම්මා හුගාක් දුක් විඳලා තියෙනවා..ඒ වෙනකොටත් හුගාක් පුංචියි..
පස්සේ තමයි මාත් එක්ක හිතවත් උනේ..මං ඊට පස්සේ අම්මලගේ ගෙදරිනුත් අහලා තමයි කසාඳ බැන්දේ...
එයිට කළින් දික්කසාද නඩු දාලා අම්මව මම ඒ කසාදෙන් නිදහස් කර ගත්තා...

හ්ම්...

ඊට පස්සේ...මම ගමට එන්නේ නැතිව මාරුවක් හදාගෙන *****ගියේ...
එහෙදි තමයි උඹව හම්බ උනේ...

හ්ම්ම්ම්....එච්චරද..?

ඔව්..එච්චරයි...

හා.

25 comments:

  1. ඉතිං ඇත්තටම කෝ ඒ අයියා....

    ReplyDelete
  2. මොකද්ද බං අයියේ මේ? මට හිතෙන දේ නම් වෙන්න බෑ බං...

    මාරයට වඩා ලොකු එකෙක්? නැහැ නැහැ ඒක වෙන්න බැහැ.

    ReplyDelete
  3. marayata amu kewilda?? neththan eththatamada??

    ReplyDelete
  4. මේ සීන් එක මොකක්ද...එක පාරටම මෙහෙම සීන් එකක් දැම්මේ මොකෝ...?

    ReplyDelete
  5. ඇත්තටම මට මේ මාරයගේ හෝරාව නෙත ගැටුනෙ අහම්බයකින්මයි... ඒත් ඒක දිගටම කියවන එක නම් කොහොමවත්ම අහම්බයක් නෙවෙයි.. ලියන රටාව හරිම සරලයි.. ලස්සනයි...මුල් පිටුවෙ කියල තියෙන විදියට ඔබ කොහොමවත්ම "මාරයෙක්වත්" "කාලකන්නියෙක්වත්" නෙවෙයි කියලයි මට හිතෙන්නෙ.. ඒත් ඒ හැඳින්වීමත් "අසුන්දරම " නැහැ.. ඔබ ලියන තාක් කල් අපි කියවන්නම්...

    ReplyDelete
  6. මේ මොකදද යකෝ මේ එකපාරටම පැන්නේ

    ReplyDelete
  7. මූට වැරදි පෙති වගයක් දීලද කොහෙද?

    ReplyDelete
  8. මොකක්ද මේ කතාව..??? O_o

    ReplyDelete
  9. o_O මේවා කියෙව්වාම පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා....
    මොකක්ද අයියේ මේමොකක්ද අයියේ මේ?

    ReplyDelete
  10. මාරය ගැන නෙමෙයිද මේ කියන්නේ....

    මාරය ගැන නම්......හප්පච්චියේ තවත් හිතාගන්න බැරි ඉසව්වක්නෙ බොල......

    ReplyDelete
  11. මේ මක්කැයි මේ..... පික්ෂු හැදෙනවනේ....

    ReplyDelete
  12. මාරම ජීවිතයක් තියෙන මාරයා ගැන... තවත් මාරම කතාවක්ද?...

    ReplyDelete
  13. මට උත්තරයක් හමු නොවුනු අතර ...

    උතරයක් බ්ලොග් පිටුවක කොහේ හරි ඈතයි සිතමි..

    ReplyDelete
  14. මේ මොකද අයියේ මේ ...කියන්නකෝ තව විස්තරයක් ..

    ReplyDelete
  15. මොකාටද බොල ඒ පාර එන්නෙ
    උඹ ගැනත් හිතන කොට පුදුම හිතෙනවා අයියෙ, එක මිනිහෙකුට මෙච්චර අත්දැකීම තියනවද කියලා

    ReplyDelete
  16. අයියා ‍මේ විදියට විස්තරව ‍මේ කතාව ‍නොකිව්වත් කීප පලකම ‍මේ පිළිබඳ සඳහන් වුනා.

    ඒත් පිලි‍වෙලකට ‍මේ ගැන කියන්න හදන්‍නේ ඇයි කියලනම් හිතා ගන්න බැ මට.........

    ReplyDelete
  17. මචං මට තෙරුනෙ නැ..
    තව කතා සෙට් 1ක ක ආරම්භයක් ද?

    අත්දැකිමක් ද?
    උබම විස්තර කියනකම් ඉන්නම්..

    සුභ දවසක්....!!!

    ReplyDelete
  18. හ්ම...මනංකල්පිතයක් වත්ද? බලමුකෝ හෙට!!!!

    ReplyDelete
  19. මේකෙ පුදුම වෙන්නවත් වෙන මොනවා හරි හිතන්නවත් දෙයක් නැහැ,මට තේරුම් යන විදියට. මාරයා කලින් කියල තියෙනව, තාත්තගෙය් අම්මගෙය් වයස පරතරය,අම්මය් තාත්තය් හමු වුනේ තාත්ත මොන රස්සාව කරද්දිද අම්ම ඒ කාලෙ මොන සංස්ථාවේද වැඩ කලේ (ඒ සංස්ථාව දැන් නැහැ,ගම්පහ යක්කල පැත්තෙ මං වගේ නාකින්ට මතකය් ඒ සංස්ථාව)වැනි විස්තර.

    මහ මාරයා, මාර පුත්‍රයගේ තාත්තනේ, නම මාර වුනාට මනුස්සකන් වලින් ඉහලම හිටපු මනුෂ්‍යයෙක් විතරය් මහ මාරයා .

    මම දැකල තියෙනව,පත්තර වල (අවරුදු 30 කට 35 කට ඉස්සර) මංගල යෝජනා තීරු වල මනමාලයෝ හොයන්නෙ ලංගම සේවකයන් නොවෙන අය.පහු කාලෙක දැක්ක (යුද්දේ නැගල යනකොට) ත්‍රිවිද හමුධා හෝ පොලිස් සේවයේ නොවෙන මනමාලයෝ හොයන මංගල දැන්වීම්.

    අපි ඉපදුන මේ රටේ හුඟක් අය ආත්මාර්ථකාමී වෙනකොට,හොඳ මනුෂ්‍යයෙක් හොඳ වැඩක් කෙරුවම ඒක පේන්නෙ අඟහරු ලෝකෙන් ආපු එකෙක් කරපු වැඩක් වගේ.

    මාරය සමාවෙන්න ඕනෙ මගෙ විශ්ලේෂණය වැරදි නං..

    ReplyDelete
  20. තව එකක් ලංගම සේවෙයේ නොවෙන මනමාලයෝ , මනාලියෝ, සොයන අම්මල තාත්තලාට දොස් කියන්නේ නැහැ ඒ කස්ටිය ගැන රටේ ලෝකේ ප්‍රසිද්ද වෙලා තියෙන ..........

    මමත් පරණ ලංගම සේවකයෙක් !!!!

    ReplyDelete
  21. එහෙනං එකත් මගේ වෙලාව, මම ලංගමේ නෙමෙයි.....

    ReplyDelete
  22. ඇත්තටම මේ දැම්මේ ඇඩ් එකක් විතරයි..ලොකු කතාවක ආරම්භය මේ වෙන්න පුළුවන්...ඒත් එක පාර කරළියට එන එකක් නැහැ.
    ටිකෙන් ටික එළියට ඒවි..ඒ කතාවේ අවසානයත් මේ බ්ලොග් එකේ අවසානයත් සමහර විට එකටම සිදු වේවි...
    ඒත් මං ඒ කතාවත් කියන්න ඕන..මිනිහෙකුට කවදාවත්ම කරන්න බැරි ඒ දේත් මං කරනවා...
    ඒ ඇයි කියලා අහන්න එපා..
    එහෙම කරන්න එපා කියන්න එපා..
    අහන්න ඒ කතාවත්..හැබැයි හරිම තිත්තයි...ඒත්...

    ReplyDelete
  23. මාරයා උඹේ කතාව අහන්න මම බලාගෙන ඉන්නවා.........

    ReplyDelete
  24. මාරයා උඹට හොඳ අමුද්‍රව්ය් තියෙනව කතා ගොඩක් ලියන්න., නමුත් ඒ ක්‍රමය හරි මදි. මීට වැඩ මට සිලුටු වෙන්න ඕන. ව්‍යංගාර්ථය එකතු වෙන්න ඕන. කියවපන මගුල් කාම හීන සරය පොත දෙක
    ඒ පොත් දෙක කියවල මේ කතව ලියපන්.

    උඹ දක්ෂයෙක්

    ReplyDelete
  25. බරපතල යමක් සිදුවනු ඇතැයි උපකල්පනය කරමි............

    ReplyDelete