28 February 2011

කොල්ලෙක් කුණු ගොඩේ...

උදෙන්ම වැඩට දුවන් ආවා..ඒ එනකොටත් බොසා ඇවිල්ලා..ඒ කියන්නේ මගේ අනිත් සගයා ආයතනය විවෘත කරලා හමාරයි.මට ඇවිත්කරන්න දෙයක් නැති හින්දා වේල පහින්ම ඇද ගත්තා ලැප් උන්නැහේව එළියට..

නැත්තං වෙනදා කාල සටහනට අනුවනං මුලින්ම තියෙන්නේ කර්මාන්ත ශාලාව විවෘත කිරීම..ඊට පස්සේ ඉතිං ඇතුලට එන කස්ටියගේ නං ලකුණු කිරීම..ඔය ටික ඉතිං අට හමාර නවය අතර විතර වෙනකොට අහවරයි.
අන්න ඉතිං නවය වෙනකොට මං නිදහස් කොළුවකු බවට පත් වෙනවා..

අදනං බොස්තුමා 7.40 ට විතර ආගමනය කොරලා..ඒ හින්දා දැන් තියෙන්නේ නං ටික දාගන්න එක විතරයි.
....................................
හරි අදත් බණ කතාවම ගෙනියමු ඉස්සරහට..නැත්තං මේක අතර මග නවත්ත ගත්තාහම මටමයි කරදරේ...

අපි දැන් මුලින් වෙච්ච සංගදි ටික දන්නවා නෙව..
මිනිහෙක් මැරිලා බල්ලෙක් උනා...
බල්ලා මැරිලා දෙයියෙක් උනා..
දැන් තියෙන්නේ දෙයියා චුත වෙලා කවුරු උනාද කියලා බලන්න තමයි...

මෙන්න දැන් අපි එනවා බුදු හාමුදුරුවෝ ලොකේ පහළ වෙච්ච කාල සීමාව හරියට...බුදු හාමුදුරුවෝ කිව්වේ ඉතිං අපේ ගෞතම බුදු හාමුදුරුවෝ තමයි ඕං.
ඉතිං මෙන්න මේ කාලය ආසන්නයේදී කොසෑඹෑ නුවර හිටිය එක්තරා කාන්තාවකගේ කුසේ තමයි අපේ මේ කතා නායකතුමා උපදින්නේ...

කාන්තාවක් කිව්වට මොකෝ මේ කාන්තාව ටිකක් සමාජයේ සුවිශේෂී කාන්තාවක්...
ඒ කියන්නේ වෛශ්‍යාවක්..එහෙමත් නැත්තං ගණිකාවක් කියලා හදුන්වන්ට ඇහැකි..තව ඉතිං මං නොකිව්වට ඕන තරං ඕකට සමාන වචන අද සමාජයෙන් හොයාගන්ට ඇහැකි..

මෙතනදී මතක් කරන්ට ඕන මේ අපේ බණ කතා බොහෝමයක් අද අපේ වර්ථමාන සමාජයේ කෙරෙන දේවල්වලට බොහෝම සමීපයි..ඒත් බණක් කියන්ට ගියහම ඔය සමහර වචන භාවිතා කිරිමේදී යම් යම් ගැටළු මතුවෙයි කියලාදෝ හුගාක් බණ කතා එළියට එනවා අඩුයි.

බණ පොත් අතරින් ගත්තාම ජාතක පොත්වහන්සේ‍ගේ ඇතුලත් කතා හුගාක් තියෙනවා තනිකරම අද දවසේ වෙන දේවල්ම තමා..නං ගං පළාත් නාම වෙනස් උනාට ආයේ දෙකක් නැහැ අද ඔය දෙයියෝ සාක්කි වගේ පත්තර තීරු වල යන කතා සැට් එකක්ම ඕකේ තියෙනවා.

සමහර කතා දැන් තියෙන වැඩිහිටියන්ට පමණයි චිත්තර පටිවලටත් වඩා සැරයි.ඒත් ඉතිං මහා ජනකායක් ඉස්සරහා ඕවා කියන්ට ගියහම මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්ට අමාරු හින්දා ඒ කතා එළියට එනවා අඩුයි.

හැබැයි ඉතිං අද තියෙන පවුල් අවුල් එතනින් ගියහම ඔය සමාජ විෂමතා හැටියට ගැනෙන වංචා දූෂණ ..ඒ විතරක්ද කොටු පැනීම්..අනියම් සබඳතා..ඔය හැම එකක්ම වගේ ඔය කතාවල තියෙනවා..බොහෝම අපූරුවට..ඒත් එළියට එනවා අඩුයි.

මොකද ඉතිං එහෙම බණක් ඇදලා අරං කිව්වොත් අපේ උපාසක අම්මලා උනත් හරියට බබාලා වගේ..අනේ මේ මොනවද හාමුදුරුවෝ කියන වල් කතා කියලා බලයි.
ඒ තරමට නිවිච්ච උදවියනේ ඉන්නේ..ඒ බව දන්න හින්දාම ඒවා කියවෙනවා බොහෝම අඩුයි.
එහෙම නැතිව ජාතක පොත් වහන්සේ කියන්නේ සුරංගනා කතා පොතක්වත්..මිත්‍යා කතා මාලාවක්වත් නෙවෙයි. මේ ලෝක ධාතුවේ..කාලෙන් කාලෙට කැරකීගෙන එන චක්‍රයේ එක් එක් අවස්ථා බොහෝම ලස්සනට ලියවිලා තියෙන තැනක්...

හරි අපි ආයෙමත් කතාවට එමු.

ඉතිං මේ ගණිකා වෘත්තීය කියන්නේ ඒ කාලේ බොහොම සරුවට පැවතුන ව්‍යාපාරයක්.
ආවේ ගියේ පොඩි පහේ බඩු නෙවෙයි..රාජ රාජ මහාමාත්‍යවරු..අනික තමයි ඉතිං බොහෝමත්ම වෙලාවට රටේ තොටේ ඉන්න ලස්සනම ගෑනු උදවියට හුගාක් වෙලාවට නවතින්න උනේ රජ්ජුරුවන්ගේ අන්තඃපුරයේ..ඒ හැරුනු කොට මේ වගේ වෛශ්‍යා වෘත්තියටත් එහෙම අයට තිබුණු අවස්ථාව වැඩියි.හැබැයි ඉතිං ඒ වෘත්තියත් සමාජය පිළිගත්ත වැදගත් වෘත්තීයක් ඒ කාලේ හැටියට...ඒ වෘත්තීය කල අයටත් සෑහෙන බලයක් තිබුනා යම් යම් ආකාරයේ..ඇයි ඉතිං ලේසි පහසු අයයෑ ආස්සරය කරන්නේ..ඒ විතරක්ද ඒ ගණිකා නිවාසවලම උපදින ගෑණු දරුවෝමනේ ආයෙමත් ඒ වෘත්තිය දිගටම අරගෙන යන්නේ.. එයාලත් ඉතිං රටේ තොටේ ලොක්කන්ටම දාව උපදින අයනෙව..සෙල්ලංද..?

කොහොම හරි අපේ දිව්‍ය පුත්තරයත් කෙළින්ම ගෙහුං ආන්න ඒ වගේ කොසඹෑ නුවර එක්තරා ගණිකාවකගේ කුසේ උපන්නා...දැන් කට්ටියට මතකයිද මන්දා මේ කොසඹෑ නුවර..?

ඇයි අර උදේනි රජ්ජුරුවෝ..ආන්න හරි දැන් ටිකක් මතකයිනේ..

හරි ඉතිං මේ ගණිකාවට අර ළමයා හම්බ වෙච්ච ගමන් මොකද කලේ..?
බැළුවා සරමක්ද චීත්තයක්ද කියලා හිටං..ඒ කිව්වේ මේ ස්‍ත්‍රී පුරුෂ භාවය...

මේකා කොල්ලෙක් නෙව...
ඉතිං මොකදෑ උනේ...
කෙලින්ම ගෑනු මනුස්සයෙකුට කොල්ලව දුන්නා ගෙහුං කුණු ගොඩකට දාන්ට කියලා..මොකද කාරණාව..ගණිකා නිවාසවල කෙල්ලෙක් උපන්නොත් ඒ කෙල්ලට කන්න බොන්න දීලා ලොකු මහත් කලාට අවුලක් නැහැ..කවදාහරි ව්‍යාපාරයට හොඳ ආයෝජනයක් නෙව...ඒ කියන්නේ කෙල්ලෙක්නං කවදා හරි ඒ ගණිකා නිවාසෙම තවත් ගණිකාවක් බවට පත් වෙනවා.

ඒත් කොල්ලෙක් ඔය ගෑණු අස්සේ ලොකු කලාට ඇති වැඩක් නැහැ..අන්තිමට එතන ඉන්න කෙල්ලෝ ටිකත් බේරගන්ට බැරිව යනවා ඒකාගෙන්..ඒ හින්දා තමයි කොල්ලන්ට ඉල්ලුමක් නැත්තේ..

ඉතිං ඔන්න ඔය හේතුව හින්දා අන්තිමට අපේ දිවිය පුත්තරයා වෙලා හිටිය උන්දැත් මෙන්න කොසඹෑ නුවර කුණුගොඩක දැන්...කොහොමද සංසාරේ..?

දැන් කෙනෙක් අහන්ට පුළුවන් එහෙම උනේ මක්කදෑ කියලා..හරි අපි බලමු ඒකටත් හේතුවක් තියෙන්ට එපැයි..
ඔයාලට මතකද මං අර මුළින්ම කතාව පටන් ගද්දී අර මනුස්සයා දරුවව කැලේ දාලා ගිය කතාවක් කිව්වා..මතකයිනේ...මේ මතක නැති අය ගෙහුං බලලා එන්ට..මට මේ ලින්ක් දාන එකනං එපා වෙන වැඩක් ඒ හින්දා අකුරෙන් අකුරට ලින්ක් දාන්න යන්නේ නැහැ ඕං..මගේ ඔය බණ කතා කියන ලේබලය දිගේ ගියහම ඔය කොයි කොයි කතාවත් මුල ඉඳලාම බැළුව හැකි.

හරි ඉතිං ඒ සංසාරේ දවසක්දා පුංචි කාල සීමාවකට කරාපු එක වරදක් හින්දා තමයි මුන්දැට අද මෙහෙම උනේ..මේ කරුමේ පටිසන් දෙන එක මෙතනින් නවතී කියලා හිතන්ට එපා..තව ඉස්සරහට බොහෝම ඇබැද්දි ගොඩක් තියෙනවා මේ උන්නැහේට මුහුණ පාන්ට සිද්ධ වෙන..අපි ඒවාත් බලමුකෝ...

20 comments:

  1. හදහන් වැඩ හිරවෙච්ච හින්ද බන කතා දෙකම (ගිය සැරේ එකයි අද එකයි) බැළුවෙ අද.අපි අහගෙන ඉන්නෙ යාළු දිගටම කතාව කියන්න

    ReplyDelete
  2. අහේතුවක මහත නේද මරයා අයියා.....යක්ස පවක් කෙරල ඇති නේද දිව්යපුත්‍රයටත් ඔහොම වෙන්න.......මොනවා කොරන්නද සන්සාරේ හෑටි තමා.......හෆොයි....

    ReplyDelete
  3. මැච් එක බලන්නෙ නැතිව බණ කතා කියන එකනං හොදයි තමයි.

    ReplyDelete
  4. දිගටම කතාව ලියන්න

    ReplyDelete
  5. හම්ම්බෝ... බල්ලෙක් වෙලා, ආයෙ දෙයියෙක් වෙලා ආයෙමත් මනුස්සයෙක් වෙලාද අර කලිං කරපු පව පල දුන්නෙ. ආයෙත් ඉතිං එහනං අද චූං එකේ ඉන්න අපේ පස්සෙන් මොන මොන අලකලංචි එනවද දන්නෙ නෑ නේද?

    ReplyDelete
  6. බණ කතාව නම් නැගලා යනවා. කලකම් පල දෙන එකත් කැරකී කැරකී යනව නේද?

    ReplyDelete
  7. හ‍පොයි අර ගෑණු මනුස්සයා නිසා ටිකක් හරි පව අඩු ‍වෙන්න ඇති. නැත්නම් සත්තුත් කාලා තමා නවතින්‍නේ.

    ලබන ‍පෝය ‍වෙනකම්ම පින්වත් මාරමහතාණන්ට මේ කතාව කියන්න පුලුවන් ව‍ගෙයි. :D :D

    ReplyDelete
  8. ඔය ගණිකා වෘත්තිය ඒ කාලෙ බොහොම පිළිගත්, වැදගත්, සල්ලිකාර රැකියාවක් වගේම ගණිකාවන් කරා යාම කාමමිත්යාචාරයට අහුවෙන්නෙත් නැහැල්ලු නේද?

    ReplyDelete
  9. මෙහෙම කියනකොට තමයි හිතට කා වදින්නේ....

    උඹැහට පිO.....

    අර පිරිත් ගැන තව කියන්න තියෙයි කිව්වේ (හිමේ නැග්ම2 - පිරිත් කථා). තරහ අවසර, වෙලාවක් කලාවක් තියෙන සන්දියක කොටල දැම්මනම් තමයි මනාප ඕO...

    ReplyDelete
  10. අනේ සත්ගුණවත් මාරයියෙ....අපිට හාමුදුරුවන්ගෙන්වත් අහන්න ලැබෙන්නෙ නැති අර කිව්ව වගේ ජාතක කතා ටිකකුත් කියමුකො බලන්න...උඹවත් නොකිව්වොත් ඕව ඔහොමම අභාවයට යනව, ඒක වලක්වන්නයි මේ කියන්නෙ...එහෙම නැතුව අපිට ඇඩල්ට්ස් ඔන්ලි කතා අහන්න ආසාවකට එහෙම නෙමෙයි ඔන්න...

    ReplyDelete
  11. නවම් අයියේ කටඇරපං ... මට රැපියල් 20 අළුත් කොලයක් ඔබන්න ඕනේ උඹේ කටට...

    අඩේ මාරයියේ සිරාවට අපේ පස්සෙන් මොනවා එනවා ඇතිද බං?

    උඹ නම් සුවර් එකට බාර් කාරයෙක්ගේ පුතෙක් වෙලා බාර් එක බලාගෙන ඉදියි. ඒත් බං අපි...

    ReplyDelete
  12. අපොයියි යි කරුමේ...
    ඉතින්... ඉතුරු ටික ඉන්ටවල් එකෙන් පස්සේද... කොෆි...බිස්කට් කෝ...

    මම ගිය ආත්මේ කව්ද දන් නැ නේද උන්නැහේ...

    ReplyDelete
  13. @JHOTHISHALANKA...
    ඒත් මං බැළුවා මක්ක වෙලාද කියලා...

    @අසoක...
    මේ මොනවා කියනවද මලයා..සංසාරේ සංසාරේ...

    @Praසන්ன...
    නැතිව නැතිව..ඒත් ඉතිං එව්වත් බැලෙනවා...විසූක දස්සනේටම නෙව හිත ඇදිලා යන්නේ..කරුමේ කරුමේ...

    @Thusitha Jayasinghe...
    ආයෙත් අහල..මෙහෙම කියද්දි නොලියා ඇහැකිද..?

    @nawammawatha...
    අපි නොදන්නවා උනාට දැනටත් මේ ගෙවන්නේ පෙර කල පවු තමා ආයිබෝං..වැඩේ තියෙන්නේ ඒ විඳවන ගමන්ම ආයෙමත් ඉස්සරහට ගෙනියන්න අපි තව තව එක්කාසු කොරග්නනවත් නෙව...

    @ItalyDilan...
    නැතිව නැතිව..ගොනු පිටුපස්සේ බැඳි කරත්තයේ සක වගේ තමා ඕං..යන යන තැන අත නාරී...

    ReplyDelete
  14. @හා පැටික්කි (MS)...
    අපි බලමු ලබන පෝයට කළින් මේක අහවර කරලා තව එහෙකට යන්න.
    ආන්න උපාසක පැටික්කිට යමක් කල්පනාවට ආවා..කොහොමද සත්තුන්ගෙන් බේරුනේ..?
    අපි බලමු ඊළග කතාවෙන් නේද..?

    @කලිකාල...
    අනේ ආයිබෝං..කාම මිත්‍යාචාරයටනං අහු නොවෙන්න විදියක් නැතිව ඇති..
    වෘත්තීයනං බොහෝම ගරු සරු ඇති වෘත්තීයක් ආයේ ඒකනං එහෙම තමයිළු ඕං...දැන් කාලෙත් සමහර මට්ටම් වලදී ඕක හරි ගෞරවනීයයි නෙව..

    @Heeniyata...
    ලොකු දෙයක් ඒක මතක් කොල එකට..ඒකත් තව ඩිංගෙන් අමතක වෙනවා..කෝ මේ පැටික්කී උපාසිකාව..ඔන්න ඔය නිවාඩු පාඩු වෙලාවක මට මතක් කොලානං ඒ හරියත් දෙසාබාන්ට..මේ හීනියට උපාසක හීනියට ඉන්න ගමන් මතක් කොල කාරුණාව..

    @දිනිත්...
    හප්පච්චියේ ඒ වගනං මොකටෑ..
    හා හා අපි බලමුකෝ ඉස්සරහට...

    ReplyDelete
  15. @budhajeewa...
    හුම් හුම්..අපේ මේ උපාසක ගැටයත් පිළිවෙලකට අහගෙන කොරගෙන එනවා නෙව..බොහෝම හොඳා බොහෝම හොඳා...

    @prasanna86k...
    යකෝ උඹ පුදුම උපාසකයෙක් නෙව...අර නවම් උපාසකට විස්සේ කොල ගිල්ලවන්ට හදන වෙලේ මේ ලවක් දෙවක් නැතිව දේශනාව දෙන මංතුමාටත් ඔය ඔරෙන්ජං බාර්ලි වීදුරුවක්වත් ගනින්කෝ...
    හප්පා බාර්..මටත් කෙලවෙලාම තියෙයි..

    @නිම්ශා...
    ඔහොම ඉන්ටකෝ හෙට උදෑහැනක් වෙනකල් ඉතිරි ටිකත් දේශනා කොරලම දාන්ට...
    හප්පච්චියේ ආයේ දෙකක් නැහැ ගිය ආත්මේ කොතැන හිටියත් කන්ට බොන්ටනං තිබිලම නැහැ..ආං එච්චරයි මට මේ උපාසක පැංචිට කියන්ට තියෙන්නේ...( බැන්නට මට ඇහෙන් නැතෝ..දැන් ඉතිං හැන්ගෙන්ට තැන් හොයාපියකෝ..)

    ReplyDelete
  16. මාරයෝ... උඹ පහුගිය ආත්ම වල මොක්කු වෙලා ඉන්ඩ ඇත්ද බං...? සමහර විට උගුඩුවෙක් වෙලා ඉන්ඩත් ඇති.. මේ ආත්මේ රා පෙරන්ඩ අදහසකුත් ඇති වෙලා තිබුණේ....
    ඒ කතන්දරේ නොදන්න කෙනෙක් ඉන්නවනං මාරයාගේ මූණු පොතෙන් බලා ගන්ඩ පුළුවන්...

    ReplyDelete
  17. මරේ අයියා මට ඉතින් පහුගිය කොටස බලන්න ලැබුනේ අදයි කමක්නෑ කෑලි දෙකම එක පාර බැලුවා ඒකත් හොඳයි . බන කතාව අමුතුයි මාරේ අයියා අපේ සීයට මම මේක පෙන්නුවා එයාවත් මේ කතාව අහලා නෑ !

    ReplyDelete
  18. හප්පේ අර කිව්වත් වගේ අපිට මක් වෙයිද මන්දා.. සංසාරේ... සංසාරේ...

    ReplyDelete
  19. අපේ උපාසක සැට් එක "PERFUME" චිත්තර පටිය දැකල තියේද?

    ReplyDelete