17 February 2011

සිත වෙහෙසට පත් වී ඇත...

හ‍ඳේ දොරගුළු දමා
වසා ඇති මුත් තදින්..
නොදැණුනිද ගලා යන
සිහිල් මඳ පවන් රැල්..

ඔබේ සිත් කව්ළුවෙන්
එබී බලනා සැණින්..
කෙසේ නම් නොහැඟේද
හදේ ආදර හැඟුම්..

අවසරද කියන් මට
අරින්නට පියන්පත්..
ඔබේ හද මන්දිරේ
අඟුළු ගලවා ලමින්..

ඉඳින් අවසර ලදින්
නම් ඔබේ මද හසින්..
සනසන්න මෙමා හද
සතපවා ආදරෙන්..

දුකින් පිරි හදවතත්
රැගෙන මා මාවතේ..
බොහෝ දුර ඇවිද ඇත
යන මගක් නොම හැඳින..

ජීවිතේ බොහෝ දුර
තවත් යන්නට නොහැක..
බොහෝ දුබලව තිබේ
විඩාපත් මගේ සිත...

13 comments:

  1. මේ යන විධියට ඉතුරු බන ටික විරිදු වලින් කියන්නත් බැරි නැත.

    ReplyDelete
  2. ඕක වෙහෙසුනාම කරන්න හොදම දේ මොකද්ද මාරයියේ

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්ම් අනේ මංදා..........

    සොවින් පිරී මගේ හදවත
    තුලින් මතු වෙවී පිටවන
    හැඟුම් කැටි ගැසී ගෙන එන
    සිතට වේදනා........ :(

    ReplyDelete
  4. කන පැලෙන්න බොන්ට මාරයියේ..

    ReplyDelete
  5. මොන මඟුලක් ලියන්නද බං මේකට.... පස්සේ ආයේ හොඳට කියවලා කොමෙන්ට් කරන්නං.....

    ReplyDelete
  6. පොඩ්ඩක් නිදාගන්න මාරේ අයියේ .. උදේ වෙනකොට ඇරිලායයි ..

    කවිය නම් ලස්සනයි කියන්න තියෙනේ එච්චරයි ,,,

    ReplyDelete
  7. අනේ මේ බොරු නැතුව හිටපං...

    අපි නොදන්න උඹේ හිත...

    ReplyDelete
  8. කන පැලෙන්න බීපං.....ම්ම්ම්..වැඩක් නැහැ උබ එක කරලා තියෙනවනේ..

    හැන්දෑ වෙනකං නිදා ගනිං...ම්ම්ම්...වැඩක් නැහැ උබ එකත් කරලා තියෙනවනේ..

    ඔලුව හැරිච අතේ පලයං...ම්ම්ම්...වැඩක් නැහැ උබ එකත් කරලා තියෙනවනේ..

    ලඟ ඉන්න එකාට බැනපං...ම්ම්ම්...වැඩක් නැහැ උබ එකත් කරලා තියෙනවනේ..

    කැම වර්ජනය කරපං...ම්ම්ම්...වැඩක් නැහැ උබ එකත් කරලා තියෙනවනේ..

    බඩ පැලෙනකං කාපං...ම්ම්ම්...වැඩක් නැහැ උබ එකත් කරලා තියෙනවනේ..
    .
    .
    .
    තව කරන දේවල් නැහැ වගේ බං...

    ReplyDelete
  9. මාරයා මල්ලි මන්නං විහිළුවක් කලේ ඉස්සෙල්ල පෝස්ට් එකේ, මං හිතුවේ නැහැ මලය මේ තරං අප්සෙට් ගහල කොමෙන්ට් වලටත් උත්තර බඳින්නෙ නැති සයිස් එකට වැටෙය් කියල,හිත රිදුනනන් එහෙම සමාවෙයන් මලේ. මං මේ පරණ පොතක, මාළු බාන්න ගිය හාමුදුරු නමකට දීල තිබුන නමක් මතක් වෙලා නිකමට ඔහෙ දැම්මෙ, ඕනෙම නං කස්ටිය අහල නෑ කියල හිතෙනවා නං ඒ කතන්දර ටික ඊමේල් කරන්නන්,මලයට, හොඳය් කියල හිතුනොත් ඔය බන අස්සෙම කියල දාන්න බැරිය.

    ReplyDelete
  10. යකෝ අයියේ පිස්සු දොඩවන්ට එපා ලියනවා තියා පාං කියා ගන්ට බැරුව මං ඉන්නේ..
    හෙට තමා ඔය හැම එකකටම උත්තර බදින්ට ඉන්නේ..

    ReplyDelete
  11. ගනන් ගන්න එපා මාරයෝ...ඕක ඔය දවසෙ වැරැද්ද...මෙහෙත් ඉන්නවා ඔය හුද්දො පුල්මූන් දවසට අප්සට් යන..(සබ්බේ සත්ථා ....නෑ නෑ..මම කව්ද බ0 උබට බණ කියන්න...)

    ReplyDelete
  12. හෙහ්...හෙහ්...හේ..ඉඳල හිටල වුනත් මාරයත් දිරච්ච ලනු ඔහෙ ගිලල දානව නේද?

    හැබය් අර කතා ටිකක් එවන්නං කිව්වෙ නං ලන්නක් නෙමේ.

    ReplyDelete
  13. @ Observer...

    මුළින්ම සමා වෙන්ට ඕන පිළිතුරු පරක්කු උන එකට..දිරච්ච ලණු නෙවෙයි බෝම්බ හරි ගිලින්ට ඇහැකි තත්වෙක ඊයේ උන්නේ..උදේ පාන්දරම නැකතක් බලලා ගෙයින් එළියට බැහැලා ගියේ ලැයිසොම ගන්ට...

    අවුරුදු ගාණකින් වාහනයක් අතින්වත් අලල්ලා නැතිව..
    අනතිමට ට්‍රයල් දීලා ඉවරවෙලා ලැයිසොං කරදහිය ලියාගෙන එතනින් එද්දී හයටත් කිට්ටුයි..දවල්ට කන්නත් නැහැ..ඒ ඇවිත් කඩාගෙන ආවා වැඩට..ඉතිං මොන උත්තර බැදිලිද..?

    බණ විරිඳු වලින් කියන එකත් මහ වැඩක්ද අයියා...

    @ItalyDilan...

    නොහිතා ඉන්න එක වගේම..පොඩියට වගේ මොනවා හරි අනුමත උනාමනං ඕං හරි..

    @හා පැටික්කී...

    අහ්..තාමත් නංගියාට ඒ හැකියාව එහෙමම තියෙනවා නේද..?
    හරියටම හරි නංගියේ..නියම නිලේ අහු උනා..

    @Pirate Bunny...

    දැන්නං බනියා මලයත් මාව තේරුං ගන්න ඇහැකි එකෙක් වගේ..මල්ලි හරි මල්ලි...

    @Jeew...

    මොන මඟුලක්ද කියලා මට තේරෙන්නෙත් නැහැ බං..උඹවත් කියහං..ඇත්තටම මොන මඟුලක්ද..?

    @හිස් අහස...
    සමහර වෙලාවට එහෙම උනාම නින්ද යන්නෙත් නැහැ බං...

    @prasanna86k...

    අනේ මාළුස් උඹයි මමයි දන්න අටපට්ටං..

    @Niroshan...

    උඹ හරි බං ගහන්න තියෙන හැම එකෙන්ම ගහලා අන්තිමට අපේ ආයුධ ඉවර උනහම..එතකොට ඉතිං බලාගෙන ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නැහැ..
    එක්කෝ කවුරුහරි ඇවිත් මොනවා හරි කරලා ගොඩ දායි...නැත්තං එන්න ඕන කෙනා ඇවිත් අපිව ඉවරයක්ම කරලා යයි..

    ReplyDelete