16 February 2011

මේ හීනය නුඹටම පමණයි...

සිහින විමන් ඉදි කරවා
නුඹේ නමට පුදන්නයි..
සොඳුරු සිහින තුල රඳවා
නුඹ සැමදා තබන්නයි..

සිහින් සේල වළා යහන්
නු‍ඹ වෙනුවෙන් තනන්නයි..
ඒ යහනේ නුඹ සතපා
කව් ගී වැල් කියන්නයි..

මල් පෙතිවල පාට අරන්
නුඹට තිලක තියන්නයි..
පාට පාට දේදුන්නෙන්
නුඹට රටා වියන්නයි..

මහද විමන් කවුළු දොරින්
නුඹට මගක් තනන්නයි..
ඒ හීනේ සැමදාමත්
අපි එක්වී ගෙවන්නයි..

11 comments:

  1. අයියා ලගදිම අමුත්තක් කරගනී වගේ...
    හොදා හොදා...

    ReplyDelete
  2. ඒ හීනේ සැමදාමත්
    අපි එක්වී ගෙවන්නයි..
    ඒක තවත් හීනයක්ම නොවේවා...

    ReplyDelete
  3. ආයෙමත් කට්ටියව නොමඟ යවන්න වගේ......

    මාතෘකාවේ තියෙන්නේ හීනයක් කියලනේ...... ඒ කියන්නේ හීනයක්...... :( :(

    ReplyDelete
  4. ඒ හීනෙ හැබෑ වෙච්චි දාට අපිටත් කමෙන්ටුවක් දාන්ට බ්ලොග් එකේ ලියන්ට ඕන මතක ඇතුව.

    ReplyDelete
  5. හීන කවදත් ලස්සනයි

    ReplyDelete
  6. සිහින
    මවන
    පාලම
    තනා
    ගොඩවෙන්න
    වාසනා!

    ReplyDelete
  7. මාරයියගෙ මාර කවි සිතුවිළි. මොනවා වුනත් මාරයියාගේ මේ අළුත් වෙනසට මගෙන් සුබ පැතුම්....!!!

    ReplyDelete
  8. හීන වලත් පොඩි ගතියක් තියෙනව, නැහැයි කිව්වට.....

    ReplyDelete
  9. @MaRLaN...

    පික්ෂුද මල්ලියා..?

    @කුරැම්නියා...

    ඒකනං ඉතිං මට කියන්නත් බැහැ..

    @හා පැටික්කී...

    අනේ අම්මේ නංගියේ උඹනං...

    @බූරු පුතා...

    හෙහ් හෙහ් අම්මේ බං බූරු පුතේ උඹ දකින්න තියෙන අමාරුවක්..

    @අකීකරු හිත...

    ඔව් නංගි..ඒත් හුගාක් හීන හීන විතරයි...

    @ගල් මල්...

    ඩීන් අයියට කාලෙකින් අපිවත් මතක් වෙලා...
    හම්මේ බං අයියේ කොහේදෑ හිටියේ..?

    @udaya.jayawardhana...

    යකඩෝ සුභ පතලත් අහවරද..?

    @Heeniyata...

    දකිනකංනං ගතිම තමයි..ඒත්..?

    ReplyDelete
  10. හිහ්... හිහ්... එල... එල... අලුත් වෙනසක් වගේ...

    ReplyDelete
  11. -HacKrisH- | හැක්ක්‍රිෂ්...

    අනේ නැහැ මලයා මොන වෙනසක්ද...?
    වෙනසකටත් එක්ක දැම්මට එහෙම කියන්ට තරං වෙනසක් පේන තෙක් මානෙක නැහැ...

    ReplyDelete