19 February 2011

පාසල් දිවිය...

ළපටි කැකුළු වියේ පටන්..
පොත් මිටියත් පිට බැඳගෙන..
ගමේ පුංචි ඉස්කෝලෙට ගියපු එකා මං..

පහේ කැලෑසිය සමත්ව..
ඉගෙන ගන්ට තවත් හොඳට..
සිදාදියේ කොලීජියට දාපු එකා මං..

හීනී කෙසග පරඩලක්ව..
ලොකු ලොකු ගස් අස්සේ වැනුන..
අකලට පරවී ගියාපු එකා උනෙත් මං..

අන්තිමේට කිසිත් නැතිව..
ආපහු ගම් දොරට ආව..
අනාත අසරණ ගැටයා උනා නේද මං..


*නිම්ශා නංගිගේ කවියකට ප්‍රතිචාරයක් හැටියට ලියඋන මුත් මෙය හොඳම හැඳින්වීමක් ලෙස මට වැටහුනේ ඒ දෙස බලා ඉද්දී නිසා මෙසේ පල කිරීමට සිත් විණි...

22 comments:

  1. මං ඕකේ අනික් පැත්ත.. සිදාදියේ ඉස්කෝලේ ඉදලා ආවා ගමේ ඉස්කෝලෙට..

    ReplyDelete
  2. මමත් චතුවා ළමයා වගේ සිදාදියෙන් ගමේ ඉස්කෝලෙකට ආව ටික කාලෙකට.කොහොමද කොල්ලො විතරක් හිටපු ඉස්කෝලෙක ඉඳල මිශ්‍ර ඉස්කෝලෙකට ආවම අර නැට්ටට මොනවද උනනව කියන කාලෙ වෙනකොට?

    ReplyDelete
  3. ගමේ ඉඳලා සිදාදියට යනවාට වඩා ගොඩක් වෙනස් වෙන්න වෙනවා සිදාදියේ ඉස්කෝලෙක ඉඳලා ගමේ ඉස්කෝලෙකට ආවාම නේද? මටනම් මං උ.පෙ කරන්න ආව ඉස්කෝලේ එපා වෙලා හිටියෙ මුල්කාලේ.. ඒ වුනාට ඒ හැටි ගමක නෙවේ ඉස්කෝලෙ තිබ්බේ.. හැබැයි ඒ ඉස්කෝලේ උන්නේ ගොඩක් දුර පලාත්වල ඉඳන් ආව අය..

    ReplyDelete
  4. @ළමයා...
    ඒකත් දෑහෙන වෙනසක් ඇති අත්දැකීමක් නේද මලයෝ..

    @Observer...
    මොනවද ඉතිං යාළුවා නිකං අර මොනවද කෑව මොකාද එකා වගේ ඉන්ට ඇති උළුක් කොර ගත්ත ගමන්..හෙහ් හෙහ්..

    @ළමයා...
    මොනවද ඉති මල්ලි ඒ දවස්වල සිදාදියේ කැටයම් ගමේ අර අහිංසක නගාලට පෙන්නන්න ඇති මදි නොකියන්න...

    ReplyDelete
  5. මම නම් ඉතිං හැමදාම එක ස්කෝලේනේ.. ඒවුනාට ඒ පැත්තේ ඕනෙ ස්කෝලේකෙට යන්න ස්පෙෂල් පාස් එකක් තිබ්බ මට. ඒක හින්සා ඉතිං ගැහැණු ස්කෝල පිරිමි ස්කෝල කියලා වෙනසක් නෑ... හිතුන ගමන් යනවා.

    ReplyDelete
  6. අපිත් ඉතින් ඉපදුන දා පටන් එකම ඉස්කෝළේ...... ඒ කිව්වේ ඉපදෙන්නත් කලින් ඉඳන්ම..... හික්ස්..... ;)

    ReplyDelete
  7. මාරයා බස් කතා කියන තැනකදි කොළඹ ඉස්කෝළේ නම නොකිය කියල තිබුන.මට හිතෙන විදියට මමත් ගියේ ඒකට.දෙන්නම සම වයසෙ සමහර විට දැකල කතාබහ කරලත් ඇති.මම හිටියෙ හොස්ටල්.මමත් මාරයා වගේ ඒකේ ඒ ලෙවල් කළේ නම් නැහැ.ඒ ලෙවල් කරන්න නැවත සිදාදියේ පාසැල දාල ආවා.මාරයා පාසැලේ නම කියන්නෙ නැති නිසා මමත් කියන්නෙ නැහැ.ඒත් මට සැකේ ඇරගන්න කියපන් මාරයෝ මම මේල් එකක් එවල ඇති

    ReplyDelete
  8. 6 පOති වලට ඉස්සරහ තිබ්බ කැන්ටීන් එක....
    පඩි පෙල ගාව, තඩි අඹ ගහ යට බට්ටො පැනපු හැටි....
    අලි විශාල ඉන්දියන් රබර් ගහේ මුල් වලින් ටාසන් පැදපු හැටි.....

    මොන තරම් සුන්දරද.....

    ReplyDelete
  9. කියල වැඩක් නැහැ මාරයා, කෙල්ලන්ටත් උන්ගෙ සත්වුද්යානෙට අලුත් සතෙක් ගෙනල්ල දැම්ම වගෙ.(අපේ මොන පොෂ් ද බන්),ඒ වුනාට පොෂ් කොල්ලෙක් උන්ගෙ හැටියට ඒ කාලෙ වටේ පරිබ්‍රහමනය වෙන්න පටන් ගත්තම උන්ටත් පිස්සු.{කොළඹ ඉස්කෝලෙක ඉඳල ආපු ඉංග්‍රීසි ටීචර්ට එහෙම අල්ලල ගිය පොරක්නෙ)හැබය් ටික කාලයය්. මාළුවා නහින්නෙත් කට හින්ද වගෙ කෙල්ලන්න්ට ආදර වචන එකක් දෙකක් කියපු ගමන් ඊට පස්සෙ උන්ව හොයන්න දැල් දාලවත් බැහැ.මොකද මන්ද කට ඇරියොත් කියවෙන්නෙම කට කැඩිච්ච කතාවක්.;

    ReplyDelete
  10. @prasanna86k...
    ඔව් මේ ළගදී අභිතයත් කියලා තිබුණා ඒ ගැන...අර සුමංගල බාලිකාවට ගිය එකෙක් ගැන..

    @හා පැටික්කී...
    එහෙනං සුවල් එකටම අම්මා චීට කෙනෙක් වෙන්ටෑ...

    @JHOTHISHALANKA...
    මගේ මුණු පොතේ ඇති මගේ ඉස්කෝලේ...
    ඇත්තටම අපි දෙන්නාම එකම ඉස්කෝලෙට ගිය එවුං දෙන්නෙක්...මගේ කාඩ් එක කිව්වානං ඔබතුමා මාව දන්නවා අනිවා..හැබැයි ඒ කාඩ් එක ලොකු කාඩ් එකක් නෙවෙයි...

    @Heeniyata...
    ආයෙත් අහලා...ඔන්න තවත් සගයෙක් ඉන්නවා...ජොතිෂ්‍ය ලංකා මහතැනත් අපේ එකෙක් කියන්නේ..?

    @‍ Observer...
    හෙහ් හෙහ්..අපරාදේ..මටත් ඔය මගේ කට හින්දා වෙච්ච පාඩු අපමණයි..මොකද මංදා මට වැඩි වෙලාවක් බොරුවට වර්ණනා කරන්න බැහැනේ අප්පා..ටික වෙලාවකින් ඇත්ත කියඋන ගමන් ඔක්කෝම හබක්..
    අදටත් ඉතිං එහෙම තමයි...

    ReplyDelete
  11. කුප්පියාවත්තේ ඉස්කෝලෙ කට්ටිය කය්ය ගහනකොට, චොප්පෙ අය්ය කියපු කතාවක් මතක් වුනා හෙට කියන්නන් , දැන් චුට්ටක් විතර අනුමත වෙලා ඉන්නෙ සෙනසුරාදනෙ, ගෑනිත් හීනියට රවරින් වගෙ.

    ReplyDelete
  12. මමත් නගරෙන් ගමට ආපු එකෙක් ,කොල්ලෝ,කෙල්ලො එක්ක ගෙවපු කාලෙ නියමයි. ගමේ ඉස්කෝලේ ඉන්න උන්ගේ හිත හරිම හොදයි.උන්ගේ හිතේ කුඩු කේඩුවක් තිබුනේ නෑ,අපිට කවදාවත් අමතක කරන්න බැරි පාසල් කාලය

    ReplyDelete
  13. එක එකාගෙන් සතේ එකතු කර ගෙනැවිල්ලා
    පුංචි බනිසක් අරන් විසි දෙනෙක් අත තියලා
    මදි පාඩුවට වතුර ටැප් එකෙන් ගෙන බීලා
    සතුටු උනු හැටි තියේ හිත් කොනක හැංගීලා

    ReplyDelete
  14. හ්ම්ම්ම්ම්ම්.....දැන් පිලිතුරු ලියන්නත් අරන්..ඒ මදිවට අර දුවෙක් වගේ ඉන්න කෙල්ලට නංගි කියනවා....
    මම කිව්වා හැරෙනකොටම ඔයපොල් පැලේ කන්න තමා කියලා...
    නොදකින් මගේ ඉකේයියා කට

    ReplyDelete
  15. @Observer...
    රවරින් නෙවෙයි තව ටිකකින් කවරින් හොයන්න වෙයි ඔහොම ගියොත්..

    @ItalyDilan...
    ඉතිං ඒ කියන්නේ මේ අයියත් අර ඔබ්සවර් අයියා වගේම කැටයම් පාර දාන්න ඇති..

    @පිණිබිඳු...
    හා.. ඕය කියවෙන්නේ...නංගිලා මල්ලිලාගෙන් කප්පං එක්කාසු කරපු හැටි..

    @රත්ගමයා...
    නෙද්දකින් ආවද තෝ..දෙයියනේ කියලා කනක් ඇහිලා හිටියා පහුගිය දවස් ටිකේ..චිහ්..මැණික් ඟ‍ඟේ කිඹුලෙක්වත් නැති උනානේ මේකාව කන්ට..නොදෝමකින්...

    ReplyDelete
  16. එක වසරේ පටන් 13 වසර වෙනකම්ම මම ගියේ එකම ඉස්කෝලෙකට . ඒකත් හරිම අමුතු අද්දැකීමක් . කරපු තරමක් කරේ .එපාකරපු වැඩම උනත් මම අවුරුදු 13ම ඉවර කරා .

    ඉතින් මොකද මාරේ අයියේ ඔහේ අනාත අසරන උනාය කියන්නේ .? මටනම් එහෙම හිතෙන්නේ නෑ . අසරනව ජීවත් වෙච්ච එකෙකුට ගස් ගල් එක්ක ඔය වගේ හැප්පෙන්න අමාරුයි .

    රත්ගමයගේ කතාව ඇත්තෙයි ?

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. අවුරුදු 13 න් 11 ක්ම බයිසිකලෙන් තමයි... ඉඳහිට කෝච්චියෙන් සහ පයින්....

    ReplyDelete
  19. @හිස් අහස...

    ඒ අනාථ අසරණවීමේ කතාව උඹ අද දන්නෙ නැහැ මල්ලි..මොකද උඹ අද පාට පාට හීනයක් දකින හින්දා..
    ඒත් ‍කොළඔය කියන අහංකාර මිනිසුන්ගේ නගරයට අල්ලපු වැටේ හිටිය අපිටත් ඒ අහංකාරකං වලින් බැට කන්න උනා...

    පැදුරෙ ඉන්න එකාට ආයේ වැටෙන්න තැනක් නැහැ...ඒත්..එක්කෝ ඕන නැහැ...

    රත්ගමයගේ කතාව මොකක්ද කියලා රත්ගමයවත් දන්නවද මංදා..?

    @රත්ගමයා...
    මොකෝ මලයා දාපු එකක් මකලා තියෙන්නේ?

    @Jeew...
    අපිත් ඉතින් එහෙම තමයි පාන්දර පහට බයිසිකලෙන් හැතැම්ම දෙකක් කැඩුනු පාරක් ඔස්සේ කළුවරේම...ඒකේ දුක උඹට කියන්න දෙයක් නැහැනේ...

    ReplyDelete
  20. අමිහිරි මතක කොච්චර තිබුනත් ...පාසල් කාලය තරම් සුන්දර සැහැල්ලු කාලයක් මේ ජීවිතේට ආය ලැබෙන් නෑ...

    ReplyDelete
  21. තුෂ් ෂීය ඊලඟ එක නේද :D

    ReplyDelete
  22. @කුරුමිනියා...
    ඒකත් එහෙම තමයි...

    @වැප්...
    ඊ ළග එකට ඊළග එක..ඒක තමයි හෙට කොරන්ට වෙන්නේ..
    උඹටත් මලේ ඒවා පේනවා නේද..?

    ReplyDelete