06 February 2011

අද පමණි හෙටක් නැත...

සිගන්නට ජීවිතය..
නැත තවත් අරමුණක්..
මිදී යන්ට එයින්..
දෙනු මැනවි මට ඉඩක්..

මුළු මහත් ලෝකයක්..
මට නතුව එක් දිනක්..
තිබුණු බව පමණක්ය..
ඇති තවම මතකයක්..

ජීවිතය මේවැනිය..
කියන්නට නැත ඉඩක්..
දිවි රැඳී තිබූ මුත්..
මමත් වෙමි මල කඳක්..

දිරි නොමැති රැදීලා..
යා ගන්න තව දුරක්..
ඒ නිසා වෙන්ව යමි..
හැරදමා ලෝකයක්..

සමු ගන්න අවසරයි..
අපට නැත හෙට දිනක්..
කිසි දිනක නොවේවා
මෙවන් වූ වියෝවක්..

ඔන්න Guzaarish බලලා මට වෙච්ච දේ...

14 comments:

  1. තවත් අලුත් බලාපොරොත්තුවක් ලඟදීම එයි!

    ReplyDelete
  2. මේ...මම දැන් හොදින් කිව්වා මාරයියේ.......මට හැගීම් බර වෙන්න බෑ හත් ඉලව්වේ....වෙන එව්වා බර වෙනවා

    ReplyDelete
  3. මොන ඉලව්වකට ඕක බැලුවද මන්ද?

    ReplyDelete
  4. Guzaarish බලලා තෝන්තු වෙලා හිටියා මාත්

    ReplyDelete
  5. රිතික්ගේ චාම පිල්ම් එක තමා Guzaarish

    ReplyDelete
  6. http://www.hindichithrapata.com/2010/05/3-idiots-2009.html#

    ReplyDelete
  7. දෙකක් නවාගෙන ඉන්නෙ. පස්සෙ කොමෙන්ට් එකක් දාන්නම් මාරයා මල්ලි.

    ReplyDelete
  8. මගෙත් බොකු බඩවැල් පුරාවටම වැදිච්ච පට්ටම ෆිල්ම් එකක් ..පස්සේ හිතුවා අපරාදේ බැලුවේ කියලා ..

    හෝල් කොපියක්නේ බැලුවේ ..

    මාරේ අයියේ .. ඔය ෆිල්ම් එක නිසා සොක් එකක් දැනුනානම් Action Replayy බලන්න ඒකත් එල ..

    ReplyDelete
  9. අයියණ්ඩි ඔය අනවශ්‍ය චිත්තරපටි බලන්ට එපා ;)

    ReplyDelete
  10. මාරෙ අයියෙ උඹෙ මූනූපොතේ නම දීහන්කො නැත්නම් මගේ මූනූ පොතට එන්නකො.

    facebook.com/AmilaArt

    ReplyDelete
  11. කැතයි හොඳේ....තනියම බලල මදිවට තව කවිත් ලියල. අපිටත් ඕක බලන්න පුලුවන් තැනක ලින්ක් එක දැම්ම නං මොකද වෙන්නෙ....

    ReplyDelete
  12. සමු ගන්න අවසරයි..
    අපට නැත හෙට දිනක්..
    කිසි දිනක නොවේවා
    මෙවන් වූ වියෝවක්.

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් අපූරු film එක තමා

    ReplyDelete
  13. අනිවා .. අද කාලා බිලා ඉන්න එපැයි හෙට ගැන හිතන්න නේද බං???

    ReplyDelete