28 February 2011

නිහැඩියාව...

හදවත සසල කරවාලන බව සත්තයි..
නුඹ නැති රැයේ ජීවිතයද මට තිත්තයි..
මග හැර සිටින බව මට දැනෙනව ඇත්තයි..
හේතුව කුමක්දැයි නොදනිමි මම සත්තයි..

හදවත පලා උණු රුහිරෙන් පුදන්නද..
ගලනා ගගක හෝ මුහුදක පනින්නද..
කියනා තැනක මම එල්ලී මැරෙන්නද..
සිත දිනුමට තවත් මොනවා කරන්නද..

සැගවී ඇති ලයේ රහසක් නොදන්නෙද..
දැන දැන නොදන්නා සේ ඔබ හිඳින්නෙද..
හදවත මගේ ගැයු දුක් ගී ඇසෙන්නෙද..
දැන්වත් කියන් නුඹ මාගේ නොවන්නෙද..

8 comments:

  1. අපොයි දෙයියනේ කවුදෑ මේ මාරයා අයියාගේ හදවතේ තියෙන ඔය සුන්දර රහස නොදන්නව වගේ ඉන්න සුන්දර ඇත්ති?????

    මොනා උනත් අර කියලා තියෙන දේවල් නම් කරන්ට හදනවා නෙවී ඕං අයියේ.....

    “ගලනා ගගක හෝ මුහුදක පනින්නද..
    කියනා තැනක මම එල්ලී මැරෙන්නද..“

    එහෙම කලොත් ඉතින් එයා රහස දැනගත්තත් වැඩක් නෑ නෙව...

    ReplyDelete
  2. හලේ අම්මපා මේ මල්සරා ට මේ තරම් ඊ තල තියෙනවද මෙයාට විදින්න. "මේ මචන් මල්සරා.... මෙයාටම විදලා ඉවර කර ගන්නේ නැතුව අපිටත් විදින්න ඊතල 2-3ක් තියා ගන්"

    උපදේශන සේවය නවත්තලා දැන් එහෙනම් මේ කෙල්ලට කොහොමද කියා ගන්නේ කියලා කල්පනා කරන්න. නැත්නම් අපිට ඉස්සරහට මේ බ්ලොග් එකේ විරහ කවි කියවන්න බෑ ඔන්න නොකිව්වයි කියන්න එපා.

    ReplyDelete
  3. කොහොමහරි කෙල්ලට කවි පද ටික පෙන්න ගත්තනම් වැඩෙන් බාගයක් විතර ගොඩ.

    ReplyDelete
  4. අනේ ඇත්තටම මේ දුක් ගීතය එයාට ඇහෙන්නෙ නැද්ද?

    ReplyDelete
  5. සසල හදවතේ දොඩමළු පද බෝමයි
    පාළු හුදෙකලාවේ කවි ගී ඇමිණෙයි
    ලියැවෙන එහැම අකුරක් නුඹ නමට පිදෙයි
    මේ සුන්දර පද හිමිකරු නුඹට හිතයි

    නුඹ සිත් දිනන්නට බොහො වෙර විරිය දරයි
    ගඟේ මූදෙ පනිනා බව පවා කියයි
    ඔහු ගැන දුකක් නැද්දෝ අප සැමට සිතෙයි
    සැඟවී ඉන්න තැනෙකින් එනු මැනැවි හොඳයි

    ReplyDelete
  6. කාලෙකින් අහපු හොදම කවි ටිකක්.....

    ReplyDelete
  7. ආයෙත් බඩු හරි වගේ....

    ඒ ලස්සනයි බං... මාර ගති... කතා ලියන්නේ නැතුව කවිම ලියන්නකෝ...

    ReplyDelete
  8. හප්පටසිරි......

    ReplyDelete