12 February 2011

ඇයි..?

රුදුරු මරුවැල් අතර රැ‍‍‍ඳෙමින් ජීවිතේ මං පෙත සරා..
විටක දැවෙමින් විටක තැවෙමින් දුක් සුසුම් සැම විඳ දරා..
පැමිණි මං පෙත අතර තුරදී ලැබුනු ගැරහුම් මා කරා..
සිතුනි නොකලේ මන්ද එලෙසින් නොදැම්මේ ඇයි මා මරා..

8 comments:

  1. රැගෙන යන්නට පැමිණි මුත් දිවි - මර සෙනඟ හා මාරයා
    දුක හිතිණි දැක ඉවර නැති බව තවම ඔහු දිවි මඟ ලියා
    මතක පොත පිටු පෙරළමින් බ්ලොග් ලියන්නට ඉසඹුව තියා
    මාරයා මරු රැගෙන නොගියේ ඉතිරියත් ලියපිය කියා

    - Taboo

    ReplyDelete
  2. මොකක්ද යකෝ වෙලා තියෙන්නේ??

    ReplyDelete
  3. ඇත්තටම මේ ඇයි?

    ReplyDelete
  4. අරාජික කාලයක්ද...බස් කතා ඉවර වෙලා අනිත් කතාවකට යනකම් ..ම්..

    ReplyDelete
  5. මාරයියගෙ ජීවිතේ වෙනසක් වත් වේගෙන යනවද? පහුගිය පෝස්ට් දෙක තුනේම ලොකු අමුත්තක් පේනවා. ජීවිතේ ගැන කලකිරිමෙන් ලියපු ඒව වගේ. මොකක් නමුත් විශේෂ සිද්දියක් ලඟදි වෙලා තියෙන බව හිතෙනවා. මම හරිද මන්ද.
    විභාගෙට පාඩම් කරන එක පැත්තක තියලා මම මේ කමෙන්ට් එක ගැහුවෙ මාරය්යගෙ මාර වෙනසක් පෙනුන හින්දා ඕං)

    ReplyDelete
  6. මේක අර සම්පූර්ණ ඇඩ් එකක් දාන්න කලින් කෑලි කෑලි පෙන්නනව වගේනෙ.

    ReplyDelete
  7. මොකද උනේ ? මේ මම හිතන දේ නෙවේ නම් හොඳයි ...

    ReplyDelete
  8. @ටැබූ...
    ටැබූ කවි ලියනවා එහෙනං..හෙහ් හෙහ්..
    ස්තූතියි..සමහර විට ඒක වෙන්නත් ඇති හේතුව..

    @රත්ගමයා...
    ඉකේයියා වෙලා බං හැම දේම...

    @ayesha...
    හැමදාම උදේ අවදි වෙච්ච වෙලාවටයි ආමෙත් රෑ දෙගොඩ හරියේ නිදාගන්න ගිය වෙලාවටත් ඒ අතරින් පතර දවස පුරාවටත් හැමදාම මට දැනෙන ගැටළුව තමා යාළු..

    @kuma...
    නැහැ කුමා..සදාතනික ගැටළුවක්...

    @kåʼnı @ SLSC...
    වෙනසක් වෙලා නෙවෙයි මලයා..නිතරම ඔහොම තමා..ඒත් ඒ දේවල් කොයි වෙලෙත් පිටට පේන්න දෙන්නේ නැතිව අපි දිහා බලං ඉන්න අය වෙනුවෙන් හිනා වෙලා ඉන්ට එපැයි..
    අනේ බං පාඩං කොරහං..අපි පස්සේ කාලෙක කොමෙන්ට් ලියමු..ස්තූතිය මලයා...

    @Praසන්ன...
    සම්පූර්ණ ඇඩ් එක දැම්ම දාට කොහොම හිටීද..?

    @හිස් අහස...
    මොකක්ද මලයා හිතුවේ..?

    ReplyDelete