01 March 2011

මාරයාගේ සජීවී අත්දැකීම...ගුවන් යානා අනතුරු දෙකක් මැද...

කියන්න දේවල් ගොඩයි..ඒත් ඒ හැටි වෙලා ගන්න බැහැ.

අද උදේ ගෙදර ඇවිත් ඇදුම් මාරු කරන් හාඩ්වෙයාර් එකට ගිහින් කෑලි වගයකුත් අරගෙන ඇවිත් පොඩි රෙපෙයාර් පාරක් දෙන්න පටන් ගත්තා..
මගේ තාවකාලිකව හදාගත්ත සින්ක් එකේ ජලය බැස යාමේ දෝෂයක් ඒ හින්දා ඒ බට කපලා සුද්ධ කරලා ආයෙමත් හරි ගැස්සුවා.

ඊට පස්සේ පටන් ගත්තා උයන්න කියලා..බත් එක ඉදෙන්න තියලා එළවළු ටික හෝදලා කප කප ඉන්නකොට තමයි වැඩේ සිද්ධ උනේ.

ඉහළ අහසේ මහා ශබ්ද කිහිපයක් ආවත් ඒක මට කනට හොඳටම හුරු පුරුදු ශබ්දයක්..කෆීර් යානා...
එකකට වඩා ප්‍රමාණයක් තියෙන බව තේරුනත් මං ඒ හැටි ගණන් ගත්තේ නැහැ..මොකද මේ ටිකේම මේ පැත්තේ අහසේ ඕවා ටිකක් හක්කලං කර කර තිබුනු හින්දා..මොනවා හරි පුහුණුවක් කියලා හිතලා මං ඔහේ උය උය හිටිය නෙව..

මම හිටියේ දකුණු දිශාවට මුහුණ දාලා කුස්සියේ ජනේලේ ගාව මට දකුණු පැත්ත පේනවා හොඳට කොහොමටත් උඩු මහලක් හින්දා සෑහෙන හොඳ දර්ශනයක් එතනට තියෙනවා..

හත්තිලව්වට ගහපු කලාබරේ..ඔය වෙලාවේ තමා අර මෙච්චර වෙලා තිබුනු ශබ්දයට වඩා අමුතු ශබ්දයක් මං හිටිය පැත්තට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ආවේ..ඒ කියන්නේ උතුරු පැත්තේ අහසින්..ඒත් එක්කම මගේ ගේ මුදුනින්ම මහා හඬක් නංවාගෙන මහා දුම් ගුලියක් යනවා විතරයි මම දැක්කේ...පොල් ගස්වල ගෑවී නොගෑවී..

ඇත්තටම පොල් ගස්වල ගෑවුනා වගේ තමයි මම දැක්කේ..මම ඉන්නේ ඉහළ හින්දා ඔළුවට උඩින් ගියා වගේ..
වහලේ උළුකැට දෙදරුවා..මට හිතා ගන්නති බැහැ වෙච්ච දේ..ඇත්තටම මොන මොනවා හරි අසභ්‍ය වදන් ටිකක් මගේ කටින් පිටඋනාද කොහේද..ඇයි යකෝ ට්‍රෙනින් කරනවා අපිත් දැකලා තියෙනවා..වහලවල් ඉඹගෙන යන්න මොකාද ලයිසන් දුන්නේ කියලා.

හැබැයි ඒත් එක්කම පුපුරන ශද්දයකුත් ආවා..මට හිතාගන්නත් බැහැ මොකද උනේ කියලා..ඒත් මට ඔයිට කළින් අත්දැකීමක් තියෙන හින්දා තේරුනා කෆීර් එකකට බඩු තමා කියලා..

ඒත් එක්කම මම ලිප නිවලා දාලා දිව්වා බැල්කනියට..අප්පද බොල වටේ පිටේ ඉන්න හත් අට දෙනෙක් එක පැත්තක් දිහා බලනවා..
ඒ මගේ ගෙයින් උතුරු පැත්ත..ගෙට මීටර් පණහක් සීයක් විතර ඈතින් කැලෑව මැදින් මහා ගින්නක් දුම ඕසෙට..මාත් බැහැලා දිව්වා..කැලෑව මැද්දේ පැරෂුට් එකකින් පයිලට් කෙනෙක්ව කට්ටිය තුන් හතර දෙනෙක් එක්කහු වෙලා ගලවනවා..මම දුවනකොට ඒ පයිලට් ගොයියා හිට ගත්තා අවුලක් නැහැ මිනිහා කොර ගගහා එනවා..ඒත් එක්කම එතනම කිට්ටුව තිබුනු ගෙදරකට එයාව එක්ක ගියා..විනාඩි තුනක් යද්දී හැම පැත්තෙන්ම සෙනග එනවා...පැරෂුට් එකට මීටර් තිහ හතළිහක් ඈතින් පොල් ගස් අස්සේ තමා ගින්න..මායි තව හත් අට දෙනෙකුයි මඩ වගුරේ බැහැගෙන එතනට දිවුවා...එකම ගිනිජාලයයි එතන..ඒ මදිවට අපි එතනට ගියා විතරයි පුපුරන්න ගත්තා පට පට ගාලා..නිකං ඇමෝ පෙට්ටියකට ඇවිළුනා වගේ..කෝකටත් කියලා එතන ඉන්න එවුන්ට මං කෑ ගැහැවුවා පස්සට යන්න මොනවා තියෙනවද දන්නේ නැහැ පුපුරයි කියලා ඒත් එක්කම කට්ටියම ආවරණ ඇති තැන්වලට ගිහින් ගින්න බලන්න ගත්තා..මාත් සාක්කුවේ එනකොට අතේ අරං ආව පෝන් කට්ටෙන් පින්තුර දෙක තුනක් ගහලා ආයෙමත් ගියා පයිලට්ට මොකද බලන්න..අවුලක් නැහැ සාත්තුවට ඕන තරං කට්ටිය..
ගුවන් හමුදා මූලස්ථානයේ දුරකථනයවත් 119 වත් එකකට වත් ගන්න බැහැ.
ඒ අතරෙම තව කවුද කිව්වා අනිත් එක නෙල්ලිගහමුලට වැටිලා කියලා..
මං ආයෙමත් දිවුවා..මගේ ගෙට මීටර් එකසිය පණහක් දෙසීයක් අතර වගේ අනිත් පැත්තේ වත්තකට ඒක වැටිලා..
ඒත් ඒකේ නියමුවා ඒ තරං වාසනාවන්ත වෙලා නැහැ..කෆීර් එකට තරමක් මෙහායින් පැරෂුට් එකත් එක්ක පැටළිලා බිම වැටිලා තිබුනු සිරුරට හුගාක් හානි වෙලා..ඔළුව නැති ගානයි..කකුලේ මස් ගොබ එළියට පැනලා..
ඡායා රූපයක් ගන්න එසවුනු මගේ අත අයෙමත් පහතට වැටුනා...
ඒක මට කැමරාවට ගන්න හිත හදාගන්න බැහැ..මේ වෙනකොට හැම අතින්ම සෙනග පිරෙනවා..පළාතේ ගම් වැසියන් බොහෝම උනන්දුවෙන් මේක බලන්න එනවා.

ඒ අතරෙම මගේ ගේ ඉස්සරහා කුඹුරට බෑව චොපර් එකකට අර බේරුනු පයිලට්ව දාගත්තා..
දැන්නං ඉතිං ආයෙමත් කරන්න දෙයක් නැති හින්දා මං ආපහු උඩ තට්ටුවට නැග්ගා ඇග පුරා මඩ..
ඒ හින්දා නාගෙන ආයෙමත් උයන ගමන්ම පාරත් බල බල හිටියා..ඉස්සරහා කුඹුර නිකං කටුනායක කෑම්ප් එක වගේ චොපර් බානවා නග්ගනවා..කොයි වෙලෙත් එකක් දෙකක් බිම...

ඒ අතරෙම ඔන්න ජනාධිපතිතුමත් ආවා..සිද්ධිය වෙලා පැයක් යන්න කළින් උන්නැහේ එතනට කඩං පාත් උනා ගවනින්ම වෙල මැද්දට බෑව චොපර් එකෙන් බැහැලා වෙල මැදින්ම දුවගෙන ඇවිත් අර මුළින් වැටුනු එක බලන්න ගියා මාත් උඩ තට්ටුවට වෙලා උන්නැහේවත් හොඳට වීඩියෝ කර ගත්තා..දැන් මේ වෙන කොටත් මේ පැත්තෙම සෙනග පිරිලා..දැන්නං ගිනි ගොඩවල් දෙකම නිවලා..හැම දේම සාමකාමීයි...ඒත් පළාතම පොලිසිය හමුදාව පිරිලා..සෙනගත් එහෙමමයි..මං හිතන්නේ දහ දහාකට එහා පැත්තේ සෙනගක් උදේ ඉඳලා මේක බලන්න ආවා..තාමත් එනවා ඉවරයක් නැහැ..ඒ අස්සේ අර කෆීර් එකකින් විසි උන කෑල්ලක් වැදිලා කරන්ට් වයර් වගයක් ගිනි අරන්..ඒ හින්දා එක පැත්තක ලයිට් කැපුවා මාටත් ඉතින් කරන්ට එක නැහැ..ඒත් අනිත් පැත්තේ ලයින් එකේ කඩෙකින් මං ටෙම්පරි ලයින් එකක් දාගෙන යාන්තං ලැප් එක ක්‍රියාත්මක කරගත්තේ දැන් තමයි...

හදිසියට ලිව්වේ..වැරදි පස්සේ හදනවා...
ආ ඒ අස්සෙම කියන්න ඕන හැකි ඉක්මනින්ම මං උන්නද මළාද කියලා හොයලා බලපු අබේ පාල මාමාට පින් උන්දැට විතරයි මාව මතක් වෙලා තිබුනේ...
ඇත්තටම එතන තියෙන උස ගොඩ නැගිල්ලේ ඉන්න හින්දා මටයි පහල තියෙන ලීමඩුවේ එවුන් ටිකටයි කෙළවෙන්න තිබුනු හැකියාව සීයයට අනූනවයයි..කොහොම උනත් යාන්තං එකක් ගේ පෙනි පෙනි වැටුනා..අනික වහලේ උඩින් ගිහින් අනික් පැත්තට වැටුනා..තව අඩි දහයක් විස්සක් පාත් උනානං..මාරය ගැනත් අර රෑ ටීවී වල රේඩියෝවල යන්ටත් තිබ්බා...

62 comments:

  1. අප්පේ මාරයියා මාර අත්දැකීමක්නේ ලබලා තියෙන්නේ... කියවනකොට බය හිතෙනවා..

    ReplyDelete
  2. මාරයියේ ගත්ත ෆොටෝ ටික දාන්නකෝ..
    මමත් සිද්ධිය බලන් හිටිය වගේ දැණුනා මේක කියවනකොට..

    ReplyDelete
  3. ස්තූතියි මාරයා විස්තරයට...
    ඔයා පින් කරලා.... අපිත් පින් කරලා...
    අර මනුස්සයා පව් කරල කියනව නෙමේ...
    අනේ මන්දා...

    ReplyDelete
  4. හසී...
    ඒකනේ මටම තමයි ඔවා වෙන්නේ..ඔය දෙවෙනි එක.ඔයිට කළිනුත් මං ඉස්සරහම මිග් එකක් වැටිලා ගිනි ගත්තා ඒ කටුනායකදී..

    ReplyDelete
  5. මාරය මරු කපොල්ලකින් බේරිලා.. තියෙන්නේ . අර නියමුව ගැන නම් කණගාටුයි . ගත්ත පෝටෝ ටික දාන්න පුලුවන් නම්

    ReplyDelete
  6. ම්ම්... අපරාදෙ ජිවිත සහ කෆිර්... අහල පහල මිනිස්සුන්ට කරදරයක් වෙලා නැද්ද?

    ReplyDelete
  7. සිරකරුවා...
    දාන්නනං ඕන..පොඩි අවුලකට තියෙන්නේ මේ කනෙක්ෂන් එක ස්ලෝ වෙලා තියෙන එකයි..ඒ මදිවට මේ හරියේ තාම ෆොන් හිටන් හරියට වැඩ නැහැ...මහින්ද උන්නැහේ එනවත් එක්කම ඒවා ඔක්කේම අල උනා..තාමත් වැඩේ හරියට නැහැ..

    ReplyDelete
  8. ෆොටෝ ටික දාන්නකෝ..............

    ReplyDelete
  9. තනෝජා අක්කා...
    අනේ මන්දා අක්කේ..ඒත් අනතුරු අවම වෙන විදියටයි වැඩේ වෙලා තියෙන්නේ...ඔය පළවෙනි එක වැටුන තැනට මීටර් පන්සීයක් විතර එහාදි තමයි ඔය දෙක ගෑවිලා තියෙන්නේ..හරියටම මම කළින් වැඩ කරපු ෆැක්ට්‍රිය උඩ අහසේ..එහෙත් කෑලි බිම වැටිලා තියෙනවා...
    එතනදී වැටුනනම් මොනවා වෙයිද කියන්න බැහැ.මිනිස්සු දාහක් හමාරක් වැඩ කරන තැනක් ඒ...
    මං ඉන්න ගොඩනැගිල්ලේ වැදුනනං ඒත් එච්රයි..මේකට අල්ලපු වැටෙත් සීයක් විතර ඉන්න පොඩි ෆැක්ට්‍රියක්...

    ReplyDelete
  10. මාරයා මාර අත්දැකීමක් ලබල තියෙන්නේ...:D

    ReplyDelete
  11. buwa...
    බලමු අද කොහොම හරි මේ ටික අප්ලෝඩ් කරගන්න

    ReplyDelete
  12. මාරය අයියා ඔය තුවාල වුනු පයිලට්ගේ නම මොනාත් පෙරේරා.මාත් එක්ක එක වසරේ ඉදලා දිගටම හිටපු එකේක්. යුද්දේ කාලේ හිටපු හොදම පයිලට්ලගෙන් එක්කෙනෙක්.මට යලුවෙක් කොල් කරලා මේ කතාව කිවම ඇත්තටම මව ස්ටක් වුනා පස්සේ දන්න දන්න් අයට කතා කරලා බලුවා කතාව ඈත්ත.අවන්කවම හිටපු හොදම අවන්ක මිතුරෙක්.මොනවා කරන්නද........දන් සති කීපයකට කලින් කතා කරල බිග් මෑච් එකට මොකද කෙරන්නේ කියලා පයක් විතර චෑට් එකක් දෑම්මා.
    මොනාත් නුඹ ගියා කියලා තාම හිත පිලිගන්නෑ මොකද මන්දා.......

    ReplyDelete
  13. Hipo...
    අපරාදෙත් අහනවා..
    දෙවෙනි එකේ නියමුවා ඇර වෙන කිසිම කෙනෙකුට හානියක් නැහැ..
    පළවෙනි එක එක තැන වැටුනේ..ඒ වටේට වැඩි හානියක් නැහැ..කෑල්ලක් විසිවෙලා ගිහින් ළග දෙරකට ටිකක් ඩැමේජ්..එච්චරයි..

    දෙවෙනි එකනං ගස් වැල් කඩාගෙන බිමට වැටුනේ..පළාතම පිච්චිලා..පොල්ගස් කරටි නැහැ..අන්තිමට ගිහින් තට්ටු දෙකේ ගේක ඉස්සරහා හොට ඇනිලා..ගෙයි බිත්තියක් කඩාගෙන ගිහින් ඒත් මිනිස්සුන්ට කරදරයක් නැහැ..හැබැයි ඒ පළාතම සුද්දයි..

    ReplyDelete
  14. Ansh Lucky Sri Jay...

    බලමු කොහොම හරි දාන්නං.

    ReplyDelete
  15. අම්මෝ මාර බේරිල්ලක්නෙ බේරිලා තියෙන්නෙ.

    ReplyDelete
  16. priyantha.ඒබී...
    මාරදත් අහනවා..තාම ඇගේ මයිල් ඉසමයිල් වෙච්ච ගමන්...

    ReplyDelete
  17. අසංක...
    මචං නැතිවෙච්ච කෙනාද..?
    නැත්තං කකුල විතරක් තුවාල වෙච්ච කෙනාද..?

    ReplyDelete
  18. පිණිබිඳු...
    මං විතරක් නෙවෙයි නංගි..මේ පැත්තේ හැමෝම පුදුම පින් කාරයෝ ටිකක්.

    ReplyDelete
  19. යකෝ උබත් මට කතා කරලා දුක සැප කිව්වේ :D

    ReplyDelete
  20. මාරයා මාරයාෙගන් ෙබ්රිලා ෙන්.....!

    ReplyDelete
  21. යකඩ ගොඩවල් නම් ආයේ ගන්න පුළුවන්... ඒත් කාටවත් හානියක් නොවුන එක ගැන සතුටුය.. අර පයලට් ඇර....ඒ වටිනා ජීවිතේ මිළ කරන්න බෑ නේද....

    ඒ වගේම උඹත් නූලෙන් හරි ඛේරීම ගැන සතුටුයි මාරයෝ....

    ReplyDelete
  22. අම්මෝ මාරයෝ උබලා බේරිලා තියෙන්නේ නූලෙන්නේ.කොහොමත් ගුවන් යානා,දුම්රිය,බස් අනතුරු වැඩි කාළයක් ඉදිරි මාස 4 පුරාම වගේ තියේවි.ගත්තු පින්තූර දාන්න බැරිද?මොනා වුනත් ජීවිත හානි අඩුම වුන එක ලොකු දෙයක්.

    ReplyDelete
  23. වැප්...
    ඒ ගත්තේ තොට බයින්න‍නේ..බස් වැසියෝ ගැන හොයලා බලන්නේ නැති එකට

    ReplyDelete
  24. මාර කියන්නෙ මාරම සීන් එකක්නෙ බං....
    ඔය දෙක මැද්දෙ උඔ හිටියා කිව්වාම..
    හිතා ගන්නවත් බෑ...

    ReplyDelete
  25. එදිරි...

    හනේද කියන්නේ..

    ReplyDelete
  26. නෑතිවුනු කෙනා මචො....

    ReplyDelete
  27. @අසoක
    ඔයාගෙ කමෙන්ටුව කිවයෙව්වෙ පස්සෙ ඇත්ත තමයි මේ වීර පයිලට්ල හින්ද තමයි අපි අද නිදහසේ ජීවත්වෙන්නේ.

    ReplyDelete
  28. JHOTHISHALANKA...
    බලමු පින්තූර ටිකට මොනවා හරි කරන්න..තාම මේ සිග්නල් අවුලක්

    ReplyDelete
  29. හ්ම්ම්... කෆිර් දෙකකුයි ජීවිතේකුයි...ඔයින් ගියා ඇති කියල විතරයි හිතන්න පුළුවන්... වටාපිටාවෙ තියනව කියන ෆැක්ටරි ගෙවල් බේරිල...

    ReplyDelete
  30. charmi...
    පුළුවන් උනොත් ගූගල් මැප් එකකින් මං අරං දාන්න බලන්නං වෙච්ච තැන් ටික

    ReplyDelete
  31. යුද්දෙන් බේරුණ ජීවිතයක්... ඒක වෙන්නැති මිනිස්සු මැරෙන වෙලාව උපදිනකොට ම අරන් එනව කියන්නෙ...

    ReplyDelete
  32. අසංක...

    ෂෙහ්...මං හිතන්නේ මචෝ ඌ අන්තිම මොහොත වෙනකල් ට්‍රයි කරලා තියෙනවා වැඩේ ගොඩ ගන්න..නැත්තං ඌටත් අනිත් එකා පැන්න වෙලාවෙම පනින්න තිබුනා...
    මට ඔය ගැන වෙන කතාවක් ලිව්වහැකි ඒත් මේ ඒකට වෙලාව නෙවෙයි...

    ReplyDelete
  33. පයිලට්ට සිද්ධ වෙච්චදේ ගැන නම් සෑහෙන්න දුකයි.. ප්ලේන් නම් ඉතින් සල්ලිවලට ගතහැකිනොවැ.. :(

    ReplyDelete
  34. චේජනා...

    ඒක ඇත්ත කොතැන උනත් නැත මරු හට බාධා...

    ReplyDelete
  35. කාංචන දිනූක...

    අනේ මන්දා...

    ReplyDelete
  36. ඉස්සෙල්ලාම උඹට මුකුත් අතුරු අන්ත්‍රාවක් නොවුන එකට සතුටුයි. අනිත් පැත්තෙන් අර අපිට නැතිවුනු පයිලට් ගැන දුකයි. යුද්දේ කාලේ කොටින්ගේ බුලට් වලින් බේරිලා රට ගොඩ ගත්ත වීරයෙක් වෙන්නැති.

    මේ නිවුස් එක දැක්ක වෙලාවෙ ඉඳන් විස්තර හොයාගන්න හැම නිව්ස් සයිට් එහෙකටම ගියා. ඔන්න බොලේ මාරයගේ තමයි හොඳම ප්‍රවෘති වාර්ථාකරණය දැක්කෙ.

    ReplyDelete
  37. දුමී...

    ඔව් බං මං හිතන්නෙත් පයිලට් බේරෙන්න කළින් හැදුවනං මිනිහට බේරෙන්න තිබ්බා කියලයි.
    නැත්තං ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ මිනිහට පනින්න...

    අනික ෆ්ලයිට් එකක් ක්‍රෑෂ් උනහම මිනිහම අනිවාර්යයෙන් අන්ඩග්‍රවුන්ඩ් කරන සිස්ටම් එකක් තියෙනවා මං දන්න විදියට...කවුද කැමති ආයෙමත් කවදාවත් පියාඹන්න නැති වෙනවට..විශේෂයෙන්ම හොඳම වැඩකාරයෙක්නං...

    ඔළුව ගාවම උන හින්දා ඔන්න හරි හමන් විස්තරයක් දීගන්න ඇහැකි උනා..

    ReplyDelete
  38. දැනුයි දන්නෙ මේ සිද්ධිය.
    මැරුන පයිලට් උපරිම ට්‍රයි එකක් දෙන්න ඇති බේර ගන්න අන්තිම වෙනකන් ඉඳල හරි.

    ReplyDelete
  39. අපට අහිමි වූ විරුවා
    http://awaataya.blogspot.com/2011/03/blog-post.html

    ReplyDelete
  40. This comment has been removed by the author.

    ReplyDelete
  41. අපරාදේ වටිනා ජීවිතයක්,මේ වගේම මතකද ලගදී MI24 කඩා වැටිලා එතනත් මැරුනේ මේ වගේ කොල්ලෙක්.රෙහාන් කියලා මම අදුනන කොල්ලෙක්.මොනවා උනත් රට වෙනුවෙන්,,මුන් වීරයෝ...
    අද මාරයා නියම විස්තර ප්‍රචාරයක් දීලා තියනවා ජායාරූප විතරයි අඩු...මාරයියේ හොද නැද්ද පත්තර රස්සාවටත් ඇහැ දාලා බැලුවොත්

    ReplyDelete
  42. කුස් දාලා තියන ෆේස් බුක් ලින්ක් එක අයින් කලා නම් හොඳ නැද්ද ...

    මං කියන එක තේරෙනවා ඇති නේද

    ReplyDelete
  43. දුමී කිව්වා වාගේ මේ ගැන හොඳම වාර්තාකරණය මාරයාගෙන්...

    පිංතූර ප්‍රසිද්ධියේ දාද්දී ඩබල් චෙක් කරලා දාපන්... උඹ නොදැනුවත්ව හරි මොකක් හරි රාජ්‍යය ආරක්ෂාව සම්බන්ද අලකලංචියකට පැටළුනොත් තියෙන කරදර අස්සේ බඩුම තමයි...

    ReplyDelete
  44. Umba hari Vap .. onna ayn kala...

    ReplyDelete
  45. ස්තුතියි මචන් වැරදියට තේරුම් අරගන්නේ නැතුව ඒක අයින් කලාට ...

    ReplyDelete
  46. කෆීර් දෙකක් මැද්දෙන් දිවි බේරාගත් මාරයාගේ සජීවී විස්තර විචාරයනං නියමයි. ඇගේ මයිල් ස්මයිල් වෙනවා.
    ෆොටෝ ටිකත් දාන්න.

    ReplyDelete
  47. @ VAP... :) No worries macho..

    ReplyDelete
  48. මයිල් කෙලින් විය!
    පොටෝ ප්‍රසිද්ධ කරන එක ගැන දෙපාරක් හිතපං.

    ReplyDelete
  49. අම්මෝ මම ලඟපාතක හිටිය නම් බයටම එලොව ගිහින්. :(

    ReplyDelete
  50. තෙරුවන් සරණයි! උඹට.....

    මාරම මාර....මාර සීන් කෝන් එක. කන ගාව වෙලා තියෙන්නේ නේද....

    නැති උන මනුස්සයට නිවන් සුව!

    ReplyDelete
  51. අම්මෝ... මාරඅත්දැකීමක්.. වීර ජිවිතයක් ගැන කනගාටුයි...

    ReplyDelete
  52. මාරයා බණ දන්න නිසා අහන්නේ, අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියල බුදුහාමුදුරුවෝ කිව්ව කතාවට මේ කතාවත් ගැලපෙනවද?

    ReplyDelete
  53. Aiyo.mama dakka pahugiya dawas wala owa practice karanawa.:-( mama ithin sadde ahuna gaman eliye ne aircrafts tika balaganna....paw ara maruna pilot.eka nam mata sahenna upset....oya wage fighter aircraft ekaka pilot wenna chance eka labenne keeyen kee denatada...ekata kochchara nam experience oneda,kochchara wiyadamak yanawada....anika yuddheth iwara wela mehema hamudawe sebalu marena eka...paw.thanks a lot for sharing this with us....

    ReplyDelete
  54. අපේ මාරයාව බේරා දුන් ඇත්ත මාරයාට අපි මුලින් ම ස්තූතිවන්ත වෙන්නෙ ඕනේ. අනේ අර අසරණ වීරයාගේ ජීව්තේ අකාලේ උදුර ගත්ත එකට නම් ඉතින් මාරයට හොඳක් කියන්න බැහැ... මටත් හිතෙන්නේ මිනිහා අන්තිම මොහොතෙත් තමන් ගැන නැතුව වෙන්න යන විනාසේ වළක්වන්න ගිහින් තමා මේ දේ වෙන්න ඇත්තේ.. එහෙම මිනිස්සුන් ව මාරයට පරද්දන්න බැහැ...

    ReplyDelete
  55. පුදුම හිතෙන අද්දැකීමක් වෙන්න ඇති මාරේ අයියා ... නැති වෙච්ච පයිලට් ගැනනම් දුකයි ..

    මට හිතෙන්නේ මේ ගුවන්‍යානා දෙකක්ම වැටීම කුමන්ත්‍රනයක්ද කොහෙද ? ඒව එකිනෙක ගැටුනේ නෑ නේද ?

    ReplyDelete
  56. අරය වැන්දද, අරයට වැන්දද?

    ReplyDelete
  57. කෆීර් නෙමෙයි මොන පීර් ආවත් අපේ මාරයියට අත තියන්න පුලුවන්ද???? අම්මෝ අහද්දි නම් බයෙත් බැ මාරයියා.......

    හැබෑද අර මොනවද කෑලි වගයක් මාර භවනේ කියන්නේ???:D

    ReplyDelete
  58. අම්ම ගහයි කිව්වලු. ඔය සීන් එක ගැන ෆෝන් එකට එක දිගට නිව්ස් ඇලට් ආවා. වාරණ පැත්තේ කියලා තමා ඒවායින් කිව්වේ. මාරයියාට ආවුස තියෙනවා නොවැ. තවත් කතා ගොඩක් ලියන්න වාසනාව තිබිලා තියෙනවා නොවැ.................

    ReplyDelete
  59. මාරයියේ මේ කතාව වගේම එකකට මම මීට අවුරුදු 2 කට විතර කලින් මූණ දුන්නා. මගේ යෙහෙලියක් විවාහ වෙන්න හිටපු ගුවන් හමුදා නියමුවෙකුත් මේ වගේ ම හෙලිකොප්ටර් අනතුරකින් මිය ගියා. එයාලාගේ විවාහ මංගල්‍යයට ඒ වෙනකොට තිබ්බේ මාසයක් දෙකක් වගේ සුළු කාලයක්. ඇය කොහොම ඒ කම්පනය දරා ගත්තද මන්දා! මේ අනතුර ගැන ඇහුවාම මට ඒ සිද්ධිය මතක් වුණා. තවම හිතා ගන්න බෑ. හරිම දුකක්!

    ReplyDelete
  60. මාර අය්යා කොහෙද ඉන්නෙ?අඹගස්පිටියෙමද?හප්පෙ මාර බේරිල්ලක් නෙවැ

    ReplyDelete