03 March 2011

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්...කාරුණික ඉල්ලීමක්

දැන් ටික දවසක ඉඳලා මට හිතිලා තියෙන දෙයක් මේක...
ඇත්තටම මේ බ්ලොග් කෙරුවාව හින්දා මට ලොකේ වටේම ඉන්න මිනිසුන් රාශියක් දැන හඳුන ගන්න ලැබිලා තියෙනවා...

මම මේක පටන් ගන්නකොට මට තිබුණු අරමුණු වලට හාත් පසින්ම වෙනස් පැත්තකට මාව ඇදිලා ගියේ නොදැනුවත්වමයි කිව්වොත් ඒක හරි..ඒත් මට මගේ අරමුණු කරා යන්න බැරි උනා කියලත් මං හිතන්නේ නැහැ..මොකද මගේ අරමුණු බොහෝම සරල ඒවා වීම නිසා...
ඒත් එයින් එක අරමුණක් වෙච්ච දේශපාලන විෂය ගැනනම් මං හිතුව තරම් දෙයක් මට කරන්න උනේ නැහැ..ඒත් ඒ ගැන මට ඒ හැටි හිතන්න දෙයක් නැහැ..

ඒ හැර අද මේ වෙනකොට මම මීට අවුරුදු දෙකකට කළින් හිටියට වඩා හොඳ මානසික මට්ටමක ඉන්නවා කියලා මම දන්නවා..
විශේෂයෙන්ම හිත හුගාක් පහළටම කඩං වැටුනු මොහොතක පටන් ගත්ත මේ කෙරුවාව හරහාම හිතේ තියෙන කේන්තිය දුක හැම දෙයක්ම මම අකුරු වදන් වැල් හරහා එළියට දාලා ඉවරයි...
දැන් ඇත්තටම හිතට හුගාක් නිදහසක් තියෙනවා...

ඒත් දැන් මට හිතෙනවා මං ටිකක් සමාජයට නිරාවරනය වෙනවා වැඩියි නේද කියලා..කොහොමටත් කාලයක් තිබුණා මං ගේ ඇතුලේ එක තත්පරයක් නොහිටින කාල..යාළුවන්ගේ මැද්දේම ජීවිතේ ගෙවුන කාල..

ඒත් දැන් මම ඒහෙම ජීවිතේකට ඒ තරම් කැමැත්තක් නැහැ.
හැම දෙයක් දිහාම පැත්තකට වෙලා බලන් ඉන්න ඇර..ඒ හැම දේටම මැදිහත් වෙන්නවත්..සිද්ධ වෙන කිසිම දෙයක් වෙනස් කරන්නවත්.. ඔය කිසිම දේකට මට දැන් ඒ හැටි උනන්දුවක් නැහැ..
එහෙම වෙන්න හුගාක් හේතු කාරණා තියෙනවා මට..
විශේෂයෙන්ම බොහෝම කාලයක් මිනිස් සමාජයේ මිනිසුන් අතරම හැසිරිලා අත්දැකපු දේවල් වලට අනුව මම දැන් කැමති සමාජයත් එක්ක නොගැටී ඉන්නයි.

මට මගේ අදහස් ටික එළියට දාගන්න..මට හිතෙන හැම දෙයක්ම කියලා දාන්න මේක තියෙනවා..ඒ වගේම අනිත් මිනිසුන්ගේ අදහස්වලට කන් දෙන්න ඒ ගැන හිමීට හිතා බලන්න..ඒවාට ප්‍රතිචාරයක් දක්වන්න..
ඒ හැම දේටමත් මේ බ්ලොග් කෙරුවාව සෑහෙනවා..

ඒ අතරේ ඒ සම්බන්ධකම් බ්ලොග් ලෝකයෙන් එළියට ගෙනියපු අවස්ථාත් ස්වල්පයක් තියෙනවා..
ඒ ඉතිං ඔය S.B.U. එකේ හමුව වගේ අවස්ථා..

ඒත් දිගින් දිගටම ඒ වැනි සම්බන්ධතා ඉදිරියට ගෙන යාම මගේ මානසික සහනය හේතු වෙන්නේ නැති බව මට දැන් ටික දවසක ඉඳලාම තේරුම් ගිය දෙයක්.

ඒ වගේමයි මට දැන් මගේ දුරකතන අංකය පැතිරී යාමත් ගැටළුවක් බවට හැරීගෙන එනවා කියලා තේරෙනවා..
මම මගේ අංකය බොහෝම සීමිත පිරිසකට දීලා තිබුනා උනත්..දැන් මේ වෙන කොට ඒක නොදැනුවත්වම මං දන්නේ නැති අය අතටත් ගිහිං තියෙනවා වගේ කියලා මට හිතෙනවා..
ඇත්තටම ඒක මට ගැටළුවක්...

මුල ඉඳලාම මගේ අංකය දන්න කිහිපදෙනෙක් ඉන්නවා අදටත් කවුරු හරි නොම්මරය ඉල්ලුවාම මගෙන් අහලා පමණක් දෙන්න පුරුදු වෙච්ච අය..ඒත් දැන් දැන් ඒ තත්වය වෙනස් වේගන එන බව මට පේන්න තියෙනවා...ඒ ගැන ඒ තරම් හිතේ සතුටක් මට නැති බව කියන්න ඕන...

විශේෂයෙන්ම ඇමතුමක් අරගෙන තමුන් කවුද කියලා කියන්නේ නැතිව ෆෝන් එක තියන අය හින්දාම මට ඔය අංකය වෙනස් කරන්න තරම් දැන් හිතිලා තියෙන්නේ...
මාව හොයාගන්න ඕන සහ මගෙන් ප්‍රයෝජන තියෙන කිහිප දෙනෙක් හින්දාම මම ඔය අංකය තියාගෙන ඉන්නේ..ඒත් දැන් මට හිතෙනවා මොනවා හරි විසඳුමක් සෙවිය යුතුයි කියලා...

ආ මේක කියන කොට විශේෂයෙන්ම කියන්න ඕන ඊයේ හවස මට කතා කල අපේ උපාසකවත් එහෙම නැත්තං හිරු එෆ් එම් එකේ නිවේදිකාවටවත් නෙවෙයි මේ කියන්නේ..
මේ කියන්නේ වෙනම කාරණාවක් ගැන හරිද..?
විහළු තහළු වලට මගේ කිසිම අකමැත්තක් නැහැ..හරිනේ..

ඉතිං කොහොම උනත් මේ තත්වය යටතේ පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා දැනට මගේ අංකය තියෙන මිතුරු මිතුරියන් කිහිපදෙනාගෙන්..කරුණා කරලා අංකය කවුරු හරි ඉල්ලනවානං චුට්ටක් මටත් කියලා දෙනවානං ඒක ලොකු උදව්වක්. මොකද පෞද්ගලිකත්වයට තරමක හෝ සීමාවක් මට තියෙන්න ඕන නිසා.

ඊ ළග කාරණාව...
දැනටත් මම ආස්සරය කරන වතාවක් දෙකක් සෙට් උන කිහිප දෙනෙක් ඉන්නවා..ඒ හමුවීම්වලට මම ගියේ සිය දහස්වරක් හිතලා කල්පනා කරලා..ඒ හින්දා ඒ අයත් එක්ක නැවත වතාවක් ඒ විදියට කතා බස් කරලා හමුවෙලා කටයුතු කිරීම මට ගැටළුවක් නෙවෙයි..ඒත් හිටි හැටියේ හමු වෙන්න උත්සහ කරන අනිත් අය තරහා වෙන්න එපා...ඒ දේට මං ඒ තරම්ම මනාප නැහැ...

එහෙම උනාම මගේ ජීවිතේ ගලාගෙන යන විදිය වෙනස් වෙනවා..මං දැන් මේ ජීවිතේට හුරු වෙලා තියෙන්නේ...
හුගාක් අය ජීවිතේට ඇතුල් කරගන්න..ලගින් ඇසුරු කරන්න..මුණ ගැසෙන්න..ඒක මට ටිකක් කරදරයක්.
ඒ හින්දා අප අතර තියෙන සුහදතාවය ඔය තියෙන මට්ටමේම තියාගෙන්..අප අතර තියෙන දුරත් ඔය ගානෙන්ම තියාගෙන යන්න පුළුවන්නම් අපිට හැමදාමත් මේ විදියට ඇසුරු කරන්න හැකි වේවි..
එහෙම නොවුනාම වෙන්නේ හුගාක් දුරට හිත් අමනාප වීම් සිද්ධ වෙන එකයි...

ඒ නිසා මාව දන්න කියන කවුරුත් මට මගේ දුරස්ථ භාවය ආරක්ෂා කරගන්න උදව් කරන්න.සයිබරයට එහා ගිය දැන හැදිනීම් හදාගන්න තදින් උත්සහ කරන්න එපා..කාලයත් එක්ක හිමිහිට ඇතිවෙන යාළු මිත්‍රකම් එයි..ඒවාට හිමිහිට ගොඩ නැගෙන්න දෙන්න එහෙම නැතිව දවසක් දෙකක් බ්ලොග් එකකින්..ගූගල් බස් එකෙන් කතා කරපු පලියටම හදිසි වෙන්න එපා

මං හිතන්නේ මම කියන්න ගිය දේ කියවන බලන අයට තේරෙනවා ඇති.
කවුරුවත්ම මේ ලිපිය ගැන උරණ නොවෙයි කියලා හිතනවා.
පෞද්ගලිකත්වය ගැන හැගීමක් මට වාගෙම ඔබටත් ඇති. ඒ හින්දා කරුණාකරලා අමනාප වෙන්න එපා..
මේ මගේ රටාව..මේ මගේ ජීවිතේ..මේ මගේ ලෝකය..මට ඒ තුල ජීවත් වෙන්න දෙන්න.

පසු සටහනකි...

අනේ අම්මේ කවුරුවත් තරහා වෙන්න එපා..මේක බලලා මේ දැන් එකෙක් කතා කරලා නාහෙන් අඩනවා..මට උගේ විස්තර කියන්න බැරි එකට සමාවෙන්න...ආයෙමත් කරුණාවෙන් කියන්නේ මම උඹට කිව්වා නෙවෙයි කොල්ලෝ..පොදුවේ දැන් සිද්ධ වේගන එන දේට මං ඒ හැටි කැමති නැති හින්දයි කිව්වේ...ආසන්න අත්දැකීම් කිහිපයක් හේතු උන එක ඇත්ත..ඒක මං නැහැ කියන්නේ නැහැ..අනික් මං මෙතන දාලා තියෙනවා උපාසකට සහ හිරු එෆ් එම් නිවේදිකාවට කියන එක..ඒක එහෙම දාලා එයාලට නෙවේ කියන කොට තේරුම් ගනිල්ලා ඒ සිද්ධි දෙකට අදාල අයත් මං මේකට ගාවගෙන නැහැ කියන එක...

77 comments:

  1. මටත් වෙලාවකට ඉස්සර තිබ්බ හුදකලාව තිබ්බ නම් හොඳයි කියලා දැනෙනවා :-)

    ReplyDelete
  2. කථාව ඇත්ත..
    "ඕනම දෙයක් ඕනිවට වඩා ඕනිම නෑ" කියලා කථාවක් තියෙනව නේ..

    ReplyDelete
  3. පෞද්ගලිකත්වය අගය කරන කෙනෙක් නම් , ඔබට සයිබර් සිමාවන් තුල පමණක් රැඳී ඉන්න ඕනි තරම් ඉඩ කඩ තියෙත්දිත් ඇයි ඔබම ඒ සිමාවන් නැති කරගෙන තියෙන්නෙ කියන එකයි මට තියන ගැටලුව

    ReplyDelete
  4. පිස්සුනේ අප්පා...මෙලෝ දෙයක් තේරුණේ නෑ...

    ReplyDelete
  5. ඕනවට වැඩිය ලංවුනොත් ඒ ආස්සරය වැඩිකල් පවතින්නෙ නෑ කියන එකට මටත් අත්දැකීම් තියෙනවා.

    ReplyDelete
  6. මචෝ, මට පේන විදියට නං මේකට එක හේතුවක්වෙන්නෙ උඹ බ්ලොග් එක හා මූණු පොත එකට සම්බන්ධ කරන්ට යාමයි.. මමනං කවදාවත් මම පුද්ගලිකව නොදන්න කිසිම කෙනෙක් මූණුපොතේ ඇඩ් කරන්නෙ නෑ.. ඉතාම සීමිත, ඇඩ් කලාට කමක් නෑ කියලා මට හොදින්ම වැටහෙන අය ඇරෙන්න (මේ බ්ලොග් අවකාශෙ මම කොයිතරම් සැරිසැරුවත් ඒ හමුවන කිසිම කෙනෙක් මම මූණුපොතේ ඇඩ් කරලා නෑ (අඩුගානෙ උඹවවත්) - හතර පස් දෙනෙක් ඇරෙන්න).. හේතුව මට මගේ පුද්ගලිකත්වය රැකගන්න ඕන නිසා..

    අන්තර්ජාලයේ සැරිසරන හැමෝම එකවගේ ස්වයං විනයක් ඇති අය නෙවෙයි.. ඉතිං අපි දැනගන්න ඕන අපේ පුද්ගලිකත්වය රැකගන්න ගමන් සයිබර් සුහදතාව පවත්වගෙන යන්න.. පාරෙ යන හැමෝටම ඔහේ එන විදියකට එන්න කියලා අපි ගෙදර දොර හායි ගාලා ඇරලා තියන්නෙ නෑ නේ..

    ReplyDelete
  7. කියලා තියෙන දේ එක්ක 100% එකඟයි අයියා. මම නම් පුද්ගලික හමුවීම් වලට බොහොම අකමැති කෙනෙක්. ඒ වගේම ඔය දුරකථන සෙල්ලම නම් හරිම වදයක් තමයි කිව්වත් වගේ. කොටින්ම මටත් හිතිලා තියේ අංකය මාරු කරන්න.

    [මං ගාවත් අයියාගේ නොම්බරය තියෙනවා, මං නම් කවදාවත් කාටවත් දීලත් නෑ, දෙන්නෙත් නෑ. මොකද මං ඒ දේට අකමැතියි වගේම මං තේරුම් ගන්න ඕනා නේ අනෙක් අයත් එහෙමද දන්නේ නෑ කියලා.]

    ReplyDelete
  8. අතේ දුරින් තියාගන්න ඔනේ .... ඕන වෙලාවක අනික් පැත්ත හැරිලා කණේ පාරක් දෙන්න පුලුවන් විදිහට :D

    [ මට නම් සැකයි ඔය අංශුවා :D ]

    ReplyDelete
  9. පුද්ගලිකත්වය ආරක්ෂා කරන්න මේ ලියන ලිවීමත් තව තවත් අනාවරණය වීමක්.

    ReplyDelete
  10. බුරා එක්ක සම්පූර්නයෙන් එකඟයි අස්සය පැනල ගියාට පස්සෙ ඉස්තාලේ වහල වැඩක් නෑ බන්. දැන් වත් කාට හරි තමන්ගෙ පුද්ගලිකත්වය නිරාවරනය කරන කොට ඒ පුද්ගලයා ගැන හොඳට අධ්‍යනය කොරල හිටින්. මම අද මේ සයිබර කෙරුවාව නැවැත්තුවොත් හෙට මන් ගැන දැනගන්න පුලුවන් අය ඉන්නෙ හතර දෙනයි උඹත් ඇතුලුව.තව එක්කෙනෙක් අවුරුදු ගානක ඉඳලා මාව අදුරනවා. විෂේශයෙන් FB ලින්ක් ටික මකල දාපන්

    ReplyDelete
  11. අඩේ..................
    *ආ මේක කියන කොට විශේෂයෙන්ම කියන්න ඕන ඊයේ හවස මට කතා කල අපේ උපාසකවත් එහෙම නැත්තං හිරු එෆ් එම් එකේ නිවේදිකාවටවත් නෙවෙයි මේ කියන්නේ..
    මේ කියන්නේ වෙනම කාරණාවක් ගැන හරිද..?
    විහළු තහළු වලට මගේ කිසිම අකමැත්තක් නැහැ..හරිනේ..*
    මේක තිබුනු නිසා හොඳයි. හිරු ඇෆ් ඇම් නිවේදිකා‍වගේ මූණ දෙක වෙලා තිබුනේ දැන් මොහොතකට කලින්...............

    (මාත් කාටවත් අයියාගේ නම්බර් එක දුන්නේ නැතුවා. පොඩි පහේ සැකයක් තියෙනවා ඔය නම්බර් එක එළියට ගිය විදිහ. වැප් තාක්ෂණය මේකට වග කිවයුතුයි කියලා මට හිතෙනවා :D )

    ReplyDelete
  12. මටත් වැපාව සැකයි.. :P

    ReplyDelete
  13. කවදාවත් සයිබරය හරහා අපි නිරාවරනය නොවිය යුතුයි. ඒක අපේ පුද්ගලික ජීවිතයට ඇත්තටම කරදරයක් වගේම බාදාවක්. උදාහරනයක් විදියට මම ගැන කව්ද මේ සයිබරයෙ හරියටම දන්න කෙනෙක් ඉන්නෙ. එක්කෙනෙක් නැත්තම් දෙන්නෙක් විතරයි. එයාලත් මම ගැන දන්නෙ බොහොම ටිකයි. අපි සයිබරයට නිරාවරනය වීමෙන් ජීවිතය මහ කරදරයක් වෙනවා. ඒක තමයි ඇත්ත.

    ReplyDelete
  14. වැප් තාක්ෂනය සැක කරන්නේ අහවල් එකටද බොලල්ලා ..ඌ නෙව මේ ලිපිය ලිව්වෙත් :D

    ReplyDelete
  15. මාරයට කවුරු හරි බැනලද?

    ReplyDelete
  16. පුහ්..වැඩේමයි කෝල් දෙන්න.....අපි මේ බිල ගෙවා ගන්න බැරුව ඉන්නවා

    ඒක නෙමේ...ගන්නද කඩුව...කපමු ඕකා

    ReplyDelete
  17. මාරයෝ , ෆෝන් නොම්මරේ පොඩ්ඩක් කියහන්, මගේ ගාවත් ඕක තියෙනවද බලන්න.

    ReplyDelete
  18. දැන් තමා හරියටම කියවල ඉවර වුනේ..
    මමත් උබව හොයන්න පුල් ට්‍රයි එකක් දුන්න.
    එත් උබේ පොන් නො. එක නන් මන් ගාව නෑ.

    ReplyDelete
  19. ම...
    ඇත්ත මචං...මම හදන්නේ දැනටවත් පරක්කු නැද්ද කියලා බලන්න.

    ReplyDelete
  20. සෝරෝ...
    ඇත්ත පොඩි එකෝ ඇත්ත...

    ReplyDelete
  21. buwa...
    එක්තරා දුරකට..ඒ කියන්නේ ලියන දේට සාධාරණයක් කල යුතු මට්ටමට පමණයි මට අවශ්‍ය ඒ සීමාව තියා ගන්න..
    උදාහරණයක් විදියට මම ලියන දේ සුරංගනා කියලා හිතන එක වලක්වන්න ඕන කම ඊට එක හේතුවක්..ඒ හැර මාව එළියට දාන්න ඕන කමක්වත් මගේ අනන්‍යතාවය හැංගීමේ අවශ්‍යතායක්වත් මට නැහැ..
    අවශ්‍ය කරන්නේ ආස්සරය කරන අය අතර නිශ්චිත දුරක් තබා ගැනීමයි..
    මේ උත්සහයත් ඒ සඳහාමයි.

    ReplyDelete
  22. නචී...
    ආන්න හොඳයි ඒ කියන්නේ නියම ගාන..

    ReplyDelete
  23. Praසන්ன...
    ඇත්ත නිකං සෝඩා බෝතලේ වගේ ගෑස් එක ගිය ගමන් යාළුකම ඉවරයි..මූඩිය නොකඩා තියෙන තරමට ගෑස් එක තියේ...

    ReplyDelete
  24. බුරාතිනෝ...
    නැහැ මචං මේකට මූණු පොතේ සම්බන්ධයක් නැහැ.
    ඒ හරහා ආව දෙයක් නෙවෙයි මේක..මොකද මූණු පොතෙන් මාව දැක්කටවත් ඒ හරහා බ්ලොග් එකට එන අයගෙන්වත් නෙවෙයි මේ ගැටළුව එන්නේ...
    මොකද මූණු පොතේත් මගේ රූපේ ඇර වෙන හඳුනාගත හැකි දෙයක් නැහැ..අනික මට තියෙන්නේ මාව අනාවරණය වීම ගැන ගැටළුවක් නෙවෙයි...
    ඕනවට වඩා ලං කර ගන්න හදන එක ගැන ගැටළුවක්..

    ReplyDelete
  25. Ansh Lucky Sri Jay...
    නංගි හරියටම හරි.
    (ඔයා ගාව මගේ නොම්මරේ තියෙන එක මේ වෙනකල් මට ගැටළුවක් වෙලත් නැහැ ඉස්සරහට එහෙම දෙයක් වෙන්නෙත් නැහැ කියන එක මං හොඳටම දන්නවා..ස්තූතියි)

    ReplyDelete
  26. වැප්...
    අනේ අම්මපා උඹනං...

    ReplyDelete
  27. ``` Outsider```
    ඔව් ඒකත් හේතුවක් තමයි.
    බලමු මෙතන ඉඳන්වත් ලයින් එකක් ගහන්න.

    ReplyDelete
  28. නිශ්...
    අනේ බං මේ උලව් ෆේස් බුක් හුටපටයක් නෙවෙයි..කොටින්ම ෆේස් බුක් එකේ මගේ නෑදෑයෝ දෙතුන් දෙනෙක් වගේම මගේ පාසල් මිත්තරයෝ ටිකක් හිටන් ඉන්නවා.
    උංවත් කවදාවත් ඔය ලින්ක් දිගේ මෙහෙ ඇවිත් නැහැ..ආවද කියන්න මං දන්නෙත් නැහැ..ඒත් අද වෙනකල් මට ඒකෙන් වෙච්ච දෙයක් නැහැ...

    මෙතන පැහැදිලිව ගැටළුව තියෙන්නේ බ්ලොග් එක හරහාම අදුරාගෙන ෆෝන් නම්බර් එක ගත්ත කෙනෙක් හෝ කිහිපදෙනෙක් හරහා තව නාදුනන අය අතට නම්බර් එක යාම.
    ‍දුන්න අයගේ කේස් එකකුත් නෙවෙයි..ඒ දෙවෙනි පෙළින් නම්බරය ගත්ත අය අර කාලයක් අඳුරගෙන හිටිය අයටත් වඩා කඩාගෙන ලංවෙන්න බලන එකයි.
    උඔම අරගෙන බලහං..දැන් කොච්චර කාලෙක ඉඳන් දන්නවාද..එත් අපි මුණ ගැහුනේ එකම එක වතාවයි..උඹ ගාව නොම්බරේ තිබිලත් උඹ මාත් එක්ක කතා කරනවද..?

    එදා රංග පුතා දමනය උන වෙලාවෙවත් මට පැනලා උඹේ නොම්මරේ දෙන්න හිතුනේ නැහැ..උඹෙන් අහන්නේ නැතිව..

    ඒ ගානෙන් ඉන්නවනං කිසි අවුලක් නැහැ බං..
    ඒත් මං දන්නෙවත් නැති අය කඩාගෙන එනකොට...

    ReplyDelete
  29. අනේ පල මාරයෝ..වැඩේමයි උබට කෝල් කරන්න..මට ලගක ඉදිං තෙරුනා උබ දැන් අඩි 3-4 ක් උඩිං යන්නෙ.. (ලැයිසොම් ගත්තානේ) :P

    අනික මොන මෝඩයාද "මාරයාට" කෝල් කරන්නෙ ? :P :D

    ඕං බලාපං මාරයෝ ඒකට මට.. වැරදිලාවත් කෝල් එකක් එන්නැනේ කාගෙන්වත්.. :D

    ReplyDelete
  30. RanDil...
    මං දන්නවා උඹ පන්දම අතට ගන්නවා කියලා ඒකයි මං ලියලම තිබ්බේ..
    (මං බේරුන බේරිල්ලක් හම්මේ..)

    ReplyDelete
  31. -HacKrisH- | හැක්ක්‍රිෂ් ...

    හ්ම් හ්ම්...

    ReplyDelete
  32. Thusitha Jayasinghe...
    බයින්න..පික්ෂුද..?
    එහෙනං ඉතිං ඒ බැන්න එකා සිංහල භාෂාව කොයිතරං සුනම්‍ය විදියට හැසැරවිය හැකි භාෂාවක්ද කියලා අන්න ඒ වෙලාවේ තමයි තේරුං ගන්නේ..

    (හොයන්න මහන්සි වෙන්න එපා මල්ලි)

    ReplyDelete
  33. රත්ගමයා...
    මේකා ඕක ඇදගත්ත ගමන්මයි...

    ReplyDelete
  34. මකරා...
    හා හා බලහං..
    12345678924

    ReplyDelete
  35. හාවා...

    ඉඳිං තොට මං කෝල් කරවන්න අඳාල අංශෙට දන්වලා

    ReplyDelete
  36. ගීතික බුලත්සිංහල...
    ඒකනේ මල්ලී..

    ReplyDelete
  37. අඩේ මාරයියේ කවුදැ හැබැටම අදාල අංශේ ?

    ReplyDelete
  38. තත්වය සැබෑවකි. මම නම් ඉතින් පුල් සීක්රැට් කියලා මාරයියා දන්නවනේ. ආයේ ඉතින් අයියාගෙන් උනත් නම්බර ඉල්ලන් බැනුම් අහන්න තව කෙනෙක් වැඩි කර ගන්න ඕනයැ. ඒකමයි මම නම් ඉල්ලන්නැත්තේ..... හික්ස්.....

    අදාල පුද්ගලයන් මාරයියාගේ ලිපිය හොඳහැටි තේරුම් ගනිත්වා........ :D :D

    ReplyDelete
  39. මාරයත් බ්ලොග් ලියන එක නවත්තන්නද යන්නේ... මම නං මේ කවුරුවත් ඕනවට වඩා අදුරන්නෙ නැ.. අදුන්නෙ නැති කෙනෙකුත් ‍නෑ.. මාරයාගේ කතාව හරි.. ඕනම කෙනෙක් ඕනවට වඩා ඕන නෑ.. මටත් ඒක හොඳටම තේරිලා තියෙන්නේ :D

    ReplyDelete
  40. කවුරුත් කාටවත් කරදරයක් නොවන්න වග බලා ගන්න ඕනෙ...

    කවුද අකමැති පාඩුවෙ ඉන්න....

    නිකන් ඈ කියන්නේ හිත හොඳ ගෑණි නිතරම බඩින් කියල.....

    ReplyDelete
  41. අයියාගේ කතාව ඇත්ත.... සමනලීත් එකගයි.... කාට උනත් තමුන්ගේ පෞද්ගලිකත්වය අවශ්‍යයයි... ඕනවට වඩා ලංවෙන්න හදන අය හරිම භයානකයි කියලා සමනලී ජීවිතේ ලබපු අත්දැකිම් වලින්ම දන්නවා.......

    ReplyDelete
  42. මට මේකෙ අග මුල ටැපලිලා......

    ReplyDelete
  43. මන් මිස් කෝල් එකක් ගැහුවම එසැනින් මට කෝල් එකක් ගන්නවනම් මට අයියගෙ නම්බර් එක දෙන්න. එහෙම නැත්නම් මේ සම්මජ් ජාතියකට මට නම්බර්ස්නම් එපා. බලෙන් දුන්නත් ගන්නෙ නෑ...... :D

    ReplyDelete
  44. මාරයාට කවුරු හරි එහෙම කතා කලා නම් වැරදියි.... ඌව ගහන්න ඕන දඩුකඳේ...

    එහෙනම් ඌ මාරයටත් ගේම දීලා ඈ........ :D

    ReplyDelete
  45. මම නම තරහයි මාර අයියත් එක්ක ;) :D
    මමත් මේ බ්ලොග් එකක් ලියන්න ගත්තේ හොරෙක් වගේ ඉඳන් ලියනවා කියලා හිතාගෙන. දැන් මාවත් මාවත් ටික දෙනෙක් දන්නවා.
    මා ගාවනම් අයියගේ නොම්මරේ නෑ. හරි හරි බය වෙන්න එපා ඉල්ලන්නේ නෑ :D

    ReplyDelete
  46. මමත් මාරයාගෙන් දවසක් ෆෝන් නම්බරේ ඉල්ලුවා තමයි.ඒත් ඒක නොලැබෙනකොට මම වැඩිය ඒක පස්සෙ ගියේ නැහැ.මටම පස්සෙ ඒක තේරුණා.මම වුනත් මගේ බ්ලොග් එකේ මගේ පෞද්ගලික විස්තර දාන්නේ නැහැ.මගේ මූන මූනු පොතේත් නැහැ.මම බ්ලොග් එක ලිව්වෙ වෙලඳ වාසි ලබා ගන්න නෙවෙයි.විනෝදෙට.මුල් මාසේ මගේ බ්ලොග් එක නිකං වන් මෑන් ශෝ වගේ කව්රුත් බලන්නැහැ.ඉතින් මම ලියන ඒවා ඵලදායක වෙන්න අනිත් අය ඒව බලන්නත් එපැයි.අන්න ඒ හින්දම මම බ්ලොග් අවකාශයේ සැරිසැරුවා.ඒ වුනාට හැමදෙනා සමග සමාන ඇසුරක් මිස සමීප ඇසුරක් තියාගත්තෙ නැහැ.කොල්ලොයි බල්ලොයි හැමෝම අතට තමන්ගේ පෞද්ගලික දුරකථන අංකය ලැබීම අනතුරුදායකයි.මාරයා මුහුණ දුන් කරදරේට(මෙය කුමක්දැයි හරියටම නොදනී.ෆොන් කරදරයක් යැයි සිතුවෙමි.) බාගයක් වග කිව යුත්තේ මාරයාමය.ඉතුරු බාගේ කෝල් කළ අයයි.මේ පෝස්ට් එක ලියපු එකනම් ලොකු දෙයක්.මේකට තියෙන හොදම විසදුම මේ ක්‍රමය තමයි.එතකොට කාගෙවත් හිත නරක් නොකර කියන්න තියෙන දේ කිව්වා වගේ.

    ReplyDelete
  47. මාරය අයියට සමහරවිට ලොතරැයියක් ඇදෙන්න ඇති මූ හෙමීට ෂේප් වෙන්න හදන්නේ ඒකයි . :)

    තනියම ගෙවන ජීවිතේ පට්ටම ආතල් . ඒක හොඳාකාරවම විඳින එකෙක් තමයි මම . හරි හරි මාරේ අයියා මමනම් ඔන්න ඔයාට කෝල් කරන්න්නේ නෑ මගේ ගාව නම්බර් එකත් නෑ . තනි ජීවිතේ සතුටින් ගතකරන්න එහෙනම් ....

    ReplyDelete
  48. මමත් නිතර කොමෙන්ට් නොකලට සිංහල බ්ලොගාවකාශයේ නිතර සැරිසරන කෙනෙක්. මාරයාගේ මේ පෝස්ට් එක දැක්කට පස්සේ මගේ අදහසුත් කියන්න හිතුවා.

    දැන් දැන් බොහෝ සිංහල බ්ලොග්කරුවන් බ්ලොග්කරණයේ යෙදීමට වඩා ප්‍රමුඛතාවයක් බ්ලොගාවකාශයේ මිතුරු සමාගම් ඇති කර ගැනීමට ලබා දෙන බවක් තමයි පේන්න තියෙන්නේ. මේ නිසා නිර්මාණශීලී ලෙස බ්ලොග්කරණයට අවතීර්ණවූ බ්ලොග්කරුවන් සෑහෙන පිරිසකගේ නිර්මාණශීලීත්වයේ වගේම බ්ලොග්වල අන්තර්ගතයේ (content) තත්වය මේ නිසා බාලවීම බාහිර කියවන්නෙක් ලෙසට මට පැහැදිලිව පෙනුන දෙයක්.

    ReplyDelete
  49. බ්ලොග්කරුවන් සිතට ගත යුතු දෙයක් තමයි තමන් ලියන්නේ සයිබර් මිතුරන් අතලොස්සක් සතුටු කිරීමට වඩා පුළුල් පාඨක පිරිසක් වෙනුවෙන් බව. සිංහල බ්ලොගාවකාශය ළිඳ ළඟ සංගමයක් බවට පත්වීම බ්ලොග්කරණයේ අනාගතය වෙනුවෙන් සුබදායක නොවන බව තමයි මගේ නම් අදහස.
    දැන් දැන් ලියවෙන සමහර බ්ලොග් පෝස්ට් හා ඒවාට වැටෙන කොමෙන්ට්ස් කියවීමේදී අනුන්ගේ මිතුරු සමාගමයකට හොරෙන් කන්දීමේදී ඇතිවන්නාක් බඳු අපහසු හැඟීමක් තමයි බාහිර කියවන්නන් වන අප තුල ඇතිවන්නේ.
    මිතුරු සබඳතා ඇති කර ගැනීම සඳහා ඒ වෙනුවෙන්ම වෙන්වූ FB, HI5, elakiri වැනි වෙබ් අඩවි භාවිතා කිරීම තමයි වඩාත් සුදුසු. ඒ අරමුණ වෙනුවෙන් බ්ලොගාවකාශය භාවිතා කිරීම අළුතෙන්ම බ්ලොග්කරණයට අවතීර්ණ වන්නන් පවා නොමඟ යැවීමට දැනටමත් හේතුවී තියෙනවා.

    ReplyDelete
  50. නිර්ණාමික බ්ලොග්කරුවන්ගෙන් ප්ර කට වෙන විචිත්ර්ත්වය නාමික බ්ලොග්කරුවන්ගෙන් බොහෝ විට ප්රතකට නොවන බව තමයි මගේ පුද්ගලික අදහස. මේක බ්ලොග් කියවීමෙන් ලැබූ අත්දැකීමෙන් කියන දෙයක්. බොහෝ නව්යම නිර්ණාමික බ්ලොග්කරුවන් සයිබර් මිතුරු සමාගම්වලට ප්රූමුඛතාවයදී සළු පිළි උනා දැමූ පසු ඔවුන්ගේ නිර්මාණශීලීබවත් ඒ සමඟම අභාවයට ගිය බවක් තමයි මම නම් දැක්කේ. නිර්ණාමිකත්වයේ විචිත්ර ත්වය තවදුරටත් රැකගෙන සිටින්නේ ටැබූ වැනි බ්ලොග්කරුවන් අතලොස්සක් පමණයි.

    සිංහල බ්ලොගාවකාශයේ දියුණුව පතන මා,

    - මිතුරෙක් නොවන මිතුරා -

    ReplyDelete
  51. අපි ගාව නම් මාරයාගේ නොම්මරය නැතෝ... ල0කාවෙ නොම්මර දැක්කමත් ඇඩෙනවා ...ගෙදරටවත් කෝල් එකක් දෙන්නෙ මාසෙටම කීවතාවද..මට හිතෙන්නෙ ඕකට වැරදි කාරයෝ ල0කාව ඇතුලෙ ටෙලිපෝන් ගාස්තුව අඩුකරපු අය..බොරුද ම0 කියන්නෙ...

    ReplyDelete
  52. Pirate Bunny...
    එකක් කියලා නැහැ බං අංශ පහක් විතර තියේ දැනට..හැබැයි මේ පෝස්ට් එකට පින් සිද්ධ වෙන්න එක අංශයක්නං මාට්ටු..
    දැන් මේ ඉදිරි දිනවලදී ඒ අංශයට අංශබගය හදවන්න තමයි හිතාගෙන ඉන්නේ...

    ReplyDelete
  53. හා පැටික්කී...
    නංගීගේ සීක්රැට් කොම ගැන මං නොදන්නවායෑ..කොටින්ම මම හිතං උන්නෙත් පෙරේදා වෙනකල්ම මේ වෙන කවුද කියලා නෙව..ඒත් ඉතිං මං අහන්ට ගියේ නැත්තේ ඒ සීක්රැට් එක තියෙන එක හොඳ නිසා නෙව

    ReplyDelete
  54. Kanishka | කණියා...

    ඇත්ත මල්ලි..
    හැබැයි ඉතිං උඹව අඳුරන්නේ නැති උන්වනං මම අඳුරන්නේ නැහැ නෙව...

    ReplyDelete
  55. Heeniyata...

    ඒකනේ..ඔවා කට කහනවට කියපු කතායෑ..

    ReplyDelete
  56. punchisamanalee...
    මාරයා අයියත් ඕවා දන්න හින්දා තමයි නංගියේ ආයෙමත් කටුව ඇතුලටම ඇදෙන්න හදන්නේ

    ReplyDelete
  57. haddock

    මෙක විෂදන්ට තොම්සන් & තොම්සන්ලා ගෙන්නන්ට වෙයිද?

    ReplyDelete
  58. අනුරාධ...
    උඹ රවාගේ නෑදෑයෙක්ද..?

    ReplyDelete
  59. අභීත...

    ඉවසන්ට ඉවසන්ට...ෂැනෂීම ලැබේ...

    ReplyDelete
  60. පූසා...
    අපි නොදන්නවද උඹෙ පොන් කෙරුවාව..අර එක වංගියක් ලියලත් තිබ්බේ...

    ReplyDelete
  61. JHOTHISHALANKA...

    ඔව් ඇත්තටම ඔබ මාගේ දුරකතන අංකය ඉල්ලන විටත් මට මේ ගැටළුව ඇවිත් ටික දවසක් වෙනවා..ඒ හින්දා එතැන් සිට මම කාටවත්ම අංකය දෙන්නේ නැතිව ඉන්න තීරණය කරලා තිබුනේ..

    ඇත්තටම මේ තියෙන දුරත් නැති ලගත් නැති සුහදතාවය ඒ විදියටම තියා ගන්න එක කාටත් හොඳයි කියලයි මං හිතන්නේ.

    ReplyDelete
  62. හිස් අහස...

    ඔහොම ඉඳින්කෝ අපි උඹට ලගදීම තනියම ජීවත්වෙන එක ගැන අත්දැකීම් ලබා දෙන්ට...

    ReplyDelete
  63. pitakotuwa...

    මං හිතන්නේ මේ කොමෙන්ට එක තමයි මට මේ ලිපිය සඳහා ලැබුනු ලොකුම තෑග්ග.
    ඇත්තටම සීයයට සීයක්ම මම එකගයි ඔබ කියන සියළුම කරුණුත් එක්ක...
    ලංකාවේ මිනිස්සු හැටියට අපි පුරුදු වෙලා තියෙන්නේ කොහේ ගියත් අපේ එකෙක් ඉන්නවද බලන්නනේ..
    එකට ඉද්දී මරා ගත්තා උනත් පිටට ගිය ගමන් අපි බලන්නේ අපේ එවුන් ටිකක් සෙට් කරගන්න...
    ඒක අපේ සංස්කෘතියේ ස්වභාවයක්..ඒකෙම එක මූණුවරක් තමයි දැන් මේ පවතින තත්වය.
    ඇත්තටම මාත් ඔතනදී වැරදියි.
    ඒ මගේ අනන්‍යතාවය හෙලිකිරීම හින්දා නෙවෙයි.
    මාත් ලිපි හරහා කිහිපදෙනෙකුට පමණක් අදාල‍ දේ ලියලා තියෙනවා සෑහෙන්න...
    ඇත්තටම ඒක හරහා තමයි ඔය තත්වය පටන් ගත්තේ..ඒක මේ කොමෙන්ටු හරහාත් සිද්ධ වෙනවා...

    මං උත්සහ කරන්නේ කොහොම හරි ආයෙමත් යම් තරමකින් හෝ හරිතැන අඩිය ගහන්ට.

    අනේක වාරයක් ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.

    ReplyDelete
  64. කුරුම්නියා...

    අම්මපා ඇත්ත..හෙටම ගණන් වැඩිකරන්න කියලා උද්ඝෝෂනයක් පටන් ගන්න ඕන...

    ReplyDelete
  65. ටික දවසකට ඉස්සෙල්ල මාරයගෙන් ලියවුන දේකින් (අවුරුදු දෙකකින් විතර සරමට බහින කතාවක්) මන් හිතුව, මාරයා චන්දෙ ඉල්ලන්නවත් ලැස්ති වෙනවද කියල.

    මාරයා මල්ලි දිනුවට පස්සේ ඔය නොම්මරේ, පුද්ගලික ලේකම්ට දීල වෙන නොම්මර දහයක් වුනත් තියා ගන්න බැරිය එක එක ගෘප් වලට වෙන වෙනම. නෑදෑයන්ට, යාලුවන්ට, හෙල්ප් කාරයන්ට, තග් සංස්ථාවට, ආදී නොයෙක් ගෘප් වලට වෙන වෙනම.

    ReplyDelete
  66. හප්පා අහක යන කේශ් එකකට මූ මාවත් ගාවගෙන. මාර බාප්පේ, දමනය වෙනව කියන්නෙ මොකෑ?

    මම නම් උඹගෙ නොම්මරේ කාට්වත් දීලත් නැත දෙන්නෙත් නැත.
    ඒත් අංශුවා, රන්දිලා, වැපා නම් මට ශුවර්ම නෑ. :D

    හැබැයි යක්කල පැත්තෙ ආවොත් උඹට වදයක් වෙන්න හරි කෝල් එකක් දෙනව. ;-)

    ReplyDelete
  67. Observer...
    සරමට බහිනවා කිව්වේ අයියා මං මගේ වෘත්තීයත් එක්ක කරන්ට හිතාගෙන ඉන්න දෙයක් නෙව..දේශපාලනේටත් බහින්ටනං මං ඕන වෙලාවක ලෑස්තියි.ඒත් චූටි අවුලක් තියේ..(චන්ද ගැන තමයි)

    ReplyDelete
  68. රංග - මගේ ලෝකය...

    දමනය කියන්නේ බොල කොළුවෝ.අර එදා බොට වෙච්ච එක වගේ එහෙකට තමයි ඕං...
    උබ හරියටම දමනය උනේ ඒක අපි දැනගත්තට පස්සේ තමා..

    අම්මපා මේ යක්කල ආයුර්වේදේ යක්කලම හැදුවේ මොකටද මංදා..

    ReplyDelete
  69. මාරයා කියන කතාවට මම සීයට සීයක් එකඟයි. ඔතන තියෙන්නෙ බ්ලොග් ලීවීමේ පරමාර්ථයන් අතරෙ ගැ‍ටුමක්. බොහෝමයක් වෙලාවට අපි බ්ලොග් වලදි විවෘතයි වගේ පෙනුනට ඇත්තටම එහෙම නෑ. තම තමන් හදාගනිපු සීමාවන් තියන ලෝක හැමෝටම තියෙනව. සමහර වෙලාවට අපි දාන පෝස්ට් එකක් කමෙන්ට් එකක් වැරදියට තේරුම් අරං ඒකට බ්ලොග් මට්ටමෙන් නැතුව පෞද්ගලික මට්ටමෙන් ප්‍රතිචාර දෙන්න ගියාම තමයි ඔහොම ගැටළු ඇතිවෙන්නෙ. අනික ඇඳුනුම් කමයි යාළු කමයි ‍තෝරා බේරාගන්න බැරි වුනාමත් ඔහොම ගැටළු ඇති වෙනව. කොහොම උනත් මාරයා මෙහෙම ලිපියක් දාපු එක ගොඩක් හොඳයි. මොකද මේ වෙනකං මමත් හිතාගෙන උන්නෙ මාරයා කිසි බරක් පතලක් නැති කෙනෙක් කියල. සමහර විට ඔයාට කරදරයක් වෙන්න ඇත්තෙත් එහෙම හිතිච්ච කෙනෙක් වෙන්න ඇති.

    ඒත් මීට පස්සෙ මාරයා ගැන විතරක් නෙමෙයි වෙනත් ඔය අනං මනං, විහිළු කතා ලියන බ්ලොග් රචකයනුත් ඒ එලි කරන්නෙ ජීවිතේ එක පැත්තක් විතරයි කියල හැමෝම තේරුම් ගන්නවනම්, හැමෝටම පෞද්ගලිකතවයක් තියනව කියල තේරුම් ගන්නවනං මේ වගේ අනවශ්‍ය හිත් රිදවීම් වලක්වාගන්න පුළුවන්.

    ReplyDelete
  70. මචන් සෙට් කරගැනීම වගේම අත්හැරීමත් වැදගත්...ඕයි ඔය බ්ලොග් කාරයො කියල උඹට කරපු මහලොකු ඉටිගෙඩියක් නෑ/...උබේ බ්ලොග ඕකුන්ගෙ සින්ඩිවල යන නිසා උන් කැමතියි උඹෙන් ගොඩ යන්න...යාලුවොනම් මචන් හැමතැනම ඉන්නව...අපිට ලඟින් ඉන්න සෙට්වෙන සෙට් එක විතරක් එකතු කරගත්තම හරි වාතෙ...මට මචන් මීට වඩා පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑ ඒත් හොඳ ම යාලුවොනම් ඇති කරගන්න එපා..හරිම වදයක් වෙනව...හැමෝම ගානකට ළඟට ගනින්...බුදුහාමුදුරුවො උනත් මේ මගේ බුදු ෆිට් එක කියල සෙට් තියන් හිටියෙ නෑ...රජතුමයි සෝපාකයි ඔක්කොටම එක හැන්ද....ආනන්ද උනත් ළඟින් හිටියට ආනන්ද කියන දේවල් වලට උනත් මහ ලොකු තැනක් දුන්නෙ නෑ බුදු හාමුදුරුවො....මතකනෙ භික්ශුණී සසුන පිහිටවීම...

    ReplyDelete
  71. නවම් : සහතික ඇත්ත. බ්ලොගේක ලියන දේකින් මනුස්සයෙක් මනිනවා තරම් මෝඩ වැඩක් තවත් නෑ.

    ReplyDelete
  72. රංග ත් කතා කරන්නේ අත් දැකීම් වලින් වෙන්න ඕනෙ.

    ReplyDelete
  73. Familiarity breeds contempt කියල සිංහලෙන් කියන්නෙ ඒකට වෙන්න ඇති.."වැඩි සෙනෙහෙ දබරෙටයි" කියලත් කියනව.. ඒ නිසා අතේ දුරින් ආශ්‍රය කරන එක තමයි යාලු මිත්‍රකම් ගොඩාක් කල් තියා ගන්න පුලුවන් විදිය..

    ReplyDelete
  74. එස් බී යූ එක දවසේ මට මතකයි පිටිපස්සේ හිටිය කොල්ලො පෙලේ මාර පුත්‍රත් හිනාවෙවී හිටියා .මාත් ඒ හරියෙන්ම ඉඳලා කතා ගොඩක් මැද ටිකක් කම්මැලි ගතියක් ආව නිසා කිසි කෙනෙක් එක්ක කතා නැතුවම මාරුවෙලා ගියා .ඔන්න මම නම් ඔය තරම් මූණට මුනගැහිලාවත් කතා කොරල ඔහේට කරදර කරල නෑ මාරයෝ :)

    ReplyDelete
  75. පුද්ගලික ජීවිතයයි , වෘතීමය ජීවිතයයි දෙකක් වගේ සයිබර් ජීවිතයත් වෙනමම එකක් ඕවා එකට අනාගත්තාම ලෙඩ ගොඩයි.මාරයාම එක නිදසුනක් දෙනවා.හැමෝම මේ ගැන මීට වඩා සැලකිලිමත් වෙනවානම් හොදයි.

    ReplyDelete
  76. මේකෙ ඇත්ත සීන් එක මම දැනගත්තෙ ඊයෙ. අබේපාල මාම මාවත් විකුනලා නේද?

    ReplyDelete