09 March 2011

කන බොන දේ අතරේ...ස්පාඥ්ඥයට පටෝපුවා...


හප්පච්චිවේ දන්නෙම නැතිව හවස් උනානේ..දැන් ඉතිං තව ටිකකින් රෑට කාලා නිදියන්ට තමයි තියෙන්නේ..
අදනං දවස ගියා නොදැනීම..ඊයේ රෑ යාන්තං ඇහැ පියා ගන්නකොට පාන්දර දෙකත් පහුවෙලා..
ඒ හින්දා උදේ හිතං ආවේ දවල්ට ටිකක් නිදා ගන්න ඕන කියලා..

කොහේද..තාම නිදාගන්න උනේ නැහැ.මෙච්චර වෙලා මූණු පොතේ පින්තූර ටික එහෙ මෙහෙ කොරලා අස්පස් කොලා..ඊට පස්සේ මංගේ ෆොන් කටුවෙන් අද ගත්තු ඒවාත් එක්ක තිබුනු පරණ ෆොටෝ ටිකයි ඔක්කෝම මූණූ පොතේ ඇලෙවිවා..ඒ අලවන අස්සෙම ඒවා දැකපු උදවිය කියන දාහකුත් එකක් කයි කතන්දර වලටත් උත්තර බඳින්ට එපැයි.

ඉතිං කොහොම හරි ඒකත් ඉවරයක් කොලා..අද මං ඔය කරන්ට හිතං ආව දෙයක් නෙවෙයි...ඒත් මේ අපේ බ්ලොග් ලියන සාමාජික මහත්තුරු දෙන්නා උදේම මූණු පොතේ අලවලා තිබුනු පින්තූර කෑලි දෙකක් හින්දා මටත් හිතුනා..
"හරි මගුලක්නේ යකෝ මුංට විතරද පොටෝ තියෙන්නේ..ඇයි අපි ගන්න ඒවා කළුද..?" කියලා...

ආන්න ඒහෙම හිතුනට පස්සේ තමා මං වැඩේට බස්සේ..මුලින්ම අද උදේ ගෙදර ඇවිත් උයපුවා ටික ගහ ගත්තා පොටෝ කැලි දෙක තුනකට..

ආ එහෙම කිව්වහම මතක් උනේ...

අද උදේම ගෙදර එනගමන් මට අහු උනානේ හරි අපූරු පිපිඤ්ඤා ගෙඩියක්..
මං හැමදාම උයන්ට උදේට මොනවා හරි අරගෙන නෙව එන්නේ..ඉතිං ඒ පුරුද්දට කඩේට ගොඩ උනාට..ම්හූ..මට හිතට අල්ලන කිසිම දෙයක් නැහැ උයන්ට ගැලපෙන..අන්තිමට මං වෙන කඩේකින්වත් මොනවා හරි ගන්නවා කියලා හිතාගෙන අර කඩ බක්කියේ තිබුනු යසට දිලිසි දිලිසී තිබ්බ පිපිඤ්ඤා ගෙටියක් ඇන්න ආවා...

ඒත් ගෙදර ඇවිත් ආයෙමත් පල්ලෙහාට බහින්න කම්මැලියි කම්මැලියි වගේ..

ඒ පාර මොනවා කොරන්නද..මං කල්පනා කොලා අද මෙච්චර දවසක් නොකරපු කෙලියක් කොරන්ට ඕන කියලා...

මෙතුවක් කාලයකට මම ඔය පිපිඤ්ඤා උයලා තිබුනේ නැහැ නෙව..
කොහොමටත් මම සතියකට සැරයක් විතර පිපිඤ්ඤා ගෙඩියක් අරන් එනවාම තමයි..හැබැයි ඒ උයන්ට නෙවේ...
සලාදයක් හදන්ට තමයි.
සලාදෙත් ඉතින් දෙවෙදියක් තියෙනවා..
නිකංම ලූණු මිරිස් කපලාදාලා තව තියෙනවනං තක්කාලි ගෙඩියකුත් දාලා නිකං ලූණු සම්බෝලෙට වගේ හදන්ටත් ඇහැකි..එහෙම නැත්තං හීනීයට තීරු කපලා අර විදියටම ලූණු මිරිස් තක්කාලි එහෙම දාලා ඕකට පොල් කිරි පොඩ්ඩකුත් එක්කාසු කරන්ට ඕන..ලුනුයි ගම්මිරිසුයි ඇබින්දක් දාලා තව වේලිච්ච මිරිස් කරල් දෙකක් ලිපට කිට්ටු කරලා පුච්චලා අතින් පොඩි කරලා ආන්න ඒ ටිකත් දාලා ගත්තනං පංකාදු පහයි.

ඊට අමතරව ඉතිං ඔය පිපිඤ්ඤා මදේට ලුනුවතුර ටිකක් තවරගෙන ගිල දාන්ටත් ඇහැකි..කොහොමටත් මං ආසා වැඩක් තමා ඒක..පාරේ යන එන වාහනයක් දිහා බල බල ඔය පිපිඤ්ඤා මද කෑලිත් ගිල ගිල ඉන්න වෙලාවල් මගේ එමටයි...කිසි අගුණයක් නැති කෑමක් නෙව...

ඉතිං හැබැයි මගේ හිතට ආවේනං ඔය එක අදහසක්වත් නෙවෙයි..අද මේ පිපිඤ්ඤේ උයන්ට හිතුනා නෙව..

ඒත් ඉතිං මම මෙතුවක් කාලෙකට ඕක කොරලා නැහැ නෙව..පිපිඤ්ඤා උයලා කාලා තිබ්බට මං අද වෙනකල් උයන්ට හදලා නොතිබිච්ච දෙයක් නෙව මේ...දැන් මොකදෑ කොරන්නේ..?

ආයේ අහවල් එකක්ද..පියා ගත්තා ඇස් දෙක...ගෙනිච්චා මතකය පහුගිය සතවර්ෂයට...

මං ඉන්නවා කුස්සියේ බංකු කෑල්ලක් උඩ වාඩි වෙලා..මං එතකොට හිච්චි එකා..
ආ හරි මේ ඉන්නේ තාත්තා..පිහියත් කකුලට හිර කරගෙන බිම මිටි බංකුවක වාඩි වෙලා..
උන්දෑ ඇතුල්පොතක් උඩ තියාගෙන පිපිඤ්ඤාවක් පතුරු ගහනවා නෙව..
මාත් දැන් බලං හිටියා..හරි දැන් ඔන්න ටික් ටික් ගාලා මගේ මෙමරියට ආවා වැඩේ කෙරෙන හැටි..තත්පර දහයයි..ඇරියා ඇසි දෙක..

රයිට් දැන් උයන්නං පිපිඤ්ඤා..මට වරදින්ට හැටියක් නැහැ.
මං හැමදාමත් අළුත් දෙයක් උයනකොට කරන වැඩේ තමා ඕක...කෙලින්ම තාත්තගේ මතක ගබඩා ‍කරලා තියෙන පාර්ටිෂන් එකට ගෙහුං ඒක කියවන එක...

තාත්තාගේ මතක පොත හරහා මට ඕනම දෙයක් මේ වෙනකල් අවුලක් නැතිව උයා ගන්ට ඇහැකි වෙලා තියෙනවා..ඒ අතින්නං මං කන බත් ඇටයක් ගානේ උන්දෑට පිං පිරෙනවා...
මල මගුලයි මෙන්න මට ඇඩෙනවා අප්පා..ඔන්න ඕක තමා මං අකමැතිම දේ...
..........................................

හරි දැන් ආයෙමත් පටන් ගමුකෝ...
කොහොම හරි පිපිඤ්ඤා ගෙඩියේ තිත්ත ඇරලා ලියලා කරලා ඔන කරන හැම දේම මතකයට අනුව කපලා කොටලා දැම්මා...
ඣට පස්සේ වැදගත්ම හරිය...

අබ ඇට ටිකයි උළුහාල් ඩිංගකුයි සුදු ළුනුයි පොලුයි කහ ගම්මිරිස් හරි ‍මේ ටික අල්ලලා පොඩි වංගෙඩියේ දාලා කලබලයක් නැතිව හිමි හිමිහිට හොදට තැළුවා..හරියට ගලේ ඇඹරුවා වගේම හිටින්ට...වට්ටක්කා උයද්දීනං මං ඕකට කැකුළු හාල් ඇට චුට්ටකුත් එකතු කරනවා..ඒත් මෙකට ඒක කලේ නැහැ...
හරි පිපිඤ්ඤා උයද්දි ඕනම ගුලිය ඕක තමා.
කිසි අවුලක් නැහැ ඒකත් මිටි කිරි මිටකින් ලිපේ තියලා ඊ ළගට කල්පනා කොලා මක්කද හදන්නේ කියලා..හාල් මැස්සෝ ටිකක් තෙල් දාන්ට කියලා අරන් ලූණු කපද්දි හිතුනා..නැහැ එක්කෝ ලූණු සම්බෝලයක් විතරක් හදනවා කියලා.

ඒපාර තක්කාලි එහෙම දාලා ඒකත් හැදුවා..ආයමත් හිත කියනවා..හරියන්නේ නැහැ තව මොනවා හරි කරපන් කියලා..හ්ම් හ්ම්..හාකෝ හිත කියන දේ මම අහන්ට එපෑ..මොකද ඉතිං මගේ දුකට සැපට හැම දේකටම මං ලගින් ඉන්නේ ඔච්චරයිනේ...
ඒ පාර ආයෙමත් හාල්මැස්සෝ ටිකක් සුද්ද කරලා හෝදලා අරගෙන බැද්දා..කවදාවත් ඉතිං මටවත් තාත්තටවත් හාල් මැස්සෝ විතරක් බදින්න පුරුදු නැහැ..ඔව් වේලිච්ච මිරිස් කරල් හතඅටක් නොබැද කොහොමද..හරි දැන් ඉතිං ඔන්න අද දවල්ට දෙයියනේ කියලා කොටාබාන්ට ඇහැකි.

පිපිඤ්ඤා වෑංජනේ..
ලූණු සම්බෝලේ..
හාල්මැස්සෝ සහ මිරිස් බැදලා..

ඔය මදෑ මට ඉහටත් උඩින්...

ඉතිං ඔන්න ඔය හදාපුවයි පහුගිය දවස්වලත් උයන පිහන වෙලාවට ෆෝන් එක කුස්සියේම තිබුණු වෙලාවට හිතිලා ෆොටෝ ගහගත්තු ඒවයි ඔක්කෝම දැම්මා මුණු පොතට...
මං ඉතිං ආයේ වෙන එකකට නෙවෙයි ඔය උයන පිහන වෙලාවට ඉඳලා හිටලවත් පොටෝ කෑල්ලක් ගහගන්නේ..මගේ ඔය මිත්රයෙක් ඉන්නවා පිට දේසදීපංකරේක ඉන්න..උන්දෑ ඉතිං ඒ රටේ ඉන්න අර මොල්ලි දෙකක් තියෙන ලොකු සත්තු ජාතියක් ආංබාං කරන්නට තමයි එහෙ ගෙහුං තියෙන්නේ..හරි අපූරු මනුස්සයා..

ඉතිං මෑන්ස් නිතරම මට කියනවා..
"අනේ බං මාර මලේ ඔන්න ඔය මොනවා හරි උයන කරන ඒවෑ පොටෝ කෑල්ලක් ගත්තු වෙලාවක මටත් එවහංකෝ බං..මට ඒක දිහාවත් බලාගෙන හිතේ පිරියක් උපදවාගෙන මේ කෑම ටික කන්ට"
කියලා...

ඉතිං ඔහොම කිව්වහම නොකර පුළුවන්ද..?අනික ඉතිං ඒ රටවල්වල කොහේද මෙහේ කෑම..මෑන්ස්ට ඔය අර බලාගන්න සත්තුන්ට කන්න දෙන ඒවාමද කොහේද කන්ට දෙන්නේ..ඉතිං පව්නේ දෙයියනේ..අපි මෙහෙමවත් උදව්වක් කොරන්ට එපැයි.

ආන්න ඒ කාරුණාව හින්දම තමයි මං ඔය සත්කාරිය කොරන්නේ..
දැන් ඔයාලට ආසා ඇති කවුද මේ පුද්ගලයා කියලා දැන ගන්න....
ඒ උනාට ආයිබෝං මංනං කියන්නේ නැහැ..
ඒත් වැඩි වෙලා යන්ට කලින් එක්කෝ කවුරු හරි මේ කාරුණාව දන්න කෙනෙක් ඔය පාතින් කොමෙන්ටුවක් දාන්ටත් ඉඩ තියේ..ඒ නැතත් අපේ ඔය උන්නැහේ මේ ලිපිය දැකපු ගමන් මට ස්තූති කොරලා කොමෙන්ටුවක් දාන එක දානවාමයි..ඕං ඒකේ දෙකක් නෑ...
.....................................
ඒක නෙවෙයි..මට පොඩි අවලක් තියේ..
මේ තව මගේ පරණ සිද්ධියක් ලියන්ට තියේ..ඒත් ඒක මං කලින් කිව්වද කියලා මට හරියටම මතක නැහැනේ...
ඒක ඇවිල්ලා මේ ප්‍රහාරක යානාවක් කඩා වැ‍ටිච්චි කතාවක්.
ඒ කිව්වේ මේ ඊයේ පෙරේදා කඩං වැටිච්ච එක නෙවෙයි..ඊට කාලෙකට කලින් මාරයාගේ ඇස් දෙකට පෙනි පෙනි කඩා වැටිච්ච පළමු යානය ගැන කතාවක්..

කාට හරි එහෙම කතාවක් මං කිව්වා කියලා මතකද..?
මට ඔය පරණ පෝස්ට් කියවන්න හරි අමාරුයි අප්පා..බැරි කමක් නෙවෙයි..ඒවා කියවන්න ගියාම මාව ආයෙමත් අතීතයේ අතරමං වෙනවා..ඊට පස්සේ ආයෙමත් මතකය අතීතයට ගොහින් මං ඒවෑ හිර වෙනවා..ඊට පස්සේ හෙන අවුල..ඒ හින්දා කවුරු හරි පින්වතෙක් හෝ පින්වතියක් සිටීනම් ඒ පිළබඳව මට මතක් කොරන්නකෝ...
..................................

ඒඅතරේ මංගේ ඉවුං පිහුං කරන උපකරණ ගැන තවත් පින්වතියකට පුරස්සනයක් ඇවිත්..
මං උයන පිහන වළං ලොකු වැඩියි කියන්නේ..එක්කෝ පුංචි ඒවා ගන්ටළු..
නැත්තං වළඳට හරියන්ට උයන්ට විදියක් බලන්ටළු..
හනේ හපුච්චියේ..ඒකත් හොඳ වැඩක් තමා..ඒත් ඉතිං අන්තිමේදී උයා ගත්ත ටික කන්ට මට මයේ දත් ටික ඉතිරි වෙයිද කියලා කවුද දන්නේ..ඒ අස්සේම තවත් අක්කණ්ඩියෙක් කියනවා ඒ අක්කණ්ඩිව බැඳපු මහතැන් තාමත් උයන පිහන කතන්දරයක් ඕවා ඇහැවුවාම කාටද අප්පා වළ‍ඳේ තරමට උයන්ට හිතෙන්නේ..
නැද්ද මං අහන්නේ..?

44 comments:

  1. මේ මාරයා ගේ බ්ලොග් එක කියවන අයට දෙන අවවාදයකි. බඩගිනි වෙලාවට මෙම බ්ලොග් එක කියවන්න එපා. මූ බඩගිනි කාරයන්ව පිස්සු වට්ටවනව.

    ReplyDelete
  2. කෙළ පෙර පෙර කියෙව්වා :D

    ReplyDelete
  3. අයියේ ඔබට අසමොදගම් එවමි කියවන අය කෙල ගිලලාම බඩ සිදෙනු ඈත

    ReplyDelete
  4. ඔව් කිව්වා තමා එෆ් 7 කතාව කියනව කියලා පොරොන්දු ඉටුකරපන් වහාම

    ඒකනෙමේ බන් උඹ ඔය කන ඒවට මොනවැයි බන් වෙන්නෙ ඇත්තට?

    ReplyDelete
  5. රංග කියන කතාවනම් සහතික ඇත්ත.දවල්ට කාපු ඒවා කොහෙද කියලද නැ

    ReplyDelete
  6. අපේ අම්මාත් පිපිඤ්ඤා ගේනකොට මට වෙනම එකක් ගේනවා.. මාත් හරි ආසයි ලුණුත් එක්ක කන්න..
    මටත් මතකයි එහෙම කථාවක් කිව්වා..ලියමු ලියමු

    ReplyDelete
  7. අයියෝ අපිට කොහෙද බැදපු හාල්මැස්සො කිව්වලු.

    ReplyDelete
  8. දැං ඉතිං අර මොකද්ද ඒක කහන අයට නං මාරයියව කන්ට හිතිලා අැති ඔන්න...

    මං හිතන්නෙ මෙ නිකං මාරයා නෙවෙයි
    කෑමට අධිපති මාර දිව්‍ය පුත්‍රයා..

    පලි.
    (පුත්‍රයා කිව්වට ඔන්න මයෙ නං නෙවෙයි)
    :-P

    ReplyDelete
  9. දුමියා ගැන කිසිත් නොකීයැයි සිතමු... තව විදිහක් තියෙනවා බං.... කළුකුඩු එහෙම දාලා කළු පොල් මාළුව හදන විදිහට හින්දෝලා ගත්තමත් පිපිඤ්ඤා මරු... මට බැරි වුණත් අපේ අම්ම නං එළටම හදලා දෙනවා බං... කොහෙද ඉතිං ඒවා කන්ඩ තව මාස පහ හයක් ඉන්ඩ එපැයි...

    ReplyDelete
  10. හනේ හපොයි කෑම ගෑන ඔහොම ලියන්ට එපා... මෙ ලන්කාවෙ නෑති අපි ඔව්ව කියවල පිස්සු වෑටෙනව..

    http://aluthkolla.blogspot.com/

    ReplyDelete
  11. පිපිඤ්ඤා හරි ජාති ටිකක් ලොකු කෑලි කපලා, ලුණු ගම්මිරිස් ටිකක් ඉහලා ගත්තා නම්, හැබැයි බයිට් එකට :-)

    ReplyDelete
  12. මාරයියේ මේ කරන වැඩ සියල්ලම නවතා එක්කෝ කෝකියෙක් වෙයන් නැත්තම් කාන්තාවන්ට උයන්න පිහන්න පන්තියක් පටන් ගනින්..

    ReplyDelete
  13. මාරයා අයියගෙන් කෑම වේලක් කන්න ඇත්නම්........

    ReplyDelete
  14. දවසක මාරෙ අයියගෙන් කාල බලන්න ඕන ! අපරාදේ මාරේ අයියට උයන්න පිහන්න උපන් හැකියාවක් තිබුනේ . ඔය හැකියාව නැත්නම් මාරෙයා දැනටමත් පවුල් වෙලා !

    ReplyDelete
  15. හරි හරි.... ඔන්න මම ඇවිල්ල එක දාගත්තා...උඹට පිං .... මගේ බඩ ගෝස්තරේ රැක දෙනවට. බලහන් දැන් මට දැන් කෑම කාලා බඩ පුරෝ ගන්න ඕනකමක් වෙන්නෙම නෑ.. මාරයාගේ ෆොටෝ බලලම බඩ පිරෙනවා.... හැබැයි පුතෝ ඔන්න නොකිව්වැයි කියන්න එපා..... බොලා කවද හරි මැරෙන්නෙ දොස්තරලටවත් හොයාගන්න බැරි බඩේ අම්මරුවක් හැදිලා තමයි.

    ReplyDelete
  16. @හි..හික්.. මාරයියේ.. කෑම ටික(වෑංජන) නම් පංකාදු 5යි.. මම මුහුණු පොතේ ෆොටෝ කෑලිටික දැක්කා... :):).. හ්ම්..හ්ම්.. "දුමී" අයියා එහෙම නෙවෙයිලූ නේ ඔය පිටරට යාළුවා.. ??? මම කියන්නෙ බ්ලොග් කොමෙන්ට් එක දැකලා එහෙම නෙවේ ඕන්..

    ReplyDelete
  17. මාරයා මල්ලි උඹට මේවා දානවට බැනල වැඩක් නැහැ, හොඳ වැඩක් කොරන්නන්කො 22 පහුවෙලා.

    ReplyDelete
  18. ‍මොනව කරන්නද, භාගයක් කියවල මමත් ගිහින් කාල ආව

    ReplyDelete
  19. Ranga

    ඕක ගහන්ට ඕන මේකේ url එකේවත්.

    ReplyDelete
  20. පූසා...

    චෑ චෑ බොහෝම නරක පූසෙක් නෙව..වෙන පූසෝ කෙල පෙරන්නේ මීයෝ දැක්කාම..ඒකටත් එක්ක මේ පූස් තඩියා..

    ReplyDelete
  21. ඉලංදාරියා...

    තැන්කූ මලයා ඒත් ඉතිං ඒ හැටි අවුලක් වෙන එකක් නැහැ..මම සෝඩා දාලා **** බොනවනේ...

    ReplyDelete
  22. නිශ්...

    තැන්කූ හෙට ඒ කතාව ලියමු..
    වාශ්ප වෙනවා බං.

    ReplyDelete
  23. sihinadanawwa...

    එහෙම තමා ඔවා දිරවනවා නෙව..ඔන්න කොන්ක්‍රීට් ටිකක්වත් කෑවානං...

    ReplyDelete
  24. හසී...

    ඔන්න ඉතිං නගාලා නිශ්ලට තමා ඕවා මතක හිටින්නේ.

    පිපිඤ්ඤා කනකොට ලුනු වතර එක්ක එක රහක්..ලුන් කැටයක් එක්ක කන කොට තවත් රහක් බලන්‍නකෝ

    ReplyDelete
  25. පිණිබිඳු...

    බැදපු ද? බැඳපුද?

    අනේ මංදා..

    ReplyDelete
  26. Aruna...

    නැතිව ඉතිං..ඔය ඉන්නේ පහල කට බලියං...

    ReplyDelete
  27. විශ්වාස කරනවා නම් විශ්වාස කරපන්...මෙදා සැරේ නම් එක පාරම සුවඳක් ආවා ඇත්තමයි...

    ReplyDelete
  28. පිපිඤ්ඤා කැවාම සස්සන වෙනවාලුනේ . :P .හෙහෙහ්.. මම නම් කොමත් පොඩි කාලේ ඉදන් කන්න කැමති කැමක්...

    කිව්වත් වගේ මුණු පැතේ ඔය දාන කැම පිගන් දිහා බලන්නෙවත් නැ..මට බැ බලන්න..දුක හිතෙනවා...

    ReplyDelete
  29. ප්‍රවීන සූපවේදී මාරයා මහතාගේ තවත් කෑම වට්ටෝරුවක්.

    පිපිඤ්ඤ මොකට නැතත් බයිට් එකටනං ගන්නව ඇති.

    ReplyDelete
  30. යකෝ මමත් මහ ජාරා වෙලාවක කියෙවුවෙ මේක. දවල් 12 ට. දැන් ඉතිං කොහේ හරි ගිහින් බඩකට පිරෙන්න ලෙසටම බැටිං පාර දෙන්න වෙනවා. එච්චරට බඩගිනි මේක දැක්කම.

    ReplyDelete
  31. දැං දොලහයි කාලයි. වෙනද කන්නෙ දෙකට විතර. මේ මඟුල කියෙවයින් පස්සෙ බෑ නෙව ඉවසන්න ආපු බඩගින්න. යකෙක් යන්න ඇහැකි. අර කාන්තාරෙ ඉන්න එකා ඔය සෙතෙක් බලාගන්න වෙලාවක කියෙව්වොත් ඌ ගිලිනව ආයෙ දෙකක් නෑ. හපෝ මං කන්න යනෝ.. !

    ReplyDelete
  32. කටට කෙල උනනවා.මේ මහ දවලේ පිපිඤ්ඤා කෑල්ලක් ලුනුත් එක්ක කන්න තිබුනානම් නියමයි

    ReplyDelete
  33. මාරයියේ කුකරි class එකක් දාගත්ත නම්..

    ReplyDelete
  34. Jeew

    ඔය කියන්නේ කැකිරි උයන විදියටමද?

    ReplyDelete
  35. අලේ පිපික්කා මාත් ආසයි හැබැයි අමුවෙන් සම්බෝල කන්න. අපේ අම්මා නම් කිරි දාලත් උයනවා. හැබැයි එදාට හොදි පමණි. ඒ නිශා ශම්බල් තමා. අවුලක් නැතුව ඒකත් අරන් ටෙලිවිසන් එක ඉස්සරහින් වාඩි උනාම ඉවරයි. ගෙදර කොහොමටත් හොඳ වෙලාවට ඒකට රන්ඩු කරන්න කෙනෙක් නැ.

    ReplyDelete
  36. @අළුත් කොල්ලා...

    හපොයි තව ටික කාලයක් එහෙනං මේක බලද්දී ඒක වෙයි...

    @ම...

    හෙහ් හෙහ් දනිමි දනිමි..ඒ බව යම් තරමකින් දුටුවෙමි..මාත් ඕක පාවිච්චි කොරලා තියේ..නැගලා යන වැඩක් තමා...

    @ItalyDilan...

    ඇයි පිරිමි පාර්ශවේට නරකදෑ..

    @නචී...

    පරිස්සමෙන්..මාරයාගෙන් කන්ට හිතන එක භයානකයි...

    @හිස් අහස...

    අන්න ඒකනං ඇත්ත වෙන්ට තිබුන කාරණාවක්..

    @Bunny...

    මොකද කොළුවෝ බෙරිහං දෙන්නේ..?

    ReplyDelete
  37. @දුමී...

    හෙහ් හෙහ් හෙහ්..මුළු පෝස්ට් එක ලියන්න ගිය මහන්සියම නිවිලා ගියා...

    ReplyDelete
  38. @ප්‍රාර්ථනා...

    හික් හික් ප්‍රසිද්ධ රහස් නංගියේ..හා හා ඔහොම කියන්ට එපා...
    අර පේනනැද්ද එක්කෙනෙක් මට ආශීර්වාද කරන තරමක්...

    @Observer...

    හෙහ් හෙහ්...අපොයි...

    @තාරක Dilsh@n...

    හනේ හපොයි මේකලාට මක්කා වෙලාද මේ ඇත්තට...

    @Beetle...

    ඇහ්...

    ReplyDelete
  39. @නිම්ශා...

    හෙහ් හෙහ් එහෙම වෙනවා කියලා කවුදෝ මංදා කාටද කීවාළු..දැන් හිටු කියලා පිපිඤ්ඤා කනවාළු...

    එහෙනං මීට පස්සේ කෑම ජාති පෙන්නන්නේ නෑ ඕං හංගලා තියනවා..එහෙම කමක් නැද්ද..?

    ReplyDelete
  40. @Praසන්ன...

    ආයෙත් අහලා බයිට් එකට දෙයියා...
    (මේවා මෙහෙම කියලත් බැහැ..අර ඔත්තුකාරියෝ හැම තැනම)

    @රංග - මගේ ලෝකය...

    බඩගිනිද..එහෙමත් නැත්තං පිපිඤ්ඤා සමග මොකවත් කරන්න හිතිලද දවල්ම..

    @nawammawatha...

    දැක්කේ නැතෙයි කාන්තාරෙ එකා පරල වෙලා හිටිය තරම...

    @ayesha...

    අම්මේ ඒකනං මසුරං යෝජනාව..

    @නිපු...

    බලන්ට ඕන කල්පනා කොරලා...

    ReplyDelete
  41. @හා පැටික්කි...

    හනේ ඉතිං අර උක්කුං එන්නේ නැද්ද ගේමට ඒ වෙලාවට...

    ReplyDelete
  42. උක්කු පිපික්කා වලට ආස නැ. අතීතයේ ගෑස් උක්කුගේ බඩේ වැඩ දාපු වෙලේ මං ළඟින්ම ඉඳන් උක්කුට පිපික්කා කැව්වා.:D :D

    ReplyDelete
  43. පිපික්කා..හෙහ් හෙහ්..
    ඇත්තම කියහං නගේ..
    " උඹේ කටේ එකයි මගේ කටේ දෙකයි කිය කිය නේද උක්කුවාට පිපික්කා කැවෙව්වේ"

    ReplyDelete