11 March 2011

ප්‍රහාරක යානාවක් බිම දැමූ මාවනැල්ලේ බුවා...

හරි අදනං මං හිතට ගත්තා වැල්වටාරම් මොකුත්ම නැතිව මේ කතාව කියලා ඉවර කරන්ට ඕන කියලා.
මොකද හැමදාම මට මේ කතාවක් ලියන්න ගියහම ඕන එකයි නැති එකයි හැම එකම කියවෙනවා..අන්තිමේදී කතාව කොහේවත් මම කොහේවත්..ඒ හින්දා අදනං කතාවම තමයි ලියන්නේ..මම ඒක අද ගෙදර එන ගමන් හිතාගෙනමයි ආවේ..කොච්චර හිතුවද කිව්වොත් අද මං තීරණය කලා උදේම උයන්නේ නැතිව ඉන්න.උදේම උයලා මේවා ලියන්න ගියහමනේ ඔය උයපු පිහපු හැටි ලියන්ට එහෙම වෙන්නේ..

ඒක හින්දා අද මං උදේට බත් කන්නේ නැහැ කියලා හිතලා අරං ආවා පාං..කොහොමද මගේ කැපවීම..
ආන්න එහෙමයි අපි මේ බ්ලොග් කරුමාන්තෙට ඇප කැප වෙලා ඉන්නේ.
ඒත් ඉතිං අදත් ටිකක් පරක්කු උනා..ඒකට හේතුව ඉතිං අර ගෙනාව පාං කෑල්ල අමුවටම ගිලින්න බැරි හින්දා පොල් සම්බෝලයක් හදන්න වෙච්ච හින්දා තමයි...
ඒ මදිවට අද දෙහි තිබ්බෙත් නැහැ ගෙදර..

මක් කොරන්නද සම්බොලේ වංගෙඩියේ දාලා කොටද්දී ඒකට දැම්මා තක්කාලි පළුවක්..ඒකත් නරකම නැහැ..හොඳ ගතියක් තියෙනවා.
ඉතිං අද මේ බ්ලොග් එක හින්දම උදේ බත් වේල අමතක කොරලා පොල් සම්බෝලයි පානුයි කොටා බාලා..ඉඟුරු කෑල්ලක් තලලා දාලා ප්ලේන්ටියකුත් හදාගෙන බීලා මංතුමා වාඩි උනා මේක ලියන්ටයි කියලා..
ඒත් ඉතිං නිකමට වගේ ඊට කලින් ගියා මේල් ටික චෙක් කොරන්ට..මොන..ඒ පාර අර උලව් ගූගල් බස් එහෙකට හේත්තූ උනා නෙව..යංතං ඔන්න ඒ පැත්තවත් ආයේ මේක ලියලා ඉවරවෙනකල් බලන්නේ නැහැ කියලා හිතලා මං දැන් තමයි වැඩේට අත ගැහැවුවේ..

ඒ හින්දා දැනටමත් වැඩේ පරක්කු වෙලා නෙව තියෙන්නේ..ඒ හින්දා කොහොමටවත්ම වල් පල්..හෑලි ලියන්ට මට වෙලාවක් නැහැ ඕං...

...........................................

හරි ඉතිං අපි එදා දවසට යමු...
මට මතක හැටියට එදා සෙනසුරාදා දවසක්..ඉතිං මංතුමා එදා රනවේ එක..එහෙම නැත්තං ගුවන්යානා ධාවන පථයට ආසන්නම ආරක්ෂක වලල්ලේ නෙවෙයි රාජකාරිය කලේ..
මම හිටියේ ගුවන් යානාවලට සවිකිරීම සඳහා තිබෙන බෝම්බ රඳවා තිබෙන අංගනය වටා වූ ආරක්ෂක වලල්ලේ.ඒ ආරක්ෂක වලල්ල අර ගුවන්යානා ධාවන පථයට දෙවෙනි ආරක්ෂක වලල්ලක් හැටියටත් ක්‍රියා කරනවා..

ඉතිං එදා මගේ රාජකාරි මුරය වැටිලා තිබ්බේඋදේ අටේ ඉඳලා දහය වනතුරුත්..
දවල් දෙකේ ඉඳලා හවස හය වෙනතුරුත්..
ආයේමත් රෑ අටේ ඉඳලා රෑ දහය වෙනතුරුත්..
පාන්දර දෙකේ ඉඳලා පහුවදා උදේ හය වෙනතුරුත් තමා..

ඉතිං ඒ අනුව මට උදේ දහයේ ඉඳලා හවස දෙක වෙනකල් විවේකයක් තිබ්බා...

මම ඉතිං ඔය විවේක කාලය ඇතුලේ දවල්ට කෑම ටික එහෙම කාලා තව ඩියුටිය බාර ගන්න වෙලාවත් තියෙන හින්දා මං ඉන්න තැනට කිට්ටුව තියෙන වතුර කරාමයකින් මෙගා බෝතලයකට වතුර එකකුත් පුරවගෙන ගියා ඉදිරි ආරක්ෂක වලල්ලට..ඒ කියන්නේ රන වේ එකට ආසන්න ආරක්ෂක මුරකුටියකට...

වතුර එකක් අරං ගියේ අර මම යන තැන පොයින්ට් එකට වතුර ලග පාතක නැති හින්දා පුරුද්දක් හැටියටඅපි ඒ පැත්තට යන වෙලාවට වතුර බෝතලයක් ගෙනිහිං දෙන හින්දා තමයි...
හැබැයි ඒ විතරක් නෙවෙයි ඒකේ තව පොඩි ඇන්දිල්ලකුත් තිබ්බා..ඔය යන අතරේ කවුරු හරි ඔෆිසරයෙක් අපිව අල්ලං ඇහැවුවොත් කොහේද යන්නේ කියලා..කෙලින්ම පෙන්නන්නේ වතුර බෝතලේ...

ඒ හින්දා ඕක නිකං ගමනාගමන ලැයිසොමක් වගේ තමා...

කොහොම හරි මම ගියේ මගේ බුදු ෆිට් යාළුවෙක් හිටිය පොයින්ට් එහෙකට තමයි.
ඉතිං මං යනකොටත් පොර ඩියුටි.
රෙස්ට් එකේ ඉන්න පොරත් ඉන්නවා කයියක් ගහගෙන..
ඉතිං ඔය මගේ යාළුවා ඇවිල්ලා මාවනැල්ලේ පොරක්..නම සිංහල..වාසගම මුස්ලිම්..
කොල්ලගේ අම්මා සිංහල..තාත්තා මුස්ලිම්..ඒකයි ඒකට හේතුව..

කොහොම උනත් මට ගුවන් හමුදාවෙදී මුලින්ම ෆිට් උන බුවා තමා ඕකා..මුස්ලිම් නම තිබ්බට මිනිහා මුස්ලිම් කියන කිසිම හැසිරීමක් නැති එකා..
අපි වගේම බෞද්ධයා..ඒකට හේතුව අම්මාගේ ආදරේ තමා.

ඉතිං අපි මුලින්ම ෆිට් උනේ ගුවන් හමුදාවට බැඳුන දවසෙම තමයි.
එදා රෑ අපි දෙසීයක් විතර කටුනායක කඳවුරේම ගොඩනැගිල්ලක බිම නිදා ගත්තා..එකාට එකා ඇගේ ගෑවි ගෑවී තමා නිදා ගත්තේ ඒ තරමට ඉඩ මදි...

ඔය අතරේ අපිව බාරව හිටිය සාජන් කාරයා හයියෙන් කෑ ගහලා කියනවා..

"තොපි ඔය ගෑවි ගෑවි හිටියා වගේ නෙවෙයි ලයිට් නිමුවට පස්සේ ඕන නැති මගුල් එහෙම කරනවා නෙවෙයි" කියලා...අපිට හිනා..සාජන් කාරයත් අවුරුදු තිහක තිස් පහක ජොලි බුවා..පස්සේ කාලෙක අපිත් එක්ක සෑහෙන්න හොඳට හිතවත් උනා මෑන්..

කොහොම හරි ලයිට් නිවලා පැය බාගයක් විතර ගියත් අපි එකෙක්වත් නිදි නැහැ.
ඔක්කෝම හිමි හිමීට ලග ඉන්න උන් එක්ක කතාව..හෙට මොනවා වෙයිද කියන එක ගැන..

ඔය අස්සේ අර සද්ද ටිකක් යටපත් වෙන ගානට මෙන්න මෙහෙම සද්දයක් එනවා..

" අයියා..කවුද අනේ ඔය මගේ *** අතගාන්නේ.." කියලා හරිම ලාමක කට හඬක් හදාගෙන හැමෝටම ඇහෙන ගානට තමයි ඕය සද්දේ ආවේ..

මෙන්න තත්පර ගානකින් තවත් සද්දයක් එනවා..හැබැයි අර සද්දේ ආව තැනට තව දහ දෙනෙකුට විතර එහායින් තමයි ඒ සද්දේ එන්නේ..

"කෑ ගහන්න එපා මල්ලි..මේ මමනේ පැටියෝ..."

ආයෙමත් අර කලින් කතා කරපු තැනින්

"අනේ අයියා මට බයයි අයියෝ.."

මෙන්න නැවතත් උත්තරය අර ඈත කෙලවරින්

"බය වෙන්න එපා මල්ලි මම මේ සාජන් අයියා"

"ආනේ සාජන් අයියද..?එහෙනං කමක් නැහැ අයියේ.."

"ඒකනේ මල්ලි..බලන්නකෝ අනිත් උනුත් දැන ගත්තානේ.."

"කමක් නැහැ අයියා..උනුත් එහෙම තමා..ඒක‍ නෙවේ අයියා..ඔයා ඇත්තටම සාජන් අයියාද.."

" ඔව් මල්ලි ඇයි සැකද.."

"නැහැ අයියා, සැක නෙවෙයි..ඔයා ඇත්තටම අර හින්දි පිචැර් එකේ හිටිය සාජන් අයියාම නේද.."

"ආ නැහැ නැහැ මල්ලී..මම මේ අර දැන් ටිකකට කලින් ඔයාලට සද්දයක් දාලා ගිය සාජන් අයියානේ.."

"ආනේ හරි නරකයි..බොරුවට සද්දේ දැම්මා..හොරා.."

ඔන්න ඔය විදියට කතාව ඇදිලා යනවා..කො‍ල්ලෝ ටික බෙඩ්ෂීට් හපාගෙන හිනාවෙනවා..කොහොම හරි මේ කතාවෙන් ආතල් දීම පැයක් විතර ඇදිලා ගියා..අන්තිමට ගිය දෙබස් මෙවායේ ලියන්න පුළුවන් ඒවා නෙවේ ඕං..
කොහොම හරි ඉතිං එදා මේ කතා නාටකය රඟ දැක්කුව ශිල්පීන් දෙන්නා කවුද කියන එක පහුවදා උදේ වෙනකලුත් කට්ටිය දැනං උන්නේ නැහැ
කොහොම උනත් වැඩේ ලීක් උනේ..පහුවදා අපිව බස්වලින් දියතලාවේ කැන්දන් යන අතරේ තමා...

අර අපිට සද්දේ දාලා ගිය සාජන් කාරයත් අපේ බස් එකේම තමයි ගියේ..
යන ගමන් ඉතිං අපි සින්දුවක් එහෙම කියාගෙන ආතල් එකේ යන අතරේ සාජන් කාරයා බස් එකේ ඉස්සරහාට වෙලා අහනවා..

"ඊයේ රෑ මාව වික්ක හු**** පුතාලා දෙන්න කවුද..?" කියලා...

ජලා හුටා..ඒ නියන්නේ මූ දන්නවා වැඩේ..කට්ටිය හොල්මන්....
ඒත් ආයෙමත් සාජන් කාරයා අර නස්ප මූණ අහක් කරලා හිනා වෙවී තොපි වගේ කාලකණ්නි ජාතියක්නං මම ජීවිතේට දැක්කේ නැහැ කියලා හිනා වෙවී ඉන්නවා...නේද මාරයෝ...

අම්මට හුඩු ඒ කියන්නේ මූ දන්නවා කවුද සද්දේ දැම්මේ කියලා...
ඒ කියලා අනිත් පැත්තට හැරිලා මෙච්චර වෙලාවක් අහින්සකයා වගේ පැත්තක් බලාගෙන හිටිය අර මාවනැල්ලේ බුවාට කොන්ද හරහාට දුන්නේ නැද්ද සාජන් කාරයා එකක්...

ආන්න එතකොට තමයි මාත් දැන ගත්තේ සහය සහෝදර නළුවා කවුද කියන එකත්..එදා ඉඳලා අර සාජන් කාරයාට අපිව කොහේදී දැක්කත් හිනා යනවා..අපි දෙන්නත් ඉතිං සෑහෙන හොඳ යාළුවෝ හැටියට හමුදා ජීවිතේ ගතකරා..

කොහොම උනත් එදා ඉතිං මම වතුර එකත් අරං යනකොට මුං දෙන්නම හෙන ගේමක් පැටලිලා..
දෙන්නම කිව්වේ පොයින්ට් එකේ අනිත් සගයත් එක්කලා අපේ මාවනැල්ලේ බුවා පැටලිලා...

අනිත් කොල්ලත් රඹුක්කන එකෙක්..

ඉතිං මාත් ඔතනට සෙටාර් උනා...මොකක්ද මුංගේ වාදේ කියලා බලන්න..

ඒ වෙලාවේ ඔය පුහුණුව සඳහා ප්‍රහාරක යානා වගයක් ගුවන් ගත කර කර තිබුනු වෙලාවක්...

ගුවන් හමුදාවේ ඒ දවස්වල පුහුණු ප්‍රහාරක යානා හැටිය පාවිච්චි කලේ F 17 (එෆ් සෙවන්ටීන්) වර්ගයේ යානා තමයි..එක පාරටම කෆීර් වලට දාන්නේ නැහැ..ඒ දවස්වල කෆීර් අපේ අයට අල්ලන්නවත් දුන්නේ නැහැ..ඒවා පැද්දේ ඊශ්‍රායෙල් ජාතිකයෝ ටිකක්..උනුත් හම්පඩ නාකි බුවාලා සෙට් එකක් මට මතක හැටියට..බොහෝම අමාරුවෙන් ගෙනල්ලා වඩාගෙන වගේ නග්ගලා ඇතුලෙන් වාඩි කලාට පස්සේ බලන්න එපැයි...

උං ටික යක්කු වගේ යන්නේ..අපේ අයියලා හැරෙන්නෙත් නැහැ ඒ ගානට..

පස්සෙන් පහු කාලෙක තමයි පුහුණු යානා හැටියට චීනෙන් K-8 වර්ගයේ ඒවා ගෙනාවේ..

ඉතිං ඒ දවස්වල තිබුනු ප්‍රධාන වර්ග තමා..

කෆීර්..
මිග් (මේකේ මිග් 27 වගේම මිග් 19 වගේ වර්ගයකුත් තිබුනා වගේ මට මතකයි)
F-17 (හුගාක් දුරට මිග් වලට සමානයි)

ඔන්න ඔය වර්ග තමා මූලික උනේ..

ඉතින් මේ වේග ප්‍රහාරක යානා වල නිතරම ටෙස්ට් රන් තියෙනවා...
ඒ වාගේම පුහුණු ගුවන් ගත කිරීම්...

ඉතිං මේ මම යන වෙලාවෙත් එහෙම යානා කිහිපයක්ම ඉහල නංවනවා වගේම බිමට පහත් කරමිනුත් තියෙන වෙලාවක්...

දැන් මුං දෙන්නා කරන්නේ පහේ කාසි දෙක තුනක් තියාගෙන ඔට්ටු අල්ලනවා උඩට යන යානාවක් නැවත බාන්න එන වෙලාව කිය කියා...

එකෙක් විනාඩි 10න් එනවා කිව්වොත් අනිකා නැහැ විනාඩි 20 කියනවා...

ඇත්තටම ඔය කාලේ වෙනකොට රනවේ එක ගාවම ඩියුටි කරලම අපිට ඔය ගැන සෑහෙන අවබෝධයක් තිබ්බා...

කොහොම හරි ඔය වෙලාවේ තමා මාත් ඔතනට සෙට් උනේ..දැන් මං තමයි මැදහත් කරුවා..

මුං දෙන්නා පහේ කාසි මට දීලා ඔට්ටුව අල්ලනවා ..මම දිනන එකාට සල්ලි ටික දෙනවා..ඒ අස්සේ මුං දෙන්නා මරා ගන්නවා...

කොහොම හරි ඔය අතරේ තවත් යානාවක් ගුවන් ගත වෙන්න ආවා..ඒ එෆ් සෙවන්ටියක්...

රඹුක්කන බුවා කියනවා..හරියටම විනාඩි විස්සෙන් ඕක ආපහු එනවා කියලා...
මාවනැල්ලේ පොර මට පහේ කාසිය දෙන ගමන් විනාඩි හතළිහයි කියපි...
යානය ගොඩ බිම දෙස ඉඳලා මුහුද පැත්තට ඇදිලා ගිහින් ගුවන් ගත වෙලා ..අපේ ඉදිරි පස අහස් සීමාවෙන්ම වටයක් දාලා නැවතත් ගොඩ බිම පැත්තේ අහසේම නොපෙනී ගියා..

ඉතිං ඕක එන්න තව වෙලා තියෙන හින්දා දැන් අපි තුන්දෙනා කයියක් ගහගෙන ඉන්න අතරේ මුන් දෙන්නා ඔරලෝසුත් බලනවා නිතරම...

හරියටම 19වැනි විනාඩියේදී මෙන්න මේක එනවා ඈත අහසේ මහා සද්දයකුත් එක්ක...
මාවනැල්ලේ බුවාට යක්සයා නැග්ගා..

"නොදකින් මූට තව විනාඩි විස්සක් ඉඳලා එන්න තිබ්බේ නැද්ද..?මගේ රැපියල් පහට කෙලවන්නේ නැතිව"

මම සද්ද නැතිව රඹුක්කන එකාට කාසි දෙක දුන්නා..
ඒ අතරේ දැන් රඹුක්කන එකා අරූට නෝන්ඩිය දානවා..

"අනේ බං උඹයි මායි දන්න ටයිමින්.."

මේ කතාව අස්සේම දැන් යානය ඈත අහසේ ඉඳලා බිමට පහත් කරන්නයි සූදානම...

ඒ අස්සෙම අර මාවනැල්ලේ බුවා කියනවා..

"අදනං ඕකාට බිමට බාන්න වෙන්නේ නැහැ..මගේ පහට කෙලිය...@%$&&^*%$@ කඩාගෙනම වැටිය..."

දැන් මායි අනිත් එකයි අරූට බයිනවා

"යකෝ #@#@කතා කියන්න එපා බූරුවෝ..."කිය කිය..ඔය බැනිල්ල ඉතිං සෑහෙන පිරිසිදු සිංහල භාෂාවේ තියෙන ලස්සනම වචන භාවිතා කරමින් තමා සිද්ධ වෙන්නේ...කොහොමත් ගුවන් හමුදාවේ ඉන්න කාලේ අපේ කටින් පිටවෙන සෑම වචන දහයකින්ම අටක් විතර ඔය වගේ සුපිරිසිදු වචන තමයි ඒ අතරින් දෙකක් විතර තමයි ටිකක් වැඩකට නැති වචන තියෙන්නේ..ඒත් ඉතිං හරියට බැළුවොත් අර වචන දෙක කියා ගන්න තමා අනිත් අටම ඒකට එල්ලලා කියන්නේ..

කොහොම උනත් දැන් අපි තුන් දෙනාගෙම ඇස් අර යානාව දෙසට යොමු වෙලා තියෙන්නේ...

යානය තම වේගය අඩු කර ගන්නා ගමන්ම ධාවන පථයට පහත් කරනවා...
ඔයාලා දන්නවා ඇති යානයක මුලින්ම බිමට පහත් කරන්නේ පිටුපස රෝද දෙක කියන එක..
ඒ කියන්නේ පහතටම වගේ ආවාම යානයේ හොට ටිකක් පොලොවෙන් ඉහලට උස්සලා වගේ තියාගෙන පිටුපස රෝද හිමීට බිමට තියලා ටික දුරක් එද්දී තමයි ඉදිරි පස රෝදත් බිමට ගාවන්නේ..එහෙම ටික දුරක් එන්න ගත්තාට පස්සේ යානාව පිටුපස සවිකරලා තියෙන පැරෂුට් එකක් දිග ඇරෙනවා..ආන්න එතකොට යානාවේ වේගය හොඳටම අඩු උනහම තමයි ඒ පැරෂූට් එක යානයෙන් වෙන් වෙලා රනවේ එකේම වැටෙන්නේ... ඒ කියන්නේ යානාව නවත්තන්න ඔන්න මෙන්න කියන එකයි...

කොහොම හරි මේ යානයත් වේගය අඩු කරගන්නා ගමන්ම පිටුපස රෝද දෙක බිමට පහත් කලා..නමුත් පුංචි අවුලක් වගේ අපටත් තේරුනේ..යානයේ වේගය අවශ්‍ය තරමටම අඩු වෙලා තිබ්නේ නැති වග පැහැදිලිව පෙනුනා..ප්‍රතිඵලය උනේ වේගය වැඩි නිසා යානයේ අර ටිකක් ඉහලට ඔසවා තිබු හොට පැත්තට සුළං බැඳිම වැඩිවෙලා යානයේ ඉස්සරහා උවමනා ප්‍රමාණයටත් වඩා ඉහලට එසවීම..මේ වෙනකොට රෝද බිම ගෑවි නොගෑවී වගේ තිබුනේ..

ඔයාලා දන්නවානේ පසුපස රෝද උනත් තියෙන්නේ යානයේ මැද්දට වගේ වෙන්නනේ. ඒ හින්දා අවසානෙදී උනේ රෝද බිම ගෑවෙද්දී ඉස්සරහා වැඩිපුර ඉස්සීම හින්දා ඒකට සමානව යානයේ පිටුපස ඕනාවටත් වඩා පහත් වෙලා ඒ පැත්ත බිම ගෑවුන එක...

හිතා ගන්න පුළුවන්නේ අර වේගයෙන් එන යානයේ පිටුපස අර රනවේ එකේ ඇතිල්ලෙද්දී වෙන දේ..
ඔව්.. ගිනි පුළිගු වෑස්සෙමින් යානය ඇදෙනවා..ඒත් එක්කම නියමුවා යානය ආයෙමත් පොලොවේ සිට අඩි දහයක් විතර ඉහළට ගත්තා...

හරිනං කරන්න තිබුනේ යානය ගොඩබෑම අතහැරලා නැවත වතාවක් ගුවන් ගත වෙලා..නැවත ධාවනපථය වටා ගොස් ආයෙමත් වතාවක් ගොඩ බෑමට උත්සහ කිරීම උනත් මේ නියමුවා නැවතත් එහෙමම යානය පහත් කලා ආයෙමත් ගොඩ බාන්න..ඒත් දැන් මේකේ වේගේ ගොඩ බාන්න සුදුසු මට්ටමට වඩා වැඩියි තියන දේ අපිට හොඳටම පැහැදිලියි..ඒත් ඉතිං අපියෑ මේක කරන්නේ..අපිට තිබ්බේ කටත් ඇරගෙන බලං ඉන්න තමයි..

දෙවෙනි වතාවෙත් අර දේම ආයෙමත් උනා..ඉස්සරහා උඩ ගියා පිටුපස බිම වැදුනා..ඒත් එක්කම අපි නොදන්න දෙයක් එක පාරටම උනා..යානයේ ඉදිරිපස වීදුරුව එක් වරම ගැලවිලා විසි වෙනවා විතරයි අපි දැක්කේ..ඒත් එක්කම තරමක වෙඩි ශබ්දයකුත් අපිට ඇහුනා...යානාව ධාවන පථය දිගේ අපව පසු කරමින් වේගයෙන් ඇදිලා ගියා..අපිට හිතාගන්නවත් කාලයක් තිබුනේ නැහැ...ධාවන පථයේ මුහුද පැත්තේ ඈත කෙලවරට තව කිලෝ මීටරයක් විතර තිබියදී යානාව හරියට කොම්බු ගහන සරුංගලයක් වගේ ධාවන පථයෙන් වම් පැත්තට ඇදිලා කැරකැවිලා ගිහින් බිම ඇනුනා..ඒත් එක්කම මහා ශබ්දයක් එක්කම යානාව පුපුරලා ගිනි ජාලාවකින් වැහැලා යනවා විතරයි අපිට පෙනුනේ...

තත්පර ගානකදී අපිට පෙනුනා අහසේ ඉඳලා කළු ගුලියක් බිමට වැටෙනවා...ඒ අර යානාවේ නියමුවා..අර වීදුරුව ගැලවෙලා තියෙන්නේ ඔහු අහසට විසි වෙන වෙලාවේ තමයි..ඒත් ඒ විසිවීම අපිට හිතා ගන්නත් බැරි තරම් වේග‍යෙන් සිද්ධ වෙලා තිබුනා..කොහොම උනත් පොලෝ මට්ටමේදී අහසට විසි උනත් ඔහුගේ පැරෂුටය ක්‍රියාත්මක වෙන්න තරම් උසක් නොතිබුනු නිසා පැරෂුටය දිග ඇරෙද්දිම ඔහුව බිම වැටුනා...(පසුව දැනගත් ආකාරයට ඔහුගේ එක් දණහිසක් බිඳී ගොස් තිබුණා)

........................................

සිද්ධිය වෙලා විනාඩි පහක් යද්දී කටුනායක ගුවන් තොටුපල පැත්තේ නවතා තිබූ ගිනි නිවන රථ දෙකක් වේගයෙන් ඇවිත් ගින්න නිවලා ආපහු ගිහින් තිබුනු තැනම නවත්තනවා අපි බලාගෙන්..ඊටත් පස්සේ තමයි ඉතිං අපේ පැත්තෙන් එලාම් ගහගෙන ගිනි නිවන රථය ධාවන පථයට ඇතුල් කලෙත්...හැබැයි ඉතිං යන්තං නටු විතරයි ඉතුරු වෙලා තිබුනේ..කුඩේකට ඇවිළුනා වගේ...

මේ ඔක්කෝම අතරේ මායි රඹුක්කන එකයි අරූට හොඳටම ගහලා පොයින්ට් එකේ බිමදාලා පයිනුත් පාගලා ඉවරයි..

ඌත් උගෙන් පිට වෙච්ච වචන හින්දා කම්පාවට පත් වෙලා හිටි හින්දද කොහේද තද බල කනේ පාරවල් කිහිපයක් සහ තවත් අතින් පයින් එල්ල කල පහරවල් ඔක්කෝම ඉවසා දරාගෙන උනත් අපිට වචනයක්වත් කිව්වේ නැහැ...

............................................

ඔන්න ඔහොම තමයි මීට කළින් වතාවකුත් මාරයාට ප්‍රහාරක යානාවක් අනතුරට ලක්වෙලා විනාශ වෙලා යන හැටි දකින්න ලැබුනේ...
ඒ දර්ශනය හරියට හීනයක් වගේ..තත්පර ගාණකදී හිතාගන්නත් බැරි තරං වේගෙකින් වෙච්ච දෙයක්.
හුගාක් අයට ෆිල්ම් එකකදී ඇර ලේසියෙන් දකින්න ලැබෙන දෙයක් නෙවෙයි...

මම උනත් හිතුවේ මට ලොකයේ මිනිහෙකුට දකින්න ලැබෙන දුර්ලභ දසුනක් දකින්න ලැබුනා කියලා විතරයි...
ඒ වගේම ආයේ කවදාවත් එහෙම දෙයක් දකින්න ලැබෙයි කියලවත් දකින්න ඕන කියලවත් මට හිතුනේ නැහැ..
ඒත් මගේ දෛවය ඊට වඩා වෙනස්...

දැනට තුනයි...
දැන්නං අකමැත්තෙන් උනත් මට හිතෙනවා මේක මෙතනින් නවතින එකක් නැතිදෝ කියලත්...ඒ තරමට අහඹු ලෙස උනත් මගේ ජීවිතේට ලැබුනු අත්දැකීම් දෙකක් මේ...ගෲප් කපිතාන් ධූරයට උසස්වීම් ලද නියමු මොනාත් පෙරේරාගේ අභාවය නොවන්නට මෙය මේ තරම් අමිහිරි අත්දැකීමක් නොවන්නටත් තිබුනා උනත් ඒ ජීවිත පූජාව නිසාම පළමු සිදුවීම තරම් දෙවැනි සිදුවීම අනාගතයේ දවසක මෙහෙම සිහිපත් කරන්නට මට හැකිවේදැයි කියන්න මටම තේරෙන්නේ නැහැ..

ඇත්තටම ඔහුගේ ජීවිත පූජාව උඩ මාත් ඇතුළුව ඒ යානය ඇදී ගිය රේඛාවේ අවසන් මීටර් කිහිපයේ සිටි අප බොහෝ දෙනෙකුගේ ජීවිත බේරුනා කියන එක සිද්ධියට මුහුණ දුන් අපි සියළු දෙනාම විශ්වාස කරන දෙයක්...ඒ වෙනුවෙන් ඔහුට ස්තූතිවන්ත වෙන අතරේම නිවන් සුවත් ප්‍රාර්ථනා කරන්න ඕන...

ඉතිං...
කාටද කියන්න පුළුවන් හෙට මොනවා වෙයිද කියලා...
කොහොම උනත් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඔයාලා එහෙම මම ඉන්න අහල පහලකින් ගුවන් ගත වෙනවානං එහෙම ඒ ගැන දෙපාරක් හිතන්න කියලා තමයි...ආයේ පස්සේ මම නොකිව්වයි කයලානං කියන්න එපා...

34 comments:

  1. අය්යේ ඔයා මාරය්නේ...මාර නැකතක ඉපදිලා තියෙන්නේ...

    ReplyDelete
  2. අනෙ අප්පේ... එක හුස්මට කියවගෙන ගියා... අනේ මාවනැල්ලෙ දරුවටත් කරුමයක් තිබිලා... අර අනතුර වෙන වෙලාවෙදිම ඔය වචන ටික පිටවුනානෙ...

    ඔයාල ඊට පස්සෙ මිනිහගෙන් උදව් ගත්තෙ නැද්ද?

    ReplyDelete
  3. අනේ නැහැ මල්කි..විසා නැකතේ දෙවෙනි පාදේ..හිහ් හිහ්...

    තනෝජා අක්කේ එක හුස්මට කියෙව්වේ අද මම වල්පල් ලියලාම නැති හින්දා නේද..:D
    මොන උදව්ද..ඌ ඊට පස්සේ අපට වැන්දා අනිත් උන්ට කියන්න එපා කයලා...

    ReplyDelete
  4. මාර අත්දැකීම් තමා.. අනේ අපිනම් ගුවන් ගත වෙන්නේ නෑ කොහොමටවත්ම :D

    ReplyDelete
  5. මාරයා අයියත් මාර සීන් නේ දැකල තියෙන්නේ... පොඩ්ඩක් මේකත් කියවලා බලන්නකෝ.. විශ්වාස කටයුතු ආරන්චි මාර්ග වලින් කියන්නේ අර වැ‍ටුන කෆීර් දෙකත් ඔයම සිද්දියකින් උනා කියලා තමයි

    http://prasanna86k.wordpress.com/2011/03/09/%E0%B6%9A%E0%B7%86%E0%B7%93%E0%B6%BB%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%A7-%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%A7%E0%B6%B8-%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%9A-%E0%B6%B8%E0%B7%9C/

    ReplyDelete
  6. ආ එහෙමන් කමක් නැ හසී නගේ..ඒත් ඉතිං වේලපහ කියලා තියන්ට එපැයි..නැද්ද මං අහන්නේ..?

    මං ඕක දැක්කා මාලන් මලේ..අම්මපා මුං වගේ තව කීයක් ඉන්නවද මංදා රටට..
    අර ජපන්නු බෝම්බ දාන කාලේ හිටියනං..දෙන්න .තිබ්බා ජපන්නුන්ට දුං විසි වෙන්න

    ReplyDelete
  7. මේක තනිකරම ගේ කතාවක්..චික් වතරක්...මේකත් තහනම් කොරන්න ඕනා

    ReplyDelete
  8. ඒකනේ පූසෝ උගේ කටත් හරියට අපේ රත්ගමයාගේ කට වගේ නේද..?

    ඈ රත්ගම මලේ ඒ කියන්නේ ලියන "ගේ" ලට හරියන කතාවක්ද..?එහෙනං තහනං කොරන්ටම ඕන..

    ReplyDelete
  9. ආපෝ ඔය මාර භවන් එක වටේපිටාවෙ ඉන්න අය ටිකක් පරිස්සං උණොත් හොදයි. නැත්තං කොයිවෙලාවෙ ඔලුව උඩට එකක් කඩා වැටෙයි ද දන්නෑ.

    ReplyDelete
  10. ඒ ඇත්තට නේ ඒ වගේ දෙයක් කරන්න හැකියාවක් තියන අයට අවස්තාව දුන්න නම් නියමයි නේ..
    මාර අයියගේ මොලේ මාරයි ආ...

    ReplyDelete
  11. දැං ඉතිං කාක්කෙක් වත් ඔය මාවනැල්ලෙ පැත්තෙන් පියාඹන්නෙ නැතුව ඇති නේද?

    ReplyDelete
  12. ලොල්ය.. එ යානෙ ඉතුරු විච්ච කෑලි වලට මොනාද දන්නෙ නෑ කරේ.. ශික් යකඩත් ගනන් කාලෙ..

    ReplyDelete
  13. කොහොම උනත් අවසාන වශයෙන් ගැටීමට හේතුව මාරයා. ඌ ඔතෙන්ට නොගියා නම් ඔහොම වෙන්නෙ නෑ නෙ. :-)

    ReplyDelete
  14. මාරය අයියට මාරම අද්දෙකිම් ටිකක්නේ තියෙන්නේ.හමුදාවේ ජිවිතෙ කට්ට කියලා හිතුනට, පොඩි පහේ ෆන් එකකුත් තියන්වා නෙද? අපි ජීවත් වෙන බාහිර පරිසරය වෙනස් විමත් එක්ක අපේ ජීවිත සෑහෙන්න වෙනස් වෙනවා නෙද?

    ReplyDelete
  15. සිරාවට මාරයො උබට ලස්සනට ලියන්න පුලුවන්..මට මතක් වෙන්නෙ අර ඉස්සර පොඩි කාලෙ කියවපු රුසියන් කතා පොත්...මේක කියවද්දි මට බෙල්කින්ගේ කතා මතක් වුනා...ගොඩක් ඒ වගේ හුරුවක් තියෙන්නේ...
    ජයවේවා!!!

    ප.ලි:
    යකෝ FB වල කෑම ජාති දාන එක නවත්වපන්...අපිට දුක හිතෙනවා.. :P

    ReplyDelete
  16. මූ දාන්නෙ නෑ කිය කියම කෑම ගැන දාලනෙ...
    සීට් එකක් eject වෙන්න තත්පර 0.6 යි ද කොහෙද යන්නෙ, නමුත් හරියටම ෂුවර් නෑ

    ReplyDelete
  17. උබටත් ඉදලා තියෙන්නේ මාර යාලුවොම තමා

    ReplyDelete
  18. ඈ ප්‍රසන්න උන්නැහේ ඊයේ සුනාමි කතාවක් කිව්වා නේද ඔහේ..ආන්න අද බඩු වැඩකරලා ජපානෙට..හැබැටම ගම ගොඩකවෙලද..නැත්තං..මාවනැල්ලෙද..?

    ReplyDelete
  19. අම්මෝ ආයේ නම් කවදාවත් දකින්න ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.....!!!!!

    ReplyDelete
  20. ඒකනේ මාලන් මලයෝ..අපේ මිනිස්සුන්ගේ ජන්මයෙන් ආ හැකියාවන් අපරාදේ අපතේ යනවා

    ReplyDelete
  21. යකෝ ජපානෙට සුනාමි ආවට මාව අල්ලගන්න එපා.
    ගම්පහට ආවනං ඔන්න කමක් නෑ...

    ReplyDelete
  22. අපරාදේ එෆ් 17 යානාව... හෑබෑයි අර මාවනෑල්ලෙ එකා හිතල කියපු දෙයක් නෙමේනෙ. පව් ඌට ගහපු එක...

    http://aluthkolla.blogspot.com/

    ReplyDelete
  23. @සුළඟිල්ල | pinkie...

    මොන ඉතුරුද..නටු තමා..

    @නිශ්...

    හපොයි බං...

    @අසoක...

    කියලා වැඩක් නැත ඒ වෙනස් වීම් ගැනනං...

    @Grey...

    දැක්කකල්..මං ඒත් හිතුවා හඳටවත් ගෙහුන්ද කියලා...
    ස්තූතියි අර දුන්න නම්බු නාමෙට..
    ඉඳින් ඒකට ස්තූතියක් හැටියට තව එකක් දෙකක් දාලා බොට ටෑග් කොරන්නං...(උඹට මතකද උඹම තමයි පොරකාලා මාව හොයාගත්තේ..දැන් ඉතින් වි‍දෝපන් මස්සිනා)

    ReplyDelete
  24. @තාරක Dilsh@n...

    හරි අපි ඕකට කියන්නේ තත්පර බාගයයි කියලනේ...

    @ItalyDilan...

    දැන් මේ උඹලා ඉන්නේ..ඒ වගේ තමා..හෙහ් හෙහ්..

    @හා පැටික්කී...

    මමත්..ඒත් දැන්නං මට ෂුවර් නැහැ මාවවත්...

    ReplyDelete
  25. @Praසන්ன...

    ගම්පහ මොකෝ ජපානේ මොකෝ අල්ලපු වැටේ නෙව...
    අනික උඹ කිව්වා විතරයි නොවැ සුනාමියක් ආවානං අනිත් ටික අහගන්න ඇහැකි කියලා..කොහේට හරි ඒ කියන පරක්කුවට ආවා නෙව..

    @අළුත් කොල්ලා...

    ඌට නොගහා..ඇති ඒ වෙලාවේ අපි දෙන්න ඌව මැරුවේ නැතුවා...

    ReplyDelete
  26. විරලම අවස්ථා තමයි, මරයාටත් සෙට්ටපෝච්චි වෙන්නෙ නේද......

    ReplyDelete
  27. මාරෙය අයියේ-නොදන්න කමට අහන්නේ.ඔය ගුවන් යානා රක්ෂණය කරලද තියෙන්නේ?විනාස උනොත් වන්දි ලැබෙනවද?

    ReplyDelete
  28. @Heeniyata...

    ආයෙත් අහලා...තාම 31යි ඉස්සරහට තව මොනවා සෙට් වෙයිද මන්දා..

    @කුරුං ගුරුං...

    මං දන්නා තරමින්නං මල්ලි කිසිම යුධ උපකරණයක් රක්ෂණය කරන්නේ නැහැ..රජයෙන් අකමැත්තකට නෙවෙයි ඒවා රක්ෂණය කරන ආයතන නැහැ.කවුද අප්පා කිමති ඉල්ලන් කන්න

    ReplyDelete
  29. එතකොට විනාස උනොත් පාඩුව රජයට ද?

    ReplyDelete
  30. ඔව් මල්ලි හරියම කිව්වොත් අපට තමා...

    ReplyDelete
  31. මාරයා තාම ඉන්නවද ඔය යානේ බිම දාපු බුවා.... මටත් පොඩි කේස් එකක් තියනවා බස් කාරයෙක් එක්ක..... පොරට කියලා බැරි වෙයිද වචන දෙක තුනක් පිට කර ගන්න..... හිහ්.. හිහ්..
    ඒ වුනාට මාරය ගහපු එක නම් වැරදියි. ඌ සිරාවටම හිතල කියපු දෙයක් නෙමෙයිනෙ......

    ReplyDelete
  32. ඕක ලියපු එක හොඳයි. නැත්තං අන්න අර මුචලිඳ යුධ ප්‍රකාශ කරලා කෑම ගැන ලියන අයට විරුද්ධව.

    "හෙට ඉඳන් සතියක් යනකං එක වල් බල්ලෙක් හරි මට පේන මානෙක කෑමක ෆොටෝ එකක් දැම්මොත් කපනවා දැනගනියව්! අයියෝ දුක් සීන් එක බොලල්ලා!"

    මුචලිඳ ගේ බඩජාරි බඩ පනුවො බඩ ඇතුලේ බොක්සිං ගහගන්න ඇති නේද මාර කෑමජාති දැකලා?

    ReplyDelete
  33. ඔන්න ඇහුණනේ.... මාරයට ඉහළින් එහෙම ඉගිල්ලෙනවා නෙවේ ඕන්........

    ReplyDelete