14 March 2011

මාර සරණියේ තවත් පියවරක්...බිත්තර ඔම්ලට්...




මේකත් අර පහුගිය දොහේ සෝයා මීට් වෑංජනේ දැම්ම ගොඩටම දාන්ට වෙන එකක්.
ඒ කිව්වේ ඉතිං උයන පිහන ගොඩටම තමා...

පෝස්ට් එකක් හැටියට නොදැම්මත් මේ පොටෝ කෑල්ලත් මූනු පොතේ දැම්මට පස්සේ ආව ඉල්ලීම් ටිකක් හින්දා තමයි මෙහෙම දාන්ට හිතුනේ..

හැබැයි මේකට කියලා අමුතුවෙන් පෝස්ට් එකක් ලියන්ට මම මහන්සි වෙන්නේ නැහැ..මොකද අද දවල් මම මේ හදන විදිය අපේ තවත් බ්ලොග් සාමාජිකයෙකුට ලියලා තැපැල් කලා..මිනිහත් හැරෙන තැපෑලෙන් මේක ටිකක් වෙන්ස විදියකට හදලා මට ගුණාගුන දැන්නුවා..

පව් අහිංසකයා..මේ දවස්වල අම්මා ගෙදර නැහැ..දැන් මේ කොළු පැටියා හරි හමන් කෑමක් බීමක් නැතිව ඉන්න දවස් ටිකක්..මේ දවස් දෙකට ඒ කොළුවගේ සරීර කූඩුවත් නිකං ඉඩෝරෙට අහු වෙච්ච ඉපනැල්ල ගානයි..ඒ තරමටම කැහැටු ගැහිලා ගෙහුන්..ඉතිං මට ඉවසන්ට ඇහැකියෑ ඔහොම දුකක් කවුරු හරි විඳිනකොට..ඉතිං මම මහන්සි නොබලා සම්පූර්ණ විස්තරේ ඇරියා උන්දැට..මොනවා උනත් පිං අතේ වැඩ නෙව..දැන් ඉතිං අපේ ඒ තරුණ මහත්මා හදාපු එකෙත් පින්තූරයක් මුණු පොතේ පල වෙලා ඒකටත් හරි හරි ප්‍රතිචාර දැක්වෙමින් පවතිනවා...

ඉතිං අද මම මේ හදන හැටි දාන්නේ වෙන මොකවත් එහෙම නෙවෙයි බිත්තර ඔම්ලට් එකක්...

මේකට ඒ හැටි වද වෙන්ට කාරියක් නැහැ. බිත්ත‍ර ටික හොඳට බීට් කරලා අවශ්‍ය කලමනා එකතු කරලා තව ටිකක් බීට් කරලා හොඳට පෙපැත්ත බැද ගන්ටයි තියෙන්නේ..ඒත් මේ හදපු ක්‍රමයේ වෙනසක් තියෙනවා..සහ එළවළු ටිකක් එකතු වෙලා තියෙනවා..හා හා වැඩි පුර විස්තර ඕන නැහැ..මේ තියෙන්නේ මම අද දවාලේ අර අපේ යාළුවට ඇරිය ඊමේල්ලුව..ආයෙමත් සැරයක් වෙනමම ලියන්ට ඕන නැහැ..ඒකම කොපි කරලා මෙතන අතඅරිනවා..සිම්පල් ප්ලෑන් එකක්.එහෙම හොඳයිනේ..

ඔය ඉතිං මගේ ආමණ්ත්‍රනය එහෙම වැඩිය ගණන් ගන්ට එපා..යාළු මිත්තර කොමට කතා කොරන හැටි නෙව...
හා බලමු වැඩේ කොහොමද කියලා..
ආ තව එකක් කියන්ට ඕන මගේ අර කලින් දාපු සෝයා මාළුවනං මේ වෙනකොටත් දෙන්නෙක්ම අති සාර්ථක විදියට හදලා රසත් බලලා මට උත්තරත් බැන්දා..ඒ විතරක්යෑ එක් කෙනෙක් හරි අපූරුවට ඒක පොටොත් ගහලා එවලා තිබ්බා..
ඇත්තටම ඉතිං මටත් ඒවා දැක්කාම හරි සංතෝසයි...
ඉතිං තමුන්නැහේලාත් මේක හදලා බලලා ගුණ දොස් කියන්ටකෝ...

මේන් කොරමේ...
.............................................
වැඩේ ලේසියි මල්ලි..
බිත්තර දෙකයි..වැඩියම බීට් කරන්න එපා.ඒකට ලුණු කුඩු තේ හැන්දෙන් කාලක් දාපං කොත ගහලා නෙවෙයි හරිද?
ගම්මිරිස් කුඩුත් එයිට වඩා ඩිංගක් දාපං.
ඒ දෙකත් එක්ක බිත්තර දෙක යන්තමට ගහලා පැත්තක තියපං..

ඊ ලගට අමුමිරිස් ටිකක් ලොකු කරලක්..
රතු ලූනු ගෙඩි දෙකක්
සුදු ලූනු ගෙඩියක්
පුංචි කැරට් අලයක්
ගෝවා කොලයක්
ලීක්ස් කොලයක්
බෝංචි කරල් දෙකක්
කරපිංචා කොල පහක් (ඉති නෙවේ කොල හරිද)

ඔන්න ඔය ටික හීනියට කපාගනින්...

සොස්පෑන් එකක් ලිපේ තියලා රත් වෙන කොට තෙල් ටිකක් දාලා සෝස් පෑන් එක ටිකක් කරකවපං තෙල් ටික විසිරෙන්න..තෙල් වැඩිය එපා සෝස් පෑන් එක් පුරා ලාවට තෙමෙන ගානට ඇති..
තෙල් ටික රත් වෙද්දී අර එළවළු ටික ඒකට දාලා දෙපැත්ත පෙරලලා කෑලිමිරිස් තේ හැන්දයි ලුණුකුඩු තේ හැදි කාලයි පහේ කුඩු තේ හැදි කාලයි ඕනනං විතරක් කහ කුඩුත් ඇබින්දක් විතර දාලා තෙම්පරාදු කරහං.
ටිකක් පියනකින් වහලා තිබ්බනං එළවළු ටික තැම්බෙනවා නියමෙට..
එළවළු ටික කරවෙන්න පටන් ගන්නකොට හැන්දකින් එළුවළු ටික තුනී කරහං සෝස් පෑන් එක පුරාවට ගානට හිටින්න.
අර බිත්තර දෙක වක්කරපං ලස්සනට රවුමට ගලාගෙන යන්න.ඉක්මනට ආයෙමත් පියනකින් වහපං.
හොඳට බිත්තරේ තැම්බෙනකල් සම්පූර්ණ අරින්න එපා..යංතං පැත්තකින් උස්සලා බලහං තැම්බිලාද කියලා..සම්පූර්ණ බිත්තර සාරුව තැම්බිලා වගේනං පියන ඇරලා පැතලි හැදි දෙකක් අරගෙන පරිස්සමට අනිත් පැත්ත පෙරලපං..පෙරලන්න කලින් මුළු ඔම්ලට් එකම යටින් ගානට බුරුල් කරගෙන හිටිං..
අනිත් පැත්ත පෙරලලා චුට්ට වෙලාවක් තියලා බාහං..එච්චරයි..

එකපාරින් අනිත් පැත්ත පෙරලන්න බයයි වගේනං සෝස් පෑන් එක ඇල කරලා ඔක පීරිසියකට බාලා..ආයෙමත් යංතං තෙල් ටිකක් සෝස් පෑන් එකට දාලා අර පීරිසිය පිටින් අරගෙන එක පාරින් දාපං සෝස් පෑන් එකට..

මං හිතන්නේ පැහැදිලියි කියලා කිව්ව විදිය...අවුලක් උනොත් කියහං

...........................................
හරිනේ අනිත් කට්ටියටත් පැහැදිලි ඇති නේද..?

28 comments:

  1. ආ මේක නං හදන්ට ඇහැකි. මම ලබන සතිය දිහාට පින්තූරෙකුත් එවන්නංකෝ. ඉස්තූතියි මාර තුමා

    http://aluthkolla.blogspot.com/

    ReplyDelete
  2. ඔන්න ඔහොමලු රචියා ඔම්ලට් හැදුවේ ;)

    ReplyDelete
  3. හප්පා එහෙනම් හෙට බිත්තර ඔමිලට්. ඈ අයියේ. මගෙයි උක්කුන්ගෙයි පොඩි පුරුද්දක් තියනවා. ඒ ගසන බිත්තරේටම පිටිකිරි ඇබින්දක් දිය කරලා දාන එක. අනේ මංදා. ඒම හදපුවම අමුතු රසක් එනවා. මේකත් බලමු.

    මාරසරණිය දිගටම වැජඹේවා!!!!

    අනේ අපේ අසරණ දු_ අයියා. පව් අප්පා. අපේ මාරයියට දෙහි කපන්න එපා ඕන් මෙව්වා දැකලා. හොරෙන් හදානවත් කන්ට බලන්ට. :D :D

    ReplyDelete
  4. ආහ් මේ විදිහට හදලා බලන්න ඕන. පව් අර හරියට කන්න විදියක් නැතුව ඉන්න ළමයා. කවුරු උනත් පව් එයා. මාරයා අයියාට එයා පිං දෙනවා ඇති මේ වැඩේ කියලා දුන්නට.

    ReplyDelete
  5. mmmmmmmm hadala kala balala rasa kiyannam

    ReplyDelete
  6. ෂාහ්.. ක්‍රමේ නම් නියමෙට විස්තර කරල තියෙනවා.මාත් ඔන්න ක්‍රමේ විතරක් කොපි කරලා තියා ගත්තා.මේ පෝස්ට් එක මකන්න නම් එපා.බිත්තර ඔම්ලට් හදන්න ඕන උනගමන් බලන්න තියෙන්න ඕන

    ReplyDelete
  7. ම්..ම්..ම්.. එක දෙයක් අඩුයි පොස්ට් එක සම්පූර්ණ වෙන්න මයෙ හිතේ...ඇ‍යි මේකත් එක්ක සම්බ බත් මුට්ටියක් කන්න පුඵවන් කියන එක...

    ReplyDelete
  8. මේක හොඳා.... සාතනුත් තනියම ඉන්න හින්ද උයන්න ඉගෙනගන්න වෙලා තියෙන්නෙ....

    ReplyDelete
  9. ප.ලි._බිත්තරය නරක් වී ඇතිදැයි සැලකිල්ලෙන් බලන්නට මතක් කොරගන්ට...

    ReplyDelete
  10. අනේ මම මුකුත් කියනේ නෑ කුප්ප පේරේතයා....
    අනුන්ගේ කෑම වල පොටෝ ගහනවා...ගූගල් එකේ තිබ්බ මේ වගේම බිත්තරයක්

    (චික්...එහෙමවත් කිව්ව ඕන් )

    ReplyDelete
  11. අපි වෙජි ටේරියන් ....

    ReplyDelete
  12. @අළුත් කොල්ලාතතත

    ආන්න බොහෝම හොඳා...

    @පූසා...

    බලාගෙන පූසෝ සමහර විට උඹව පැය විසි හතරක් යන්ට මත්තෙන් හාෆ් බොයිල් වෙන්න ඉඩ තියේ...

    @හා පැටික්කී...

    පිටිකිරි සීන් එක හරි වෙන්න ඇති නගේ...
    මොකද ඔය එළවළු නොතිබ්බනං මාත් සමහර දවස්වලට පාන් පිටි තේ හැදි බාගයක් විතර දානවා ඔම්ලට් මිශ්‍රණයටම..බිත්තරේ කැඩෙන්නේ නැතිව ලස්සනට එනවා රසත් හොඳයි..පිටි කිරි වල රසත් එක්ක වැඩේ හොඳටම තියේවි..

    අනේ ඔන්න ඔය දූ__ අයියා දැන් මෙතන ගිනි පිඹින එකක් නැහැ..යාන්තං උන්දැට උනත් කොරගන්ට ඇහැකි දෙයක් නෙව මේක

    ReplyDelete
  13. @මුචලින්ද...

    අහ්..ඔව්ළු නේද..?

    ReplyDelete
  14. @ayesha...

    බොහෝම හොඳයි යාළු...

    @JHOTHISHALANKA...

    හරි හරි..බය වෙන්ට එපා..මේක ඉතිං ගූගල් දෙයියෝ ආරක්ෂා කොරනා තරං කාලයක් තියේවි

    @කුරුම්නියා...

    ආ ඒක ඉතිං කිව්වේ නැහැ නේන්නං

    @සාතන්...

    ඉගෙන ගත්ත දෙයක් අහක යන්නේ නෑ ආයිබෝං..

    ReplyDelete
  15. @කුරුං ගුරුං...

    ආ ඔව් ඔව්..ඒකත් හැබෑව...

    @රත්ගමයා...

    ආ ඒ තිබ්බ බිත්තරේ පොටෝ එකට ලින්ක් එකක් දෙමුකෝ මලේ..

    @හිස් අහස...

    අපි නොදන්න...

    ReplyDelete
  16. මාරයා අයියගේ මෙතඩ් එකට ඔම්ලට් දාන්ඩ බැංකු ණයක්වත් දාන්ඩ වෙයි වගේ...ඇඉ හත් ඉලව්වේ එළෝලු ගිනි ගනන්නේ...

    ReplyDelete
  17. මේ මහ රෑත් කටට කෙළ උනන දේවල්ම නොවැ පේන්නෙ.... මරු මරු....

    ReplyDelete
  18. මේක නම් හදලා බලන්නම ඔනෙයි..

    ReplyDelete
  19. හෙන ගහපං.. මේක හදලා කාලා මට බඩේ අමාරුවක් හැදුනා :D :D

    ReplyDelete
  20. තෑන්කු මාරයා අයියා..මේ අකාරයට සාදගත් ඔම්ලට් එක සාමනය පරමානයේ කෑලිවලට කපා.මගේ ආසම ඔල්ඩ් ඇරෑක් බොතලයක් සමග ගතනම් නියම ගෑලපීම.පහසුවෙන් හා ලබදායි මික්ස් ඔම්ලට් එකක් හදන ආකාරය පහෑදිලි කරාට.

    මික්ස් ඔම්ලට් එකෙ මස්,ඉස්සෝ,මාලු හෙම දාල තියන්වානේ ඒවා එකතු කරද්දි කලින් තම්බල ගත්තු මස් මාලුද එකතු කරන්න ඔන.පොඩ්ඩක් ඒ ගෑන පෑහෑදිලි කිරිමක් කෙරන්නකෝ අයියේ...

    ReplyDelete
  21. අයියෝ ඔක්කොමත් හරි... මොන හිතකින්ද බං... අම්මේ මට ගෝවා කොලයකුයි, ලීක්ස් කොලයකුයි දෙන්න කියලා ඉල්ලන්නේ?

    ReplyDelete
  22. අඩේ මේකනං හදල බලන්නම ඕන අදම...

    ReplyDelete
  23. කිව්වත් වගෙ මස් කෑල්ලක්, මාලු කෑල්ලක් දාන්නේ තම්බ්ලද මෙයා.....මාර කෑම

    ReplyDelete
  24. බයිට් එකට නම් කියාපු බාන්ඩේ... :)

    ReplyDelete
  25. එහෙනං බයිට් එකක් හදමු නේද?

    ReplyDelete
  26. පට්ටය, මේ මගේ ඉස්සො ඔම්ලට්,

    ඉස්සෙල්ලාම ඉස්සො ටික [[ලොකු එවුන් දහයක් විතර ඇති]
    උණු වතුර එකක දාල පොතු ඇරල ගන්න ඕන, ඊට පස්සෙ ලොකු ළූණු තරම ගෙඩියක් පෙති කපාගන්න. කරපින්ච කොල කිනිත්තක් හීනියට කපාගත්තු. ඊ ලඟට සුදු ළූණු බික් දෙකක් හීනියට කපාගන්න [කැමතිනම් තලාගන්න] අමු මිරිස් කරල් දෙකක් පෙති කපාගන්න, කැරට් අලයක් තුනී පෙති කපාගන්න. බිත්තර දෙකක් හොඳට බීට් කරගන්න.

    ඉස්සො, කරපින්ච, සුදු ළූණු බටර් වල බැදගන්න රසේ හැටියට ලුණු දාන්න අමතක කරන්න එප, ඊලඟට බාටර් පෑන් එකක් අරගෙන අර බිත්තර මිශ්‍රණයෙන් බාගයක් දාන්න. ඒ එක්කම අර ඉස්සො බැදුම බිත්තර ලේයර් එක උඩ සමානව අතුරන්න. තව විනාඩි යකට විතර පස්සෙ ඊට උඩින් ඉතුරු බිත්තර මිශ්‍රණය සමානව අතුරන්න. ඒත් එක්කම අර හීනියට කපාගත්තු ළූණු, කැරට් පෙති ටික අතුරන්න.

    ගින්දර අඩු කරල හෙමිහිට තැම්බෙන්න අරින්න. මේකෙදි දෙපැත්ත පෙරලීමක් වෙන්නෙ නැති නිසා හෙමින් හෙමින් තැම්බෙන්න අරින්න.

    කැමතිනම් අර බිත්තර මිශ්‍රණයට පාං පිටි හැන්දක් එකතුකරල බීට් කරගත්තනම් ඔම්ලට් එකේ කැඩෙන්න බලන ගතිය අඩු වෙයි.

    [බයිට් එකටත් මරු, එහෙම නැත්නං නිකං කන්නත් ඇහැකි. එහෙම තමයි ම වැඩිපුරම ආස]

    ReplyDelete
  27. මාරයියේ මාර වැඩක්නේ වුනේ....සෝස් පෑන් එක සෝස් ගාලා ගිනිගත්තනේ....අම්මගෙන් ටොක්කුත් සෙට්වුනා........

    ReplyDelete