16 March 2011

ඊයේ..අද සහ...මගේ නිදිමත...

පටන් ගන්නම වෙන්නේ නිදි මතයි කියලා තමයි..ඊයේ රෑ නින්ද ගියා මදිද මංදා..හේතුව ඉතිං ලැප් එකත් ඇ‍ෙඳෙන්ම තියාගෙන එක ඇහැක් වහගෙන අනිත් ඇහෙන් ඒක දිහා බලාගෙන හිටපු හින්දා වෙන්න ඇති..

ඒ මොකක්ද ඒ ක්‍රමේ කියලා ඇහැවුවා...?

ආ හරි හරි මං කියඤ්ඤං...මේකනේ..දැන් මට ඊයේ රෑ තදබල විදියට නිදි මතක් ආවා..ඒත් නිදා ගන්න හැටියක් නැහැ..මේ බලන්න බැරි වෙච්ච බ්ලොග් වගයක් බල බල උන්නේ..මොකද ඊයේ දවල් මට ඕවා බලන්න උනේ නැහැනේ..

ඒ පාර ඒ මොකද කියලා ඇහැවුවා..?ඉතිංන් ඕකනේ වෙලා තියෙන්නේ..එකක් කියලා ඉවර කරන්ට වෙන්නේ නැහැ තව පුරස්නයක් අහනවා..අනේ හැබෑට..ඊට පස්සේ මට බනිනවා කියන්න ගියේ එකක් අන්තිමට කියලා තියෙන්නේ වෙන එකක් කියලා..මොන මගුලක්ද මංදා..හා හා ඒකත් කියමුකෝ...

ඉතිං මං පෙරේදා හවස් අතේ කාලෙකට පස්සේ මගේ කේන්දරේ බලන්ට කියලා අතට ගත්තා නෙව..ඒ අරගෙන චුට්ටක් බලාගෙන බලාගෙන යනකොට මට පොඩි අපලයක් පෙන්නුං කොරනවා.. ඉදිරි දවස් කීපය ඇතුලත නීතිමය කටයුත්තකට පැට ලැවෙන්ට හරි..ආරෝග්‍ය ශාලාවක පිහිට පතන්ට හරි වගේ තමා..ඒ ඇර තව එකක් පෙන්නුම් කොලා..ඒකටනං මං ඒ හැටි අකමැත්තක් නැති හින්දා..මගේ අවධානය යොමු උනේ "
මේ විපතින් ගැලවෙන්නේ කොහොමද කියලා"

ඉතිං මං ටිකක් විතර ඔය ගැනත් හිතේ සිහිය පිහිටුවාගෙන පහුවද උදේ..ඒ කියන්නේ ඊයේ උදේ රාජකාරිය එහෙම නිමා කොරලා ගෙදරට සැපැත් උනා..මෙන්න බොලේ මට දුරකථන ඇමතුමක්..

බැලින්නං අර මං පහු ගිය දොහේ ලැයිසොම ගත්තානේ..ආන්න ඒ ලැයිසොම ගන්ට මං ඇප්ලිකේසොම දැම්මේ ලර්නස් එකක් හරහා නෙව..ඒ ලර්නස් එකේ අයිතිකාර අංකල් බුවා තමා මේ කතා කොලේ..පොඩි දුක් සීන් එකක් කියන්ට කියලා..

දුක් සීන් එක මොකක්ද කිව්වොත් මගේ අයදුම් පත්‍රයේ පොඩි අඩුපාඩු වගයක් තියෙනවා කියලා..හැකි ඉක්මනින් එන්ට කිව්වා ඒක හරි ගස්සන්ට...මාත් ඉතිං ඔන්න ඔහේ ගියා බලන්ට මේ මොන හුට්ටප්පරයක්ද යකෝ කියලා බලන්ට...ගෙහුං ලර්නස් එකට ගියහම එතන පොර නැහැ හිටියේ අර උදේ සුපිපුන මලක් වගේ ඉන්න හීන් හුරතල් ගෑනු දැරිවි විතරයි..මං ඉතිං ගිය කාරණාව කිව්වට ඒ දැරිවි ඒ ගැන හාංකවිසියක්වත් දන්නේ නැහැ..

ඒ මදිවට කෙල්ල අර ලොක්කා බුවාට කෝල් එකක් අරං කියන්නත් බයේ වගේ ඇඹරෙනවා මගේ සීන් එක..මට තේරුනා මොකක් නමුත් අවුලක් කියලා..

"මොකෝ නංගි..උදේම බර බරයක්වත් දැම්මද අංකල්...? "

අනේ බලන්න එපැයි කෙලීගේ මූනේ මතු වෙච්ච හිනාව...ඇස් පුංචි කරලා ඔළුව වනලා

"ඔව්නේ" කිව්වා..

මගේ පපුව හෝස් ගාලා පත්තු උනා..ඇයි හත් දෙයියනේ මොන හිතකින්ද එහෙම කොරන්නේ මේ කෙලීට...
අනේ ඉතිං ඒ පාර මම ඒ දැරිවිගෙත් හිත හදලා..

"කමක් නැහැ නංගියේ මංම හොයා ගන්නංකෝ අංකල්ව.."

කියලා ගියා කච්චේරිය දිහාවට...( හිතනං එතන නැවතුනාද මංදා..)

හරි මෙන්න ඉන්නවා බුවා..මාව දැක්ක ගමන් මේකා ඇන්නේ නැද්ද මගේ බඩට එකක්..පොර අර කෙලිට බැන්නා උනත් හිත හොඳ ජොලි ගුඩ් අංකල් කාරයා...කොහොම හරි මෑන් එක්ක ගෙහුං බලද්දී...මම අර ඇප්ලිකේසොමට අමුණලා තිබ්බ වෛද්‍ය වාර්ථාව හරියට පුරවලා නැතිළු..

ඒක කියන ගමන් ඇප්ලිකේසොම බල බල හිටිය අර ඇස්සැමිනර් මහත්තයා අහනවා..

"කවුද මේ ඩොක්ටර්..මේකේ ඇස් පෙනීම කන් ඇසීම ගැනවත් පුරවලා නැහැනේ..ගිහින් බයින්නයි තියෙන්නේ" කියලා

මාත් ඉතිං ටිකක් එබිලා බැළුවා..
හත්ඉලව්වේ හැබෑ නේන්නං...

ඒ මොකවත්ම පුරවලා නැහැ නෙව...
මට ඒ වෙලාවේ ආව කේන්තියක්..මම හිතිං බයින්න කියලා එක පාරටම දොස්තරව සිහි කලා...

හුටස්...

ඒක හරියන වැඩක් නෙවේ..මොන හිතකින් ඒ කෙල්ලට බනින්නද..?මට එවෙලෙනේ මතක් උනේ ඕකේ වරදත් මගේම තමා කියලා..

ඇයි දෙයියනේ..එදා මම ඔය කොලේ පුරවගන්න යක්කල ගෙහුනං ඩොකෙක් හෙව්ව වෙලෙ හම්බ උනේ අළුතින් දාපු චැනල් ස්පොට් එකක් නෙව..

මං ඔක ගෙහුන් දීලා එතන හිටිය අර බොලේ වගේ හිටිය නරස් නංගි කෙනෙකුට මගේ උවමනාව කිව්වම..ඒ දැරිවි මාව දැම්මා දොස්තර ගාවට...

අනේ මේ මොන දොස්තර කෙනෙක්ද..?

හුරු බුහුටි සුදු හීන්දෑරි පිච්ච මලක් වගේ කෙලි පොඩ්ඩක් නෙව...
මට හිනාත් ගියා..මේකි ලොකු අම්මණ්ඩියෙක් වගේ පේන්ට තව චූට්ටං කණ්නාඩි දෙකකුත් දාගෙන..තව ඒ දෙකට යටිනුත් මා දිහා බලන්ට හදනවා..මට ඒකට තවත් හිනා...

ඒ ළමයා දැක්කා මට හිනා ගිය විත්තිය..ටිකක් විතර මූණ අමුතු කරගෙන වාඩි වෙන්න කියලා මට ඉස්සරහා පුටුව පෙන්නුවත් මට වාඩි වෙන්න හිතුනේ නැහැ..
මං මෙහෙම කිව්වා..

"මට ඕන මේක M.B.B.S. ඩොක්ටර් කෙනෙක් ලවා සහතික කරගන්ට.."(මං කියන්ට ගියේ නැහැ ඉතිං මාත් එම් බී බී ඇස් කියලා..මොකෝ මගේ සීල් එක ‍ඕකට හර යන්නේ නැහැනේ..)

"ඉතිං..????"

"ඉතිං ඔයා එහෙම එක්කෙනෙක්ද.?"
කෙල්ල ටිකක් අමුතුවට තොල් උල් කරලා එහෙම..

"ඔව්..ඇයි එහෙම ඇහැව්වේ..?"

"නැහැ නැහැ..නිකං..ඔයා හරි චූටියි නෙව..හිතන්ට අමාරුයිනේ..තාම නිකං ඉස්කෝලේ යවන්ට ඇහැකි පෙනුමක්නේ තියෙන්නේ"
හපොයි බලන්ට එපැයි කෙලීගේ හිනාව...මෙච්චර වෙලා අර අමාරුවෙන් හදාගෙන හිටිය බැරෑරුම් මූණත් තහඩුව පැත්තකින් තියලා දාගත්තා නිකං මනීෂා කොයිරාලගේ වගේ හරි සුවීට් මූණත් තහඩුවක්..

"කෝ දෙනවා දෙනවා මෙහාට ඕක..හැබැයි මමනං ඕවා මෙච්චර කාලෙකට පුරවලත් නැහැනං තමයි"

"ආ ඒකට කමක්නැහැ..ඔන්න ඔකේ තියෙන දෙයක් බලලා පුරවලා මොකක් හරි කමක් නැහැ MBBS කියලා අකුරු හතර තියෙන සීල් එකක් ගහලා දෙන්ටකෝ ඒ මදෑ.."

ඉතිං මේ ළමයත් අර ෆෝම් කොලේ අරං දැන් පුරවනවා..මාත් ඒකටම එබීගෙන වැඩේට උදව් කරනවා...

"ඔයාට මුකුත් ලෙඩ එහෙම තියෙනවද..?"
එයා මගේ ඇස් දිහා බලාගෙන අහනවා..

"මොන පිස්සුද අනේ..මේ ඉන්නේ මොකාද එකා වගේ..ආයේ ඉතිං මේ දොස්තර කෙනෙක් බලන්ට ආවෙත් සෑහෙන කාලෙකට පස්සේ.."
මාත් ඒ ඇස් දිහා බලාගෙනම කියලා දානවා...

කොහොමින් කොහොම හරි අපි වල් පල් දොඩෝන ගමන් මේකිත් මොන මොනවද පිරෙව්වා..මාත් ඔය ජෝක් කර කර හිටියා...අන්තිමට අර සීල් එකත් අරං ෆෝම් එක උඩ ගහලා අත්සනුත් කලා..මාත් ඉතිං තව මොනවාද මංදා ටිකක් දොඩවලා කවුන්ටරේට රුපියල් සීයකුත් දීලා එන්ට ආවා...
ඔච්චරයි...

ඔන්න වෙලා තියෙන වැඩේ...අච්චර මගේ ඇස් දිහා බලන් හිටිය කෙලීට මගේ ඇස්වල පෙනීම සඳහන් කරන්ට අමතක වෙලා..ඕකට ඉතිං ඒ ඇත්තිට ආඬපාලි කියන්ට ඇහැකියෑ..

මං ඉතිං අර ඇස්සැමිනර් මහතැන්ට කිව්වා..

"කොරන්ට දෙයක් නැහැ..අළුත් ළමයෙක් ඕක පිරෙව්වේ...ඒ ළමයා දන්නෙත් නැහැ..මාත් ඔය එන එන හැටියය කියලාමයි පුරවා ගත්තේ...ඕක මටම තමා මිස් වෙලා තියෙන්නේ"
කියලා..පොරත් හිනා වෙලා නිකා හිටියා..

ඊට පස්සේ මං ආයෙමත් වංගියක් අළුත් ෆෝම් කොලේකුත් ඉල්ලගෙන අර අංකල්ගේ උපදෙස් මත සමූපාකාර රෝහලට ගියා මේ වංගියේවත් හරියට වැඩේ කොරං එන්ට කියලා හිතාගෙන...

හප්පා එතන පෝලිම..ඒත් ඉතිං කොහොම හරි එතන හිටිය බටු ඇටයක් විතර නර්ස් නොනා කෙනෙක්ව චැනල් කරලා මං ගියා දොස්තර ගාවට..හොඳ දොස්තර නෝනා මහත්තයා..කැටයං මඬුවක් එහෙම පිටින්ම..වෛද්‍ය උපාධියට අමතරව රෑපලාවන්‍ය ඩිප්ලෝමාවකුත් කරලාද කොහේද..ඒ තරමට මේකප් පාර..ලස්සන කඩා හැලෙනවා...ඒ අතරට තව ගෝතයෙක් ඇවිත් හිටියා ඒ වැඩේම කරගන්ට කියලා..ඒත් මෑන්ස් බ්ලඩ් ගෲප් එකවත් දන්නේ නැහැ...

ඉතිං අර දොස්තර නෝනා ඇහැව්වා එකත් ඕන නේද කියලා..මෑන්ස් දන්නැහැ එහෙම වගක්..ඒ පාර මං කිව්වා ඒකත් අනිවා අමුනලා යවන්ට ඕන කියලා..නැත්තං අර මෑන්ස් දොස්තර නෝනාට උගන්වන්ටයි ලෑස්ති උනේ..මම දන්නවානේ වැඩ පිළිවෙල..මොකද මං දැන් ලැයිසොම ගත්ත එකානේ...
ඉතිං මගේ පිහිටිං අර මෑන්ස්ට කාරනේ අවබෝධ කරවලා දුන්න දොස්තර නෝනා මෑන්ස්ව යැව්වා බ්ලඩ් එකක් චෙක් කොරවන්ට..එහෙම කරලා තමයි මගේ වැඩේ කරලා දුන්නේ..
අපරාදේ කියන්ට බැහැ ගත්තා කොලේ..සිස් සිස් ගාලා පුරෝලා දැම්මා...සීල් එකත් ගහලා මගේ අතට දුන්නා..අර නර්ස් නගාටත් ඇහෙන්ම යන්නාං..කියාගෙන මාත් ආවා..

කොහොම හරි ඒ වැඩෙත් කරලා දාලා ගෙදර ආවා...

ඊට පස්සේ තමා මට සිහි උනේ කොහොම හරි මට නීති වැඩයි ඉස්පිරිතාලේ බඩගෑමයි දෙකම එක පාරින්ම කරන්ට උනා නෙවද කියලා...දැන් ඉතිං හිතට ඒකත් ටිකක් විතර සතුටක් දනවන කාරණාවක් නෙව..

ඉතිං ඊට පස්සේ මම ඊයේ නෙට් එකට එන්නේ නැතිව පොඩි සාත්තුවක් දුන්නා ලැප් මල්ලිට...ඔය හාඩ් එක ටිකක් සුද්ද පවිත්‍ර කරලා..පයිල් ටික පිළිවෙලකට අඩුක් කොරලා.. එහෙම ඒ ටික කරලා ඉවර කොරන කොට හුගාක් හවස් වෙලා...

ඒත් ඊට පස්සෙවත් හරි හමන් විදියකට නෙට් එකේ රැ‍ෙඳෙන්න උනේ නැහැ..ගෙදරින් කෝල් එකක් ඇවිත් එහෙ යන්ට උනා...

ඊටත් පස්සේ කොහොම හරි ඔක්කෝම වැඩ අහවර කොරලා නෙට් එකට නිවී හැනහිල්ලේ ඔළුව එබුවේ රෑ නවය හමාරත් පහු වෙලා..ඒත් ඉතිං මෙන්න ඒ පාර මට නිදි මතයි...

ඒත් දෙයියනේ එහෙමයි කියලා මට ඇහැකිද නිදා ගන්ට එහෙං බ්ලොග් ටික බලන්ට බැරි උනා..මම ඔවා ටික නොබැළුවොත් ලොකේ විනාස වෙන්ටත් ඇහැකි..ඒ හින්දා ඒවා බලන්ටත් ඕන..

ඒ මදිවට මම මේ දවස්වල අළුතෙන්ම අත ගහාලා තියෙන විචාර කලාව..ඒ කිව්වේ මේ අපේ හුගාක් එවුං මේ දවස්වල කැමරා අටෝගෙන දිගට හරහාට පොටෝ ගහලා ඒවා මුණූ පොතේ බිත්තිවල අලොනවා..අලවන්ට කට්ටිය බොහෝම හිටියට ඔවා බලලා හර බර විචාරයක් දෙන්ට කට්ටිය හරි අඩුයි නෙව...ඉතිං මං ඇවිල්ලා කවදත් සමාජ සේවෙට පණ ඇරලා වැඩ කොරන බුවා වෙච්චි..මට ඇහැකිද ඇහැ කන පියාගෙන නිදා ගන්ට...

ඉතිං මම මේ දවස්වල ඒ ආධුනික ඡා‍යාරූප ශිල්පීන්ට හරවත් බර බර වචන වලින් හොඳ විචාරයන් ලබා දෙනවා..
කොටින්ම කිව්වොත් මගේ විචාරයක් නැත්තං ඒක පොටෝ එකක් නෙවී ඕං...

ඉතිං ඒ වැඩත් කොරන්ට ඕන..ඔය අතරේම ඉතිං බස් පදින්ටත් ඕන..

මගේ ලිපි වලට ආව කොමෙන්ටුවලට උත්තර බඳින්ටත් ඕන..ඒ විතරක්යෑ..පුංචි පුංචි මල් පැල..පෝච්චිවල හිටොපු ක්‍රෝටන් ගස් වගේ ඒවා නඩත්තු කොරන්ට..වතුර ටිකක්..පෝර ටිකක් දාන්ට..හප්පේ..තනි මටනං කියලා මෙහෙමත් රාජකාරි කොලහැකිද..ඒ හින්දා ඉතිං මං කොහොමද නිදා ගන්නේ...

ඒත්..ඊයේ රෑනං ඉවසන්ට බැරි තරමටම නිදි මතයි...

අන්තිමට මම ගත්තා තීරණයක්..ඒක ක්‍රියාත්මක කලා...

මොකක්ද ඒ..
ලැප් එක ගත්තා ඇඳ උඩට...
හැරෙවුවා පැත්තකට තිබ්බා සයිඩ් එකෙන්..දැන් හරි ඒක ආරක්ෂිතයි සුරක්ෂිතයි..පැත්තට හැරිලා නිදා ගත්තාම මට හොඳට පේනවා..හිමි හිමිට තනි අතින් වගේ අකුරුත් කෙටුව හැකි ටිකක්...

ඊ ළග අදියර වහ ගත්තා වම් ඇහැ..එයාට නිදා ගන්ට කිව්වා...
දැන් මං දකුණු ඇහෙන් බලනවා බ්ලොග් ටික...

ටික වෙලාවක් යන කොට මෙන්න දකුණු ඇහැටත් නිදි මතයිළු..ඒ පාර මං වම් ඇහැ ඇහැරෙව්වා..දකුණු ඇහි නිදි කෙරෙව්වා...
දැන් ඔය යස අගේට වම් ඇහැ බලන්නේ බ්ලොග්...

ඔන්න ඔහොම සෑහෙන වෙලාවක් වැඩේ කරගෙන ගියා...

අන්තිමට මොනවා උනාද කියලනං මම දන්නේ නැහැ..ඒත් මට මතකයි පාන්දර තුනට විතර මට ඇස් දෙකම ආපහු ඇරලා බලන්න උනා..ඒ කියන්නේ එකෙක මගෙන් අහන්නේ නැතිවම නිදා ගෙන..මම තාම හොයනවා..කොයි එකාද හරියට අනිත් ඇහැට ඩියුටිය බාර දෙන්නේ නැතිව හොරෙන්ම නිදා ගත්ත එකා කියලා...

ඔන්න ඔහොමයි මට තාමත් නිදිමත තියෙන්න හේතුවක් හැදුනේ..
ඇයි ඉතිං මගේ ඇස් දෙකම සැරෙන් සැරෙට ඇහැරිලා ඉඳලා..ඒ දෙන්නටම හරි හමන් නින්දක් නැහැනේ...

හ්ම්ම්..දැන් ඔය ඇති ලිව්වා...බලමු ලිපිය මුල ඉඳලා කියවලා..යන ගමනත් ගෙහුං මල්ලේ පොළුත් දමාගෙනම ගමන ඇවිත්ද කියලා...

19 comments:

  1. මදෑ අනුන්ගේ තැන් වල ඉන්න අයව පිළිවෙලට වැඩ බාර දීගෙන හොඳ නමක් අරන් තියන මාරතුමන්ට තමන්ගේ ළඟම ඉඳන් හොරට ඩියුටි වැඩේ කරපු එකා හොයා ගන්න බැ. හනේ හනේ.........

    හික්ස්...... අනේ මං නම් ඔව්වා දන්නැ. අපේ අම්මා පෝරමේ ගෙනිහින් බබෙක්ගේ තාත්තා කෙනෙකුට දුන්නම එවෙලෙම පුරෝලා අස්සන් කරලා දීලා තිබුනා. අනිත් මට ආපු පුරස්නේ. අපේ නම් ලයිසම ගනිද්දි ට්‍රයල් යන දවසේ උදේ තමා ඔය සියල්ල චැක් කොලේ. ටෙම්පොරියත් දීලා චැක් කොරන රටක් තියේදැ හැබෑවට????? O.o

    ReplyDelete
  2. මේ අර කේන්දරේ තිබ්බ අනිත් කාරනාව මංගල සීන් එකක් නේද? අපිටත් කේක් කෑල්ලක් කන්ට ඈහැක් වෙයි වගේ...

    ReplyDelete
  3. ඊයේ අයියා නැතුව බස් පාළුවට ගිහින් තිබුණානොවැ :D

    ReplyDelete
  4. උගුරට හොරා බේත් බීව වගේ ඇහැට හොරෙන් අයියා නිදා ගෙන . මාරයා අයිය බ්ලොග් එකේ අංජනම් කණ්ණාඩියක් හයිකරලා තියෙන්නේ හොඳයි හොඳයි .

    "උදේ පිපුණු මලක් වගේ " "බෝලයක් වගේ " කෙල්ලන්ව වර්ණනා කිරීමට නම් මාරයාගෙන් ඉගනගත යුතුයි

    ReplyDelete
  5. ‍යකෝ මේක යන හැම තැනකම සීනි බෝල ව‍ගේ කෙල්ලෝ ඉදලත් තාම එකක් පැටලුනේ නෑනෙ. (මාවනැල්ලෙන්)

    මගේ අලුත් ෆොටෝ ටිකට මොකවත් කියල නෑනෙ. ඒව ෆොටෝ නෙමෙයිද?

    ReplyDelete
  6. හා හා...දැන් නැගිට්ට නම් මාරයියේ....උදේට මම කෑවා...ඔහොම්ම කන්න බලන්න..

    ReplyDelete
  7. හලේ බොලන් මොකක්ද අර කේන්දරේ තිබ්බ අනික් කාරනාව?

    ReplyDelete
  8. මාරයා අයියට සිකුරු මහ දසාවවත් ද..යන යන තෑන ගෑනු පරාන සෑට් නේ,පරිස්සමට ඔන්න කිවා...මොකෝ ඔකුන්ට තියන මායම් වලින් මාරයට වුනත් බේරෙන්න අමාරුයි.
    කේන්දරේ කීව කතා 3 නම හරි ගියා නෙද..

    ReplyDelete
  9. මං මේ ට්‍රය් කොරනවා, ට්‍රය් කොරනවා, එක ඇහැක් නිදි කොරවන්න. හරියන්නෙම නැහැනෙ. ඕක පුළුවන් මාරයොන්ට විතරය් මයෙ හිතේ.

    ReplyDelete
  10. හික් හික් මාර නිදාගැනීමේ ක්‍රමවේදය.. :D

    ReplyDelete
  11. කෝ දැන් අපේ ෆොටෝ වලට කමෙන්ට් දැම්මා. මාරයියාට අපි කියන දේවල් මතකවත් නැහැනේ :(

    ReplyDelete
  12. අර දෝන කතිරිනාගේ මහත්තයාගේ අයියා - සෙනරත් හාමුදුරුවන්ට වගේ වෙලාද මන්දා අපේ අහිංසක මාරයට . . . චීත්තයක් වැලක වනලා තියෙනව වත් පේන්න බැරි වේගන එන තත්වයක් පෙන්නුම් කරනවා වගේ . . හික්ස්

    ReplyDelete
  13. අර කේන්දරේ පෙන්නන අනිත් වැඩේට එච්චර කැමැත්තක් නැහැලු....අනේ ඉතින් උඹ අපිටනෙ ඕව කියන්නෙ...අපිට නම් ඕක පෙන්නුම් කරා දැන් ටික කාලෙකට කලින් ඉඳලම --කේන්දරේ බලන්නෙත් නැතුවම-- (බොරුනම් බලහන් මම උඹේ 300ට දාපු කමෙන්ට් එක).

    මේ ලඟදි ඉඳන් නේද උඹට ගෑනු ළමයින්ව 'උදේ පිපුනු මල් වගේ', 'හුරුබුහුටි පිච්ච මල් වගේ' පේන්න ගත්තෙ ? හැබෑට කොහෙද දන්නෙ නැහැ මෙච්චර කල් ඔය ලස්සන කෙල්ලො ගිහින් හිටියෙ......

    ReplyDelete
  14. දොස්තර නෝනා අOක 2, දැක්කත් සනීපයි වගේ.....හික්

    ReplyDelete
  15. මාර අයියේ කෙල්ලෙක් එක්ක යාලු වෙන්නේ කෝමද..?

    ReplyDelete
  16. "මගේ පපුව හෝස් ගාලා පත්තු උනා..ඇයි හත් දෙයියනේ මොන හිතකින්ද එහෙම කොරන්නේ මේ කෙලීට...
    අනේ ඉතිං ඒ පාර මම ඒ දැරිවිගෙත් හිත හදලා.."

    "කියලා ගියා කච්චේරිය දිහාවට...( හිතනං එතන නැවතුනාද මංදා..)"

    "හුරු බුහුටි සුදු හීන්දෑරි පිච්ච මලක් වගේ කෙලි පොඩ්ඩක් නෙව...
    මට හිනාත් ගියා.."

    "මනීෂා කොයිරාලගේ වගේ හරි සුවීට් මූණත් තහඩුවක්.."

    "හප්පේ..තනි මටනං කියලා මෙහෙමත් රාජකාරි"

    හරිනෙව, මං හිතන්නෙ අහු උනා කේන්දරේ අර නොකියා ඉතුරුකරගත්තු පලාපලේ.

    ReplyDelete
  17. යකෝව්, පෙරනව කියලා මෙහෙමත් පැණි පෙරිල්ලක්..

    ReplyDelete
  18. maraya enapotaharinee
    kello innawanam geta gannooo

    ReplyDelete
  19. අනේ පලයන් බොල මාරයෝ...උබ අනිවා අර ඩොකා අක්කාට පැණි හලලා.. අන්තිමට මොනා හරි කුප්ප කතාවක් කියන්න ඇති..අනිවා කෙල්ල ගහන්න ඇති මුන හරහා දෙකක්.. අර බාගෙට පුරවපු කොලෙත් අරන් උබ සිරිස් ගාලා මාරු උනා.. මං හරිනේ ? :D :D

    ReplyDelete