17 March 2011

තත්පරයක්..එකම එක තත්පරයක්...එච්චරමයි.

දකින්නට කිසි ලෙසක හිමි නැති..
වචනයක් හෝ නොම දොඩා ඇති..
සිහිනයෙන් පමණක් රැඳීලා..
ඔබ මගේ මුළු ලොවම වීලා...

දිනක් ගත වී යළිත් ඉපදෙන..
අරුණු යාමේ ලොවම පිබිදෙන..
ඔබේ වදනක් ඔබේ සුසුමක්..
නොමැති කල මුළු ලොවම කඳුලක්

දකින්නට සුව සිහින ගඟුලක්..
රැ‍ඳෙන්නට ඔබ අසල මොහොතක්..
අසුරු සැණකින් හෝ ලැබේ නම්..
එයත් මට සිතුවමකි මනරම්..

32 comments:

  1. මාරයියෙ උඹත් දැන් අබේපාලය වගේ දරුනු මාකටිං බුවෙක් වෙලානෙ

    ReplyDelete
  2. කාටද මේක ලියුවෙ අහ්??

    ReplyDelete
  3. @රංග...

    ඌ දවසකට හරි ආස්සරේ කරපුවාම සිද්ද වෙන අලකලංචි තමා බං..
    අපිත් නරක් වෙනවා...

    @හිපෝ...

    මේක නිකං වෙඩි තිබ්බා වගේ කාටද දැනෙන්නේ ආන්න එයාට..එයා දන්නවා..ඔව් මේනං මටම තමා කියලා...

    ReplyDelete
  4. හුටස් වෙඩි වැදුනට පස්සෙ කෝමද හලෝ දැන ගන්නේ...

    ReplyDelete
  5. ලර්නර්ස් එකේ හිටපු ලස්සන නගාවයි අර දොස්තර නෝනයි දක්කට පස්සෙද මේ කවි සිතුවිලි ජනිත උනේ??? :ප් (:p)

    http://aluthkolla.blogspot.com/

    ReplyDelete
  6. @මාලන් - සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
    ප.ලි මම දවල්ට කාල ඉන්නේ

    ReplyDelete
  7. මේක ලිව්වෙ ලර්නර්ස් එකේ හිටපු එක්කෙනාටද, උඹට බාගෙට පුරවපු මෙඩිකල් දීපු එක්කෙනාටද?

    ReplyDelete
  8. මාරයා මල්ලි,
    ලඟදි ගෑනු ළමය් කී දෙනෙකුට "හෝරාවෙ" ලින්ක් එක දුන්නද?

    ReplyDelete
  9. @MaRLaN...

    "වෙඩි තිබ්බා වගේ" මිසක් මල්ලි තියනවා කියලා නෙවෙයිනේ කිව්වේ...

    @අළුත් කොල්ලා...

    අනේ මලේ..ඒ වගේ මොහොතකට හම්බ වෙලා වෙන් වෙලා යන චරිත පස්සේ ගියානං..මෙලහකට මගේ කෑලිත් නැහැ...

    @රත්ගමයා...

    :p

    ReplyDelete
  10. මොකක් නමුත් විශාල වෙනසක් වෙන්නයි මේ සූදානම

    ReplyDelete
  11. දකින්නට හිමි වුවද
    අකුරු පමණක් කතා කළ ඔබෙ
    ලෝකයම මා බව
    හැගෙන්නේ ඇයි මෙහෙම....

    දිනෙන් දින එලිය වන
    අරුනළුද උදෑසන
    ඔබෙ කදුළු මට ගෙනෙයි
    මා නොමැති කළ සැලුව

    සුව සිහින මවන්නට
    මා අසල රැදෙන්නට
    කල්පයක් ඇත ඔබට
    සෙනෙහෙ විල අද්දරම

    ප.ලි. මේක දැක්කම උත්තරයක් නොලියා ඉන්න බැරි නිසා ලිව්වා මිසක් මේ කවියට මගේ කිසිදු සම්බන්ධයක් නැත. මාරයියාගේ මේ කවිය අදාල කෙනාට සක්සුදක් සේ පැහැදිලි වී මාරයියාගේ ප්‍රාර්ථනා ඉශ්ඨ වේවා!

    ReplyDelete
  12. @Praසන්ன...

    බුදු අම්මේ බං..එහෙමත් කවි ලියන්න ගියොත්..මට දවසකට කවි පංති විස්සක්වත් ලියන තත්වයක් තමයි උදා වෙන්නේ...

    @Observer...

    ඔබා අයියා සර්ලොක් හෝම්කාරයා‍ගේ කුඩප්පච්චිගේ පුතාද හැබෑට..?


    @පූසා...

    මාරයි කියන්නේ පූස් මලේ..මාරම තමා...
    @

    ReplyDelete
  13. මාර‍යා අපලයක් බලෙන් ඇගේ එල්ලගන්නද යන්නෙ.. :D

    ReplyDelete
  14. @ItalyDilan...

    හා හා ඩිලා...

    @සංජු...

    අනේ බං බොල සංජුවෝ..කවි ටිකනං හරි අපූරුයි...
    අර අන්තිම ටික ඊටත් වඩා අපූරුයි...

    ReplyDelete
  15. @අනුරාධ...

    ඒකත් කන්ට වගේ මේකා තනන්නේ..හැහ්...

    ReplyDelete
  16. මොනා උනත් මාරයියේ අපිට සෙට් වෙන්නේ මේ වගේ චොර සීන් නිසා........... දුක බෙදාගෙන ඉමු වෙන මක්කක් කොරන්ට යෑ. මේ සයිබර් අවකාශේ පපුව පලලා පෙන්නන්ටයෑ ආදරේ!

    ReplyDelete
  17. @සංජු...

    අපෝ බං... ඔහොම හිටින්කෝ ටිකක් පෙන්නයිද නැද්ද කියලා බලල ඉන්ට එපැයි..

    ReplyDelete
  18. මාරයියාගේ සිකුරා 7 ද කොහෙද.. :P මාරයියේ කෙන්දරෙ එවාපං මං බලලා දෙන්නම්..මට පෙන්නෙ බොට මාරක අපල වගේ :D

    ReplyDelete
  19. මාරයත් දැන් එක විදිහක්.. ලඟදි දන් මොකක් හරි පිම්මක් පනින්න වගෙයි සූජානම මට පේන්නේ....

    ReplyDelete
  20. කවි ලියනවා විතරනේ
    ප්‍රගතියක් නැද්ද මාරයියේ

    ReplyDelete
  21. මාර කවිය ඈ.. වදින කෙනාට වැදිල දැං අමාරුයිද මන්ද

    ReplyDelete
  22. රැදෙන්නට මා ලග...
    ඉඩක් දෙන්න ...
    හිදින්න හැම විට..
    ඔබ වසා ගත් කවුලු..
    හැර දමා..
    ලං වෙන්නට..
    ඉඩ දෙන්න මා හට..

    දුර වුවද අප අප හටම..
    හැර දමන්නට හිත නැ..
    ලගට ලංව සැනසෙන්නට..
    හෙටක් එවිදැයි...
    පැතුම් ගෙන..හිදින්නම් මා..

    මාරයියා ගේ කවිය නම් මරු...මටත් පෙන්නේ මාරයියා ට වෙනසක් වෙන පාටයි... එහෙමනම් හදවතින්ම සුබ පැතුම්..

    ReplyDelete
  23. @Bunny...

    ඈ බං මල්ලියේ සිකුරු 7 තේ මාරක වෙනවද..?

    @අභිත...

    ඉතිං බං උඹලා විතරක්ම පැන්නම ඇද්ද..ඇයි අපි ඔටුවොද..?

    ReplyDelete
  24. @AmilaArt...

    හිටිය හැටියට මේකත් සෑහෙන ප්‍රගතියක් නෙව මල්ලියේ...

    @nawammawatha...

    ඒකනම් ඉතිං වැදුන කෙනාගෙන්ම අහලා බලලාම තමා කියන්ට වෙන්නේ..

    ReplyDelete
  25. @නිම්ශා...

    වසා තදින් ඉබි යතුරු දමා සිටි..
    කවුළු පියන්පත් දොරගුළු හරවා...
    අඳුරින් පිරිලා හැඬිව ගොසින් තිබු..
    පාළු නිවහනේ එළියක් දල්වා..
    මිලාන වූ පැතුමන් යළි පුබුදා..
    ලොවේ හෙටක් ගැන පැතුම් මවාලා..
    පණනල අහිමිව තිබුනු මියැදිලා..
    සිතක නැවත ජීවය පුබුදුවලා..
    එළිය රැගෙන එන නව දිවිගමනට..
    සිහින් හඬින් පෙම් ගී පද බැඳලා..
    යුගය නිමාකොට කඳුළුවලින් පිරි..
    නව ලොවකට හෙට අප පියනගනා..


    ස්තූතියි නංගියේ...නංගිගේ කවිය ගැනත් ඉතිං ආයේ මට වචන නැහැළු ඕං...

    ReplyDelete
  26. රැ‍ඳෙන්නට ඔබ අසල මොහොතක්..
    අසුරු සැණකින් හෝ ලැබේ නම්..
    එයත් මට සිතුවමකි මනරම්..

    ෂා අයියේ ඒ කොටස හරිම සුන්දර විදියට කියල නෙව!!! පංකාදුයි පංකාදුයි!!!!

    ReplyDelete
  27. ඉතිං බං උඹලා විතරක්ම පැන්නම ඇද්ද..ඇයි අපි ඔටුවොද..?

    මේ..... න0ගී මේ ඔටුව ටිකකට අල්ල ගන්නවද?...ඒක තමයි කරන්න පුලුවන් ලොකුම උදව්ව කිව්වලු....කාන්තාරෙ කතා දන්න අය දන්නව ඇති ඔ0...

    ReplyDelete
  28. @punchisamanalee...

    ස්තූතියි නගණ්ඩි

    @කුරුම්නියා...

    හෙහ් හෙහ්..උඹලා හැමදාම ඔටුවෝ හේත්තු කොර කොරම හිටහල්ලා...

    ReplyDelete
  29. ඔටු කතාව කව්රු හරි, කොහේ හරි,කතාවක් හෝ කොමෙන්ට් එකක් හැටියට ලඟදි පල කරලා තිබුන.

    ReplyDelete
  30. ඈ බං . . . උඹට මොකෑ මේ වෙලා තියෙන්නෙ ???

    ReplyDelete
  31. @Observer...

    ඇම්ඩාගේ කතාවක් හැටියට ඕක හුගාක් ජනප්‍රියයිනේ අයියා...

    @ඕනයා...

    වෙන්න තියෙන දේ වෙලා ඉවරයි වගේ බං...

    ReplyDelete