18 March 2011

කොහේදෝ සිට පැමිණිලා ඔබ...

සිහිනයක රැඳි සිතුවමක් සේ..
බොඳව යන හිමිදිරි පැයේ..
කොහේදෝ සිට පැමිණිලා ඔබ
සැගව ගියෙ ඇයි මේ ලෙසේ..

ගලා ගිය නිසසල දිවිය පෙර..
නිමා වූ දින මතක ඇත තව..
පුංචි ඔය දඟකාර නෙත් මත
මගේ දිවියම එදා සිරවිය..

සොයා ඇවිදුනු මග අනන්තය..
නිමාවක් මේ වන තුරුත් නැත..
අහම්බෙන් මෙන් යළිදු දෙදෙනා
මුණ ගැසුණු සැටි තවත් පුදුමය..

ඇරඹුමක් සටහන් කරන්නද..
එසේ නැතිනම් මේ නිමාවද..
සිතාගන්නට නොහැකි හින්දා
මගේ හදවත සසල වී ඇත..

19 comments:

  1. ඔන්න ආයෙම මල් පිපෙන කාලෙ වගේ නේද. පහුගිය දවස් ටිකේ අතු එහම අළුතෙන් ලියලාල දළු එහෙම එනකොට යාන්තමට වගේ හිතුන !

    ReplyDelete
  2. හුටස් අයියේ මේ නිමාවක් සටහන් කරලා මැරුම් කන්න තමයි හරිය... දන්නවනෙ මාරයා උනත් මට ලොකු නෑ හරිය

    [(හොරෙන්)- ගනන් ගන්න එපා ඉතින් විහිලුවක්නෙ කලේ.... ]

    ReplyDelete
  3. "ඔබ හා මා යලි හමුවේ නම්
    ජීවිතයම ඔබ හට දෙන්නම්.....
    ඔබගේ සුසුමන් තුල රැදෙමින්
    ඔබගේ තුරුලේ මිය යන්නම්......

    මතකේ හසරැල් නැගෙන රැයේ
    දෙනෙතින් කඳුලැල් කඩා වැටේ
    ජීවිතයේ රස දැනෙන වියේ
    ඔබ මා හැරදා ඇයිද ගියේ......"

    හ්ම්ම්ම්ම් එනකම් තියන බලාපොරොත්තුවක්නේ ඔය.........

    ReplyDelete
  4. අනේ හරි සතුටුයි අයියේ.. ඒ නිමාවක් නෙවේ.. ඇරඹුමක්..:)

    ReplyDelete
  5. හලේ මල් කරත්ත පිටින් නෙලා ගන්න ලැබේවා! හොදට සාත්තු සප්පායම් කරලා බලා ගන්න හෙම ඕනේ හරිද?

    ReplyDelete
  6. අවුරුද් කිට්ටුයිනේ... ඒකනේ ඔය

    ReplyDelete
  7. සංජු අක්කේ ඔයාට වෙඩිමක් කරලා දෙන්න බැලුවා ඊයේ කෝ හරිගියේ නෑනේ :D ;)

    බලමු මාරයියගේ වෙඩිමනම් ඉක්මනටම ගන්න පුළුවන් වෙයි වගේ :)

    ReplyDelete
  8. එහෙනං ඉතිං මාරයටත් ජය සිරි මංගලං අෑ.....
    :-P

    ReplyDelete
  9. මගේ හිත කියෙව්වද මන්ද.. :( :(

    ReplyDelete
  10. හිතුවට වඩා දෙයක් මාරයාට වේගෙන එනව වගේ...අනේ අපිට නම් ඉති0 ඕව කවිවලින් කියන්න තේරෙන්නෙ නෑ නෙව..

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. ඇරඹුමක සිරවි...
    හමු වි වෙන් වි..
    ජිවිත තත් මැද..
    ගමන් මග අතරමග..
    හමු වි අප ..
    වෙන් වු හැටි...
    පුදුමය ..
    සිතා ගත නොහැකි ..
    සිතුවමක ..
    සොදුරු පාට ද ..
    මැකි ගොස් බොද වි ..
    වියැකිලා ගොස්..
    අප හමු වි..
    වෙන් වි..
    සියලු දෑ..
    මියැදි..නිමාවි ගොස්..

    ReplyDelete
  13. මාරයා මල්ලිට වැඩේ සෙට් වේගන එනවා වගේ. පැණි චුට්ට චුට්ට දකිනකොට මං හිතුව. "ඔබා අය්ය ෂර්ලොක් හොල්ම්ස් ගෙ කුඩප්පචිගේ කාගෙ කව්ද" කියල එහෙම අහනකොට.

    ReplyDelete
  14. මේ දැන් ලැබුන උණු උණු ආරංචියක්.

    මාරයා මල්ලිට අවුරුද්දට කියුබන් සුරුට්ටුවක් තෑගී ලැබෙනවලු.

    ReplyDelete
  15. අහම්බෙන් මුණ ගැහුණනං වැඩේ හරියයි.....

    ReplyDelete
  16. නිමාවක් නෙමෙයි ඇරඹුමක්ම වේවා

    ReplyDelete
  17. නියමයි මාරය අයියා...අහඹු මුන ගෑසිම,අලුත් කතාවක ආරම්බයක්ම වෙවා කියලා ප්‍රාර්තනා කරන්වා...

    ReplyDelete