20 March 2011

මාරයාගේ විචාර කලාව..මුචාගේ හඳ සහ පොල් අත්ත...


හොඳයි අද ඕං මං අළුත් වැඩකට අත ගහන්ටයි යන්නේ..අළුත් කිව්වට ඉතිං මේවා බොහෝම පරණ වැඩ..ඒත් මේ මගේ බ්ලොග් එක හරහා අද තමයි මං මුළින්ම මේක එළිදක්වන්ට හිතුවේ..

කට්ටිය දන්නවනේ ඉතිං මාරයාතුමා වෙච්ච මට ඔය එකම දේ හැමදාම කොර කොර එකතැන පල්වෙන්ට හරි අමාරුයි කියන එක..ඕකට කියන්නේ අළුත් අළුත් දෑ සොයාගෙන යාම කියලා..ඒ උනාට ඉතිං සමහරුන්ට මේකේ වටිනාකම තේරුං ගන්ට ඇති හැකියාවක් නැතිකම හින්දාම සමහර විට මට මූණටම හෙමෙත් කියලා තියෙනවා..

"අනේ බං උඹට කවදාවත් එක වැඩක් එක දිගට කරගෙන යන්ට බැහැ නේද..?"

ඔන්න ඔහොම මට අනන්තවත් කට්ටිය කියලා තියෙනවා..ඒත් ඉතිං මං දන්නවා ඒ මගේ මේ හැකියාව ගැන ඊරිසියාවෙන්..මාව වට්ටන්න කියන කතා කියලා..මං සැලෙයි ඔව්වට..පුහ්..අම්මට තාත්තට හදන්න බැරි වෙච්ච එකා..ආයේ ඉතිං රටේ ලොකේ උන්දලාට හදන්ට ඇහැකිද..?කොටින්ම අපේ තාත්තා මට කියලා තියෙනවා නෙව..

"තෝවනං මකලවත් හදන්ට බැහැ" කියලා..

ඉතිං එහෙවු එකේ..ආයේ වෙන කුමන කතාද..?

හරි ඒවායින් වැඩක් නැහැ..දන්නෝ දනිති මා ගැන..ඉතිං මං මේ බ්ලොග් කෙලිය උනත් කොරන්නේ එහෙමම තමා...ආයේ ඉතිං මේකේ හිටි හැටියේ කතා ලියනවා..කවි ලියනවා..ආයේ වංගියක් ජුං අලයා ගෙනත් කට්ටිය අවුස්සනවා.. ඒ අතරේ කේන්දර බලනවා..ඇයි උයන පිහන වැඩ..ඒවත් කොරනවා.. ඒ අස්සට මට මතකයි මං හරි අපූරුවට ගීත දෙකකුත් ගායනා කල විත්තියත්...ඇයි අමතකද බණ කියන එක..හපොයි එකක් කියලද..?

ඉතිං ඔය ඔක්කොම අස්සේ මට දැන් මේ දවස්වල ගූගල් බස් සෙල්ලමටත් හිත ගෙහුං තියෙන්නේ..මං ඔය පහුගිය දවසක බස් එකේ කතාවකුත් බ්ලොග් එකේ දැම්මේ..

ඉතිං ඒ අව්අස්සෙම මට හිතුනා තවත් දෙයක් කොරන්ට..ඒ තමයි මං දැන් ටික දවසක ඉඳලා මූණු පොත එහෙමත් නැත්තං අර ෆේස්බුක් එක හරහා කරගෙන එන සමාජ සත්කාරමය සේවාවත් මේ බ්ලොග් එකට ඈඳලා දාන්ට...

ඔන්න මගේ අළුත්ම වැඩේ..ඔයාලා ඉතිං දන්නවනේ..මංතුමා කොරන තරමක් කොරන්නේ ශ්‍රේෂ්ඨ වැඩ කියලා..ආයේ ඉතිං ඔය දෙකයි පණහේ වැඩ නැහැ මං ගාව..කලොත් ඉතිං තුනයි වීසි පහේ ඒවා මිසක්...

හරි මොකක්ද දැන් මේ අළුත් නාඩගම...

ඒ තමයි මගේ අතිවිශිෂ්ඨ හැකියාවක් වෙච්ච මගේ විචාර කලාව..ඇත්තටම මේක සැගවුන හැකියාවක් කිව්වොත් හරි..මං ඉතිං ඔය දන්න කියන හැම දේම දාන්නේ නැහැනේ එළියට..ඉතිං මේකත් ‍එහෙමම හංගලා තිබ්බ හැකියාවක්..තව ඉතිං ඉස්සරහට මොන මොන එව්වා එයිද මංදා..බලං ඉන්ටකෝ..

ඉතිං මේ දවස්වල මම මූණු පොතේ අපේ දන්න කියන ඈයින්ගේ පොටෝ වලට විචාර සැපයීමේ සේවාවක් කොරගෙන යනවා නෙව..
මොකද පහුගිය දවස්වල අපේ බනියා කොළුවා..ඒ කියන්නේ අර සුප්‍රසිද්ධ වල් හාවා මලයා කැමරා කෑල්ලක් අටවගෙන පොටෝ ගන්ට පටන් ගත්තා..ඒ මදිවට අපේ බුද්ධියා නොහොත් කෙහෙල් කොටුවේ චූටි මහත්තයා මහත්තයාත් ඕකම පටන් අරං..
ඔය අවු අස්සේ තව තවත් චායාරූප ශිල්පියෝ වැහැ වැහැලා..දැන් මූණු පොත තනිකරම චායාරූප ප්‍රදර්ශනයක් වගේ වීගෙන එනවා..ඉතිං මං කල්පනා කොලේ..හැම උන්දැම පොටෝ ගහලම හරියන්නැනේ..

ආන්න ඒ හින්දා මං තීරණය කොලා..මං අර පාරක් අයිනේ කොළ කැඳ විකුණන එකෙක්ව දැකලා තවත් එකෙක් එතනම කොළ කැඳ විකුනන්ට හදනවා වගේ නොවී.. වෙන පාරක් තෝරාගන්ට..

ආන් ඒ අනුව මං මගේ 31 වසරක අඛණ්ඩ චායාරූප පිළිබඳ අත්දැකීම්..උපයෝගී කරගෙන...(දැන් අහන්ට එපා..මට කොහෙන්ද එහෙම අත්දැකීම් කියලා..එහෙම අත්දැකීම් මට හරියට තියෙනවා..ඕනනං කවුරු හරි අභියෝග කලොත් මං සාක්කි සාධක ඇතුව ඔප්පු කරලාම පෙන්නනවා හරිද..?)

ඉතිං අර කිව්වත් වගේ මගේ ඒ අසීමිත අත්දැකීම් තුළින් මං උකහාගත්තු හැකියාව උපයෝගී කරගෙන..මේ චායාරූප සඳහා හොඳ විචාරයක් දෙකක්..එතනින් ගියහම උපදෙස් ටිකක් දෙන්ට ඕනෑය කියන කාරණාව...

ඉතිං මේ ටිකේම සුළු සූළුවෙන්..පුළුපුළුවන් විදියට මං ඕක කරගෙන ගියා...
ඉතිං ඕවාට ගියහම කෙලවෙන්නේ මගේ මේ බ්ලොග් කටුවට නෙව..ඇයි ඉතිං මේක ලියන්න තියෙන වෙලාවනේ ඒවාට යන්නේ..ඒත් ඉතිං අන්තිමට අද මට කල්පනා උනා මේ විචාර කිහිපයක් බ්ලොග් එකෙත් දාලා දැම්මනං..බබිත් සුං බබීගේ මමිත් සුං නේද කියලා..( උපහැරනෙනං හරිද මංදා..)

ඉතිං මං මුළින්ම මේකේ දාන්නේ මං අද ලිව්ව විචාරේ...මොකද මං බොහෝම ආසාවෙන් බලන පිංතූර රාසියක්ම තියෙන මූනු පොතේ ඉන්න හාදයෙක් තමා අපේ මුචලින්ද උන්නැහේ..මොකක්ද මංදා තව ලස්සන නමකුත් තිබ්බා ඒකාට..ඒත් ඉතිං බ්ලොග් අවකාසේ උන්දලා දන්නේ මුචා කිව්වහම තමා...

ඉතිං හා හා පුරා කියලා ඔන්න අද මං මෑන්ස්ගේ පොටෝවකින්ම මේ වැඩේ පටන් ගන්නවා..මේ සඳහා මුචා කොළුවා මට ඒකාගේ පූර්ණ කැමැත්තත් දුන්නා..ඒ හින්දා ඔන්න බලන්ටකෝ ඔය උඩ තියෙන පොටෝ කෑල්ල..ආන්න ඒක තමා අද දවසේ මගේ විචාරයට ලක්වෙන වාසනාවන්ත පොටෝව...
මෙක තියෙන තැනට ඉතිං මෙන්න මේ අඩිපාර දිගේ යන්ටත් ඇහැකි..මෙන්න මෙතන ඔබලා බලන්ට ඕනනං...

ඉතිං ඒ උඩ පොටෝව හොඳට බලලා මේ යට තියෙන විචාරෙත් බැළුවනං..ඔන්න ඉතිං හැදෙන කට්ටියට හැදෙන්ට ඇහැකි..මේවා ආයේ ලේසියෙන් කෙනෙක් කියා දෙන ඒවා නෙවෙයි...

හා හා වැඩි කතා මොකටද..බලලාම ඉමු..
..................................................................
හම්මේ සෑහෙන දවසක ඉඳලා මේ පොටෝව ගැන මම හිත හිත හිටියේ..ඒත් තාම වෙලාවක් හම්බ උනේ නැහැනෙව විචාරයක් කොරන්ට..අදනං කොහොම හරි ඒකත් කරන්ට වෙනවා..

දැන් මම මුලින්ම රචියා මල්ලිට කියන්ට ඕන..මම මල්ලි ගැන හොඳට දන්නවා ටික කාලයක හිටන්..ඒ වගේම මලයාගේ ඔය පොටෝ අමාරුව ගැනත් මට යං තරමක අවබෝදයක් තියෙනවා.ඒත් මල්ලි..මේ පොටෝව දැක්ක වෙලේ ඉඳන් මගේ හිත මට කියනවා...මල්ලි වැරදි පාරක යනවා කියලා..ආන්න ඒ හින්දා තමයි මම මේ මුලින්ම මේ ගැන මල්ලිව දැනුවත් කොරන්ට කියලා හිතුවේ..

දැන් බලන්ට මල්ලි මේ පොටෝ එකක් අපි ගන්නේ මොකටද..?ආන්න ඒ මුලික සිද්ධාන්ත මල්ලිට දැන් දැන් අමතක වේගන එනවා...
මල්ලි ඇත්තටම අපි මොනවා හරි පොටෝ එකක් ගන්නේ පස්සෙන් පහුකාලෙක ඒක දිහා බලලා අපේ මතකය අළුත් කරගන්ට..ඒ වාගෙම යම් දෙයක් අපිට අමතක නොකර ඉන්ට..එතනින් ගියහම යම් දෙයක් වෙනස් උන දවසක..කලින් මේක තිබ්බේ මෙහෙමයි කියලා මතක් කරගන්ට..
දැන් මල්ලිම බලන්ට මේ පොටෝවෙන් අපිට ඒ මූලික සින්ධාන්ත හරියාකාරව ඉස්ට සිද්ද වෙනවාද කියලා..
පිළිතුර තමයි "නැහැ" කියන එක..හරි අපි දැන් බලමු ඇයි ඒක එහෙම නොවෙන්නේ කියලා

දැන් බලන්න මල්ලි..මල්ලිගේ මේ පොටෝ කෑල්ලේ අංග දෙකක් තියෙනවා...එකක් පොල් අත්ත..අනික හඳ..හරිනේ..ඒත් දැන් බලන්ට මල්ලි මේ පොටෝවට ඔයා කරලා තියෙන අසාධාරණය..ඇත්තටම කණගාටුයි මල්ලි..ඇත්තටම කණගාටුයි...
ඔයාට මේක මෙහෙම කරන්ට වටින්නේ නැහැ.ඔයා මේ පොටෝවේ ප්‍රධාන අංග දෙකටම අසාධාර්‍ණයක් කරලා තියෙන්නේ..

දැන් මේකේ හඳ අපි අරගම්මුකෝ මුලින්ම..
දැන් මට තියා වෙන කාට හරි මේ හඳ හරියට පේනවද..නැහැනේ මලයා..අර උලව් පොල් අත්තට වැහිලා..කොයි තරංනං වැරදි වැඩක්ද..?
මං අහන්නේ ඔයාට තිබ්බේ නැද්ද තව ඩිංගක් වම් පැත්තට වෙලා ඕක ගන්ට..මොකද වම් අත පැත්තේ නයගරා දිය ඇල්ලවත් තිබුනද මලයාව කඩාගෙන වැටෙන්න..නැහැනේ..සම්පූර්ණයෙන්ම නොසලකා හැරීම..ඒකෙන් අන්තිමට උනේ මේ අපිට හඳ හරියට බලාගන්න නැතිවෙච්ච එක...

හරි ඒක අපි පැත්තකින් තියමු..ඊ ළගට බලන්ට අර පොල් අත්ත දිහා..ඔයාට ඕන උනේ ඔය පොල් අත්තේ දර්ශනයක් ගන්ටනං ඕයාට තිබ්බා ඩිංගක් එළිය වැටෙනකල් ඉවසන්ට..හරියට හෙට ඉර පායන්නේ නැහැ වගේ කියලා හිතාගෙනද ඔයා මේක රෑම ගන්ට දැඟළුවේ..අපරාදෙනෙ මල්ලි..හරි අපි හිතමුකෝ හෙට ඉර පායන්නේ නැහැ කියලා හරි අද රෑම මේ පොල් අත්තට හෙන ගහනවා කියලා..ආන්න එහෙමනං අපි මේක කොහොම නමුත් ගන්නට ඕන..ආන්න එතකොට අපිට තියෙනවා ඒකටත් කරන්ට ක්‍රම සහ විදි..

මල්ලිට තිබුනා මෙකට අනිත් පැත්තෙන් ගෙහුං මේ පොටෝව ගන්ට..ආන්න එතකොට හඳ එළිය මේක උඩට වැටිලා..ඒ එළියෙන් මල්ලිට යාන්තමට හරි ඔය පොටෝ කෑල්ල ගන්ට තිබ්බා..හැබැයි ඉතිං ඔය කැමරාවේ අර ෆ්ලෑෂ් බලුප් එකක් නැති එකක් හින්දා වෙන්ට ඕන මෙහෙම ගත්තේ..ඒ හින්දා අඩුම ගානේ හඳ එළියවත් හරියට පාවිච්චි කරන්ට මල්ලි දැනගෙන උන්නනං මේක මෙහෙම වෙන්නේ නැහැ. මොනවා කරන්ටද ඉතිං මල්ලි මේවා ගැන මගෙන් කළින් ඇහැවුවෙත් නැහැනේ..නැත්තං මං ඕක කියා දෙනවා ආයේ ගුරුමුෂ්ඨී තියා ගන්නෙම නැතිව

එහෙමත් නැත්තං අපි හිතමු හඳ එළියට මේක පේනවත් මදිනං..ටෝච් එකක් ඇත්තෙත් නැත්තං..මල්ලිට අඩුම ගානේ මන්නා පිහියක්වත් හොයා ගන්ට තිබුනා නෙව..

දැන් බලයි මන්නා පිහිය කොහොමද චායාරූප ගැනීමට උපකාර වෙන්නේ කියලා..ආන්න එතනදී තමා මලයා මලයාට මේ මං වගේ විශේෂඥ ජායාරූප විචාරකයෙකුගේ උදව්ව ඕන වෙන්නේ...මේවා මල්ලි අපි සෑහෙන කාලයක් දුක් විඳලා හොයා ගත්ත ක්‍රම..වෙන කෙනෙක්නං මේවා කියා දෙන්නෙත් නැහැ..ඒත් මේ අයියා ‍එහෙම නැහැ..හරිද..පොඩි එවුන්ට අත දෙනවා.

දැන් මල්ලී බලන්ට මන්නා පිහියක් උදව් කරගෙන මේ චායාරූපය ගන්නේ කොහොමද කියලා..මල්ලිටනං එක පාරටම මේක අමාරුත් වෙන්ට පුළුහං..මොකද මං මල්ලිගේ සාරිරික සවුක්කිය තත්වේ ගැන තරමක් දන්න හින්දා..ඒත් මල්ලි එක වටිනා කියන පොටෝ එකක් වෙනුවෙන් හොඳ චායාරූප ශිල්පියෙක් තමන්ගේ පණ උනත් දෙනවා..දැන් මේ අපි ගන්ට යන එකත් ඒ වාගේ "ලොවක් මවිත කරවන" අන්දමේ චායාරූපයක් හරිද..?

ආන්න ඒ හින්දා මල්ලි දැන් බැරි අමාරුකං බලන්නේ නැතිව කොහොම හරි ඔය අත්ත පාත් කරලා අත්ත මුලින්ම එක මන්නා පාරෙන්ම කපා ගන්ට ඕන..දෙතුන් පාර ඕකට කොටන්න ගියොත් අත්ත මැද්දෙන් පුපරලා අත්ත විනාස වෙන්ට ඇහැකි..ආන්න ඒ නිසා මලයා මෙක හරි පරිස්සමට කරන්ට ඕන හරිද..අමතක කරන්ට එපා අපි මේ ගන්ට යන්නේ "ලොවක් මවිත කරවන" සුළු පොටෝවක් කියන එක..
හරි ආන්න එහෙම හිතලා පරිස්සමට මේ අත්ත කපාගෙන ඇවිදිං..ආන්න ඊට පස්සේ අපිට පුළුවන් මේක අපේ ගෙයි මැද සාලේ හරි වෙන හොඳට එළිය තියෙන තැනක තියලා ඔයාට කැමති ඕනම විදියකට මේ පොල් අත්තේ පොටෝ කෑල්ලක් ගන්ට..බලන්න මල්ලි..කොයි තරං අපූරුවට තියෙයිද..නේද..?

ඔන්න මල්ලි මම මගේ වෙලාව ගැන හිතන්නේ නැතිව ඔයාට රත්තරං වගේ වටින අදහස් කීපයක් දුන්නා..මං හොඳටම දන්නවා මං වගේ මල්ලිට කවුරුවත් මේ වගේ උපදෙස් දෙන එකක් නැහැ කියලා..ඒත් මල්ලි අද අපි මේ වගේ තැනක ඉන්නේ බොහෝම අමාරුවෙන්..ඒ ගමන අපි ආවේ මල්ලි..රබර් සෙරෙප්පු දෙක සාක්කුවේ දාගෙන මහ දවාලේ තාර පාරේ පයින් ඇවිදගෙන..සමහර වෙලාවට අපි ආවේ පුට් සයිකලේ හැතැම්ම ගණන් පැදගෙන..ඒකෙත් ටයර්වල ටියුබ් තිබ්බේ නැහැ මල්ලි..ආන්න එහෙම අපි වින්ද දුක උඹලට විඳින්ට වෙනවට අපි කැමති නැහැ..ඒ හින්දා ආයේ ලෝබ නැතිව මම මේ උපදෙස් ටික ඔයාට දුන්නේ..මං හිතනවා මල්ලි මීගාවට ගන්න පොටෝව මගේ මේ රටක් වටින උපදෙස් වලට අනුකූලව අරගෙන මේ පොටෝ කලාවේ නවමංපෙත් විවර කරගෙන දීර්ඝ ගමනක් මේ ඔස්සේ යයි කියලා..මල්ලි බය නැතිව ඒ ගමන යන්ට මේ අයියාගේ ආශිර්වාදය මල්ලිට තියෙනවා..එහෙනම් මේ විචාරාත්මක උපදෙස් මාලාව මෙතනින් නිමයි..මල්ලිට සුභ පොටෝ අනාගතයක් වේවා..!

.........................................................

ඔන්න වැඩේ ඉවරයි..දැන් ඉතිං කට්ටිය පොරකනවා එහෙම නෙවෙයි මගේ විචාර ලබා ගන්ට..මං ඕවා ආවාට ගියාට කොරන දේවල් එහෙම නෙවෙයි තේරුනානේ...




51 comments:

  1. පොල් අත්ත කැපුවට පස්සෙ හඳ ෆොටෝ ගන්න විදිය කියල නෑනේ.
    හැබැයි නියම විචාරය ඔන්න ආදර්සෙට ගන්නවනං.

    උඹ මගේ ෆොටෝ එකකටවත් අතක් එහෙම තියෙනව නෙමෙයි..

    ReplyDelete
  2. නියමයි අයියේ... මාර ලස්සනට විචාරයක් දීලා තියනවා...

    ReplyDelete
  3. ආයෙත් අහලා. මම ගන්න පොටෝ ටැග් කරන්නෙත් අයියට විතරයි. ආයේ වෙන කාටවත් ටැග් කරන්නේ නෑ. අයියත් දන්නවනොවැ ඒක

    ReplyDelete
  4. මොකෝ මාරයියේ මේ එකපාරටම?
    මල් සුවඳක්වත් ආවද ඇහ්? :D

    ReplyDelete
  5. ඇත්තටම මම මගෙ මෙවුව එකෙංම සං‍තෝස වෙනව මාරයාතුමා මෙයාකාර ප්‍රොපෙසියෝනල් මට්ටමකිං විචාර කලාවක යෙදීම ගැන.

    අති විසේසයෙංම කියනව නං . . . . මගෙ චායාරූප සිල්පියෙක් වීමේ සිහිනයේ මුල්ම පිංතූර දෙකට මාරයා තුමාගෙං ලැබුන අවවාද සහ උපදෙස් මගෙ ඉදිරි ගමනට මොනතරං නං දිරි ගැන්වීමක් උනාද කිවුවොත් . . . . මම ඒ අදහස මුලුමනිංම අතෑරල දැම්ම.

    පිලිගනිං මාරයෝ . . . . උඹේ නවතම වියාපුරුතියට . . . . මුලු හදිංම සුබ පැතුං . . . . ඕනයාගෙං . . . .

    ReplyDelete
  6. මාර භවනෙන් තවත් සේවාවක්,ප්‍රවීන ජායාරූප විචාරක(තේනුවර මහත්තයාවත් පරද්දලා)මාර මහතාගේ වැඩක්...
    මටත් කැමරා පිස්සුවක් එන්න වගේ යන්නේ,,,මුන්ගේ මේ පොටෝ දැකලා...කැමරා ගැන දැනුමක් නෑ නේ,,කාගෙන්ද ඒ ගැන දැනගන්න පුලුවන්...

    ReplyDelete
  7. මුචලින්ද උන්නැහේ නැව් ගැටගහන ලණුවක් හොයනවා කියන්නේ එල්ලෙන්න.. කවුද මේවට දැන් වග කියන්නේ???

    ඉන්ද්‍රනාම අයියා.. මාරයා අයියට මල් සුවඳ ඇවිල්ලා.. ඒක උපරීමේටම විඳලා වගේ...

    ReplyDelete
  8. Praසන්ன...

    ඔය කිව්වට මට අර උඹ පිඹුරා කරේ දාගෙන ඉන්න එක මතක් වෙනවා බං..මට හිතුනොත් ඒකටත් මං දෙඥ්ඤං බැටේ..

    ReplyDelete
  9. අත්ත කපන්න ගස් බඩගාන වෙලාවේ කලයුතු තව තවත් විචාර කලාවට හේතු කරනා වන උපදෙස් එහෙමත් ලැබෙයි කියලයි මම නං හිතුවේ...

    මුට්ටියක්වත් බාගන්නේ නැතුව අතු කපන්න බඩ ගාලා පල නැහැ නොවැ..

    ReplyDelete
  10. MaRLaN...

    තැන්කූ මල්ලි..ඇත්තටම මල්ලිට තාම පොටෝ ගන්ට හිතුනේ නැතතෙයි

    ReplyDelete
  11. පූසා...

    මොකද කියන්නේ මලයා..අරකත් මං දාන්ටෙයි මේකේ..
    උඹ හා කිව්වනං මං දැම්මා ඕං...

    ReplyDelete
  12. Pravin Indranama...

    මල් සුවඳ..හා හිටින් මල් මල් සුවඳ යන්ටත් එක්ක දෙඥ්ඥං බොට..මං දැක්කා බොලත් කැමරාව මානපු පොටෝ කෑලි වගයක් තිබ්බා..හිටිංකෝ...

    ReplyDelete
  13. ඕනයා...

    ආන්න ආන්න බලහං..උඹ යමක් කමක් කිව්වහම ඒක තේරුං ගන්ට දස්සයා..මම උඹට දුන්න විචාරෙන්ම උඹ තේරුං අරං තියෙනවා කළ යුතු හොඳම දේ..ඇත්තටම මටත් සංතෝසයි උඹ මේ ලාංකීය ඡායාරූප ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගත්ත ඒ උතුම් තීරණය ගැන..මොකෝ කියන්නේ මට ඒ පිංතූර දෙකත් දෙනවද මෙතන එල්ලන්ට...

    ReplyDelete
  14. ItalyDilan...

    ඒත් තාම මේ තේනුවර මහත්තයා මට කිසිම පොටෝ එකක් ටැග් කලේ නැති එක ගැනනං මට තියෙන්නේ පුදුම දුකක්...
    උන්නැහේත් හෙට අනිද්දට මට පොටෝ කෑල්ලක් ටැග් කොරාවි කියලා මං හිතාගෙන ඉන්නේ...

    ආ කැමරාද..තැනක්නං තියෙනවා..ඒත් ඉතාලියේ ඉඳලා උඹට එන්න ටිකක් දුර වැඩි ඇති මයෙ හිතේ..මෙ මැනිං මාකට් එකේ ඕවා ඕන තරං තියෙනවා... තොගේට ගන්නවනං කිලෝ එක හතළිහයි.. හැබැයි සිල්ලරටනං එකක් දෙසීයක් විතර වෙනවා.

    ReplyDelete
  15. චතුවා (ළමයා)...

    පිස්සුද ළමයෝ..ඒ කඹයක් හෙව්වේ ඒකා එල්ලෙන්ට නෙවී..මිනිහාගේ කැමරාව එල්ලන්ට නෙව

    ReplyDelete
  16. Niroshan...

    අම්මපා ඒක හරි..ඒත් අපේ මුචා මලයා ඕවාට නැහැ..ඒකා ඇවිල්ලා එහෙං පිටිංම මධ්‍යප..

    ReplyDelete
  17. මෙන්න නියම විචාර....

    ReplyDelete
  18. හප්පේ මගෙ බුකිය .... බය හිතෙනවා අප්පා මේවා දැක්කම.... හලේ පුදුම හැකියාවක් නොවැ

    ReplyDelete
  19. හොඳ වෙලාවට මං ඔය වගේ පොටෝ ගන්නැත්තේ...... විචාරේ නම් නියමයි ඈ...... :D

    ReplyDelete
  20. ඉවසන්න අයියා මම ලගදිම වැඩේට බහින්නම්...

    ReplyDelete
  21. මම ඇත්තටම ආසයි මේ වගේ දක්ෂ විචාරකයෙක්ගෙන් විචාරයක් ලබාගන්න මගේ ඉදිරි ගමනේ සාර්ත්කත්වයට එය මහගු පිටිවහලක් වෙයි කියලා තමයි මට හිතෙන්නේ

    ReplyDelete
  22. හප්පා! සික්. .. කුජීතයි!

    ReplyDelete
  23. හික් හික් මේවටනේ විචාර කියන්නේ...

    ReplyDelete
  24. අකීකරු හිත...

    ඒකනේ කියන්නේ නංගා...

    ReplyDelete
  25. සංජු...

    කොහේද මේ රටේ හැකියාවට කිසි සැලකීමක් නැහැනේ බං...

    ReplyDelete
  26. හා පැටික්කි (MS)...

    නිකං ඉන්න එපා නගේ කොහොම හරි ඡායාරූප ශිල්පියෙක් වෙන්ට උත්සහ කරන්ට..මම දෙන්නං අත..මෙන්න මේ වගේ...

    ReplyDelete
  27. MaRLaN...

    අනිවාර්යයෙන් මල්ලි මල්ලි උත්සහ කරන්ට..අපි හැමදාමත් මල්ලිලට අත හිත දෙන්ට කැපවීමෙන් තමා ඉන්නේ...

    ReplyDelete
  28. පට්ට පට්ට මම මේ ආකාරයේ වියක්ත විචාරයක් කියෙව්වමයි මාරය අයියා.පිස්සු පීකුදු.අර මන්නය ආස්‍රයෙන් කරන චායාරුප කරනය පිලිබදව මීට කලින් නම් අහල තිබුන් නෑ අයියා, ඈත්තටම එක නව සොයාගෑනීමක් වෙන්න පුලුවන් නේද.මොක වුනත් පට්ට මේ වෑඩෙනම් ඉල ඈදෙන වෑඩක්...තව පොටෝ කිහිපයකට ලියන්න...එල එල....

    ReplyDelete
  29. මුචලින්ද...

    මොකද මල්ලි වෙලා තියෙන්නේ..සනීපයි වගේද..?

    ReplyDelete
  30. හසී...

    ඒකනේ කියන්නේ නංගි..තැන්කූ හොදේ...

    ReplyDelete
  31. අසoක...

    බොහෝම ස්තූතියි මල්ලි..මට හරි සංතෝෂයි..මල්ලිලා මෙවාගේ වටිනාකම තේරුං ගත්ත එකට..තව ලියනවා මල්ලි..දැනටම මම මේවගේ මහා සම්ප්‍රධායේ විචාර කිහිපයක්ම ඉදිරිපත් කරලත් තියෙනවා..කියන්න කණගාටුයි මල්ලි අපේ සමහර උන් ඒ පොටෝ එක්කම මකලා දාලා බං..මෙවෑ වටිනාකම නොදන්න විජාතික කුමණ්ත්‍රණකාරයෝ මල්ලි

    ReplyDelete
  32. නැගලා යනවානේ... ෆට්ට ආ...

    ReplyDelete
  33. අම්මේ මාරයියේ
    මගේ ජිවීතේට උඹ වගේ එකෙක් දැක්කමයි මෙහෙම බහුශ්‍රැත දැනුම සම්භාරයක් තියෙන. මගේ හදවතිම අලුත් වැඩේට් විෂ් කොරනවා ඔන්න.

    ReplyDelete
  34. ඇත්ත කියහං මාරෙ අයියෙ උඹ බීල නේද?.
    ආ නැත්ද. නැත්තන් කමක් නෑ. මම මේ නිකමට ඇහුවෙ.

    ReplyDelete
  35. AmilaArt...

    ඔව් ඔව් මල්ලි හොඳට බලාගන්න..මෙහෙම අයියලා හැමදාම නැහැ හැමතැනම නැහැ..ඔව් ඔව්..

    ReplyDelete
  36. Ranga...

    බීලද..බීලා පුළුවන්ද මෙහෙම හර බර වැඩ කොරන්ට..?

    ReplyDelete
  37. එක කුඩා මිනිසෙකුගේ ෆොටෝ ගැහිල්ලක් උවත් විචාරය නම් මානව සංහතියේ යෝද පිම්මකි !

    ටියුබ් නැතිව පාපැදියේ ගියේ කොහොමෙයි...? මට කැත නැතිව කියන්න පුලුවන් මාරේ අයියේ ඔයා පැදලා තියෙන්නේ ට්‍රයිසිකල් එකක් . එවුවගේ තමයි ටයර් පමනක් තියෙන්නේ .

    ReplyDelete
  38. කිරි අප්පාට බල්ලෝ පැනපි...ඊලග සේවාව.... අපොයි බඩ පපුව දනවා අයියාගේ අවංක උපදෙස් දැකලා... මුවලින්ද අයියේ මාර අයියාගේ ෆොටො එකක් ගත්තා නම් හොදා ඊලගට ලොව මවිත කරවන්න...

    ReplyDelete
  39. පුන්සද පවා පායා නැති මහ රෑක..
    වවුලොත් නොදන්නා ලොකු රහසකි මේක..

    අම්මපා, විචාරත් දැකලා තියෙනවා, මෙහෙම විචාරයක්නං දැක්කෙ නෑ ජයවිලාල් විලේගොඩ ගෙන්වත්.. මං හිතුවා උඹ බොන එක නවත්තනකොට මේ වගේ දේවල් ඉස්සරහට වෙයි කියලා.. :)

    ReplyDelete
  40. හිස් අහස...

    මොනවද මල්ලී අහන්නේ...මේක ඇවිල්ලා මිරිස් නැතිව හොඳි කන රට වෙච්චිකොට උඹ මේ ටියුබ් නැතිව බයිසිකල් පදින හැටි අහනවා...

    ReplyDelete
  41. නිම්ශා...

    නංගි හදන්නේ ලොවම මවිත කරවන්නද..?එහෙමත් නැත්තං ලොවම බය කරවන්නද..?මේ මගේ පොටෝ පෙන්නවලා...

    ReplyDelete
  42. Buratheno...

    තව ඔය පටන් ගත්තා විතරයි බං...

    ReplyDelete
  43. ඒ මාරයියේ
    "දැන් බලන්න මල්ලි..මල්ලිගේ මේ පොටෝ කෑල්ලේ අංග දෙකක් තියෙනවා...එකක් පොල් අත්ත..අනික හඳ..හරිනේ."

    ඇයි යකෝ මෙන්න විචාර දෙන උන්ගේ සාමාන්‍ය දැනිම.. අංග 2 ක් නෙවේ බොල.. අංග 3 ක් තියෙනවා.. ඇයි යකෝ උබ අහස ගැන සදහං කරලා නැනෙ ?

    මාරයියේ නිකමට අහන්නෙ.. මොකක්ද බං බ්‍රැන්ඩ් එක ? :P

    මේ ඊලග විචාරය ලැබෙන අසරණයා කවුද ? මං නම් නැත්තටම නැති උනා :D

    ReplyDelete
  44. තව මේ විචාරයට මං අතින් කොටසක් එක් කරනවා..

    මුචා සහෝදරයා.. හා කුලේ එකෙක් හැටියට මට කියන්න සිද්ද වෙනවා.. උබ මේක හදේ හාවට කල අපහාසයක්.. උබ මෙකෙන් පෙන්වන්න හදන්නෙ හදේ හාවා කූඩු කරලා කියලා..
    එව්වාට ඉඩ දෙන්න බැ...!!

    ReplyDelete
  45. මල හුට්ටප්පරයයි!!! විචාරේ දිග :P :P

    ReplyDelete
  46. හනේ හපොයි......

    ReplyDelete
  47. ලොලේ ලොල්......... මේ ගමන ආවෙ ටියුබ්ලස් පා පැදියෙන් කිව්ව නේද. ඒක තමා මේ විචාරයෙන් මගෙ හිතට ගොඩක්ම අල්ලලා ගිය කෑල්ල

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  48. දැන් මාරයියේ ඔය පොල් අත්තයි හඳයි නැතුව වෙන දේක...උදාහරණයක් විදියට පොල් අත්තේ වහපු බස්සෙක්කේ ෆොටෝ එකක් ගන්න ගියා වෙන්න බැරිද?

    ReplyDelete
  49. ජුං අලයා tube light ekanam

    ReplyDelete
  50. @prabathw7...

    ඔබට හොඳම ටිකක් අතෑරිලා පාටයි..කරුණාකරලා ඔය දකුණු පැත්තේ තියෙන "කැමති දෙයක් ඇදලා බලමු" තීරුවේ ඇති ජුංගේ කතා ලේබලයට ටිකක් ගෙහුන් එන්ටකෝ...

    @ALL...
    ප්‍රතිචාර දැක්වූ සියළුම දෙනාට බොහෝම ස්තූතියි..නිවාඩු පාඩුවේ කතා කරඥ්ඥං...

    ReplyDelete