23 March 2011

කාලා වරෙංකෝ හරී ෂනීපයි...

ඔන්න මදැයි මම අද ගෙදර යන්න බලං හිටියා...
දැන් දවස් තුනක් තිස්සේ මම රාජකාරියට අහු වෙලා හිටියේ..පොතේ හැටියටනං අද උදේ ගෙදර යෑමට පුළුවන් වෙන්න එපැයි..ඒත් කොහේද කෙලියා තාප්පෙටම..දැන් ඉඳහංකෝ හිපාටුවා වගේ අදත් මෙතනටම වෙලා...

සාමාන්‍යයෙන් අපේ මේ සිකුරිටි ජොබ් එකේ නිවාඩු කියලා වෙනම ජාතියක් නැහැ.කොහොමටත් අපි සාමාන්‍ය සේවා මුර දෙකක් ඒ කියන්නේ පැය දොළහේ සේවා මුර දෙකක් එකට අදින්න ඕන..එතකොට පැය විසි හතරක්..පැහැදිලි සිංහලෙන්නං දවසක්..

ඉතිං අපි වැඩට ඇවිත් දවසක් එක දිගට ඇදපුවාම අපේ අනුප්‍රාප්තිකයා..ඒ කියන්නේ රාජකාරි සගයා අනිත් දවස අදිනවා..ආයෙමත් ඊ ළග දවස මට..ඔන්න ඔහොම තමයි වැඩේ යන්නේ...

ඉතිං පොතේ හැටියටනං මට මේ මාසේ සියළුම ඉරට්ටේ දවස් ටික මටත්..අනිත් සගයා වෙච්ච "ගුණේ අයියා"ට ඔත්තේ දවස් ටිකත් හැටියට තමයි යෙදිලා තිබුනේ...

ඒත් ඉතිං ගුණේ අයියා ලොකු මහත් වෙච්ච දූ දරුවෝ ඉන්න මනුස්සයා..උන්දැට කොල්ලෝ දෙන්නයි එක ගෑණු දරුවයි..මේ ළගකදී ඔය කෙලීව දීග දුන්නා..දැන් ඉතිං පුද්ගලයා හැම මාසෙම දැරිවි බලන්න යනවා තමුන්ගේ බාරියාවත් එකක..ඒ ගියහම දවසක් දෙකක් ඉඳලයි එන්නේ..

ඉතිං පහුගිය කාලේනං එහෙම ගියහම මෙතන රාජකාරිය කරන්න වෙන කවුරු හරි එන්න ඕන..ඒ දවස්වල ඉතිං මම මෙතන නෙවෙයිනේ හිටියේ..අර කලින් රාජකාරි කරපු තැනනේ..ඒ හින්දා මම එහෙ දවසක් ඇදලා..මෙහෙ තව දවසක් ඇදලා ආයෙමත් මම එහෙ වැඩට යනවා..එහෙම කරලා අපේ ගුණේ අයියාගේ නිවාඩුව කවර් කරලා දෙනවා..
මාත් එහෙ ඉද්දී නිවාඩුවක් ඕන උනහම ගුණේ අයියත් ඇවිදින් එහෙ ඇදලා දෙනවා..එහෙමයි අපි ඉතිං නිවාඩු ගන්නේ..

මේකේ හොඳක් තියෙන්නේ එක දවසක් නිවාඩු ගත්තහම එක දිගට දවස් තුනක් නිචාඩු හම්බ වෙන එක..
ඒ කිව්වේ දැන් මම මේ මාසේ ඉරට්ටේ දවස්වල වැඩ හින්දා..මට කොහොමත් ඔත්තේ දවස් නිවාඩු..ඉතිං මම 22 දෙවෙනිදා නිවාඩු ගත්තනං කොහොමත් 21 වෙනිදයි 23 වෙනිදයි මගේ නිවාඩු දවස් එක්ක ගත්තහම මට 21..22..23.. කියන දවස් තුනම නිවාඩු...

හැබැයි ඉතිං ඔය එකක්වත් පඩි සහිත නිවාඩු නෙවෙයි මොකද අපිට ගෙවන්නේ වැඩ කරන පැය දොලහේ සේවා මුර ගානට වීමයි...උදාහරණයක් විදියට පැය 12කට රුපියල් 500 ක් ගෙවනවනං දවසක් වැඩ කලාම රු.1000යි මාසේකදී දවසක් ඇර දවසක් වැඩ කරන හින්දා දවස් 15 වට රු. 15000 යි.
ඔන්න ඔහොමයි අපේ පඩි හැදෙන්නේ...

දැන් ඉතිං මගේ පඩියත් ඕනද..?
ඒක ඔයිට වඩා ඩිංගක් වැඩියි..අපේ ආරක්ෂක සේවයේ වැටුප් ගෙවන්නේ මෙන්න මේ විදියට...

JSO (කණිෂ්ඨ ආරක්ෂක නිලධාරී) - රු.375 සිට 400 දක්වා..
SSO (ජේෂ්ඨ ආරක්ෂක නිලධාරී) - රු.400 සිට 425 දක්වා..
STGO (විශේෂ ආරක්ෂක නිලධාරී) - රු 450 සිට 475 දක්වා..
OIC (ස්ථානභාර නිලධාරී) - රු 475 සිට 515 දක්වා..
CSO (ප්‍රධාන ආරක්ෂක නිලධාරී) - රු 525 සිට 550 දක්වා..

(පැය 12ක සේවා මුරයක් සඳහා පමණි)

දැන් ඉතිං හරිනේ..අපේ සේවා ආයතනය බොහෝම පුංචි එකක්..ඒත් දැන් අවුරුදු 12ක් විතර මං හිතන්නේ මේක පරණයි... කොහොම උනත් දැනට මං විතරයි මේකේ ඔය අන්තිමට දාලා තියෙන ජාතියේ එකෙක් ඉන්නේ..තව එක්කෙනෙක් හිටියා අවුරුදු 10කි විතර පැරණ..දැන්නම් මෑන්ස් නැහැ මිනිහව මේ ළගකදී අස් කලා කියලා ආරංචියි හේතුවක්නං මම දන්නෙත් නැහැ.
ඉතිං දැන් මේ වෙනකොට මංතුමා පමණක් ඉතිරි වෙලා ඉන්න එකම එකා..හැබැයි ඉතිං ඔය දාලා තියෙන පඩියට වඩා මට විතරක් තව චූට්ටං දීමනාවක් පඩියට අමතරව එල්ලලා තියේ..ඒ ඉතිං මං අස්වෙලා යයි කියලා බය වෙච්ච වෙලාවක මහ තැනින්ම ආපු නියෝගයක් හින්දා...

අපේ රස්සාවල් ඉතිං ඔහොම තමා..තව ඉතිං මීට වඩා ගෙවන තැන් තියෙනවා..ඒත් ඒවාට යනවාට වඩා මේ ගෙවන ජීවිතේ සෑහෙන්න හොඳා...
කොහොමටත් මගේ ජීවිතේ මහා හුගාක් බලාපොරොත්තු නැති වීමත්..අල්පේච්ඡ විදියට ජීවිතේ ගෙනියන්න ඇති හැකියාවත් හින්දා මට ඔය ඇති..මදි පාඩුවක් වගේ දැනුන ගමන් පටස් ගාලා බලලා දීලා කීයක් හරි හොයාගන්න නිතරම මගේ බෑග් එකේ කේන්දර සටහන් කීපයක් තියෙනවා...

ඉතිං මුදල් අඩුපාඩුවක් ආව ගමන්..දැම්මා අත ගත්තා එයින් එකක් දෙකක් බැළුවා..ලිව්වා A4 සයිස් එකේ කොලයක දෙපැත්ත..දැම්මා කෝල් එකක්..

"ඔන්න අරක මං බලලා තියෙන්නේ ඇවිත් අරං යන එකයි"

කොහොමටත් ඔය වචන ටික මගේ කටින් පිට වෙනකල් බලාගෙන තමා උන්දලා ඉන්නේ..මොකද මං වැඩ බාරගන්න කොටම කියලා තියෙන්නේ මට කරදර කරන්න එපා..මට හිතුන වෙලාවට මම බලලා දෙන්නං එතකොට ඇවිත් ‍ගෙනියපල්ලා කියලා...

අපරාදේ කියන්න බැහැ මගේ අතලොස්සක් වූ පාරිභෝගික ජනතාව කියන විදියකට කරන්න සැදී පැහැදිලා ඉන්නවා..

ඉතිං ඔය වගේ බයක් නැතිව ජීවත් වෙන්න කොරමයක් තියෙන හින්දා මට දැනට ඔය ලැබෙන වැටුප කිසි අවුලක් නැහැ.

ඕනවට වඩා මුදල් පස්සේ දුවපු කාලේ මං විඳපු දුක මම හොඳටම දන්නවා..ඒ හින්දා හිතේ සැනසීම මට හුගාක් වටිනවා මුදල් වලට වඩා..මං දන්නවා මේ වගේ හිතනවා කියන්නේ මේ තියෙන ලොකෙත් එක්ක බැළුවම මං දිහා පිස්සෙක් ගානට දාලා බලන්න හුගාක් අය පෙළඹෙනවා කියලා...

ඒත් ඒ කවුරු කොහොම හිතුවත් මට මේ විදිය හරි සැනසීමයි...මැරෙන දවසට ලෝකෙට ණය නොවී...වගේම..
ඉතිරි කරපු දෙයකුත් නැතිව මැරෙන එක තමා මට ලබන්න පුළුවන් ලොකුම සතුට...

කාලයක් තිබ්බා..මාත් ඔය නොනවතින රැල්ලේ කෑල්ලක් වෙලා හිටිය...ඇත්තටම ඒ කාලය හරි වේගවත්...සල්ලි හම්බ කලා..වියදම් කලා..තව තව සල්ලි හම්බ කලා..වාහනයක් දෙකක් එහෙම අරගෙන තව තවත් ආදායම් මාර්ග පස්සේ පිස්සු බල්ලෙක් වගේ ඉව අල්ල අල්ල ගියා...එහෙම කාලයක් මටත් තිබ්බා...ඇත්තටම ඒ කාලේ මම සාර්ථකයි භෞතික ලොකේ මිනිහෙක් හැටියට..ඒත් මම ඒ කාලේ හුගාක් මානසිකව පිරිහුණා..වාහන මිදුලේ නවත්වලා මට කවදාවත් එක රැයක් සැනසීමෙන් නිදා ගන්න හම්බ උනේ නැහැ...කිසිම දේක ඇති වීමක් තිබුනේ නැහැ...මොන විදියකවත් සැනසීමක් නැහැ...

ඒත් ඒ හැම දේම අතඇරලා ගියාට පස්සේ මම ජීවිතයේ සැනසීම කියන දේ අත්වින්දා..පලමු වතාවට...
එදා ඉදලා මට පුළුවන් උනා මගේ සැනසීම හොයාගන්න..දැන්නං මට කොහෙත්ම ඕන නැහැ ඒ සැනසීම නැති කරගන්න.

ඉස්සරහට දුවන ලෝකයේ මම අනිත් පැත්තට යන එකෙක් වෙන්න ඇති..ඒ හින්දම තමා මට හුගාක් වෙලාවට මේ ලොකේ මගේ නෙවෙයි කියලා හිතෙන්නේ..වෙලාවකට හරිම නුපුරුදු ස්වභාවයක් තියෙනවා...

කොයි වෙලෙත් විහිළුවක් කරගෙන හිටියට මං දන්නවා ඒ හැම දේටම යටින් මගේ හිතේ මහා හිස් බවක් තියෙන විත්තිය..

හ්ම්ම්ම්..මම මේ කොහේද යන්නේ...? හුටා..

මං කියන්න ගියේ එකක්..කියඋනේ වෙන එකක්.
කොහොම උනත් මෙච්චරයි වැඩේ..

අර අපේ ගුණේ අයියා දූව බලන්න යන්න කියලා දවස් 3ක නිවාඩුවක් ගන්න ලෑස්ති උනා.ඉතිං මාත් ඒකට කැමති වෙලා ගුණේ අයියත් එක්ක කතා කරලා එයාට කළින් මමත් දවස් 3ක නිවාඩුවක් ගත්තා.. ඒත් මේ අළුත් අවුරුද්දට මටත් අපේ ගෙදර අයට මොනවා හරි දෙයක් කරන්න ඕන වෙච්ච හින්දා..

ඉතිං කාලෙක ඉඳන් මට කියලා කරවගන්න හිටිය යනුතරයක වැඩක් මම බාර අරගෙන අර දවස් 3නේම ඒක කලා..කරලා ඒ වැඩේ ඉවර වෙච්ච ගමන් සල්ලි ටික අරං කිරිබත්ගොඩ තිලකවර්ධනේට ගෙහුං ගෙදර උදවියට ඇඳුම් පැලඳුම් අරගත්තා..එන ගමන්ම ඒ ටිකත් ගෙදරට දී ගෙනම ආවා..දැන් ඉතිං අවුරුද්දට ඔන්න මෙන්න තියලා කන බොන ජාති ටිකකුත් ගෙහුං අත ඇරලා ආවම හරි...

ඒ ටික ඉවර කරලා තමයි මං දැන් මේ ගුණේ අයියගේ නිවාඩුව කවර් කරන්න ගත්තේ..ඉතිං 20..21..22..තමා උන්දෑ නිවාඩු ඉල්ලුවේ..ඒ හින්දා තමයි මම අද ලෑස්ති වෙලා හිටියේ ගෙදර යන්න..අට වෙනකොට ලැප් එක එහෙම බෑග් එකේ දාගෙන බඩු මුට්ටු ටික අස්පස් කරලා ඔක්කෝම කරගෙන දත කට මැදගෙන හිටියට..ම්හූ..කෝ නැහැනේ...අට හමාරත් පැන්නා..මටම අදත් ෆැක්ට්‍රිය අරින්න උනා..නවයත් උනා..ඒත් නැහැ..පස්සේ මම කෝල් එකක් ගත්තට පස්සේ මෙන්න කියනවා..

"අනේ තාමත් ගෙදර එන්න බැරි උනා..මම හෙටම වැඩට එන්නද..?" කියලා

ඉතිං මැරෙන්නයෑ..හා හා කියලා මම හිත හදාගෙන ලෑස්ති උනා අද දවසත් අදින්න...
දැන් ඉතිං හෙට තමා ගෙදරට යන්ට වෙන්නේ...

ඔක්කෝමත් හරි බඩ ගිනියි අම්බානට..ඒ ගමන මෙහෙ කඩේ යන්ට ඉන්න අයියලා දෙන්නාගෙන් එක්කෙනෙකුට කියලා උදේට කන්නත් ගෙන්නගෙන..දවල්ට මම කෑම ගන්න තැනට කෝල් එකක් දාලා දවල් කෑමත් ලැබෙන්න සලස්සලා..දැන් මේ මොකාද එකා වගේ බලං ඉන්නවා...

ටිකක් වේලපහම කිව්වනං තව එකක්..එහෙනං මං හිත හදාගෙන ඔහේ ඉන්නවා..ඒත් ගෙදර යන්න හිත හදාගෙන හිටියම ඒක ටිකක් අමාරුයි..ඒත් ඉතිං දැන් මැරෙන්ටයෑ..

ඇදපං..ඇදපං මාරයෝ..බෙල්ල කඩාගෙන ඇදපාං.................
උඹට හොඳ වැඩේ..ඇදපාං..............

30 comments:

  1. අයියෝ පව්නෙ මාර තුමා...... දෑන් එතකොට යන්නෙ හෙටද??

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  2. හ්හ්හ්ම්, හොද වැඩේ නේන්නම්..
    :D
    මේ බ්ලොග් එකේ දැන් පොප් අප් මැසේජස් එනවා. කලින් නම් තිබ්බේ නෑ, මේ ලඟකදි ඉඳන් මං හිතන්නේ. පොඩ්ඩක් බැලුවනම් හොඳයි නේද?

    ReplyDelete
  3. පව් අප්පා අපේ මාරයියා... මක් කොලන්නද ඉතින් රාජකාරිය කරන්නත් එපැයැ..

    ReplyDelete
  4. හැබැයි මාරෙලාට ගෙවන ගානට වඩා ලොකු ගාණක් කොම්පැණියෙන් ආරක්ශක ආයතනයට ගෙවනවා නේද... නිකන්ම ඉඳලා උනුයි වදේ හොඳම හරිය කන්නේ...:D

    ReplyDelete
  5. මාරයියටත් මාර වැඩම තමා වෙන්නේ .....

    ReplyDelete
  6. මේකට හරියන්න සතියක් විතර නිවාඩු ගන්න

    ReplyDelete
  7. මේ කතාවෙ මම කැමතිම කොටස ....

    "කාලයක් තිබ්බා..මාත් ඔය නොනවතින රැල්ලේ කෑල්ලක් වෙලා හිටිය...ඇත්තටම ඒ කාලය හරි වේගවත්...සල්ලි හම්බ කලා..වියදම් කලා..තව තව සල්ලි හම්බ කලා..වාහනයක් දෙකක් එහෙම අරගෙන තව තවත් ආදායම් මාර්ග පස්සේ පිස්සු බල්ලෙක් වගේ ඉව අල්ල අල්ල ගියා...එහෙම කාලයක් මටත් තිබ්බා...ඇත්තටම ඒ කාලේ මම සාර්ථකයි භෞතික ලොකේ මිනිහෙක් හැටියට..ඒත් මම ඒ කාලේ හුගාක් මානසිකව පිරිහුණා..වාහන මිදුලේ නවත්වලා මට කවදාවත් එක රැයක් සැනසීමෙන් නිදා ගන්න හම්බ උනේ නැහැ...කිසිම දේක ඇති වීමක් තිබුනේ නැහැ...මොන විදියකවත් සැනසීමක් නැහැ...


    ඒත් ඒ හැම දේම අතඇරලා ගියාට පස්සේ මම ජීවිතයේ සැනසීම කියන දේ අත්වින්දා..පලමු වතාවට..."



    ** අර හිපාටුවා කිව්වෙ මොකාටද ..?

    ReplyDelete
  8. සල්ලි හම්බ කලා..වියදම් කලා..තව තව සල්ලි හම්බ කලා..
    ඒත් අන්තිමට තමන්ට කරගත්ත දෙයක් ඇත්තෙත් නෑ..
    ඒකෙං මිදෙන එකනං ලොකු දෙයක්...

    ReplyDelete
  9. "මැරෙන දවසට ලෝකෙට ණය නොවී...වගේම..
    ඉතිරි කරපු දෙයකුත් නැතිව මැරෙන එක තමා මට ලබන්න පුළුවන් ලොකුම සතුට..."
    අනිවාර්යෙන්ම මාරයා අයියා,කතාව හරියටම හරි.ජීවත් වෙන්න ගානට සල්ලි තිබුනාම හොදටම ඇති.නෑත්තන් ජීවිතේ අපි විදපු දෙයක් නෑති වෙනවා.හෑමදාම සල්ලි පස්සේ දුවලා හෙම්බත්වුනාම තමා ඔක තෙරේන්නේ.මටත් පුද්ගලිකව ඔය අද්දෑකීම හොදට තියන්වා,

    ReplyDelete
  10. මෙහෙම හිතන අයනම් බොහොම අඩුයි.. දැන ගැනීමට ලැබීමත් සතුටක්.. හැබැයි කේන්දර බලන වැඩේටනම් මම කැමති නෑ...

    ReplyDelete
  11. මාරයියේ..ඉක්මනට කසාදයක් බැදලා කොලුපොඩ්ඩෙක් හදාපං..එතකොට බැරියැ ඔන්නම් ඒකාව ඉන්දලා තියන්න තිනියටවත් :D :D

    ReplyDelete
  12. ඉස්සරහට දුවන ලෝකයේ මම අනිත් පැත්තට යන එකෙක් වෙන්න ඇති..ඒ හින්දම තමා මට හුගාක් වෙලාවට මේ ලොකේ මගේ නෙවෙයි කියලා හිතෙන්නේ..වෙලාවකට හරිම නුපුරුදු ස්වභාවයක් තියෙනවා...
    කොයි වෙලෙත් විහිළුවක් කරගෙන හිටියට මං දන්නවා ඒ හැම දේටම යටින් මගේ හිතේ මහා හිස් බවක් තියෙන විත්තිය..
    මේ විදියටම මටත් ගොඩක් වෙලාවට හිතිල තියෙනවා..මාරේ..ඒ අපි ලෝකය ගැන කලකිරිලද?ලෝකය ගැන අවබෝද වෙලාද?නැත්නම් අපි අතරම0 වෙලාද?

    ReplyDelete
  13. තමුන් ගැන ම හිතන එකා ආත්මාර්ථකාමියා.
    අනුන් ගැන ම හිතන එකා පරාර්ථකාමියා.
    අනුන් ගැන හිතූ තමුන් ගැන හිතන්නේ නැති අනිකාට කියන නම අවුරුදු බර ගානක් තිස්සේ හොයමින් ඉන්නේ, මොනවා කරන්න ද මලේ.

    "...කවුරු කොහොම හිතුවත් මට මේ විදිය හරි සැනසීමයි...මැරෙන දවසට ලෝකෙට ණය නොවී... වගේම... ඉතිරි කරපු දෙයකුත් නැතිව මැරෙන එක තමා මට ලබන්න පුළුවන් ලොකුම සතුට..."

    නුඹ ඔය ලියල තියෙන තියරියේ ම එල්ලිලා හිටියා මාත්, දැන් එකත් බරක්.

    ReplyDelete
  14. රාජකාරි වල හැටි ඔහොම තමයි නේ බO......මක් කොරන්නද අදිනව මිසක්.....

    ReplyDelete
  15. ඔහොම හිතුවත් බරක්, නොහිතුවත් බරක්. වගකීම්, බැඳීමි වලින් මිදෙන්න ලේසි නෑ මාරයියෙ. හම්මෝ මට මහන්සියි දැං !

    ReplyDelete
  16. මේ දිවිල්ල කාටත් එකයි නේ,,,

    ReplyDelete
  17. @අළුත් කොල්ලා...

    ඔව් කොල්ලා...

    @Ansh Lucky Sri Jay...

    ඇහ්..මට කෙලඋනාම බොට හොඳ වැාඩ්..යසයි..
    දැන් බලහං නංගියේ..එල්ලලා තිබ්බ ඔක්කෝම ලට්ට ලොට්ට ටික ගැලෙව්වා..

    @හසී...

    හුම් හුම් නගේ...

    @චමිදේවා...

    ඔව් ඒක අතැත..ඒත් එහෙම නැතිවත් බැහැනේ...

    @ශාමින්ද...

    වෙන තරමක් වෙන්නේම...

    ReplyDelete
  18. @පිණිබිඳු...

    හපොයි..හොඳට හිටී...

    @kumaraya...

    හිපාටුවා කිවේ මේ මං වගේ එකෙකුට තමා..

    @Praසන්ன...

    හ්ම්ම්ම්...

    @අසoක...

    අන්න හරි..අත්දැකීම් කීපයක් එකතුවක් ඕන ඔතනදී..නැනිව ඉඳලා..හොයා..ආයෙමත් බිංදුවටම වැටිලා..ඔය හැම දේම වෙන්ට ඕන..

    @සුදර්ශන බංඩාර හේරත්...

    හඳුනා ගන්ට ලැබීම සතුටක්..එක එක්කෙනාගේ කැමැත්ත විවිධාකාරයි නෙව..ඉතිං ඔබත් තවත් ඒ අතරින් එක් අයෙක් පමණයි

    ReplyDelete
  19. @Bunny...

    හනේ බොල...

    @කුරුම්නියා...

    තාමත් අතරමං නේද..?

    @ගල්මල්-Coral...

    ඩීන් අයියා හරි..ඒක බණ පොතෙත් තියෙනවා.. දෘෂ්ටීන් අල්ලා ගැනීමත් හරියන දෙයක්ය නෙවේ කියන දේ..

    @Heeniyata...

    ආයෙත් අහලා...

    @nawammawatha...

    ඒත් අතාරින්ට හිතන්නවත් එපා..ඇදපාං..ඇදපාං...

    @ItalyDilan...

    දිවිල්ල කාටත් එක උනාට..ඒක් විඳිල්ල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා...

    ReplyDelete
  20. හැබෑට මොකාද හිපාටුවා..උන් ඉන්නෙ වෙලවල් ළඟද? ( සුදු කොඩි )

    ReplyDelete
  21. "යන්න හිත හදාගත්තම ඉන්න හරි අමාරුයි "
    රස්සාව සම්බන්ධයෙන් මටත් දැං වේගෙන එන්නෙ මේ වගේ දෙයක් තමයි....

    ReplyDelete
  22. රජයේ රැකියා කරන අයට වගේ උඹලට අපිට කොයින්ද බං නිදහසක් ?

    මාරේ අයියේ උඹට වෙච්චදේම මටත් අද සිද්ද උනා අද මගෙත් නිවාඩු දවස. බොසා කතා කරලා වරුවකට ඇවිත් යන්න කිවුවා . අන්තිමට බොසා යාප්පුවෙන් වරුව පැය 8ක් කරා . සතියට තියන එකම නිවාඩුවත් නැති උනා . ..

    ReplyDelete
  23. එක එකාගෙ ජීවිත එක එක විදියයි නේද? කෙනෙක් ජීවිතේ බලාපොරොත්තු වෙන දේ නෙමෙයි වෙන කෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ. මාරයගෙ කතාව හරියටම හරි, සල්ලි කොච්චර තිබුනත් වැඩක් නෑ හිතේ සතුටක් නැත්තන්. මිනිහෙක්ට තමන්ගෙ ගෑනිත් එක්ක, දරුවොත් එක්ක ඉන්න වෙලවක් නැත්තන් මොකටද කොච්චර හම්බ කලත්. ඒ මිනිස්සුන්ට කවද හරි දවසක පසුතැවිල්ල විතරයි ඉතුරු වෙන්නෙ.

    ReplyDelete
  24. සල්ලි පස්සේ දුවන එකෙන් හිතේ සතුටයි සැනසීමයි ඔක්කොම නැතිවෙනවා

    ReplyDelete
  25. අයියෝ... මාර කට්ට.. මොනව කරන්නද ඉතින්... ඔයා කියලා තියෙන කතාවනම් ඇත්ත. සල්ලි පස්සේ දුවන එකෙන් සැනසීමනම් නැති වෙනවා තමයි...

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. ඔයාගෙ කතාව ඇත්ත තමයි මාරයෝ.සල්ලි පස්සෙ දුවන කොට හිතේ සතුට විවේකය විතරක් නෙවෙයි මනුස්ස කමත් නැතිවෙන වෙලාවල් තියෙනවා.

    ReplyDelete
  28. මමත් සල්ලි පස්සෙ නම් එලවන්නෙ නැ බං. හම්බ කරා වියදම් කරා එච්චරයි. ඒත් උඹ කිවුවවගේ මහ ලොකු හිස් ගතියක් නම් තියෙනව තමා

    ReplyDelete
  29. දුකේ බැරුවා ඒ කියලා අඩන්න ඇයි හලේ... පව් මාරයියා... හිත හොද එකාට ඔහොම වෙනවා අලේ ගනන් ගන්න එෆා....

    ReplyDelete
  30. ඒත් ඒ හැම දේම අතඇරලා ගියාට පස්සේ මම ජීවිතයේ සැනසීම කියන දේ අත්වින්දා..පලමු වතාවට...
    එදා ඉදලා මට පුළුවන් උනා මගේ සැනසීම හොයාගන්න..දැන්නං මට කොහෙත්ම ඕන නැහැ ඒ සැනසීම නැති කරගන්න. maxxxxa

    ReplyDelete