27 March 2011

කිමද මේ අරුමේ..?

අද ලියන්න නෙවෙයි හිතාගෙන හිටියේ..ඒත් දැන් හදිසියේම මම දැක්කේ බ්ලොග් එකට අද දවසේ ආව ගිය පිරිස එක වරම අසාමාන්‍ය ලෙස ඉහළ ගිහිල්ලා..
ඒ කියන්නේ උදේ දැන් බලන කොට 640ක් වෙලා..අද දවසට...

සාමාන්‍යයෙන් ලිපියක් දාපු දවසකටනං ඒ හැටි අවුලක් නැහැ..කොහොමත් දවසකට අටසීය පන්නලා පිරිසක් එනවා. ඒත් ලිපියක් නොදාන දවසට ඔක 400 ට විතර බහිනවා..ඊ ළග දවසෙත් ලිපියක් නැති උනත් 300ක් විතර එනවා..කොහොමත් ලිපියක් නැතිව දවස් 3ක් 4ක් ගියත් අඩුම ගානේ දවසකට 200ක් විතර කොහොමත් නිකමට හරි ගොඩ වෙලා යනවා..මේ කියන්නේ මම යන එන ඒවා නැතිව...මේ බ්ලොගර්ලාගේම Stats කවුන්ටරයට අනුව තමා...

ඒත් අදවත් ඊයේවත් මෙලෝ දෙයක් නැති මෙන්න එක පාරට 640ත් පන්නගෙන යනවා..ඒකට හේතුව කුමක්ද කියලා මම මේ කල්පනා කරන්නේ..කවුරු හරි දන්න කෙනෙක් මාව දැනුවත් කරනවනං බොහෝම පින්.


14 comments:

  1. අයිය යන බව දැනගෙන වෙන්ට ඇති..

    ReplyDelete
  2. මගේ පුන්චි කුප්ප වැඩක්,,මම අසභ්‍ය ප්‍රචාරයක් යැව්වා අර සුලැගිල්ලා වගේ///

    ReplyDelete
  3. ඇ රත්ගමයෝ සුලැඟිල්ල කරපු වැඩ පුංචි කුප්ප වැඩක්ද? අම්මලට කිව්වා නම් අද සුලගිල්ලට වෙච්ච දෙයක් හොයාගන්න බැරි වෙනවා.

    ReplyDelete
  4. රතා ඒවා කුප්ප වැඩ නෙමෙයි බොල ඒවා @$#^#^%# වැඩ. අවුරුදු උත්සවේ දවසෙදි අදාල වචනෙ බොට කියන්නම්.

    කට්ටියට අද ගෙදර ඉන්න දවසේ පොඩ්ඩක් මේ පැත්තට ගොඩවෙන්න හිතෙන්න ඇති. ඇයි නැත්තම් චිලි පේස්ට් හදන්න ඇති

    ReplyDelete
  5. මමත් හිතන්නේ අද මාරසරනියට ගොඩවෙලා කෑම හදන්න උතසහ කිරීම් තමා

    ReplyDelete
  6. ඕකට හේතුව කියන්න නම් මමත් දන්නෙ නෑ ඕ0...ඒත් අද දවසට මම මේ 4 වෙනි වතාවට තමයි මේ මාර හෝරාවට ගොඩ උනේ ඈ... ඒත් අඵත් මොනවත් ලියලත් නෑ..

    ReplyDelete
  7. අද ග්‍රහචාරය අනුව සිකුරයි, සෙනසුරයි, කේතුයි එක රාශියේ. මේක හැඳින්වෙන්නේ මාර-රාජ යෝගය කියන නමින්.

    ධනු ලග්න කාරයින් ට හොඳ මදි!

    ReplyDelete
  8. "කමින් ත්‍රේඩ් ඉස් නොට් ගුඩ්,කෙල්ල ගෙට ගං"
    මාරයගෙ සයිඩ් ජොබ් එකට කෙල වෙන්න වගෙ, ක.ශු. දැන හෝ නොදැන සබ්ජෙක්ට් එකට බැහැ ගෙන එන්නෙ.

    ReplyDelete
  9. කතා දෙකක් නෑ හේතුව මාරසරණිය..

    ReplyDelete
  10. මාරයා දැකීමට ඇති ආසාව පේනව නේද?

    ReplyDelete
  11. මාත් 10-12 පාරක් අවා අලුත් මොනවත් දාලද බලන්න..හි..හි..හි.

    ReplyDelete
  12. අනිවාර්යයෙන්ම චිලී පේස්ට් හදන්න පටන් අරන් අමතක වෙලා දෙතුන් පාරක්ම එක්කෙනෙක් ආපහු බලන්ඩ ඈති. ඔය වගේ සෑහෙන පාරක් වෙන්ට ඈති.......

    ReplyDelete
  13. අලුත් එව්ව මොනවවත් දමලද කියල බලන්න හැමෝම එනව ඇති .. මං වගේ.. මොනවවත් දමල නැති උනහම මාරයගෙ මාරයව මතක් කර කර යනව ඇති.. මේක ස්වාභාවික සංසිද්ධියක්නෙ..

    ReplyDelete
  14. ස්තූතියි ප්‍රතිචාර දැක්වූ හැම දෙනාටම..
    මාත් හිතන්නේ මාර සරණියේ බලපෑමක් වගේ තමා..මොකද කිහිපදෙනෙක්ම නිවාඩු දවස්වල චිලී පේස්ට් එක හදන්න අරගෙන තියෙන වගට ආරංචියි.

    ReplyDelete