28 March 2011

නැවතත් පෙරසේම...

හීනයක් එක හීනයක්..
දුටුවෙමිය මම කාලයක්..
ගීතයක් කවි පදවැලක්..
ලෙසින් දුන් නව තාලයක්..

ගලායන දිවි මං තලේ..
සිහින් හඬකින් මුමුණනා..
ඔබේ සිහිලැල් මියුරු වදනින්..
මගේ හදවත සැනසුනා..

ගී හඩත් වියැකී..තාලයත් වැරදී..
කවි පදත් ගිලිහී..සිහිනයත් නිමවී...

26 comments:

  1. ඒ මාරයියේ...මොකෝ මේ ටිකේ වෙලා තියෙන්නේ...කෙලි පොඩ්ඩක් ද?
    නම කියන්න...අපි උස්සමු

    ReplyDelete
  2. සුදු වෑන් නං නෑ... කළු කාර් එකක් නං තියෙනවා. එවන්නද...? හැබැයි රත්ගමයටනං උස්සන්න දෙන්න එපා. ඌත් එක්කම බිමට වැටෙයි....

    ReplyDelete
  3. උස්සනවනං අපි දෙන්නං සුදු වෑන්..

    ReplyDelete
  4. පහුගිය ටිකේම කිව්වෙ " අක්කේ මේ මම මල් කඩන ගමන්" කියලා... මේ එයා වෙන්න ඇති නේද?

    ReplyDelete
  5. ජීවිතේ සතුට කියන දේට වෙන කෙනෙක් තිරනාත්මක සාදකය කරගන්න එපා මාරයා අයියා.වසර 5ක ආදර අත්දෑකීම් හා දෑවෑන්ත බුට් අත්දෑකිම් උඩ කියන්නේ.කිසිම සම්බන්දතවයක් සදාකලික නෑ.ආදරයකින් එක් වු දෙදේනෙක් අනිවාර්යෙන් කවදාහෝ වෙන්විය යුතුමයි,ඒ වෙන් වෙන ආකාරය අනුව අපි ඒවාට එක් එක නම් කියන්වා.ඈත්තට මාරයා අයියා ඔය ගෙවන සරල ජීවිතේ හරිම සෑහෑල්ලුයි.මම ඒ ගෑන දන්නේ මමත් දෑන් ඔයිට ටිකක් සමාන ජීවිතයක් ගෙවන්නේ.මමත් ඉස්සර ආදරය,සල්ලි පස්සේ නොනවතින ගමනක් දිව්වා එත් මම දෑන් නෑවතිලා දුවන ලොකේ දිහා බලන් ඉන්නවා.....

    ReplyDelete
  6. හ්ම්ම්........ (think.....)

    මටත් මේ වගේ උන කාලයක් තිබ්බ..

    ReplyDelete
  7. මලා... ඒ පාර මක්කෙයි කොරගත්තේ...?
    (පරණ තැටියමද)

    ReplyDelete
  8. මොකෝ ඇඳේ මකුණොද මාරයියෙ හැමදාම හොඳම හරියෙදි ඇහැරෙන්නෙ ?

    ReplyDelete
  9. සිහිනයක් තරමට සැබැවක්...
    නිමාවක් නොසිතන මුත්..
    එක්තරා අවසානයක්..
    දුකක් මැද සුසුමක්...
    උසුලන මුත්..
    වේදනාවත් එක්තරා සතුටක්..

    ReplyDelete
  10. ගී හඩ වියැකුනත්..
    තාලය වැරදුනත්..
    කවි පද ගිලිහුනත්..
    ඒවා පහුගිය පුවත්..

    ගලායන දිවි මං තලේ..
    කොතෙකුත් ඇත හමුවෙනා..
    සොයා ගමු තවත් ගීතයක්..
    සිහින් හඬකින් මුමුණනා..

    ReplyDelete
  11. මාරයෝ ඇත්තටම ලග්නය මොකක්ද?...මට හිතෙන විදියට මගේ ලග්නයම තමයි වගේ...මේ ටිකේම මම බොහෝම පරිස්සමින් තමයි ගෑනු පරාන ආස්සරේ කොරන්නෙ ඔ0...බේරෙන්නම බෑ...මට මතක් වෙන්නෙ මගෙ යාඵවෙක් නිතරම කියන දෙයක්..අපි කෙල්ලො පස්සෙන් යනකොට කෙල්ලො දුවන වලු..ඈ...කෙල්ලො අපි පස්සෙන් එන කොට අපි දුවන වලු..ඇත්තටම මේකෙත් ඇත්තක් තියෙනවා වගේ නේද?

    ReplyDelete
  12. කාලෙකින් මේ පැත්තේ ගොඩ වැදුණේ. මගේ හිතේ මිමිණෙන සිංදුවක් තමා මේ

    "නිල් කඳු මිටියාවත පමණයි
    මගේ දෑසේ රැඳිලා ඇත්තේ
    ඈතට ඈතට ගිය සිත
    කොයිබද නෑ මා දන්නේ"

    ReplyDelete
  13. මාරේ අයියට කෙල්ලෙක් වැටෙනවා කියන්නේ එදාට බ්ලොග් අවකාසෙ භූමිකම්පාවක් ආවා වගේ කම්පනය වේවි . අවුරුදු උස්සවේට එන්න බැරි උනත් කෙලෙක්ව උස්සන්න නම් මමත් ඕන වෙලාවක රෙඩි . කෙල්ල බැඳලා නෑ කියලා සුවර් නේ ?

    ReplyDelete
  14. රත්ගමයා...

    එකක් නෙවේ බං දහයක් විතර..උඹ එනවද සපෝට් එකට..එහෙනං ලොරියකුත් අරං වරෙං හොඳ කොල්ලා වගේ..

    ReplyDelete
  15. Jeew...

    කමක් නැහැ වෙලාවේ හැටියට ඒකවත් එවහං..බය වෙන්න එපා රත්ගමයට අල්ලන්නවත් දෙන්නේ නැහැ...ඔහොම හිටියට ඔය කොළුවා හෙන සෝමාරියා..නිකමටවත් කලන්තේ දාලා වැටුනොත් ඕවා තල්ලු කරන්න ගෙහුං

    ReplyDelete
  16. Praසන්ன...

    ඒ කිව්වේ වෑන් එකද උස්සන්න තියෙන්නේ?

    ReplyDelete
  17. හරී - පිණිපළස...

    බුදු අක්කේ..මාව කන්න එපා...

    ReplyDelete
  18. අසoක...

    ඔව් බං..ඒක එහෙමම තමා වෙන්නේ..ඒත් මං මගේ හිතට ඒ අස්සේ ඇවිල්ලා ඉපදෙලා මායැදිලා යන සිතුවිලිත් අකුරු කරනවා..ඒ කියන්නේ මම ඒක අල්ලගෙන ඉන්නවා නෙවෙයි..ඒත් ඒ සිතිවිල්ලටත් මම ටිකක් ජීවමාන වෙන්න දෙනවා

    ReplyDelete
  19. අළුත් කොල්ලා...

    ඒ කියන්නේ දැන් නැහැ..එහෙමද?

    ReplyDelete
  20. prasanna86k...

    තැටි එනවා යනවා මල්ලි..ඒත් ධාවකය පරණ එකමනේ...

    ReplyDelete
  21. nawammawatha...

    වැඩක් නැහැ කියලා..
    පූරුවේ කරුම..පූරුවේ කරුම...

    ReplyDelete
  22. නිම්ශා...

    අන්තිම පදේනං හරියටම හරි

    ReplyDelete
  23. පූසා...

    පූසත් ඔය එන්නේ කවි කියාගෙන ඈ...

    ReplyDelete
  24. කුරුම්නියා...

    ලග්නයද..?
    අපි අජ ලග්නයේ වම්හ...

    ReplyDelete
  25. Hasitha...

    මොනවා නැතත් මලයාව කාලෙකින් දැක්ක එකත් මදෑ...

    ReplyDelete
  26. හිස් අහස...

    උඹ දන්නවනේ මගේ ඔය අනන් මනන් නැහැ කියලා..
    බැඳලනම් ලෙහලා හරි ගේනවා..අපි එහෙමයි...

    ReplyDelete