29 March 2011

සීමාවට පිටතින් සිට...

අද ටිකක් වෙනස් දවසක්..ඒ කියන්නේ වෙනදනං මම මේ වෙලාවට එක්කෝ වැඩට යන්න හදනවා..එහෙමත් නැත්තං වැඩ කරන තැන ඉඳලා ගෙදර එන්න ලෑස්ති වෙනවා..

ඒත් අදනං ඒ දෙකම නෙවෙයි.මම ඊයෙත් ගෙදර හිටියේ..අදත් ගෙදර ඉන්නවා.ඒකට හේතුව ඉතිං මම කලින් වැඩි පුර ඩියුටියක් ඇදලා තිබ්බ හින්දා ඒකට හිලව් වෙන්න මට දවසක නිවාඩුවක් ගන්න පුළුවන්කම තිබීම හින්දයි..

ඉතිං අද මම ගෙදර...
ඇත්තටම මෙහෙම නිවාඩු දවස්වල මට ටිකක් නුහුරුම වෙලාව තමා මේ..ඒ නියන්නේ මේ වැඩට යන හෝ ආපහු එන්න නියමිත වෙලාව ගෙදර ඉන්නකොට ඒක මට දැන් මහ නොසන්සුන් කාලයක් වගේ දැනෙන්නේ...දැන් එහෙම උනාට ඉස්සරනං මම කැමතිම වෙලාව තමා මේ..දවසේ හොඳම වෙලාව..

මුළු රැයක් පුරාවට නිසලව තිබිලා පින්නට තෙමිලා..කලින් දවස පුරාම ගිනියම් වෙලා තිබුණු ලෝකය හොඳටම නිවිලා තියෙන වෙලාව..ආයෙමත් ලෝකය ගිනියම් වේගන එන්න පටන් ගන්න හදන වෙලාව..හැම මිනිහෙක්ම..හැම සතෙක්ම තම තමන්ගේ දවස ආරම්භ කරන්න හදන වෙලාව...

ඔය වෙලාවට අවට සිද්ධ වෙන දේවල් බලාගෙන ඉන්න එක හිතට අමුතුම හැගීම් ඇතිකරවන දෙයක්.ඒත් අද ඒ දිහා බලාගෙන ඉන්න..මොහොතක් හරි නිසංසලේ ඒ දේවල් විඳගන්න කාටද වෙලාවක් තියෙන්නේ..වෙලාවක් තියෙන මිනිස්සු උනත් එහෙම විඳින්න දන්නවා අඩුද මංදා..

කොහොම උනත් කමක් නැහැ..දැන් ඉතිං දවස පටන් ගන්න එපැයි..අද ටිකක් දවල් වෙනකල් නිදා ගන්නවා කියලා හිකලා ඊයේ රෑ නිදාගත්තෙත් පරක්කු වෙලා..රෑ කිව්වට පාන්දර තුනට වගේ තමා නිදාගත්තේ..
පහු ගිය දවස්වල මට අමතක උන දේවල් අතැරුන දේවල් ආයෙමත් ටිකක් මතක කරගන්න හිතලා ඊයේ දවසම පොත්පත් අතරේ කාලය ගත කලා...දවල් දවසම ලැප් එකට.. නෙට් එකට ..ෆෝන් එකට..අතවත් තිබ්බේ නැහැ..හැම දේම ටිකක් ඈතින් තිබ්බා.

කොහොමටත් මම පෙරේදා රාත්‍රියේ හිතුවා මේ ජංජාල ආගමනය ටිකක් අඩු කරන්න ඕන කියලා...ටිකක් අමාරුයි වගේ කියලා හිතුවට ඒක ඒ හැටිම අමාරුවක්ඇති වැඩක් නෙවෙයි කියලා ඊයෙයි පෙරේදයි දවස් දෙක ඇතුලත මට තේරුණා.

කොහොමටත් ඕන කමක් තියෙනවනං මට කරන්න බැරි දෙයක් නැති වග මම බොහෝම ඉස්සර ඉඳලම දන්නවා...හැබැයි ඒ ඕනකම මට ඇති වෙන්නේ නැති එක තමයි පරහා...හැම දේටම එක වෙලාවක් එනවා..ඒ වෙලාව එනකල් මම කල් මරන්න පුරුදු වෙලා..පිටතින් කවුරු කොහොම කිව්වත් මම ඒවා අහනවා අඩුයි.ඒත් මටම මං දෙයක් කියාගත්තොත් ඒක කරන්න මහ අමාරුවක් නැහැ..

අනේ මංදා මුරණ්ඩුකම කියන්නේ හොඳ දෙයක් නොවුනත් මම හැමදාමත් මුරණ්ඩු මිනිහෙක්.ඒක පොඩිකාලේ ඉඳලම එහෙමයි..කවුරු හරි එපා කිව්වොත් ඒක කරන්න මම දෙපාරක් හිතන්නේ නැහැ.
මගේ ඔය ගතිය තේරුම් ගත්ත එකම කෙනයි හිටියේ..එයා ඒ හින්දා කවදාවත් මට දෙයක් එපා කියන්න ගියේ නැහැ.අදටත් මං ඒ කෙනාට මේ තරම් හිතින් බැඳිලා ඉන්න ඒක හේතුවක් වෙන්න ඇති.

කොහොම උනත් දැන් මගේ අමාරු කාලෙදී..ඒ කිව්වේ පහුගිය වසර දෙක තුන තමා..ඒ කාලය තුල මා ළග ඉඳිමින් මාව ආරක්ෂා කල යාළුවෝ දෙන්නම මගෙන් ගිලිහෙන ස්වභාවයක් තමා මට පේන්න තියෙන්නේ...

පලවෙනි කෙනා අරක්කු..ඕක කවුරු නවත්තන්න කිව්වත් නවත්තන්න් මට හිතුනේ නැහැ.ඒත් මොනම හේතුවකට හරි මට මේ අවුරුද්ද මුලදී නවත්තන්න හිතුනා..මුල දී අතරින් පතර ටිකක් ගත්තත්..අද වෙනකොට මං හිතන්නේ මම ඒක නවත්තලා කියලා තමයි...ජිවිතේ හැටි කියන්න බැහැ..ඒ හින්දා සමහර වෙලාවට තව ටික කාලයක් මම ජීවත් උනොත් ආයෙම මම බොන්න උනත් ඉඩ නැතිවා නෙවෙයි..ඒත් මෑතකදීනම් ආයෙමත් මම බොන්න හිතන එකක් නැහැ.ඒත් බියර් එකකට ඉඳලා හිටලා යොමු වෙන්න හිතුනොත් ඒක කරනවා..ඒ උනත් සමහර වෙලාවට ඒකත් කෙරෙන්නේ නැති වෙයි..

දෙවෙනි යාළුවා තමයි මේ ජංජාලගත වීම...
ඇත්තටම මට මගේ හිත නිදහස් කරගන්න මේ ජංජාලේ පුදුම විදියට පිහිට උනා.
ඒකත් මේ බ්ලොග් එක හරහා..මුලදී මුලදී තනියම දොඩවනවා වගේ කියලා හිතුනත් ටික කාලයක් යනකොට මාව කියවන පිරිසක් එකතු උනා.

වරින් වර එකතු වෙලා වෙන් වෙලා ගිය අය වගේම..මුල දවස්වල ඉඳලා අද වෙනකල්ම මාත් එක්ක ඉන්න පිරිසක් ඉන්නවා..ඒ වගේම අතර මගදී එකතු වෙලා..අදටත් නොනැවතීම මාත් එක්ක එන කට්ටියක් ඉන්නවා..
සමහරු නිහඩව කියවනවා..සමහරු හැමදාමත් වචනයක් හරි ලියලත් යනවා..

ඒ ලියලා යන වචනය දෙක හරහා ඇති උන බැදීම් හුගාක් තියෙනවා අද වෙනකොට...සමහරු සුදුද කළුද කියලවත් මම දන්නේ නැහැ. ඒත් අපි කතාබස් කරනවා මේ ජංජාලේ හරහාම..මුලදී මුලදී බ්ලොග් එකට විතරක් සීමා වෙලා තිබුනත්..පස්සේ ඒක මූණු පොත දක්වාම වර්ධනය උනා..එතනදී හුගාක් අය මාව දැක ගත්තා වගේම..මාත් හුගාක් අයව දැක බලාගත්තා...

තුන් වෙනුව මෑතකදී සිට ගූගල් බස් හරහාත් හුගාක් වෙලාවක් විකාර දොඩව දොඩව ඉන්න මට්ටමට ඒ දැන හදුනා ගැනීම් දිවගියා...ඇත්තටම මට මගේ සේවා ස්ථානයේ මාරු වීමත් සමගම ලැබුනු කියන්න බැරි තරම් නිදහස යොමු කරන්න හොඳම තැනක් උනේ බස් එක කිව්වොත් ඒක හරි...

ඒත් අන්තිමට මට තේරුන දෙයක් තමයි එතනට මම ඇබ්බැහි වෙනවා වැඩියි වගේ කියන එක...
අඩුම ගානේ බ්ලොග් එක ලියන්නේත් බොහෝම අඩුවෙන් වගේම කොමෙන්ටුවලට පිළිතුරු ලිවීමත් මගෙන් වෙනවා අඩු උනා..ජාලගත වෙලා..ටැබ් දෙකක් හරහා බස් එකටත් මූණු පොතටත් දවසම හිර වෙලා ඉන්නවා ඇර වෙන කෙරෙන දෙයක් නැති ගානයි.

මේක හරියන දෙයක් නෙවෙයි වගේ කියලා මට හිතුන හින්දා මම තීරණය කලා ඔය හැම දේම ටිකක් අතඇරලා දාන්න.
ඒ කියන්නේ ආයෙමත් කටුව අස්සට රිංගන්න ඕන...එළියට ආවා වැඩියි.

අවසාන වශයෙන් තුන් වැනිදා තියෙන අවුරුදු උත්සවයට මම එන්න තිබුනු ඉඩකඩ බොහෝම අඩුවෙන් තිබුනේ..ඒත් දැන්නම් ඒකට එන්න තියෙන සම්භාවිතාව ටිකක් ඉහළ ගිහින් තියෙන්නේ..ඒත් ඒ පැමිණිමෙන් පස්සේ ආයෙමත් එවැනි වැඩවලටවත් නෑවිත් ඉන්න තමයි මගේ කල්පනාව...

ඒ හින්දා අවසන් වතාවට මම ඇවිත් යන්න ඉඩකඩ තියෙනවා...
එයින් පස්සේ ටිකක් නිහඩව කාලේ ගෙවන්න ඕන...

27 comments:

  1. හ්හ්හ්ම්ම්.. මම නම් ජාලේ අතෑරලා ටිකක් කල් දැන්. වැඩිය නෑ බස් වල තියා කොහෙවත්. නිකන් නාස්ති කර ගන්න කාලයක් අපි කාටවත් නෑනේ.
    :)

    [ආහ්.., වුවමනා කෙනාටත් ඔය පණිවිඩේ දීලා තියෙන්නෙ මේ පෝස්ට් එකෙන්ම 'අවුරුදු උත්සවයට මං යනවා ඔයත් එන්නකෝ' කියලා] :D

    ReplyDelete
  2. අන්සුවෝ..තෝ නං මට අහු වෙන්න එපා..අවංකවමයි කියන්නේ..අහු වෙන්නං එපා..ඒ තමා උඹ මාරයා දකින වෙලාව..ඕං කිව්වා..

    ReplyDelete
  3. කොච්චර බස් පලුවෙක් උනත් අන්තිමට මාරයා බස් එකකට අහුවුනා එහෙනං.

    (ඒත් මං බැලුව මේ කොමෙන්ට් වලට උත්තර දෙන්නෙ නැත්තෙ ඇයි කියලත්.)

    ReplyDelete
  4. කෝක වෙතත් පළවෙනි යාළුව අත් අරින්න හිතපු එක හොඳයි..

    ReplyDelete
  5. ජාල ගත වීම කියන්නෙ නම් සමහර වෙලාවට අබිං කෑවට හපන්

    ReplyDelete
  6. හුදෙකලාව තුළ තියෙන සුන්දරත්වය විදිමත් අපූරුයි. මතට දැනට හෝ තිත තිබීම ගැන සතුටුයි.කොහොම උනත් යාළු ඔයාට සැහැල්ලුවෙන් සතුටින්
    ජීවිතය විදින්න ලැබෙවා කියලා මම පතනවා .

    ReplyDelete
  7. [කොහොමටත් ඕන කමක් තියෙනවනං මට කරන්න බැරි දෙයක් නැති වග මම බොහෝම ඉස්සර ඉඳලම දන්නවා...හැබැයි ඒ ඕනකම මට ඇති වෙන්නේ නැති එක තමයි පරහා]

    මං මේ බැලුවේ කව්ද මේ මං ගැන කියන්නේ කියලා...මම තනිවෙලා නැහැ එහෙනං...

    ReplyDelete
  8. දන්න විදිහට මනුස්සයෙක් ඔය යාලුවො දෙන්නව අයින් කරන්නෙ හෝ දුරස් කරන්නෙ අලුත් යාලුවෙක් හම්බු උනහම..

    මාර තුමාගෙ කේන්දරේ සිකුරු උච්චද??

    ReplyDelete
  9. මමත් ඒක තමා බැලුවේ...මම කොමෙට්න් එකක් දාලා ඇවිල්ලා ආයේ බලනවා රිෆ්ලයි දාලද කියලා..පහුගිය ටිකේ එක රිෆ්ලයි එකක් වත් නෑ..මම ඔය ඔක්කොටම වඩා ආදරේ කරන්නේ බ්ලොග් එකට...අනිත් ඒවා ඊට පස්සේ...
    3 වෙනිදට හම්බෙමු මාරයියේ

    ReplyDelete
  10. Praසන්ன...

    බස් පළු පුරුද්ද හින්දා බස් දැක්කම ඉන්නම බැහැනේ..

    ReplyDelete
  11. කැන්ඩි...

    ඔන්න ඔන්න..ඔහොම අනුමත කරන්න එපා බොලවු..මට එතකොට ආයෙමත් ඒක කරන්න හිතෙනවා

    ReplyDelete
  12. පිණිබිඳු...

    අම්මපා නගේ...

    ReplyDelete
  13. අළුත් කොල්ලා...

    කොල්ලා අළුත් උනාට පඳුරු වලට විඳිනවා වැඩියි වගේ..?

    ReplyDelete
  14. රත්ගමයා...

    අනිවා මලේ...බ්ලොග් එක තමා එක වෙන්න ඕන...
    (ඒ උඹත් එනවද 3 වෙනිදා..අර පැමිණිමේ සම්භාවිතාව අඩු වෙයිද මංදා..:p)

    ReplyDelete
  15. මටනම් ජාල ගතවෙන්න වෙලාව තියෙන්නෙ රාජකාරි වෙලාවෙ විතරයි ගොඩක් වෙලාවට. ගෙදර ගියාම හුස්මක් කටක් ගන්න වෙලාවක් නෑ. ඇයි ඉතිං යනකොට රෑ අට වෙනව. එතන ඉඳල දවසෙම ඇරියස් අල්ලන්න එපැයි ගෙදර [එහෙමයි කිව්වට මම කොරන වැඩක් නෑ ඇත්තටම බැළුවම] මාත් එදාට මාරය දකින්න කැමැත්තෙන් ඉන්නෙ. ඉඩක් තිබුනොත් ඇවිල්ල යන්නකො.

    ReplyDelete
  16. :/

    තේරුමක් නෑ නේ... මොනාද මේ කියලා තියෙන්නේ.. ආයේ එන්නෙ නෑ කියලනම් මාරයා අයියටත් මාරය පෙනෙයි ආ.... දන්නවනෙ මගේ හැටි...

    ReplyDelete
  17. මේ අවුරුදු උත්සවේට අරයත් එනවලු... උඹත් අනිවා වරෙන්... නැත්තං ඉතිං වැඩක් නැහැනේ බං...

    ReplyDelete
  18. මම එනව නම් කෙල්ලෝ ටික බේරෙනවා මාරයියගෙන්...හික්

    ReplyDelete
  19. ජංජාලෙට ඇබ්බැහි උනා කියන්නේ අබිං ගිල්ලා වගේ තමා ! සිග්නල් නැති වෙන වෙලාවට අම්මපා මට ඉතිං ලඟපාතක ඉන්න මොකා උනත් උස්සලා පොලවේ ගහන්න හිතෙනවා . යාලුවෙක්ගේ ගෙදර හරි ගිහිල්ලා අන්තිමට ජාල ගත වෙනවා .!

    කට්ටියම එකතු වෙන තැනනේ මාරේ අයියේ උඹත් කොහොමහරි ගිහිල්ලා වරෙං ... අපිටනම් එන්ඩ වෙන්නේ නෑ . ඔන්න ඔය ජංජාලෙං අයිං වෙලා මැච් එක බලහං බං

    ReplyDelete
  20. ජිවිතෙ වෙනස් වෙන විදිය අපිට හිතාගන්න බෑ.සමහර කාල එනවා අපිට හොදසිහියෙන් ඉන්නවාට වඩා වෙරි මතින් ඉන්න එක හොදයි කියලා හිතෙන.එත් කාලයත් එක්ක ඔය ඔක්කොම වෙනස් වෙනවා.හුදකලා විම හොදයි එත් එකත් ටික දවසකින් එපා වෙනවා.ජන්ජාලෙනම් වෙලාවකට වදයක් තමයි මාරයා අයියා..
    එක නෙමෙයි ජන්ජාලෙන් ඇත් වෙනවා කිවේ බ්ලොග් ලියන එක නවත්තනව කියලා නෙමේයි නේද????

    ReplyDelete
  21. උඹටත් මාර අයියේ මේ කියන කතා සැරින් සැරේ මත්ක් වෙනවා, උබේ ඔය මධ්‍යසාර නම් අත ඇරපු එකට නම් ම්ම අත් දෙකම උත්සනවා, ඒත් මේ බ්ලොග් එක නම් අත අරින්න හිතන්නවත් එපා අයියේ, මාරම ආසාවෙන් කියවන මාර බ්ලොග් එකනෙ. මූනූ පොතේ උඹ හිටියට ම්ම දෙපාරක් තුන් පාරක්ම චැට් කරන්න උත්සහ කරත් ප්‍රතිචාරයක් නැති නිසා කරබන් හිටියා.
    මොකඩ උඹ නිදහස අගය කරන මිනිහා බව දන්න හින්ද

    ReplyDelete
  22. අයියගේ ඔළුව අලුත් තැනට ගියාට පස්සේ අළුත් වෙලා....... චෝයි චෝයි...... :D :D

    ReplyDelete
  23. මොකට එන්න හිතනවද මන්ද මෙයත් අවුරුදු උත්සවේට.....කොහොම කලත් පලවෙනි යාළුවා සදහටම අතහරිනවන්ම් තමා හොඳ මාරයියේ.

    ReplyDelete