30 March 2011

මාරයාගේ ජෝතිෂ්‍යයට අනුව ලෝක කුසලානය දිනන්නේ කවුරුන්ද..?

කොහොමද කස්ටිය..?හොඳින් ඉන්නවා ඇති නේද..?ඊයේ හවස මැච් එක බලලා..බඩ පපුව දාලා පිච්චිලා ගිහිල්ලා..අන්තිමටම සමරවීර කොළුවගේ ඥාතීන්ට පින්දීගෙන වගේ එහෙම එනකොට..යාන්තං ගොඩ ගියාට පස්සේ නේද හැමෝටම හුස්මක් ගන්න පුළුවන් උනේ..?

හරි අපි අද මාතෘකාවට බහිමු.මුලින්ම කියන්න ඕන අද තමා මම කාලෙකට පස්සේ ලියන්න කලින් මාතෘකාවක් දැම්මේ..නැත්තං සාමාන්‍යයෙන් මම කරන්නේ ඔහේ ලියාගෙන ගිහිල්ලා අන්තිමට ලියවිලා තියෙන එක අනුව ඔය මොනවා හරි නමක් දාන එක තමයි.

ඒත් අද මම හිතුවා මුළින්ම මාතෘකාව දාලා ඊ ළගට ලියන්න ඕන කියලා.

ඒත් ඉතිං මට අමාරුම දේ තමා ඔය මාතෘකාවට‍ අනුව ලියන එක..කමක් නැහැ සුද්ද අන්කලුත් කිව්ව එකේ ට්‍රයි කරලා බලමු...

.................................................

මට මේ මාතෘකාව ගන්න හිතුනේ..මේ දැන් මම කියවපු ලිපියක තිබුනු දෙයක් දැකලා..ඒකේ තිබ්බනේ ඔය සිරස කියන වහංතරාවේ..
(හා හා දැන් ඉතිං පටන් ගන්න එපා..ඇයි සිරස විතරද වහංතරාව..අනිත්වා එහෙම නැද්ද කියලා...සිරස නෙවෙයි අප්පා මම නං ඔය එක වහංතරාවක් වත් බලන්නේ නැහැ..හේතුව..මට ටීවී එකක් නැති එක..හරිනේ ෂෝක් උත්තරේ නේද..? මං කලින් ටීවී බැළුවේ කොම්බෝ බොක්ස් එකක් හරහා මගේ කලින් කොම්පීතර උන්නැහේගේ මොනිටරය හරහා නෙව..ඒත් ඒක දීලා දාලා..මේ තියෙන ලැප් මල්ලිව ගත්ත දවසේ ඉඳලා මට ටීවී නැත..ඒත් එය ගාණකුත් නැත.. තියෙද්දි උනත් මම ඒ හැටි බැළුවේත් නැත..)

ඉතිං කියන්න ගියේ..ඒ ප්‍රවෘත්තියට අනුව සිරසේ කවුද මංදා ජෝතිෂ්‍යවේදිනියක් ගෙන්නලා කරපු වැඩසටහනකදී ලෝක කුසලානය පිළිබඳව කරපු කතා වගයක් ගැන ලියලා තිබ්බා...

ඒ අනුව කියවිලා තියෙන්නේ "අවසන් තරගය තියෙන දවස අපිට හොඳ නැතය" කියන කාරණාව තමා...

ඉතිං ඕක දැක්ක ගමන් මට මතක් උනා මීට අවුරුදු ගානකට කලින් ඔය දෙර‍ණ ටීවි එකෙත් ඔය වගේ පිස්සු කෙලිල්ලක් තිබුනු බව..අර අපි දන්න කියන කාගේත් සුන්දරී නගා හායි හූයී..චීං වූයි... ගාන ගමන් කළ වැඩසටහන..කාටත් මතක ඇතිනේ...පාර කියන තාරුකාද මොකක්ද අටමගලයක්..

අනේ ඉතිං කිව්වට මොකද මාත් ඕක ඉස්සර මුලින් මුලින් ටිකක් බැළුවා...ඒ බැළුවේ ජෝතිෂ්‍යයට මගේ තිබුනු උනන්දුව නිසා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ලැබේවි කියන පරම පවිත්‍ර වේතනාවෙන් තමා..

ඒත් ටික දවසක් යනකොට මට මගේ ඒ පරම පවිත්‍ර චේතනාව අහක් කරගන්න උනා..ඒ කියන්නේ ඒ උලව් වැඩසටහනෙන් මිනිහෙකුට ඉගෙන ගන්න මේ ලෝකේ දෙයක් නැහැ..ඇත්තටම ඔය පියසේන රතුවිතාන මහත්තයා..එතකොට අර හෝමාගම ඇල්බට් සුදසිංහ මහත්තයා..තව අර පානදුරේ ප්‍රශාන්ත් මලවිගේ මහත්තයා...ආන්න ඒ උදවිය කරන වැඩසටහනකදී අල්ලගන්න හුගාක් දේවල් තියෙනවා..ඒ අතරිනුත් රතුවිතාන මහත්තයා කියන්නේ ගුරු දෙවියෙක්...

මම මේ කියන දේ ඔයාලා හැමෝටම තේරෙන්නේ නැතිව ඇති.ඒත් ජෝතිෂ්‍යය ගැන මූලික දැනුමක් තියෙන අයට මම කියන දේ තේරෙනවා...අපි දන්න දේට අළුතින් යමක් එකතු කරගන්න..විශේෂයෙන්ම කේන්දර රාශියක් පරිහරණය කිරීමෙන් ලැබූ පළපුරුද්ද හා ජෝතිෂ්‍යය ගැන ලබා ඇති හසල දැනුම හා පුහුණුව හරහා ඒ මහත්වරු කියන දේට සාධක හා මූලාශ්‍ර ඉදිරිපත් කරනවා..ඒ ඒ අනාවැකියට පදනම් කරගත්තේ කුමන ග්‍රහ පිහිටීම්ද කියන දේ තර්කානූකූලව ඉදිරිපත් කරනවා.

ඒක අපි වගේ අයට බොහෝම ප්‍රයෝජනවත්...

ඔය මම නම් කිව්ව තිදෙනාගෙන්ම මම විශේෂයෙන්ම ප්‍රශාන්ත් මලවිගේ මහත්මාගේ අනාවැකි සම්බන්ධව හුගාක් විශ්වාස කරනවා..සමහර ඒවාට පදනම් වෙච්ච සිද්ධාන්ත ඉදිරිපත් නොවුනා උනත් ඒ කියන දේවල් ගැන මටත් එකඟ වෙන්න පුළුවන් මට්ටමේ අනාවැකි හා කරුණු ඒ මහත්මයා ඉදිරිපත් කරනවා.
විශේෂයෙන්ම රූපවාහිනී වැඩසටහනකදී කාගේ හෝ කේන්ද්‍රයක් ඉදිරිපත් උනහම මමත් ඒ කේන්ද්‍රය දළ විදියට ඇඳගෙන ඒ මහත්වරු කරන විග්‍රහ බොහෝම උනන්දුවෙන් අහන ගමන්ම මමත් ඒ කරුණු කොහොමද කියලා මම උගත් දෙයට අනුවත් කිරා බලද්දී..හරිම ශාස්ත්‍රීය විදියට ඔවුන් කරුණු ඉදිරිපත් කරන බව පැහැදිලි වෙනවා නිතරම...

ප්‍රශාන්ත මලවිගේ මහත්මා තරම් සෘජු තීරණ තීන්දු දෙන්නේ නැති උනත් රතුවිතාන මහත්මයා හරිම සාස්ත්‍රානුකූල විදියට කරුණු විග්‍රහ කරනවා...

මේ ජෝතිෂයේදී ජෝතිර්වේදියකු සම්බන්ධව තියෙන කරුණු තුනක් තියෙනවා..ඒ තමා තුන් ජාතියක පිරිසක් ඉන්නවා..

1- මේ ශාස්ත්‍රය පරතෙරට ඉගෙන ගත්..ඒ ඉගෙන ගත් දේට අනුවම ඒ හරහා අනාවැකි කියන්නන්...
2-ශාස්ත්‍රය සාමාන්‍ය මට්ටමකට ඉගෙන ගත් සාස්ත්‍රානූකූලව පමණක් නොව තමන්ගේ අත්දැකීම් මතත් පිහිටා අනාවැකි කියන්නන්..
3- ශාස්ත්‍රය යන්තම් උඩින් පල්ලෙන් අත ගා හිතට එන ඕනම දෙයක් කියන්නන්..

ඔය රතුවිතාන මහත්මයා හුගාක් දුරට පළවෙනි කාණ්ඩයට අයත් ඒ හින්දාම සමහර වෙලාවට අවසාන තීන්දුව දීමට එතුමාට ටිකක් අපහසු ගතියක් පේන්න තියෙනවා වගෙත් මම දැකලා තියෙනවා.ඒක වෙන්නේ..සැම වෙලාවේම එක කරුණක් තව දේකින් වෙනස් වෙලා යන හැටි පේන්න ගන්න හින්දා...උදාහරණයක් මම දෙන්නම්...

ඔන්න මිනිහෙක් ගෙදරින් පිටත් වෙලා යන්න හදන කොට මට පේනවා මිනිහට ගහන්න පාරේ කවුරු හරි සෙට් වෙලා ඉන්නවා..දැන් මම අනාවැකිය කියන්න ඕන
"අද ගමන ගියොත් උඹ කනවා පුතේ" කියලා..

ඒ මට පේන තරම..ඒත් මට පෙනුනොත් අර ගහන්න ලෑස්ති වෙලා ඉන්න එකාටත් තව එකෙක් ඒ වෙලාවෙම ගහන්න සෙට් වෙනවා වගේ..

ආන්න එතකොට මට අර මං මුලින් කියන්න ගිය දේ කියන්න බැරිව යනවා..එතකොට මට කියන්න වෙන්නේ..
"අද ගමන ගියොත් උඹට කන්න සෙට් වෙන්නම ඇවිල්ලා යාන්තං ගැලවෙන්න පුළුවන් වෙනවා" කියලා තමයි

අන්න එහෙම මට කියන්න පුළුවන් වෙන්නේ මට කලින් වතාවට වඩා දැන් දුර පේන හින්දයි..ඒත් ඔහොම දිගින් දිගටම පේන්න ගත්තහම මොකද වෙන්නේ..

ඒ කිව්වේ අර ගමන යන කෙනාට ගහන්න ඉන්න කෙනාටත් තව කෙනෙක් ගහන්න ඉන්නවා පේනිලා නවතින්නේ නැතිව..ඒ අර අපේ මනුස්සයට ගහන්න හදන මිනිහ නෙලන්න සෙට් වෙන බුවාට ඒ වෙලාවට තත්පරයක් තියෙද්දී වාහනේක හැප්පෙන්න තියෙනවා වගේ පෙනුනොත්..අවුල් ජාලයක් නේද..?

ඔන්න මම කිව්ව දේ තේරුම් ගන්න ඔයාලට පුළුවන් වෙයිද කියලා මම දන්නේ නැහැ..ඒත් මම මේ දුන්නේ පුංචිම පුංචි සරල උදාහරණයක් විතරයි..
ජෝතිෂ්‍යයේදී අනාවැකියක් කියනවා කියන්නෙත් ඔය වගේ දෙයක්...

හැම වෙලාවකම එක් ග්‍රහ පිහිටීමකට තවත් ග්‍රහයෙක් හින්දා බාදක අවස්ථා ඇතිවෙන්න පුළුවන්...ඔය වගේ හුගාක් සිද්ධි රාශියක් අතරේ..අපිට පුළුවන් වෙන්න ඕන තෝරලා බේරලා හැකි උපරිම විදියට අනාවැකිය කියන්න.

මම මෙතනදී යෝග..පරිවර්ථන..උච්ච නීච තත්ව..බාධක රාශි හා ග්‍රහයින්..ග්‍රහ දෘෂ්ටි..ග්‍රහ යුද්ධ..රාශි,භාව,ග්‍රහ ඵල.. ඔය විෂයට අදාල නම් සෙට් එක දාගෙන නෙවෙයි බොහෝම සරලව මේ කියන්න උත්සහ කරන්නේ..සාමාන්‍යයෙන් මේ බ්ලොග් එක බලන අයගේ පැහැදිලි අවබෝධය සඳහායි..මම මේ කියන දේ අපේ ජෝතිෂ්‍ය මිත්‍රයා JOTHISHAYALANKA ට නම් අරුමයක් නෙවෙයි.

ඉතිං ඔය විදියට බලපුවාම අර පරතෙරටම ඉගෙන ගත්ත කෙනාට යම්කිසි නිශ්චිත තීන්දුවකට එන්න ටිකක් අමාරු වෙනවා..මොකද සෑම වෙලාවෙම..තව තවත් ඉදිරියට පේන්න ගත්තහම ඒක අවුලක් වෙන හින්දා.

ඒ වාගෙම තමයි යන්තං ඔය ගානක් දෙකක් හදාගෙන මොන මොනවා හරි දොඩවන අයත් ඉන්නවා..ඒ අයටත් ඔය වැඩේ ටිකක් අමාරුයි..මොකද එයාලට පේන්නේ මිනිහා ගෙදරින් එළියට යනවා විතරයි.. පාරේ මිඳුම වගේ කියලනං පේනවා..ඉතිං එයාලා කියන්නේ මෙන්න මෙහෙම අනාවැකි..

"ඔව් අද ඔබතුමා ගමනක් යනවනං ටිකක් කල්පනාවෙන් විමසිල්ලෙන් යන්න..අතර මගදී එල්ලවෙන සුළු සුළු බාදක තියෙන්න පුළුවන් උනත් ඹබට අද දවස වාසනාවන්ත කරගන්න පුළුවන්කම තියෙනවා..ගෙදරින් යන්න කලින් මේ ගාථාව සිහි කරන්න..නිතරම සාමකාමීව කටයුතු කරන්න...මොනවා හරි අනතුරක් වගේ පේන්න තියෙනවනං ඉක්මනින්ම එතන මග හැරලා යන්න බලන්න^$%$^$%$&^......."

ඔන්න ඔය වගේ හුගාක් ජාති කියන්න පුළුවන්කම තියෙනවා..
ටිකක් බලන්නකෝ ඒ හැටිම අවුලක් නැහැ නේද..?ගැහැවුත් බේරිලා..ගුටි කෑවත් බේරිලා..නිකංම ගෙදර ආවත් බේරිලා...

ඔන්න අද ජෝතිෂ්‍ය අනාවැකි කියන සමහරු කියන විදිය..

ඔයාලට මතකද මම අර මුලින්ම කිව්ව දෙරණේ වැඩ සටහන..ඒ දවස්වල තිබුනු මැච් වගයකටත් අරගෙන ආවා..අර හුරතලියි ඒ වැඩ සටහන කරපු ජෝතිෂ්‍යවේදියා කියලා කියන කෙනයි...
සමාවෙන්න මම මෙතන මේ ජෝතිෂ්‍යවේදියා කියන කෙනා කියලා යෙදුවේ හිතාමතාම තමයි..මොකද මට ඔහුට කෙළින්ම ජෝතිෂ්‍ය වේදියා කියලා කියන්න පුළුවන්ද කියලා මටම තාම හිතා ගන්න බැහැ..

ඉතිං දැන් මෙන්න තර‍ඟේ පටන් ගන්න කලින් මෙයාලා කැට ගහනවා..කොල පෙරළනවා..මල් කඩනවා..එක කෙලියයි..අන්තිමට කියනවා රටේ හැමෝටම පහනක් පත්තුකරලා ඒකට වැඳගෙන කියන්න කියලා යාතිකාවක්...එහෙම කලාම මුළු රටේම මිනිස්සුන්ගේ ප්‍රාර්ථනාව ශක්තියක් වෙලා..ඒක ජයසූරියගේ අත් දෙකට ලැබිලා ඒ දෑත ශක්තිමත් වෙලා..බොලේ පැලීමේ හැකියාව ලාබෙනවා..ආයේ ඒකේ දෙකක් නැහැ...
ඒක තමා කතාව

ඔය වෙලාවට මට කල්පනා වෙනවා..වැරදිලාවත් ඉන්දියවේ කස්ටිය එහෙම ඕවා කරන්න ගත්තොත් අපිට කවදාවත් ඉන්දියාවට ගහලා දිනන්න හම්බ වෙන්නේ නැහැ නේද කියලා..?

අපිට නෙවෙයි දැනට ටෙස්ට් ගහන එක රටකටවත් ඉන්දියාවට අත තියන්න වෙන්නේ නැහැ..යාන්තං කවදා හරි චීනේ ජාත්‍යන්තර මට්ටමට ඇවිත් ක්‍රිකට් ගැහැවුවොත් මිසක්..මොකද යකෝ හැට කෝටියක් පහන් අස්සේ අපි මොන ලබ්බක් කරන්නද..?

අනික ජෝතිෂ්‍ය කියන්නෙත් අපිට වඩා ඉන්දියාව ඉදිරියෙන් ඉන්න විෂයක් හින්දා ඒ අතින් උනත් අපිට කළින් මේ පහන් කෙලිය උං දැන ගෙන ඉන්න එපැයි...

ඉතිං මම මේ වැඩ සටහන අර පරම පවිත්‍ර චේතනාවෙන් බලන එක නවත්තලා..මොනවා උනත් අර කෙලී පව්නේ කියලා ඒකිගේ මළ කොළං දිහා විතරක් බලන් ඉන්න පුරුදු උනා...හිතටත් ෂනීපයිනේ අප්පා..අර උන්දැගේ බහුබූත අහලා මොලේ කොලොප්පං කරගන්නවට වඩා..

ඉතිං ඒ වගේ වැඩ සටහන් අදටත් ඔය රූපවාහිනී නාලිකාවල යනවා ඇති..ඔය මම කිව්ව මේ පාර ලෝක කුසලානේ අවසන් තරගේ ගැන කිව්ව ජෝතිෂ්‍යවේදිනියත් ඔය කියන්න ඇත්තේ ඔය වගේම අනාවැකියක් වෙන්න නැතෑ..ඒ ගැන මම විග්‍රහ කරන්නේ නැහැ.

....................................
හරි දැන් වැදගත්ම හරිය..කට්ටිය මෙච්චර වෙලා බලන් ඉන්න ඇත්තේ මම කියන අනාවැකිය ගැන නේද..?

ඊට කලින් මේ ටිකත් අහන්නකෝ...
ලෝකේ හුගාක් ජෝතිෂක්‍රම හා ඒවායෙන් විවිධ ආකාරයට වැඩ ගන්න ජෝතිෂ්‍ය වේදීනුත් ඉන්නවා...
මමත් ඉතිං ඒ අතරින් එකෙක් විතරයි...

සමහරුන්ට මේ තරඟය තියෙන දවසේ තිබෙන සුළු ග්‍රහ පිහිටීමක් ගැන බලලා ඔය අනාවැකිය කියන්න පුළුවන් වෙන්න පුළුවන්..හැබැයි මට එහෙම බැහැ..

සමහරු මේ රටවල් වලට තියෙන කේන්දර සටහන් වලට අනුව එදා දවසේ වැඩි වාසිය තියෙන රට තෝරාගන්න පුළුවන්..අර ඉහත කිව්ව අනාවැකියත් එහෙම එකක් වෙන්න ඇති..ඒත් මට පකිස්ථානේ කේන්දරයක් හොයා ගන්න බැරි උනා..ඒ විතරක් නෙවෙයි අපේ ඔය තියෙන ලංකා කේන්ද්‍රය කියන කුම්භ ලග්නයට අයත් කේන්ද්‍රයත් මටනං අවුලක්..ඒක ‍විතරක් නෙවෙයි ජනරජ කේන්ද්‍රය කියලා එකකුත් තියෙනවා..ඕක ගැන බෙල්ලන ඥාණවිමල නායක හාමුදුරුවොත් එක පාරක් සෑහෙන විග්‍රහයක් කරලා තිබුනා මට මතකයි..ඒ කියන්නේ කේන්දර දෙකක් තියේ..එකක් රටට නිදහස ලැබුන වෙලාවේ..එක අනික ජනරජ දිනයට අදාලව හදපු කේන්ද්‍රය..මටනං ඔය දෙකම ගැන කියන්න බැහැ මොකද ඔය දවස් දෙකේම නෙවෙයිනේ ලංකාව ඉපදුනේ..

ඉතිං හරි හමන් කේන්දරයක් නැතිව මම කොහොමද ඕක කියන්නේ..

හරි ඊ ලගට තව විදියක් තියේ..ඒ තමා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ජන්ම කේන්දර ටික...

වැඩිය නැහැ 22යි නේ තියෙන්නේ..අපේ 11යි අද තරගේ දිනන අයගේ 11යි..ඒ උනාට එ ටික හොයාගන්නවත් විදියක් නැහැනේ..
ඉතිං මොකද කරන්නේ...ඔය විදියට බලපුවාම මට කියන්න තියෙන්නේ මටනං ඕක කියන්න හැටියක් නැහැ කියලා තමයි...

අඩුම ගානේ නායකයින් දෙදෙනාගේ හරි පුහුණු කරුවන් දෙදෙනාගේවත් තිබ්බනං එහෙමනං ටිකක් හරි උත්සහ කරන්න තිබුනා..

ඉතිං දැන් මොකද කරන්නේ..?මේ වෙනකොටත් අර පොල් කියන බූවල්ලා මිය ගිහින්..මැාරන්න කලින් ඉඳලම ඒ අහින්සක සතාව මරන්න හුගාක් අය ලෑස්ති උනා..
ඊයේ පෙරේදා දවසක ඉන්දියාව පරදිනවයි කිව්ව ගිරවෙක්ව අවසන් ගමන් යවලා කියලත් මම ප්‍රවෘත්තියක් දැක්කා..
එහෙම තත්වයක් යටතේ මමත් මොකටද ඉල්ලන් කන්නේ..
අනික ඉතිං ඕවා ජෝතිෂ්‍යයටම හරියට කියන්න පුළුවන්නං මැච් ගහන්න කාලේ නාස්ති කරන්න ඔනත් නැහැ..කෙළින්ම රටවල් දෙකේ හොඳම ජෝතිෂ්‍යවේදීන් දෙන්නෙක් ගෙනාව..වැඩේ තීරණය කලා කුසලානේ දුන්නා ..ගේම ෆිනිෂ්...

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මමත් ජෝතිෂ්‍යය භාවිතා කරන..එයට හුගාක් ගරු කරන..විශ්වාස කරන කෙනෙක්..ඒත් ජෝතිෂ්‍යයේ ඇති සීමා හා අපේ දැනුමෙහි ඇති සීමාවන් අපි අඳුරගෙන කටයුතු කරන්න ඕන..

ඒ හින්දා මම කියන්නේ මෙච්චරයි..

අනේ මමනං දන්නේ නැහැ ඔය ලෝක කුසලානේ කවුරු ගනීද කියලා...ඒක දන්න කෙනෙක් ඉන්නවනං..ඒක මට කියන්නත් එපා..මොකද මට එදාට මැච් එක හොඳට බලලා ඒක විඳින්න ඕන..කලින් ප්‍රතිඵලේ දැනගත්තොත් මට ඕක බලද්දි මෙලෝ රහක් නැති වෙයි...ඔන්න කිව්වා...අල බහිනකල් හිටිය මට ඕක තැම්බෙනකල් ඉන්න බැරිද..?

*පසු සටහන...

බණ්ඩක්කා...බණ්ඩක්කා...ලාබයි..ලාබායි...ගන්නවද..?



75 comments:

  1. මාරෙ අයියා හරි ජෝතිෂ්‍යය මොහොතකට පැත්තක තියලා . අපි අපේ කොල්ලොන්ව විශ්වාස කරලා ඉම්මු .අපි දිනුවොත් පාරට බැහැලා කෑ ගහලා . අඩිය දාලා එල කැඩෙන සොමියක් ගමු ! පැරදුනත් අවුලක් නෑ ! මොකද අපේ එවුන් හෙන පට්ට කන්ඩායම් ගානකට වැඩේ දීලා අවසාන මොහොත ලඟටම ආව නිසා ඒකට සතුටු වෙලා හීනි ෆන් එකක් ගමු ....

    මටත් ඔය ලපටි බන්ඩක්කා කිලෝ එකක් දාන්ඩ අයියේ ! පතෝල තියනවනම් එවුයෙංනුත් කිලෝවක් දාන්නඩ !

    ReplyDelete
  2. මේක ‍ලිපි දෙකක් විදියට ලිවනම් හොඳයි. මාතෘකාව හාල් ගැන ඒත් ලියල තියෙන්න වී ගැන වගේ එකක් තමයි. හාල් ගැන එකයි වී ගැන එකයි ලීවනම් කියවන එක්කෙනාට පහසු වේවි. දැන් ඉතින් හාල් ගැනයි වී ගැනයි ලීවෙ නෑ කියල කියන්න එපා හොඳේ :)

    ReplyDelete
  3. ගිරවා -
    මම බැලුව මේ තව අනාවැකියක් කියලද කියලා. කොහොම වුනත් මම කිව්ව වගේම ඉන්දියාව කෙසේවෙතත් පූනම් ජයගනී.. පූනම්ට ජය වේවා

    ReplyDelete
  4. අර මැච් එකට කලින් පොඩි මල්ලියි චුටි මල්ලි නම් හරියටම අනාවැකි කියනවා..පෝල් කියලා ගොලු බෙල්ලෙක් ටැන්කියකට දාලා කොඩි දෙක දෙපැත්තේ අලවලා බලන් ඉන්නවා ගොලු බෙල්ල යන පැත්ත...
    නිතරම යන්නේ ලංකාව තියෙන පැත්තට..උන් ඒ පැත්තට පොඩි පාන් කෑලි දානවා :))

    ReplyDelete
  5. හික් හික්. අයියා දෙන්න ඕනෙ තැනට නියමෙට සොට් එක දීල තියෙනවා.. :D

    ReplyDelete
  6. මොකද්ද කියන්නේ.....ජෝතිෂ්‍ය ගැන නම් දන්නේ නෑ. ඒ උනාට ඔයා කිව කතාවට නම් එකයි...මොකද අපේ අම්මත් ඔයා කියන වැඩසටහන බලල මොනාද මොනාද කලා......ලැබුන ප්‍රතිපලයක් නම් නෑ ...........

    ReplyDelete
  7. පෙනේද ලිස්සලා ගිය හැටි.. :P බණ්ඩක්කා කිලෝ එකක් කීයද අයියේ...

    ReplyDelete
  8. අනික ඔක්කොම වෙන්නේ කේන්දරේ අනුවම කියල කියන්න පුලුවන්ද?

    ReplyDelete
  9. මම අද මැච් එක ගැන අනාවැකියක් කියන්නම්.
    "1,027,015,247 ක් වූ ඉන්දියානුවන්ගේ බලා පොරොත්තුවේ පහන නිවී යමින් අද පකිස්තානය තරඟය ජයග්‍රහණය කරනවා"

    (මාරයියට හොරෙන් - ඉන්දියාව දින්නොත් ෂේප් එකේ මේක මකලා දාපන් අයියේ)

    ReplyDelete
  10. හා හා අනාවැකි එපා,අර කෂ්ඨිය වගේ වස් කවි නොකියා ඉන්නකෝ.වෙන දෙයක් වෙන්නැතෑ :-)

    ReplyDelete
  11. ඔය පාර කියන තාරුකා වැඩසටහන මාත් බැලුවා. මන් හැබැයි එයා විස්ත‍්ර ක‍රන විදියට ආසයි. කියනන් ඇත්තද බොරුද කියලනම් ඉතින් මන් දන්නෙ නෑනෙ කොහොමත්. ඒත් එයා කතා ක‍රන විදියේ විස්ත‍ර ක‍රන විදියේ අමුතු ගතියක් තිබ්බා.

    ReplyDelete
  12. අලේ ඉන්දියාව භංග වේවා......!!!! (හැබැයි භංග වුනාම බිදෙන ගෙවල් වලට මගේ වාක්‍ය අදාල නෑ.... )

    අපේ කට්ටියට ඉන්දියාව ටිකක් අමාරුයි අප්පා..........

    අයියේ දැන් ඔය බණ්ඩක්කා විකුණන්නේ මොකටද???? අඩුම තරමේ මෝල් ගස් ලාඪයි කිව්වනම් හක්ක පයින්නවත් දෙන්න තිබ්බා. :D :D

    ReplyDelete
  13. ආ කියන්න බැරි උනා. දැන් අර ජෝතිෂ්‍ය කිය කිය මොනවදෝ කිය කිය ඇවිදින මනුස්පයෙක් ඉන්නවා ටීවි වල මට පෙන්නන්න බෑ.
    මාත් ඔය තාරුකා දවස් කීපයක් බැලුවා. ඒත් ඉතින් ඇල්ලුවේ නෑ. අත් බලන ඒවනම් අහන් හිටියා.:D :D

    ReplyDelete
  14. හිස් අහස...

    ඔව් බං අනික හිතලා බලහංකෝ..පැරදුනොත් අපි කෝටියක් දුක් වෙනවා වගේද අර කෝටි හැටක් අඩන කොට..එහෙම අඩවන්න හොඳද මං අහන්නේ..

    ආ පතෝල තියෙනවා මලයා මෙන්න මා ගානේ

    ReplyDelete
  15. බලාගෙන ඉමුකෝ හෙ හෙ

    ReplyDelete
  16. එහෙනම් ඉතින් කස්ටියම දෙවනිදාට නමෝ විත්තියෙන් මෑචෙකට සෙට් වෙමු..........

    ජයවෙවා....

    ReplyDelete
  17. Yohan Kanishka | යොහාන් කණිෂ්ක...

    අන්න අන්න මල්ලි වැඩේ තේරුං අරං නැහැ..මං කවදද එහෙම පිළි වෙලකට ලීවේ...
    අඩුම ගානේ වී සහ හාල් විතරයිනේ..සමහර විට ඕකේ තේ පොල් රබරුත් තියෙන වෙලාවල් තියේ...

    ReplyDelete
  18. බලන් ඉන්න තමයි තියෙන්නේ වෙන මක්ක කියල කොරන්ටද..?

    ReplyDelete
  19. ගිරවා...

    ආයෙත් අහලා..උඹත් හරි ජොලි ගුඩ් ගිරවෙක් නෙව...

    ReplyDelete
  20. රත්ගමයා...

    උන් දෙන්නත් රත්ගමද බං..?

    ReplyDelete
  21. ..ChAnDiKa...

    හනේ මල්ලි මං හෙන අහිංසක...

    ReplyDelete
  22. සිතුවිලි නිහඬයි...

    ප්‍රතිඵලයක් නෑ..වෙන්න බැහැ..එහෙනං ඔයාලා ඒ මාමා කිව්ව විදියටම කරලා නැතිව ඇති..ඒකයි...

    ReplyDelete
  23. හසී...

    පතෝල කිලෝ පහක ගානට සමානයි නංගී...

    ReplyDelete
  24. Grey...

    කොහොමටවත්ම බැහැ...

    ReplyDelete
  25. පූසා...

    (ෂරි ෂරි පූෂා...)

    ReplyDelete
  26. nimanthi...

    හප්පා මේ අර අපේ පරණ පෝරිසාද අක්කාද..?හෑ..

    ReplyDelete
  27. අනුරාධ...

    ඒක හරි..විස්තර කරන විදිය හරි..ඒත් 1කේ කෑල්ලට 99ක් එකතු කරලා දෙන ඒවා තමා...

    ReplyDelete
  28. හා පැටික්කි (MS)...

    "මෝල් ගස්..හක්ක"...අම්මෝ මේ හාවිටනං හොඳක් වෙන්න එපා...

    ReplyDelete
  29. ඉලංදාරියා...

    ආයෙත් අහලා...

    ReplyDelete
  30. අසoක...

    අනිවාර්යයෙන්ම...

    ReplyDelete
  31. කැන්ඩි...

    අවුරුදු 4ක් හිටපු අපට දවස් 4ක් මොකක්ද..?

    ReplyDelete
  32. පෝරිසාද..?? ඒ මොකද අප්පේ එහෙම කිව්වේ..මේ තරම් අහිංසක මට.. :-)

    ReplyDelete
  33. හප්පා හරියටම හරි මේ ඒ කාන්තා බලකායේ සෙන්පතිනිය තමා..දැක්කකල්..මගේ අම්මේ දැනෙන සංතෝසේ...

    (ඒ කියන්නේ තාමත් හොඳින් ඉන්නවා..ඈ..?)

    ReplyDelete
  34. හික්ස්. ලිස්සලා යන්නද බණ්ඩක්කා විකුණන්නේ

    ReplyDelete
  35. ඉන්දියාව මැච් එක දිනුවොත් නිලියක් මොකක්ද මන්න ඔට්ටුවක් අල්ලලලු නේද තියෙන්න. ඒකවත් බලාගන්න බැරිවෙයිද??

    ReplyDelete
  36. මොනා උනත් මං කැමතියි ඉන්දියාව දිනනවා නම් :D :D :D

    ReplyDelete
  37. ජෝතිෂය ගැන මගේ නම් කිසිම විශ්වාසයක් නැහැ. අපි කරන දේ අපිට විශ්වාස නම් මොනවටද ජෝතිෂය.

    මම නම් ජීවිතේදි බොහොම අවදානම් තීරණ අරගෙන තියෙනවා මගේ ආත්ම විශ්වාසය මත, එයින් වැඩි ප්‍රමාණයක් හරි ගිහිල්ලා තිබුණා වගේ ම තිහිපයක් වැරදිලා තිබුණා. නමුත් වැරදුන වෙලාවට මගේ නරක වෙලාව කියලවත් අපලයක් කියලවත් මම හිටියේ නැහැ. වැරදුන තැන හොයාගෙන හදාගත්තා.

    ක්‍රිකට් තරඟය වගේ අපි සියලු දෙනාගෙම අවදානය තියෙන දේකදි මේ වගේ වැඩසටහන් කරන්නේ තම ප්‍රසිද්ධීය සඳහාම පමණයි.

    ReplyDelete
  38. අඩේ.. මාරයෝ.. අපිත් මේ ඔෆිස් එකේ ඉඳින් මැච් එක බලන ගමන්... ලොක්කා මලබාරියෙක් හින්දා පර්මිෂන් තියෙනවා... (නැතත් අපි පහුගිය ටිකේම හොරෙන් බැළුවා..) අද ඉන්දියාව පැරදුනොත් එහෙම අපිත් එක්ක වැඩ කරන මලයන්ට පළු යන්ඩ හූ කියන්ඩ පුළුවන්... හික් හික්....

    ReplyDelete
  39. අද කාලේ ඉතින් වැඩි හරියක් ඉන්නෙම ඕක විකුනගෙන කන අයනේ...

    ReplyDelete
  40. ඈ මාරයෝ මොකද්ද ඒ කියන්නේ? හරියට නිකන් කල්පෙකින් මාව දැක්කා වගේනේ කතාව...ඊයේ හවසත් මම බස් එකේ හිටියේ..:-D

    ReplyDelete
  41. ෂික්... ඒ කියන්නෙ දැන් මැච් එක බලන්නම වෙනවනේ... :-(

    ReplyDelete
  42. ලිස්සුවාවාවාවා.............. මාරයායායා.......

    ReplyDelete
  43. මැච් එක බලලම අනාවැකිය කීවානම් මිට නරකද මාරයෝ....

    ReplyDelete
  44. පිණිබිඳු...

    අයේ ඉතිං ඒක ඔයාලා කියනකන්ම ඉන්න එක හරි නැහැනේ...

    ReplyDelete
  45. තාරක Dilsh...

    හා හා මල්ලි..ඕක ප්‍රය්වට් එකේ අහන්න..මං කියන්නං වෙන්න යන දේ..

    ReplyDelete
  46. Bunny...

    ඕන නං ඒකට හේතුවත් මං කියන්නං..:P

    ReplyDelete
  47. The Matrix...

    කවුරු උනත් ප්‍රසිද්දියට වැඩ කරනවා..දැන හො නොදැන් අපි කවුරුත් එහෙමයි...ඒ අය විතරක් නෙවෙයි..මම උනත් එහෙමයි..මේ පෝස්ට් එකෙන් උනත් එහෙම වෙන්න පුළුවන්..
    සමහර විට ඔබ ඔය කමෙන්ට් එක හරහාත් ඒ දේම වෙනත් විදයට බලා පොරොත්තු වෙන්න පුළුවන්..මං කවුරුවත් ප්‍රසිද්ධිය ගන්න එක ගැන නෙවෙයි මෙතනදී කතා කරන්නේ..

    කෙනෙක් ප්‍රසිද්ධ උනාට කමක් නැහැ..ඒක ගැටළුවක් නෙවෙයි..ඒත් ඒ සඳහා යොදාගන්නා දෙයටත් යම් තරමක හෝ සාධාරණයක් කල යුතුයි..මම කියන්න උත්සහ කලේ ඒ කාරණයයි.

    බොහෝම ස්තුතියි අදහස් දැක්වීම පිළිබඳව වගේම මං හිතන විදියට මේ ඔබව මා දුටු පළමු වතාව වෙන්න ඕන...

    ReplyDelete
  48. Jeew...

    මලයන්ට හූ කිව්වට කමක් නැහැ..පූනම්ට එහෙම හූ කියලා අහුවෙනවා එහෙම නෙවෙයි...

    ReplyDelete
  49. ගීතික බුලත්සිංහල...

    ඇයි මල්ලි..බුලත් පුවක්..?

    ReplyDelete
  50. කොට ජීවිතේ...

    කොයි දේත් විකිණෙන කාලයක් මේක කොටී...
    විකුණනවා උනාට ගන්න මිනිහට අසාධාරණයක් නොකරනවානම් හොඳයි..විකුණන විකිණෙන එකට අපට තහංචි දාන්න බැහැ..බණ කියන පැය ගානට අය කරන වගේම ඒහෙම ගෙවන්න ලෑස්ති වෙච්ච මිනිස්සු ඉන්න රටක...

    ReplyDelete
  51. nimanthi...

    එය ඔය..මං කිව්වේ..ඉතිං ඕකට මරාගන්න ඕනද..
    (පෝරිසාද නෙවෙයි පෝරිසාදගේ ලොකු පුංචි අම්මා

    ReplyDelete
  52. hare :-)...

    මක් කොරන්නද අප්පා..අච්චර වියදං කොරගෙන..දැඩිය මුගුරු දමාගෙන ගහන එක නොබලා මේ අනාවැකියකින් සැනසෙන එක හරිද මං අහන්නේ..?

    ReplyDelete
  53. අළුත් කොල්ලා...

    බණ්ඩොක්කා...

    ReplyDelete
  54. කුරුම්නියා...

    මං නොකිව්වට හුගාක් අය එහෙමනං කියයි..හෙහ් හෙහ්...

    ReplyDelete
  55. මම මේ පෝසට් එක දැක්කෙ මේ දැන්.මාරයාගේ පෝස්ට් එක මරු.ඇත්ත තමයි ජ්‍යොතිෂය අනුව ක්‍රිකට් මැච් වල ජයපරාජය ගැන කියන්න යාමෙන් ජ්‍යොතිෂයේ ශාස්ත්‍රීය ගෞරවය හෑල්ලු වෙනවා.කාසි උඩ දාල කරපු කෙනා ඒක කළේ රූපවාහිනී නාලිකාවේ වෙළද වාසිය ගැන හිතලා.මාරයාගේ පෝස්ට් එකේ ජ්‍යොතිෂ ගෞරවය රැකගෙන අදාළ ක්‍රියාව උපහාසයට ලක් කිරීම ඉතා අගය කරනවා.මේ කාරණාව ගැන ලිපියක් මමත් කලින් ලියලා තිබුණා.පල්ලෙහා ඇති
    http://lankajhothisha.blogspot.com/2010/11/blog-post_15.html

    ReplyDelete
  56. JHOTHISHALANKA...

    බොහෝම ස්තූතියි..මං කොහොමත් දන්නවා ඔබත් මේ වැනි දේ හෙළා දකින වග.
    අර ලිපියත් බොහෝම වැදගත්..ආයේ මම ටිකක් කිව්ව දේ ඔබ ගෙඩිය පිටින්ම දාලා තියෙන්නේ ඔය යස අපූරුවට...

    ReplyDelete
  57. අනේ අම්මපල්ලා, මේක කියෙවුවට වඩා හොදයි බාගයක් ගහන ගමං කෙලින්ම මැච් එක බැලුවනං.. :)

    ReplyDelete
  58. Buratheno...

    මං බුරාට අනාවැකියක් කියන්නං..ඔය ක්‍රමයට මැච් එක බැළුවොත්නං සමහර විට මැච් එකේ ප්‍රතිඵලය බලන්න වෙන්නේ මැචි එකට පහුවදාට තමා..එතකොට ඒක අනාවැකියකට වඩා පරණ ප්‍රවෘතිතියක් කිව්වොත් තමා හරි ඕං...

    ReplyDelete
  59. නියම විග්‍රහය. ඕන මඟුලටයි එපා මඟුලටයි අනාවැකි කියන එවුන්ට හොඳට ෂොට් එක දීලා තියෙනවා. එලම එල අයියා.

    දිනන්නේ කවුද කියලා තීරණය කරන්න මැච් එක ගහන අපේ කොල්ලන්ටයි ඉන්දියාවේ කොල්ලන්ටයි දෙමු. ඒ ගමන්ම අපේ කොල්ලන්ට කප් එක උස්සන්න ලැබෙන්න කියලා හිතමු.

    චක් දේ ශ්‍රී ලංකා

    ReplyDelete
  60. ඕකට අනාවැකි කියන්න ඕන නැහැනෙ. මැච් එක යන වෙලාවට ටීවී එක බලාහිටියනං දැනගත්තහැකි කවුද දිනන්නෙ කියල. මොකද ඕක කලින් දැනගත්ත කියල ඒක වෙනස් කරන්න බෑනෙ.

    ඔය බණ්ඩක්ක කොහේ ඒවද?

    ReplyDelete
  61. මොන අනාවැකිද බං? බෝතලයක් අරං ඈවිත් මැච් එක බලද්දී අනාවැකි ඔක්කොම බොරු වෙනවා, මොකද කියන්නේ...?

    ReplyDelete
  62. ඉස්ඉස්සෙල්ලාම මේකනෙ කියෙවුවෙ මීට කලින් කියවල නෑ :D ඉතින් මට තේරිච්ච විදිය කීවෙ :P

    ReplyDelete
  63. හිමාලයේ අවුරුදු ගානක් ධ්‍යාන වඩල එක මනුස්සයෙක් සෘෂිවරයෙක් වුනාලු. ඒ සෘෂිවරයට හිතුනලු ගම්මානෙට ඇවිල්ල තමන්ගෙ හපන්කම් කීපයක් පෙන්නල අනුගාමිකයො ටිකක් හදාගන්න. එහෙම හිතල ගම්මානෙට ඇවිල්ල ඇවිදිනකොට සෙල්ලම් කර කර උන්නු ළමයි ටිකක් මේ සෘෂිවරය දැකල විස්තර කතාකලාලු. එහෙම ටිකක් වෙලා කතාකර කර ඉඳල අර ළමයින් ගෙන් ඇහුවලු "මම අවුරුදු ගානක් දුෂ්කරක්‍රියා කරල ඇතිකර ගනිපු බලයක් පෙන්නන්නද කියල." එහෙම කියල එකපාරටම ඇඟිලි දෙක එකතුකරල අල්ලෙ ගින්දර මැව්ව.

    එතකොට එක ළමයෙක් සාක්කුවට අත දාල ගිණිපෙට්ටියක් අරන් කිව්වලු මේකට වියදම් උනේ රුපියලයි කියල.

    දැනගත්තත් නොදැනගත්තත් කිසි වෙනසක් නොවෙන දේවල් වලට දත කට පූට්‍ටු කරන් කියන අනාවැකිත් මේ වගේ.

    ReplyDelete
  64. සෙනසුරාදාට අපේ කස්ටිය කොහොමත් මැච් එක බලන්න පබ් එකේ සෙට්වෙන්නයි යන්නෙ.. හික්ස්..

    ReplyDelete
  65. මාරයා බුරතෙනොට කිව්ව දේ නං පට්ටම ඇත්ත, මං බලපු මැච් ඔක්කොගෙම වගෙ රිසල්ට් එක දැන ගත්තෙ පහු වෙනිද උදේ "ක්‍රික්ඉන්ෆො" වෙබ් සයිට් එකෙන්.

    ReplyDelete
  66. Hasitha...

    අනිවාර්යයෙන් මල්ලි...

    ReplyDelete
  67. Praසන්ன...

    මේ බන්ඩක්කානං ඉතිං යක්කල පැත්තේ එව්වා..ඒත් ඉතිං ගොඩකවෙලටත් ඔරොත්තු දෙනවා...

    ReplyDelete
  68. prasanna86k...

    කොළුවටත් අත්දැකීමක් තියෙන හැඩයි...

    ReplyDelete
  69. Yohan Kanishka | යොහාන් කණිෂ්ක...

    ආන්න ඒක මිසක් මල්ලි...
    නැත්තං මේක කියවන අනිත් හැමෝම දන්නවා මේක මෙලෝ රහක් නැති.. මෙලෝ හැඩයක්..කලාවක් නැති බ්ලොග් එකක් කියලා...

    ReplyDelete
  70. nawammawatha...

    වැඩේ කරන්න අඳාළ කට්ටියකුයි..ඒකට තැනයි වෙලාවයි එක්කෝම ලෑස්තිනං...ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය ලෝකයට හොඳක් හෝ නරකක් වෙන තරමේ දේ‍කුත් නෙවේනං...
    අපි මොකටද ඕක මැද්දට හිර වෙන්න මහන්සි වෙන්නේ..ක්‍රිඩාවක් කියන්නේ ක්‍රිඩාවක්..ඒකේ උණුසම අවසන් මොහොත වෙනකල්ම තියෙන එක තමයි ඒක කරන බලන හැමෝටම ලැබෙන උපරිම සතුට...

    ඕක කලින් කියන්න උත්සහ කිරීමෙන් වෙන්නේ එක පැත්තක අයගේ හරි හිත් ටිකකට හරි තුවාල කිරීම විතරයි නෙව

    ReplyDelete
  71. Buratheno...

    ඔන්න ඉතිං දෙකක් නැහැ මගේ ඒ අනාවැකියනං කිරි ගහට ඇන්නහේ හරියනවා...

    ReplyDelete
  72. Observer...

    එහෙනං ඊ ළග මැච් එකේ ප්‍රතිඵලත් ඒ ආකාරයටම දැන ගන්ට වාසනාව ලැබේවා..!

    ReplyDelete
  73. මාරයා ගැන ගොඩක් විස්තර බලල තිබුන. ඒත් මේ පොස්ට් එක ඉතාම හොඳ පොස්ට් එකක් කියල කිව යුතුයි. විශේෂයෙන් ජ්‍යෝතිෂය ගරුකරන ජ්‍යෝතිෂය භාවිත කරන ජ්‍යෝතිර්වේදීන් වශයෙන් කළ යුතු කිව යුතු දෑ සත්‍යය කුමක් ද යන බව ඔබ පවසා ඇති බව කිව හැකිය.

    යම් කරුණක් සම්බන්ධයෙන් පලඵල කථනය කිරීමේ දී ඒක හේතුකවාදීව කටයුතු නොකළ යුතු බව අවධාරණය කර ඇති මෙම ලිපිය වටිනා ලිපියක් වශයෙන් කිව හැකිය.

    විශේෂයෙන් මේ ලිපිය දකිද්දි මම කළින් ලියපු ලිපියක් මතක් උනා. ඒ ලිපියේ ලින්ක් එක මෙහි පහත දක්වා ඇත.

    අඩු තරමින් කණ්ඩායම් දෙකේ නායකයින් දෙදෙනාගේ උපන් වේලිව, දිනය සහ ස්ථානයත් අදාළ ලෝක කුසලානය තරගය පැවැත්වෙන දිනයේ අදාළ ස්ථානයට උදාවන තත්කාල ග‍්‍රහචාරය කුමක් ද යන්නත් මත පිහිටා එම තත්කාල කේන්ද‍්‍ර සටහනේ දැක්වෙන ග‍්‍රහබලය දෙදෙනාගේ කේන්ද‍්‍ර දෙකට බලපාන ආකාරයවත් අඩුතරමින් බලා කිව යුත්තක් බැවින් ඔබගේ පැහැදිළි කිරීම ඉතා වටිනා එකක් යයි සිතමි.
    මගේ ලිපියේ ලින්ත් එක මෙන්නhttp://kendaralk.blogspot.com/2009/09/blog-post_15.html
    M. M. Rohana Wasantha 0714161082

    ReplyDelete
  74. මං නං කියන්නෙ මැඩ් එක දිනන්නෙ ඉන්දියාව. ඒක ස්තිරයි

    ReplyDelete