24 March 2011

මාර විචාර...පූසාගේ නිවාඩුව...


හොඳයි එහෙනං දැන් මම අමුතුවෙන් මගේ මේ විචාර කලාව ගැන හඳුන්වලා දෙන්ට උවමනා නැහැනේ..
කළින් වංගියේ මම ඒ ගැන කිව්වා නෙව...ඒ හින්දා අද මම කෙළින්ම මේ ඉහත දක්වලා තියෙන පොටෝව ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ...

ඇත්තටම මේ පොටෝව හිමි අපේ මේ වීදුරු ගෙවල් බ්ලොග් එක ලියන සුදු පූසා මල්ලිට තමා...
විශේෂයෙන් කියන්ට ඕන මගේ විචාර කලාව ගැන දැනගත්තට පස්සේ මේ පූස් මල්ලිට පුදුම උවමනාවක් තිබ්බේ තමුන්ගේ මේ ඡායාරූපයක් සඳහා මංතුමා ලවා වචන කීපයක් ලියවගන්න..ඉතිං ටික දවසක් හරි ප්‍රමාද වෙලා හරි මම මේ වැඩේටත් අත ගැහැවුවා..මොකද මේ වගේ උනන්දුවෙන් කටයුතු කරන දක්ෂ පූසන්ට අපි අත හිත දෙන්ට ඕන නිසාම...

ඉතිං මං මේ විචාරය කොරන පොටෝවට මේ පූස් මලයා දීලා තිබුනු හැදින්වීම තමා

"පුංචි විවේකයක්" කියන නම...ඉතිං මේ ඡායාරූප කලාවේ යෙදෙන නවක ප්‍රවීන කොයි කාටත් තම තමුන්ගේ ඡායාරූප නාමකරණයේදී සැලකිලිමත් විය යුතුම කරුණු කිහිපයක් ගැන මම මෙහිදී ගැඹුරින් සාකච්ඡා කරන්නට යෙදුනා.

ඔය පහත දැක්වෙන්නේ ඒ මා විසින් කරන්නට ලැබුනු උසස් ඝණයේ විචාරය වන අතරම..
ඊටත් පහළින් දක්වා ඇත්තේ මගේ විචාරය පිළිබඳව මහත් වූ අමන්දානන්දයට පත් වූ අපේ තවත් බ්ලොග් සගයකු වන Charmi sam නැමැති මිතුරා විසින් කරන්නට යෙදුනු ප්‍රකාශ කිහිපයක් හා පසුව මා විසින් එම මිතුරා හට කරන්නට යෙදුනු දැනුවත් කිරීම් කිහිපයක්..

හා හා වැඩි කතා ඕන නැහැ බලලම ඉමුකෝ කොහොමද විචාරේ කියලා...

........................................................
මල්ලි..මම මුලින්ම ඔයාට කියන්න ඕන මේ පොටෝ එකේ කිසි අවුලක් නැහැ..ඔය ඔක්කෝම හොදට පේන්ට තියෙන්නේ..අර සමහරු කරනවා වගේ කලුවර කෑලි..බොඳ වෙච්ච තැන් මුකුත් නැහැ..ආන්න එහෙමයි පොටෝ ගන්ට පුරුදු වෙන්ට ඕන..ඒකටත් එක්ක මේ අපේ බනියලා බුද්ධියලා..උන් පොටෝ ගන්ට හදන්නෙම අන්දකාර තැන්වල..ටිකක් ඉර පායනකල් හිටුකෝ..කළුවරෙම පොටෝ ගන්ට ඔය හැටි නැහෙන්නේ අහවල් එකටද..ආන්න ඒහෙම බැලුවාම උඹේ මේ පොටෝ එක හොඳම තත්වේ පොටෝ එකක් කියලා මම පැහැදිලිවම කියන්න කැමතියි..

ඊ ළග දේ තමයි මට පේන මේ අඩුපාඩුව..මල්ලි වැඩිය හිත අමනාප කරගන්ට එපා..මම මේවා කියන්නේ මල්ලිලාට හැදෙන්ට..අනික ඉතිං මං වගේ මෙහෙම වටිනා කියන උපදෙස් ඔය කිසිම කෙනෙක්ගෙන් උඹට ලැබෙන එකක් නැහැ..ආන්න ඒ හින්දා මේවා බලලා හැදෙනවා මිස තරහා වෙන්ට කාරි නැහැ..තරහා උනත් ඉතිං උඹටම තමා පාඩු..මොකද මං වගේ ශ්‍රේෂ්ඨ විශ්ලේෂකයෙක්ගෙන් උසස් ගණයේ විචාරයක් නොමිලේම ලබන්ට උඹට තියෙන අවස්ථාව අහිමි වෙන එකයි ඒකෙන් වෙන්නේ..ආන්න ඒ හින්දා මම මේ ඊ ලගට කියන කාරණාවට උඹ හොඳින් ඇහුං කන් දෙන්ට ඕන හරිද..?

මල්ලි මේ පොටෝ එකේ ඔක්කෝම හොඳයි..ඒත් බලහං මේකට දාලා තියෙන නම.."පුංචි විවේකයක්"..පොඩ්ඩක් කල්පනා කොරහංකෝ උඹේ ඔය උකුණු මොලෙන්..මේ කට්ට අවුවේ අර දිරච්ච ලෑලි මැස්සේ දපන්ට ගත්තාම මොන විවේකයක්ද බං මිනිහෙකුට..එහෙනං ඌ පිස්සෙක් වෙන්ට ඕන..ඒ මදිවට තව කොහේ හරි යන නසරාණි ටිකක් ඇවිත් වොලි බෝල් කෙලින්ට තියා ගත්තොත්..මං කියන්නේ නැහැ ඉතිං ඒ හරිය..පොඩ්ඩක් හිතහං බං මීට වඩා..මොකද ඔය පින්තූරෙකට දාන නම හරි වටිනවා..දැන් ඔය සමහර අයත් මොන මගුලක් හරි පොටෝ ගහලා ඒකට දානවා මහා පරිමාණයේ නමක්..අන්තිමට පොටෝ එක නැගලා යනවා..හැබැයි ඒකට හොඳයි කියන අය නම බලලා මිස පොටෝ එකේ ඇති මගුලකට හොඳයි කියනවා නෙවෙයි..ඒ හින්දා උඹත් ආන්න එහෙම මොකක් හරි දාන්ට පුරුදු වෙයං..

දැන් මේ ගිනි ගහන අව්වේ අර ලෑලි මැස්සේ දපලා ඇණයක් හරි ඇනුනොත් මොකක්ද වෙන්නේ..ආන්න ඒ වගේ ටිකක් තර්කානුකූලව..සහ නිර්මාණශීලීව හිතලා මේකට නමක් දාන්න බලහං..උදාහරණයක් මං දෙන්නං.."පිට ගැස්මට පෙර" එහෙමත් නැත්තං "එන්න කරවෙන්න" ලෑලි මැස්සේ දුක්බර ජීවිතය"..ඔන්න..ඔය තියෙන්නේ නම්..ආන්න එහෙම පුරුදු වෙයං මීට පස්සේ නං දානකොට..උඹට හොඳ පිලිගැනීමක් ඇති ඡායාරූප ශිල්පියෙක් වෙන්ට ඇහැකි..හැබැයි කවදා හරි උඹ එහෙම එකෙක් වෙච්ච දවසට මතක තියා ගනින් උඹට ඒ වගේ අනාගතේකට මග කියලා දුන්නේ මේ මාරයා අයියා කියන එක..හරිද..?එහෙනං මං කැපුනා..උඹෙන් සමුගන්නා මා විශේෂඥ ජායාරූප විචාරක -අතිගරු මාරයා තුමා...
....................................................

*Charmi sam...
යකෝ මේවනෙ විචාර..........
මාරයෝ පුලුවන්නං අන්න අර බුද්දියවත් මනුස්සයෙක් කරල ගනිංකො
අම්මපා ඔය කලුවරේ පොටෝගන්න උං දෙතුං දෙනෙක් මාත් දන්නවා. උංට මේවා ප්‍රින්ට් කොරලා දෙන්ඩ වටිනවා.

....................................................

*නැවතත් මංතුමා...
බුද්ධියාට තමයි මං ඊළගට මගේ කරුණාබර දෑස් යොමු කරන්නේ..මං වංගියක් යොමු කොලා ඒත් ඌ හැදෙන පාටක් නැහැ.මේ වතාවේ ටිකක් සැරේට දෙන්ට වෙයි වගේ..ඔන්න ඒකටත් එක්ක බනියා..ඌනං හැදුනා..අනිකා ඕනයා..දැන් උං දෙන්නම පොටෝ ගහන්ට කලින් මගේ අවවාද සිහිපත් කොරලා හිටං තමයි වැඩෙට අත ගහන්නේ...

26 comments:

  1. දැල ලඟ මැස්ස....... වගේ නමක් ලස්සන නැද්ද මාර තුමා??

    ReplyDelete
  2. ඕකට හරියන්නේ මේ නම
    "ඉබ්බා දියට දානකොට ඇන්නෑවේ කිවුවා වගේ" අන්න එතකොටයි නියම ගතිය එන්නේ....

    ReplyDelete
  3. අප්පාට බොල..!!!
    ඔන්න දැන්ම කියනවා... මං ඉදිරියට පොටො ගහන එක නවත්තනවා..!!

    ReplyDelete
  4. maraiyatath maru maru ewane hithenne
    ammapa kiyanakamma okagena hithune ne ne

    ReplyDelete
  5. සිරාවට! මෙව්වනේ විචාර... :D

    ReplyDelete
  6. කතාව ඇත්ත....... හරියටම හරි........

    ReplyDelete
  7. ප්‍රවීන ජායාරූප විචාරක මාරයා වෙත,,
    ඇත්තටම ඔබගේ සේවය අපි අගය කරනවා,මොකද මූනුපොතට යන්න බෑ මොකෙක් හරි පොටෝ එකක් ගහලා ඒක ටැග් කරලා,නැත්නම් ඉස්සල්ලම පේන්නේ මේ පොටෝ,ඉතින් මේ පොටෝ කාරයන්ට සේරම කියන්නේ හරි ලස්සනයි කියලා,මොකද හිත සනසන්න,ඔබතුමා විතරයි මුන්ට හරි වැරදි පහදා දෙන්නේ ඒක ලොකු දෙයක් නැගී එන පොටෝකාරයන්ට ඉදිරි අනාගතයට ගොඩක් වටිනවා,අර කෙහෙල්කොටුවේ එකා ගැන ඉක්මනින්ම සලකා බලන්න..

    ReplyDelete
  8. හික් හික් ඔන්න මගේ පොටෝ එකකටත් විචාරයක් ගන්න ආසා හිතුනා ආ ආ ආ ආ ආ ආ ආ ආ ආආ ආ ආ

    ReplyDelete
  9. අවාසනාවට තවත් එක ඇත්ත කතාවක්....

    ReplyDelete
  10. ඇත්තටම මේ විචාරෙන් පස්සේ තමයි මම පොටෝ වලට දාන නම් ගැන සැලකිලිමත් වෙන්න පටන් ගත්තේ. මාරයියා ඔය පොටෝ එකට විචාරයක් දුන්නට පස්සේ මම තාමත් පොටෝ එකක් දැම්මේ නෑ. ඒ වෙන මොකවත් නිසා නෙමෙයි ඊළඟට දාන පොටෝ එකට මොනවගේ නමක් දාන්නද කියලා හිතාගන්න බැරි නිසයි :D

    ReplyDelete
  11. නියමයිනේ... කොහෙන්ද බං ඉගෙන ගත්තේ?

    ReplyDelete
  12. මරු විචාරේ අයියා ... නියමයි හෙ හෙ

    ReplyDelete
  13. කියවල හැදෙනවනම් මෙන්න විචාර... මාරය තුමාට මේ විකාර ආ ආ ආ වැරදුනා විචාර ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න (ඔය බයිසිකල් කට්ට විකුනල රෝද 3-4 ක වාහනයක් ගත්තොත් නම්) පුළුවන් වෙයි..එහෙම වෙන්න කියල මං ප්‍රාර්ථනා කොරනවා....

    ReplyDelete
  14. 'එන්න කරවල වෙන්න'වගේ නමක් ඒකට හරියන්නෙ නැද්ද?
    කොහොම උනත් අතිගරු මාරයා තුමාට අපේ ආචාරය...

    ReplyDelete
  15. එන්න කර වෙන්න පට්ටම මාතෘකාව...මාරය අයියට කොහෙන් එන අදහස් ද මන්දා...මොක වුනත් පට්ට ආ..මේ විචාර ක්‍රමය ල0කාවී චායරුප කරනයේ නව නෑම්මක් ඇති කරයිද මන්දා......ෆට්ට....

    ReplyDelete
  16. මමත් විචාරයක් දෙන්නෙයි....
    මේක සුද්දි නාන්න ගිය වෙලාවේ තනි වෙච්ච පුටුවක් ඒක නිසා..
    මේ පුටුවට හිතෙන විදිහ ඡායාරුපයේ නමට දැම්මොත් හොදා..මෙන මේ වගේ..

    තැම්මෙබන තුරු වාඩි වෙන්න

    ReplyDelete
  17. මෙවර මාර විචාරයෙන් අභිෂේක ලබන්නේ.... එන්න කරවෙන්න පූසා..

    ReplyDelete
  18. මාර විචාරේ මරු

    ReplyDelete
  19. ඔබ එනතුරු මැස්ස වැලි උඩ බලා සිටී......

    ReplyDelete
  20. @රතා: උඹටනම් ලොවෙත් විචාර ලියන්න බෑ බොල. සුද්දි නාන්න ගිය වෙලේ නම් මම අහවල් එකකටද හිස් පුටුවක් ගන්නේ? :D

    ReplyDelete
  21. @පූසා
    ඒක ඉතින් කුප්ප කම...සුද්දි නාන ෆොටෝ එක උඹ ලග තියාගෙන පුටුව විතරක් දැම්මේ කුප්ප කමට..සුද්දි නාන පින්තූරේ මාර අයියට එවන්නේ නැතුව උපමා රූපක වගේ එව්ව පාවිච්චි කරලා පුටුව එව්වේ සුද්දි නානවා බැලුවා කියලා අපිට අගවන්න...කොහොමද මගේ මොලේ

    ReplyDelete
  22. විවේක ගන්න කියලා බංකුවේ හාන්සි වෙලා ඉන්නවා(අව්ව නැහැ කියල හිතමු).ඔන්න ආතල් එක වැඩි කමටම හිමින් සැරේ ඇහැ පියාගෙන එනකොටම මෙන්න දඩාං ගාල වොලි බෝලෙ මුණ හරහටම වදිනවා.
    මාර විචාරෙ නම් මරු

    ReplyDelete
  23. හිකිස් හිකිස්ය.....

    ReplyDelete
  24. මමත් කොහේ හරි ෆොටෝ එකක් ගහන්න ඕන ....

    ReplyDelete
  25. බටහිර අභාෂය මේ චායරුපය තුල ඉතාම දැඩිව ගැබ්වෙලා තියෙනවා. මේ වගේ ලෑලි කැල්ලක් උඩට වෙලා කට්ට අව්වේ කරවල වෙන එක විවේකයක් කියන්න පුළුවන් බටහිර ගැති මේ රටේ සාමාන්‍ය ජනයාගේ දහදිය ගද නොහදුනන එකෙක්ට විතරයි.
    ඒ වගේම මම අවදාරණය කරන්න ඕනේ මේක කියවන විදේශීය හිතවතුන්ට ලංකාවේ වෙරළවල් වල මේ වගේ ලෑලි කෙලි නෑ. තියෙන්නේ කුෂන් කරපු හාන්සි පුටු. අපේ මේ සුන්දර රට හැල්ලුවට ලක්කරන්න කරන ලද මේ නින්ද සහගත ක්‍රියාව දැඩිව හෙළාදකිනවා.
    අනික තමා අපි ගහන්නේ එල්ලේ..වැල්ලේ උනත් ගහන්නේ එල්ලේ.. ඔය සුද්දන්ගේ බෝල සෙල්ලම් අපි කරන්නේ නෑ.
    හෙට අනිද්දම මේ පින්තුරේ ගැන හොයන්න කියල කොමිසමක් පත් කරන්න ඕනේ. අපේ රටේ විවේකය හදුනන එකෙක්නම් පින්තුරේට දන්න තියෙන්නේ හිස් අරක්කු බෝතලයක්. ඊට වඩා යහපත් පොඩි විවේකයක් මගේ විචාර ජීවිතය තුල හමුවෙලම නෑ. මේක පත්තරේ දන්න නෙවෙයි වටින්නේ...ඒරොප්පේ සුද්දන්ගේ පස්ස පිහන්න කියල එහාටම දෙන්න.

    ReplyDelete