11 March 2011

මාරදිවිය පුත්තරයා සෝයා මීට් උයන ක්‍රමේ...



අද මේ රෑ ජාමේ මම මේ ලියන්න යන්නේ කලින් ලියන්න හිතුව දෙයක්නං නෙවෙයි..මේක මේ දැන් පැයකට විතර කළින් මගෙන් එක්තරා කෙනෙක් ඉල්ලපු ඉල්ලීමක් ඉටු කිරීමක්...

ඇය ගැනත් මම ඉතිං ගොඩක් දේවල් දන්නේ නැහැ..දැන් පැයකට දෙකකට කළින් තමයි මූණු පොතෙන් හම්බ උනේ..විදේශගත වෙලා ඉන්න අක්කණ්ඩියක්...ඇය මගේ ඉවුං පිහුං ගැන මුනූ පොතේ දාලා තියෙන පින්තූර ටික බලලා ඒවාට කොමෙන්ට් දාලා තිබ්නු නිසා කල සොයා බැලීමේදී මටත් දකින්න ලැබුනා..අපූරු කෑම ජාති ගොඩක පින්තූර එකතුවක්...

විදෙස්ගතව හිටියත් බොහෝම උනන්දුවෙන් සිංහල කෑම හදාගන්න ගත්ත මහන්සියේ තරම ඒ ෆොටෝ ටික කෑ ගහලා කියනවා කිව්වොත් හරියටම හරි.

ඉතිං ඒ අස්සෙම ටිකක් කතා බස් කරලා දැන අඳුරගත්තට පස්සේ ඇය කල ඉල්ලීමක් අනුව තමා මේ පෝස්ට් එක ලියන්න හිතුනේ..

ඉල්ලීම තමයි මම අද පින්තූරයක් දාලා තිබ්බ විදියට සෝයා මීට් පිළියෙල කරන විදිය දාන්න කියන එක..
මාත් බොහෝම සතුටින් ඒ ඉල්ලීම බාරගත්තා...
අනික ඉතිං ඔහොම දේවල් ඇර මම වෙන මොනවා මේකේ දාන්නද...ඒ හින්දා ඔන්න මම දැන් කියා දෙන්ට යන්නේ මාරයාගේ රෙසපියට අනුව සෝයා මීට් පිළියෙල කරගන්නා ආකාරය තමයි...
මේකට සුදුසු නමක් ඔය බලන උදවියම දෙනවානං හොඳා ඕං..

ඉතිං සෝයා මීට් ඉවිල්ල ගැන කියන්ට ගියහම මට එක පාරටම මතක් උනේ අපේ මකරත් එක පාරක් ඔය සෝයා මීට් ඉවිල්ලකට ගෙහුං වැඩේ දෙල් කරගත්ත සීන්එක..ඒකත් ලියලාම මේක කියා දෙන්ට ඕන කියලා හිතන කොටම මෙන්න මකරා මලේ මූණු පොතේ අර ලිපිය සහිත ලින්ක් එක මගේ පින්තූරේ යටින් කොමෙන්ට් එකක් හැටියට දාපි..

මට ඉතිං ‍මකරට පින් දෙන්න වචන මදි..ඒ හින්දා "මචං උඹ දෙයියෙක්" කිව්වා විතරයි මේ යෝධයා කියනවා..

"නැහැ මම මකරෙක් විතරයි" කියලා..මට ඉතිං අර කිව්ව කට උලා ගන්න හිතුනා බිම..ඒත් ඉතිං හෙටත් බත් ඩිංගක් ගිලින්න තියෙන මගේ හුරුබුහුටි කට පොජ්ජ..ඒ හින්දා මං ඔන්න ඔහේ කට බිම උලන්ට ගියේ නැහැ.

ඉතිං මගේ අතිජාත මිත්තරයා වෙච්ච මකරාගේ සෝයා මීට් ඉවිල්ල මෙන්න මෙතනින් ගෙහුං බලාගන්ට ඇහැකි..

හරි එහෙමනං මම මේ සෝයා මීට් හදන හැටි කියන්නංකෝ..ඕක ඉතිං හරි ටොයිස් වැඩක්...
...............................

සෝයි මීට් උයන්න කළින් අපිට ඕන මුල්ම දේ තමයි සෝයා මීට්...
මේක විහිළුවක් වගේ උනත් මං මේ කියන්න යන්නේ එහෙම එකක් නෙවෙයි..සෝයා මීට් තෝරා ගැනීම ගැන වචනයක්..

දන්නවනේ කඩවල දැන් සෝයා ජාති වැහි වැහැලා..
අර රසැති කියයි..මේ රසැති කියයි..
හැබැයි ඉතිං ඒ කියලා තියෙන ඒවා ඒ කියලා තියෙන විදියට කොහොම හැදුවත් මහ පල් රහක් තමා මටනං එන්නේ...
ඒ විතරක් නෙවෙයි එක එක හැඩ වලිනුත් තියෙනවා..අනේ ඉතිං කොහොම හැදුවත් එකම දේනේ ඕකේ තියෙන්නේ..

ඉතිං මංනං සෝයා ගද්දී ඔය පැකට් කරපුවා ගන්නවා අඩුයි..ඒත් අර ගජමුතු කියලා එන සෝයා එකක් තියෙනවා..බොහෝම සාමාන්‍ය විදියට ඇසුරුම් කරපු..ඒකනං හොඳා..ඒක නැත්තං ඔය ලූස් කිරන සෝයා මීට් වලින් ඇට පුංචි එකෙන් තමයි ගන්නේ..සෝයි මීට් ලොකු වැඩි වෙකොට රස අඩුයි ඒ කියන්නේ ඉවුවට පස්සේ දිය රහක් එන්ට බලනවා..ඒ හින්දා ඇට කුඩා වර්ගය තමා ගැලපෙන්නේ..
හැබැයි ඒවා ගද්දී ටිකක බලන්න ගුල්ලෝ ගහපුවද..කඩේ ඒවා විකුනන විදිය පිරිසිදුයිද එහෙම කියලා..

ඉතිං ඔන්න ඔය විදියට අපිට මුලින්ම සෝයා මීට් උයන්න සෝයා හොයාගන්න ඕන..
හරි දැන් ඉවිල්ල..

මම සෝයා ග්‍රෑම් 100කට විතර හරියන විදියට කියන්නං..හැබැයි මමනං වතාවකට 50 කට වඩා උයන්නේ නැහැ..තනි මට මොකටද සෝයා කඳු..?

මුලින්ම සෝයා ටික උණුවතුරේ පොඟවාගන්න ඕන...ඒ කියන්නේ සෝයා ටික භාජනේකට දාලා නටන උණු වතුර අර සෝයා ටික වැහිලා යන්නම දානවා..ඒ දාලා විනාඩි 3ක් විතර තියන්න ඇරලා අර වතුර පෙරලා...සෝයා ටික හොඳට මිරිකා ගන්න ඕන වතුර හොඳින් ඉවත් වෙන්නම..

සමහරු මේ සෝයා පෙගෙන්න දාද්දීම ලුණුත් එකතු කරනවා..ඉස්සර සෝයා පැකට්ටුවෙත් එහෙම කරන්න කියලා ලියලා තියෙනවා මට මතකයි..
ඒත් මං කියන්නේ එහෙම කරන්න එපා.ඒත් තියෙනවනං විනාකිරි මේස හැන්දක් විතර දාන්න. නැත්තං නිකං ඉන්න...

ඉතිං සෝයා ටික දිය මිරිකලා ඉවර වෙලා පිහියකින් කැපුවානං තවත් හොඳා..ඒ කියන්නේ සෝයා ඇට ටික දෙකට පලන්න කියන එකයි..ඔක්කෝම නැතත් ටිකක විශාලෙට තියෙන සෝයා මීට් කැබලි ටික කැපීම ඉතා හොඳයි...

හරි ඊට පස්සේ මේ සෝයා කැබලිවලට කහකුඩු තේ හැදි කාලක් විතර..ඊටත් ටිකක් අඩු උනාට කමක් නැහැ..ඉතාම ස්වල්පයක් දාන්න..ලුණු කුඩුත් තේ හැන්දකට ටිකක් අඩු වෙන්න දාන්න..ලුණු එහෙමනං තමන්ගේ රසේට අනුව තමා දාන්න ඕන..ඉතිං අර ලුණුයි කහයි ටික හොඳට අර සෝයා කැබලිවල තැවරෙන්න ඒටික ටිකක් අතගාලා පැත්තකින් තියන්න..

ඊට පස්සේ අපි මේකට පහේ බැඳ ගන්න ඕන..කඩවල්වලනං බැදපු තුන පහ කුඩු තියෙනවා දැන්..ඒත් ඒවානං මට අල්ලන්නෙම නැහැ..මෙලෝ රහක් නැහ...

ඒ හින්දා අපි පහේ කුඩු ටිකක් බැඳ ගම්මු..හැබැයි පහෙ කුඩු බැඳ ගන්නකොට ටිකක් වැඩි පුර බඳින්න ඕන..මොකද අමු තුනපහ කුඩු බඳින කොට ප්‍රමාණයෙන් අඩු වෙන හින්දා..තේ හැඳි දෙකක් විතර බැඳ ගත්තානං..බැඳිලා ඉවරවෙනකොට තේ හැඳි එක හමාරක් වගේ තමා අපිට ලැබෙන්නේ..ඒ ඇති.

හරි ඊ ලඟට අපි ඇතිළියක් ලිපේ තියලා ගින්දර සාමාන්‍ය මටිටමකින් තියලා ඇතිළිය රත් උනහම ඒකට පොල්තෙල් මේස හැන්දක් විතර දාලා රත් කරනවා...
ඒ තෙල් රත් වේගන එනකොට ඒකට අපි දාන්න ඕන මෙන්න මේ ජාති පිලිවෙලින්...

අබ ඇට තේ හැදි කාලක්
කැලි වලට කඩාගත්ත වියළි මිරිස් කරලක් හෝ දෙකක්..
තලා ගත්ත සුදු ළුනු බිකක්
හීනියට කපා ගත්ත රතු ළුනු ගෙඩියක්
හීනියට ලියා ගත්ත අමු මිරිස් කරල් බාගයක්..
කරපිංචා කොළ දෙක තුනක්..

ඔන්න ඔය ටික හැඳි ගාමින් බැ‍ඳෙන්න ඇරලා..අර ළුනු රන්වන් පාට වෙනකොට ඒකටම දාන්න අර අපි කහයි ලුනුයි අතගාලා පැත්තකින් තිබ්බ සෝයා මීට් කැබලිටික...

ඔන්න දැන් මේ ටික හොඳට බඳින්න ඕන..
අඩිය අල්ලන්න බලයි..පිච්චෙන්න බලයි..ඒත් අපි මේක හැඳි ගාන ගමන්ම හොඳින් බඳින්න ඕන.
සෝයාමීට්වල තැවරිලා තියෙන ලුණු අපිට ඒ බැදීමට උපකාරි වෙනවා.ඉතිං යන්තං වගේ සෝයා මීට් කැබලි පිච්චීගෙන එනකොට අපි යන්න ඕන ඊලඟ පියවරට..

අර බැඳිලා තියෙන සෝයා කැබලි වලට මිටි කිරි (පොල්) අඩු කෝප්ප බාගයක් දාන්න ඕන..ඒ දාන කොට ලිපේ ගින්දර ටිකක් සැර බාල කරලා තියන එක හොඳයි...

හරි පොල් කිරි ටික දාලා ඉක්මනටම අපි එක පාරක් හැඳි ගාන්න ඕන අර පිච්චීගෙන යන එක වලක්වන්න...
ඊට පස්සේ ආයෙමත් අපි මේ ද්‍රව්‍යත් ඕකට එකතු කරනවා.

තවත් ලියා ගත්ත රතුළුනු ගෙඩියක් හෝ දෙකක්..
දිග අතට ලියා ගත් අමු මිරිස් කරලක්
ලියා ගත්ත සුදුළුණු ගෙඩියක්
හොඳින් තලා ගත්ත අඟල් කාලක් පමණ අමු ඉඟුරු කැබැල්ලක්..(සමහරු සේර කැබැල්ලක් උනත් දානවා උනාට ඊට වඩා සෝයා මීට් වලට හරියන්නේ අමු ඉඟුරු තමයි)
තරමක කරද මුංගු ඇට දෙකක්..
කරබු නැටි තුනක්
උළු හාල් ඇට දෙක තුනක්
සෝදාගත් තරමක් ලොකු ගොරකා කැබැල්ලක් ආයෙමත් කරපිංචා ඉත්තක්...
ගම්මිරිස් කුඩු තේ හැදි බාගයක්
මිරිස් කුඩු තේ හැඳි කාලක්
බැද ගත් තුනපහ කුඩු තේ හැඳි එක හමාරක්...

ඔන්න ඔය ටික කලවම් කරල අර සෝයා වෑංජනේ හොඳට හැඳි ගාන්න ඕන..ඊට පස්සේ පියන වහලා හොඳට තැම්බෙන්ට අරින්ට ඕන අඩු ගින්දරෙන්.

ඔන්න ඉතිං ඉස්ම හිඳීගෙන යද්දී ලිප නිවලා තවත් ටික වෙලාවක් ලිපේ රස්නේ උඩම ඇතිළිය තියෙන්ට ඇරියම අර ඉස්ම ගතිය ඔක්කෝම සෝයා කැබලිවලටම උරාගෙන හොඳ වියළි පෙනුමක් සහිත රසවත් සෝයා වෑංජනයක් අපිට දැන් තියෙනවා...මතක තියා ගන්න හොඳට කළු පැහැය තියෙන්නත් ඕන..ටිකක් විතර පිලිස්සුන ගතිය තියෙන්ටත් ඕන.. ආන්න එහෙම තියෙනවනං.. හොඳ පුසුඹකුත් එන එක නවත්තන්න බැහැ..

දැන් ඉතිං පාන් කන්න මේක නියම වෑංජනයක්.. හොඳම ක්‍රමේ තමා පාන් පෙති දෙකක් මැද්දට මේ වෑංජනේ ටිකක් තියලා කාලා දාන එක..නියම රසේ දිවට අහුවෙයි.

බත් කන්නත් ඉතිං මීට වඩා කොහේද කෑමක්..

හොඳ කිරි රසැති කැකුළු සම්බා බත් පිගානකට මේක වැටුනනං ගෑඋන තැන කෑහැකි. තව ඉතිං ඕකට පොල් සම්බෝලයක් හෝ හිදෙන්න උයාපු පරිප්පු මාළුවක් තිබ්බනං හොඳට කැපිලා යනවා..මතක තියා ගන්න පරිප්පුනං පරිප්පු..සම්බෝලනං සම්බෝල..ආයේ ඔය ජාති දෙකම ඕන නැහැ. ඒ එකක් එක්ක අපේ මේ සෝයා වෑංජනේ කලවං උනාම..ආන්න ඔයාලට දැනෙයි මෙච්චර කාලයක් අපි කෑවේ සෝයාද..නැත්තං නිකංම නිකං පිටි ගුලිද කියලා..

ඔය මම දාලා තියෙන පිංතුරේ.. අද දවාලේ මම උයාපු සෝයා වෑංජනේ තමයි.. පේනවද කළු පැහැය.. පිලිස්සුනු ගතිය.. සහ වියළි බව... ඕක දැකපු අපේ යාළුවෝ දෙන්නෙක් සෝයා බයිට් එකට ගැනීම සඳහාත් සුදුසු බව නිර්දේශ කොලා නෙව..අනේ ඉතිං ආබෝං..මම දන්නවද ඕවා.. ඒකටත් හොඳද කියලා දන්න කියන කෙනෙක් ඉන්නවනං මටත් කියලා එවමු.. අපි ඉතිං ඔය අමධ්‍යප වැඩවලට නැහැ නෙව...

48 comments:

  1. අද සිට මාර මුලුතැන්ගේ සිට ප්‍රවීන සූපවේදී මාරයා මාරසරණිය සමග අද සිට.
    පටන් ගත්තා නේද කානතාවන්ට උයන්න පිහන්න කියාදෙන මාරකුකරි පන්තිය....මේක නම් කාන්තාවන් රවට්ටන්න කරන උප්පරවැට්ටියක්....

    ReplyDelete
  2. මෙතන පහේ බදින විදිහ දන්නේ නැති අය ඉන්න පුලුවන් ඒකත් ලියලම දැම්මා නම්

    ReplyDelete
  3. Mehe (UK) soyameat thiyenawa. But never tried before. Thanks maarathumaa. I will try it soon..

    ReplyDelete
  4. කටේ තිබ්බ කෙල ටිකත් බිමට වැටුන.

    ReplyDelete
  5. මෙතන ල0කාවෙම පිරිමි 5යි කාන්තා පාර්ශවයෙන් 1යි..ඔක්කොමල පබිලිස් ගොයියටත් වඩා ප0ඩිත කුක්ල හැබැ‍යි මම හැර...මොකද මුන් ඔක්කොම මේ රටට ආවට පස්සෙ කුක්..මම ඉති0 සාපෙ ප්‍රතිඵල එනක0 ගෙදර ඔක්කොටෝම කන්න උයල දීපු එකා...ඉති0 මම මේ කල්පනා කලේ ඇත්තටම මාරයත් මෙතන හිටිය නම් කොහොමට හිටීද?

    ReplyDelete
  6. මේ පෝස්ට් එක ප්‍රින්ට් කරගෙන ලිප ලඟ ඇලෙවුවා . හෙට උදේ නැගිට්ටම අම්ම මේක දකියි . ඊටපස්සේ මටත් මෙවුව හදල දෙයි . එතකොට මමත් කනවා ..

    ReplyDelete
  7. මෙහේ සෝයා මීට් නැහැනේ මාරයෝ.... හැබැයි මම ගිZසාඩ් (කුකුල්ලුන්ගේ වැලි බොක්ක) හදන්නෙත් ඔය කෙරෙමටමයි.... අල ගෙඩියක් හීනියට කපලා ඕකටම දැම්මම රසේ වැඩියි.... උඹට කියන්ඩ ඊයේ (සිකුරාදා) නිවාඩු දවස හින්දා දවාලේ පරිප්පුවක් කිරට හි‍ඳෙන්න හදලා තෙම්පරාදුවට දාලා, ඔය විදිහටම ගිZසාඩ් එකත් හදලා, පපඩම් බැදලා උස්මුරුත්තාවට එනකල්ම කෑවා.....

    ReplyDelete
  8. @ජීව් අයියා: ඔහෙ ලංකාවේ කඩේ හිටපු ගමන් තියනවා. ගාන තමයි වැඩි.

    මාරයියේ මට නම් අර රයිගම් එකෙන් ආවේ ඉරි පැකට් එක කියලා. ඒක නම් අල්ලලා ගියා. බලමු අයියගේ රෙසිපියට හදලා.

    ReplyDelete
  9. මෙච්චර කල් සෝයාමීට් ඉවුවා.. මේ වගේ ලස්සනට ඇවිත් නෑ කවදාවත්.. හිටපංකො මාත් හදලා බලන්ට උඹේ කෙරේමට..

    ReplyDelete
  10. අවවාදයයි
    බඩකිනි අවස්තාවක මාරයාගේ කෑම ගැන පොස්ට් කියවන්න එපා...

    @හිස් අහස
    මමත් ප්‍රින්ට් එකක් ගහන්න ඕනෙ. මෙච්චර කල් ‍සොය නෙමේ කාල තියෙන්නෙ තම්බපු පිටි ගුලි.

    ReplyDelete
  11. අපිත් හොස්ටල් එකේ උයනකම්ම සතියකට දෙතුන් වතාවක් උයපු කෑමක් තමයි. අපිත් ඔය මාරයා මිටි කිරි දානකම්ම ක්‍රම අනුගමනය කරත් මිටි කිරි දැම්මට පස්සෙ දැම්ම කළමනා ටිකනම් දැම්මෙ හරි අඩුව්වෙන්.

    මාරයාගේ සෝයා මීට් තේරීම ගැන කියද්දි, වෙළදපොලේ අඩු මිලට තියන මේදය ඉවත් කරපු සෝයා මීට් නම් දෙන්නෙ අඩු රසයක්.
    ප්‍රවීන ශූපවේදී මාරයියට ජය වේවා.....

    ReplyDelete
  12. මට නම් පෙන්නන්න බැරි කෑමක් සෝයා මීට් කියන්නේ. අපේ මෑණියන්ටත් මේ ක්‍රමය කියා දෙන්න ඕනේ. එහෙම උයලා කලා කොහොමද රස කියලා බලන්නම්කෝ.

    ReplyDelete
  13. මේ ක්‍රමේ අදම අනුගමනය කරල බලන්න ඕන.

    'ආන්න ඔයාලට දැනෙයි මෙච්චර කාලයක් අපි කෑවේ සෝයාද..නැත්තං නිකංම නිකං පිටි ගුලිද කියලා..'
    ඒකනං නියම කියමන.

    ඒක නෙමෙයි මාරයෝ ගජමුතු එකෙන් කීයක් ගත්තද?

    ReplyDelete
  14. ප.ලි. ගම්පහට සුනාමියක් අවෙ නෑ ‍නේද?

    ReplyDelete
  15. ඈඬෙනවා........... පිට රට ඉන්න අපිට කොහෙද සෝයා මීට්...........

    http://aluthkolla.blogspot.com/

    ReplyDelete
  16. හිස් අහස කිවා වගේ මෙකේ ප්‍රින්ට් අවුට් එකක් ගන්න ඔන සෑහෙන්න වටිනවා.අනික බෑදපු කාලෙක ගෑනි ලොකු සින් දාන්න ගත්තොත් මාරයා අයියගේ පිහිටින් සෙකන්ඩ් නොවි වෑඩ පෙන්නන්න පුලුවන්.....

    ReplyDelete
  17. ආවු ආවු මාරයියගේ ​​මාරසරණියට ජයෙන් ජය..

    ReplyDelete
  18. මාරයානන්ද, බස්පළු මාර, හමුදා මාර, දොර‍ටුපාල මාර, බේකරි මාර, දැං වෙෆ් මාර [නොකියපු තව මක්කහරි තියෙනවද ?]

    ReplyDelete
  19. අලේ....... පරිප්පුයි හින්දපු සෝයා මීට්තුයි....... රජකෑමක්නේ අයියා. අලේ ඔය මාරසරණිය බලන්න මම නම් හැමදාම ඉන්නවා ඔන්න. හලේ...... උයන්න ආශා හිතෙනවා මොනවා නැතත් අයියගේ රෙසිපි දැක්කම.

    අර ටීවි වල ලොකු තොප්පි දාපු උන්දැලැ රටේ නැති වස ජාති දාලා දාලා අන්තිමට කොත්තමල්ලි කොල සේර වගේ එව්වා දානවා. (මං හිතන්නෙම ඒ අවුලක් ආවොත් බෙහෙතක් වශයෙන් කියලා)

    සියරටදේ සිරි සැපදේ රම්පේ කරපිංචා තුනපහ තියෙද්දි මොන උලව්වකට අරකැට මේකැට අර සෝස් මේ සෝස් දානවද මංදා. කොහොමත් ඉතින් ඒ කියන ටික ඔක්කොම දැම්මම රහනැති උනත් ඒවයේ රහවත් එනවා අන්තිමට. (ඔන්න මං හිතන් ඉන්න හැටි)

    කරුමෙක මහත මං ආශා උනාට අපේ ගෙදර සොයා මීට් ගේන්නැ තාත්තා. ඒ සෝයා වල සාරේ අරන් නිකම් පොත්ත විකුණන්න තියෙන්නේ කියලා.

    ReplyDelete
  20. @ItalyDilan...

    හික් හික්
    බලමු මම කොහොමත් කුළු බඩු ගැන ලිපියක් ලියන් හිතං ඉන්නවා..මොකද ඉවුං පිහුංවල හදවත තමා ඒ..

    @td...

    බලමු වැඩේ කරලා අපිටත් දන්වන්ටකෝ..හරියන්ට කියලා ප්‍රාර්ථනා කරනවා

    @Ranga...

    හපොයි...ඒ කියන්නේ දැන් කටේ කෙලත් නැතිව කෙල වෙලා ගෙහුන්...

    @කුරුම්නියා...

    හප්පා වසලා හමාරයි එහෙනං...

    @හිස් අහස...

    කොළුවෝ එහෙම කරලා වැඩක් ඇතෑ..ඇහැකිනං අම්මටත් හොරෙන් කුස්සියට රිගලා උයලා පෙන්නුවනං අම්මට උඹ ගැන මොන තරං ආදරයක් ඇති වෙයිද..?මට තාම මතකයි මම ගෙදරදී මුලින්ම දවසක් සෝයා මීට් උයාපු දවස...එදා ගෙදර බත් හැලිය මදිත් උනා..ඔක්කෝටම හපන් අපේ මලයා ඌ දෙවෙනි පාරටත් සෝයා මීට් ඉවිල්ලක් ගැන කතා කරනවා අර ටිකට නෙලලා ඇරලා...
    අපේ අම්මා මගේ ඉවිල්ල ගැන හොල්මන් උනේ එදා තමා..කරනවනං ආන්න එහෙමයි

    ReplyDelete
  21. @ nawammawatha

    ඇයි මාර බුසිනස්මන්, එතකොට මාර ඇබිත්තන්, ඇයි ජෝතිශ්‍ය මාරතුමන්, තව මතක් උනොත් ලියන්නම්.

    ReplyDelete
  22. @Jeew...

    ජීව් මස්සිනා..මේ මට මගේ බ්ලොග් එක බලාපු එක්කෙනෙක් එවාලා තියෙන පණිවිඩයක්..මෙතන දැම්මට කමක් නැහැනේ..

    "හුහ්..ආවදෙන්කෝ මේ පාර, එන්නේ අඩාගෙන හරයකට කන්න නැහැ බොන්න නැහැ කියලා..ඔය අහුවෙන්නේ..ආවදෙන්කෝ මේ පාර..දෙන්නං උන්දැට උයලා කරලා..ඇයි යකෝ පව්නේ කන්න නැතිව දුක් විඳින මනුස්සයනේ කියලා හිතල අපිත් මෙහෙ බගෙට කන්නේ..උනුදෑ නෙලලා අරින්නේ ඔහොමයි එහෙනං..වරකො මෙදා පාර සතියක් උයනවා කරවිලම.."

    ReplyDelete
  23. @පූසා...

    හරි මල්ලි බලමු ට්‍රයි එකක් දීලා...

    @Buratheno...

    පහේ ටික හරියට කළු කරගනින් කොල්ලෝ ඒක වැදගත්...

    @Thusitha Jayasinghe...

    අම්මලටම වද දෙන්නේ නැතිව උඹම ට්‍රයි එකක් දීහං හරිද..?

    @AmilaArt...

    ස්තූතියි මල්ලි...
    මම කලින් හිටිය තැන ඔය සෝයා බිස්නස් එකත් කෙරුණා..
    අනේ බං නම් වෙනස් උනාට හුගාක් පැකට් ඇතුලේ තියෙන්නේ ඔය ලූස් ගන්න ඒවාම තමයි..
    ඔක්කෝම කැටයං තියෙන්නේ පිට කවරේ...
    ඇට ටික හදන්නේ එකම කොම්පැනියේ...

    ReplyDelete
  24. @ayesha...

    එක පාරක් මම කියනවට වැඩේ කරලා බලන්නකෝ...

    @Praසන්ன...

    මුලින්ම පළියට පිළිතුරු දීලා ඉම්මුකෝ...
    ඈ බං ප්‍රසා...උඹේ ගම මාවනැල්ලේ නෙවේ නේද..?

    මං ඒත් හිතුවා ගජමුතු අයිතිකාරයට මේක පෙන්නන්න..කෝ මම මිනිහව දන්නේ නැහැනේ...

    @අළුත් කොල්ලා...

    වෙන්න බැහැ මේක ගෝලීයකරණය උන ලෝකයක් නෙව..බලහං ටිකක් හොයලා..සොයන්නාට හම්බු වේ..

    @අසoක...

    අන්න හරි අනාගතේ අපේ අතේ..ආයේ මොකට අරයගෙ මෙයාගේ රැස්පොට් බලනවද..?

    ReplyDelete
  25. @නිපු...

    තැන්කූ නංගියා...

    @nawammawatha...

    බලහං අන්න මගේ මාධ්‍ය ප්‍රකාශකතුමිය තව ටිකක් කියලා තියෙනවා...

    @හා පැටික්කී...

    මෙහෙම වැඩක් කොරමු නංගියේ..අර අයිස් පැකට් එහෙම කාලා තව ඉතුරු වෙච්ච සල්ලි කොල එහෙම තියෙනවා නේද අර ඔයාගේ සමරු පොතේ පිට කවරේ අස්සේ..අර අනේ ගෙදරින් වියදමට දීපූ සල්ලි වලින් ඉතුරු කරගත්ත ඒවා..ආන්න ඒවායින් කොලයක් දෙකක් ඇන්න ගෙහුන් ගේමු අපි සෝයා ටිකක්..හිමීට වෙලාවක ඕක මේ විදියට උයලා..යවමුකෝ බලන්න කන වෙලාවක තාත්තගේ ඇහැ ගැටෙන මායිමට..ඊට පස්සේ බැලියැහැකි ඉතිරි හරිය...

    ReplyDelete
  26. මං ඔය අයිස් පැකට් කල්ලැ අලේ....... යෝගට් පැකට් නම් ඉස්සර කෑවා. ඒත් අපේ තාත්තා අඳුරන කෙනෙක් හදන ඒවා. තාත්තම ගෙනත් දුන්නා.
    අනික සමරු පොත් භාවිතයක් නැත. අමතක වෙන එකාට ඕකේ නෙමෙයි පොත් දාහක ලිව්වත් අපිව අමතක වෙනවා. ඒ නිසා මං සමරු පොත් පාවිච්චි කලෙත් නැහැ කාගෙවත් පොතක ලිව්වෙත් නැහැ.

    සල්ලි නම් තියනවා. ඒත් නැ නැ මට පොඩි පිස්සුවක් තියනවා. පස්සේ ඒක කියන්නම්කෝ.

    වැඩිය ඕන්නැ. හෙට අම්මට ගෙනත් දෙන්න කියලා. කෝම හරි හදන් කන එක කනවා.

    ReplyDelete
  27. @nawammawatha...

    අලේ අමතක උනා ඇයි අපේ මාර ගී කියන මාර ඉස්ටාර්....... එතකොට තව පහුගිය දවස් වල මාර සැනින් එසැනින් වාර්ථාකරු, තව මතක් වෙන වෙන වෙලාවට කියඤ්ඤං

    ReplyDelete
  28. පිස්සුද බං මං ඉන්නෙ ගොඩකවෙලම තමයි.
    මෙහාටනං ගං වතුරවත් ගලන්නෙ නෑ..

    ReplyDelete
  29. මේං බං කෙලත් උනලා....

    යප් යප් යප්...

    ReplyDelete
  30. @හාපැටික්කී...

    හම්මේ නගා පොදු කාන්තා ලක්ෂණ වලින් බැහැර චරිතයක් නෙව...

    @නවම්...

    ඕන්න තව මොන මොනවා කියයිද මංදා..

    @Praසන්ன...
    ඒත් බලහං කොහේවත් සුනාමියක කතාවක් නැති වෙලාවක බොලා සුනාමියක් ඇදගත්තා..බලහං ඒක කියලා පැය විසි හතරක් ගියාද කියලා..හෙහ් හෙහ්..

    @prasanna86k...

    හප්පා..මගේ බඩට බෝම්බ ගහනවා වගේ දැනෙනවා...

    ReplyDelete
  31. අඩේ... මගේ නෝනා ගෙන් නෙමෙයි නේද ඒ මැසේජ් එක ආවේ... ෂිහ්... දැකලද දන්නෙත් නැහැ මේක....

    ReplyDelete
  32. @Jeew...

    මාත් දන්නේ නැහැ බං..මේ මීගමු පාර පැත්තේන් තමා ආවේ...

    ReplyDelete
  33. මාරයා,
    01. එදා කිව්වා වගේ මමත් සොයා මීට්වලට හරිම කැමතියි! ඒත් අපේ ගෙදර කට්ටිය වැඩිය කැමති නැ! ඒ හින්දා ඉව්වම හිතේ හැටියට කන්න පුලුවන්.

    02. කොහොමත් දැං සොයා මීට් අපි පොඩිකාලේ කාපු සෝයා මීට් වගේ රස නැ. ඒ කාලේ කාපුවා සොයාවල එන කිරි රසත් එනවනේ. ඒ රස නැති කම හංගන්න ඕනැ හින්දම තමා ඔය එක එක මස් රසවලට ඒවා හදලා තියෙන්නෙ. මාලු ඕනැ අය මාලුනෙ කන්නෙ. මස් රස ඕන්නං මස්නේ කන්නෙ. අපි සෝයා රස ඕනැ හින්දා සොයා ගත්තට දැං ඒවලත් වෙන වෙන රසවල් තියෙන්නෙ.

    03. අනිත් කාරණය තමා උඔ සොයාමීට් බල්ක් ගන්නවා නම් එක එක කඩවල් වලින් ගන්න එපා. ඒවල ප්‍රශ්ණ තියෙන්න පුලුවන්. ෆුඩ්සිටියෙ ලංකාසෝයි බල්ක් එක තියෙනවා. ඒවා පිරිසිදුයි සාපේක්ෂව අනිත් ඒවට වඩා. කිලෝ එකක් 70 ගානක් මම හිතන්නෙ.

    04.අනිත් කාරණය පාං එක්ක මරු කියද්දියි මතක් උනේ.
    කිරිබත්ගොඩ තියෙනවා මරු සෝයා කඩයක්. ඒකේ තියෙන්නෙ තනිකර සෝයා කෑම වඩේ වල ඉදං හො​ට්ඩෝග් වෙනකං සෝයාකෑම. වෙන එකක් තියා බිත්ති බැඳලා තියෙන්නෙත් සෝයා වලින්.:D
    කොහොමහරි එතන තියෙනවා සොයාමීට් බැදලද මොනාද කරලා අර ලේන්සු රොටියකට මැදිකරලා කෑමක්. ඒකත් මරු. ගියවෙලාවක කාලා බලන්න.

    05. අනිත් එක තමා උඔ සොයාමීට් බැඳලා සලාද හදලා කාලා තියෙනවද? ඒකත් මරු.

    06. මමනං හවසට ප්ලෙන්ටියක් එක්ක සොයාමීට් අමුවෙනුත් කනවා.

    ReplyDelete
  34. දෙඤ්ඤO බැටේ රිදෙන්නම.......

    ReplyDelete
  35. @බුද්ධි,
    ඇත්තමයි බං. දැං සෝයාමීට් ඉස්සර කාලෙ වගේ රහ නෑ තමා.. මං පොඩි එකා කාලෙ ගෙදරට සෝයාමීට් පැකට් එකක් ගෙනාවම බාගයක් ඉවරයි නිකං කාලා.. දැන් ඒවානං එහෙම නිකං කන්ට බෑ බං.. මෙලෝ රහක් නෑ..

    ReplyDelete
  36. පබිලිස් ගොයියටත් බඩේ පාර වදින්න තමා යන්නේ............

    ReplyDelete
  37. @බුද්ධි...

    1. ඔව් ඉතිං අපි දන්නවනේ ගෙවල් දෙකේම උයන්නේ කවුද කියලා..ඒ හින්දා අවුලක් නැතිවම උයාගෙන කතෑකි..:P

    2. සම්පූර්ණයෙන්ම එකඝයි..අනික බං බලහංකෝ දැන් කිරිපිටි..එතකොට නෙස්ටමොල්ට්..මේ ලොකේ රහක් නැහැබං..වැඩිය ඕන නැහැ..දැන් උයන කෑම වල රස නැති වෙන්නත් හේතුව ඕගේ කරන වෙනස්කං..බලහං දැන් ආසාවකට අර පරණ තාලේ තක්කලා ගෙඩියක් ගන්ට නැහැනේ..දැන් තියෙන තක්කාලි මෙලෝ රහක් නැහැ..ඇයි බං වට්ටක්කා..හේන් වට්ටක්කා දකින්නත් ආසයි..ඔය ගැන ලියන්න ගියොත් මට ඇඩෙනවා බං..

    3. අනිවාර්යයෙන් මං ඊ ළග වතාවේ ෆුඩ්සිටියේ බලන්නං

    4. යකෝ ඔය පොට් එක කොතනද තියෙන්නේ..මට මිස් වෙලානේ බං..ඉස්සර ඉතිං අපි කිරිබත්ගොඩ පලංචි දාං හිටපු උන්..දැන් ඉතිං කොහේද..? ඒත් යමින් එමින් හරි ඕකනං බලන්න ඕන

    5. බැදලා සෝස් එහෙම දාලා බයිට් එකටනං අරං තියෙනවා...නිකං ඩෙවල් එකක් හැටියට ඒකනං මට මේ තරං ෆි‍ට් නැහැ

    6. අමුවෙන්නං කන්න බැහැබං මට..

    ReplyDelete
  38. @Heeniyata...

    මල ජංජාලයයි..මූ මොනා කරන්න හදනවද ඒ වංගියේ..

    ReplyDelete
  39. @Buratheno...

    අනේ මේක බුරාගේ අම්මා දැක්කනං අද තමා හොරා අහුවෙන්නේ..

    ReplyDelete
  40. @Hasitha...

    ඒ කොහොමද මෑන් උනත් මගෙන් තමයි ඔය විශේෂඥ උපදෙස් ගන්නේ...එහ්නං..

    ReplyDelete
  41. වයිෆ්ට කියන්න ඕන සෝයා මීට් ඔය විදියටත් හදන්න කියලා.........

    ReplyDelete
  42. @ බුද්ධි,
    අපරාදෙ නෙව තුනපහ මිරිස් නාස්ති කරගෙන උයන්නෙ. ඇරත් මැරියන් නගා කන්නෙත් නැත්තං මොකටද මහන්සි කරවන්නෙ ඔන්න ඔහේ සෝයා මීට් උයන්නෙ නැතුවම කන්න.
    @ මාර ෂෙෆ්,
    මම නං කැමති අර මිරිසට හදන සෝයා මීට් හොද්දට. ඇත්ත තමයි දැං තියෙන සෝයා නං මෙලෝ රහක් නැහැ තමා. මෙහෙ නං තියෙනවා ලංකාවෙන් එවන සෝයා පැකට්. හැබැයි ගජමුතු නං දැකලා නැහැ. ටිකක් එවන්ඩෝ.......

    ReplyDelete
  43. ඔ0 මාරයෝ අද මමත් සෝයා මීට් ඉව්ව...සොරි වෙන්න ඕන මාරයාගෙ රෙසිපියට මමත් තව පොඩ් පොඩි ඇඩ් කීපයක්දැම්ම..වෙන දෙයක් හින්දම නෙමේ එක කරියෙන්ම ගොඩයන්න හිතාගෙන ඕ0...තම්බපු අර්තාපල් ටිකක් තිබුන ඒක..මාඵ මිරිස් කරල් දෙකකුයි...තව තක්කාලි ගෙඩියයි..හාල්මැස්සො කීපයකුයි..ඔයාගෙ එකටවඩා පොඩ්ඩක් හොද්ද ටිකක් බොර උනා...මල් හතයි ඈ...මේ කාල ආව විතරයි. මගේ යාඵ සේනාවට අද කතා කරන්න දේකුත් තියෙනවා ඒකෙන්..

    ReplyDelete
  44. කටට කෙළ උනනවා මාරයියේ...... අමද්‍යප වැඩ වලට නැ කියන්නේ මද්‍යප වැඩ වලට ඉන්නවා කියන එක නේදෝ.....

    ReplyDelete
  45. කොළඔ ඉදං එන බස් එක කෙලින්ම නවත්තන්නෙ අන්න ඒ පොට් එකේ

    ReplyDelete
  46. Thank you very much. Meke "Mara saraniya" kiyala wenama category ekak patan gaththanam hoda nedda?:)

    PS - Soya hoyaganna beri ayata option ekak

    http://www.lankandelight.com/c-50-dried-soya-and-dehydrated-food.aspx

    ReplyDelete
  47. නියමයි :) මාරයියා. මෙකෙ පොඩි වේරියශන් එකකුත් කෑමතිනම් කොරල බලන්ට.

    වතුර මිරිකපු සෝයා විනාඩියක් දෙකක් නිකම්ම කබලෙ බදින්ට :) ඊට ප්ස්සෙ ඔය විදියටම අරව මේවා දාලා තෙලෙ බෑදලා කිරිදාලා හදන්ට. මන් දවසක් එහෙම හෑදුවම නිකම් ඩෙවල් චිකන් ස්ටයිල් එකෙ කෑමක් හෑදුනා....

    ජය! මාරයියගෙ ඉවුම් පෝස්ට් ටිකෙ දෑමදාම අලුතෙන් දේවල් ඉගෙන ගන්ට තියෙනවා ..ස්තූති

    ReplyDelete
  48. මාර තුමනි,

    යන්තම් දිවි ගැටගහගන්න සෝයා සමග බතක් උයාගන්න වත් දැන් අපිට පුලුවන්.

    ReplyDelete