01 March 2011

කෆීර් අනතුරේ අවසාන වාර්ථාව...සිතියම...

ඔන්න මං මට පුළුවන් හැටියට අද දවසේ සිද්ධ වෙච්ච කෆීර් යානා අනතුරට සම්බන්ධ තොරතුරු හැම එකක්ම කට්ටියට බෙදා හදා දුන්නා...
මේ එම ලිපි මාලාවේ අවසාන ලිපිය.
මෙහි දැක්වෙන්නේ එම සිද්ධිය උන ස්ථානයේ ගූගල් මැප් හරහා ලබාගත් භූමි දර්ශනයේ අඳාල තැන් සලකුණු කර ඇති ආකාරයයි..
ඔය රතු පැහැයෙන් දක්වා ඇත්තේ ගුවන් යානා අනතුරට ලක් වූ ස්ථාන වෙන අතරම
රතු පැහැ සලකුණ අසලම කහ පැහැති සලකුණක් තිබෙන්නේ පළමු අනතුර ඌ ස්ථානයයි.එම කහ පැහැ සලකුණ යනු නිරුපද්‍රිත පයිලට්වරයා ගොඩ බෑ ස්ථානයයි

දෙවන අනතුර සිදු වූ තැන පිහිටි නිල් පැහැ සලකුණ අනතුරින් අද දින දැයෙන් සමුගත් ගුවන් නැවියා හමුවූ ස්ථානයයි..

කතිරයකින් දක්වා ඇත්තේ යක්කල කිරිඳිවැල මාර්ගයේ නෙල්ලිගහමුල හන්දිය වන අතර අහස් නිලෙන් සලකුණු තබා ඇති කුඹුරට හෙලිකොප්ටර් යානා ගොඩබාන ලදි..එම අහස්නිලෙන් සටහන තබා ඇති තැනින් ජනාධිපතිතුමාද ගොඩබසින ලදි..

කොළ පාට සලකුණ කුමක්ද යන්න බලනා අය තේරුම් ගත යුතුයි.


19 comments:

  1. සත්‍ය තොරතුරු එසැනින් ගෙන ආවාට ස්තූතියි :)

    ReplyDelete
  2. ගෙනාපු තොරතුරු ඔක්කොටමක සැහෙන්න ස්තූතියි! ;)

    ReplyDelete
  3. අද දින ඉතා මහන්සි වී අප වෙත හැකි පමනින් තොරතුරු ගෙන ආ අප මිතුරු මාරයාට අපගේ අවංක ස්තූතිය...
    රටට වටිනා තරුන ජීවිතයක් අහිමි උනා වගේම ඉතා වටිනා මෙවැනි යානා දෙකක් විනාශ උනාට ගොඩක් දුකයි...සමහරවිට මීට වඩා ලොකු විනාශයක් වෙන්න ගිහින් අර මිය ගිය වීරයා හින්දා වැලකුනා වෙන්න පුලුවන්-
    කොල පැහැයෙන් මාර භවන කියා සිතමි.

    ReplyDelete
  4. හැමෝටම ස්තූතියි අද දවස පුරාම රැඳි සිටියාට...

    තුසිත පුතාට මං මහන්සි වෙන්න එපා කියලා කිව්වේ ඕක තමයි.
    හිහ් හිහ්...

    ReplyDelete
  5. කොළපාට සලකුණ මාර භවනයි.....

    ReplyDelete
  6. 8.30 වෙද්දි මම ඔය කොල තිත ලග. වර එතෙන්ට......

    ReplyDelete
  7. මහන්සි වෙන්න එපා මචන් මම දැන් එළියට බහින්න කැමති වෙලාවක් නෙවෙයි.

    ReplyDelete
  8. නියම වාර්ථාවක්.... වීඩියෝ, පොටෝ එක්ක නියමෙට තියෙනවා. ​මේවනෙ නියම බ්‍රෙකින් නිවුස්

    ReplyDelete
  9. බොහෝම ස්තුතියි තොරතුරු වලට...

    වටිනා ජීවිතයකුත්, ගුවන් යානා දෙකකුත් අපේ රටට අහිමි උනා....

    ප.ලි.
    දැන් මාර භවනට ගුවනේ සිටම ඉලක්ක ගත හැක...

    ReplyDelete
  10. මාර භවන් එක තමා අර මං හිතන්නේ...........

    නරකද මාරයියා මාර රිපෝටර් කෙනෙක් උනොත් හෙම???? :D :D

    ReplyDelete
  11. කොලපාට තිත සිරිකොත වෙන්න ඇති නේද ?

    මාරේ අයියගේ මල්ටි ටැලන්ටඩ් හැකියාවන් ප්‍රදර්ශනය කෙරුනු තවත් එක් අවස්ථාවක් ..

    නියමයි මචං ...

    ReplyDelete
  12. මියගිය වීරෝධාර ගුවන් නැවියාට මාගේ සාතිශය ශෝකය.

    මාරයාට ස්තූතියි. තොරතුරු පිළිබදව.

    ReplyDelete
  13. මාර සීන් එක දැනුයි බං මේ ටික දැක්කේ.... යකෝ ඔය කෆීර් දෙකම මගේ ඔෆිස් එක ගාවින් උඩට නැග්ගුවේ...

    ReplyDelete
  14. මාර භවන කොළපාටින් දිලිසේ.
    හැබැයි පුතෝ ඕක දාල උඩින් ඇවිත් ටාගට් කළොත් එහෙම අපි නෑ ඕං.

    ReplyDelete
  15. දැං ඉතිං කට්ටියම හොයනව ඇති අර නොකියාපු තිත. දැං ඉතිං ඔළුව බේරං උන්නොත් ඇති.

    ReplyDelete
  16. ස්තුතියි සහෝ නැවතත්......
    හිතන්නවත් බැරි දෙයක් එක පාරටම ඊයෙ උනේ නේද......

    ReplyDelete
  17. කොළ පාටින් මාර බවන දිස් වබ අතර. එය ඉදිරියේදී ලංකාවට ගෙන එන ප්‍රහාරක යානා වල බෝම්බ හෙලීමේ පද්ධති පරීක්ෂා කිරීම සදහා බෝම්බ අතහරින ස්ථානයකි..

    ReplyDelete