13 March 2011

බසයක කථාවක් ඔබ හමුවට...එක් ඇත්ත කතාවක්...

මේ ලියන කතාව ඇත්තටම මම බ්ලොග් එකේ පල කරන්න හිතුව එකක් නෙවේ...මේ 2011-03-13 වන දින රාත්‍රී කාලයේදී ගූගල් බස් නම් වූ අපූරු සංවාද මාවතේ සිදු වූ කතා බහක් පමණි...
නමුත් කතාව අවසානයේ සිදු වූ ඉල්ලීමක් මත මෙය මෙසේ පල කරන්නට සිදු විය...එයට මූලිකම බලපෑම එල්ල කල තැනැත්තා කවුදැයි යන්න මෙය අවසානයේදී කියවන ඔබටම තේරුම් ගත හැකිවනු ඇත.
අහක ගලාගෙන යාමට නියමිතව තිබූ තමත් එක් අතීත සැමරුමක් මේ ආකාරයෙන් පල කිරීම සඳහා දිරිදුන් ඔවුනට මගේ ප්‍රණාමය...
මෙම සංවාදය තුලදී කතාවේ ගලා යාමට අවශ්‍යම මාගේ නොවන කමෙන්ටු කිහිපය ඉතිරි කොට හැකි තාක් දුරට කතාවට අඳාළ නැති කමෙන්ටු ඉවත් කරන ලදි...
මේ සඳහා සංවාදයට එකතු වූ සියළුම දෙනා හට මෙහි වරදක් ඇතොත් පෙන්වා දෙන මෙන් කාරුණිකව මතක් කර සිටිමි.


මෙම කථාව ආරම්භ වූයේ අප සිව් දෙනෙකු පමණක් බසය තුල එනම් සංවාදය තුල රැඳී සිටි අවස්ථාවකදී මා විසින් මේ හතර දෙනාගේ කතා අගුණ බැව් පවසා එයට හේතු වූ මාගේ අතීතය කතාව ඉදිරිපත් කිරීම තුළින් බව කියවන ඔබගේ පහසුව තකා ප්‍රකාශ කර සිටිමි.

බලන්න අගක් මුලක් තේරෙනවද කියලා...

A- ආ,,,ඔන්න මාරයියේ වෙලාව අපි 4 දෙනා විතරයි ඉන්නේ7:53 pm
මාරයා ... - ආපෝ මගේ මතකය ඇදී යනවා එක්දහස් නවසිය බර ගනන් වලට7:53 pm
මාරයා ... - ඒ කතාවත් කියන්ටද?7:54 pm
B - හොඳයි හොඳයි...7:54 pm
C - අනේ ඔන්න ඇදිලා යනව නම් පරෙස්සමෙන් අයියේ7:54 pm
B - ඔව් ඔව් කියන්න7:54 pm
මාරයා ... - එතකොට මං ඕ ලෙවල් ලියලා ගෙදර ඉන්න කාලේ7:54 pm
A- ඉතින් ඉතින්7:55 pm
මාරයා ... - ගම් පලාතේ එක මල ගෙයක් අත අරින්නේ නැහැ7:55 pm
මාරයා ... - එක පාරක් මම දවස් විසිගානක් මල ගෙවල්වල හිටියා එක දිගට7:55 pm
B - හික් හික්... පුදුමයක් නොවෙ නේ7:55 pm
C :-o :-o :-o eka digata7:55 pm
B - හපොයි...7:56 pm
මාරයා ... - උදේ හතට විතර ඇවිත් පැය දෙකක් විතර නිදාගෙන ආයෙමත් ලෑස්ති වෙලා 10 ට විතර යනවා7:56 pm
B- එච්චර මිනිස්සු මැරුනේ ඇයි? වසන්ගතයක් වත්ද?7:56 pm
මාරයා ... - සමහර දවස්වලට ඉතිං මල ගෙදරටම වෙලා බිත්ති කණ්ඩියක් උඩ හරි පුටු දෙකක් උඩ හරි නිදා ගන්නවා7:57 pm
මාරයා ... - ඇයි B අපේ ගම්වල කියමනක් තියෙනවා අහලා නැද්ද අර මරණ හතේ කතාව7:57 pm
B- ඒ ගේවල් වල මිනිස්සුත් භය වෙන්න ඇති...7:57 pm
A - මළ ගෙවල් පාලුවෙක් විදිහට වැඩ කරන කාලේ නේ මේ කියන්නේ7:57 pm
මාරයා ... - හරි හමන් එකෙක් මලාම එක දිගට ගම වටෙන් හතක් යනවා..බඩුම තමා7:58 pm
B- ඔව් ඔව්.. අහලා තියෙනවා... හප්පා...7:58 pm
A- මමත් විශ්වාස කරනවා ඒ මරණ් හතේ කතාව7:58 pm
මාරයා ... - අන්න හරි මල ගෙවල් පාළුවා කාලේ7:58 pm
මාරයා ... - අන්තිමට මට නමකුත් වැටුනා සංවිධායක කියලා7:59 pm
මාරයා ... - මොකද ඉතිං එක් දෙක වෙලා..තුන්වෙනි මල ගෙදර විතර වෙනකොට ඒවායේ කෙරෙන්ට ඕන හැම වැඩක්ම මම දන්නවා..ඉතිං මම බැහැලා වැඩ7:59 pm
B - මරන සංවිධයකද?8:00 pm
මාරයා ... - මල ගෙවල් සංවිධායක8:00 pm
මාරයා ... - ඉතිං ඔය අතරේ එකපාරට හිඩසක් ආවා.8:00 pm
මාරයා ... - ඒ කිව්වේ මල ගෙදරක හත් දවසම ගහලා ඉවර උනාම ආයේ යන්ට මල ගෙයක් නැහැ..එකෙක්වත් මැරෙන පාටක් නැහැ8:01 pm
මාරයා ... - දැන් මේ අටවෙනි දවස...අද රෑ ඉතිං යන්න අතක් නැතිව මම දහ අතේ කල්පනා කරනවා8:02 pm
මාරයා ... - මාර ප්‍රශ්නේ..කොහොම හරි ඔහොම හවස් උන ගමන් මට චාන්ස් එකක් ආවා8:02 pm
B- මැරුනද මිනිහෙක්?8:03 pm
මාරයා ... - අපේ ටිකක් නෑදෑ වෙන අයියා කෙනෙක් මාව හොයං ආවා..
උංගේ අම්මා පණ අදිනවා ගෙදර කවුරුවත් නැහැ රෑට ටිතත් නිදි මරන්ට වරෙං කියලා
8:03 pm
B - අප්පා...8:03 pm
A- වීසා ඉල්ලලා ඉන්න ගමන් ඒ කියන්නේ8:04 pm
මාරයා ... - මාත් ඉතිං ඔන්න ඔහේ ගියා..ඒ උනාට මල ගෙයක් නෙවෙයිනේ..හිතට කිසිම ෆිට් එකක් නැහැ8:04 pm
මාරයා ... - අන්න හරි, වීසා දෙන්න වගේ ආවාට දෙන්නේ නැහැ..එම්බසියේ අවුලක්8:04 pm
මාරයා ... - ඒ අම්මට හොඳටම අමාරුයි..
පණ යන්න ඔන්න මෙන්න...ඒත් යන්නේ නැහැ..පැය කාලකට විතර සැරයක් හිටි හැටියේ ආහ් කියලා එක පාරක් හුස්ම අල්ලනවා
8:05 pm
මාරයා ... - නැත්තං ඉතිං මැරිලම තමා..8:05 pm
B- අනේ පව්...
8:05 pm
A- වීසා රිජෙක්ට් කරනවා,කොල අඩුවක් නේ8:05 pm
මාරයා ... - කොහොම හරි දැන් මේ මනුස්සයට අර හුස්ම අල්ලන වාරයක් ගානේ හැන්දකින් දෙළුම් ඉස්ම ටිකක් තොලේ ගාන්න ඕන8:06 pm
මාරයා ... - දැන් දවල්ටනං මේ අම්මගේ අනිත් දරුවෝ හැත්ත බුරුත්තම ඉන්නවා ඔය ඩියුටිය කරන්ට..ඒත් රෑට නැහැ8:07 pm
මාරයා ... - රෑට ඕක කරන්නේ ඒ අම්මගේ මිණිබිරියෝ දෙන්නෙක් තමා.8:07 pm
මාරයා ... - ඉතිං දැන් මගේ ඩියුටිය තමා උන් දෙන්නට තනි රකින එක8:07 pm
මාරයා ... - හොඳයි නේද..එක කෙල්ලෙක් මගේ වයසේ..අනිත් එකී ඒ කාලේ 8 වසරේ...8:08 pm
B- නරකම නෑ එහෙනම්8:08 pm
A - ළාමක ටිං ටිං8:08 pm
මාරයා ... - අනේද කියන්නේ..8:08 pm
මාරයා ... - මටත් 16යිනේ8:09 pm
මාරයා ... - කොහොම හරි ඔය වැඩෙට තවත් බුවෙක් හේත්තු උනා අර අයියාගේ ඉල්ලීමකට..8:09 pm
මාරයා ... - හා දැන් ඉතිං අපි හතර දෙනයි..8:10 pm
ඉ - මලා.... මාරයට කෙල වුනාද?8:10 pm
මාරයා ... - ඒකා එක අතකින් හතුරෙක්..ඒකා මාත් එක්ක පොඩි කාලේ ඉඳලාම මොනවා හරි එහෙකට තරහයි8:10 pm
මාරයා ... - අපි කවදාවත් අද වෙනකල් කතා කරලා නැහැ.8:10 pm
මාරයා ... - මට වඩා අවුරුදු 5ක් විතර වැඩිමල්8:11 pm
මාරයා ... - ඒත් බලන්න පින්වතුනි8:11 pm
මාරයා ... - මේ වගේ තැන්වලදී කොල්ලෝ වෙන අපි මොන තරං සංයමයකින් වැඩ කරනවද කියලා8:11 pm
මාරයා ... - අපි දෙන්නා කිසිම අවුලක් නැතිව වචනයක්වත් කතාත් නොකර කෙල්ලෝ දෙන්නා බෙදා ගත්තා ලතාවකට8:12 pm
මාරයා ... - ඌට ලොකු එකී..
මට පොඩි එකී
8:12 pm
A- අන්න කොල්ලෝ8:12 pm
මාරයා ... - අර මැරෙන්න යන අම්මාට පිරිමි දරුවෝ දෙන්නයි8:13 pm
මාරයා ... - ගෑනු දරුවෝ 4යි8:13 pm
මාරයා ... - වැඩිමල්මත් කොල්ලෙක් බාලයත් කොල්ලෙක්8:13 pm
මාරයා ... - බාලම පුතා තමා මගේ යාළුවා..ඒ උනාට ඒකා මට වඩා අවුරුදු 12ක් විතර වැඩිමල්8:14 pm
මාරයා ... - දැන් අර ලොකුම පුතාගේ එක දුවෙක් තමා මෙතන ඉන්න ලොකු කෙල්ල..ඒ කිව්වේ මගේ වයසේ කෙල්ල8:15 pm
මාරයා ... - අර හිච්චි එකී අර අම්මාගේ තුන්වෙනි ගෑනු ළමයගේ දෙවෙනි දූ..8:16 pm
මාරයා ... - දැන් නෑදෑ කම් පැහැදිලියි නේද..?8:16 pm
මාරයා ... - ඔය හිච්චි කෙල්ලගේ අක්කා තමයි මං මේ තාක් කාලෙකට මේ මුළු තුන් ලොකෙම දැකපු ලස්සනම කෙල්ලEdit8:17 pm
B - අනේ... හවු සුවීට්...8:17 pm
මාරයා ... - කරුමෙට ඒකි මට වඩා අවුරුද්දක් වැඩිමල් උනා8:17 pm
A- තවත් කොස්සක්8:18 pm
B- වයස අවුලක් නෑ නේ8:18 pm
මාරයා ... - අයිස්වර්යාව මම අදටත් ගණන් ගන්නේ නැහැ බං..ඒකි ඉස්සරහා අයිස්වර්යා ඇවිල්ලා මට වැඳිරියෙක්8:18 pm
B- ඒ වුනාට මම ලස්සනයි නෙ ඊට වඩ මාරයියේ?8:19 pm
මාරයා ... - වැඩක් නැහැ බං ඒදවස්වල මම පුංචි එකා..අර අක්කාව බඳින්න කොල්ලෙක් ආවා ගියා..ඒත් ඒකි දන්නවා මම ඒකිට හුගාක් මනාපයි කියලා..ඒකිත් මොනවා උනත් මටත් ආදරෙයි8:19 pm
මාරයා ... - මගේ බුදු ෆිට් එක ඒ අක්කා..
ඇත්තටම ඒකිත් හෙන අප්සෙට් මං ගැන..ඒ තරමටම ඒකිට මාව දකින කොට අප්සෙට් යනවා
8:20 pm
A- අපරාදේ වයස් හුට්ටප්පරේ8:21 pm
මාරයා ... - හරි ඉතිං කතාව අහපල්ලාකෝ..නිකං කම්මැලියි වගේ නැහැ නේද?8:21 pm
A - නෑ නෑ8:21 pm
B - අපේ නෑ8:21 pm
මාරයා ... - හරි...ඉතිං දැන් වැඩේ නැගලා යනවා අපි හතර දෙනා අර අම්මටත් සාත්තු කරන ගමන් එළි වෙනකල් කැරම් ගහනවා8:22 p
මාරයා ... - මං දැන් මේ කතාව කියන්න පටන් ගත්තේ උඹලා 4 දෙනෙක්ගේ කතාව ඇදලා ගත්ත හින්දනේ8:22 pm
මාරයා ... - ඔන්න මගේ ජීවිතේට මුලින්ම කණ කොකා හැඩළුවේ ඔය හතර දෙනෙක් එකතු වෙලා මගුල් නටාපු හන්දා තමා8:23 pm
මාරයා ... - දැන් කොහොම හරි අර කොල්ලයි මායි නිහඩවම සම්මුතියකට ඇවිල්ලා දෙන්නා දෙන්නාට පෙරනවා එකසිය ගානට8:24 pm
මාරයා ... - ඒත් ඉතිං ගව් ගනන් වටෙන් තමයි කතාව යන්නේ8:25 pm
මාරයා ... - මාත් පොඩි එකානේ බං..කකුල් දෙක ගැහෙනවා එකසිය ගානට8:25 pm
මාරයා ... - ඒත් ඉතිං කෙල්ලෝ දෙන්නත් ලතාවකට වැඩේට එන්ටර්8:26 pm
මාරයා ... - කොහොම හරි අර අම්මා දවස් අටක් විතර පණ ඇදලා යාන්තං වීසා එක ගහගත්තා8:26 pm
මාරයා ... - ඒත් අපි ජෝඩු දෙකම තාම දණ ගානවා...8:27 pm
මාරයා ... - ඒත් ඉතිං මළ ගේ උනාට පස්සේ හැට හුට හමාරක් පිරුනනේ මල ගෙදරට..
ඊට පස්සේ රෑට රෑට අපේ කතාව අනිත් උන්ට ලීක් උනා
8:27 pm
මාරයා ... - ආදරයක් ප්‍රකාශයට පත් කරගන්න තේරෙන්නේ නැහැ..ඒත් දෙන්නා දෙන්නා පැල් බැඳගෙන කතාව8:28 p
A- උබලගෙම කටවල් වලින් තමා ලීක් වෙන්නේ එහෙනම්8:28 pm
මාරයා ... - නැහැ බං අපේ ඇස් කතා කරනවානේ...ඒකෙන් වැඩේ මාට්ටු8:29 pm
මාරයා ... - කොහොම හරි අන්තිමට ලොකු ලොකු අය අතරට මේක ගියාම වැඩේ බකල්..8:29 pm
මාරයා ... - ඒත් අනිත් කොල්ල වෙනුවෙන් මටම අර ලොකු කෙල්ලගෙන් වැඩේ අහන්න උනා..මං ඒකත් අහලා උන් දෙන්නව සෙට් කලා..8:30 pm
මාරයා ... - අන්තිමට මගේ එක අහන්න විදියක් නැහැ..එහෙං කෙල්ල බලන් ඉන්නවා මං දැන් අහයි දැන් අහයි කියලා..ඔය අත‍රේ මහ කස්ට්ය මේක දැනගෙන කෙල්ලට දීලා අනතුරු ඇගවීමක්..8:31 pm
මාරයා ... - කෙල්ල එතකොට ඉස්කෝලේ ගියේ ඔය xxxx පැත්තේ ඉස්කෝලෙකට..මම දවසක් කට්ට කාගෙන ඉස්කෝලේ ගාවටම ගෙහුං ඇහුවා ඕන මගුලක් කියලා..
ම්හූ ..මෙන්න මේකි හිනා වෙනවා විතරයි..මෙලෝ උත්තරයක් නැහැ..
8:33 pm
මාරයා ... - කොහොම අනත් අන්තිමට මගේ වැඩේ හරි ගියේ නැහැ..මං හිතන්නේ කෙල්ල මට අන්තිමට දීපු ලියුම තාම මං ගාව එය කොහේ හරි ඇති8:33 pm (
මාරයා ... - දුක් සීන් එක8:34 pm
A - ලියුම් යන්න තරම් දුර දිග ගිහින් නේ8:34 pm
මාරයා ... - උඹ දන්නවද අපේ ආදරේට බධාව උනේ මොකක්ද කියලා8:34 pm
A - හතුරා8:35 pm
මාරයා ... - ඔන්න අහගන්න ..මාරයා අයියාට මුලින්ම කෙල උන හේතුව..8:35 pm
මාරයා ... - නැහැ යකෝ ඒකියි මමයි එකම උස8:35 pm
B - හික් හි...8:35 pm
මාරයා ... - අනිවා තව ටික දවසක් යනකොට ඒකි මට වඩා උස යනවා..ඒ තරමට දඩු කෙල්ල8:35 pm
මාරයා ... - හැබයි පුතේ අන්න ඇස් දෙක..තාම මාව සීතල වෙලා යනවා ඒක මතක් වෙනකොට8:36 pm
මාරයා ... - ඉතිං මට කොන්දේසි විරහිතව අකුලගන්න උනා8:37 pm
Hipo ,, - හික් හික්... heels දාන්න...8:37 pm
මාරයා ... - දැන් වගේනං මං දනී ඕක ගොඩදාගන්න විදිය..ඒ දවස්වල ඉතිං මට පළ පුරුද්දක් නැහැනේ ඔය කෙල්ලෝ සම්බන්ධව8:37 pm
මාරයා ... - දැන්නං ඉතිං ඕක මහ වැඩක් නෙවේ..මවලා පෙන්නන්න බැරියෑ වදන් වලින්8:39 pm
Anushka (Bunny) - මොකක්ද මොකක්ද මාරයියේ ? වලියක්ද මරණයක්ද ? උබට කොක්කක්ද ? මට කියාපං.. ඇඩෝව්..!!8:39 pm
wap Nishantha - ඇ මරණයක් මරණයක් කෝ කෝ8:39 pm
මාරයා ... - කොහොම උනත් ඒ වැඩේ ගස්..ඔන්න ඕකයි මම අකමැති හතර දෙනාගේ කේස්වලට..හතර අගුණයි මට8:39 pm
මාරයා ... - ඔකේ පසු කතාවකුත් තියේ..ඒකත් කියන්ටද?8:40 pm
A- කියමු8:40 pm
B - කියන්න කියන්න8:40 pm
මාරයා ... - අන්තිමට කාලෙකට පස්සේ අර අනිත් ජෝඩුව ඒ කියන්නේ අර මගේ වයසේ කෙල්ලගේ නංගි තමයි මාත් එක්ක යාළු උනේ8:41 pm
මාරයා ... - චූටි බටු ඇට කෙල්ල..මම ඒකි ගැන බ්ලොග් එකේ සෑහෙන්න ලියලා ඇති8:41 pm
මාරයා ... - ඒකි මුලින් මට අරක දාගන්න සප් එක දුන්නා හිටන්8:42 pm
මාරයා ... - ඒත් මම කෑව කට්ට දැකලා..ඒකි මට පණ ඇරලා ආදරේ කලා8:42 pm
මාරයා ... - කොහොම හරි කාලයක් යනකොට මට තේරුනා ඒකි මට හුගාක් ආදරෙයි කියලා..ඒ ගමන මම ඒකිගේ හිත රිද්දන්නේ නැතිව ඒකිට කැමති උනා8:43 pm
මාරයා ... - ඒ කි දන්නවා මගේ මගෝඩි වැඩ ඔක්කෝම..8:44 pm
මාරයා ... - එතකොට තව එකක් කියන්නං..අර මට සෙට් නොවුනු කෙල්ල ගැන8:44 pm
මාරයා ... - ඒක සෝකාන්තයක්8:44 pm
මාරයා ... - ඒ කෙල්ල පස්සෙන් පහු ටිකක් දාංගලේ වැඩි උනා..8:45 pm
මාරයා ... - ඇත්තටම ඒකි මට ආදරේ කරපු බව මගේ පස්සේ කෙල්ල කිව්වා..මට අකමැති උන එක තමා ජීවිතේ කල ලොකුම වරද කියලා8:45 pm
මාරයා ... - උන් දෙන්නත් අක්කලා නංගිලානේ..ඒ හින්දා ඕන දෙයක් කතා බස් කර ගන්නවා8:46 pm
A- ඒ කියන්නේ පොට වරද්දගෙන ඉවරයි කෙල්ල එතකොට8:46 pm
Anushka (Bunny) - ඔහ්.. පුල්රොමැන්ටික් .... :'(8:46 pm
මාරයා ... - පස්සේ කාලෙක මම ගමේ හිටිය නැති අතරේ8:46 pm
සුදු පූසා - බ්ලොග් එකේ ලියන්න හොඳ කතා මේකේ මොකට ලියනවද o_O8:47 pm
B- යන්න පුසො යන්න8:48 pm
A- මායි B විතරය් හිටියේ,,උබලා ඇවිල්ල කට වහන් ඉදපල්ලකෝ8:48 pm
මාරයා ... - ඒ කෙල්ල අන්තිමටම අපේ ගම කිට්ටුව ලොකු ෆැක්ට්‍රියක අයිතිකාරයෙක් එක්ක සෙට් වෙලා තිබුනා..මිනිහා ලංකාවේ ටිකක් නම ප්‍රසිද්ද එකෙක්8:49 pm
මාරයා ... - ඌ කෙල්ලගේ තාත්තගේ වයසේ..8:49 pm
සුදු පූසා - මාරයියේ මම සිරාවට කියන්නේ. මේකේ ලියපු ටිකම හරි කමක් නෑ කොපි කරලා අරගෙන බ්ලොග් එකේ දැම්මනම් මරු කතාව :)8:49 pm
මාරයා ... - මේකි අර මිනිහාගේ සල්ලි වලින් පිස්සු නැටුවා..ඌත් මෙකිව හැම තැනම දක්කගෙන ගියා8:50 pm
මාරයා ... - ඒ කෙල්ල විනාසම උනා..ගෙදර අයයි නෑදැයොයි ඔක්කෝම තරහා උනා8:50 pm
මාරයා ... - දැන් මම දන්නේ නැහැ ඒකිට මොනවා උනාද කියලා8:51
මාරයා ... - දැන් සමහර විටක කොළඹ හරි කොහේ හරි ඇති8:51 pm
B - අනේ පව්..... මාරයියගේ වැරැද්ද...8:51 pm
මාරයා ... - හුගාක් දුරට ගණිකා නිවාසෙක තමයි කෙල්ලගේ අවසානේ වෙන්නේ8:51 pm
A- නෑ ඒක ඒකි ජීවිතේ ගෙනියන්න ගෙනාපු විදිහ8:52 pm
B- පව් අප්පා8:52 pm
මාරයා ... - මම වරදක් කලේ නැහැ නංගී මම මාරම කට්ටක් කෑවා ඒකි වෙනුවෙන්..ඒ තමයි මම කෙල්ලෙක් එක්ක යාළු වෙන්න උපරිම කෑව කට්ට සහ8:52 pm
මාරයා ... - මට යාළු වෙන්න අහලා යාළු වෙන්න බැරි උන එකම කෙල්ල8:53 pm
Anushka (Bunny) - ඔබේ දෑස...දැක ගත්තෙමි..සැදැකලේක ලදුනේ.. ලදුනේ...8:53 pm
මාරයා ... - ඒත් අදටත් මම මූනු පොතට ගියහම එයාව හොයනවා සැ‍රින් සැරේට8:53 pm
A - ඒකි යාලු උනා නම් සමහර විට කතාව මේක නොවෙන්න තිබුනා8:53 pm
මාරයා ... - කොහේ ගියත් මගේ ඇස් දෙක තාම ඒකි දකී කියලා බලාපොරොත්තුවක් තියෙනවා8:54 pm
A- අපේ රට පොඩි රටක් කවදා හරි දකී8:54 pm
wap Nishantha - මාරයා මේ බස් එක බ්ලොග් පොස්ට් එකක් විදිහට හදලා දාපන් ............. නවමු අත් දැකිමක් වෙයි ..පාඨකයට8:54 pm
මාරයා ... - ගණිකා නිවාසෙක හිටියත් ආයෙමත් අහු උනොත්නං මම එකක් එනවා කනට දෙකක් දීලා හරි8:54 pm
මාරයා ... - මේක බ්ලොග් එකේ ලියන්න බැහැ බං..හෙන දිග කතාවක්8:55 pm
මාරයා ... - මේ උපරිම කෙටි කරලා කිව්වේ8:55 pm
A- හිතේ කොනක තාම ඒ ආදරේ තියනවා8:55 pm
wap Nishantha - ඒක තමයි මේ සංවාද ශිලි විදිහ හරිම අපූරියි බන් ......ස්ට්ටක් එඩිල් කරලා දාපන් ......සිලාවට කියන්නේ ........අලුත් ඇත් දැකිම්ක් බලන අයට8:55 pm
මාරයා ... - අප්පා වැප් උඹ මාව දාන අමාරුවක්..Edit8:56 pm
මාරයා ... - ඔන්න හතරදෙනෙක්ගේ කතාව ඉවර වෙච්ච තැන 8:56 pm
wap Nishantha - දාන අමාරුවක් නෙමෙයි යකෝ ........මේවා තමයි විදි .............8:56 pm
-A ඒක තමා8:56 pm
මාරයා ... - හ්ම්ම් බලමු වැප්..8:57 pm
A - මම බස් වලින් අහපු පලමු කතාව8:57 pm
Anushka (Bunny) - පාඨකයින්ගේ දැඩි ඉල්ලිම මත හෙට මාරයාගේ ප්‍රේමකතාව බ්ලොග් ගත කෙරෙණු ලැබේ...8:57 pm
A - බස් වලට ආදර්ශයක් මේක8:57 pm
මාරයා ... - මගේ කතා පොත තාම ඉවර නැහැ බං..ඕවා කවදා කියලා ඉවර කරන්න පුළුවන්ද මංදා8:57 pm
wap Nishantha - බලන්න එපා යකෝ .......මේක සුට්ටක් එඩිට් කරපන් ...........ඒ ඇති එ කිව්වේ ඔය A ගේ කමෙන්ට් අයින් කරලා දාපන්8:57 pm
මාරයා ... - ආ ඔව් බලමු එහෙමවත්Edit8:58 pm
B- මගෙ කොමෙන්ට් තියන්න8:58 pm
සුදු පූසා - අයියා ඉස්සර බ්ලොග් එකේ ලිව්ව ඒවා හැටියට මේවා මොනවද?8:58 pm
wap Nishantha - කට්ටයිම ඉල්ලපියව් යකුනේ8:58 pm
මාරයා ... - ඔය එකක්...
ඕකත් එක්ක මම දැන් තුනක් කියලා තියෙනවා
8:58 pm
wap Nishantha - එකායි දෙකායි තුනයි ...........ඉල්ලපියව්8:58 pm
A- මමත් කියනවා කතාව පටන් ගත් සිටම හිටිය නිසා,බ්ලොග් එකට දෙමු මේක8:58 pm
මාරයා ... - ඔක්කෝම 24ක් කතා තියෙනවා බොලව් කියනවානං8:58 pm
D- දියවූ...................!!8:59 pm
Anushka (Bunny) - ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං ලියපං8:59 pm (edited 8:59 pm)
wap Nishantha - දියව් දියව්8:59 pm
B - දාමු බ්ලොග් එකට...8:59 pm
මාරයා ... - හ්ම්ම්ම් හරි හරි දාන්නං8:59 pm
wap Nishantha - කෝ අර A යා ......ඉල්ලපිය යකෝ හුමිටි තියලාහරියන්නේ නැහැ8:59 pm
Anushka (Bunny) - දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......දියවූ.......8:59 pm
සුදු පූසා - ඉතින් පටන්ගමු අලුත් කතා සෙට් එකක් මාරයියගේ ලව් කතා9:00 pm
wap Nishantha - ඉල්ලිම් ලැබුනා කට්ටය සතුටින් විසිර ගියා9:00 pm

26 comments:

  1. මාරයා අයියෙ පිස්සු හැදෙන කතාවක් නේ.. මෙ වෙලා තියෙන්නෙ.හැබැයි ඉතින් දුක හිතෙන කතාවක්...:-(((

    ReplyDelete
  2. මම මේ බ්ලොග් එකට කැමති...මාරයාගේ ගොඩක් අත්දැකීම් මටත් ලගින් ලගින් යනව වගේ හින්දදෝ කියල මට හිතෙනවා..

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම්.. පුදුම කතාවක්.. එ කෙල්ලගේ අපල කාලයක් වෙන් ඇති.. දැන් වත් හොදින් නම්...

    ReplyDelete
  4. කිසිදෙයක් හරියට නොතේරේ....
    එහෙන් මෙහෙන් තේරේ.....

    ReplyDelete
  5. මාරයියේ අද අහම්බෙන් එලියට ආපු බස් කතාව මේ තරමට දුර ගියා නේ...ඒ කතාව බ්ලොග් එකට ආපු එක හොදයි..මාරයියේ ජීවිතය ගැන ඉගෙන ගන්න උබේ චරිතයත් හොද ඉස්කෝලයක්,

    (මාරයියේ blogger update වෙලා නෑ මේ පෝස්ට් එක පොඩ්ඩක් බලන්න.සින්ඩියේ තිබේ)

    ReplyDelete
  6. මාත් මෙතනදි තමයි කතාව කියෙව්වේ ...

    ReplyDelete
  7. නියමයි බං... ඉතුරු ටිකත් බස් එකේද දාන්නේ?

    ReplyDelete
  8. මාරේ අයියගේ ජිවිතේ හරි පුදුමයි....

    ReplyDelete
  9. මාරයා ඉස්සර හරි වැඩ කාරයෙක්නේ.කොහේද අපි ඉස්සර හරි ලැජ්ජ කාරයෝනේ.ඔන්න මාත් නාඩි වාක්‍යයක් ඇහුවා. පටිගත කල විස්තර බ්ලොග් එකේ ඇති.අහල බලල අදහස් කියන්නකෝ.

    ReplyDelete
  10. මාරයාගෙ ඇත්ත ආදර කතාව අද තමයි දැනගත්තෙ....

    ReplyDelete
  11. ඔය බස් එක කොහෙ යන එකක්ද? අපිටත් නෑගල බලන්ඩ බෑරිද?

    http://aluthkolla.blogspot.com/

    ReplyDelete
  12. මල ගෙදරින් ලවු එක පටං ගත්ත හිංදද මාරය උනේ...

    ReplyDelete
  13. හපොයි මට බස් එක මිස් වෙලානෙවැ...

    ReplyDelete
  14. නම් කියන්නේ නෑ කියලා...හික්..
    හොද වෙලාවට මාර අයියේ මම ඉදීයේ නැත්තේ...එහෙනම් ඔය විදිහට කතාව ගලාගෙන යන්නේ නෑ ඔතන...:)

    ReplyDelete
  15. මාර කතාවක් අයියා.. එතකොට ප්‍රථම ප්‍රේමෙ අමතක කරන්නම බැරි එකක් වගේ.. හිතේ නම් ලොකු ආදරයක් තියනබව පේනවා.."ගණිකා නිවාසෙක හිටියත් ආයෙමත් අහු උනොත්නං මම එකක් එනවා කනට දෙකක් දීලා හරි" මේ පේලියෙන් හොඳටම..
    ලංකාව පොඩි රටක් අයියා..

    ReplyDelete
  16. @අසoක...

    ඔව් මල්ලි හැබෑම කතාවක් ඔයා..බොහෝම කෙටියෙන්..
    බ්ලොග් එකේ ලියන විදියට ලිව්වනං බ්ලොග් පෝස්ට් විස්සක් විතර ඇදෙන එකක්

    @කුරුම්නියා...

    සමහර විට..

    @නිම්ශා...

    දන්නේ නැහැ නංගි...අපලේ සමහර විට එයාගේ විතරක් නොවෙන්නත් ඇති...

    @Thusitha Jayasinghe...

    ටිකක් උවමනාවෙන් බැළුවොත්නං ඒක ඒ හැටි අමාරු වෙන්න විදියක් නැහැ...

    @ItalyDilan...

    කොතනින්ද පටන් ගත්තේ කොතනින්ද ඉවර උනේ නේද ඩිලාන්...

    මොකක් නමුත් බ්ලොග් රෝලේ අවුලක් තියෙනවා වගේනං තමා..

    ReplyDelete
  17. @හසී...

    මේ මොකෝ...???

    @වැප්...

    මොකක් යකෝ..එතකොට මේක දාන්න කිව්වේ බලලත් නැතිවද..?අම්මප උඹනං....

    @අකීකරු හිත...

    මොන පුදුමද නංගි..ඔය තමා නියම ජීවිතේ...

    @JHOTHISHALANKA...

    අනේ මංනං තාමත් ලැජ්ජා කාරයා මෙහෙම හිටියට..
    මං බලන්නංකෝ

    @kumaraya...

    හා හා ඉක්මන් වෙන්න එපා අයියණ්ඩි..24/1ක් පමණි...

    @අළුත් කොල්ලා...

    බලමු අපේ බස් පියාණන් වන වැප්නි සාන්ත මහත්තයගෙන් අනු මැතිය ලැබුනොත් මෙතනින් පාරක් කපන්ට ඒ බසයට

    ReplyDelete
  18. @Praසන්ன...

    එතනින් පටන් ගත්ත හින්දද මංදා හැම එකම මිය පරලව යන්නේ

    @MaRLaN...

    ඒක නෙව..අන්තිමට බනියත් ඩොඩ උනා නෙව

    @රත්ගමයා...

    ඒ නම් දාලා තියෙන්නේ අන්තිමට ආව අයගේ නෙව...ඔය කතාව ඇදගෙන ගියේ අපි 4 දෙනෙක්නේ

    @ප්‍රාර්ථනා...

    මාත් හිතනවා නංගි ලංකාව පොඩි රටක් කියලා...

    ReplyDelete
  19. හා හා ලියමු එහෙනම් ඒ කතා ටිකත් මැදින් නවත්තලා අරන් තියන්නවත් බැරියැ. හදිස්සියෙවත් ඒ කෙල්ල මේක දැක්කොත්. හා හා......

    ReplyDelete
  20. මෙතන A, B, C කියල දැම්මට ඔය තියෙන්නේ ස්ටෝරී කතාව නං ගං එක්ක බස් එකේ!

    ReplyDelete
  21. @හා පැටික්කි (MS)...

    "හා හා ලියමු එහෙනම් ඒ කතා ටිකත් මැදින් නවත්තලා අරන් තියන්නවත් බැරියැ"

    අනේ අනේ මෙහෙමත් ඔළුව අතගාලා ටොකු ඇනිල්ලක්

    @Kathandara...

    ඒකනං එහෙම තමයි..ඒත් ඉතිං හැමෝම යන්නැහැ නෙව ඔය පැත්තේ...

    ReplyDelete
  22. ඔන්න පේනවනේ අයියේ මම තමයි මුලින්ම කිව්වේ ඕක බ්ලොග් එකේ දාන්නය කියලා. පස්සේ වැපා ඇවිත් උඩ පැන පැන කෑ ගහන්න ගත්තෙත් ඒක දැකලා තමයි :D

    ඉතුරු කතා ටිකත් ලියන්ට ඈ...

    ReplyDelete
  23. හෆ්ෆා මමත් නැග්ග බස් එකක්නේ මේක ( අන්තිම ටික නම් අදින්න බැරි උනා :( )

    ඒ ගෑනු ලමයා කැමති උනානම් ඇත්තට අද ඔය කතාව වෙනස්

    ReplyDelete
  24. මං නම් මේක බශ් එකේදිම බලා ගත්තා... පවු බං මාරයියේ උබ :-/

    ReplyDelete
  25. මාරයියගෙ ජීවිතේ හරියට කතා පොතක් වගේ.....
    මගේ First Love එකෙයි ඔයාගෙ First Love එකෙයි පොඩි පොඩි සමානකම් තියෙනව,
    හැබැයි මට නම් එයාව පස්සෙ කාලෙක මුනගැහුන (අවුලක් නැහැ, හොදින් ඉන්නව)

    ReplyDelete