13 March 2011

ඇයි අපිට බැරිද..? මගේ මෝඩ ආතල්...

අද උදේම ගෙදර ආවේනං අද මුකුත්ම ලියන්නේ නැහැ කියලා හිතාගෙන..
අනික අද මම ගූගල් බස් එකේ කේන්දර බලන දවසනේ..
ඒත් අන්තිමට සිද්ද උනේ වෙන මගුලක්..
අපේ වැප්නි සාන්ත කොළුවා තව බස් එකක් දාලා තිබ්බා...මම ඒක බැළුවහම තමයි දැක්කේ මේ දවස්වල බ්ලොග් අවකාශය පුරාවටම දකින්න ඉන්න නිතර දකින අර කරමලේ සුදු වෙච්ච තවත් කුකලෙක්...

තවත් බ්ලොග් එකක් හැක් කරලා වගේ කියලා පෝස්ට් එකක් දාලා...
මං පහුගිය දවස් ටිකෙම් හිතුවේ මම ඔය මගුල් ආතල් එක ගැන නොලියා ඉන්නවා කියලා..ඒත් ඒ සයිට් එක දැක්කාමනං මටත් හිතුනා මොනවා හරි කරන්න..

අන්තිමේදී මම ජීවිතේ පලවෙනි වතාවට බ්ලොග් එකක් හැක් කලා..

හා හා හෝව් හෝව්..කලබල වෙන්න එපා..
දැන් නැතිතං කට්ටිය එයි මගෙන් ඒක කරන හැටි අහගන්න...
ඒකනං කියා දෙන්නේම නැහැ ඕං..
........................................

හරි ඉතිං මං හැක් කලේ "මාරයාගේ හෝරාව" කියන බ්ලොග් එක..හරිම ලේසියි ආයේ ඔය අරක මේක හොය හොය වටේ යන්න ඕන උනේ නැහැ..මං එකපාරින්ම වැඩේ කලා...

කොහොමද මගේ වැඩ...
ඒත් ඉතිං පලවෙනි වතාවේ කල හින්දා ටිකක් අවුලක් වගේ තමා..ඒත් අද අර අපේ වැප් මලයා පෙන්නුව බ්ලොග් එක වගේම මාත් වැඩේ කලා..

හැබැයි ඉතිං ඒක හැක් කල පොල් බූරුවා වගේ මං මගේ හැක් කරපු සයිට් එකට පින්තූර දැම්මේ නැහැ..මටත් තිබ්බා ඉතිං ඒකේ දාලා තිබ්බ පින්තූරේ වගේ එකක් දාන්න.

මොකද ඒ පින්තූරේ දැමීම හරහාත් ඒ බ්ලොග් එක හැක් කරපු මෝඩ අමන තකතීරැවා කරලා තියෙන්නේ ඒ බ්ලොග් එක මෙච්චර දවසක් කරගෙන ගිය අර සද්ගුණවත් අති පිරිසිදු මුදල් වෙනුවෙන් නොව සාධාරණත්වය හා මනුෂ්‍යත්වය වෙනුවෙන්ම පෙනී ඉන්න බොධිසත්ව ගුනෝපේත රාමුවා රාමුවා මහතාගේම අරමුණට තල්ලුවක් දීමයි...

ඉතිං බ්ලොග් එකක් හැක් කරලා තව ඒකට හරියන විදියේම වැඩ කරන්නනං හැක්කරන්නේ අහවල් එකටයෑ..අයිතිකාරයටම ලියන්න ඇරලා නිකං ඉන්නවා මිසක්...

අනිත් කාරණාව තමයි ඒ හැක් කරපු අමනයා බ්ලොග් එක හැක් කරලා කමෙන්ට්ස් දාන්න ඇහැකි විදියට තියලා..හරි ෂෝක් ඉතිං අර බ්ලොග් එකේ අයිතිකාර ගරු කටයුතු මහත්තයා දැන් දිගට හරහාට කමෙන්ට්ස් තීරුව හරහා කමෙන්ට්ස් දානවා බ්ලොග් පෝස්ට් එකකට වඩා හොඳට..ඒකත් හරිම ෂොක්..

ඉතින් මාත් ඒ විදියට මාරයාගේ හෝරාව බ්ලොග් එක හැක් කරලා බැළුවා ටික වෙලාවකට...

අනේ ඉතිං මෙලෝ රහක් නැහැ..කවුරුවත්ම මුකුත්ම කියන පාටකුත් නැහැ.
වෙනදා ඒ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාපුවාම පලවෙනි පැය ඇතුලත ඒක බලන්න එකසිය විස්සත් එකසිය හැත්තෑවත් අතර පිරිසක් එනවා..ඒත් අද ඒක බලන්න ආවේ තිස් ගානයි...

අර රමුවා මහතාගේ බ්ලොග් එක හැක් කරපු කාලකණ්නියාට කොහොම උනත් මම නං මේකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා...

දැන් මේ හැක් කිරිල්ල කියන බූරු වැඩේ ගැන අපේ බ්ලොග් බලන උදවිය හොඳට තේරුම් අරං තියෙනවා..ඒ වගේ මෝඩ ආතල් වලට අහුවෙන හරක් බොහෝම අතලොස්සක් හිටියොත් මිසක් බහුතරයක් පිරිස ඒ ගොන් පාට් වලට අහුවෙන්නේ නැහැ කියන එකයි...

නැත්තං ඉතිං මං අර මාරයාගේ හෝරාව හැක් කල වෙලාවෙත් මිනිස්සු එන්න එපැයි පෝලිමේ බලන්න..ඒ විතරක්ද දාන්න එපැයි කොමෙන්ටු මාගල් ගනන් දිග..ම්හු..එහෙම දෙයක්නං මට පෙනුනේ නැහැ.

එතකොට අර රමුවා මහතාගේ හැක් කරපු පෝස්ට් එකට දිගට හරහාට එක එක නං වලින් කොමෙන්ට් දාන්නේ ඒක හැක් කරපු හරකාමද..? ඔන්න ඔය ප්‍රශ්නේ තමයි මට තියෙන්නේ..හැබැයි ඉතිං වෙනදටත් ඔය අඩවියේ කොමෙන්ට් දාන තරමක් දාන්නේ එහෙම අමුතුම නං ගං තියෙන කීපදෙනෙක් තමා...

අනේ මංදා..ඕකත් අර කුඩු ලාල්ගේ හරි වෙන මොකෙක්ගේ හරි වැඩක්ද මංදා..?

කොහොම උනත් මටම ලැජ්ජයි මේ හැක්කිරිල්ල් ගැන..මටත් හිතුනේ අනේ මං වගේ මෝඩයෙක් කියලා..ඒත් පැයක් විතර යනකොට හරි මට ඒක තේරුන එක ලොකු දෙයක්නේ...

අර අනිත් බ්ලොග් ටික හැක් කරන් ඉන්න ගොන්නු ටිකත් ඒක තේරුම් අරගත්තානං හොඳා නේද..?

හැබැයි ඉතිං තමුන්ට වෙච්ච වැරදි මග අරවා ගන්න හිතාගෙන තමුන්ම ඕවා හැක් උනා කියලා පෙන්නනවා කියලා මං හිතන්නේ නැහැ..මොකද ඒ හැම බ්ලොග් එකක්ම කලේ මේ මං වගේ යංතං සාමාන්‍ය පෙළ සමත් එකෙක් නෙවේනේ..
ඒ ලිපිවල ඒ අයම පෙන්නන්න හදන විදියට රටේ තොටේ ලොකු ලොකු විභාග පාස් කරපු උගත් දැනුවත් අය නෙව...ඉතිං එහෙම උගත් උදවිය අර වගේ අමන මෝඩ තකතීරුකම් කොරන අය වෙන්ඩ බෑනේ ආයිබෝං..

ඉස්සර ඉතිං ඔය අපේ හමුදාවල සෙබළුන්ටත් ඔය රටේ තොටේ උගත්යැයි කියා ගන්නා සම හරක් කිව්වේ අටපාස් උන් කියලානේ...

හැබැයි ඉතිං උගත් කියලා කියන සම හරක් මහත්තුරු අපිට හැදුව ප්‍රශ්නේ ඉවර කොරලා දුන්නේ නං අර අටපාස් කොල්ලෝ ටික තමයි...

ඉතිං අවසාන වශයෙන් කියන්ට තියෙන්නේ මමනං අර හැක් කරපු මාරයාගේ හෝරාව බ්ලොග් එක අතඇරලා දැම්මා... ඒක මහ කුජීත වැඩක් ආයිබෝං...
දැන් ඉතිං ඔය අනිත් මහත්තුරුත් ගොන් පාට් දාන්නේ නැතිව තමතමුන්ගේ බ්ලොග් හැක් කරපු ඒවායින් නිදහස් කලානං බොහෝම හොඳා..නිකං කාලේ කන්නේ නැතිව...

ඒ අතරේ අද මම දැකපු විශේෂ කොමෙන්ටුවක් මෙතන පල කරන්නං..මං හිතන්නේ ඒක දැපු කෙනා මාත් එක්ක අමනාප වෙන එකක් නැහැ ඒ සම්බන්ධව.
මං මේ කොමෙන්ටුව ගත්තේ මෙන්න මේ බ්ලොග් එකෙන් http://eyugaya.blogspot.com/2011/03/blog-post_12.html


මෙන්න ඒ කොමෙන්ටුව එහි තිබූ ආකාරයෙන්ම...

1. මචං අපි හැමදාමත් උඹත් එක්කයි.

2. මේ Comment එක මම අර “මගේ ලෝකය“ කියන මේ දවස් වල හැකිං ගැන කියන ළපටි බ්ලොග් එකේ දැම්මා ඒත් ඌ මේක පබ්ලිෂ් කරේ නැහැ.උඹවත් දාපං

මොන පිස්සුද ඹ්කුන් එකෙක්ගෙවත් සයිටි හැක් කරල නැහැ ඒ වගේමයි

එකෙකගෙවත් ඊමේල් හැක් කරලත් නැහැ.

උදාහරණයක් කියනවනම් ටැබූ බ්ලොග් එක ගනිමුකෝ ඒක හැක් කරලලු.! ඒ වගේම එයාලගෙ ඊමේල් එකත් හැක් කරලලු.!

ඒ දෙකම බොරු.....!

දැනගත්ත විදිය කියන්නද?

ඕනනම් බලන්න, ටැබූගෙ ඊමේල් එක Gmail එකක්.හරිද.ජීමේල් වල ලොගින් එකට ගිහින් Can't access your account? යන්න.ගිහිං ටැබූගෙ ඊමේල් එක වන swimfanlk@gmail.com දීල Continue යන්න.ඊළගට කැප්චා එකක් එනවා ඒක Fill කරල Continue යන්න දැන් බලාගන්නකො ටැබූගේ එකවුන්ට් එක රිකවර් කරන්න දීපු Option ටික.

ඉතිං ටැබූගෙ ඊමේල් එක වන swimfanlk@gmail.com වක රිකවර් කරන්න දීල තියෙන්නෙ swimfanlk@yahoo.co.ukකියන Account ඉතිං ටැබූට පුළුවන් ඇත්තටම ජීමේල් හැක් ඔතනින් රිකවර් කරන්න.(මොකද හැක් කලා නම් ඒ ඌරට මේවා වෙනස් කරන්න අමතක වෙලා) එහෙම නැත්තම් ඩයලොග් වන (මම අංකෙ නොදා ඉන්නම්කො) ටැබූගෙ මොබයිල් එකට password reset code එක ගෙන්න ගන්න පුළුවන්.

අනිත් දේ ගැන නොකිය ඉන්නම්.මොකද නැත්තම් ඒක වැරදයට පාවිච්චි කරයි.

ඒ ටැබූගෙ ජීමේල් හැක් කරලනම් නේ.මොන බොරුද ඒක හොදට ටැබූ පාවිච්චි කරනවා.අනුනුගේ පුද්ගලික දේවල් මොනාටද ඒ නිසා මම මේල් 60 කට වඩා කියෙව්වෙ නැහැ. :P අප්පා මගේ ඔලුව කැක්කුමත් හැදුනා ඒවා බලල.දැන් හිතයි මම ඒක හැක් කලා කියල.නැහැ අනේ මම එහෙම වැඩ කරන්නේ නැහැ මම කලේ මේ වේදිකා නාට්‍යයේ තිරය පිටුපස පැත්ත ටිකක් බලපු එක විතරයි.මොකුත් වෙනස් කලේ ගත්තෙ නෑ ඒවා එහෙම්ම තියෙද්ද මම ආවා.මට මක්කටෙයි ඕවා.

++ ටැබූ මෙක බලනවනම් ++ ඔයාට කියන්නේ ඹයාගෙ යාහු එකවුන්ට් එක රිකවරි කරන්න දීල තියෙන බර්ත්ඩේ එක විශේෂ දවසක් නේ. :P අනේ අනේ :D ටැබූ ඒක වෙනස් කරන්න නැත්තම් ජීමේල් කෙසේ වෙතත් යාහුටනම් බබා හම්බුවෙයි.එහෙම වුනොත් මල කෙලියක් තමා මොකද ඒකෙ තියෙන කොටු දාන ඒවා ලීක් වුනොත් :P අනික තමා ටැබූ ඔයා මේ දවස් වලයි කලිනුයි එක්කෙනෙක්ට අම්බානට මඩ ගහනවා, බනිනවා සහ හෙන සීන් නේ.ඒත් මොකද එයත් එක්ක අර විදියට ඊමේල් හුවමාරු කරගන්නේ? :P ඔයා දන්නවනේ මොන විදියටද කියල.

තවත් එකක් අර සූස්ති ගුණේ කියන එකයි මොහොමඩ්ගේ බ්ලොග් එකයි 90% අප්ඩේට් වෙලා තියෙන්නේ එකම IP එකකින් (Static තමා ඒත් ඒ ඔක්කොම එකම DATA Account එකකට ලැබුන ඒවා).ඒ වගේමයි ඒ IP සහ Taboo Subject බ්ලොග් අඩව්යේ ටැබූ ලෙස ලිපි පළ කිරීම් සහ Comment කිරීම් සිදු කරන ලද IP ද ඉහත ඒවා සමග 100% ගැලපෙනවා.ඒ කියන්නේ සූස්ති ගුණේ, මොහොමඩ් සහ ටැබූ යන බ්ලොග් අඩවි එකම පරිගණකයකින් පාලනයවූවා.!

ඒ වගේමයි මොහොමඩ් බ්ලොග් එකේ පලවූ ලිපි සහ Comment සියල්ල Draft එකේ තියෙනවා.ඒ වගේමයි මොහොමඩ් බ්ලොග් එකේ බැකප් XML පිටපත් පෙර සදහන් කර පරිගණකය සහ තවත් පරිගණකයක් විසින් නිතර නිතර ලබාගෙනත් තිබෙනවා.

ආ තවත් එකක් ටැබූගෙ බ්ලොග් එක මකලම දාල තියෙන්නේ.!
සමහරු කියනවා වගේ Privet කරල නෙමෙයි.

Wordpress බ්ලොග් එකක් Privet කලාම එන්නේ >> “The blog http://taboosubject.wordpress.com was marked private by its owner. You need to be invited to view this blog. For more information about blog privacy settings, please visit our support site.“ වගේ error එකක්.

ඒත් ටැබූගෙ මකපුම නිසා එන්නේ >> taboosubject.wordpress.com is no longer available.The authors have deleted this blog.“ කියන error එක.

ඒත් මකන්න කලින් ඒ බ්ලොග් එකේ XML එක Download කරගෙන තියෙනවා.ඒකත් පෙර සදහන් කල පරිගණකයටම තමයි.ඒ කියන්නේ බ්ලොග් එක කරපු, අප්ඩේට් කරපු සහ කමෙන්ට් දාපු පරිගණකය භාවිතයෙන්ම තමා බ්ලොග් එක Delete කරලත් තියෙන්නේ.

< මෙතනදි අනිත් පැත්ත ගැන හිතල පොඩි එකෙක් වගේ තමයි Tech විස්තර සටහන් කලේ හොදද.දැන් කට්ටියටම එකක් කියන්න ඕනා මම කවුද කියල ඔයාල දන්නෙ නැහැනේ ඉතිං ඒ නිසා කාටවත් මම කියල හිතාගෙන වැරදියට බනින්න හරි මුකුත් කියන්න හරි යන්න එපා මම ඔයාල කවුරුත් දන්න කෙනෙක් නෙමෙයි.ඒත් ඔයාල අතරෙම ඉන්න කෙනෙක් >

දැන් ඉතිං රෙදි ගැලවිච්ච අය සහ වයර්මාරුවෙච්ච ටෙක්නොලජි කාරයෙ මෙකට දාහක් දේවල් කියයි.
හිට් ඕනනම් මේ Comment එක Post එකක් විදියට දැම්මත් කාරි නැ.

** හැක් කරන්න පොඩි Tric එකක් ඕනද? මෙහෙම හිතන්නකො.ප්ලේන්ටියක් බීල කලුපාට කොටුවයි ජෙට් එකයි පාවිච්චි කරන කෙනෙක්ට ඕන එකක් හැක් කරන්න පුළුවන්
..........................................................................................

ඔන්න සම්පූර්ණම කොමෙන්ටුව..තව බලනවනං මෙන්න මේ ලින්ක් එකත් හොඳ ලිපියකට පාර කියාවි.

කොහොම උනත් මේ මගේ පුද්ගලික අදහස්..කැමති කෙනෙක් කැමති විදියට තේරුම් ගත්තට කිසිම වරදක් නැහැ...

35 comments:

  1. මොනාද අෆ්ෆා මේ කියන්නේ
    මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැ

    ReplyDelete
  2. කියලා වැඩක් නැහැ ..........ඔය තියෙන්නේ නියම ලිපියක්.

    මාත් ලියනවා දැන්මම එකක් :D

    ReplyDelete
  3. @Angel...

    තේරුනේ නැතිනම් තමා අන්තිම හොඳ..තේරුනානං මහ අවුලක්..
    ඒ කියන්නේ නංගි හැක් වීමට කිසිම සුදුසුකමක් නැහැ කියන එකයි..දැන් ඔයාට සතුටු වෙන්න පුළුවන්

    @වැප්...

    උඹේ පිහිටයි ආරස්සාවයි මලේ..
    හික් හික්...

    ReplyDelete
  4. මට පේන විදියට් දැන් හැක් කිරිල්ලත් කට්ටිය හොබි එකට අරන් වගේ

    ReplyDelete
  5. @sihinadanawwa...

    හොබී එකකට වඩා මෝඩ ආතල් එකකට අරගෙන කිව්වොත් හරි මං හිතන්නේ...

    ReplyDelete
  6. අපි අහුවෙයි ඕවට.

    ReplyDelete
  7. අනේ අපිට මේවා තේරෙන්නේ නෑ දෙයියනේ 8 පාස් ගමේ ඉස්කෝලේ ගිය අපිට මේව නුහුරුයි,,,මම මගේ ඇහැට කොම්පීතරයක් දැක්කෙත් 2000

    ReplyDelete
  8. අඩේ අන්න වැඩේ.. මොකෙක්වත් බ්ලොග් එක බලන්ඩ එන්නේ නැති වෙනකොට මාත් බ්ලොග් එක හැක් කොරලා කොමෙන්ට් විතරක් දානවා..
    උඹලත් ඇවිල්ලා කොමෙන්ට් දාපං හරියා..

    ReplyDelete
  9. මටත් මේව නම් තේරෙන්නෙම නේ...නොදන්න මොකක්ද එකට ගිහින් වරිගෙ නහගන්න ඕනම නෑ...

    ReplyDelete
  10. මාරයා අයියා අර කොමෙන්ට් එකේ තියන කතාව ඇත්තද? අපි ඉතින් ඔය වලි වලට නෑ නොවෑ,එත් ඉතින් අනුන්ගේ බ්ලොග් හෑක් කරන එකනම් මහ කෑත වෑඩක්

    ReplyDelete
  11. ඔන්න මම වැඩේ අතෑරියා. ආයෙ අහන්නේ නෑ මොකද මෙතන වෙන්නෙ කියලා.

    ReplyDelete
  12. ඈ අයියණ්ඩි....... ඔය හැක් කරන අය කැරට් කංකුං වලට හෙම පෙරේතද දන්නැ........ නැ මේ මට ටිකක් විතර අර කියපුවා තේරුන නිසා ඇහැව්වා......... :D

    ReplyDelete
  13. මාරයා අය්යා කියල තියනව කියන්න ඕන ටික පැහැදිලිව.දැන්වත් මිනිස්සුන්ට තේරෙනව නම් හොඳයි මේ සිදුවීම් මාලාව සැලසුම් සහගත් මෝඩ ජෝක් එකක් කියල. ටැබූව හැක් වෙලා කියල විරෝධය පලකරල ගිරියකඩාගන්න හදපු අයට දැන් මොකක්ද දන්නෙ නෑ කියන්න තියෙන්නෙ. කොහොමත් මම කැමතියි මේ අමුතු බ්ලොග් කරුවො තමාම හැක් කරගෙන ඒ අයගේ "පාඨකයින්ට" කොකා පෙන්නපු එක මොකද එතකොට ආයෙ ඔය වගේ ඩොලර් කාක්කන්ට කවුරුවත් කඩේ යන්න ලෑස්තිවෙන්නෙ නෑ.

    අනිත් එක මගේ බ්ලොග් එකේ තිබුන කොමෙන්ටුව. ඒක w3lanka එකෙත් තිබුනා ඒක ලියපු කෙනා කියන විදියට එයා ටැබූගෙ ජීමේල් ගිණුමට ඇතුලුවෙලා! ඒත් අර ප්ලේන්ටියෙයි ජෙට් එකෙයි තුන් තේරවිල්ල විසඳගන්න පුලුවන්නම් හරි :D

    ReplyDelete
  14. ජුංගේ කතාවක් දැම්මනම් තමා මේ වෙලාවට සනීපේ...

    ReplyDelete
  15. ආ අර ඉන්ගිරීසි එකක් තිබ්බේ ඒකද , ඒක දැකලා මම හිතුවෙ මාරයියා මේ උදේ පාන්දර කන සාක්කුවෙ වත් දාගෙන කියලා :D

    ReplyDelete
  16. මේ වෙන දේවල් දැකලා මගෙනම් ඔළුවත් අවුක් වෙලා වගේ o_O

    ReplyDelete
  17. දෙපාරක් කියෙව්වා ඒත් හරියට තේරුනේ නැනේ අයියෙ... අනේ මංදා..

    ReplyDelete
  18. ඔය වගේ දේශපාලන ගූ ගාගන්න බ්ලොග් මමනම් ජිවිතේට බලලා නෑ. :D

    ReplyDelete
  19. ඔව් ඉතින් මේක මාධ්‍ය ආයතන තමන් ම ගිනි තියා ගන්න , මාධ්‍ය වෙදියො තමන්ම ගුටි ගස්ස ගන්න රටක් ඒ නිසා ඔය වගෙ ඒවත් වෙන්න පුලුවන්,

    ඔය දෙපාර්ශවය කියන ඒවට ඒ පැත්තට මේ පැත්තට හිතල මට දැන් ඇතිවෙලා ඒ නිසා හැකින් කතාව ගැන අන්තිම කමෙන්ටුව අද කතන්දර හා මගේ ලෝකය බ්ලොග් වල ලිව්වා, මගේ බ්ලොගය තුලත් ලිපියක් ලිව්ව . ආයෙත් නම් ඔය ගැන මට කියන්න තියෙන්නෙ නෝ කමෙන්ට් කියල තමයි . කොහොමටත් ලංකාවෙ ගොඩක් දේවල් වලට තියන හොඳම උත්තරයත් "නෝ කමෙන්ට්" ම තමයි :D

    ReplyDelete
  20. මේ සිංහල බ්ලොග් අවකාශේ ලූලා නැති වලට කනයා පණ්ඩිතයා වගේ, ගස් නැති රටේ තණකොළ ගසුත් ගස් වගේ, මෙලෝ රහක් නැති මෝඩ දාර්ශනික බ්ලොගර් කෙනෙක් බිහි වෙලා හිටියා.

    කෙසේ නමුත් දැන් එයා අනන්‍යතාවයත් හෙළි වෙලා, කරපු ගොං වැඩ ඔක්කොම පබ්ලිශ් වෙලා නන්නත්තාර වෙලා නෝන්ඩි වෙලා ගිහින්.

    අපිට ඒකට සතුටු වෙන්න කිසිම දෙයක් නෑ. එයා දැම්මේ නිකංම නිකං ගොං පාට් එකක් කියලා අපි එදා ඉඳන් දන්නවා. උඹ වගේ ජීවිතේ තෙම්පරාදු වෙච්ච පැසුණු හිසක් තියෙන එවුන් ඒක තේරුම් ගත්තට මේකෙ බ්ලොග් ලියන එච්චර දේශපාලන දැනුමක් නැති තෙම්පරාදු නොවුන ගොඩක් තරුණ බ්ලොග්කරුවන්ට/කාරියන්ට ටැබූ සර් මහා ප්‍රාඥ්ඥයෙක් වෙච්ච බව නම් රහසක් නෙවෙයි.

    කෙසේ නමුත් එයා චුත වෙලා යාම සිංහල බ්ලොග් කලාවට වෙච්ච ලොකු අඩුවක් කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද ගොං පාට් දැම්මා උනාට සිංහල බ්ලොගාවකාශය ප්‍රචලිත වීමට ටැබූගෙන් ලොකු මෙහෙයක් වූ බව කියවන්නෙක් හැටියට මම විශ්වාස කරනවා.

    බුමුතුරුණු එකේ ඉහත ලින්ක් එකේ ටැබූගේ නිරුවත මනාව එළිකර ඇති බව මගේ අදහසයි.

    - මිතුරෙක් නොවන මිතුරෙක් -

    ReplyDelete
  21. මගේ බ්ලොග් එකත් හැක් කරයිද කියලා මං පට්ට බයේ හිටියේ.. අනික මට බුදු ෂුවර් එකක් තිබ්බා මගේ බ්ලොග් දෙක ඇරෙන්න අනික් ඔක්කම ලියන්නේ එකම කෙනා කියලා..

    දැන් නම් ඒ අදහස් නැතිව ‍ගියා.. :D

    ReplyDelete
  22. මම වගේ පොඩි පොරකට තේරුන විදියටයි කියන්නේ,සිරාවටම දැන් ඔය හැක් කිරිල්ල ලොකු ලෙඩක් වෙලා.මොකෝ මෙ මොඩ අතල් වලට බහැලා තියෙන්නේ ලොකේ නෙට් 1කේ කරන්න පුලුවන් ඔක්කොම කරලා ඉවර වෙලාද??මේ ආතල් කාරයොන්ට වෙන වැඩ නද්ද මන්දා

    ReplyDelete
  23. අන්ජ බකල් වගේ...

    ReplyDelete
  24. මාරයට කියන්න මාරයො මෙච්චර කල් මමත් හිටියෙ,
    මමත් දැනගෙන හිටියෙ නෑනෙ බං මේ හැක් කිරිල්ල නිකන් ටිකට් නැතුව කෝච්චියේ යනව වගේ කජුකනව වගේ වැඩක් කියල...

    ReplyDelete
  25. ට්‍රයක් දාන්න ඕනේ බලන්න.......:ඩී

    ReplyDelete
  26. මමත් ඔය කොමෙන්ට් එක දැක්කා ඒත් ප්ලේටියයි, කලුපාට කොටුවයි, ජෙට් එකයි ගැන තාම කිසිම දෙයක් තේරුනේ නැතුවා..

    ReplyDelete
  27. මගෙ අප්පේ මොනාද මේ???? මුකුත් තේරුනේ නෑ.... :(
    ඒක නෙවී අද අයියා හදහන් බලන දවස කීව නේද?? සමනලීට ඒ ගැන බොහොම සතුටුයි.... අනේ ඔය හැක් කිරිල්ල පැත්තකින් තියලා රසට කෑම හදන හැටි අපට කියාදෙන ගමන් හදහන් ටිකත් බලල දෙන්න මාරයා අයියේ.... :)

    ReplyDelete
  28. ඕක හැක් කොරා කියල මොනව ලැබෙනවද අෆ්ෆා .....

    ReplyDelete
  29. මේ හැක්කිරිල්ල මහ අජූතයි. හැබැයි ඉතිං තවත් කට්ටියකට ඒක හෙන ආතල් වැඩක්. කොහොම උනත් ස්වයං හැක් වීමනං ඉතිං ස්වයං වින්දනේ වගේ චූන් එකක් ඇති දෙයක් වෙන්ඩැ !

    ReplyDelete
  30. නියමයි.... මට පේන විදියට නම් ලොක්කා TRC වගේ ...මොකද එයාලට නම් කිසි ගේමක් නැතුව ඔය විස්තර ටික ගන්න පුලුවන්

    ReplyDelete
  31. මාරයා පෝස්ට් එකත් එක්ක නම් එකඟයි ඒත් අර ගොංපාර්ට් කමෙන්ට් එක උඹ දැම්මෙ ඇයි? ඌ කරපු රෙද්දෙ හැඉං එකකුත් නෑ. ටෙක්නිකලි ගත්තම ඌ කියල තියෙන්නෙ ගැලපීමක් නැති මෝඩ කතා ටිකක්. ඒක නිසා තමා මම උගේ කමෙන්ට් එක පබ්ලිශ් නොකලෙත්. මොකද නන් ටෙක්නිකල් අය ඒකෙන් වැරදි අදහසක් ගන්න නිසා.

    ReplyDelete
  32. ඔය තියෙන්නේ නියමෙටම දීල ..

    ReplyDelete