21 April 2011

350 යි... මාරයාගේ හෝරාවේ තවත් තත්පරයක් මෙසේ සනිටුහන් වේ...

හ්ම්ම්...
අමුතුවෙන් කිව්වේ නැති උනාට උඩ තියෙන බෝඩ් ලෑල්ල දැක්කහම ඕන කෙනෙකුට හිතා ගත්තෑකිනේ මොකක්ද ෂීන් කෝන් එක කියලා...

වැඩි කතා ඕන නැහැ..ඕන්න මාත් 350ක් ගැහැව්වා...

.........................................................................
මුලින්ම 50 ක්
ඊ ලගට 100 ක්
තුන්වෙනුව 150 ක්
ආයෙත් ඉතිං 200 ක්
එතනින් පස්සේ 250 ක්
අන්තිමට මේලගදී 300 ක්
ගහලා ඔන්න අද තමා 350 ට අත තිබ්බේ...

හැමදාමත් ඉතිං මෙහෙම සැතපුම් කනු පන්නන වෙලාවට මම රටේ තියෙන වැල් බයිලා ගහනවනේ..ඒ හින්දා


කවදද පටන් ගත්තේ?
මොකටද පටන් ගත්තේ?
කොහොමද පටන් ගත්තේ..?
මම බ්ලොග් එකක් ලියන්නේ ඇයි?

ඔය දේවල් ගැන...
අදත් ලියන්න ඕන නැහැ..
ඒවා දැනගන්න ඕනත් නැහැ..
ඕනමනං හොයා ගන්න බැරිත් නැහැ...

කොහොම උනත් මම අද බ්ලොග් එකක් ලියනවා...ඒක කියවන අයත් දන්නවා...ඒක මට හරියට වටිනවා...
කොහොම උනත් මේකේ මම ලිව්වේ මගේ ජීවිතේ ගැන...එදා ඉඳලා මේ වෙනකල් මම දැකපු අහපු..විඳපු හැම දේම අකුරු හරහා මෙය කියවන ඔබ සැමගේම නෙත් හරහා හිත් ඇතුලට ගමන් කලා කියලා මම දන්නවා...

එහෙම හිත ඇතුලට ගිහින් ඒ හිත් ඇතුලේ පුංචිම පුංචි ඉඩක් හරි මේ වෙනුවෙන් වෙන් කරන්න ඉඩ දුන්න ඔය හැමෝම අද මේ 350 වැනි ලිපිය ලියන වෙලාවේ බොහෝම ආදරයෙන් ගෞරවයෙන් මම සිහිපත් කරනවා වගේම ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම මේ ගමන තුලදී පාඨක ප්‍රතිචාර වගේම දැනට බ්ලොග් අවකාශයේ නැති ටැබූ විසින් කරනු ලැබූඇගයීමෙන් හා රාජකීය විදුහල් සාහිත්‍යය උළෙලින් ලද ඇගයීමත් පිළීබඳව විශේෂයෙන් සඳහන් කරන්නටත් ස්තූති කරන්නටත් ඕන...

හ්ම්ම්..තව මොනවද අප්පා මෙකේ ලියන්නේ..ලියන්න කියලා ඒ හැටි දෙයක් ඔළුවට එන්නේ නැහැනේ...

සාමාන්‍යයෙන් ඉස්සරනං විශේෂ අවස්ථාවකදී මට ඔය කතා පවත්වන්න ගියහම ඇඩෙනවා හිටන්..
මට මතකයි මම පන්සලේ චෛත්‍යය කර්මාන්තය ඉවර වෙලා ඔක්කෝම පින්කම් අහවර කරලා වෙනමම පුණ්‍යානුමෝදනාවක් කලා හවස්වරුවක..එදා පින් දෙන ගමන් මටත් ඇඩුනා..ඒක දැකලා මාත් එක්කම මුළු ගමමත් ඇඩුවා...ඒ නං ඉතිං කරපු පින්කමයි..මම ආපු ගමන් මගයි...පන්සල මම බාරගත්ත වෙලේ තිබුනු තත්වෙයි ආදී හුගාක් දේවල් මතක් වෙලා...

ඒත් අදනං එහෙම ඇඩෙන තරං දෙයක් නැහැ.
හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ මට මේක වැදගත් නැහැ කියලා..ඇත්තටම මට අද වෙනකොට මේ බ්ලොග් එක බොහෝම වැදගත්...අද මට තියෙන එකම අදහස් ප්‍රකාශ කල හැකි තැන මෙතන..තවත් කෙනෙක් එක්ක කතා කරනවට අන්තර්ජාලය හරහා චැට් කරනවට..එහෙමත් නැත්තං බස් පදිනවට වඩා..බොහෝම නිවී හැනහිල්ලේ හිතට එන හැම දේම සීරුමාරුවට එළියට දාන තැන මෙතන විතරයි...

මේක ලියද්දී මම සතුටු වෙන ලොකුම දේ තමා මම රාමුවකට කොටු නොවී ලිව්වාය කියලා මගේ හිතේ ඇති දැඩි විශ්වාසය...මේක උඩින් රාමුවෙන් එහාට කියලා හරි රාමු නැති කියලා හරි නම දා‍ගත්තේ නැති උනාට මං හිතනවා මට රාමුවක් නැතිව මේ දෙකරන්න පුළුවන් උනා කියලා...

මොකද මමමේක ඇතුලේ මගේ ජීවිතේ එදිනෙදා ගෙවන හැටි..
මම කන බොන හැටි ලිව්වා..
හිතට එන සමහර දේ කවි කරලා ලිව්වා...
බණ ලිව්වා...
මඩ ගැහුවා...
මම කරපු රැකියා හා ඒ අත්දැකීම් ගැන ලිව්වා...
විශේෂයෙන්ම මගේ පැවිදි ජීවිතේ ගැන ලිව්වා...

ඒ විතරක් නෙවෙයි මම හිතනවා හුගාක් වෙලාවට මම මගේ ජීවිතේ හංගන්නේ නැතිව මෙතන ලිව්වා...
එක දිගට කියවපු අය දන්නවා මං ඉන්නේ කොතනද..කන්නේ බොන්නේ කොහොමද...මගේ රස්සාව මොකක්ද...ඒ තියා මගේ මාසේ පඩිය උනත් දන්න අය හුගාක් ඉන්නවා..මං ඒ කිසිම දෙයක් හංගන්න උත්සහ කලේ නැහැ...හැම දේම හිතට එන හැටියට ලියාගෙන ගියා...

ඒ වගේම මුල් කාලෙදි නොදන්නවා උනාට අද සිංහලෙන් බ්ලොග් ලියන හුග දෙනෙක් මාව දන්නවා අදුරනවා..මගේ නම ගම දන්නවා...ඒ වගේම සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය මගින් පවත්වන්නට යෙදුණ හමුව තුලින් වගේම මෑතකදී පැවති සයිබර් සිහින උළෙල නම් වූ අවරුදු උත්සවය හරහාත් හුග දෙනෙක් මාත් එක්ක කතා බහ කරලා දැන අදුරගෙන තියෙන්නේ...

එහෙම බැළුවහම මම තවදුරටත් සැගඋන චරිතයක් නෙවෙයි බ්ලොග් අවකාශ තුල..
ඒ උනත් එහෙම විවෘත උනහම ටිකක් ලිවීමේදී ගැටළු නොඑනවමත් නෙවේ..ඒත් මම අදටත් උත්සහ කරන්නේ කොහොම හරි පාලනයකින් හා වාරණයකින් තොරව හිතට එන දේ ඒ විදියටම මෙහි සටහන් තබන්නටම තමයි.

ඇත්තෙන්ම මම මිනිස්සු ගැන හිතන විදිය කාටවත් අඳාළ නැහැ..ඒක මගේ පෞද්ගලිකත්වය..

ඒ වගේම මිනිසුන් මං ගැන හිතන විදිය මම දන්නෙත් නැහැ..ඒකත් මට අඳාල නැහැ..ඒක ඒ අයගේ මතය...

මං හිතන හැටි ගැන මිනිස්සු හිතන විදිය ගැනත් මට ගැටළුවක් නැහැ..ඒකත් මට අදාළ නැහැ මොකද මම කාගෙන්වත් ගරු නම්බු බලාපොරොත්තු වෙන්නේ නැහැ

මිනිස්සු මං ගැන හිතන විදිය ගැන මට හිතෙන දේ...ඒකත් ඇත්තටම අඳාල නැහැනේ...මොකද මම ඒ දේ දන්නේ නැහැ...

හරිනේ ඉතිං..අවසාන ප්‍රතිඵලය තමා කවුරු කොහොම කොයි විදියට හිතුවත් මට ඒ කිසිම දෙයක් අඳාළ නැහැ...එහෙනං අහවල් එහෙකටද මං ලියද්දී බාධක දා ගන්නේ..මං ලියනවා එච්චරයි...

එහෙනං මෙච්චර කාලයක් ලිව්වා වගේම හෙටටත් මං ලියාවි...ඔබලා බලාවි...සමහරු බලලා නිහඩව සිටීවි..තවත් අය නිහඩව නොසිට තමාට දැනුන දේ මෙහි පුංචියට හරි සටහනක් බවට පත් කරලා යාවි.
නිහඩව ගියා උනත් මට දවසකට කී දෙනෙක් ආවා ගියාද කියලා අර මේකට හයිකරලා තියෙන කවුන්ටරයත්..ඊට අඳාළ තොරතුරු සවිස්තරාත්මකව දැනුම් දෙන වෙබ් පිටුවයි හරහා දැන ගන්න පුළුවන්...

එහෙම බලනකොට මට තේරෙනවා අද මේ තරං පිරිසක් මාව කියවලා කියන එක...ඒක සිතට යම් හයියක් දෙනවා..තව ටිකක් ඉස්සරහට ලියාගෙන යන්න.
ඒ වගේම ඊටත් එහා ගිය හයියක් මට දෙනවා මෙහි පුංචියට හරි සටහනක් තියලා යන අය...

ඇත්තටම ඒ හැමෝටම..විශේෂයෙන්ම නිතිපතා මාව කියවන අනිවාර්ය පිරිසටත්... හැම ලිපියකටම පාහේ කොමෙන්ටුවක් ඇතුලත් කරලා යන කිහිප දෙනාටත් බොහෝම ස්තූතයි..නං වශයෙන් නොලිව්වාට අමනාපයක් වෙන එකක් නැහැ මගේ හිතේ..දන්නවනේ නං ලියන්න ගිහිං එකක් හරි අතෑරැනොත් ඒක මගේ හිතට හරි නැහැ...

පහුගිය කාලේ දිහා හැරිලා බැළුවම මගේ එකම එක කවි පංතියක් තිබුනා... එකම එක කොමෙන්ටුවක්වත් නොලැබුන..බොහෝම පරණ එකක්...
ඇත්තටම මට ඒක දකිද්දිත් හරි සතුටුයි..එහෙම එකක් හරි තියෙනවා නේද කියලා හිතලා..ඒත් දැන්නං ඒකටත් වැඩේ හරි..ඒ ගැනත් මට සතුටුයි..මෙච්චර කාලයක් ගිහිල්ලා හරි ඒකටත් කොමෙන්ටුවක් වැටුනා නේද කියලා...

ඒ වගේම මගේ වැඩිම කොමෙන්ට් ප්‍රමාණයක් ඇති සටහන මොකක්ද කියලා...
ඇත්තටම මම මෑතකදී බොහෝම තෘප්තිමත් උන සටහනක් ඒක...මහා දිග සටහනක් නෙවෙයි එකම එක පුංචිම පුංචි කවියක් හැබැයි ඉතිං ඔය හැම ලිපියකටම යටින් මගේත් සෑහෙන ප්‍රති උත්තර බැඳිළි තියෙනවා...
ඒකට හේතුව හැකි සෑම වෙලාවකම මට ප්‍රතිචාරයක් සටහන් කල අය වෙනුවෙන් වෙන වෙනම පිළිතුරක් කෙටියෙන් නමුත් ලියන්න මම උත්සහ කිරීම තමයි...

ඇත්තටම අපි වෙනුවෙන් කාලය මිඩංගු කල අයට එහෙමවත් වටිනාකමක් දෙන්න අපි උත්සුක වෙන්න ඕන කියන එකයි මගේ හැගීම..එහෙම නොකෙරුණ තැන් නැතුවා නෙවේ..ඒත් හැකි සෑම විටදීම..මම ඒ දේත් බොහෝම ආසාවෙන් කලා..ඒ හැම දෙයක් හරහාම අද වෙනකොට මාත් එක්ක මේ බ්ලොගය හරහා සමීප වෙච්ච අය බොහොමයක් ඉන්නවා...

ඉතිං දැන්නං ඇති නේද මේ ලිව්වා...?ලියන්න ගියාම මාගල් වගේ ලියන එක මට දැන් පුරුද්දට ගිහිල්ලා..ඒ වගේම මතකනේ මගේ ලිවීමේ ඇති සුවිශේෂී ලක්ෂණය... "මල්ලේ පොල්".. ඔව් හැමදාමත් වගේ මම යන්නේ කොහේවත් ඒත් අන්තිමට මල්ල පිරිලා ඒ පොල් වලින්...
ඉතිං අද කියලා ඒක වෙනස් වෙන්න ඕනද..?


120 comments:

  1. නියමයි මාර අයියා 120 ට 220ක් ආයුබෝ වේවා කියනවා වගේ 350 ට 700ක් ආයුබෝවේවා කියලා ඔන්න මගෙන් සුභම සුභ පැතුම්!!!

    ReplyDelete
  2. 350 ට මගෙන් සුභ පැතුම්! තවත් ඉදිරියට යමු.

    ReplyDelete
  3. බොහෝම ස්තූතියි සංජු...

    ReplyDelete
  4. ජොතිෂ්‍යලංකා...

    ඔබටත් ඒ වාගේම ස්තූතියි...

    ReplyDelete
  5. එළමායි.... තව දිගටම ලියන්න

    ReplyDelete
  6. ස්තූතියි මාලන් මල්ලියා...

    ReplyDelete
  7. 350 සුභ පැතුම් මාරයියේ... කියවලා ඉවර වෙලා තව කොමෙන්ටුවක් දන්නම්

    ReplyDelete
  8. හිපෝ...

    හික් හික්...සුභ පැතුමට බොහෝම ස්තූතියි හිපෝ...

    ReplyDelete
  9. මගේ උණුසුම් සුභ පැතුම් .... ඔයාගෙ ලිපියට වඩා වැඩි වෙලාවක් අරගෙන කියෙව්වෙ ටැබුගේ සම්මාන පිටුව, ටැබු ගේ බ්ලොග් එක මුල්ම සිංහ්ල බ්ලොග් එක විදිහට දැකල බ්ලොග් ලියන්න ආපු කෙනෙක් මම . අදහස් අතින් ලොකු වෙනස් කම් තිබුනත් ටැබුගේ සමහර හැසිරීම් වලට ප්‍රිය නොකලත් ඔහු බ්ලොග් කරනයෙන් ඉවත් වෙච්ච එක ගැන ගොඩක් කණගාටුයි . ඒකයි ඔයාගේ ලින්ක් එකෙන් ගිය ගමන් ඒ ලිපියෙම නැවතුනේ

    ටැබුත් කියල තියන ඔයාගේ ලෙඛනයේ අව්‍යාජ බවට මම ගොඩක් ප්‍රිය කරනවාය කියල මතක් කරන්න කැමතියි . 350 3500 ක් උන දවසටත් මෙහෙම කමෙන්ටුවක් දාන්න ලැබේවා !!

    ReplyDelete
  10. එලකිරි මාරයියේ, දිගටම ලියන්න. මාරයියගෙ පෝස්ට් වල බොහොම අව්‍යාජ, සරල, පොළවෙ පය ගහල ඉන්න, ජීවිතේ ගැන පුළුල් දැක්මක් තියෙන මිනිහෙක්ගෙ අදහස් මම දකිනවා. අයිය කියනව වගේ ඒවගෙ කිසිම මවා පෑමක් නෑ. බොක්කෙන්ම ආපු අදහස් විතරයි තියෙන්නෙ. හැමදාම අපි මේ පැත්තෙ එන්නෙ ඒකයි. එහෙනම් ජය වේවා කිව්ව!

    ReplyDelete
  11. උබ තුමාව දැන ඇදින ගෙන බෝම ටික කාලයක් උනාට බොහෝ දේ දැන කියා ගත්තේ උබ තුමාගේ බ්ලොගේ හරාහා කීවොත් නිවැරදියි. ලිපිය කොච්චර දිග උනත් මම කෝම හරි කියෝනවා. ගෙදර ජාල පහසුකම් නොතිබුනු කාලේ මම සමහරක් ලිපි සේව් කරගෙන ගෙදර ගෙනත් ගෙනත් කියෙව්වා. ඒත් කමෙන්ට් කරන්න බැරි උනා. පුළු පුළු වන් ‍ඒවට කමෙන්ට් කලා. ඔබතුමාගේ ඉදිරි ගමනට මම මගේ හදවතින්ම සුභ පතනවා. තවත් චිරාත් කාලයන් වැජබීමට ශක්තිය හා දෛයිර්යය ලැබේවා.

    ReplyDelete
  12. සුබ පැතුම් අයියේ... කිව්වත් වගේ අයියා ගේ බ්ලොග් එකේ එකම දෙයක් කියලා නැහැ..හැම පැත්තටම දෙවල් තිබ්බා..... ඉතින් එ විදියට ඉස්සරහට ත් එන්න... සුබම සුබ පැතුම්...

    ReplyDelete
  13. නුඹේ පන්හිඳට තව තවත් ශක්තිය ලැබේවා මලේ.

    ගල්මල් අඩවියෙන් සහ පතොක් යායෙන් සුභ පැතුම්!

    ReplyDelete
  14. අද තමයි මාරයාගෙ බ්ලොග් එකට මුලින්ම ගොඩ වැදුනෙ. 350 ම බැරි වුනත් සැලකිය යුතු ප්‍රමානයක් කියවුවා. නිදි මත අහලකවත් නැහැ. හැමෝටම නොලැබෙන අති විශාල වූ අත්දැකීම් (වයසට සාපේක්ෂව )සමුහයකට හිමි කම් කීමට හැකි වුන ඔබගෙ ජිවීතයෙන් ගත් යුතු දේ බොහොමයි කියලා හිතෙනවා. දිගටම ලියන්න . කියවන්න බලන් ඉන්න තවත් කෙනෙක් එකතු වුනා කියලා හිතා ගන්න

    ReplyDelete
  15. ඔ‍හොම්මම යමු මු මු මු

    ReplyDelete
  16. අරූ අරහෙ 200 ගහලා, මූ මෙතන 350 ගහලා.. ලොක්කා මොකෝ කියන්නෙ සෙට්වෙමුද..?? මේවා ඉතිං බොන්න ඕන මංගල කාරනා නොවැ..

    සුබපැතුම් මචෝ, වෙන මොනවා කියන්නද..?? මල්ලෙ පොල් බැරිනං පුවක් වුනත් කමක් නෑ.. උඹ ලියන තාක් කල් අපි එනවා කියවන්ට..

    ReplyDelete
  17. @buwa...

    බොහෝමත්ම ස්තූතියි බුවාටත්...

    ටැබූ ගැන මට තියෙන්නෙත් බුවාට තියෙන අදහසම තමයි...ඒත් අවුලකට තියෙන්නේ හැක් කිරීම කෙසේ වෙතත් ඇයි ටැබූ පෙනී ඉන්නේ නැත්තේ කියන එක...
    බ්ලොග් එකක් හැදීම මහා ගැටළුවක් නෙවෙයි..පරණ පෝස්ට් එකතු කර ගනීමත් ගැටළුවක් නොවන වග මම ඔය එකතු කල පිටුවෙන් කියන්න පුළුවන්...

    අනික ඔහුට වේලාවක් නැතිනං ඒකට අනිත් අය උනත් උදව් නොකර ඉන්නෙත් නැහැ..ඒ හැර කොමෙන්ටු හරහා උනත් ටැබූට කොයි තරං දේවල් කරන්න පුළුවන්ද..? ඒත් මේ විදියට නොපෙනී යන්න තරං වෙනම හේතුවක් තියෙන්න ඕන.

    සමහර විට අනන්‍යතාවය හෙළිවීමක් හරහා වූ කම්පනයක් වෙන්නත් පුළුවන්..නැතිනම් නැවත වෙලාව එන තෙක් කල් මරනවා වෙන්නත් පුළුවන්..එහෙමත් නැතිනම් මේ වෙනකොටත් වෙනත් නමකින් අප අතරට ඇවිල්ලා වෙන්නත් පුළුවන්...
    එහෙම ඇවිල්ලානං සැබෑ අනන්‍යතාවය වගේම ටුබූ අනන්‍යතාවය කියන දෙකෙන්ම සැඟවී කටයුතු කිරීමේ අභියෝගය නිසාම තවමත් සීරැමාරුවට ලියනවා වෙන්නත් පුළුවන්...

    කොහොම උනත් මම එකක් දන්නවා ලියන්න පුරුදු උන එකාට නොලියා ඉන්නවාට වඩා සිය දිවි නසා ගැනීම බොහෝම පහසු දෙයක්...ඒ හින්දා මං හිතන්නේ ටැබූ පළවෙනි දේ මිසක් දෙවෙනි දේට යන එකක් නැහැ කියලයි...

    ReplyDelete
  18. @Kasun...

    බොහෝම් ස්තූතියි මල්ලි...
    උඹලගේ හයිය තමා ඉතිං...

    ReplyDelete
  19. @ශාමින්ද...

    ශාමින්ද මලයාටත් බොහෝම ස්තූතියි...අපි නොදන්න උබ තුමා නේද මලයා...හෙහ් හෙහ්...

    ReplyDelete
  20. @නිම්ශා...

    මගේ පුංචි නගාටත් බොහෝම ස්තූතියි...

    ReplyDelete
  21. සුබපැතුම්!

    කිව්වත් වගේ, හිතට එන හැම දෙයක්ම ලියන්න හැකි වීමත් හැකියාවක්. මාරේ, උබටනං ඒ හැකියාව අඩු නැතුව තියෙනවා..හ්ම..ගමු උපරිම ප්‍රයෝජන....

    නිකං හිතුනට මේ ලියන්නේ...නැද්ද පොතක් එහෙම ලියන්න අදහසක්??

    ReplyDelete
  22. ජය වේවා.... උඹ මේ බ්ලොග් ලෝකෙට සම්පතක් බං අයියේ... අපි හැම විෂයක් ගැනම ටික ටික හරි කියවන්නේ උඹේ බ්ලොග් එකෙන් තමා...

    ReplyDelete
  23. උඔ අදහස් අතින් පෝසත් වගේම ඒවා පිලිවෙලකට පෙල ගස්සන්නත් දක්ෂයෙන්. අපිත් නිතරම ඔබ සමගයි!

    ReplyDelete
  24. හදවතින්ම සුබ පැතුම් අයියේ...! අර කස්ටිය කියනවා වගේ අයියා නිසා වෙන්න හබීට රස කෑම ටිකක් කන්න පුලුවන් වෙයි හික්ස්, තව තවත් ලියන්න ශක්තිය ලැබේවා..!

    ReplyDelete
  25. @ගල්මල්-Coral...

    ස්තූතියි ඩීන් අයියා..පතොක් යායේ පිපි ගල්මල් අඩවියෙන් දුන් සුභ පැතුමට...

    ReplyDelete
  26. @හරී - පිණිපළස...

    ස්තූතියි හරී අක්කණ්ඩි...

    ReplyDelete
  27. @roy...

    බොහෝම ස්තූතියි වගේම සාදරයෙන් පිළිගන්නවා මේ ඉසව්වට...

    ReplyDelete
  28. @වැප්...

    යනව තමයි බොල...ඔය "මු" යන්න හැලෙනවා අහුල ගනින්...

    තැන්කූ වැප්ස් මල්ලි...

    ReplyDelete
  29. @Buratheno...

    බොහෝම ස්තූතියි බුරා...

    සමරන්න තිබ්බා කොහේද ඌයි මායි දෙන්නම දැන් ඕවා නවත්තලනේ...

    ReplyDelete
  30. @Niroshan...

    බොහෝම් ස්තූතියි කිව්වා...

    පොත් ලියනවා කියන්නේ වෙනමම කලාවක් සහෝ...ඉස්සරනං මට තිබුන ලොකුම ආසවක් තමා..ඒත් දැන් දැන් හිතෙන්නේ මට හරියන තැන මේකයි කියලා...පොත් ලියන එක ඒකට දක්ෂ අයම කරගත්තාවේ..මම තාම ඒ වගේ හැකියාවක් ඇති එකෙක් නෙවේ...

    ReplyDelete
  31. ඔන්න මාත් ආව. 350 නෙමෙයි 350,000 ඉක්මවා ලිපි ලියන්න හැකියාව ලැබේවා කියල මාත් ප්‍රාර්ථනා කරනව.
    උඹ හැංගිලා හිටියට කමක් නෑ බ්ලොග් එක හංගන්න එපා.

    ReplyDelete
  32. @prasanna86k...

    බොහෝම ස්තූතියි මාළු මල්ලි...

    ReplyDelete
  33. @බුද්ධි...

    ස්තූතියි බඩියා...

    ReplyDelete
  34. @හසී...

    හහ් හහ් හා...නංගි අනාගතේට වටිනා කියන දේවල් එක්කාසු කොරනවා වගේ දැන් හිටංම..හොඳා හොඳා...

    බොහෝම ස්තූතියි හසී නංගියේ...

    ReplyDelete
  35. @Praසන්ன...

    බොහෝමත්ම ස්තූතියි ප්‍රසා...
    ඔන්න මං හැංගිලත් නැහැ බ්ලොග් එක හැංගිලත් නැහැ..ඒකත් කරේ තියංම මං එළියට ආවා...

    ReplyDelete
  36. අයියෙ තව චිරාත් කාලයක් මෙලසම ලිවීමට හැකි වේවා.....!!!!! ජය වේවා....!!!!!!!!

    ReplyDelete
  37. ඔහොම යමු ඔහොම යමු.....
    සුබ පැතුම් මාරයෝ.......

    මාරයට (චතූස කොලුවට නෙවි හරි ) සුබ පතන්න තියෙන එකම තැන මෙතනනෙ. :)

    ReplyDelete
  38. හදවතින්ම සුබ පතනවා මාරයා අයියා.තවත් දීර්ග කාලයක් අපිත් එක්ක බ්ලොග් අවකාශය තුල රෑදී ඉන්න අවස්තාව ලෑබේවයි ප්‍රාර්තනා කරන්වා.....

    ReplyDelete
  39. @ගජං මල්ලි...

    බොහෝම ස්තූතියි ගජං මලයාටත්...

    ReplyDelete
  40. @නිශ්...

    හහ් හහ්...මාරයට සුභ පතන එකත් මාරම විහිළුවක් නේද..?උඹ ඔහොම කිටන කොටයි මට ඒක කල්පනාවට ආවේ...
    ඒ අතින් උඹලා මොන තරං හිත හොඳ මිනිස්සු ජාතියක්ද නේද..?

    බොහෝම ස්තූතියි නිශ්...

    ReplyDelete
  41. @අසoක...

    බොහෝමත්ම ස්තූතියි මලයා...

    ReplyDelete
  42. ඇයි උඹේ මාර දැක්ම අන්න ලක්ෂෙ පැනල.

    මං දැන් ඔයාගෙ කොමෙන්ට් වැටිල තිබුනෙ නැති කවියකට කොමෙන්ට් එකක් දාල ආව.

    ReplyDelete
  43. @Praසන්ன...

    ඔව් ඔව් ඒ කොමෙන්ටුවත් දැක්කා...

    මාර දැක්ම ලක්ෂේ පනිනකල් ඉඳලා තමා මම මේක පෝස්ට් කලේ...

    ReplyDelete
  44. මම ඉස්සෙලම මාරයාගේ හෝරාව කියවනකොට හිතුවෙ "පාදඩ හීරළුවෙක්" ලියන එකක් කියල. [මට ගොඩක් සමීප පාදඩ හීරළුවෙක් උන්න ඒ කාලෙ, ඒකයි එහෙම හිතුනෙ] ඒත් ඔන්න ඔහේ කියෙව්ව [කමෙන්ට් දාන්න තරං බ්ලොග් වලට සමීප නෑ ඒ කාලෙ මං] පස්සෙන් පහු තමයි තේරුනේ හිතක් පපුවක්, අනන්‍ය වූ දැක්මක්, තියෙන සුන්දර මනුස්සයෙක් කියල.එදා ඉඳං අද වෙනකං මං මේකෙ පදිංචි වෙලා.

    සුභ පැතුම් මාරයියේ !

    ReplyDelete
  45. @nawammawatha...

    හත් ඉලව්වයි...උඹ නෙව මට හොඳම සම්මානේ දීලා තියෙන්නේ...විළි ලැජ්ජාවේ සංතෝසේ බැරුවා...

    බොහෝම ස්තූතියි නවම්...

    ReplyDelete
  46. ඊයේ රංග අයියා 200ක් ගැහුවා..... අද මාර අයියා 350ක් ගහලා !! ජය වේවා මාර අයියේ !!!

    ReplyDelete
  47. 350ට මගෙනුත් සුභ පැතුම් මෙන්න . .

    ReplyDelete
  48. @කුක්කු පැටියා...

    ස්තූතියි කුක්කු පැටී...

    ReplyDelete
  49. @දුකා...

    ස්තූතියි දුක්ස්...
    මට බ්ලොග් එක පටන් ගන්න උඹත් සෑහෙන හේතුවක් උනා..ඒකත් කියන්න එපැයි...

    ReplyDelete
  50. මාරයා : උඹලගෙ බ්ලොග් බලල උඹල කමෙන්ට් දාල දෙන සපෝර්ට් එකෙන් තමා මටත් ඉක්මනටම දෙසීයක් ගහන්න පුලුවන් උනේ. ඇත්තටම උඹ මොනා ලිවුවත් ආසාවෙන් කියවන්න පුලුවන්.

    මේ ඒක නෙමේ උඹ මිනිස්සු ‍ෆිට් කර ගන්න ට්‍රික් එක කියල දීපංකෝ. අර මගේ ත්‍රීවිල්ල් ඩ්‍රයිවර් (සුජීව) හැමදාම අහනව යක්කල යන්නෙ නැද්ද කියල. වෙන මොකටවත් නෙමේ උඹ එක්ක චැටක් දාන්න.

    350 ඉක්මනටම 1000 වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. අනේ බං උඹට වඩා මාස ගානක් වැඩිමල් උනාට පුරුද්දට මාරයියා කියල කිවුවට තරහ වෙන්න එපා.

    ReplyDelete
  51. 350 ට මගෙන් සුභ පැතුම්!

    ReplyDelete
  52. අනේ ඉතිං මාත් සුභ නොපතා කෝමද? ඉක්මනින් තනියම උයා පිහාගන්න එක වැලකේවා කියල පතන්නම් මලේ!!! එතකොට මීට වඩා ලියවේවිනෙන :)

    ReplyDelete
  53. සුබ පැතුම් චතුෂ .......

    ReplyDelete
  54. හේ,හේ ජයවේවා!!1 සුබ පැතුම්,,මම මේ බ්ලොග් එකෙන් ඉගෙන ගත්තු දේවල් තියනවා ගොඩක්..ඒකට ගොඩක් ස්තූති..මම හිතන්නේ බලන කට්ටියගේ අර අංකය පහු කරන්න ඇති....
    100000

    ReplyDelete
  55. මගේ සුභ පැතුම්!
    මීට මාස 16 කට ඵෙර 2009 දෙසැම්බරයේ දී මා ඔබට කියූ දෙයක් නැවත කීමට කැමතියි.

    ReplyDelete
  56. උණු උණු සුභ පැතුම් අයියා......... සුභම සුභ පැතුම් මුළු හා හදින්ම.......
    ආයේ ඉතින් අමුතුවෙන් මොනවා කියන්නද. කම්මැළිකම දූරින්භූත වී. බස් පදිනවා වාගේම බ්ලොග් එකත් සුටුස් ගා අප්ඩේට් වේවා....!!!!!!

    තුන්සිය පනහට තුන්ලක්ෂ පනස් දහසක් ආවඩා ආයුබෝ වේවා.....!!!!
    ආපෝ මට පිස්සු නෑ අයියට එහෙම ආයුබෝ වේවා කියන්න........ බ්ලොග් එකේ ලිපි වලට.

    ආයේ අද එක නොවුනොත් අයියට හිතට හරි නැහැ නොවැ. ඕන් අදත් එක......... හික්ස්.........

    :@ :@ :@ :@ පෝස්ට් දදා අයින් කරද්දි නම් මට..........
    හොඳ වෙලාවට ඔය වැඩේ වෙන නිසා කොපියක් තියන් කමෙන්ට් එක පබ්ලිෂ් කලේ.
    මුලින්ම දාන්න ඇවිල්ලා අන්තිමට දාන මම..........................

    ReplyDelete
  57. ඔන්න මගෙනුත් සුබ පැතුම් මාරයියේ.... මට වැඩක් නැතිකමට ඇවිල්ලා කියවන තැනක් නොවී කියවන්න දෙයක් තියෙන නිසා එන තැනක් තමයි අයියගේ බ්ලොග් එක. ජය වේවා!!!

    ReplyDelete
  58. චක් දේ මරයියා 350 ට 3500ක් පොස්ට් බෝ වේවා..........

    ReplyDelete
  59. @රංග-තොගේ ලෝකය...

    අඩේ කමක් නැහැ බං එහෙම හරි උඹලා ටිකක් තරුණ වෙන්න බලහල්ලා...

    ආ ඔන්න ඕය මම කියපු දේම තමා සුජීව ෆිට් වෙන්නත් හේතුව..වැරදිලාවත් මෑන්ස්ට කියනවා හෙම නෙවී...
    (නොකියම ඉන්න පුතා-අපි නොදන්නවනේ)

    ස්තූතියි රංග සුභ පැතීමට වගේම හැමදාම එකට වැටිලා කාලා බීලා ඉන්න උඹේ යාළු කමටත්...

    අඩේ උඹ 200 යයි නේද..? තව මාස හයක් යනකොට උඹ අනිවාර්යයෙන් අපිව පහු කරන් ඉස්සරහට යනවා ඒකේ දෙකක් නැහැ..ආන්න ඒකටත් මගේ සුභ පැතුම්...
    ( එහෙම කියලා කොහොමද හිටු හිටු මාත් ලෑල්ලට පාගලා අරින්න...එහෙත් ඉෂ්ෂර කරන්ට දෙන්ට ඇහැකිද..?)

    ReplyDelete
  60. අංද මංද වී ඇත.. වචන උච්චරණයේදි අත පැටලැවේ.. O_o
    ජය වේවා කියා කොටාතබමි..!

    ReplyDelete
  61. @තනෝජා රාජපක්‍ෂ...

    හප්පච්චියේ අක්කේ..එහෙම උනොත් අර පූසා ඇති කොරපු තවුසට වෙච්ච එකේ අනික මට වෙන්නේ..බ්ලොගෙත් සුං මාත් සුං...

    ස්තූතියි අක්කණ්ඩි...

    ReplyDelete
  62. @සොඳුරු සිත...

    ස්තූතියි වත්...

    ReplyDelete
  63. @ItalyDilan...

    බොහෝම ස්තූතියි ඩිලාන් මල්ලි හැමදාම දෙන හයිය අදත් උඹෙන් වරදින්නේ නැහැ...

    ReplyDelete
  64. @රසික සූරියආරච්චි...

    ආ මතකයි මතකයි...බොහෝම ස්තූතියි කිව්වා...
    කොහේද ඉතිං එක එක වෙසින් එද්දී ලේසියෙන් මතක තියාගන්නත් අමාරුයි නෙව...

    ReplyDelete
  65. @හා පැටික්කි (MS)...

    අනේ නගේ සොරි වේවා..!හැමදාම මට ඔය වැඩේ වෙනවා...ඊයේනං උනේ වෙනම අවුලක් මං පස්සේ නගාට කියඤ්ඤං...

    කොහොමත් මං හිතන්නේ නගා තමා අංක එක ප්ලේස් එකේ වැඩිම කොමෙන්ටු ප්‍රමාණයක් තියෙන කෙනා...ආයේ ඉතිං මං මෙතන අමුතුවෙන් නොලිව්වට නගා දන්නවනේ අයියණ්ඩි නගාට සලකනවා කියලා බොහෝම ලෙන්ගතු කොමින්...
    කෝ අද අර කන් දිග ගොයියා...?

    ඉතිං බොහෝම ස්තූතියි හැම තැනම පැන පැන යන ගමන් හැමදාමත් වගේ මගේ කොරටුවටත් පැනලා අපිටත් කරට් දීලා කරලා කියාට...

    ReplyDelete
  66. මම මාර විමානෙට (cyber) ගොඩ වදින්න පටන් ගත්තේ මාර තුමා 300 ලියපු කාලේ. එදා ඉඳල අද වෙනකම් නොකඩවා කියවනවා. ඉඳ හිට comments දැම්මට මර ලිපි වල රසයේ සහ විවිධත්වයේ නම් කිසිම අඩුවක් නැහැ.
    මාර තුමා මාර වයසට මාර වැඩ ටිකක් නේ කරලා තියෙන්නේ. මාර බ්ලොග් එක මාර විදිහට මෙව්වා වෙන්න කියල මගේ සුබ පැතුම්.
    (හිතා ගත්තේ සිරාවට විශ් කරන්නම් කියල. පස්සේ හිතුන මාර විදිහටම විශ් කරන්න. නෝ ප්‍රොබ්ලම් නේ ??)
    BTW අර වාහන වැඩේ, (human හරි mechanical හරි) ඉක්මනට හරියන්න කියලත් බොක්කෙන් ම ප්‍රාර්ථනා කරනවා. හරිය ??

    ReplyDelete
  67. "පාදඩ හීරලුවෙක්" කියල ඇහුවෙ අද තමා. මීට ඉස්සෙල්ල ටැබු හෝ W3 ලංකා පොස්ට් එකක ඇනෝ කෙනෙක් මතක් කරල තිබුන මල්ලිව "බේබදු හීරලුවෙක්" කියල. කාටද ආඩම්බර? මගේ සුභ පැතුම සමග දිගටම ලියන්න ශක්තිය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.අර රසික සුරියආරච්චි කියන පොර ලියල තිව්ව එක ගැනත් හිතල බැලුව නං, මොකද දැනට කරන රැකියාවෙ හැටියට මන් හිතන්නෙ ඒ වැඩේට පහසුකනුත් තියෙනව කියල. මතටත් සෑහෙන තිතක් තියලනෙ තියෙන්නෙ.

    ReplyDelete
  68. @ Buwa
    @ Maraya
    ටැබූ ගේ අතුරුදහන් වීම ගැන මෙහෙම හිතන්න බැරිද?

    රටට, ජාතියට, ආගමට, ජනාධිපතිතුමාට අපහාස කරලා ලියන්න කියලා ඩොලර් සල්ලි ඌට දුන්නු උන් ඒ සල්ලි දීම නැවැත්තුවා. ඉතිං ටැබූවා ලිවීම නැවැත්තුවා.

    වෙන්න පුළුවන් නේද?

    මෙන්න මාරයා ගේ හෝරාව 2010 ජනවාරියේ ලියාපු දේ:
    B/F සහ Taboo කොයිබටද..?

    ReplyDelete
  69. මාරයා අය්යාට මගේ සුබ පෑතුම් .

    ReplyDelete
  70. ජයෙන් ජය වේවා..... 1000 වෙනි පෝස්ට් එකත් ලඟදීම බලන්ට ලැබේවා.....

    ReplyDelete
  71. මර අයිය අවන්කව හංගන්නෙ නැතුව ලියන නිසා තමයි මමනම් හිතන්නෙ ගොඩක් අය මෙහෙට එන්නෙ. කොච්චර අත්දැකීම් තිබුනත් මේ වගෙ විවෘතව ඒව එලියට දාන්න පුලුවන් වෙච්ච් එක තමයි මාර අයියගෙ සාර්තකත්වයට හේතුව. අනන්‍ය තාවය හෙලි උනා කියල මොකද මාරයියේ ප්‍රස්න දාන්න එන්නෙ මේවයින් රිදෙන උන්... ගහන මඩ නිසා නෙවෙයි උන්ටත් මේ වගේ විවෘත වෙන්න බැරි ඉරිසියාවට මට හිතෙන විදියට. මේ බ්ලොග් එක කියවන්න මමත් සෙට් උනේ ලගදි තමයි වැඩි කාලයක් නෑ ඒත් මම ඔක්කොම පෝස්ට් කියවල තියෙනව. 350,400,500,1000.... දිගටම යන්න ඔන මමත් මගේ සුභ පැතුම එක්කරා....

    ReplyDelete
  72. @roylyfernando...

    බොහෝම ස්තූතියි රොයිලි මලයා...
    මම ඉතිං ඉස්සර මේක ලියන්න කලින් හිටලා උඹලාගේ බයිස්කෝප් අඩවියට පය ගැහැවුවේ..හැබැයි ඉතිං ඒ දවස්වල කොහේ බාන්නද..බලලා හූලල්ලා යනවා ආපහු...

    ReplyDelete
  73. @Kasun Tharanga...

    අරේ චෝටා භයි...බොහොත් බොහොත් ශුක්ඩියා...

    ReplyDelete
  74. @Bunny...

    ඇයි මල්ලි උච්ඡාරනයේදී අත වෙව්ලන්නේ..මල්ලිට ආතතියද..?

    ස්තූතියි හා මලේ...

    ReplyDelete
  75. @$මරුමූස් $...

    බලාගෙන ගියහම මාර මරුමුස් පොරවල්නේ මෙතනට සෙට් වෙන්නේ...

    ස්තූතියි මරුමුෂ් ටත්...

    ReplyDelete
  76. @Observer...

    ආ ඔබා අයියේ..මාත් ඒවා තැන් තැන්වල දැක්කා..ඒත් උත්තර බඳින්නවත් වෙන මුකුත් කියන්නවත් ගියේ නැත්තේ ඒ කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න බැරි පොඩි මානසික අවුල් වලට පත් වෙච්ච අසරණ එවුවෝ නෙව...

    ඒ වගේ මානසික අසරනභාවයට පත් වෙච්ච අයට අපි අනුකම්පා කරන්ටොනේ මිසක් බයින්න නාකයි...

    රසික සූරියාරච්චි කියන පොර කියන එකනං දැන්මම ඕන නැහැ..තව වයසට යන්ට යන්ටනේ මොලේ පෑදෙන්නෙත්..එහෙම කාලෙකටවත් බැළියහැකි නෙව...

    ReplyDelete
  77. මම මාරයාගේ හෝරාව කියවන්න එකතු උණේ ගිය අවුරුද්දේ මැද වගේ . එද ඉඳලා මේ දක්වාම මම මෙහේ ලියැවෙන දේවල් කියෙවුවේ ආසාවටත් වැඩිය එහා ගිය මාර ඇබ්බැහියකින් වගේ . මාරේ අයියා ලියන කෑම බීම ගැන විස්තර වගේම පොඩි කාලේ රසවත් සිද්දිත් බොහොම ආසාවෙන් මම කියෙවුවා අදත් මට හිතුණ වෙලාවක ඇවිල්ලා මාරේ අයියගේ පරණ ලිපි හියාගෙන කියවලා යනවා ..

    මට ඉතින් 50, 100 ට සුබ පතන්න බැරි උණා මොකද ඒ කාලේ සඳරු කියයන කෙනා බ්ලොග් අවකාසේ නෑ ...

    කමක් නෑ අද සුබ පතන්නම්කෝ ...එහෙනම් මගෙනුත් සීතල වෙච්ච සුබ පැර්තුමක් පිළිගන්න මාරේ අයියේ ...තව තව ලියන්න .ඔයාගේ ලැප් එකට හයිය හත්තිය ලැබේවා !

    මාරේ අයියටයි බ්ලොග් එකටයි ඒ ලියන ලැප් එකටයි ...තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !!

    350ට සුබ පැතුම් ...

    ReplyDelete
  78. @Kathandara...

    පැහැදිලිවම වෙන්න පුළුවන් එක් දෙයක් ඒ...
    අසාර්ථක ව්‍යාපෘති සඳහා හැමදාම වියදම් කරලා වැඩක් නැති උනහමත් ඒ වගේ දෙයක් වෙන්න ඕන තරං ඉඩ කඩ තියෙනවා

    ReplyDelete
  79. @sam...

    ස්තූතියි මල්ලියා...

    ReplyDelete
  80. @අළුත් කොල්ලා...

    හම්මේ මල්ලි මුහුද හත් ගව්වෙනුත් එහා කොල්ලෝ...
    බොහෝම ස්තූතියි මල්ලිටත්...

    ReplyDelete
  81. @පොඩි man නොහොත් කසියා...

    බොහෝමත්ම ස්තූතියි පොඩි මෑන්ටත්...

    ReplyDelete
  82. @හිස් අහස...

    මල්ලිට බොහෝම ස්තූතියි...
    ඒ වගේම කියන්න ඕන දැන් ඉන්න බ්ලොග් ලියන අයගෙන් හොඳම අනාගතේ තියෙන්නේ උඹට කියන එක...

    ඒත් උඹට උඹේ ඔය ඩොන්ගලේ එක්ක ඒකට සෑහෙන කට්ටක් කන්න වෙලා තියෙන එක ගැන මට කණගාටුයි...
    කවුරු හරි උඹට උදව් කලානං නෙට් එකට එන්න මීට වඩා පහසු විදියක් ඇති කරගන්න..මං හිතනවා අපිට හොඳම බ්ලොග් එකක් උඹෙන් දැක බලාගන්න වාසනාව තියෙනවා කියලා...

    ReplyDelete
  83. සුභ ගමන් මාරයියේ

    ReplyDelete
  84. 350ට උණුසුම් සුභ පැතුම්. ලේඛන කලාවේ ඉදිරියටම යාමට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවා.

    ReplyDelete
  85. "මාරයාගේ හෝරාව" නම් පෝස්ට් 350 පසු කරල හිට්ස් ගානත් ලක්ෂෙ පන්නලා ඒත් තාම අර ...යකාගේ බ්ලොග් එක ...

    ReplyDelete
  86. සුභම සුභ පැතුම් !

    ReplyDelete
  87. උණුසුම් සුභපැතුම් මාරයියේ! මට කියන්න ඕන වුණ දේවල් කලින් කොමෙන්ට් කරපු කස්ටිය කියලා තියෙනවා. ඇත්තටම අද වෙනකොට මාරයාගේ හෝරාව කියන්නේ සිංහල බ්ලොගාවකාශයට නැතිවම බැරි බ්ලොග් එකක්. අනාගත බ්ලොග්කරණයට පූසන්ගේ ආසිරි. පෝස්ට් 1000, 2000 නෙවෙයි 5000ක්ම ලියන්න හැකිවේවා!!!

    ReplyDelete
  88. ඔන්න වැඩි කතන්දර නැතුව මගෙනුත් උණුසුම් සුබපැතුම් අයියා....
    blog ලියන එක දිගින් දිගටම හොදින්ම කරන්න බ්ලොග් වලට අධිපති දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව.....!

    ReplyDelete
  89. උනුසුම් සුභ පැතුම් අයියේ.....!!!!!!!!!!

    ReplyDelete
  90. මාරයෝ 351 වෙනි එකට අර මූණු පොතේ උඹයි (මාරයා) ජීව් (කුමාරයා) යි ඉන්න ‍පොටෝ කෑල්ලට පොඩි විචාරයක් දීපන් කෝ බං....

    ReplyDelete
  91. හප්පා පරක්කු වෙලා වුනත් හදවතින්ම සුභ පැතුම් අයියා....ඉස්සර අපි මේවයේ කරක්ගහපු උදවිය...කොහෙද ඉතිං මේ කෙහෙල්මල් ඇක්සෑම් එකක් නිසා ඒ හැමදේම මගඇරිලා...පොඩ්ඩක් ඉවසපන්කෝ අයියණ්ඩියේ ඉස්සර ට්‍රැක් එකට වැටෙනකන්....

    ඔන්න ඉතිං මමත් හදවතින්ම සුභ පතනවා දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ඇයි හත්තිලව්වේ අදහස්...ඒවත් අර කැළණි ගග මුහුදට වැටෙනවා වගේ ගලාගෙන එන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....

    දිගටම ලියන්න අයියා...!!!

    ReplyDelete
  92. ඇත්තටම හොඳයි... මගේ උණුසුම් සුබ පැතුම් මාරයට... මාත් මට පුලුවන් වෙලාවට මාරයගේ ලිපි කියවනවා........ ඒත් මාරයා ලිපි ලියන ඉක්මනට මට කියවලා ඉවර කරන්න වෙලාවක් නැහැ....... ඒත් පුලුවන් වෙලාවට කියවනවා...........

    ReplyDelete
  93. @ කල්හාර දිසානායක
    "මාරයා ලිපි ලියන ඉක්මනට මට කියවලා ඉවර කරන්න වෙලාවක් නැහැ....... ඒත් පුලුවන් වෙලාවට කියවනවා..........."

    සීයට දෙසීයක් ඇත්ත පුතා.අනිත් එකා රංග පාන්දර එකටත් ලියනව, දවල් දෙකටත් ලියනව. මුන්ට බාගෙට පිස්සු, කියවන අපිට ෆුල් පිස්සු.

    ReplyDelete
  94. onna itn issa issellama maraiage blog post ekata dana cmnt eka suba petumak.hemadama me widihala liyanna tawa tawatha dhairya shaktiya vasanawa lebewa.....matath blogia patan ganna maraiath godak hetuwak una.aiane mata kiuwe blogiyak karamu nangi kiyala.attatama godak istuti aia.aiata hadawatinma suba patanawa

    ReplyDelete
  95. ජයවේවා! ලඟදිම පන්සීයට සුභ පතන්න ලැබේවා!

    ReplyDelete
  96. @ගුණේ අයියා...

    ගුණේ මලයටත් ස්තූතියි කිව්වා එහෙනං...

    ReplyDelete
  97. @නලිනි චන්දිමා...

    ඔබටත් බොහෝම ස්තූතියි...

    ReplyDelete
  98. @JHOTHISHALANKA...

    ඇයි ඒ යකා කළුද..?

    ReplyDelete
  99. @blog gadol...

    පූස් මල්ලිලා සැට් එකටත් බොහෝම ස්තූතියි අයියාගේ 350ට ඇවිත් ගියාට...

    ReplyDelete
  100. @Buddiක...

    හුටා මෙච්චර කලක් හිටියා මම ඒ දෙයියව දැනං උන්නේ නැහැනේ..
    ඉක්මන් කොරලා පූජා වට්ටියක්වත් දෙන්ට බලන්ට ඕන...

    ස්තූතියි මල්ලි...

    ReplyDelete
  101. @Anuradha Sandamali...

    සඳමාලි නංගිටත් බොහෝම ස්තූතියි...

    ReplyDelete
  102. @Jeew...

    පිස්සු කතා කරන්න එපා ඒකේ මා එක්ක ඉන්න එකා ගැන මොනවා ලියන්නද..?

    ReplyDelete
  103. @෴ හසියා ෴ ...

    ස්තූතියි හසියා මලේ...
    උම ඉතිං ඉස්සරනං ‍මෙහෙ නිතරම කරක් ගැහැවුවා නේන්නං..ඒත් ඉතිං මේ ලගකදී ඉඳලා කරක් ගැසීම නවත්තලා පැන, පැන යන්න හුරු උනා නෙව...

    ReplyDelete
  104. @කල්හාර දිසානායක...

    ස්තූතියි මල්ලී..මොනවා කරන්නද කොල්ලෝ..සිහියට එන වෙලාවට ලියනවා මිසක් ඉතිං ආයේ ලිමිට් එකක් නැහැ නෙව මට...

    ReplyDelete
  105. @Observer...

    හක් හක් හා..පිස්සොත් ඉන්ට එපෑ සනත් අයියා..නැත්තං කොරල තියෙයි කිව්වළු...

    (රංගයටනං මොකෝ ඌගේ එකෙන් වැඩි හරියක් අනිත් උන් ලියාපුවනේ තියෙන්නේ...ඕනනං මං කියනවට අර අ‍භිතගෙන් අහන්න..)

    ReplyDelete
  106. @පිටස්තරකාරි...

    ස්තූතියි මගේ පුංචි නගාට...
    ඒ වගේම මටත් අවස්ථාවක් දෙන්න බලන්න නගාගේ බ්ලොග් එකෙත් 350ට සුභ පතන්න...

    ReplyDelete
  107. @ඉන්දික උපශාන්ත...

    අහ්..බොහෝම ස්තූතියි නිව්වා...

    ReplyDelete
  108. මාරයාගේ 350ට මගෙත් සුබ පැතුම්....

    ReplyDelete
  109. මාරයාගේ හෝරාවට මම ගොඩ වැදුනේ ගිය අවුරුද්දේ මැද වගේ මගේ ඡංගමේට සිංහල දාලා ඒක ටෙස්ට් කොරන්න සින්ඩියක් හරහා අහම්බෙන් වගේ ඊට පස්සේ අන්තාර්ඡාලේ හම්බුනාට පස්සේ නිතරම ඇවිත් යන තැනක් උනාට මොකද කොමෙන්ට් දාන්න නම් වෙලාවත් තිබ්බේ නෑ මහ රෑ බලන නිසා නිදිමතෙන්නේ.මේකට ඇවිත් පස්සේ කාලෙක දැනගත්තා මාරයා උනත් මෑන්ස් එලකිරිස් නාලන්දියෙක් කියලා ඉතින් සතුටේ බැරුවා.කොහොම හරි හොයාගෙන(කාගෙන් හරි ආපු සඡෙෂන් එකක්ද කොහෙද)මුණු පොතේත් යාළුවෝ උනා.මේ මම කිව්වේ මාරයව දැන ඇදින ගත් හැටි.ඒ වුනාට මාරයියා නම් මාව දන්නනේ නැතුව ඇති.මට දැනුන විදියට මාරයියා පොරක් වෙන්න උත්සහ නොකරන නිහතමානී කෙනෙක් ඒ වගේම අපේ ඉස්කොලේ බොක්කක් නිසාත් 350ට 35000ක් ලියන්න හම්බෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.

    ReplyDelete
  110. @කුරුම්නියා...

    බොහෝම සුතූතියි කිව්වා කුරුමිණි සහෝටත්...

    ReplyDelete
  111. @෴උදියා෴...

    බොහෝම ස්තූතියි අහම්බෙන් හරි හම්බ වෙලා දිගමට මෙම ඉසව්වත් එක්ක රැදි සිටීම වගේම දිගු විස්තරයක් සමගින්ම කරනු ලැබූ සුභ පැතීමටත්...

    ReplyDelete
  112. මුල ඉදන්ම මමත් ඔයා ලියන ඒවා කියවනවා.. 350 ට සුභපැතුම්......

    ReplyDelete
  113. මට මාරයා යනු බ්ලොග් අවකාශයෙ දැවැන්තයෙකි... මාරයාගේ හෝරවෙන් බොහෝ දේ දැන ගතිමි......

    මාරයියා ඔබට ජය........

    ReplyDelete
  114. පරක්කු වෙලා හරි ඔන්න මගෙනුත් 350ට සුභ පැතුම්... ඉක්මණට 1000ත් ලියන්න ලැබේවා.... සෑහෙන කාලෙකින් බ්ලොග් කියවන්න ආපු නිසා පෝස්ට් ගොඩක් තියෙනවා කියවන්න. ඒ ටිකත් කියවලම එන්නම්කෝ.... :)

    ReplyDelete
  115. මාරයියාට අපෙනුත් සුභ පැතුම්.......... මේ 350න් මං ඕනේ නං 50ක් විතර කියවලා ඇති. ඇයි හත්දෙයියනේ, මේක බ්ලොග් එකක් නෙමෙයි බ්ලොග් සින්ඩිකේටරයක් වගේනේ....... සට සට ගාලා ඇස්වහක් කටවහක් නැහැ මෙහෙම ලිපි වැටෙද්දි අපට කොයින්ද ටයිම්ස් මෙව්වා කියවන්න, එත් පුළු පුළුවන් හැටියට කියවාගෙන යන්ට හිතුවා. සුභ පැතුම් මාරයියේ............

    ReplyDelete
  116. මන් ඇයි දන්නවද ප‍රක්කු වෙලා ආවේ. මාරයියා ලියන ලිපි ගැන දන්න නිසා. එක් දිගට ගොඩ වෙලවක් අරගෙන නිදහසේ කියවන්න බැරිනම් මේකට ඇවිත් පලක් නෑ. ඔන්න ඒක නිසා එහෙම වෙලාවක් ලැබුන වෙලේ තමයි මේ ආවේ. මන් මාරයියගෙ බ්ලොගේ කියවන්න පටන් ගත්තේ ලිපි දෙක තුනක් ලියාගෙන එන වෙලාවේ. දැන් ඒ ලිපි 350ක් වෙලා. මන් මේ කමෙන්ට් එක දාද්දිනම් ඊටත් වැඩියි. අප්‍රමාන සංතෝසයි. මට ලියන්න ආසාව ඇති කල එක බ්ලොගයක් මේක. තව ටික දවසකින් 500 ගහමු. හැබැයි ලිපි කොයි ත‍රම් ලිව්වත් අවුලක් නැත්තේ හැම ලිපියකින්ම අපිට ගන්න දෙයක් තියෙන නිසා. ඒකයි මාරයියාගෙ විශේෂත්වය.

    ReplyDelete
  117. ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි කියල දිගටම ලියමු හො‍ඳේ...

    ReplyDelete