01 April 2011

මාරයාගේ උණුසුම් සුභ පැතුම්..!

අද මෙහෙමවත් ලියන්නට සුදුසු දවසක් නොවේ...
එහෙත් මෙසේ හෝ මෙය ලියන්නට මට සිතුන නිසාවෙන්ම අකමැත්තෙන් වූවද මෙම වචන කිහිපය හෝ ලියන්නට විණි.
සමස්ත ලෝක වාසී සියළුම ඥාණවන්තයින් අද දිනය ඉමහත් භක්ත්‍යාදරයෙන් සමරන්නා වූ මේ සුවිශේෂී දවසේ..එහි කොටස් කරුවකු වූ මංතුමාටත් කට පියාගෙන සිටීමට නොහැකිය..එසේ කට පියාගෙන සිටියහොත් එයින්ම මාගේ ඥාණවන්තභාවය අහෝසිවී යනු ඇතැයි මට හැ‍ඟේ..
නැත නැත එය කෙසේවත් සිදුවීමට ඉඩ දිය නොහැක...

එහෙයින් මම මෙසේ කියමි...

"සමස්ථ ලෝකවාසී සියළුම ඥාණවන්තයිනි..මා මෙන්ම සත්‍යවාදී සියළුම ශ්‍රේෂ්ඨ උතුමනි, අද ඔබේත් මගේත් දවසයි...ඉතින් ඔබ සියළු දෙනා සමගින්ම එම උත්කෘෂ්ඨ අවස්ථාව සැමරීම පිණිස මාරයාතුමා වන මංතුමාද මේ අවස්ථාවේ ඔබ සියළු දෙනා සමඟම අත්වැල් බැඳ ගනිමි."

"තවද, මේවැනි වූ එක් දිනකට පමණක් අපවැන්නන්ව සිර කොට තැබීමෙන් අපහට සිදුවන අපහාසය..ආගෞරවය..හා අවැඩ..පිළිබඳව මාගේ බලවත් විරෝධය සහ කණගාටුව පල කරනා අතරම...
සුවහසක් ජනතාවගේ හිත සුව පිණිස එක් දිනයකට සීමා වූ මෙම වැදගත් සැමරුම මෙම වසරේ සිට හෝ..වසරේ පුරා දින තුන්සිය හැටපස් දිනයටම බල පැවැත්වෙන සේ වෙනස් වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි..!"

එසේනම් හිතවතුනි,

තව තවත් ඉදිරියටත් මේ දක්වා කරගෙන ආවා වූ සියළුම නැණවත් වැඩ කටයුතු ඉදිරියටත් එසේම කරගෙන යෑමට හැකි වේවායි..මා විසින් ප්‍රාර්ථනා කරන අතරම ඒ සඳහා...

"ඔබ සියළු දෙනාටම සුභ පතමි..!"

30 comments:

  1. ඔබ තුමන්ටත් එසේම වේවා....... !!!! ආ තව එකක් අපේ මාරයියා ජනාධිපති උනාම ඉස්සෙල්ලම සංසෝධනය කරන එක වෙන්නැ අර කීවේ...... :D

    කාලෙකින් ආයෙමත් එක උනා......... හැබෑටම අයියේ අද ඔය කිව්ව දවසද???

    ReplyDelete
  2. මාරයියටත් උණුසුම සුබපැතුම් අය්යේ......මටත් සුබපැතුම් ......:D

    ReplyDelete
  3. අපි ගැන මතක් උනාට මාරයියාට බුල්ටෝ එකක් ලැබෙන්න ඕන.

    ReplyDelete
  4. හා පැටික්කී...

    මං දැන් හිතාගෙන ඉන්නේ වෙලාවක ඔය වැඩිම එක සහ දෙක තුන තෝරලා තෑගි දෙන්ට කියලා...

    අනිවාර්යයෙන් මී ළග ජනාධිපති හැටියට මං ඕක කරන එක කරනවාමයි..ඒක මගේ අද දවසේ දෙන පොරොන්දුවක්..ඕං...

    ReplyDelete
  5. සිතුවිලි නිහඬයි...

    නංගිටත් සංතෝසයි..මටත් සංතෝසයි..නේද..?

    ReplyDelete
  6. ශාමින්ද...

    එසේම ලැබේවා..!එසේම ලැබේවා..!

    ReplyDelete
  7. මේක නම් රවා උඹ වෙනුවෙන් ලියපු එකක්........

    ReplyDelete
  8. හප්පේ අය්යට සුභ සුභ උපන් දිනයක් වේවා. අපිට නම් එසේම වේවා එපා.

    ReplyDelete
  9. මාරය උදේම දිවයින හෙඩ් ලයින් එකවත් කියෙව්වද?

    ReplyDelete
  10. සියළු ශ්‍රී ලංකා වාසීන්ට සෑම දිනක්ම අද දිනය වාගේ වේවා!
    ශ්‍රී ලාංකික දේශපාලඥයන්ගේ සුභ පැතීමකි.

    ReplyDelete
  11. මාරේ අයියේ...මගේ උපන්දිනේ හෙට හොදේ...
    ඔය ගමන්ම සුබ පැතුව නම් හොදයි නේ :))

    ReplyDelete
  12. මාරයාටත් සුබ ඥාණවන්තයින්ගේ දිනයකට සුබ පැතුම්...

    ReplyDelete
  13. අයියේ සුභ උපන් දිනයක් වේවා... හැපි බර්ත් ඩේ.... (දෙකෙන්ම කිව්වේ ඥානවන්තයට කොයිකෙන් තේරෙනවද දන්නේ නෑහැනේ)

    ReplyDelete
  14. එංගලන්තයේ ලන්ඩන් නුවර සිට මාරයා තුමාට උපන් දින සුබ පැතුමක්,
    සියලු යහපත් බලාපොරොත්තු එලෙසින් ම ඉටු වේවා !!!
    (පළමු මිතුරා සදහටම එලවා දමා ජන්ජාල මිතුරා අතේ දුරින් තබාගන්න)

    ReplyDelete
  15. නිශ්...

    රවා කියන්නේ මගේ බාල මල්ලිනේ බං..අපි දෙන්නා ‍ලියන්නේ ඔහොම අටං පහුරුම තමයි..ඒත් මට දුක අද මේක බලන්න ඌ නැති එක ගැනයි

    ReplyDelete
  16. පිණිබිඳු...

    අනේ නංගියේ එහෙම කියන්ට එපා..අපි කවදාවත් නංගිලට නොදී තනියම කන අයියලා නෙවෙයි..

    ReplyDelete
  17. Observer...

    මේක දැම්මට පස්සේ තමයි ඒකනං බලන්ට හම්බ උනේ...

    ReplyDelete
  18. රත්ගමයා...

    අන්න මං උඹේ උපන් දිනේ ගැන බස් එකක්ම දැම්මා..සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව...
    මල්ලි මට වටලප්පං ගැන නේද කිව්වේ..?
    https://profiles.google.com/117993290306221031712/posts/3UXMWaYz9ST

    ReplyDelete
  19. Praසන්ன...

    එසේම වේවා..! එසේම වේවා..!

    ReplyDelete
  20. prasanna86k...

    උඹ වගේ ඥාණවන්ත මල්ලි කෙනෙක් ලබන්න තරං අපිත් පිං කොල බව හැගේ...

    ReplyDelete
  21. td...

    අනේ බොහෝමත්ම ස්තූතියි..මගේ අප්පේ..ඒරොප්පේ ඉඳලත් සුභ පතනවා එහ්නං..මට සංතෝසේ බැරුවා..
    හනේ හප්පේ ඔය පැත්තේ ගිය කාලයක් මතක නැහැ..එළිසබෙත් නැන්දට කියන්න මාරයා මතක් කොලයි කියලා..පුළුවන් වෙච්ච තරං ඉක්මනට මං උන්දෑ බලන්ට ඔය අහ එන වගත් කියන්ට..

    ReplyDelete
  22. මාරයට සුබම සුබ උපන්දිනයක් වෙවා...!!!!

    ReplyDelete
  23. මම ටිකක් විතර ටියුබ් ලයිට් හින්ද අහන්නෙ, ඇත්තටම අද මාරයාගේ උපන් දිනයද? ඒ කොහොම උනත් අද දවස ඔය අපි කාගෙ කාගෙත් දවස තමයි..මමත් ඔන්න පතනවා එහෙන0....

    ReplyDelete
  24. samanali...

    මක්ක කිව්වා..හපෝයි මේ ළමයා මට වඩා ඥාණවන්තයිනේ...

    ReplyDelete
  25. කුරුමිණියා...

    ‍හනේ හත් ඉලව්වේ..මගේ දවසට තව මාස එක හමාරක් විතර තියේ...
    අද ඇවිල්ලා සමස්ත ලෝක වාසී අපි කාගෙත් දවස...

    ReplyDelete
  26. හි.. හි.. මාර තුමෝ, එලිසබෙත් නැන්දට මේ දවස් වල හොඳටම වැඩ මුණුබුරාගේ මගුල ළඟ හින්ද. කොහොමත් මම පයින්ඩේ යවන්නම් කෝ ඔබතුමා මතක් කොළ බවට.

    ReplyDelete
  27. සුබ ජාතික දිනයක් වේවා මාර උතුමාටත්

    ReplyDelete
  28. අයියාටත් එසේම වේවා!!!!!!!!!!

    ReplyDelete
  29. සුභ පෑතුම් මාර තුමා........

    ReplyDelete